පටිඤ්ඤාතකරණං
පටිඤ්ඤාතකරණං
ප්‍රතිඥාතකරණය
57. ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මති? ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, තිණවත්ථාරකෙන ච.
57. ආපත්ත්යධිකරණය සමථ කීයෙකින් සන්සිඳෙයි ද? යත්: ආපත්ත්යධිකරණය සම්මුඛාවිනයයෙන් ද ප්රතිඥාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ තුනින් සන්සිඳේ.
සියා ආපත්තාධිකරණං එකං සමථං අනාගම්ම තිණවත්ථාරකං ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛා විනයෙන ච පටිඤ්ඤාතකරණෙන චාති? සියා’තිස්ස වචනීයං. යථාකථං විය? ඉධ භික්ඛු ලහුකං ආපත්තිං ආපන්නො හොති. තෙන භික්ඛවෙ භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං ආවුසො ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො තං පටිදෙසෙමී’ති. තෙන වත්තබ්බො: ‘පස්සසී?ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී’ති.
ආපත්ත්යධිකරණය, තිණවත්ථාරක නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන සමථ දෙකින් සන්සිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකි යැයි කියයුතු වන්නේ ය. කෙසේ යත්: මෙහි මහණෙක් ලුහු ඇවතකට පැමිණියේ වෙයි. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන්හි කොට, “ඇවැත්නි, මම් මෙ නම් ඇවැතකට පැමිණියෙමි, එය දෙසමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. ඔහු විසින් (අනිත් මහණහු විසින්) ‘ඇවැත දක්හිදැ ?’ යි කියැ යුතු. ‘එසේ ය, දකිමි’ යි පළමු මහණහු විසින් කියැ යුතු ‘මත්තෙහි සංවර වඩව’ යි දෙවැනි මහණහු විසින් කියැ යුතු,
ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච දෙසෙති, යස්ස ච දෙසෙති, උභො සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා කිඤ්ච තත්ථ පටිඤ්ඤාතකරණස්මිං? යා පටිඤ්ඤාතකරණස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා, ඉදං තත්ථ පටිඤ්ඤාතකරණස්මිං. එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති උක්කොටනකං පාචිත්තියං.
මහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ ය යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන තුන ය ... එහි පුද්ගල සම්මුඛතාව කවර යැ: යමෙක් ඇවැත දෙසා නම්, හේ මහණ ද යමකුට ඇවැත දෙසා නම් ඒ මහණ ද යන දෙදෙනා හමු වූවාහු වෙත් ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යැ. එහි පටිඤ්ඤාතකරණය නම් කවර යැ? පටිඤ්ඤාතකරණ කර්මයාගේ යම් කියාවෙක් කිරීමෙක්, එළඹීමෙක්, අධ්යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්රතිෂේධනයෙක් වේ ද, මේ එහි පටිඤ්ඤාතකරණය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණයක් ප්‍රතිග්‍රාහක මහණ තෙමේ (යළිත් සන්සිඳවනු පිණිස උත්කෝටනය කෙරෙයි ද (ඉදිරියට අදී ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
58. එවං චෙ තං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ තෙන භික්ඛවෙ භික්ඛුනා සම්බහුලෙ භික්ඛූ උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්සු වචනීයා: ‘අහං භන්තෙ ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා: සුණන්තු මෙ ආයස්මන්තා. අයං ඉත්ථන්නාමො භික්ඛු ආපත්තිං සරති. විවරති, උත්තානීකරොති දෙසෙති. යදායස්මන්තානං පත්තකල්ලං, අහං ඉත්ථන්නාමස්ස භික්ඛුනො ආපත්තිං පතිගණ්හෙය්යන්ති.”
58. මහණෙනි, මෙසේ ඒ අධිකරණය සමථය ලබන්නේ නම්, ඒ මැනැවැ. ඉදින් නොලබන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් බොහෝ මහණුන් කරා එළැඹ උතුරු සඟ එකස් කොට, වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ, දොහොත් මුදුනැ නඟා “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙම් වෙමි. එය දෙසමි” යි මෙසේ කියයුතු වන්නාහ. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “ආයුෂ්මත්හු මගේ වචනය - අසත්වා. මේ මෙනම් මහණ ඇවැත හෙළි කරයි, ඇවැත පෙහෙළි කරයි. ඇවැත දෙසයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ යැ යි හැඟේ නම්, මම මෙනම් මහණහුගේ ඇවැත පිළිගන්නෙමි” යි මහණහු දැන්විය යුත්තාහ.
තෙන වත්තබ්බො ‘පස්සසී?’ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී’ති.
ඒ ප්‍රතිග්‍රාහක මහණහු විසින් ඇවැත දක්නෙහි දැ?’ යි ඉතර මහණට කියයුතු. ‘එසේ යැ, දකිමි’ යි දේශක මහණහු විසින් කියැ යුතු, ‘මත්තෙහි සංවර කරව’ යි ප්‍රතිග්‍රාහක මහණහු විසින් කියැ යුතු.
ඉදං වුච්චති භික්ඛවෙ, අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච දෙසෙති, යස්ස ච දෙසෙති, උභො සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා. කිඤ්ච තත්ථ පටිඤ්ඤාතකරණස්මිං? යා පටිඤ්ඤාතකරණස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අපටික්කොසනා, ඉදං තත්ථ පටිඤ්ඤාතකරණස්මිං. එවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේයැ යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද ප්රතිඥාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනය කවර යැ? ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන තුන යැ..... එහි පුද්ගලසම්මුඛතාව කවර යැ? යමෙක් ඇවැත දෙසයි ද, යමකුටත් දෙසයි ද, මේ දෙසක ප්‍රතිග්‍රාහක දෙදෙනා හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතාව යැ. එහි ප්‍රතිඥාතකරණය කවර යැ? ප්රතිඥාත කරණ කර්මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්රතිෂේධන, යෙක් වේ ද, මේ එහි ප්‍රතිඥාතකරණය යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්‍රතිග්‍රාහක මහණ තෙම නැවැත සන්සිඳුවනු පිණිස ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
59. එවඤ්චෙ තං ලභෙථ ඉච්චෙතං කුසලං නො චෙ ලභෙථ, තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී”ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ආපත්තිං සරති විවරති උත්තානී කරොති දෙසෙති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්ථන්නාමස්ස භික්ඛුනො ආපත්තිං පතිගණ්හෙය්යන්ති. තෙන වත්තබ්බො ‘පස්සසී?’ති. ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්යාසී’ති.
59. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් සංඝයා කරා එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන, “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙමි. එය දෙසමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ ඇවැත සිහි කරයි. හෙළි කරයි, පෙහෙළි කරයි, දෙසයි. ඉදින් සංඝයාට සුදුසු කල් වී යැයි හැඟේ නම්, මම් මෙනම් මහණහුගේ ඇවැත පිළි ගන්නෙමි’ යි සංඝ තෙමේ දැන්වියැ යුතු. ඒ ප්‍රතිග්‍රාහක මහණ විසින් ‘ඇවැත දකිහි දැ?’ යි කියැ යුතු ‘එසේ ය, දකිමි’ යි දේශකයා විසින් කියැ යුතු. ‘මත්තෙහි සංවරය වඩව’ යි ප්‍රතිග්‍රාහකයා විසින් කියැ යුතු.
ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං පටිග්ගාහකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායකො ඛීයති ඛීයනකං පාචිත්තියං.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේ යැ”යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද ප්රතිඥාතකරණයෙන් ද යන දෙකිනි, එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන සතර යැ ... මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්‍රතිග්‍රාහක තෙමේ උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්දදායක මහණ නින්දා කරන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.