යෙදුමෙන් කියවන්න

ඛුද‍්දකවත්‍ථුක‍්ඛන්‍ධකං අට‍්ඨකථා

ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධක වර්‍ණනාව

ඛුද‍්දකවත්‍ථුකථා

ඛුද්දකවත්ථුකථා

ඛුද‍්දකවත්‍ථුක‍්ඛන්‍ධකෙ – මල‍්ලමුට‍්ඨිකාති මුට‍්ඨිකමල‍්ලා. ගාමමුද‍්දවාති ඡවිරාගමණ‍්ඩනානුයුත‍්තා නාගරිකමනුස‍්සා. ගාමමොද‍්දවාතිපි පාඨො; එසෙවත්‍ථො. ථම‍්භෙති න‍්හානතිත්‍ථෙ නිඛණිත්‍වා ඨපිතත්‍ථම‍්භෙ.

ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධකයෙහි “මල්ලමුට්ඨිකා” මුට්ඨිකමල්ලයෝ. “ගාමූපද්දවා” ඡවිරාග කිරීමෙන් සිරුරු සැරසීමෙහි යෙදුණු නාගරික මනුෂ්‍යයෝ. “ගාමූපද්දවා”යිද පාඨය වේ. මෙහි ඒ අර්‍ත්‍ථයම වේ. “ථම්හෙ” නාන තොටෙහි බිම තැන සිටුවනලද ටැඹෙහි.

කුට‍්ටෙති ඉට‍්ඨකාසිලාදාරුකුට‍්ටානං අඤ‍්ඤතරස‍්මිං. අට‍්ටානෙ න‍්හායන‍්තීති එත්‍ථ අට‍්ටානං නාම රුක‍්ඛං ඵලකං විය තච‍්ඡෙත්‍වා අට‍්ඨපදාකාරෙන රාජියො ඡින්‍දිත්‍වා න‍්හානතිත්‍ථෙ නිඛණන‍්ති, තත්‍ථ චුණ‍්ණානි ආකිරිත්‍වා මනුස‍්සා කායං ඝංසන‍්ති. ගන්‍ධබ‍්බහත්‍ථකෙනාති න‍්හානතිත්‍ථෙ ඨපිතෙන දාරුමයහත්‍ථෙන, තෙන කිර චුණ‍්ණානි ගහෙත්‍වා මනුස‍්සා සරීරං ඝංසන‍්ති . කුරුවින්‍දකසුත‍්තියාති කුරුවින්‍දකපාසාණචුණ‍්ණානි ලාඛාය බන්‍ධිත්‍වා කතගුළිකකලාපකො වුච‍්චති, තං උභොසු අන‍්තෙසු ගහෙත්‍වා සරීරං ඝංසන‍්ති. විග‍්ගය‍්හ පරිකම‍්මං කාරාපෙන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං සරීරෙන සරීරං ඝංසන‍්ති. මල‍්ලකං නාම මකරදන‍්තකෙ ඡින්‍දිත්‍වා මල‍්ලකමූලසණ‍්ඨානෙන කතං මල‍්ලකන‍්ති වුච‍්චති, ඉදං ගිලානස‍්සාපි න වට‍්ටති.

“කුඩ්ඩෙ” ගඩොල් ගල් දැව යන මෙයින්කළ බිත්ති අතුරෙහි එක්තරා එකෙක්හි. “අට්ඨානෙ නහායන්ති” මෙහි අට්ඨාන නම් රුකක් පුවරුවක් මෙන් සැස අෂ්ටපදාකාරයෙන් රෙඛා සිඳ නානතොටෙහි කැන සිටුවත්, එහි නානසුණු වගුරුවා මිනිස්සු කය උලත්. “ගන්‍ධබ්බහත්‍ථෙන” නානතොටෙහි තැබූ දැවයෙන් කළ අතින්. ඒ අතින් සුණු ගෙණ මිනිස්සු ඇඟෙහි ගා ගණිත් “කුරුවින්‍දිකසුත්තියා” කුරුදු නම් ගල්කුඩු ලාකඩ හා එක්කොට කළ ගුලිමිටි කියනු ලැබේ. ඒ ගුලිමිටිය දෙකොණින් අල්ලාගෙන සිරුර ගටත්. “විග්ගය්ග පරිකම්මං කාරාපෙන්ති” ඔවුනොවුන් සිරුරෙන් සිරුර ගටත්. “මල්ලක” නම් මුවරදත් සිඳ කෙළමලා අඩියක සටහනින් කළ මළාවැයි කියනු ලැබේ. මේ මළාව ගිලන්හටද නොදුසුය.

අකතමල‍්ලකං නාම දන‍්තෙ අච‍්ඡින්‍දිත්‍වා කතං, ඉදං අගිලානස‍්සෙව න වට‍්ටති; ඉට‍්ඨකාඛණ‍්ඩං පන කපාලඛණ‍්ඩං වා වට‍්ටති. උක‍්කාසිකන‍්ති වත්‍ථවට‍්ටිං; තස‍්මා න‍්හායන‍්තස‍්ස යස‍්ස කස‍්සචි න‍්හානසාටකවට‍්ටියා පිට‍්ඨිං ඝංසිතුං වට‍්ටති. පුථුපාණිකන‍්ති හත්‍ථපරිකම‍්මං වුච‍්චති, තස‍්මා සබ‍්බෙසං හත්‍ථෙන පිට‍්ඨිපරිකම‍්මං කාතුං වට‍්ටති.

“අකතමල්ලක” නම් දත් නොසිඳ කරණ ලද්දය. මෙය නොගිලන්හට නොවටියි. ගඩොල් කඩක් හෝ කබල් කඩක් හෝ වටියි. “උක්කාසිකං” යනු රෙදිවැටියය. එහෙයින් ස්නානය කරන යම් කිසිවක්හුගේ නානරෙදි වැටියෙන් පිටඉලීම වටියි. “පුථුපාණිකං”යි අත්පිරියම් කියනු ලැබේ. එහෙයින් මිට නොමොලොවා අතින් පිරියම් කිරීම සියල්ලන්ට වටියි.

වල‍්ලිකාති කණ‍්ණතො නික‍්ඛන‍්තමුත‍්තොලම‍්බකාදීනං එතං අධිවචනං; න කෙවලඤ‍්ච වල‍්ලිකා එව, යංකිඤ‍්චි කණ‍්ණපිළන්‍ධනං අන‍්තමසො තාලපණ‍්ණම‍්පි න වට‍්ටති. පාමඞ‍්ගන‍්ති යංකිඤ‍්චි පලම‍්බකසුත‍්තං. කණ‍්ඨසුත‍්තකන‍්ති යංකිඤ‍්චි ගීවූපගආභරණං. කටිසුත‍්තකන‍්ති යංකිඤ‍්චි කටිපිළන්‍ධනං අන‍්තමසො සුත‍්තතන‍්තුමත‍්තම‍්පි. ඔවට‍්ටිකන‍්ති වලයං. කායූරාදීනි පාකටානෙව, අක‍්ඛකානං හෙට‍්ඨා බාහාභරණං යංකිඤ‍්චි ආභරණං න වට‍්ටති.

“වල්ලිකා” යනු කණින් නික්මුනු මුතුවැල් ආදීන්ට මේ නමෙකි. හුදෙක් මුතුවැලම නොවේ. යම්කිසි කන්පලඳනාවක්වේද, යටත්පිරිසෙයින් තල්පතක් නමුදු නොවටියි. “පාමඞ්ගං” බමුණන් යාග පිණිස එල්ලන හූ ආකාරයෙන් එල්ලනහූය. “කණ්ඨසුත්තකං” බෙල්ලෙහි පලඳින යම්කිසි ආභරණයෙකි. “කටිසුත්තකං” කටියෙහි පලදින යම් කිසිවෙකි. යටත් පිරිසයින් හූතත් පමණකුදු වේ. “ඔවට්ටිකං” අත්පාවළලු කෙයුර ආදිය ප්‍රකටමය. යම්කිසි ආභරණයක් නොවටියි.

දුමාසිකං වා දුවඞ‍්ගුලං වාති එත්‍ථ සචෙ කෙසා අන‍්තොද‍්වෙමාසෙ ද‍්වඞ‍්ගුලං පාපුණන‍්ති, අන‍්තොද‍්වෙමාසෙව ඡින්‍දිතබ‍්බා. ද‍්වඞ‍්ගුලෙහි අතික‍්කාමෙතුං න වට‍්ටති. සචෙපි න දීඝා, ද‍්වෙමාසතො එකදිවසම‍්පි අතික‍්කාමෙතුං න වට‍්ටතියෙව; එවමයං උභයෙනපි උක‍්කට‍්ඨපරිච‍්ඡෙදොව වුත‍්තො, තතො ඔරං පන නවට‍්ටනභාවො නාම නත්‍ථි.

“දුමාසිකං වා දුවඞ්ගුලං වා” ඉදින් කෙස් දෙමසක් තුළ දෙයඟුලක් වැඩී සිටියේද, සිඳිය යුතුය. දෙයඟුල ඉක්මවීම නොවටියි. ඉදින් දිග් නොවූයේද, දෙමසට වඩා එක් දවසකුදු ඉක්මවීම නොලබාමය. මෙසේ දෙකින්ම ඉහලට පිරිසිඳීම වදාරණ ලද්දේය. ඉන් මෙපිට නොවටිනබවෙක් නම් නැත්තේය.

කොච‍්ඡෙන ඔසණ‍්ඨෙන‍්තීති කොච‍්ඡෙන ඔලිඛිත්‍වා සන‍්නිසීදාපෙන‍්ති. ඵණකෙනාති දන‍්තමයාදීසු යෙන කෙනචි. හත්‍ථඵණකෙනාති හත්‍ථෙනෙව ඵණකිච‍්චං කරොන‍්තා අඞ‍්ගුලීහි ඔසණ‍්ඨෙන‍්ති. සිත්‍ථතෙලකෙනාති මධුසිත්‍ථකනිය්‍යාසාදීසු යෙන කෙනචි චික‍්කලෙන. උදකතෙලකෙනාති උදකමිස‍්සකෙන තෙලෙන. මණ‍්ඩනත්‍ථාය සබ‍්බත්‍ථ දුක‍්කටං, උද‍්ධලොමෙන පන අනුලොමනිපාතනත්‍ථං හත්‍ථං තෙමෙත්‍වා සීසං පුඤ‍්ඡිතබ‍්බං. උණ‍්හාභිතත‍්තරජසිරානම‍්පි අල‍්ලහත්‍ථෙන පුඤ‍්ඡිතුං වට‍්ටති.

