යෙදුමෙන් කියවන්න

තස‍්සපාපිය්‍යසිකා

තස‍්සපාපිය්‍යසිකා

තස්සපාපිය්‍යසිකා

55. සියා අනුවාදාධිකරණං ද‍්වෙ සමථෙ අනාගම‍්ම සතිවිනයඤ‍්ච අමූළ‍්හවිනයඤ‍්ච ද‍්වීහි සමථෙහි සම‍්මෙය්‍ය සම‍්මුඛාවිනයෙන ච තස‍්සපාපිය්‍යසිකාය චාති? සියාතිස‍්ස වචනීයං.

55. අනුවාදාධිකරණය සතිවිනයය ද අමූළ්හවිනයය ද යන ශමථ දෙකට නොපැමිණ, සම්මුඛාවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ දෙකින් සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කිය යුතු වන්නේ ය.

යථා කථං විය? ඉධ භික‍්ඛු භික‍්ඛුං සඞ‍්ඝමජ‍්ඣෙ ගරුකාය ආපත‍්තියා චොදෙති, සරතායස‍්මා එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වා’ති.

කෙසේ ද යත්, මෙහි මහණෙක් මහණකුට සඟමැදදී “ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ගරු ඇවැතෙකින් චෝදනා කරයි.

සො එවං වදෙති: න ඛො අහං ආවුසො සරාමි එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වාති.

ඒ (චූදිත) මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට පැමිණියා මම් සිහි නො කරමි” යි කියයි.

තමෙනං සො නිබ‍්බෙඨෙන‍්තං අතිවෙඨෙති. ‘ඉඞ‍්ඝායස‍්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වාති.

ඒ (චෝදක) මහණ තෙම “එසේ නම් ආයුෂ්මත් තෙමේ ‘පරිජි හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවතකට හෝ පැමිණියෙමි’යි සිහි කෙරෙහි නම් මනාකොට ම එය දැනගන්නැ “ යි යථෝක්ත වුදිත මහණහු වඩාත් චෝදනායෙන් වෙළයි.

සො එවං වදෙති: න ඛො අහං ආවුසො සරාමි එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වා. සරාමි ච ඛො අහං ආවුසො, එවරූපිං අප‍්පමත‍්තිකං ආපත‍්තිං ආපජ‍්ජිතාති.

ඒ වුදිත මහණෙතම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ඇවැතකට පැමිණියෙමි’යි මම් නො ම සිහි කරමි. ඇවැත්නි, එතෙකුදු වුවත් මෙබඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙමි යි සිහි කෙරෙමි” යි මෙසේ කියයි.

තමෙනං සො නිබ‍්බෙඨෙන‍්තං අතිවෙඨෙති: ‘ඉඞ‍්ඝායස‍්මා සාධුකමෙව ජානාහි: යදි සරසි එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා, පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වා’ති.

එසේ වී නම්, ආයුෂ්මත් තෙමේ ‘පරිජි ඇවැතට හෝ පාරාජිකසාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කෙරෙහි නම් එය මනාකොට ම දැනගන්නැ’යි චෝදක මහණ තෙමේ යථෝක්ත චෝදනා වෙළුමෙන් මිදෙන්නට සැරසෙන මහණහු වඩාත් දැඩි කොට වෙළයි.

සො එවං වදෙති: ‘ඉමං හි නාමාහං ආවුසො අප‍්පමත‍්තිකං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා අපුට‍්ඨො පටිජානිස‍්සාමි. කිම‍්පනාහං එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වා පුට‍්ඨො න පටිජානිස‍්සාමී’ති?

‘ඇවැත්නි, මම් මෙ නම් අල්පමාත්‍ර ඇවැතකට පැමිණ නො විචාරණ ලද්දෙම් ප්‍රතිඥා කරන්නෙමි. කිමෙක් ද? පරිජිඇවතට හෝ පරිජි ඇවැතට සාමන්ත වූ ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණ විචාරණ ලද්දෙම් ප්‍රතිඥා නො කරන්නෙම් ද?’යි ඒ චූදිත මහණ මෙසේ කියයි.

සො එවං වදෙති: ඉමං හි නාම ත්‍වං ආවුසො අප‍්පමත‍්තිකං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා අපුට‍්ඨො න පටිජානිස‍්සසි. කිං පන ත්‍වං එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වා පුට‍්ඨො න පටිජානිස‍්සසි? ඉඞ‍්ඝායස‍්මා සාධුකමෙව ජානාහි. යදි සරසි එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වාති.

එවිට ඒ චෝදක මහණ තෙම ‘ඇවැත්නි, ඔබ මෙනම් වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණ, නොවිචාරණ ලද්දෝ එය ප්‍රතිඥා කරන්නහු ය. (එසේ කල්හි) පරිජි හෝ පරිජියට සාමන්ත ඇවතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණ කිමෙක් ද? විචාරණ ලද්දාහු ප්‍රතිඥා නො කරන්නහු ද? එබැවින් ඉදින් පරිජියකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කරවු නම්, එය මොනොවට ම දැනගන්නැ’ යි. මෙසේ කියයි.

