යෙදුමෙන් කියවන්න

අධිකරණකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අධිකරණකථා

භික‍්ඛුනීනං අනුපඛජ‍්ජාති භික‍්ඛුනීනං අන‍්තො පවිසිත්‍වා. විවාදාධිකරණාදීනං වචනත්‍ථො දුට‍්ඨදොසවණ‍්ණනායං වුත‍්තොයෙව. විපච‍්චතාය වොහාරොති චිත‍්තදුක‍්ඛත්‍ථං වොහාරො; ඵරුසවචනන‍්ති අත්‍ථො. යො තත්‍ථ අනුවාදොති යො තෙසු අනුවදන‍්තෙසු උපවාදො. අනුවදනාති ආකාරනිදස‍්සනමෙතං; උපවදනාති අත්‍ථො. අනුල‍්ලපනා අනුභණනාති උභයං අනුවදනවෙවචනමත‍්තමෙව. අනුසම‍්පවඞ‍්කතාති පුනප‍්පුනං කායචිත‍්තවාචාහි තත්‍ථෙව සම‍්පවඞ‍්කතා; අනුවදනභාවොති අත්‍ථො. අබ‍්භුස‍්සහනතාති “කස‍්මා එවං න උපවදිස‍්සාමි, උපවදිස‍්සාමියෙවා”ති උස‍්සාහං කත්‍වා අනුවදනා. අනුබලප‍්පදානන‍්ති පුරිමවචනස‍්ස කාරණං දස‍්සෙත්‍වා පච‍්ඡිමවචනෙන බලප‍්පදානං.

“භික්‍ඛුණිනං අනුපඛජ්ජ” භික්‍ෂුණීන්ගේ අභ්‍යන්තරයට වැද විවාදාධිකරණාදීන්ගේ වචනාර්‍ත්‍ථය දුට්ඨදොස වර්‍ණනාවෙහි කියන ලද්දේමය. “විපච්චතාය වොහාරො” සිත්හි දුක් පිණිස ව්‍යවහාරය. පරුෂ වචනය යන අර්‍ත්‍ථයි. “යො තත්‍ථ අනුවාදො” ඔවුන් චෝදනා කරණකල්හි යම් දොෂාරෝපණයක් වේද, “අනුවදනා” යන මෙය කියූ විපත් අතරෙහි එක්තරා එකකින් චෝදනා කරන ආකාරය දැක්වීමය. සමීපව කීමම යන අර්‍ත්‍ථයි. “අනුල්ලපනා අනුභණනා” යන පද දෙක චොදනාකරය පිළිබඳ වෙවචන මාත්‍රයෙක්මය. “අනුසම්පවංකතා” නැවැත නැවැත කායවාචාචිත්තයෙන් එහිම තදින් නැමුනු බවය. අවනතභාවය යන අර්‍ත්‍ථයි. “අබ්භුස්සහනතා” කුමක් හෙයින් මෙසේ උපවාද නොකරන්නෙම්දැ’යි උත්සාහකොට චොදනා කිරීමය. “අනුබලප්පදානං” මුල්වචනයට කරුණු දක්වා පසු වචනයෙන් බලය දීමය.

කිච‍්චයතා කරණීයතාති එත්‍ථ කිච‍්චමෙව කිච‍්චයං, කිච‍්චයස‍්ස භාවො කිච‍්චයතා, කරණීයස‍්ස භාවො කරණීයතා; උභයම‍්පෙතං සඞ‍්ඝකම‍්මස‍්සෙව අධිවචනං. අපලොකනකම‍්මන‍්තිආදි පන තස‍්සෙව පභෙදවචනං. තත්‍ථ අපලොකනකම‍්මං නාම සීමට‍්ඨකසඞ‍්ඝං සොධෙත්‍වා ඡන්‍දාරහානං ඡන්‍දං ආහරිත්‍වා සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා තික‍්ඛත‍්තුං සාවෙත්‍වා කත‍්තබ‍්බකම‍්මං. ඤත‍්තිකම‍්මං නාම වුත‍්තනයෙනෙව සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා එකාය ඤත‍්තියා කත‍්තබ‍්බකම‍්මං. ඤත‍්තිදුතියකම‍්මං නාම වුත‍්තනයෙනෙව සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා එකාය ඤත‍්තියා එකාය ච අනුස‍්සාවනායාති එවං ඤත‍්තිදුතියාය අනුස‍්සාවනාය කත‍්තබ‍්බකම‍්මං. ඤත‍්තිචතුත්‍ථකම‍්මං නාම වුත‍්තනයෙනෙව සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා එකාය ඤත‍්තියා තීහි ච අනුස‍්සාවනාහීති එවං ඤත‍්තිචතුත්‍ථාහි තීහි අනුස‍්සාවනාහි කත‍්තබ‍්බකම‍්මං.