“කොච්ඡෙන ඔසණ්හෙන්ති” තෙත්කොට පනාවෙන් පීරා සමකොට හිඳුවත්. “එණෙන” දත් ආදියෙන් කරණ ලද්දවුන් අතුරෙහි යම් කිසිවකින්. “හත්‍ථඵණෙන” අතින්ම පිරීම් කිස කරන්නාහු ඇඟිලිවලින් පීරත්. “සිත්‍ථතෙලකෙන” මීඉටි මැලියම් ආදීන් අතුරෙහි කෙස් එක්වන කැටිවන යම්කිසිවකින්. “උදකතෙලකෙන” දියමුසු තෙලින් පනාවෙන් කෙස් පීරානැමීම් ආදීවූ සියලු ක්‍රියා සැරසීම පිණිස කිරීම නිමිතිකොට සියලු තන්හි දුක්කටය වේ. උඩුකුරුවූ ලොම් ඇතියහු විසින් ලොම් පහතට හෙලීම පිණිස අත තෙමා හිස පිසිදැමිය යුතුය. උෂ්ණයෙන් රත්වූ රජසින්යුත් හිස් ඇත්තන්හට තෙත් අතින් පිසදැමීම වටියි.

න භික‍්ඛවෙ ආදාසෙ වා උදකපත‍්තෙ වාති එත්‍ථ කංසපත‍්තාදීනිපි යෙසු මුඛනිමිත‍්තං පඤ‍්ඤායති, සබ‍්බානි ආදාසසඞ‍්ඛමෙව ගච‍්ඡන‍්ති. කඤ‍්ජියාදීනිපි ච උදකපත‍්තසඞ‍්ඛමෙව. තස‍්මා යත්‍ථ කත්‍ථචි ඔලොකෙන‍්තස‍්ස දුක‍්කටං. ආබාධපච‍්චයාති “සඤ‍්ඡවි නු ඛො මෙ වණො, උදාහු න තාවා”ති ජානනත්‍ථං; “ජිණ‍්ණො නු ඛොම‍්හි නො”ති එවං ආයුසඞ‍්ඛාරං ඔලොකනත්‍ථම‍්පි වට‍්ටතීති වුත‍්තං.

“න භික්‍ඛවෙ ආදාසෙ වා උදකපත්තෙ වා” මෙහි ලොහොතලි ආදියද සඞ්ග්‍රහ කරයි. යමෙක්හි මුවසටහන පෙනේද, ඒ සියල්ල කැඩපත් ගණනටම යන්නාහ. එහෙයින් යම්කිසිතැනෙක මුවසටහන බලන මහණහුට දුක්කටය වේ. “ආබාධප්පච්චයා” මාගේ වණය සිවිසහිතද, නොහොත් මෙතෙක් සිවිසහිත නොවූයේදැයි දැනගැනීම පිණිස, ‘මම දිරාගියෙම් වෙම්ද, දිරාගියේ නොවූයෙම්දැ’යි මෙසේ ආයුසංස්කාරය බලන පිණිසද, වටීයයි කියන ලදී.

මුඛං ආලිම‍්පන‍්තීති විප‍්පසන‍්නඡවිරාගකරෙහි මුඛාලෙපනෙහි ආලිම‍්පන‍්ති. උම‍්මද‍්දෙන‍්තීති නානාඋම‍්මද‍්දනෙහි උම‍්මද‍්දෙන‍්ති. චුණ‍්ණෙන‍්තීති මුඛචුණ‍්ණකෙන මක‍්ඛෙන‍්ති. මනොසිලිකාය මුඛං ලඤ‍්ඡෙන‍්තීති මනොසිලාය තිලකාදීනි ලඤ‍්ඡනානි කරොන‍්ති, තානි හරිතාලාදීහිපි න වට‍්ටන‍්තියෙව. අඞ‍්ගරාගාදයො පාකටායෙව. සබ‍්බත්‍ථ දුක‍්කටං.

“මුඛං ආලිම්පන්ති” වෙසෙසින් පහන්සිවිපැහැය කරන්නාවූ මුඛාලෙපයන්ගෙන් ආලෙප කරත්. “උම්මද්දෙන්ති” නොයෙක් වත්සුණුවලින් මුහුණ තවරත්. “චුණ්ණෙන්ති” මුඛචූර්‍ණය ආලෙප කරත්. “මනොසීලිකාය මුඛං ලඤ්චෙඡන්ති” රත්සිරියෙලින් තිලකාදී ලකුණු කරත්. ඒ තිලකාදිය සිරියල් ආදියෙන් කිරීමද නොවටීමය. අඞ්ගරාගාදීහු ප්‍රකටමය. සියලු තන්හි දුක්කටය වේ.

න භික‍්ඛවෙ නච‍්චං වාතිආදීසු යංකිඤ‍්චි නච‍්චං අන‍්තමසො මොරනච‍්චම‍්පි දස‍්සනාය ගච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං. සයම‍්පි නච‍්චන‍්තස‍්ස වා නච‍්චාපෙන‍්තස‍්ස වා දුක‍්කටමෙව. ගීතම‍්පි යංකිඤ‍්චි නටගීතං වා සාධුගීතං වා අන‍්තමසො දන‍්තගීතම‍්පි “යං ගායිස‍්සාමා”ති පුබ‍්බභාගෙ ඔකූජන‍්තා කරොන‍්ති, එතම‍්පි න වට‍්ටති. සයං ගායන‍්තස‍්සාපි ගායාපෙන‍්තස‍්සාපි දුක‍්කටමෙව. වාදිතම‍්පි යංකිඤ‍්චි න වට‍්ටති. යං පන නිට‍්ඨුභන‍්තො වා සාසඞ‍්කෙ වා ඨිතො අච‍්ඡරිකං වා ඵොටෙති , පාණිං වා පහරති, තත්‍ථ අනාපත‍්ති. සබ‍්බං අන‍්තරාරාමෙ ඨිතස‍්ස පස‍්සතො අනාපත‍්ති. “පස‍්සිස‍්සාමී”ති විහාරතො විහාරං ගච‍්ඡන‍්තස‍්ස ආපත‍්තියෙව. ආසනසාලාය නිසින‍්නො පස‍්සති, අනාපත‍්ති. “පස‍්සිස‍්සාමී”ති උට‍්ඨහිත්‍වා ගච‍්ඡතො ආපත‍්ති. වීථියං ඨත්‍වා ගීවං පරිවත‍්තෙත්‍වා පස‍්සතොපි ආපත‍්තියෙව.

“න භික්‍ඛවෙ නච්චං වා” යනාදිතන්හි යම්කිසි නාට්‍යයෙක් වේ. යටත්පිරිසෙයින් මොනර නැටුමද දකිනු පිණිස යන්නාවූ මහණහුට දුක්කටය වේ. තමන් නටන්නහුට නටවන්නහුටද දුක්කටයම වේ. ගීතයද යම්කිසි නැටුමෙක්හි වූ ගීතයක් හෝ අනිත්‍යාදි ප්‍රතිසංයුක්ත ගීතයක් හෝ යටත් පිරිසෙයින් දන්තගීතයක් හෝ ගායනා කරන්නෙමු’යි පූර්‍වභාගයෙහි ශබ්දකරමින් කරත්ද, මෙද නොවටටියි. තමන් ගායනා කරන්නහුටද ගායනා කරවන්නහුටද දුක්කටයම වේ. වාදිතයද යම් කිසිවක් නොවටියි. යම් දියක් මුඛයට ගෙණ මුදන්නේ හෝ සැකසහිත තැනක සිටියේ හෝ අසුරු හෝ ගසාද අත්ල හෝ ගසාද එහි ඇවැත් නොවේ. ආරාමය තුළ සිට බලන මහණහුට ඇවැත් නොවේ. බලන්නෙමියි විහාරයකින් විහාරයකට යන මහණහුට ඇවැත්වේමය. අසුන්හලෙහි හුන්නේ දකීද, ඇවැත් නොවේ. බලන්නෙමියි නැගිට යන්නහුට ඇවැත් වේ. වීථියෙහි සිට බෙල්ල හරවා බලන්නහුටද ඇවැත්වේමය.

සරකුත‍්තින‍්ති සරකිරියං. භඞ‍්ගො හොතීති අලද‍්ධං උප‍්පාදෙතුං න සක‍්කොති; ලද‍්ධං සමාපජ‍්ජිතුං. පච‍්ඡිමා ජනතාති අම‍්හාකං ආචරියාපි උපජ‍්ඣායාපි එවං ගායිංසූති පච‍්ඡිමො ජනො දිට‍්ඨානුගතිං ආපජ‍්ජති; තථෙව ගායති. න භික‍්ඛවෙ ආයතකෙනාති එත්‍ථ ආයතකො නාම තං තං වත‍්තං භින්‍දිත්‍වා අක‍්ඛරානි විනාසෙත්‍වා පවත‍්තො. ධම‍්මෙ පන සුත‍්තන‍්තවත‍්තං නාම අත්‍ථි, ජාතකවත‍්තං නාම අත්‍ථි, ගාථාවත‍්තං නාම අත්‍ථි, තං විනාසෙත්‍වා අතිදීඝං කාතුං න වට‍්ටති. චතුරස‍්සෙන වත‍්තෙන පරිමණ‍්ඩලානි පදබ්‍යඤ‍්ජනානි දස‍්සෙතබ‍්බානි. සරභඤ‍්ඤන‍්ති සරෙන භණනං. සරභඤ‍්ඤෙ කිර තරඞ‍්ගවත‍්තධොතකවත‍්තගලිතවත‍්තාදීනි ද‍්වත‍්තිංස වත‍්තානි අත්‍ථි. තෙසු යං ඉච‍්ඡති, තං කාතුං ලභති. සබ‍්බෙසං පදබ්‍යඤ‍්ජනං අවිනාසෙත්‍වා විකාරං අකත්‍වා සමණසාරුප‍්පෙන චතුරස‍්සෙන නයෙන පවත‍්තනංයෙව ලක‍්ඛණං.

“සරකුනති” හඬ නැගීම. “භඞ්ගො හොති” නොලත් සමාධිය ලබන්නට, ලද සමාධියට සමවදින්නට. “පච්ඡිමා ජනතා” අපගේ ආචාර්‍ය්‍යයෝද උපාද්ධ්‍යායයෝද මෙසේ ගායනා කළහ’යි පශ්චිම ජනතෙමේ දිට්ඨානුගතියට පැමිණේද එසේම ගායනා කරයි. “න භික්‍ඛවෙ ආයතකෙන” යන මෙහි ආයතක නම් ඒ ඒ වෘත්ත බිඳ අකුරු විනාශකොට පැවැත්තේය. ධර්‍මයෙහි වනාහි සූත්‍රාන්තවෘත්ත ඇත්තේය. ජාතකවෘත්ත ඇත්තේය. ගාථාවෘත්ත ඇත්තේය. එය විනාශකොට ඉතා දිග් කිරීම නොවටියි. පරිපූර්‍ණ උච්චාරණ වෘත්තයෙන් පිරිමඩුලු වූ පදබ්‍යඤ්ජන දැක්විය යුතුය. “සරභඤ්ඤං” ස්වරයෙන් බිණීමය. ස්වරයෙන් බිණීමෙහි තරඞ්ගවෘත්ත තරඞ්ගභෙදවෘත්ත ගලිතවෘත්තාදීවූ දෙතිස් වෘත්තයෙක් ඇත්තේය. ඒ වෘත්තයන් අතුරෙහි යමක් කැමැත්තේද, ඒ කිරීම ලබයි. සියල්ලන්ගේ පදබ්‍යඤ්ජන නොනසා විකාර නොකොට ශ්‍රමණ සාරුප්‍යයෙන් පරිපූර්‍ණ උච්චරණවෘත්තනයින් පැවැත්මම ලක්‍ෂණය වේ.

