යෙදුමෙන් කියවන්න

තිණවත්‍ථාරකං

තිණවත්‍ථාරකං

තිණවත්‍ථාරකය

60. සියා ආපත‍්තාධිකරණං එකං සමථං අනාගම‍්ම පටිඤ‍්ඤාතකරණං ද‍්වීහි සමථෙහි සම‍්මෙය්‍ය සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන චාති? සියාතිස‍්ස වචනීයං. යථාකථං විය? ඉධ භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං විහරතං බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං හොති භාසිතපරිකන‍්තං. තත්‍ර චෙ භික‍්ඛූනං එවං හොති. ‘අම‍්හාකං ඛො භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං විහරතං බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරිකන‍්තං. සචෙ මයං ඉමාහි ආපත‍්තීහි අඤ‍්ඤමඤ‍්ඤං කාරෙස‍්සාම, සියාපි තං අධිකරණං කක‍්ඛළත‍්තාය වාළත‍්තාය භෙදාය සංවත‍්තෙය්‍යා’ති. අනුජානාමි භික‍්ඛවෙ එවරූපං අධිකරණං තිණවත්‍ථාරකෙන වූපසමෙතුං.

60. ප්‍රතිඥාතකරණ නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛ විනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ දෙකින් ආපත්‍යධිකරණය සන්සිඳෙන්නේය යන්න විය හැකි ද? විය හැකි යැ යි කිය යුතු වන්නේ ය. කෙසේ ද? යත්: ‘මෙහි හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණියන් වැ වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ වරද කරන ලදුයේ වෙයි. ඉදින් එහි මහණුනට හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට බටුවන් වැ වසන අප විසින් වාචසික වූද කායික වූ ද බොහෝ වරද කරණ ලදුයේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් උනුනට පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, බිඳීම පිණිස පවතිනු විය හැකියැ’ යි මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මෙබඳු අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නට අනුදනිමි:

එවඤ‍්ච පන භික‍්ඛවෙ වූපසමෙතබ‍්බං: සබ‍්බෙහෙව එකජ‍්ඣං සන‍්නිපතිතබ‍්බං. සන‍්නිපතිත්‍වා ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො: “සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො. අම‍්හාකං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං විහරතං බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරිකන‍්තං. සචෙ මයං ඉමාහි ආපත‍්තීහි අඤ‍්ඤමඤ‍්ඤං කාරෙස‍්සාම. සියාපි තං අධිකරණං කක‍්ඛළත‍්තාය වාළත‍්තාය භෙදාය සංවත‍්තෙය්‍ය. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉමං අධිකරණං තිණවත්‍ථාරකෙන වූපසමෙය්‍ය, ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තන‍්ති.

තවද මහණෙනි, මෙසේ එය සන්සිඳු විය යුතු: සියලු මහණුන් ම එක් තැනකට රැස් විය යුතු. එක්රැස් වැ ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් අරගල ඇති ව, උපන් කලහ ඇති ව, විරුද්ධවාදයට බැසගත්තන් ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද ශ්‍රමණසාරූප්‍ය නොවූ බොහෝ දෑ කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද හැකි වන්නේ ය, ඉදින් සංඝයාට සුදුසු කලහැ යි හැඟෙන්නේ වී නම් සංඝ තෙමේ (පරිජි සඟවෙසෙස් යන) දළ වරද හැර, ගිහින් ගැරහුම් ආදීන් ගෘහස්ථප්‍රතිසංයුක්ත වරද ද හැර (සෙසු ඇවැත් හා සම්බන්‍ධ වූ) මේ අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නේ ය.

එකතො පක‍්ඛිකානං භික‍්ඛූනං ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සකො පක‍්ඛො ඤාපෙතබ‍්බො: “සුණන‍්තු මෙ ආයස‍්මන‍්තා අම‍්හාකං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං විහරතං බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරිකන‍්තං. සචෙ මයං ඉමාහි ආපත‍්තීහි අඤ‍්ඤමඤ‍්ඤං කාරෙස‍්සාම සියාපි තං අධිකරණං කක‍්ඛළත‍්තාය වාළත‍්තාය භෙදාය සංවත‍්තෙය්‍ය, යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං අහං යා චෙව ආයස‍්මන‍්තානං ආපත‍්ති, යා ච අත‍්තනො ආපත‍්ති ආයස‍්මන‍්තානඤ‍්චෙව අත්‍ථාය අත‍්තනො ච අත්‍ථාය සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසෙය්‍යං ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තන‍්ති. අථාපරෙසං එකතො පක‍්ඛිකානං භික‍්ඛූනං ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සකො පක‍්ඛො ඤාපෙතබ‍්බො: “සුණන‍්තු මෙ ආයස‍්මන‍්තා. අම‍්හාකං භණ‍්ඩනජාතානං -පෙ- සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසෙය්‍යං ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං”ති.