“කිච්චයතා කරණීයතා” මෙහි කිච්චම කිච්චය නම. කෘත්‍යයාගේ භාවය කිච්චයතාය. කරණීයයාගේ භාවය කරණීයතාය. මේ දෙකම සඞ්ඝකර්‍මයටම නමෙකි. “අපලොකනකම්මං” යනාදිය වනාහි එහිම ප්‍රභෙද දැක්වීමය. එහි අපලොකනකම්ම නම් සීමාවෙහි සිටි සඞ්ඝයා පිරිසිදුකොට හෙවත් අත්පසට සඞ්ඝයාගේ අනුමැතියෙන් තෙවරක් අස්වා කටයුතු කර්‍මයයි. ඤත්තිකම්ම නම් කියූ නයින්ම සමග්‍ර සඞ්ඝයාගේ එක් ඤත්තියකින් හා එක් අනුශ්‍රාවණයකින්දැයි මෙසේ ඤත්තිය දෙවනකොට ඇති අනුශ්‍රාවණයෙන් කටයුතු කර්‍මයයි. ඤත්තිචතුත්‍ථකම්ම නම් කියූ නයින්ම සමග්‍ර සඞ්ඝයාගේ අනුමැතියෙන් එක් ඤත්තියකින් හා අනුශ්‍රාවණ තුනකිනැයි මෙසේ ඤත්තිය සතරවැනිකොට අනුශ්‍රාවණ තුනකින් කටයුතු කර්‍මයයි.

තත්‍ථ අපලොකනකම‍්මං අපලොකෙත්‍වාව කාතබ‍්බං, ඤත‍්තිකම‍්මාදිවසෙන න කාතබ‍්බං. ඤත‍්තිකම‍්මම‍්පි එකං ඤත‍්තිං ඨපෙත්‍වාව කාතබ‍්බං, අපලොකනකම‍්මාදිවසෙන න කාතබ‍්බං. ඤත‍්තිදුතියකම‍්මං පන අපලොකෙත්‍වා කත‍්තබ‍්බම‍්පි අත්‍ථි, අකත‍්තබ‍්බම‍්පි අත්‍ථි. තත්‍ථ සීමාසම‍්මුති සීමාසමූහනනං කථිනදානං කථිනුබ‍්භාරො කුටිවත්‍ථුදෙසනා විහාරවත්‍ථුදෙසනාති ඉමානි ඡ කම‍්මානි ගරුකානි, අපලොකෙත්‍වා කාතුං න වට‍්ටන‍්ති. ඤත‍්තිදුතියකම‍්මවාචං සාවෙත්‍වාව කාතබ‍්බානි. අවසෙසා තෙරස සම‍්මුතියො සෙනාසනග‍්ගාහකමතකචීවරදානාදිසම‍්මුතියො චාති එවරූපානි ලහුකකම‍්මානි අපලොකෙත්‍වාපි කාතුං වට‍්ටන‍්ති. ඤත‍්තිකම‍්මඤත‍්තිචතුත්‍ථකම‍්මවසෙන පන න කාතබ‍්බමෙව. ඤත‍්තිචතුත්‍ථකම‍්මං ඤත‍්තිඤ‍්ච තිස‍්සො ච කම‍්මවාචායො සාවෙත්‍වාව කාතබ‍්බං, අපලොකනකම‍්මාදිවසෙන න කාතබ‍්බන‍්ති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො.

එහි අපලොකන කර්‍මය අපලොකනය කොටම කටයුතුය. ඤත්තිකර්‍මාදි වශයෙන් නොකටයුතුය. ඤත්තිකර්‍මයද එක් ඤත්තියක් තබාම කටයුතුය. අපලොකන කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුතුය. ඤත්තිදුතිය කර්‍මය වනාහි අපලොකනය කොට කටයුත්තේද ඇත්තේය. නොකටයුත්තේද ඇත්තේය. එහි සීමා සම්මුති, සීමාසමූහනන, කඨිනදාන, කඨිනුබ්හාර, කුටිවත්‍ථු දෙසනා, විහාරවත්‍ථුදෙසනා යන මේ කර්‍ම සය ගරුක වෙත්. එහෙයින් අප ලොකනය කරන්නට නොවටියි. ඤත්තිදුතිය කර්‍මවාක්‍යය අස්වාම කටයුත්තාහ. සෙසු තෙළෙස් සම්මුතීහුද සෙනාසනගාහක මතක චීවරදානාදි සම්මුතිහුදැයි යන මෙබඳු ලහුකකර්‍ම අපලොකනය කොටද කරන්නට වටිත්. ඤත්තිකර්‍මය, ඤත්ති චතුර්‍ත්‍ථකර්‍ම වශයෙන් වනාහි නොකටයුතුමය. ඤත්තිචතුර්‍ත්‍ථකර්‍මය ඤත්තියද අනුශ්‍රාවණ කර්‍මවාක්‍ය තුනද අස්වාම කටයුතුය. අපලොකනකර්‍මාදි වශයෙන් නොකටයුතුය යනු මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි.