බාහිරලොමිං උණ‍්ණින‍්ති උණ‍්ණලොමානි බහි කත්‍වා උණ‍්ණපාවාරං පාරුපන‍්ති; තථා ධාරෙන‍්තස‍්ස දුක‍්කටං. ලොමානි අන‍්තො කත්‍වා පාරුපිතුං වට‍්ටති. සමණකප‍්පකථා භූතගාමසික‍්ඛාපදවණ‍්ණනායං වුත‍්තා.

“බාහිරලොමං උණ්ණිං” එළුලොම් බැහැරකොට එළුලොම් කම්බිලි පොරවත්. එසේ දරණ මහණහුට දුක්කටය වේ. ලොම් ඇතුල්කොට පෙරවීම වටියි. ශ්‍රමණාකල්පකථාව භූතගාම ශික්‍ෂා පදවර්‍ණනාවෙහි කියනලදී.

න භික‍්ඛවෙ අත‍්තනො අඞ‍්ගජාතන‍්ති අඞ‍්ගජාතං ඡින්‍දන‍්තස‍්සෙව ථුල‍්ලච‍්චයං. අඤ‍්ඤං පන කණ‍්ණනාසාඅඞ‍්ගුලිආදිං යංකිඤ‍්චි ඡින්‍දන‍්තස‍්ස තාදිසං වා දුක‍්ඛං උප‍්පාදෙන‍්තස‍්ස දුක‍්කටං. අහිකීටදට‍්ඨාදීසු පන අඤ‍්ඤආබාධපච‍්චයා වා ලොහිතං වා මොචෙන‍්තස‍්ස ඡින්‍දන‍්තස‍්ස වා අනාපත‍්ති.

“න භික්‍ඛවෙ අත්තනො අඞ්ගජාතං” තමාගේ අඞ්ගජාතය සිඳින මහණහුට ථුල්ලච්චය වේ. කන්නාස් ඇඟිලි ආදී වූ අන් යම්කිසිවක් සිඳින මහණහුට, මිට ආදියෙන් තැළීම් ආදී වූ එබඳු දුකක් හෝ උපදවන මහණහුට දුක්කටය වේ. සර්‍පයන් හා පණුවන් විසින් කළ දෂ්ට කිරීම් ආදිය ඇති කල්හි හෝ අන් ආබාධයක් හෙතුකොට හෝ ලේ මුදා හරින්නහුටද යම් සිරුරු අවයවයක් සිඳින්නහුටද ඇවැත් නොවේ.

චන්‍දනගණ‍්ඨි උප‍්පන‍්නා හොතීති චන්‍දනඝටිකා උප‍්පන‍්නා හොති. සො කිර උද‍්ධඤ‍්ච අධො ච ජාලානි පරික‍්ඛිපාපෙත්‍වා ගඞ‍්ගාය නදියා කීළති, තස‍්ස නදීසොතෙන වුය‍්හමානා චන්‍දනගණ‍්ඨි ආගන‍්ත්‍වා ජාලෙ ලග‍්ගා, තමස‍්ස පුරිසා ආහරිත්‍වා අදංසු; එවං සා උප‍්පන‍්නා හොති. ඉද‍්ධිපාටිහාරියන‍්ති එත්‍ථ විකුබ‍්බනිද‍්ධිපාටිහාරියං පටික‍්ඛිත‍්තං, අධිට‍්ඨානිද‍්ධි පන අප‍්පටික‍්ඛිත‍්තාති වෙදිතබ‍්බා.

“චන්‍දනගණ්ඨි උප්පන්නා හොති” සඳුන් ගැටයක් ලැබුනේ වේ. හෙතෙමේ වනාහි ගඟ ඉහලද ගඟ පහලද දැල්වටකරවා ගඞ්ගානම් නදියෙහි ක්‍රීඩා කරන්නේය. ගඟෙහි සැඩපහරින් ගසාගෙන යනු ලබන සඳුන් ගැටය අවුත් ඔහුගේ දැලෙහි ලැගුනේය. මේ රජගහනුවර සිටුහුගේ පුරුෂයෝ ඒ සඳුන් ගැටය ගෙණ අවුත් සිටුහට දුන්හ. ඒ සඳුන් ගැටය ලැබුනේ මෙසේ වේ. “ඉද්ධිපාටිහාරියං” මෙහි ප්‍රකෘතිරූපය හැර කුමාරස්වරූපාදිය මවන විකුර්‍වණ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය ප්‍රතික්‍ෂෙප කරණ ලද්දේය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්වා’ යනාදි විසින් ඉටන අධිෂ්ඨාන සෘද්ධිය ප්‍රතික්‍ෂෙප නොකරණ ලද්දේයයි දතයුතුය.

න භික‍්ඛවෙ සොවණ‍්ණමයො පත‍්තොතිආදීසු සචෙපි ගිහී භත‍්තග‍්ගෙ සුවණ‍්ණතට‍්ටිකාදීසු බ්‍යඤ‍්ජනං කත්‍වා උපනාමෙන‍්ති, ආමසිතුම‍්පි න වට‍්ටති. ඵලිකමයකාචමයකංසමයානි පන තට‍්ටිකාදීනි භාජනානි පුග‍්ගලිකපරිභොගෙනෙව න වට‍්ටන‍්ති, සඞ‍්ඝිකපරිභොගෙන වා ගිහිවිකටානි වා වට‍්ටන‍්ති. “තම‍්බලොහමයොපි පත‍්තොව න වට‍්ටති, ථාලකං පන වට‍්ටතී”ති ඉදං සබ‍්බං කුරුන්‍දියං වුත‍්තං. මණිමයොති එත්‍ථ පන ඉන්‍දනීලාදිමණිමයො වුත‍්තො. කංසමයොති එත්‍ථ වට‍්ටලොහමයොපි සඞ‍්ගහිතො.

“න භික්‍ඛවෙ සුවණ්ණමයො පත්තො” යනාදි තන්හි ඉදින් ගිහියෝ භත්තාග්‍රයෙහි රන්තැටි ආදියෙහි ව්‍යඤ්ජන පිළියෙලකොට එළවත්නම් ඒ ඇල්ලීමද නොවටියි. පලිඟුයෙන් කළ ඊය මෙන් කළ ලෝහයෙන් කළ තැටි ආදි බඳුන් පෞද්ගලික පරිභොගයෙන්ම නොවටිත්. සාඞ්ඝික පරිභොගයෙන් හෝ ගිහියන් සතු වූවෝ හෝ වටිත්. තඹින් හ ලොහොයෙන් කළ පාත්‍ර නොවටියි. තඹින් කළ තැලිය වටීය යන මේ සියල්ල කුරුන්‍දියෙහි කියනලදී. “මණිමයො” මෙහි වනාහි ඉඳුනිල් මණියෙන් කරණලද පාත්‍රය කියන ලදී. “කංසමයො” මෙහි පිත්තලින් කළ පාත්‍රයද සඞ්ග්‍රහ කරණ ලද්දේය.

ලිඛිතුන‍්ති තනුකරණත්‍ථායෙතං වුත‍්තං. පකතිමණ‍්ඩලන‍්ති මකරදන‍්තච‍්ඡින‍්නකමණ‍්ඩලමෙව.

“ලිඛිතුං” තුනීකිරීම පිණිස මෙය කියනලදී. “පකතිමණ්ඩලං” මුවරදත් අයුරු රැලි සිඳ පාමඩුල්ලමය.

ආවට‍්ටිත්‍වාති අඤ‍්ඤමඤ‍්ඤං පහරිත්‍වා. පත‍්තාධාරකන‍්ති එත්‍ථ “දන‍්තවල‍්ලිවෙත‍්තාදීහි කතෙ භූමිආධාරකෙ තයො, දාරුආධාරකෙ ද‍්වෙ පත‍්තෙ උපරූපරි ඨපෙතුං වට‍්ටතී”ති කුරුන්‍දියං වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන වුත‍්තං – “භූමිආධාරකෙ තිණ‍්ණං පත‍්තානං අනොකාසො, ද‍්වෙ ඨපෙතුං වට‍්ටති. දාරුආධාරකදණ‍්ඩාධාරකෙසුපි සුසජ‍්ජිතෙසු එසෙව නයො. භමකොටිසදිසො පන දාරුආධාරකො තීහි දණ‍්ඩකෙහි බද‍්ධො දණ‍්ඩකාධාරො ච එකස‍්සපි පත‍්තස‍්ස අනොකාසො, තත්‍ථ ඨපෙත්‍වාපි හත්‍ථෙන ගහෙත්‍වා එව නිසීදිතබ‍්බං. භූමියං පන නික‍්කුජ‍්ජිත්‍වා එකමෙව ඨපෙතබ‍්බ”න‍්ති.

“ආවට්ටිත්‍වා” ඔවුනොවුන් පැහැර. “පත්තාධාරකං” මෙහි දත් වැල් වේ ආදියෙන් කළ භූමි ආධාරකයෙහි හෙවත් මිටි බැවින් එනම් ලද ආධාරකයෙහි පාත්‍ර තුනක්ද, දැවයෙන් කළ ආධාරකයෙහි පාත්‍ර දෙකක්ද මතුමතුවෙහි එකපිට එකතැබීම සුදුසුයයි කුරුන්‍දියෙහි කියනලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘භූමි ආධාරකයෙහි පාත්‍ර තුනකට ඉඩ නැත්තේය. දෙකක් තැබීම සුදුසුය. පෙරළෙන්නට නොහැකි ලෙසින් මැනැවින් සෑදු දාරුආධාරක දණ්ඩකාධාරයන්හිද මේ නයමය. ඩබරාදිය ඇතුල්කොට ලියනකඳ කෙළවර සමාන වූ දාරු ආධාරකයද දඬුතුනකින් බඳින ලද දණ්ඩකාධාරකයද එකද පාත්‍රයකට ඉඩ නැත්තේය. එහි තබාද, අතින් අල්ලාගෙනම හිඳිය යුතුය. බිම යටිකුරුකොට නවා එකක්ම තැබිය යුතුය’යි කියන ලද්දේය.