එක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මා ගේ වචනය අසත්වා. උපන් අරගල ඇති වැ උපන් කලහ ඇති වැ විරුද්ධවාදයට බැසගත්තන් වැ වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද අශ්‍රාමණක වූ බොහෝ දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස සැඩබව පිණිස භේදය පිණිස පවතිනු ද විය හැක්ක. (ඒ හෙයින්) ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් යැ යි හැඟෙන්නේ වී නම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ නම් තමා ගේ යම් ඇවැත් වේ නම් ස්ඵුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු සියලු ඇවැත් ආයුෂ්මත්නට වැඩ පිණිසත් තමාට වැඩ පිණිසත් සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි” යි ස්වකීය පක්‍ෂය දැන්වියැ යුතු යැ. ඉක්බිති අන් එක් පක්‍ෂයක් ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. උපන් අරගල ඇති ... ස්ථුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තී ද හැර සෙසු සියලු ඇවැත්.... සහ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙම්” යැ යි ස්වකීය පක්‍ෂය දැන්විය යුතු.

එකතො පක‍්ඛිකානං භික‍්ඛූනං ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

එක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අම‍්හාකං භණ‍්ඩනජාතානං -පෙ- බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං -පෙ- සචෙ මයං ඉමාහි ආපත‍්තීහි අඤ‍්ඤමඤ‍්ඤං කාරෙස‍්සාම. සියාපි තං අධිකරණං කක‍්ඛළත‍්තාය වාළත‍්තාය භෙදාය සංවත‍්තෙය්‍ය. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං අහං යා චෙව ඉමෙසං ආයස‍්මන‍්තානං ආපත‍්ති යා ච අත‍්තනො ආපත‍්ති ඉමෙසඤ‍්චෙව ආයස‍්මන‍්තානං අත්‍ථාය අත‍්තනො ච අත්‍ථාය සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසෙය්‍යං ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං. එසා ඤත‍්ති.

“වහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි ඔවුනොවුනට මේ ඇවැත්වලින් පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද විය හැකි ය. ඉදින් සංඝයාට සුදුසු කල් වේ යැයි හැඟේ නම් මම් ස්ථූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම් තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අම‍්හාකං භණ‍්ඩනජාතානං -පෙ- අහං යා චෙව ඉමෙසං ආයස‍්මන‍්තානං ආපත‍්ති, යා ච අත‍්තනො ආපත‍්ති ඉමෙසඤ‍්චෙව ආයස‍්මන‍්තානං අත්‍ථාය අත‍්තනො ච අත්‍ථාය සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසෙමි ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං. යස‍්සායස‍්මතො ඛමති අම‍්හාකං ඉමාසං ආපත‍්තීනං සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසනා ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං, සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි.... මම් ස්ඵුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම්, තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසමි. සථූලවරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු මේ සියලු ඇවැත් අප සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකු හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා, යම් ආයුෂ්මතකු හට නො රිසියෙන්නේ වී නම් හේ කියාවා.

දෙසිතා අම‍්හාකං ඉමා ආපත‍්තියො සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

අප විසින් ස්ථුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසිවෙයි. එ හෙයින් නිහඬ යැ. මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්විය යුතු.

අථාපරෙසං එකතො පක‍්ඛිකානං භික‍්ඛූනං ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝෙ ඤාපෙතබ‍්බො:

ඉක්බිති අන් එක් පක්‍ෂය ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින්,

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අම‍්හාකං භණ‍්ඩනජාතානං -පෙ- සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසෙය්‍යං ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං. එසා ඤත‍්ති.

“සංඝ තෙමේ මා ගේ වචනය අසා වා. උපන් අරගල ඇති ... අප විසින් ... වරද කරන ලද්දේ ය. ස්ඵුල වරද හැර ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු..... සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අම‍්හාකං භණ‍්ඩනජාතානං -පෙ- අහං යා චෙව ඉමෙසං ආයස‍්මන‍්තානං ආපත‍්ති, යා ච අත‍්තනො ආපත‍්ති, ඉමෙසං චෙව ආයස‍්මන‍්තානං අත්‍ථාය අත‍්තනො ව අත්‍ථාය සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන දෙසෙමි. ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං -පෙ- යස‍්සායස‍්මතො ඛමති සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. දෙසිතා අම‍්හාකං ඉමා ආපත‍්තියො සඞ‍්ඝමජ‍්ඣෙ තිණවත්‍ථාරකෙන ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං. ඨපෙත්‍වා ගිහීපටිසංයුත‍්තං. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

වහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ ද, තමා ගේ යම් ඇවැත් වේ ද, ස්ඵූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තිය ද හැර සෙසු මේ සියලු ඇවැත් මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සහ මැද දී තිණවත්‍ථාරකය දෙසමි ... යම් ආයුෂ්මතකු හට රිසියෙහි ද හේ නිහඬ වේ වා, යමකුට නොරිසියෙයි ද හේ කියාවා. අප විසින් ස්ඵූල වරද ද හැර ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසියෙයි, එ හෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්වියැ යුත්තේ ය.