විත්‍ථාරතො පන ඉමානි චත‍්තාරි කම‍්මානි “කතිහාකාරෙහි විපජ‍්ජන‍්තී”තිආදිනා නයෙන පරිවාරාවසානෙ කම‍්මවග‍්ගෙ එතෙසං විනිච‍්ඡයො ආගතොයෙව. යං පන තත්‍ථ අනුත‍්තානං, තං කම‍්මවග‍්ගෙයෙව වණ‍්ණයිස‍්සාම. එවඤ‍්හි සති න අට‍්ඨානෙ වණ‍්ණනා භවිස‍්සති, ආදිතො පට‍්ඨාය ච තස‍්ස තස‍්ස කම‍්මස‍්ස විඤ‍්ඤාතත‍්තා සුවිඤ‍්ඤෙය්‍යො භවිස‍්සති.

විස්තර වශයෙන් වනාහි “ඉමානි චත්තාරි කම්මානි කතිහාකාරෙහි විපජ්ජන්ති” යනාදිනයින් පරිවාරාවසානයෙහි කර්‍මවර්‍ගයෙහි මොවුනගේ විනිශ්චය ආයේමය. එහි යමක් ප්‍රකට නොවුයේද, එය කර්‍මවර්‍ගයෙහිම වර්‍ණනා කරන්නෙමු. මෙසේ ඇති කල්හි අයුතුතන්හි කළ වර්‍ණනාවක් නොවන්නීය. මුල පටන්ද ඒ ඒ කර්‍මය දත්බැවින් මොනවට දත හැක්කේ වේ.

විවාදාධිකරණස‍්ස කිං මූලන‍්තිආදීනි පාළිවසෙනෙව වෙදිතබ‍්බානි.

“විවාදාධිකරණස්ස කිං මූලං” යනාදිය පෙළවිසින්ම දතයුතුය.

“විවාදාධිකරණං සියා කුසල”න‍්තිආදීසු යෙන විවදන‍්ති, සො චිත‍්තුප‍්පාදො විවාදො, සමථෙහි ච අධිකරණීයතාය අධිකරණන‍්ති එවමාදිනා නයෙන අත්‍ථො දට‍්ඨබ‍්බො.

“විවාදාධිකරණං සියා කුසලං” යනාදි තන්හි යම් සිතක් කරණකොට ගෙණ විවාද කෙරෙත්ද, ඒ චිත්තොත්පාදය විවාද නම් වේ. සමථයන් කරණකොට ගෙන කටයුතු බැවින් අධිකරණය යන මේ ආදිනයින් අර්‍ත්‍ථය දතයුතුය.

ආපත‍්තාධිකරණං සියා අකුසලං සියා අබ්‍යාකතං, නත්‍ථි ආපත‍්තාධිකරණං කුසලන‍්ති එත්‍ථ සන්‍ධාය භාසිතවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. යස‍්මිඤ‍්හි පථවිඛණනාදිකෙ ආපත‍්තාධිකරණෙ කුසලචිත‍්තං අඞ‍්ගං හොති, තස‍්මිං සති න සක‍්කා වත‍්තුං “නත්‍ථි ආපත‍්තාධිකරණං කුසල”න‍්ති, තස‍්මා නයිදං අඞ‍්ගප‍්පහොනකචිත‍්තං සන්‍ධාය වුත‍්තං. ඉදං පන සන්‍ධාය වුත‍්තං. යං තාව ආපත‍්තාධිකරණං ලොකවජ‍්ජං, තං එකන‍්තතො අකුසලමෙව, තත්‍ථ “සියා අකුසල”න‍්ති විකප‍්පො නත්‍ථි. යං පන පණ‍්ණත‍්තිවජ‍්ජං, තං යස‍්මා සඤ‍්චිච‍්ච “ඉමං ආපත‍්තිං වීතික‍්කමාමී”ති වීතික‍්කමන‍්තස‍්සෙව අකුසලං හොති, අසඤ‍්චිච‍්ච පන කිඤ‍්චි අජානන‍්තස‍්ස සහසෙය්‍යාදිවසෙන ආපජ‍්ජතො අබ්‍යාකතං හොති, තස‍්මා තත්‍ථ සඤ‍්චිච‍්චාසඤ‍්චිච‍්චවසෙන ඉමං විකප‍්පභාවං සන්‍ධාය ඉදං වුත‍්තං – “ආපත‍්තාධිකරණං සියා අකුසලං, සියා අබ්‍යාකතං, නත්‍ථි ආපත‍්තාධිකරණං කුසල”න‍්ති.