මිඩ‍්ඪන‍්තෙති ආලින්‍දකමිඩ‍්ඪිකාදීනං අන‍්තෙ. සචෙ පන පරිවත‍්තෙත්‍වා තත්‍ථෙව පතිට‍්ඨාති, එවරූපාය විත්‍ථිණ‍්ණාය මිඩ‍්ඪියා ඨපෙතුං වට‍්ටති. පරිභණ‍්ඩන‍්තෙති බාහිරපස‍්සෙ කතාය තනුකමිඩ‍්ඪිකාය අන‍්තෙ. මිඩ‍්ඪියං වුත‍්තනයෙනෙවෙත්‍ථාපි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

“මිඪන්තෙ” ගෙපිළි ඈ කෙළවර ඉදින් පෙරැළී එහිම පිහිටාද මෙබඳුවූ වැලි ඇතිරූ ගෙපළපඩි කෙළවර තැබීම වටියි. “පරිභණ්ඩන්තෙ” පිටිපස කළ පඩිකෙළවර කියූ ලෙසින් මෙහිද විනිශ්චය දතයුතුය.

චොළකන‍්ති යං පත්‍ථරිත්‍වා පත‍්තො ඨපීයති; තස‍්මිං පන අසති කටසාරකෙ වා තට‍්ටිකාය වා මත‍්තිකාපරිභණ‍්ඩකතාය භූමියා වා යත්‍ථ න දුස‍්සති, තථාරූපාය වාලිකාය වා ඨපෙතුං වට‍්ටති. පංසුරජාදීසු පන ඛරභූමියං වා ඨපෙන‍්තස‍්ස දුක‍්කටං. පත‍්තමාළකං ඉට‍්ඨකාහි වා දාරූහි වා කාතුං වට‍්ටති . පත‍්තකුණ‍්ඩොලිකාති මහාමුඛකුණ‍්ඩසණ‍්ඨානා භණ‍්ඩකුක‍්ඛලිකා වුච‍්චති. යො ලග‍්ගෙය්‍යාති යත්‍ථ කත්‍ථචි ලග‍්ගෙන‍්තස‍්ස දුක‍්කටමෙව. චීවරවංසෙපි බන්‍ධිත්‍වා ඨපෙතුං න වට‍්ටති. භණ‍්ඩකට‍්ඨපනත්‍ථමෙව වා කතං හොතු නිසීදනසයනත්‍ථං වා යත්‍ථ කත්‍ථචි මඤ‍්චෙ වා පීඨෙ වා ඨපෙන‍්තස‍්ස දුක‍්කටං, අඤ‍්ඤෙන පන භණ‍්ඩකෙන සද‍්ධිං බන්‍ධිත්‍වා ඨපෙතුං වට‍්ටති. අටනියං බන්‍ධිත්‍වා ඔලම‍්බෙතුං වා වට‍්ටති, බන්‍ධිත්‍වාපි උපරි ඨපෙතුං න වට‍්ටතියෙව. සචෙ පන මඤ‍්චො වා පීඨං වා උක‍්ඛිපිත්‍වා චීවරවංසාදීසු අට‍්ටකඡන‍්නෙන ඨපිතං හොති, තත්‍ථ ඨපෙතුං වට‍්ටති. අංසවද‍්ධනකෙන අංසකූටෙ ලග‍්ගෙත්‍වා අඞ‍්කෙ ඨපෙතුං වට‍්ටති. ඡත‍්තෙ භත‍්තපූරොපි අංසකූටෙ ලග‍්ගිතපත‍්තොපි ඨපෙතුං න වට‍්ටති, භණ‍්ඩකෙන පන සද‍්ධිං බන්‍ධිත්‍වා වා අට‍්ටකං කත්‍වා වා ඨපිතෙ යො කොචි ඨපෙතුං වට‍්ටති.

“චොළකං” යම් රෙදිකඩක් අතුට පාත්‍රය තබනු ලැබේද, වේයන් නොනගිනු පිණිස ඉතා උස්කොට තැනූ වෙදිකාකාරවූ මළුවක් නැති කල්හි කලාලෙක හෝ තටුයෙක හෝ මැටියෙන් පිරිබඩ කළ බිමෙක හෝ යම් තැනක තබන ලද්ද දූෂිත නොවේද, එබඳුවූ වැල්ලෙක හෝ තැබීම වරද නොවේ. පස් රජස් ආදීන් අතුරෙහි රළුබිමෙක හෝ තබන්නහුට දුක්කටය වේ. පාත්‍රමාළකය ගඩොලින් හෝ දැවයෙන් හෝ කළහැකිය. “පත්තකණ්ඩොලිකා” මහාමුව ඇති සැටිසටහන් ඇති බඩු සැළ කියනු ලැබේ. “යො ලකෙය්‍ය” බිත්තිහුල් නාගදන්තාදී වූ යම්කිසි තැනක පාත්‍රය එල්වන්නහුට දුක්කටයම වේ. සිවුරලන හුණදඬුවෙහිද බැඳ තැබීම නොවටියි. බඩුතැබීම පිණිසම හෝ කරණ ලද්දේ වේවා, හිඳින යහනක් පිණිස කරණ ලද්දේවේවා, යම්කිසි ඇඳක හෝ පුටුවක හෝ පාත්‍රය තබන්නහුට දුක්කටය වේ. අන් බඩුවක් සමග බැඳ තබන්නටද ඇඳවතෙහි බැඳ එල්ලන්නටද වටියි. බැඳද මතුවෙහි තැබීම නොසුදුසුය. ඇඳක් හෝ පුටුවක් හෝ ඔසොවා සිවුරුලන හුණදඬු ආදීන් අතුරෙහි අට්ටකඡන්නය සමග තබන ලද්දේවේද, එහි තැබීම වරද නැත. අංසවැටිය සමග අංසකූටයෙහි එල්වා ඇකයෙහි තැබීම වටියි. බතින් පිරුණු පාත්‍රයද ඇකය මතුවෙහි එල්ලන ලද පාත්‍රයද ඡත්‍රයෙහි තැබීම නොවටියි. භාණ්ඩයක් සමග බැඳ අටල්ලක්කොට තැබූකල්හි හෝ සිස්වූ හෝ බතින් පිරූ හෝ යම්කිසි පාත්‍රයක් තබන්නට වටියි.

පත‍්තහත්‍ථෙනාති එත්‍ථ න කෙවලං යස‍්ස පත‍්තො හත්‍ථෙ, සො එව පත‍්තහත්‍ථො, න කෙවලඤ‍්ච කවාටමෙව පණාමෙතුං න ලභති; අපිච ඛො පන හත්‍ථෙ වා පිට‍්ඨිපාදෙ වා යත්‍ථ කත්‍ථචි සරීරාවයවෙ පත‍්තස‍්මිං සති හත්‍ථෙන වා පාදෙන වා සීසෙන වා යෙන කෙනචි සරීරාවයවෙන කවාටං වා පණාමෙතුං ඝටිකං වා උක‍්ඛිපිතුං සූචිං වා කුඤ‍්චිකාය අපාපුරිතුං න ලභති. අංසකූටෙ පන පත‍්තං ලග‍්ගෙත්‍වා යථාසුඛං අවාපුරිතුං ලභති.

“පත්තහත්‍ථෙන” මෙහි හුදෙක් යමක්හුගේ අතෙහි පාත්‍රය ඇත්තේද, ඔහු පමණක්ම පාත්‍රගත් අත් ඇත්තේ නොවේ. හුදෙක් පාත්‍රගත් අත් ඇතිව කවුළුව පමණක්ම හරින්නට නොලබන්නේ නොවේ. තවද අතෙහි හෝ පිටිපයෙහි හෝ යම්කිසි සිරුරු අවයවයෙක පාත්‍රය ඇති කල්හි අතින් හෝ පයින් හෝ හිසින් හෝ යම්කිසි සිරුරු අවයවයකින් කවුළුව අරින්නට මතුයෙදූ අගුල හෝ ඔසොවන්නට හිද්ද හෝ යතුරෙන් අරින්නට නොලබන්නේය. ඇකය මතුවෙහි පාත්‍රය එල්වා පහසු ලෙසින් අරින්නට ලබන්නේය.

තුම‍්බකටාහන‍්ති ලාබුකටාහං වුච‍්චති, තං පරිහරිතුං න වට‍්ටති. ලභිත්‍වා පන තාවකාලිකං පරිභුඤ‍්ජිතුං වට‍්ටති. ඝටිකටාහෙපි එසෙව නයො. ඝටිකටාහන‍්ති ඝටිකපාලං. අභුං මෙති උත්‍රාසවචනමෙතං. සබ‍්බපංසුකූලිකෙනාති එත්‍ථ චීවරඤ‍්ච මඤ‍්චපීඨඤ‍්ච පංසුකූලං වට‍්ටති, අජ‍්ඣොහරණීයං පන දින‍්නකමෙව ගහෙතබ‍්බං.

“තුම්බකටාහං” ලබුකබල කියනු ලැබේ. ඒ ලබුකබල පාත්‍රය ලෙසින් පරිහරණය කරන්නට නොවටියි. ලැබ තාවකාලිකව පරිභොග කළ හැකිය. කළකබලෙහිද මෙම නයවේ. “අබ්භුම්මෙ” මෙය උත්‍රාසවචනයි. “සබ්බපංසු කූලකෙන” මෙහි සිවුරද ඇඳ පුටුද, පංසුකූලිකය වටියි. අනුභව කටයුත්ත දුන්දෙයක්ම ගතයුතුය.

චලකානීති චබ‍්බෙත්‍වා අපවිද‍්ධාමිසානි. අට‍්ඨිකානීති මච‍්ඡමංසඅට‍්ඨිකානි. උච‍්ඡිට‍්ඨොදකන‍්ති මුඛවික‍්ඛාලනොදකං. එතෙසු යංකිඤ‍්චි පත‍්තෙන නීහරන‍්තස‍්ස දුක‍්කටං. පත‍්තං පටිග‍්ගහං කත්‍වා හත්‍ථං ධොවිතුම‍්පි න ලභති. හත්‍ථධොතපාදධොතඋදකම‍්පි පත‍්තෙ ආකිරිත්‍වා නීහරිතුං න වට‍්ටති. අනුච‍්ඡිට‍්ඨං සුද‍්ධපත‍්තං උච‍්ඡිට‍්ඨහත්‍ථෙන ගණ‍්හිතුං න වට‍්ටති, වාමහත්‍ථෙන පනෙත්‍ථ උදකං ආසිඤ‍්චිත්‍වා එකං උදකගණ‍්ඩුසං ගහෙත්‍වා උච‍්ඡිට‍්ඨහත්‍ථෙන ගණ‍්හිතුං වට‍්ටති. එත‍්තාවතාපි හි සො උච‍්ඡිට‍්ඨපත‍්තො හොති, හත්‍ථං පන බහි උදකෙන වික‍්ඛාලෙත්‍වා ගහෙතුං වට‍්ටති. මච‍්ඡමංසඵලාඵලාදීනි ඛාදන‍්තො යං තත්‍ථ අට‍්ඨිං වා චලකං වා ඡඩ‍්ඩෙතුකාමො හොති, තං පත‍්තෙ ඨපෙතුං න ලභති. යං පන පටිඛාදිතුකාමො හොති, තං පත‍්තෙ ඨපෙතුං ලභති. අට‍්ඨිකකණ‍්ටකාදීනි තත්‍ථෙව කත්‍වා හත්‍ථෙන ලුඤ‍්චිත්‍වා ඛාදිතුං වට‍්ටති. මුඛතො නීහටං පන යංකිඤ‍්චි පුන ඛාදිතුකාමො හොති, තං පත‍්තෙ ඨපෙතුං න ලභති. සිඞ‍්ගිවෙරනාළිකෙරඛණ‍්ඩානි ඩංසිත්‍වා පුන ඨපෙතුං ලභති.

