සතිවිනයො
සතිවිනයො
සතිවිනය
53. අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති? අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
53. අනුවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳෙයි ද? අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ සතරින් සන්හිඳෙයි.
සියා අනුවාදාධිකරණං ද්වෙ සමථෙ අනාගම්ම අමූළ්හවිනයඤ්ච තස්සපාපිය්යසිකඤ්ච ද්වීහි සමථෙහි සම්මෙය්ය සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන චාති? සියාතිස්ස වචනීයං. යථා කථං විය? ඉධ භික්ඛූ භික්ඛුං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති, තස්ස ඛො තං භික්ඛවෙ භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයො දාතබ්බො.
අනුවාදාධිකරණය අමුළ්භවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙ න් ද සතිවිනයයෙන්ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකිද? වියහැකි යයි කිය යුතු වන්නේ ය. කෙසේ වූ දැයක් මෙන් ද යත්: මෙහි මහණකුට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත් නම් මහණෙනි, මහණහු සිහිය වැඩීමට පැමිණි එ මහණහට සතිවිනය දිය යුතු ය.
එවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ග කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: මං භන්තෙ භික්ඛූ අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සොහං භන්තෙ සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බො.
මහණෙනි, (සතිවිනය) මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ තනිපට සිවුර එකස් කොට පෙරෙවැ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, භික්ෂූහු මට අමූලක වූ ශීලවිපත්තිචෝදනායෙන් චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම් සිහිය වැඩුණු බවට පැමිණියෙම් සඞ්ඝයා ගෙන් සතිවිනය යදිමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවනු ද යැදිය යුතු, තෙවනු ද යැදිය යුතු.
ව්යත්තෙනං භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. භික්ඛූ ඉත්ථන්නාමං භික්ඛුං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දදෙය්ය. එසා ඤත්ති.
ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. භික්ෂූහු මෙනම් මහණහට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. හේ සිහිය වැඩුණු බවට පැමිණියේ, සංඝයා ගෙන් සතිවිනය යදී. ඉදින් සංඝයාට ප්රාප්තකාලය වේ නම් සංඝ තෙමේ සිහිවැඩුණබවට පත් මෙනම් මහණහට සතිවිනය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. භික්ඛූ ඉත්ථන්නාමං භික්ඛුං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි-පෙ-දින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මහණහු මෙනම් මහණහට අමූලක ශීලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. සිහිය වැඩුණ බවට පත් හෙ තෙමේ සංඝයා ගෙන් සතිවිනය යදී, සංඝ තෙමේ සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දෙයි. සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා, දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි. සංඝයා විසින් සිහිය වැඩුණු බවට පත් මෙ නම් මහණහට සතිවිනය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි, සංඝ තෙමේ දැන්වීය යුතු.
ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච අනුවදති, යඤ්ච අනුවදති, උභො අත්තපච්චත්ථිකා සම්මුඛීභූතා හොන්ති. අයං තත්ථ පුග්ගලසම්මුඛතා. කිඤ්ච තත්ථ සතිවිනයස්මිං? යා සතිවිනයස්ස කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අප්පටික්කොසනා ඉදං තත්ථ සතිවිනයස්මිං. එවං වූපසන්තඤ්චෙ, භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තිකං ඡන්දදායකො ඛීයති, ඛීයනකං පාචිත්තියං.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛවිනයයෙනුත් සතිවිනයයෙනුත් ය. එහි සම්මුඛයා විනය කිමෙක් ද යත්: සංඝසම්මුඛතාව - ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ... යන මේ යි. එහි පුද්ගල සම්මුඛතාව කවර යැ? යමෙකුත් චෝදනා කෙරෙයි ද?, යමකුටත් චෝදනා කෙරෙයි ද? සිය පසෙහිත් විරුද්ධ පක්ෂයෙහිත් වූවෝ හමුවෙත් ද? මේ එහි පුද්ගල සම්මුඛතාවය යි. එහි සතිවිනය කවර යැ? සතිවිනය කර්මයා ගේ යම් කියාවෙක්, කිරීමෙක්, එළඹීමෙක්, වඩාත් එළැඹීමෙක්, ඉවැසීමෙක්, ප්‍රතික්‍රෝශ නොකිරීමෙක් වෙයි ද, මේ එහි සතිවිනය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කෙරෙයි නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය වෙයි. ඡන්දදායක තෙමේ නින්දා කෙරෙයි ද, බියනක පාචිත්තිය ඇවැත වේ.