“ආපත්තාධිකරණං සියා අකුසලං, සියා අව්‍යාකතං, නත්‍ථි ආපත්තාධිකරණං කුසලං” යන මෙහි, සඳහා කියනලද විසින් අර්‍ත්‍ථය දතයුතුය. යම්හෙයකින් යම් පඨවිඛණනාදීවූ ආපත්තාධිකරණයෙහි කුසල් සිත අඞ්ගය වේද, ඒ කුසල් සිත ඇති කල්හි ‘ආපත්තාධිකරණයට කුසලයෙක් නැත්තේය’යි කියන්නට නොහැක්කේය. එහෙයින් මෙය අඞ්ගයට පොහොනා සිත සඳහා නොවදාරණ ලදී. මේ සඳහා වදාරණ ලදී. යම් ආපත්තාධිකරණයක් වනාහි ලොකවද්‍යවේද, ඒ ආපත්තාධිකරණය එකාන්තයෙන් අකුසල්මය. එහි ‘අකුසලය වන්නේය’යි විකල්පයෙක් නැත්තේය. යමක් ප්‍රඥප්තිවද්‍යවේද, ඒ ප්‍රඥප්තිවද්‍ය ආපත්තිය යම් හෙයකින් ‘සිතා දැන මේ ඇවැත ව්‍යතික්‍රමය කෙරෙමි’යි ව්‍යතික්‍රමය කරන්නහුටම අකුසලය වේ. නොසිතා නොදැන කිසිවක් නොදන්නහුට සහ සෙය්‍යාදිවසයෙන් පැමිණෙන බැවින් අව්‍යාකතය වේ. එහෙයින් එහි දැනීම් නොදැනීම් වසයෙන් මේ විකල්පභාවය සඳහා “ආපත්තාධිකරණං සියා අකුසලං සියා අව්‍යාකතං නත්‍ථි ආපත්තාධිකරණං කුසලං” යන මෙය වදාරණ ලදී.

සචෙ පන “යං කුසලචිත‍්තො ආපජ‍්ජති, ඉදං වුච‍්චති ආපත‍්තාධිකරණං කුසල”න‍්ති වදෙය්‍ය, අචිත‍්තකානං පන එළකලොමපදසොධම‍්මාදිසමුට‍්ඨානානම‍්පි කුසලචිත‍්තං ආපජ‍්ජෙය්‍ය, න ච තත්‍ථ විජ‍්ජමානම‍්පි කුසලචිත‍්තං ආපත‍්තියා අඞ‍්ගං. කායවචීවිඤ‍්ඤත‍්තිවසෙන පන චලිතප‍්පවත‍්තානං කායවාචානං අඤ‍්ඤතරමෙව අඞ‍්ගං, තඤ‍්ච රූපක‍්ඛන්‍ධපරියාපන‍්නත‍්තා අබ්‍යාකතන‍්ති.

ඉදින් වනාහි කුසල් සිත් ඇත්තේ යම් ඇවැතකට පැමිණේද, ‘මේ ආපත්තාධිකරණය කුසලය’යි කියන්නේයයි මේ කියනු ලැබේ. තමා අචිත්තක වූ ඵළකලොම පදසොධම්මාදි සමුට්ඨානයන්ටද කුසලත්‍වය පැමිණෙන්නේය. එහි විද්‍යාමාන වූද කුසලචිත්තය ඇවැතට අඞ්ගයෙක් නොවේ. කායවාග්විඤත්ති වශයෙන් චලිතව පැවැති කායවාක් යන මොවුන් අතුරෙහි එක්තරා එකක්ම අඞ්ග වේ. එද රූපස්ඛන්‍ධයට ඇතුළත් බැවින් අව්‍යාකතයයි දතයුතුය.

යං ජානන‍්තොතිආදිම‍්හි පන අයමත්‍ථො – යං චිත‍්තං ආපත‍්තියා අඞ‍්ගං හොති, තෙන වත්‍ථුං ජානන‍්තො “ඉදං වීතික‍්කමාමී”ති ච වීතික‍්කමාකාරෙන සද‍්ධිං ජානන‍්තො සඤ‍්ජානන‍්තො වීතික‍්කමචෙතනාවසෙන චෙතෙත්‍වා පකප‍්පෙත්‍වා උපක‍්කමවසෙන මද‍්දන‍්තො අභිවිතරිත්‍වා නිරාසඞ‍්කචිත‍්තං පෙසෙත්‍වා යං ආපත‍්තාධිකරණං වීතික‍්කමං ආපජ‍්ජති, තස‍්ස එවං වීතික‍්කමතො යො වීතික‍්කමො, ඉදං වුච‍්චති “ආපත‍්තාධිකරණං අකුසල”න‍්ති.

“සඤ්ජානන්තො” යනාදියෙහි මේ අර්‍ත්‍ථය වේ.:- යම් සිතක් ඇවැතට අඞ්ගවේද, එයින් ‘මෙය ව්‍යතික්‍රමණය කරමි’යි වස්තුව දන්නේ, ව්‍යතික්‍රමාකාරය සමග දන්නේ, මොනවට දන්නේ, ව්‍යතික්‍රමචෙතනා වශයෙන් සිතා කල්පනාකොට උපක්‍රම වශයෙන් මඩිමින් තීරණය කොට නිසැකසිත යවා යම් ආපත්තාධිකරණයක් ව්‍යතික්‍රමය කෙරේද, යම් ඇවතකට පැමිණේද, මෙසේ ව්‍යතික්‍රමණය කරන්නා වූ ඔහුගේ යම් ව්‍යතික්‍රමයෙක්වේද, මේ ආපත්තිකාධිකරණය අකුසලයයි කියනු ලැබේ.