“චලකානි” මුවෙන් සපා හළ අපවිත්‍ර ආමිෂ. “අට්ඨිකානි” මත්ස්‍යමාංස ඇට. “උච්චිට්ඨොදකං” මුව සේදූදිය. මොවුන් අතුරෙහි යම්කිසිවක් පාත්‍රයෙන් ගෙණයන්නහුට දුක්කටය වේ. පාත්‍රය අත්මුව දොවන දියලන බඳුනක්කොට අත සෝදන්නට නොලබයි. අත සේදූ පාසේදූ දියද පාත්‍රයෙහි වත්කර ගෙන යෑම නොවටියි. ඉඳුල් නැති පිරිසිදු පාත්‍රය ඉඳුල් අතින් ගැනීම නොසුදුසුය. මෙහි වම් අතින් දියවක්කර එක් දියකටක් කොපුලක් ගෙණ ඉඳුල් අතින් ගැනීම වටියි. මෙපමණකිනුදු එය ඉඳුල්පාත්‍රය වේ. අත බැහැරිදියෙන් සෝදා ගැනීම වටියි. මත්ස්‍ය මාංස ඵලාදිය කන්නේ එහි යම් ඇටයක් හෝ ඵලයක් හෝ දමනු කැමැත්තේවේද, ඒ ද්‍රව්‍යය පාත්‍රයෙහි තබන්නට නොලැබේ. ඇටකටු ආදිය පාත්‍රයෙහි තුබූ තැනින් නොඋදුරා එහිම කොට අතින් එයින් එයින් මස් උදුරා කෑම වටියි. මුවෙන් බැහැරට ගත් යම් කිසිවක් නැවැත නොකනු කැමැත්තේද, එය පාත්‍රයෙහි තබන්නට නොලැබේ. ඉඟුරු පොල්කැබලි ඩැහගෙන ඩැහැගෙන නැවත තබන්නට ලැබේ.

නමතකන‍්ති සත්‍ථකවෙඨනකං පිලොතිකඛණ‍්ඩං. දණ‍්ඩසත්‍ථකන‍්ති පිප‍්ඵලකං වා අඤ‍්ඤම‍්පි වා යංකිඤ‍්චි දණ‍්ඩං යොජෙත්‍වා කතසත්‍ථකං.

“නමතකං” සැත් වෙළන රෙදිකඩ. “දණ්ඩකසන්‍ථකං” කතුර හෝ අන්‍ය වූ යම්කිසි දඬුකඩක් හෝ යොදා කරණලද සැත.

කණ‍්ණකිතා හොන‍්තීති මලග‍්ගහිතා හොන‍්ති. කිණ‍්ණෙන පූරෙතුන‍්ති කිණ‍්ණචුණ‍්ණෙන පූරෙතුං. සත‍්තුයාති හලිද‍්දිමිස‍්සකෙන පිට‍්ඨචුණ‍්ණෙන. සරිතකන‍්ති පාසාණචුණ‍්ණං වුච‍්චති; තෙන පූරෙතුං අනුජානාමීති අත්‍ථො. මධුසිත්‍ථකෙන සාරෙතුන‍්ති මධුසිත්‍ථකෙන මක‍්ඛෙතුං. සරිතකං පරිභිජ‍්ජතීති තං මක‍්ඛිතමධුසිත්‍ථකං භිජ‍්ජති. සරිතසිපාටිකන‍්ති මධුසිත්‍ථකපිලොතිකං; සත්‍ථකොසකසිපාටියා පන සරිතසිපාටිකාය අනුලොමාති කුරුන්‍දියං වුත‍්තං. කථිනන‍්ති නිස‍්සෙණිම‍්පි තත්‍ථ අත්‍ථරිතබ‍්බකටසාරකකිලඤ‍්ජානං අඤ‍්ඤතරම‍්පි. කථිනරජ‍්ජුන‍්ති යාය දුපට‍්ටචීවරං සිබ‍්බන‍්තා කථිනෙ චීවරම‍්පි බන්‍ධන‍්ති. කථිනං නප‍්පහොතීති දීඝස‍්ස භික‍්ඛුනො පමාණෙන කතං කථිනං; තත්‍ථ රස‍්සස‍්ස භික‍්ඛුනො චීවරං පත්‍ථරියමානං නප‍්පහොති, අන‍්තොයෙව හොති; දණ‍්ඩකෙ න පාපුණාතීති අත්‍ථො. දණ‍්ඩකථිනන‍්ති තස‍්ස මජ‍්ඣෙ ඉතරස‍්ස භික‍්ඛුනො පමාණෙන අඤ‍්ඤං නිස‍්සෙණිං බන්‍ධිතුං අනුජානාමීති අත්‍ථො.

“කණ්ණකිතා හොන්ති” මලයෙන් ගැවසුනාහු වෙත්. “කිණ්ණෙන පූරෙතුං” රාබිජු සුණෙන් පුරවන්නට. “සත්තුයා” කසාමුසු පිටිසුණෙන්. “සරිතකං” ගල්කුඩු කියනු ලැබේ. එයින් පුරවාලන්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි. “මධුසිත්‍ථකෙන සාරෙතුං” මීඉටි ගාන්නට “සරිතකං පරිභිජ්ජති” ඒ ගල්කුඩු තැවරූ මීඉටි බිඳීයයි. “සරිතසිපාටිකං” මීඉටිගෑ කඩරෙද්ද. සැත් කොපු රෙදිකඩ මීඉටිගෑ කඩරෙද්දට අනුලොම්යයි කුරුන්‍දියෙහි කියනලදී. “කඨිනං” දඩුකඩ සතරකින් සිවුර පමණට දිගවූ සිවුරැස්කොට බඳිනලද දඬුහිණද, ඒ මතුවෙහි සිවුර රඳවනු පිණිස ඇතිරිය යුතු කඨිනයෙහි කළාල් කිලඤ්ජයන් අතුරෙහි එක්තරා එකකුදු. “කඨිනරජ්ජුං” යම් රැහණකින් දෙපට සිවුරක් මසන්නාහු කඨිනයෙහි දෙපට සිවුරෙහි දෙපට සමකොට බැඳිය යුතු රැහණෙහි එක්පට සිවුර දිග්වූ කල්හි නගින රැලි නසනු පිණිස සිවුර බදිත්. “කඨිනං නප්පහොති” උස් මහණක්හුගේ පමණින් කළ කඨිනය. එහි මිටිමහණක්හුගේ සිවුර පතුරුවනු ලබන්නේ නොපොහොනේය. ඇතුළතම සිටියේ වේ. කඨිනයෙහි දඬු කරා නොද පැමිණේය යන අර්‍ත්‍ථයි. “දණ්ඩකඨිනං” ඒ මැද අන් මිටිමහණහුගේ පමණින් අන් හිණක් බදින්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථය.

බිදලකන‍්ති දණ‍්ඩකථිනප‍්පමාණෙන කටසාරකස‍්ස පරියන‍්තෙ පටිසංහරිත්‍වා දුගුණකරණං. සලාකන‍්ති දුපට‍්ටචීවරස‍්ස අන‍්තරෙ පවෙසනසලාකං. විනන්‍ධනරජ‍්ජුන‍්ති මහානිස‍්සෙණියා සද‍්ධිං ඛුද‍්දකං නිස‍්සෙණිං විනන්‍ධිතුං රජ‍්ජුං. විනන්‍ධනසුත‍්තන‍්ති ඛුද‍්දකනිස‍්සෙණියා චීවරං විනන්‍ධිතුං සුත‍්තකං. විනන්‍ධිත්‍වා චීවරං සිබ‍්බෙතුන‍්ති තෙන සුත‍්තකෙන තත්‍ථ චීවරං විනන්‍ධිත්‍වා සිබ‍්බිතුං. විසමා හොන‍්තීති කාචි ඛුද‍්දකා හොන‍්ති, කාචි මහන‍්තා. කළිම‍්භකන‍්ති පමාණසඤ‍්ඤාකරණං යංකිඤ‍්චි තාලපණ‍්ණාදිං. මොඝසුත‍්තකන‍්ති වඩ‍්ඪකීනං දාරූසු කාළසුත‍්තෙන විය හලිද‍්දිසුත‍්තෙන සඤ‍්ඤාකරණං . අඞ‍්ගුලියා පටිග‍්ගණ‍්හන‍්තීති සූචිමුඛං අඞ‍්ගුලියා පටිච‍්ඡන‍්ති. පටිග‍්ගහන‍්ති අඞ‍්ගුලිකොසකං.

“විදලකං” දඬුවෙන් කළ කඨිනයෙහි පමණින් කළාල කෙළවර හකුලා දෙපට කිරීමය. “සලාකං” දෙපට සිවුර අතරෙහි ඇතුල් කරණ කුර. “විනන්‍ධනරජ්ජුං” මහා හිණ සමග කුඩාහිණ වෙළන්නට රැහණ. “විනන්‍ධනසුත්තකං” කුඩාහිණ සමග සිවුර වෙළන්නට හුය. “විනන්‍ධනසුත්තකං” ඒ හුයින් එහි සිවුර වෙළා මැහීමට. “විසමා හොන්ති” කිසි හූ අතරක් කුඩා වේ. කිසිහු අතරක් මහත් වේ. “කලිම්ඛකං” පමණ සන්සරණ යම්කිසි තල්කොළ ආදියක්. “මොඝසුත්තකං” වඩුවන්ගේ දැවයන්හි කලුනූලෙන් මෙන් කහනූලෙන් සන්කිරීම. “අඞ්ගුලියා පතිගණ්හන්ති” හිදිමුව ඇඟිල්ලෙන් පිළිගණිත්.

ආවෙසනවිත්‍ථකං නාම යංකිඤ‍්චි පාතිචඞ‍්කොටකාදි. උච‍්චවත්‍ථුකන‍්ති පංසුං ආකිරිත්‍වා උච‍්චවත්‍ථුකං කාතුං අනුජානාමීති අත්‍ථො. ඔගුම‍්ඵෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුන‍්ති ඡදනං ඔධුනිත්‍වා ඝනදණ‍්ඩකං කත්‍වා අන‍්තො චෙව බහි ච මත‍්තිකාය ලිම‍්පිතුන‍්ති අත්‍ථො. ගොඝංසිකායාති වෙළුං වා රුක‍්ඛදණ‍්ඩං වා අන‍්තොකත්‍වා තෙන සද‍්ධිං සඞ‍්ඝරිතුන‍්ති අත්‍ථො. බන්‍ධනරජ‍්ජුන‍්ති තථා සඞ‍්ඝරිතස‍්ස බන්‍ධනරජ‍්ජුං.

