යෙදුමෙන් කියවන්න

අමූළ‍්හවිනයො

අමූළ‍්හවිනයො

අමූළ්හවිනය

54. සියා අනුවාදාධිකරණං ද‍්වෙ සමථෙ අනාගම‍්ම සතිවිනයඤ‍්ච තස‍්සපාපිය්‍යසිකඤ‍්ච ද‍්වීහි සමථෙහි සම‍්මෙය්‍ය සම‍්මුඛාවිනයෙන ච අමූළ‍්හවිනයෙනචාති? සියාතිස‍්ස වචනීයං. යථා කථං විය? ඉධ භික‍්ඛු උම‍්මත‍්තකො හොති චිත‍්තවිපරියාසකතො. තෙන උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං හොති භාසිතපරිකන‍්තං. තං භික‍්ඛූ උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන අජ‍්ඣාචිණ‍්ණෙන ආපත‍්තියා චොදෙන‍්ති: සරතායස‍්මා එවරූපිං ආපත‍්තිං ආපජ‍්ජිතාති. සො එවං වදෙති: “අහං ඛො ආවුසො උම‍්මත‍්තකො අහොසිං චිත‍්තවිපරියාසකතො. තෙන මෙ උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරික‍්කන‍්තං. නාහන‍්තං සරාමි. මූළ‍්හෙන මෙ එතං කතන‍්ති.” එවම‍්පිනා වුච‍්චමානා චොදෙන‍්තෙව ‘සරතායස‍්මා එවරූපිං ආපත‍්තිං ආපජ‍්ජිතාති’ තස‍්ස ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො අමූළ‍්හස‍්ස අමූළ‍්හවිනයො දාතබ‍්බො.

54. අනුවාදාධිකරණය සතිවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කියැයුතු වන්නේ ය. කෙසේ ද යත්: මෙහි මහණෙක් සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට පැමිණි ඒ උමතු මහණහු විසින් ශ්‍රමණ සාරුප්‍ය නොවූ බොහෝ කියුම් කැරුම් ද කරණ ලද්දේ වෙයි. උමතු වැ සිත් පෙරැළියට පැමිණ කළ දෑ හේතු කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මහණහු එ මහණහට ඇවැතින් චෝදනා කෙරෙත්. “ඇවැත්නි, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් කායික වාචසික වශයෙන් බොහෝ ශ්‍රමණසාරුප්‍ය නොවූ දෑ කරණ ලදි. එය මම් සිහි නො කරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදැ” යි හේ මෙසේ කියයි. ඔහු විසින් මෙසේ කියනු ලබන්නාහු ද ඔහු ඒ මහණහට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. මහණෙනි, නොමුළා වූ ඒ මහණහට අමූළ්හවිනය දිය යුතු ය.

එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බො: තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: ‘අහං භන‍්තෙ උම‍්මත‍්තකො අහොසිං චිත‍්තවිපරියාසකතො. තෙන මෙ උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරික‍්කන‍්තං. මං භික‍්ඛූ උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන අජ‍්ඣාචිණ‍්ණෙන ආපත‍්තියා චොදෙන‍්ති. සරතායස‍්මා එවරූපිං ආපත‍්තිං ආපජ‍්ජිතාති. ත්‍යාහං එවං වදාමි: අහං ඛො ආවුසො උම‍්මත‍්තකො අහොසිං චිත‍්තවිපරියාසකතො. තෙන මෙ උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරික‍්කන‍්තං. නාහන‍්තං සරාමි. මූළ‍්හෙන මෙ එතං කතන‍්ති . එවම‍්පි මං වුච‍්චමානා චොදෙන‍්තෙව: සරතායස‍්මා එවරූපිං ආපත‍්තිං ආපජ‍්ජිතාති. සොහං භන‍්තෙ අමූළ‍්හො සඞ‍්ඝං අමූළ‍්හවිනයං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බො -පෙ- තතියම‍්පි යාචිතබ‍්බො -පෙ-

මහණෙනි, එය මෙසේ ම දිය යුතු: ඒ මහණහු විසින් සංඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතුවූ සිත් පෙරැළියට පත් ඒ මා විසින් මහණුනට නො සරුප් වූ කායික වූ ද වාචසික වූ ද බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පත් මා විසින් කළ වරද හේතු කොට ගෙන මහණහු මට, ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මට චෝදනා කෙරෙත්. ‘ඇවැත්නි, මම් උමතු වූ සිත් පෙරැළියට පැමිණියෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් කියන ලද්දාවූ ද, කයින් කරණ ලද්දාවූ දැ යි බොහෝ ශ්‍රමණ සාරුප්‍ය නොවූ වරද දෑ කරණ ලදී. ඒ දෑ මම් සිහි නො කෙරෙමි. සිහිමුළා වූ මා විසින් ඒ දෑ කරණ ලදැ’ යි ඔවුනට මම් මෙසේ කියමි. මෙසේ කියනු ලබන්නා වූ ද ඔහු මට ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’ යි මට චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් සිහිමුළාව නැත්තෙම් සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලමි” යි. මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද මෙසේ ඉල්ලිය යුතු ... තෙවෙනි වර ද ඉල්ලියැ යුතු ...

ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු උම‍්මත‍්තකො අහොසි චිත‍්තවිපරියාසකතො. තෙන උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරිකන‍්තං. තං භික‍්ඛූ උම‍්මත‍්තකෙන චිත‍්තවිපරියාසකතෙන අජ‍්ඣාචිණ‍්ණෙන ආපත‍්තියා චොදෙන‍්ති: සරතායස‍්මා එවරූපිං ආපත‍්තිං ආපජ‍්ජිතාති. සො එවං වදෙති: ‘අහං ඛො ආවුසො උම‍්මත‍්තකො අහොසිං -පෙ-’ සො අමූළ‍්හො සඞ‍්ඝං අමූළ‍්හවිනයං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො අමූළ‍්හස‍්ස අමූළ‍්හවිනයං දදෙය්‍ය. එසා ඤත‍්ති.

ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ මෙනම් මහණ වෙතම සිත් පෙරැළීමට ගිය උමතුවෙක් විය, සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කායික වූ ද වාචසික වූ ද අශ්‍රාමණක වූ බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු ඒ මහණහට සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කරණ ලද වරදින් ඇවැතින් ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු වූ ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි චෝදනා කෙරෙත්, හෙ තෙමේ “ඇවැත්නි, ... උමතුවීමි’ ... යි මෙසේ කියයි. හේ සිහිමුළාව නැත්තේ සංඝයා ගෙන් අමූළ්හ විනයය ඉල්ලයි. ඉදින් සංඝයාට ප්‍රාප්තකාල වේ නම් සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙන්නේ ය. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු උම‍්මත‍්තකො අහොසි චිත‍්තවිපරියාසකතො -පෙ- සො එවං වදෙති: ‘අහං ඛො ආවුසො උම‍්මත‍්තකො අහොසිං චිත‍්තවිපරියාසකතො -පෙ- සො අමූළ‍්හො සඞ‍්ඝං අමූළ‍්හවිනයං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො අමූළ‍්හස‍්ස අමූළ‍්හවිනයං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො අමූළ‍්හස‍්ස අමූළ‍්හවිනයස‍්ස දානං. සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-.

වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා, මේ මෙනම් මහණ තෙම සිත් පෙරැළියට ගිය උමතුවෙක් විය ... හේ ‘ඇවැත්නි, මම් සිත් පෙරැළියට ගිය උමතුවෙකිම් වීමි ... සිහිමුළාවෙන් තොරවූ හේ සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලයි. සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙයි. මුළාව නැත්තාවූ මෙනම් මහණහට අමූළ්හවිනයය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම්, හේ කියාවා, දෙවෙනි වරද මෙ කරුණ කියමි.

දින‍්නො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො අමූළ‍්හස‍්ස අමූළ‍්හවිනයො. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

සංඝයා විසින් සිහිමුළාවෙන් තොර වූ මෙනම් මහණහට අමූළ්හ විනයය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යනු යි.

ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අධිකරණං වූපසන‍්තං. කෙන වූපසන‍්තං? සම‍්මුඛාවිනයෙන ච අමූළ‍්හවිනයෙන ච කිඤ‍්ච තත්‍ථ සම‍්මුඛාවිනයස‍්මිං? සඞ‍්ඝසම‍්මුඛතා ධම‍්මසම‍්මුඛතා විනයසම‍්මුඛතා පුග‍්ගලසම‍්මුඛතා. කිඤ‍්ච තත්‍ථ අමූළ‍්හවිනයස‍්මිං? යා අමූළ‍්හවිනයස‍්ස කම‍්මස‍්ස කිරියා කරණං උපගමනං අජ‍්ඣුපගමනං අධිවාසනා අපටික‍්කොසනා, ඉදං තත්‍ථ අමූළ‍්හවිනයස‍්මිං. එවං වූපසන‍්තඤ‍්චෙ භික‍්ඛවෙ අධිකරණං කාරකො උක‍්කොටෙති, උක‍්කොටනකං පාචිත‍්තියං. ඡන්‍දදායකො ඛීයති ඛීයනකං පාචිත‍්තියං.

මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛයාවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර යැ. එහි අමූළ්හවිනය කවර යැ? අමූළ්හවිනයකර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළඹීමෙක්, අභ්‍යූපගමනයෙක්, ඉවැසීමෙක්, අප්‍රතික්‍රෝශනයෙක් වේ ද, මේ එහි අමූළ්හවිනය යැ. මහණෙනි, මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, ඔහුට උත්කෝටනය පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක තෙමේ (මේ අධිකරණ ව්‍යුපශමයයට) නින්‍දා කරන්නේ ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.