අබ්‍යාකතවාරෙපි යං චිත‍්තං ආපත‍්තියා අඞ‍්ගං හොති, තස‍්ස අභාවෙන අජානන‍්තො වීතික‍්කමාකාරෙන ච සද‍්ධිං අජානන‍්තො අසඤ‍්ජානන‍්තො ආපත‍්තිඅඞ‍්ගභූතාය වීතික‍්කමචෙතනාය අභාවෙන අචෙතෙත්‍වා සඤ‍්චිච‍්ච මද‍්දනස‍්ස අභාවෙන අනභිවිතරිත්‍වා නිරාසඞ‍්කචිත‍්තං අපෙසෙත්‍වා යං ආපත‍්තාධිකරණං වීතික‍්කමං ආපජ‍්ජති, තස‍්ස එවං වීතික‍්කමතො යො වීතික‍්කමො, ඉදං වුච‍්චති “ආපත‍්තාධිකරණං අබ්‍යාකත”න‍්ති.

අව්‍යාක්තවාරයෙහිද යම් සිතෙක් ඇවැතට අඞ්ගවේද, එහි අභාවයෙන් නොදන්නේ ව්‍යතික්‍රමාකාරයද සමග නොදන්නේ මැනවින් නොදන්නේ ඇවැතට අඞ්ග වූ ව්‍යතික්‍රම චෙතනාවගේ අභාවයෙන් නොසිතා දැන මැඩීමක් නැති බැවින් තීරණය නොකොට නිසැක සිත නොයවා යම් ආපත්තාධිකරණයක් ව්‍යතික්‍රමය කෙරේද, එයට පැමිණේද, මෙසේ ව්‍යතික්‍රමණය කරන්නා වූ ඔහුගේ යම් ව්‍යතික්‍රමයක් වේද, මේ ආපත්තාධිකරණ “අව්‍යාකතයයි කියනු ලැබේ.

අයං විවාදො නො අධිකරණන‍්තිආදීසු සමථෙහි අධිකරණීයතාය අභාවතො නොඅධිකරණන‍්ති එවමත්‍ථො වෙදිතබ‍්බො.

“අයං විවාදො නො අධිකරණං” යනාදිතන්හි සමථයන්ගෙන් කිරීමක් නැති බැවින් ‘අධිකරණ නොවේ’යි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය.

අධිකරණකථා නිට‍්ඨිතා.

අධිකරණවූපසමනසමථකථා

අධිකරණවූපසමනසමථකථා

යාවතිකා ච භික‍්ඛූ කම‍්මප‍්පත‍්තාති එත්‍ථ චතුවග‍්ගකරණෙ කම‍්මෙ චත‍්තාරො, පඤ‍්චවග‍්ගකරණෙ පඤ‍්ච, දසවග‍්ගකරණෙ දස, වීසතිවග‍්ගකරණෙ වීසති භික‍්ඛූ කම‍්මප‍්පත‍්තාති වෙදිතබ‍්බා.

“යාවතිකා භික්‍ඛූ කම්මප්පත්තා” මෙහි චතුර්වර්‍ගක සඞ්ඝයා විසින් කටයුතු කර්‍මයෙහි සිවුනමක් භික්‍ෂූහු, පඤ්චවර්‍ගක සඞ්ඝයා විසින් කටයුතු කර්‍මයෙහි පස්නමක් භික්‍ෂූහු, දශවර්‍ගක සඞ්ඝයා විසින් කටයුතු කර්‍මයෙහි දසනමක් භික්‍ෂූහු, දශවර්‍ගක සඞ්ඝයා විසින් කටයුතු කර්‍මයෙහි විසිනමක් භික්‍ෂූහු කර්‍මප්‍රාප්තහයි දතයුතුය.

සුපරිග‍්ගහිතන‍්ති සුට‍්ඨු පරිග‍්ගහිතං කත්‍වා සම‍්පටිච‍්ඡිතබ‍්බං. සම‍්පටිච‍්ඡිත්‍වා ච පන “අජ‍්ජ භණ‍්ඩකං ධොවාම, අජ‍්ජ පත‍්තං පචාම, අජ‍්ජෙකො පලිබොධො අත්‍ථී”ති මානනිග‍්ගහත්‍ථාය කතිපාහං අතික‍්කාමෙතබ‍්බං.

“සුපරිග්ගහිතං” මනාකොට පරිග්ගහිත කොට පිළිගත යුතුය. ආවාසික භික්‍ෂූන් විසින් අධිකරණය පිළිගෙණ ‘අද බඩු සෝදම්හ, අද පාත්‍රය පිසම්හ, අද එක් පළිබොධයක් ඇතැ’යි මානනිග්‍රහය පිණිස කීප දවසක් ඉක්මවිය යුතුය.

අනන‍්තානි චෙව භස‍්සානි ජායන‍්තීති අපරිමාණානි ඉතො චිතො ච වචනානි උප‍්පජ‍්ජන‍්ති. “භාසානී”තිපි පාඨො, අයමෙවත්‍ථො. උබ‍්බාහිකාය සම‍්මන‍්නිතබ‍්බොති අපලොකෙත්‍වා වා සම‍්මන‍්නිතබ‍්බො පරතො වුත‍්තාය ඤත‍්තිදුතියාය වා කම‍්මවාචාය. එවං සම‍්මතෙහි පන භික‍්ඛූහි විසුං වා නිසීදිත්‍වා තස‍්සායෙව වා පරිසාය “අඤ‍්ඤෙහි අසම‍්මතෙහි න කිඤ‍්චි කථෙතබ‍්බ”න‍්ති සාවෙත්‍වා තං අධිකරණං විනිච‍්ඡිතබ‍්බං.