“ආවෙසන විත්‍ථක” නම් යම්කිසි මලාකරඬු ආදියය. “උච්චවත්‍ථුකං” පස් වගුරුවා බිම උස් කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “ඔගුම්බෙත්‍වා උල්ලිත්තාවලිත්තං කාතුං” පියස තනා, ඝනදඬු යොදා, ඇතුළත හා පිටත මැටියෙන් ආලේප කරන්නට, යන අර්‍ත්‍ථයි. “ගොඝංසිකාය” හුණයක් හෝ රුක්දඬුවක් හෝ ඇතුළත්කොට ඒ සමග හකුලා තබන්නට යන අර්‍ත්‍ථයි. “බන්‍ධනරජ්ජුං” එසේ හකුළා තැබූ කථිනය බඳින රැහණ.

කටච‍්ඡුපරිස‍්සාවනං නාම තීසු දණ‍්ඩකෙසු විනන්‍ධිත්‍වා කතං.

“කටච්ඡුපරිස්සාවනං” කටච්ඡුපරිස්සාවන නම්, දඬු තුනෙක්හි වෙළා කරණ ලද්දය.

යො න දදෙය්‍යාති අපරිස‍්සාවනකස‍්සෙව යො න දදාති, තස‍්ස ආපත‍්ති. යො පන අත‍්තනො හත්‍ථෙ පරිස‍්සාවනෙ විජ‍්ජමානෙපි යාචති, තස‍්ස න අකාමා දාතබ‍්බං. දණ‍්ඩපරිස‍්සාවනන‍්ති රජකානං ඛාරපරිස‍්සාවනං විය චතූසු පාදෙසු බද‍්ධනිස‍්සෙණිකාය සාටකං බන්‍ධිත්‍වා මජ‍්ඣෙදණ‍්ඩකෙ උදකං ආසිඤ‍්චිතබ‍්බං, තං උභොපි කොට‍්ඨාසෙ පූරෙත්‍වා පරිස‍්සවති. ඔත්‍ථරකං නාම යං උදකෙ ඔත්‍ථරිත්‍වා ඝටකෙන උදකං ගණ‍්හන‍්ති, තඤ‍්හි චතූසු දණ‍්ඩකෙසු වත්‍ථං බන්‍ධිත්‍වා උදකෙ චත‍්තාරො ඛාණුකෙ නිඛණිත්‍වා තෙසු බන්‍ධිත්‍වා සබ‍්බපරියන‍්තෙ උදකතො මොචෙත්‍වා මජ‍්ඣෙ ඔත්‍ථරිත්‍වා ඝටෙන උදකං ගණ‍්හන‍්ති. මකසකුටිකාති චීවරකුටිකා වුච‍්චති.

“යො න දදෙය්‍ය” පෙරහනක් නැත්තහුට යම් මහණෙක් පෙරහන නොදෙන්නේ නම්, ඔහුට ඇවැත් වේ. යමෙක් වනාහි තමන්ගේ අතෙහි පෙරහන ඇති කල්හිද ඉල්ලා නම් ඔහුට නොකැමැත්තෙන් නොදිය යුතුය. “දණ්ඩපරිස්සාවනං” රදවුන්ගේ අළුපෙරණ පෙරහන මෙන් සිවුපාදයන්හි බඳින ලද හිණෙහි සළුව බැඳ මැද දඬුවෙහි දිය වක්කළ යුතුය. ඒ දිය දෙකොටස පුරා වැගිරෙයි. යමක් දියෙහි ගලා කළයෙන් දිය ගණිත්ද, ඒ ඔත්‍ථරක නම. ඒ ඔත්‍ථරකය වනාහි දඬු සතරෙක්හි රෙද්දක් බැඳ දියෙහි කණු සතරක් සිටුවා ඒ කණු සතරෙහි බැඳ සියලු කෙළවර දියෙන් මුදා මැද ගලා කළයෙන් දියගණිත්. “මකසකුටිකා”යි සිවුරු කිළිය කියනු ලැබේ.

අභිසන‍්නකායාති සෙම‍්හාදිදොසුස‍්සන‍්නකායා. අග‍්ගළවට‍්ටි නාම ද‍්වාරබාහාය සමප‍්පමාණොයෙව අග‍්ගළත්‍ථම‍්භො වුච‍්චති, යත්‍ථ තීණි චත‍්තාරි ඡිද‍්දානි කත්‍වා සූචියො දෙන‍්ති. කපිසීසකං නාම ද‍්වාරබාහං විජ‍්ඣිත්‍වා තත්‍ථ පවෙසිතො අග‍්ගළපාසකො වුච‍්චති. සූචිකාති තත්‍ථ මජ‍්ඣෙ ඡිද‍්දං කත්‍වා පවෙසිතා. ඝටිකාති උපරි යොජිතා. මණ‍්ඩලිකං කාතුන‍්ති නීචවත්‍ථුකං චිනිතුං. ධූමනෙත‍්තන‍්ති ධූමනික‍්ඛමනඡිද‍්දං. වාසෙතුන‍්ති ගන්‍ධෙන වාසෙතුං. උදකට‍්ඨානන‍්ති උදකත්‍ථපනට‍්ඨානං. තත්‍ථ ඝටෙන උදකං ඨපෙත්‍වා සරාවකෙන වළඤ‍්ජෙතබ‍්බං. කොට‍්ඨකොති ද‍්වාරකොට‍්ඨකො.

“අග්ගලවට්ටි” නම් දොරබාවට සම පමණවූම අගුල්කණුවැ’යි කියනු ලැබේ. යම් තැනෙක සිදුරු තුනහතරක්කොට හිඳි දෙත්ද, එහිය. දොරබාව විද එහි ඇතුල් කළ අගුල්කණුව “කපිසීසක” නමැයි කියනු ලැබේ. “සූචිකා” අගුල්කණුව මැද විද සිදුරුකොට ඇතුල්කළ කූරු “ඝටිකා” එහි මතුවෙහි යෙදූ අගුල “මණ්ඩලිකං කාතුං” බිම පහත්කොට හුණුගලින් බඳින්නට. “ධූමනෙත්තං” ගිනිහල් ගෙයින් දුම් නිකුත්වන සිදුර. “වාසෙතුං” සුවඳ කවන්නට. “උදකාධානං” දිය තබන තැන. එහි කළයෙහි දියතබා මලාවෙන් ගෙණ වැලඳිය යුතුය. “කොට්ඨකො” දොරකොටුව,

තිස‍්සො පටිච‍්ඡාදියොති එත්‍ථ ජන‍්තාඝරපටිච‍්ඡාදි ච උදකපටිච‍්ඡාදි ච පරිකම‍්මං කරොන‍්තස‍්සෙව වට‍්ටති, සෙසෙසු අභිවාදනාදීසු න වට‍්ටති. වත්‍ථපටිච‍්ඡාදි සබ‍්බකම‍්මෙසු වට‍්ටති. උදකං න හොතීති න‍්හානොදකං න හොති.

“තිස්සො පරිච්ඡාදියො” යන මෙහි ගිනිහල්ගෙයින් වැසීමද, ස්නානය කරණ කල්හි දියෙන් වැසීමද පිරියම් කරණ මහණහුටම වටියි. සෙසු අභිවාදනාදි ක්‍රියාවන්හි නොවටියි. වස්ත්‍රයෙන් වැසීම සියලු ක්‍රියාවන්හි වටියි. “උදකං න හොති” ගිනිහල්ගෙයි නානදිය නැත්තේ වේ.

තුලන‍්ති පණ‍්ණිකානං විය උදකඋබ‍්බාහනකතුලං. කරකටකො වුච‍්චති ගොණෙ වා යොජෙත්‍වා හත්‍ථෙහි වා ගහෙත්‍වා දීඝවරත‍්තාදීහි ආකඩ‍්ඪනයන‍්තං. චක‍්කවට‍්ටකන‍්ති අරහටඝටියන‍්තං. චම‍්මඛණ‍්ඩං නාම තුලාය වා කරකටකෙ වා යොජෙතබ‍්බකං චම‍්මභාජනං. පාකටා හොතීති අපරික‍්ඛිත‍්තා හොති. උදකපුඤ‍්ඡනීති දණ‍්ඩමයාපි විසාණමයාපි දාරුමයාපි වට‍්ටති, තස‍්සා අසති චොළකෙනාපි උදකං පච‍්චුද‍්ධරිතුං වට‍්ටති.

“තුලං” කොළ කිරන්නන්ගේ මෙන් දිය නගා ගන්නා තරාදිය. ගොනුන් හෝ යොදා අතින් හෝ ගෙණ දිග්වරපට ආදියෙන් අදින යන්ත්‍රය කරකටකයි කියනු ලැබේ. “චක්කවට්ටකං” ලිදෙන් දිය නගන ඝටීයන්ත්‍රය. “චම්මඛණ්ඩ” නම් තුලාවෙහි හෝ කරකටකයෙහි හෝ යෙදිය යුතු සම්බඳුනය. “අපාරුතා හොති” වටකරණ ලද්දී නොවේ. දිය පිස්න අඟින් කරණ ලද්දී ද දැවෙන් කරණ ලද්දීද වටියි. දියපිස්නක් නැති කල්හි රෙදි කඩිනුදු දියපිස දැමීම සුදුසු වේ.

උදකමාතිකන‍්ති උදකස‍්ස ආගමනමාතිකං. නිල‍්ලෙඛජන‍්තාඝරං නාම ආවිද‍්ධපක‍්ඛපාසකං වුච‍්චති, ගොපානසීනං උපරි මණ‍්ඩලෙ පක‍්ඛපාසකෙ ඨපෙත්‍වා කතකූටච‍්ඡදනස‍්සෙතං නාමං. චාතුමාසං නිසීදනෙනාති නිසීදනෙන චත‍්තාරො මාසෙ න විප‍්පවසිතබ‍්බන‍්ති අත්‍ථො.

“උදකමාතිකං” දිය වදනා ඇළ. “නිල්ලෙඛං ජනතාඝරං” නිල්ලෙඛජන්තාඝරය නම්, කැණිමණ්ඩල වට තැබූ පක්‍ඛපාසකය කියනු ලැබේ. ගොනැස්ස මතුවෙහි පක්‍ඛපාසක ඵලකයන් තබා කරණලද මුදුනැති පියස්සට මේ නමෙකි. “චතුමාසං නිසීදනෙන” නිසීදන සිවුරෙන් සිවුමසකට වඩා වෙන්ව නොවිසිය යුතුය යන අර්‍ත්‍ථයි.