සො එවං වදෙති සරාමි ඛො අහං ආවුසො එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වා දවා මෙ එතං වුත‍්තං, රවා මෙ එතං වුත‍්තං. නාහන‍්තං සරාමි එවරූපිං ගරුකං ආපත‍්තිං ආපජ‍්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන‍්තං වාති.

(එවිට) ඒ චූදිතක මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණියෙමි යි මා කීවා සිහි කෙරෙමි ඇවැත්නි, එය මා විසින් කෙළි පිණිස කියන ලදි, එය මා විසින් විහිළු පිණිස කියන ලදී. පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට මම් පැමිණියෙමි’යි කියා නම් නො ම සිහි කෙරෙමි” යි මෙසේ කියයි.

56. තස‍්ස ඛො තං භික‍්ඛවෙ භික‍්ඛුනො තස‍්සපාපිය්‍යසිකා කම‍්මං කාතබ‍්බං. එවඤ‍්ච පන භික‍්ඛවෙ කාතබ‍්බං. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

56. මහණෙනි, එසේ කියන ඒ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කළයුතු. මහණෙනි, මෙසේ වනාහි එය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ ගරුකාය ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අවජානිත්‍වා පටිජානාති, පටිජානිත්‍වා අවජානාති, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, සම‍්පජානමුසා භාසති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තස‍්සපාපිය්‍යසිකාබකම‍්මං කරෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟ මැද දී ගරු ඇවැතින් ප්‍රශ්න කරණු ලබන්නේ අවඥා කොට (වරද නො පිළිගෙන) ප්‍රතිඥා කෙරෙයි (නැවැත පිළිගනියි) ප්‍රතිඥා කොට (එසේ ය. වරදට පැමිණියෙමි යි පිළිගෙන) අවඥා කෙරෙයි (ක්‍රීඩා වශයෙන් එසේ කීයෙමි යි යන ආදි බසක් කියා නොපිළිගනී හෝ වරද යටපත් කෙරෙයි). එකෙකින් අනෙකක් වසාලයි. (වරදට පැමිණියෙමි යි) දන්නේ ම බොරු කියයි. ඉදින් සංඝයාට සුදුසු යැ යි හැඟෙන්නේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ ගරුකාය ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අවජානිත්‍වා පටිජානාති, පටිජානිත්‍වා අවජානාති, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, සම‍්පජානමුසා භාසති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තස‍්සපාපිය්‍යසිකාකම‍්මං කරොති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තස‍්සපාපිය්‍යසිකාකම‍්මස‍්ස කරණං, සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- කතං සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තස‍්සපාපිය්‍යසිකාකම‍්මං. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමී”ති.

වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟමැදදී ගරු ඇවැතෙකින් අනුයෝග කරණු ලබන්නේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි අන් කරුණෙකින් අනෙකක් වසාලයි, දැන දැන මුසවා බෙණෙයි, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කෙරෙයි. මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම්, හේ නිහඬ වන්නේය, යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ... සංඝයා විසින් මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදි. සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි” යනුයි.

ඉදං වුච‍්චති භික‍්ඛවෙ අධිකරණං වූපසන‍්තං. කෙන වූපසන‍්තං? සම‍්මුඛාවිනයෙන ච තස‍්සපාපිය්‍යසිකාය ච. කිඤ‍්ච තත්‍ථ සම‍්මුඛාවිනයස‍්මිං? සඞ‍්ඝසම‍්මුඛතා ධම‍්මසම‍්මුඛතා විනයසම‍්මුඛතා පුග‍්ගලසම‍්මුඛතා -පෙ- කා ච තත්‍ථ තස‍්සපාපිය්‍යසිකාය? යා තස‍්සපාපිය්‍යසිකා කම‍්මස‍්ස කිරියා කරණං උපගමනං අජ‍්ඣුපගමනං අධිවාසනා අපටික‍්කොසනා, අයං තත්‍ථ තස‍්සපාපිය්‍යසිකාය. එවං වූපසන‍්තං චෙ භික‍්ඛවෙ අධිකරණං කාරකො උක‍්කොටෙති. උක‍්කොටනකං පාචිත‍්තියං. ඡන්‍දදායකො ඛීයති, ඛීයනකං පාචිත‍්තියං.

මහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේද? යත්: සම්මුඛාවිනයයෙන්ද, තස්සපාපිය්‍යසිකායෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව යන සතර යි ... එහි තස්සපාපිය්‍යසිකාව කවර යැ? තසසපාපිය්‍යකාකර්‍මයා ගේ යම් ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මෙය එහි තස්සපාපිය්‍යසිකාව යැ. මහණෙනි, ඉදින් මෙසේ සංසිඳුනු , අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක මහණෙක් නින්‍දා කෙරෙයිද, ඔහුට ඛීයනක පාචිත්තිය වෙයි.