“අනග්ගානි චෙවහස්සානි ජායන්ති” එහි මෙහි පමණ නැති වදන් උපදිත්. “භාසෙති”යි පාඨය වේ. මේ අර්‍ත්‍ථමය. “උබ්බාහිකාය සමන්තිතබ්බො” අපලොකනයකොට හෝ පසුභාගයෙහි කියනලද ඤත්තිදුතිය කර්‍මවාක්‍යයෙන් හෝ සම්මත කටයුතුය. මෙසේ සම්මත කරණලද භික්‍ෂූන් විසින් වෙන්ව හෝ හිඳ එම පිරිසෙහි සම්මත නොකරණලද අන්‍යයන් විසින් හෝ කිසිවක් නොකියයුතුයයි අස්වා ඒ අධිකරණය විනිශ්චය කටයුතුය.

තත්‍රාස‍්සාති තස‍්සං පරිසති භවෙය්‍ය. නෙව සුත‍්තං ආගතන‍්ති න මාතිකා ආගතා. නො සුත‍්තවිභඞ‍්ගොති විනයොපි න පගුණො. බ්‍යඤ‍්ජනච‍්ඡායාය අත්‍ථං පටිබාහතීති බ්‍යඤ‍්ජනමත‍්තමෙව ගහෙත්‍වා අත්‍ථං පටිසෙධෙති. ජාතරූපරජතඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණාදීසු විනයධරෙහි භික‍්ඛූහි ආපත‍්තියා කාරියමානෙ දිස‍්වා “කිං ඉමෙ ආපත‍්තියා කාරෙථ, ‘නනු ජාතරූපරජතපටිග‍්ගහණා පටිවිරතො හොතී’ති එවං සුත‍්තෙ පටිවිරතිමත‍්තමෙව වුත‍්තං, නත්‍ථි එත්‍ථ ආපත‍්තී”ති වදති. අපරො ධම‍්මකථිකො සුත‍්තස‍්ස ආගතත‍්තා ඔලම‍්බෙත්‍වා නිවාසෙන‍්තානං ආපත‍්තියා ආරොපියමානාය “කිං ඉමෙසං ආපත‍්තිං රොපෙථ, ‘නනු පරිමණ‍්ඩලං නිවාසෙස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති එවං සික‍්ඛාකරණමත‍්තමෙවෙත්‍ථ වුත‍්තං, නත්‍ථි එත්‍ථ ආපත‍්තී”ති වදති.

“තත්‍රස්ස” ඒ පිරිසෙහි වන්නේ නම්, “නෙව සුත්තං ආගතං” මාතෘකාව නොආය. “නො සුත්තවිභඞ්ගො” විනයද ප්‍රගුණ නොවූයේය. “ව්‍යඤ්ජනච්ඡායාය අත්‍ථං පටිබාහති” ව්‍යඤ්ජනය පමණක් ගෙණ අර්‍ත්‍ථය වළකාලන්නේය රන්රිදී කෙත්වත් පිළිගැනීම් ආදියෙහි විනයධර භික්‍ෂූන් විසින් ඇවැත් හෙතුකොට ගෙන කරණු ලබන්නන් දැක ‘කිම, මොවුන් ඇවැත හෙතුකොටගෙණ කරවහුද, “ජාතරූපරජතපටිග්ගහණා පටිචිරතො හොති”යි මෙසේ සූත්‍රයෙහි වෙසෙසින් වැළකීම් මාත්‍රයෙක්ම වදාරණ ලද්දේ නොවේද, මෙහි ඇවැතක් නැත්තේයයි කියයි. අන්‍ය ධර්‍මකථිකයෙක් සූත්‍රය ආබැවින් සිවුරු කොන් එල්වා අඳින්නවුන්ට ඇවැත නගන කල්හි ‘කිම, මොවුන්ට ඇවැත නගවුද, ‘පරිමණ්ඩලං නිවාසෙස්සමීති සික්‍ඛා කරණීයා’යි මෙසේ මෙහි ශික්‍ෂාකරණමාත්‍රයෙක්ම වදාරණ ලද්දේ නොවේද, මෙහි ඇවතෙක් නැතැයි කියයි.

යථා බහුතරා භික‍්ඛූති එත්‍ථ එකෙනපි අධිකා බහුතරාව කො පන වාදො ද‍්වීහි තීහීති.

“යථා බහුතරා භික්‍ඛු” මෙහි එක් භික්‍ෂු නමකගෙන් වැඩි වූවාහු ඉතා බොහෝ වූවාහුමය. දෙතුන් නමකගෙන් වැඩි වූවාහු නම් කියනුම කවරේද,

අධිකරණවූපසමනසමථකථා නිට‍්ඨිතා.