පුප‍්ඵාභිකිණ‍්ණෙසූති පුප‍්ඵෙහි සන්‍ථතෙසු. නමතකං නාම එළකලොමෙහි කතං අවායිමං චම‍්මඛණ‍්ඩපරිහාරෙන පරිභුඤ‍්ජිතබ‍්බං. ආසිත‍්තකූපධානං නාම තම‍්බලොහෙන වා රජතෙන වා කතාය පෙළාය එතං අධිවචනං, පටික‍්ඛිත‍්තත‍්තා පන දාරුමයාපි න වට‍්ටති. මළොරිකාති දණ‍්ඩධාරකො වුච‍්චති. යට‍්ඨිආධාරකපණ‍්ණාධාරකපච‍්ඡිකපිට‍්ඨානිපි එත්‍ථෙව පවිට‍්ඨානි. ආධාරකසඞ‍්ඛෙපගමනතො හි පට‍්ඨාය ඡිද‍්දං විද‍්ධම‍්පි අවිද‍්ධම‍්පි වට‍්ටතියෙව. එකභාජනෙති එත්‍ථ සචෙ එකො භික‍්ඛු භාජනතො ඵලං වා පූවං වා ගහෙත්‍වා ගච‍්ඡති, තස‍්මිං අපගතෙ ඉතරස‍්ස සෙසකං භුඤ‍්ජිතුං වට‍්ටති. ඉතරස‍්සාපි තස‍්මිං ඛීණෙ පුන ගහෙතුං වට‍්ටති.

“පුප්ඵාභිකිණ්ණෙසු” මලින් අතුරණ ලද ආස්තරණයන්හි. “නමතකං” යනු එළුලොමින් කළ හෝ වියනලද්දය. එළුලොමින් කළ ඒ කම්බිලිය සම්කඩ පරිහාරයෙන් පරිභොග කටයුතුය. “ආසිත්තකුපධානං” ආසිත්තකූපධාන නම් තම්බලොහයෙන් හෝ රිදියෙන් හෝ කළ පෙට්ටියට මේ නමෙකි. මේ කියූ ආසිත්තකූපධානය ප්‍රතික්‍ෂෙප කළබැවින් දැවයෙන් කරණ ලද්දීද නොවටියි. “මළොරිකා”යි දණ්ඩාධාරකය කියනු ලැබේ. යෂ්ටි ආධාරක පත්‍රාධාරක පැස්පි යන යන මොවුහුද මේ මළොරිකාවෙහිම ඇතුළත්වූහ. ආධාරකයන්ගේ ගණනට යෑම පටන් සිදුර විදින ලද්දේත් නොවිදින ලද්දේත් වටීමය. “එකභාජනෙ” යන මෙහි ඉදින් එක් මහණෙක් තෙමේ භාජනයෙන් ඵලයක් හෝ පූපයක් හෝ ගෙණ යේද ඔහු පහවගිය කල්හි අනික් මහණහුට සෙස්ස බුදීම වටියි. ගෙණගිය එය අවසන්වූ කල්හි අනිකාහටත් නැවැත ගැණීම වරද නොවේ.

අට‍්ඨහඞ‍්ගෙහීති එත්‍ථ එකෙකෙනපි අඞ‍්ගෙන සමන‍්නාගතස‍්ස අන‍්තොසීමාය වා නිස‍්සීමං ගන‍්ත්‍වා නදීආදීසු වා නික‍්කුජ‍්ජිතුං වට‍්ටතියෙව. එවං නික‍්කුජ‍්ජිතෙ පන පත‍්තෙ තස‍්ස ගෙහෙ කොචි දෙය්‍යධම‍්මො න ගහෙතබ‍්බො – “අසුකස‍්ස ගෙහෙ භික‍්ඛං මා ගණ‍්හිත්‍ථා”ති අඤ‍්ඤෙසු විහාරෙසුපි පෙසෙතබ‍්බං. උක‍්කුජ‍්ජනකාලෙ පන යාවතතියං යාචාපෙත්‍වා හත්‍ථපාසං විජහාපෙත්‍වා ඤත‍්තිදුතියකම‍්මෙන උක‍්කුජ‍්ජිතබ‍්බො.

“අට්ඨභඞ්ගෙහි” මෙහි එකද අඞ්ගයකිනුදු යනු උපාසකයකුහට සීමාව තුළ හෝ සීමාරහිත තැනකට හෝ ගොස් ගඞ්ගා ආදී තන්හි හෝ “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්‍ථන්නාමො ආයස්මන්තං ඉත්‍ථන්නාමං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙති” යනාදි කර්‍මවාක්‍යයෙන් ඔහු විසින් දෙනලද නොපිළිගැණීම පිණිස යටිකුරු කිරීම වටීමය. මෙසේ පාත්‍රය යටිකුරු කළ කල්හි ඔහුගේ ගෙයි කිසිදියයුතු දෙයක් නොපිළිගත යුතුය. ‘අසුවලාගේ ගෙයි භික්‍ෂාව නොගනු මැනැවැ’යි සෙසු විහාරයන්ටද, දන්වා යැවිය යුතුය. උඩුකුරු කරන කල්හි “සඞ්ඝෙන මෙ භන්තෙ පත්තො නික්කුජ්ජිතො අසම්භොගොම්හි යොහම්භන්තෙ සම්මා වත්තාමි” යනාදිනයින් තුන්යල දක්වා යාඥා කරවා අත්පස හරවා ඤත්තිදුතිය කර්‍මවාක්‍යයෙන් උඩුකුරු කටයුතුය.

පුරක‍්ඛත්‍වාති අග‍්ගතො කත්‍වා. සංහරන‍්තූති සංහරියන‍්තු. චෙලපටිකන‍්ති චෙලසන්‍ථරං. සො කිර “සචෙ අහං පුත‍්තං ලච‍්ඡාමි, අක‍්කමිස‍්සති මෙ භගවා චෙලපටික”න‍්ති ඉමිනා අජ‍්ඣාසයෙන සන්‍ථරි, අභබ‍්බො චෙස පුත‍්තලාභාය; තස‍්මා භගවා න අක‍්කමි. යදි අක‍්කමෙය්‍ය, පච‍්ඡා පුත‍්තං අලභන‍්තො “නායං සබ‍්බඤ‍්ඤූ”ති දිට‍්ඨිං ගණ‍්හෙය්‍ය. ඉදං තාව භගවතො අනක‍්කමනෙ කාරණං. යස‍්මා පන භික‍්ඛූපි යෙ අජානන‍්තා අක‍්කමෙය්‍යුං, තෙ ගිහීනං පරිභූතා භවෙය්‍යුං; තස‍්මා භික‍්ඛූ පරිභවතො මොචෙතුං සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි. ඉදං සික‍්ඛාපදපඤ‍්ඤාපනෙ කාරණං.

“සංහරන්තු” අකුළාගණු ලබත්වා. “චෙලපත්තිකං” පියවිලිය. (පාවාව) ඒ බොධිරාජකුමාර තෙමේ ‘ඉදින් මම පුතකු ලබන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මාගේ පියවිලි පාගන සේකැ’යි යන මේ අදහසින් පාවාඩය එලූයේය. මෙතෙමේ පුත්‍රලාභයට නොසුදුසුව සිටියේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පියවිලි නොපෑගු සේක. ඉදින් පෑයූසේක්නම් පසුව පුතකු නොලබනුයේ ‘මෙතෙමේ සර්‍වඥ නොවේය’යි දෘෂ්ටියක් ගන්නේය. මේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පියවිලි නොපෑගීමෙහි කරුණය. යම්හෙයකින් යම් භික්‍ෂූහුද නොදන්නා පාගන්නාහු නම් ඔවුහු ගිහින් විසින් නින්දා කරණ ලද්දාහු වන්නාහුය. එහෙයින් භික්‍ෂූන් නින්දාවෙන් මුදක්වනු පිණිස එසේ එලූ පියවිලි නොපාගවු’යි ශික්‍ෂාපද පැණවූසේක. මෙය ශික්‍ෂාපද පැනවීමෙහි කරුණයි.

මඞ‍්ගලත්‍ථාය යාචියමානෙනාති අපගතගබ‍්භා වා හොතු ගරුගබ‍්භා වා, එවරූපෙසු ඨානෙසු මඞ‍්ගලත්‍ථාය යාචියමානෙන අක‍්කමිතුං වට‍්ටති. ධොතපාදකං නාම පාදධොවනට‍්ඨානෙ ධොතෙහි පාදෙහි අක‍්කමනත්‍ථාය පච‍්චත්‍ථරණං අත්‍ථතං හොති, තං අක‍්කමිතුං වට‍්ටති.

“මඞ්ගලත්‍ථාය යාචියමානෙන” පහවූ ගැබ් ඇත්තී හෝ වේවා, ගැබ්බර ඇත්තී හෝ වේවා, මෙබඳු තන්හි මගුල් පිණිස යාඥා කරනු ලබන්නහු විසින් පියවිලි පෑගීම වරද නැත. ධොතාපාදක නම් පාදෝනා තැන දෝනා ලද පයින් පෑගීම පිණිස පසුතුරුණු එලන ලද්දේවේද ඒය. එය පෑගීම වටියි.

කතකං නාම පදුමකණ‍්ණිකාකාරං පාදඝංසනත්‍ථං කණ‍්ටකෙ උට‍්ඨාපෙත්‍වා කතං. තං වට‍්ටං වා හොතු චතුරස‍්සාදිභෙදං වා, බාහුලිකානුයොගත‍්තා පටික‍්ඛිත‍්තමෙව, නෙව පටිග‍්ගහෙතුං න පරිභුඤ‍්ජිතුං වට‍්ටති. සක‍්ඛරාති පාසාණො වුච‍්චති; පාසාණඵෙණකොපි වට‍්ටති. විධූපනන‍්ති වීජනී වුච‍්චති . තාලවණ‍්ටං පන තාලපණ‍්ණෙහි වා කතං හොතු වෙළුදන‍්තවිලීවෙහි වා මොරපිඤ‍්ඡෙහි වා චම‍්මවිකතීහි වා සබ‍්බං වට‍්ටති. මකසබීජනී දන‍්තමයවිසාණමයදණ‍්ඩකාපි වට‍්ටති, වාකමයබීජනියා කෙතකපාරොහකුන‍්තාලපණ‍්ණාදිමයාපි සඞ‍්ගහිතා.

කතක නම් පයදෝනා කල්හි පාගැටීම පිණිස පියුම්කෙම් අයුරෙන් කටු නගා කරණ ලද්දය. එය වට හෝ වේවා, සිවුරැස් ආදීවූ ප්‍රභෙද ඇත්තේ හෝ වේවා, බාහුලිකානුයොග බැවින් ප්‍රතික්‍ෂෙප කරණ ලද්දේමය. පිළිගැණීමත් පරිභොග කිරීමත් නොවටියි. “සක්‍ඛරා”යි පහණ කියනු ලැබේ. ගල්පෙණද වටියි. “විධූපනං” විජනිපත කියනු ලැබේ. “තාලවණ්ටං” තල්වැට වනාහි තල්පතින් හෝ හුණපතුරින් හෝ දත්වලින් හෝ බටපතුරින් හෝ මොණර පිළින් හෝ චර්‍මවිකෘතියෙන් හෝ කරණ ලද්දේ වේවා, සියල්ල වටියි. මකසවීජනිය දත්වලින් කරණලද, අංවලින් කරණලද දඬු ඇත්තීද වටියි. වැහැරියෙන් කළ විජනියෙහි වැටකේ අරළු කන්දලපත් ආදියෙන් කළ විජනියද සඞ්ග්‍රහ කරණලදී.

