තිණවත්ථාරකාදිකථා අට්ඨකථා
තිණවත්ථාරකාදිකථා
තිණවත්ථාරකාදිකථා
කක්ඛළත්තාය වාළත්තායාති කක්ඛළභාවාය චෙව වාළභාවාය ච. භෙදායාති සඞ්ඝභෙදාය. සබ්බෙහෙව එකජ්ඣන්ති කස්සචි ඡන්දං අනාහරිත්වා ගිලානෙපි තත්ථෙව ආනෙත්වා එකතො සන්නිපතිතබ්බං. තිණවත්ථාරකෙන වූපසමෙය්යාති එත්ථ ඉදං කම්මං තිණවත්ථාරකසදිසත්තා “තිණවත්ථාරකො”ති වුත්තං. යථා හි ගූථං වා මුත්තං වා ඝට්ටියමානං දුග්ගන්ධතාය බාධති, තිණෙහි අවත්ථරිත්වා සුප්පටිච්ඡාදිතස්ස පනස්ස සො ගන්ධො න බාධති; එවමෙව යං අධිකරණං මූලානුමූලං ගන්ත්වා වූපසමියමානං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තති, තං ඉමිනා කම්මෙන වූපසන්තං ගූථං විය තිණවත්ථාරකෙන පටිච්ඡන්නං සුවූපසන්තං හොතීති ඉදං කම්මං තිණවත්ථාරකසදිසත්තා “තිණවත්ථාරකො”ති වුත්තං.
“කක්ඛළත්තාය වාළත්තාය” කර්කශභාවය පිණිසද ව්යාලභාවය පිණිසද “භෙදාය” සඞ්ඝභෙදය පිණිස “සබ්බහෙව එකජ්ඣං” කිසිවක්හුගේ ඡන්දය නොගෙණ ගිලනුන්ද එහිම ගෙණ අවුත් එකට රැස්විය යුතුය. “තිණවත්ථාරකෙන වූපසමෙය්ය” මෙහි මේ කර්මය තිණවත්ථාරකයක් සමාන බැවින් තිණවත්ථාරකැයි වදාරණ ලදී. යම්සේ ගූථය හෝ මූත්රය හෝ ගටනු ලබන්නේ දුගද බැවින් පෙළාද, එපරිද්දෙන්ම යම් අධිකරණයක් මූලානුමූලයට ගොස් සන්සිඳුවනු ලබන්නේ කර්කශභාවය පිණිස ව්යාලභාවය පිණිස සඞ්ඝභෙදය පිණිස පවතීද, ඒ අධිකරණය මේ කර්මයෙන් සන්සිඳුනේ ගූථයක් මෙන් පිළිසන්වූයේ සන්සිඳුනේ වේය’යි මේ කර්මය තිණවත්ථාරකයක් සමාන බැවින් තිණවත්ථාරකැයි වදාරණ ලදී.
ථුල්ලවජ්ජන්ති පාරාජිකඤ්චෙව සඞ්ඝාදිසෙසඤ්ච. ගිහිපටිසංයුත්තන්ති ගිහීනං හීනෙන ඛුංසනවම්භනධම්මිකපටිස්සවෙසු ආපන්නං ආපත්තිං.
“ථුල්ලවජ්ජං” පාරාජිකාපත්තියද, සඞ්ඝාදිසෙසාපත්තියද. “ගිහීපටි සංයුත්තං” ගිහින්ට ලාමකබැවින් කුලමලකීම, ගැරහීම, දැහැමි යමක් පැවැත්ම යන මොවුන් අතුරෙහි පැමිණි ඇවැත.
එවඤ්ච පන භික්ඛවෙ තෙ භික්ඛූ තාහි ආපත්තීහි වුට්ඨිතා හොන්තීති එවං තිණවත්ථාරකකම්මවාචාය කතාය කම්මවාචාපරියොසානෙ යත්තකා තත්ථ සන්නිපතිතා අන්තමසො සුත්තාපි සමාපන්නාපි අඤ්ඤවිහිතාපි සබ්බෙ තෙ භික්ඛූ යාව උපසම්පදමණ්ඩලතො පට්ඨාය ථුල්ලවජ්ජඤ්ච ගිහිපටිසංයුත්තඤ්ච ඨපෙත්වා අවසෙසා ආපත්තියො ආපන්නා, සබ්බාහි තාහි ආපත්තීහි වුට්ඨිතා හොන්ති. යෙ පන “න මෙතං ඛමතී”ති අඤ්ඤමඤ්ඤං දිට්ඨාවිකම්මං කරොන්ති, තෙහි වා සද්ධිං ආපත්තිං ආපජ්ජිත්වාපි තත්ථ අනාගතා, ආගන්ත්වා වා ඡන්දං දත්වා පරිවෙණාදීසු නිසින්නා, තෙ ආපත්තීහි න වුට්ඨහන්ති. තෙන වුත්තං – “ඨපෙත්වා දිට්ඨාවිකම්මං ඨපෙත්වා යෙ න තත්ථ හොන්තී”ති.
“එවඤ්ච පන භික්ඛවෙ තෙ භික්ඛූ තාහි ආපත්තීහි වුට්ඨිතා හොන්ති” මෙසේ තිණවත්ථාරක කර්මවාක්යය කළකල්හි කර්මවාක්යයාගේ කෙළවර යම් පමණ භික්ෂූහු එහි රැස්වූවාහුද යටත්පිරිසෙයින් නිදිගත්තාහුද ඒ ඒ ක්රියාවන්ට පැමිණියාහුද, අන්යවිහිත වූවාහුද ඒ සියලු භික්ෂූහු උපසම්පදා මාළකයෙහි පටන් ථුල්ලවජ්ජ ගිහි පටිසංයුත්තද හැර සෙසු ආපත්තීන්ට පැමිණියාහුද ඒ සියලු ඇවැතින් නැගීසිටියාහු වෙත්. යම් කෙනෙක් ‘මට මෙය නොරුස්නේය’යි ඔවුනොවුන් දෘෂ්ටි ප්රකාශය කෙරෙත්ද, නොහොත් ඔවුන් සමග ඇවතට පැමිණද එහි නොආවාහුද අවුත් ඡන්දය දී පිරිවෙන් ආදියෙහි හුන්නහු හෝ වෙත්ද, ඔවුහු ඇවතින් නොනැගිටිත්. එහෙයින් “ඨපෙත්වා දිට්ඨාවිකම්මං ඨපෙත්වා යෙ න තත්ථ හොන්ති” යනු වදාරණ ලදී.
තිණවත්ථාරකාදිකථා නිට්ඨිතා.