තිවිධසලාකග‍්ගාහකථා

තිවිධසලාකග්ගාහකථා

සඤ‍්ඤත‍්තියාති සඤ‍්ඤාපනත්‍ථාය. ගූළ‍්හකන‍්තිආදීසු අලජ‍්ජුස‍්සන‍්නාය පරිසාය ගූළ‍්හකො සලාකග‍්ගාහො කාතබ‍්බො, ලජ‍්ජුස‍්සන‍්නාය පරිසාය විවටකො, බාලුස‍්සන‍්නාය සකණ‍්ණජප‍්පකො. වණ‍්ණාවණ‍්ණායො කත්‍වාති ධම‍්මවාදීනඤ‍්ච අධම‍්මවාදීනඤ‍්ච සලාකායො නිමිත‍්තසඤ‍්ඤං ආරොපෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං විසභාගා කාතබ‍්බා. තතො තා සබ‍්බාපි චීවරභොගෙ කත්‍වා වුත‍්තනයෙන ගාහෙතබ‍්බා. දුග‍්ගහොති පච‍්චුක‍්කඩ‍්ඪිතබ‍්බන‍්ති “දුග‍්ගහිතා සලාකායො”ති වත්‍වා පුන ගහෙත්‍වා යාවතතියං ගාහෙතබ‍්බා. සුග‍්ගහොති සාවෙතබ‍්බන‍්ති එකස‍්මිම‍්පි ධම‍්මවාදිම‍්හි අතිරෙකජාතෙ “සුග‍්ගහිතා සලාකායො”ති සාවෙතබ‍්බං. යථා ච තෙ ධම‍්මවාදිනො වදන‍්ති තථා තං අධිකරණං වූපසමෙතබ‍්බන‍්ති. අථ යාවතතියම‍්පි අධම‍්මවාදිනොව බහුතරා හොන‍්ති, අජ‍්ජ “අකාලො, ස‍්වෙ ජානිස‍්සාමා”ති වුට‍්ඨහිත්‍වා අලජ‍්ජීනං පක‍්ඛභෙදත්‍ථාය ධම‍්මවාදිපක‍්ඛං පරියෙසිත්‍වා පුනදිවසෙ සලාකග‍්ගාහො කාතබ‍්බො. අයං ගූළ‍්හකො සලාකග‍්ගාහො.

“සඤ්ඤත්තියා” අවබෝධ කරවීම පිණිසය. හැඟවීම පිණිසය. “ගූළ්හකං” යනාදිතන්හි අලජ්ජීන් උත්සන්නවූ පිරිසෙහි වැසූ සීට්ටු ගැන්වීම කටයුතුය. ලජ්ජීන් උත්සන්න පිරිසෙහි නොවැසු විවෘත වූ සීට්ටු ගැන්වීම කටයුතුය. අඥයන් උත්සන්න පිරිසෙහි කණට කොඳුරා කීමෙන්යුත් සලාක ගැන්වීම කටයුතුය. “වණ්ණාවණ්ණයො කත්‍වා” ධර්‍මවාදීන්ගේද අධර්‍මවාදීන්ගේද සලාක (සීට්ටු) නිමිත්ත සංඥාවට නගා හෙවත් කුදුමහත් අයුරට නගා ඔවුනොවුන් විසභාග කටයුත්තාහ. ඉක්බිති සියලුම සලාක සිවුරු කොන් නමා එහි මැද තබා කියූ නයින්ම ගැන්විය යුත්තාහ. “දුග්ගහොති පච්චුකඩ්ඪිතබ්බං” අධර්‍මවාදීහු බොහෝ වෙත්නම්, සලාකයෝ වැරදි ලෙසට ගන්නා ලදහ’යි කියා දුන් සලාක නැවැත ඔවුන් අතින් ගෙන තුන්යලක් දක්වා ගැන්විය යුතුය. “සුග්ගහොති සාවෙතබ්බං” එක් ධර්‍මවාදියකු වැඩි වූ කල්හි සලාකයෝ නිවැරදි ලෙසට මොනවට ගන්නා ලදහ’යි ඇස්විය යුතුය. ධර්‍මවාදීහු යම්සේ කියත්නම් ඒ අධිකරණය එසේ සන්සිඳවිය යුතුය. එකල්හි තුන්යලක් දක්වාද, අධර්‍මවාදීහු ඉතා වැඩිවෙත් නම් ‘අද කල් නොවන්නේය, හෙට දැන ගන්නෙමු’යි නැගිට අලජ්ජීන්ගේ පක්‍ෂය බිඳිනු පිණිස ධර්‍මවාදී පක්‍ෂයක් සොයාගෙන දෙවන දවසෙහි සලාක ගැන්වීම කටයුතුය. මෙය වැසූ සීට්ටු ගැන්වීමය.

