යෙදුමෙන් කියවන්න

තිවිධ සලාකගාහො

තිවිධ සලාකගාහො

ත්‍රිවිධ සලාකාග්‍රාහය

49. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියා එවං ජාතං එවං සමුප‍්පන‍්නං අධිකරණං හොති. අථ ඛො තෙ භික‍්ඛූ අසන‍්තුට‍්ඨා සාවත්‍ථියා සඞ‍්ඝස‍්ස අධිකරණ වූපසමනෙන. අස‍්සොසුං ඛො අමුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලා ථෙරා විහරන‍්ති බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා පණ‍්ඩිතා ව්‍යත‍්තා මෙධාවිනො ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා. තෙ චෙ ථෙරා ඉමං අධිකරණං වූපසමෙය්‍යුං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන, එවමිදං අධිකරණං සුවූපසන‍්තං අස‍්සාති. අථ ඛො තෙ භික‍්ඛූ තං ආවාසං ගන‍්ත්‍වා තෙ ථෙරෙ එතදවොචුං: “ඉදං භන‍්තෙ අධිකරණං එවං ජාතං එවං සමුප‍්පන‍්නං: සාධු භන‍්තෙ ථෙරා ඉමං අධිකරණං වූපසමෙන‍්තු ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන, යථයිදං අධිකරණං සුවූපසන‍්තං අස‍්සාති.

49. එ සමයෙහි වනාහි සැවැත් නුවරැ මෙසේ පහළ වූ, මෙසේ උපන් අධිකරණයෙක් වෙයි. එ කල්හි එ මහණහු සැවැත් නුවර සංඝයා ගේ අධිකරණ සන්හිඳුවීමෙන් නො සතුටු වූවාහු ය. ඔහු “අසෝ ආවාසයෙහි බුහුශ්‍රැත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති, ධර්‍මධර වූ විනයධර වූ, මාතෘකාධර වූ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ, කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ බොහෝ තෙරහු වසත් ල, ඉදින් ඒ තෙරහු මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාසනාශාසනයෙන් සන්හිඳුවන්නාහු නම් මෙසේ මේ අධිකරණය මොනොවට සංසිඳුනෙක් වන්නේ යැ’ යි ඇසූහ. ඉක්බිති ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ වීය. මෙසේ උපන්නේ ය. වහන්ස, යාච්ඤා කරම්හ. තෙරහු ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳු නො වන්නේ ද එසේ මේ අධිකරණය සන්හිඳුවත් වා” යි මෙ බස් කීහ.

50. අථ ඛො තෙ ථෙරා යථා සාවත්‍ථියා සඞ‍්ඝෙන අධිකරණං වූපසමිතං, තථා සුවූපසන‍්තං, තථා තං අධිකරණං වූපසමෙසුං.

50. එ කල්හි ඒ තෙරහු සැවැත් නුවර සංඝයා විසින් ඒ අධිකරණය යම් සේ සන්හිඳුවන ලද්දේ ද, (එහෙයින් ම) මොනොවට සන්හිඳුනේ වේ ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවුහ.

අථ ඛො තෙ භික‍්ඛූ අසන‍්තුට‍්ඨා සාවත්‍ථියා සඞ‍්ඝස‍්ස අධිකරණ වූපසමනෙ න, අසන‍්තුට‍්ඨා සම‍්බහුලානං ථෙරානං අධිකරණවූපසමනෙන. අස‍්සොසුං ඛො අමුකස‍්මිං කිර ආවාසෙ තයො ථෙරා විහරන‍්ති -පෙ- ද‍්වෙ ථෙරා විහරන‍්ති -පෙ- එකො ථෙරො විහරති බහුස‍්සුතො ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී ලජ‍්ජී කුක‍්කුච‍්චකො සික‍්ඛාකාමො. සො චෙ ථෙරො ඉමං අධිකරණං වූපසමෙය්‍ය ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන, එවමිදං අධිකරණං සුවූපසන‍්තං අස‍්සාති.

ඉක්බිති ඒ මහණහු සැවැත්නුවර සංඝයාගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු ය. බොහෝ තෙරවරුන්ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු ය. ඔහු ‘අසෝ නම් ආවාසයෙහි ... තුන් නමෙක් තෙරහු වසත් ලැ යි. දෙ නමෙක් තෙරහු වසත් ලැ යි, බහුශ්‍රුත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී වූ එක් තෙර නමෙක් වෙසෙයි. ඉදින් ඒ තෙර නම ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මෙසේ මේ අධිකරණය මොනොවට සන්හිඳුනේ වන්නේ යැ’ යි ඇසූහ.