61. ඉදං වුච‍්චති භික‍්ඛවෙ අධිකරණං වූපසන‍්තං. කෙන වූපසන‍්තං? සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච. කිඤ‍්ච තත්‍ථ සම‍්මුඛාවිනයස‍්මිං?

61. මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කවර යැ?

සඞ‍්ඝසම‍්මුඛතා ධම‍්මසම‍්මුඛතා විනයසම‍්මුඛතා පුග‍්ගලසම‍්මුඛතා. කා ච තත්‍ථ සඞ‍්ඝසම‍්මුඛතා? යාවතිකා භික‍්ඛූකම‍්මප‍්පත‍්තා තෙ ආගතා හොන‍්ති ඡන්‍දාරහානං ඡන්‍දො ආහටො හොති. සම‍්මුඛීභූතා න පටික‍්කොසන‍්ති. අයං තත්‍ථ සඞ‍්ඝසම‍්මුඛතා.

සංඝ සම්මුඛතාව ධර්‍ම සම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන මේ ය. එහි සංඝ සම්මුඛතාව කවරයැ” යම් පමණ මහණහු කර්‍මප්‍රාප්තයෝ නම් ඔහු හැම ආවාහු වෙත් ද ඡන්‍දය දෙනුවට සුදුස්සන් ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතිෂෙධනය නො කෙරෙත් ද මේ එහි සංඝ සම්මුඛතාව යි.

කා ච තත්‍ථ ධම‍්මසම‍්මුඛතා විනයසම‍්මුඛතා? යෙන ධම‍්මෙන යෙන විනයෙන යෙන සත්‍ථුසාසනෙන තං අධිකරණං වූපසම‍්මති, අයං තත්‍ථ ධම‍්මසම‍්මුඛතා විනයසම‍්මුඛතා.

එහි ධර්‍ම සම්මුඛතා විනය සම්මුඛතා කවර යැ? යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘ-සාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳෙයි ද, මෙය එහි ධම්සම්මුඛතා විනයසම්මුඛතා යැ

කා ච තත්‍ථ පුග‍්ගලසම‍්මුඛතා? යො ච දෙසෙති, යස‍්ස ච දෙසෙති, උභො සම‍්මුඛීභූතා හොන‍්ති, අයං තත්‍ථ පුග‍්ගලසම‍්මුඛතා.

එහි පුද්ගලසම්මුඛතා කවර යැ? යමෙකුත් ඇවැත දෙසයි ද යමකුටත් දෙසයි ද, ඒ දෙදෙනාම හමුවූවාහු වෙත්, මේ එහි පුද්ගල සම්මුඛතා යැ.

කිඤ‍්ච තත්‍ථ තිණවත්‍ථාරකස‍්මිං? යා තිණවත්‍ථාරකස‍්ස කම‍්මස‍්ස කිරියා කරණං උපගමනං අජ‍්ඣුපගමනං අධිවාසනා අපටික‍්කොසනා ඉදං තත්‍ථ තිණවත්‍ථාරකස‍්මිං.

එහි තිණවත්‍ථාරකය කවර යැ? තිණවත්‍ථාරකකර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මේ එහි තිණවත්‍ථාරකය යි.

එවං වූපසන‍්තං ච භික‍්ඛවෙ අධිකරණං පටිග‍්ගාහකො උක‍්කොටෙති උක‍්කොටනකං පාචිත‍්තියං. ඡන්‍දදායකො ඛීයති, ඛීයනකං පාචිත‍්තියං.

මහණෙනි, මෙසේ සන්හිඳුනු මේ අධිකරණය ඉදින් ප්‍රතිග්‍රාහක මහණෙක් ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. මේ කර්‍මයට ඡන්‍දය දුන් මහණෙක් මෙහි සන්හිඳීමට නින්‍දා කෙරේ ද ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.

කිච‍්චාධිකරණං කතිහි සමථෙහි සම‍්මති? කිච‍්චාධිකරණං එකෙන සමථෙන සම‍්මති සම‍්මුඛාවිනයෙනාති.

කෘත්‍යාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳේ ද කෘත්‍යාධිකරණය සම්මුඛාවිනය සංඛ්‍යාත එක් ශමථයෙකින් සන්හිඳෙ යි.

සමථක‍්ඛන්‍ධකං නිට‍්ඨිතං චතුත්‍ථො.

සතරවනු සමථක්බන්‍ධකය නිමියේ ය.