සකණ‍්ණජප‍්පකෙ පන ගහිතෙ වත‍්තබ‍්බොති එත්‍ථ සචෙ සඞ‍්ඝත්‍ථෙරො අධම‍්මවාදිසලාකං ගණ‍්හාති, සො එවං අවබොධෙතබ‍්බො – “භන‍්තෙ, තුම‍්හෙ මහල‍්ලකා වයොඅනුප‍්පත‍්තා, තුම‍්හාකං එතං න යුත‍්තං, අයං පන ධම‍්මවාදිසලාකා”ති අස‍්ස ඉතරා සලාකා දස‍්සෙතබ‍්බා. සචෙ සො තං ගණ‍්හාති, දාතබ‍්බා. අථ නෙව අවබුජ‍්ඣති, තතො “මා කස‍්සචි ආරොචෙහී”ති වත‍්තබ‍්බො. සෙසං වුත‍්තනයමෙව. විවටකො විවටත්‍ථොයෙව.

සකණ්ණජප්පක සලාක ගැන්වීමෙහි වනාහි “ගහිතෙ වත්තබ්බො” යන මෙහි ඉදින් සඞ්ඝස්ථවිර තෙමේ අධර්‍මවාදීන්ගේ සලාකය ගණීද, හෙතෙමේ ‘ස්වාමීනි’ යුෂ්මත්හු මහලුවහුය. වැඩිවයසට පැමිණියහුය. යුෂ්මත්හට මේ නොසුදුසුය. මේ වනාහි ධර්‍මවාදීන්ගේ සලාකැයි මෙසේ අවබෝධ කරවිය යුතුය. ඔහුට අනික් ධර්‍මවාදීන්ගේ සලාක දැක්විය යුතුය. ඉදින් හෙතෙමේ එය ගණීනම් දිය යුතුය. තවද අවබෝධ නොමකෙරේද, ඉන්පසු කිසිවක්හට නොකියවයි කියයුතුය. සෙස කියූනය ඇත්තේමය. නොවැසූ ප්‍රකට වූ සලාක ගැන්වීම් විවෘතාර්‍ත්‍ථ ඇත්තේමය.

තිවිධසලාකග‍්ගාහකථා නිට‍්ඨිතා.

තස‍්සපාපියසිකාවිනයකථා

තස්සපාපියසිකාවිනයකථා

පාරාජිකසාමන‍්තං වාති එත්‍ථ මෙථුනධම‍්මෙ පාරාජිකසාමන‍්තං නාම දුක‍්කටං හොති. අදින‍්නාදානාදීසු ථුල‍්ලච‍්චයං. නිබ‍්බෙඨෙන‍්තන‍්ති “න සරාමී”ති වචනෙන නිබ‍්බෙඨයමානං. අතිවෙඨෙතීති “ඉඞ‍්ඝායස‍්මා”තිආදිවචනෙහි අතිවෙඨියති. සරාමි ඛො අහං ආවුසොති පාරාජිකපටිච‍්ඡාදනත්‍ථාය එවං පටිජානාති. පුන තෙන අතිවෙඨියමානො “සරාමි ඛො”ති පටිඤ‍්ඤං දත්‍වා “ඉදානි මං නාසෙස‍්සන‍්තී”ති භයෙන “දවාය මෙ”තිආදිමාහ. එතස‍්ස තස‍්සපාපියසිකාකම‍්මං කාතබ‍්බං. සචෙ සීලවා භවිස‍්සති, වත‍්තං පරිපූරෙත්‍වා පටිප‍්පස‍්සද‍්ධිං ලභති, නො චෙ තථා නාසිතකොව භවිස‍්සති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

“පාරාජිකසාමන්තං” යන මෙහි මෛථුන ධර්‍මයෙහි පාරාජිකයට ලංවූයේ නම් දුක්කටය වේ. අදත්තාදානාදීන්හි ථුල්ලවච්චය වේ. “නිබ්බෙඨෙනතං” ‘න සරාමි’ යන වචනයෙන් නිර්‍වෙධනය කරනු ලබන්නහු. “අතිවෙඨෙති” “ඉඞ්ඝායස්මා” යනාදි වචනයන්ගෙන් තදින් වෙළාද “සරාමි ඛො අහං ආවුසො” යනු පාරාජිකය වසනු පිණිස මෙසේ පිළිදන්වාද, නැවත ඔහු විසින් තදින් වෙළනු ලබන්නේ ‘සිහිකරමි’යි පිළිණදී ‘දැන් මා නසන්නාහ’ යන බියෙන් “දවා මෙ” යනාදිය කීයේය. මෙසේ සඟමැද චෝදනාකොට ඇවැතට පැමිණියේ සැබෑදැයි විචාළ කල්හි අනිකක් කියා සඞ්ඝයා වෙහෙසානම් ඒ මහණහුට තස්සපාපිය්‍යසිකා කර්‍මය කටයුතුය. ඉදින් සිල්වත් වන්නේනම් පැමිණි සඟවෙසෙසට නිසිවත පුරා සහනය ලබන්නේය. වත නොපුරා නම් එසේ නසන ලද්දෙක්ම වන්නේය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

තස‍්සපාපියසිකාවිනයකථා නිට‍්ඨිතා.

සමථක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

සමථක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.