51. අථ ඛො තෙ භික‍්ඛූ තං ආවාසං ගන‍්ත්‍වා තං ථෙරං එතදවොචුං: ඉදං භන‍්තෙ අධිකරණං එවං ජාතං එවං සමුප‍්පන‍්නං, සාධු භන‍්තෙ ථෙරො ඉමං අධිකරණං වූපසමෙතුං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන, යථයිදං අධිකරණං සුවූපසන‍්තං අස‍්සාති.

51. එ කල්හි ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරහු බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ විය. මෙසේ උපන්නේ ය, යාච්ඤා කරම්හ, ස්ථවිර තෙමේ මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳුනක් වන්නේ ද එසේ ධම්යෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවාවා’යි මේ වචන කීහ.

අථ ඛො සො ථෙරො යථා සාවත්‍ථියා සඞ‍්ඝෙන අධිකරණං වූපසමිතං, යථා සම‍්බහුලෙහි ථෙරෙහි අධිකරණං වූපසමිතං, යථා තීහි ථෙරෙහි අධිකරණං වූපසමිතං, යථා ද‍්වීහි ථෙරෙහි අධිකරණං වූපසමිතං, තථා සුවූපසන‍්තං, තථා තං අධිකරණං වූපසමෙසි.

එ කල්හි ඒ ස්ථවිර තෙම සැවැත්නුවරැ යම්සේ සංඝයා විසින් ඒ අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ බොහෝ තෙරවරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ තුන් නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ දෙ නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, එසේ ම මොනොවට සංසිඳුනක් වූ පරිද්දෙන් ඒ අධිකරණය සන්හිඳුවී ය.

52. අථ ඛො තෙ භික‍්ඛූ අසන‍්තුට‍්ඨා සාවත්‍ථියා සඞ‍්ඝස‍්ස අධිකරණවූපසමනෙන, අසන‍්තුට‍්ඨා සම‍්බහුලානං ථෙරානං අධිකරණවූපසමනෙන, අසන‍්තුට‍්ඨා තිණ‍්ණං ථෙරානං අධිකරණවූපසමනෙන, අසන‍්තුට‍්ඨා ද‍්වින‍්නං ථෙරානං අධිකරණවූපසමනෙන, අසන‍්තුට‍්ඨා එකස‍්ස ථෙරස‍්ස අධිකරණවූපසමනෙන, යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසුං භගවා එතදවොච.

52. එ කල්හි ඒ මහණහු සැවැත්නුවරැ සංඝයාගේ අධිකරණව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, බොහෝ තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, තුන් නමක් තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, දෙනමක් තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, එක් තෙර නමක ගේ අධිකරණව්‍යපශමන යෙක් නො සතුටු වූවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:

නිහතමෙතං භික‍්ඛවෙ අධිකරණං සන‍්තං වූපසන‍්තං සුවූපසන‍්තං. අනුජානාමි, භික‍්ඛවෙ තෙසං භික‍්ඛූනං සඤ‍්ඤත‍්තියා තයො සලාකගාහෙ ගුළ‍්හකං සකණ‍්ණජප‍්පකං විවටකන‍්ති.

“මහණෙනි, මේ අධිකරණය නිමවන ලද්දෙක, සන්හිඳුනෙක, වෙසෙසින් සන්හිඳුනෙක, මොනොවට සන්හිඳුනෙක. මහණෙනි, ඒ මහණුන් හඳුන්වනු පිණිස ගුළ්හකය, සකණ්ණජප්පකය. විවටකය යන සලාකාගැන්වීම් තුන අනුදනිමි.

කථඤ‍්ච භික‍්ඛවෙ ගූළ‍්හකො සලාකගාහො හොති? තෙන සලාකගාහාපකෙන භික‍්ඛුනා සලාකායො වණ‍්ණාවණ‍්ණායො කත්‍වා එකමෙකො භික‍්ඛු උපසඞ‍්කමිත්‍වා එවමස‍්ස වචනීයො: අයං එවංවාදිස‍්ස සලාකා, අයං එවංවාදිස‍්ස සලාකා, යං ඉච‍්ඡසි තං ගණ‍්හාහීති. ගහිතෙ වත‍්තබ‍්බො: ‘මා ච කස‍්සචි දස‍්සෙහීති. සචෙ ජානාති අධම‍්මවාදී බහුතරාති, දුග‍්ගහොති පච‍්චුක‍්කඩ‍්ඪිතබ‍්බං. සචෙ ජානාති ධම‍්මවාදී බහුතරාති සුග‍්ගහොති සාවෙතබ‍්බං එවං ඛො භික‍්ඛවෙ ගූළ‍්හකො සලාකගාහො හොති.

මහණෙනි, ගුළ්හක සලාකාග්‍රාහය කෙසේවේ ද යත්: ඒ සලාකා ගන්වන මහණහු විසින් සලාකාවන් එකක් අනෙකකට වෙනස් වන සේ නිල් ආදි විවිධ පැහැ ඇතියන් කොට, එක් එක් මහණකු කරා එළැඹ, මේ මෙසේ වූ වාද ඇත්තහු ගේ සලාකාව ය, මේ මෙසේ වූ වාද ඇතියහු ගේ සලාකාව ය, යමක් රිසියෙහි නම් එය ගන්නැ’ යි මෙසේ කියැ යුතු වන්නේ ය. ගන්නාලද කල්හි ‘කිසිවකුටත් මෙය නො දක්වන්නැ’ යි කියැ යුතු ය. ඉදින් අධර්‍මවාදිහු වඩා බොහෝ ඇතැ යි දන්නේ නම්, සලාකා ගැන්ම වරදවා කරණ ලදැ’ යි කියා (දුන් සලාකාවන්) නැවැත එකතු කොට යලිදු ගැන්වියැ යුතු. ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි දන්නේ නම් මනාවැ කරණ ලද සලාකා ගැන්මෙකැ යි ඇස්වියැ යුතු. මහණෙනි, මෙසේ ගුළ්හක සලාකා ගැන්වීම වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ සකණ‍්ණජප‍්පකො සලාකගාහො හොති? තෙන සලාකගාහාපකෙන භික‍්ඛුනා එකමෙකස‍්ස භික‍්ඛුනො උපකණ‍්ණකෙ ආරොචෙතබ‍්බං. අයං එවංවාදිස‍්ස සලාකා, යං ඉච‍්ඡසි තං ගණ‍්හාහීති. ගහිතෙ වත‍්තබ‍්බො: මා ච කස‍්සචි ආරොචෙහීති. සචෙ ජානාති අධම‍්මවාදී බහුතරාති දුග‍්ගහොති, පච‍්චුක‍්කඩ‍්ඪිතබ‍්බං. සචෙ ජානාති ධම‍්මවාදී බහුතරා’ති, සුග‍්ගහොති සාවෙතබ‍්බං. එවං ඛො භික‍්ඛවෙ සකණ‍්ණජප‍්පකො සලාකගාහො හොති.

මහණෙනි, සකණ්ණජප්පක සලාකාග්‍රාහය කෙසේ වේ ද යත්: ඒ සලාකා ගන්වන මහණහු විසින් එක් එක් මහණක්හු ගේ කණට ළං වැ ‘මේ මෙ බඳු වාද ඇත්තහු ගේ සලාකාව ය, මේ මෙ බඳු වාද ඇත්ත හු ගේ සලාකාව ය, යමක් කැමැත්තෙහි නම් එය ගන්නැ’ යි කිය යුතු ය. ගත් කල්හි ‘කිසිවකුටත් නො කියන්නැ’යි කිය යුතු ය. අධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි ඉදින් දන්නේ නම්, නොමනා වැ කරණ ලද සලාකා ගැන්මෙකැ යි (සලාකාවන්) එකතු කොට ගෙන යලිදු සලාකා ගැන්වියැ යුතු. ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ වෙත් යැ යි දන්නේ නම්, ‘මනා වැ කරණ ලද සලාකා ගැන්මෙකැ’ යි ඇස්විය යුතු. මහණෙනි, මෙසේ සකණ්ණජප්පක සලාකා ගැන්වීම වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ විවටකො සලාකගාහො හොති? සචෙ ජානාති ධම‍්මවාදී බහුතරාති විස‍්සට‍්ඨෙ නෙව විවටෙන ගාහෙතබ‍්බො. එවං ඛො භික‍්ඛවෙ විවටකො සලාකගාහො හොති.

මහණෙනි, විවටක සලාකග්‍රාහය කෙසේ වේ ද යත්: ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි දන්නේ නම්, සලාකාවන් විසිරුවා විවෘත ලෙසින් (පැනෙන පරිද්දෙන්) ම ගැන්විය යුතු, මහණෙනි, මෙසේ ම විවටක සලාකාග්‍රාහය වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ තයො සලාකගාහාති.

මහණෙනි, මොහු වනාහි තුන්සලාකාග්‍රාහයෝ ය යනු යැ.