ගිලානස‍්ස ඡත‍්තන‍්ති එත්‍ථ යස‍්ස කායඩාහො වා පිත‍්තකොපො වා හොති, චක‍්ඛු වා දුබ‍්බලං, අඤ‍්ඤො වා කොචි ආබාධො විනා ඡත‍්තෙන උප‍්පජ‍්ජති, තස‍්ස ගාමෙ වා අරඤ‍්ඤෙ වා ඡත‍්තං වට‍්ටති. වස‍්සෙ පන චීවරගුත‍්තත්‍ථං වාළමිගචොරභයෙසු ච අත‍්තගුත‍්තත්‍ථම‍්පි වට‍්ටති. එකපණ‍්ණච‍්ඡත‍්තං පන සබ‍්බත්‍ථෙව වට‍්ටති.

“ගිලානස්ස ඡත්තං” මෙහි යම් මහණක්හට කායදැවිල්ලෙක් හෝ පිත්කෝපයෙක් හෝ වේද, ඇස හෝ දුර්‍වලවේද, අන්කිසි ආබාධයක් හෝ ඡත්‍රය හැර සිටි බැවින් හටගණීද, ඒ මහණහුට ගමෙහිද වනයෙහිද ඡත්‍රය දැරීම වටියි. වැස්සෙහිදී සිවුරු රැකීම පිණිස ව්‍යාළමෘගචෞරභය ඇති කල්හි ආත්මාරක්‍ෂාව පිණිසද වටියි. තලපත්‍රච්ඡත්‍රය සියලු තන්හිම වටියි.

අසිස‍්සාති අසි අස‍්ස. විජ‍්ජොතලතීති විජ‍්ජොතති. දණ‍්ඩසම‍්මුතින‍්ති එත්‍ථ පමාණයුත‍්තො චතුහත්‍ථොයෙව දණ‍්ඩො සම‍්මන‍්නිත්‍වා දාතබ‍්බො. තතො ඌනාතිරිත‍්තො විනාපි සම‍්මුතියා සබ‍්බෙසං වට‍්ටති. සික‍්කා පන අගිලානස‍්ස න වට‍්ටති, ගිලානස‍්සාපි සම‍්මන‍්නිත්‍වාව දාතබ‍්බා.

“අසිස්ස” අසිඅස්ස - කඩුවක් වූයේ නම් “විජ්ජොතලති” එහි මෙහි පෙරළයි. “දණ්ඩසම්මුතිං” මෙහි පමණින්යුත් සිවුරියන්වූම දණ්ඩ සම්මතකොට දියයුතුය. එයින් අඩුවැඩි වූ දණ්ඩ සම්මුතිය නැතිවද සියල්ලන්ට වටියි. උරමල්ලවනාහි නොගිලන්හට නොවටියි. ගිලන්හටද සම්මත කොටම දියයුතුය.

රොමන්‍ථකස‍්සාති එත්‍ථ ඨපෙත්‍වා රොමන්‍ථකං සෙසානං ආගතං උග‍්ගාරං මුඛෙ සන්‍ධාරෙත්‍වා ගිලන‍්තානං ආපත‍්ති. සචෙ පන අසන්‍ධාරිතමෙව පරගලං ගච‍්ඡති, වට‍්ටති.

“රොමන්‍ථකස්ස” මෙහි වැමෑරීම නගන්නහු හැර නැගී ආ ඔක්කාරය මුවෙහි රඳවා ගිලින සෙස්සන්ට ඇවැත් වේ. ඉදින් නොරඳන ලදුව උගුරෙන් පහළටයේද, වටියි.

යං දිය්‍යමානන‍්ති යං දායකෙහි දිය්‍යමානං පටිග‍්ගහිතභාජනතො බහි පතිතං, තං භික‍්ඛුනා සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං අනුජානාමීති අත්‍ථො. ඉදං භොජනවග‍්ගෙ වණ‍්ණිතමෙව.

“යං දීය්‍යමානං” මෙය භොජන වර්‍ගයෙහි වර්‍ණනා කරණ ලද්දේමය.

කුප‍්පං කරිස‍්සාමීති සද‍්දං කරිස‍්සාමි. නඛාදීහි නඛච‍්ඡෙදනෙ ආපත‍්ති නත්‍ථි, අනුරක‍්ඛණත්‍ථං පන නඛච‍්ඡෙදනං අනුඤ‍්ඤාතං. වීසතිමට‍්ඨන‍්ති වීසතිපි නඛෙ ලිඛිතමට‍්ඨෙ කාරාපෙන‍්ති. මලමත‍්තන‍්ති නඛතො මලමත‍්තං අපකඩ‍්ඪිතුං අනුජානාමීති අත්‍ථො.

“කුප්පං කරිස්සාමි” ශබ්ද කරන්නෙමි. නිය ආදියෙන් නියසිඳීම නිමිතිකොට ඇවැත් නැත්තේය. ආරක්‍ෂාව පිණිස නියසිඳීම අනුදන්නා ලද්දේය. “විසතිමට්ටං” විසි නියම ලියන ලදුව ඔපමට්ටම් කරවත්. “මලමත්තං” නිය ඔපනොකොට කිලිටි පමණක්ම පහකරන්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි.

ඛුරසිපාටිකන‍්ති ඛුරකොසකං . මස‍්සුං කප‍්පාපෙන‍්තීති කත‍්තරියා මස‍්සුං ඡෙදාපෙන‍්ති. මස‍්සුං වඩ‍්ඪාපෙන‍්තීති මස‍්සුං දීඝං කාරෙන‍්ති. ගොලොමිකන‍්ති හනුකම‍්හි දීඝං කත්‍වා ඨපිතං එළකමස‍්සු වුච‍්චති. චතුරස‍්සකන‍්ති චතුකොණං. පරිමුඛන‍්ති උරෙ ලොමසංහරණං. අඩ‍්ඪදුකන‍්ති උදරෙ ලොමරාජිට‍්ඨපනං. ආපත‍්ති දුක‍්කටස‍්සාති මස‍්සුකප‍්පාපනාදීසු සබ‍්බත්‍ථ ආපත‍්ති දුක‍්කටස‍්ස. ආබාධප‍්පච‍්චයා සම‍්බාධෙ ලොමන‍්ති ගණ‍්ඩවණරුධිආදිආබාධප‍්පච‍්චයා. කත‍්තරිකායාති ගණ‍්ඩවණරුධිසීසරොගාබාධප‍්පච‍්චයා. සක‍්ඛරාදීහි නාසිකාලොමග‍්ගාහාපනෙ ආපත‍්ති නත්‍ථි. අනුරක‍්ඛණත්‍ථං පන සණ‍්ඩාසො අනුඤ‍්ඤාතො. න භික‍්ඛවෙ පලිතං ගාහාපෙතබ‍්බන‍්ති එත්‍ථ යං භමුකාය වා නලාටෙ වා දාඨිකාය වා උග‍්ගන‍්ත්‍වා බීභච‍්ඡං ඨිතං, තාදිසං ලොමං පලිතං වා අපලිතං වා ගාහාපෙතුං වට‍්ටති.

“ඛුරසිපාටිකං” කරකැති දමන පසුම්බිය. “මස්සුංවඩ්ඪාපෙන්ති” කෙස් සමග රැවුල දිග් කරවත්. “ගොලොමිකං” යන මෙයින් හමුවෙහි දිගකොට තැබූ එළුරැවුල කියනු ලැබේ. “චතුරස්සකං” මතු නළල් කෙළවරද යටහනු දෙපසෙහිදැයි කොන්සතර තබා මෙසේ සිවුරැස්කොට කැප්පවීම. “පරිමුඛං” ලයෙහි ලොම් ගැලවීම. “අඩ්ඪුරකං” උදරයෙහි රොම්රොද තැබීම “ආපත්ති දුක්කටස්ස” රැවුලු කැපීම් ආදීවූ හැමතන්හි දුක්කටය වේ. “ආබාධපච්චයා සම්බාධෙ ලොමං” ගඩුවණ කුඩාවණ ආදීවූ ආබාධ හෙතුකොට ගල්කැට ආදියෙන් නාසයෙහි ලොම් ගැලවීමෙහි ඇවැත් නැත්තේය. ආරක්‍ෂාව පිණිස අඬුව අනුදන්නාලදී. “න භික්‍ඛවෙ පලිතං ගාහාපෙතබ්බං” යන මෙහි බැමෙහි හෝ නළලෙහි හෝ උඩුරැවුලෙහි හෝ උස්ව නැග විරූපව සිටි එබඳුවූ යම් ලොමයක් පැසුනේ හෝ වේද, නොපැසුනේ හෝ වේද, ගැන්වීම වටියි.

කංසපත්‍ථරිකාති කංසභණ‍්ඩවාණිජා. බන්‍ධනමත‍්තන‍්ති වාසිකත‍්තරයට‍්ඨිආදීනං බන්‍ධනමත‍්තං.

“කංසපත්‍ථරිකා” ලොහොබඩු වෙළෙන්දෝ. “ඛන්‍ධනමත්තං” වෑකතුරුයට ආදීන්ගේ ඛන්‍ධනමාත්‍රය.

න භික‍්ඛවෙ අකායබන්‍ධනෙනාති එත්‍ථ අබන්‍ධිත්‍වා නික‍්ඛමන‍්තෙන යත්‍ථ සරති, තත්‍ථ බන්‍ධිතබ‍්බං. ආසනසාලාය බන්‍ධිස‍්සාමීති ගන‍්තුං වට‍්ටති. සරිත්‍වා යාව න බන්‍ධති, න තාව පිණ‍්ඩාය චරිතබ‍්බං. කලාබුකං නාම බහුරජ‍්ජුකං. දෙඩ‍්ඩුභකං නාම උදකසප‍්පසීසසදිසං. මුරජං නාම මුරජවට‍්ටිසණ‍්ඨානං වෙඨෙත්‍වා කතං. මද‍්දවීණං නාම පාමඞ‍්ගසණ‍්ඨානං. ඊදිසඤ‍්හි එකම‍්පි න වට‍්ටති, පගෙව බහූනි. පට‍්ටිකං සූකරන‍්තකන‍්ති එත්‍ථ පකතිවීතා වා මච‍්ඡකණ‍්ටකවායිමා වා පට‍්ටිකා වට‍්ටති, සෙසා කුඤ‍්ජරච‍්ඡිකාදිභෙදා න වට‍්ටන‍්ති. සූකරන‍්තකං නාම කුඤ‍්ජිකාකොසකසණ‍්ඨානං හොති. එකරජ‍්ජුකං පන මුද‍්දිකකායබන්‍ධනඤ‍්ච සූකරන‍්තකං අනුලොමෙති. අනුජානාමි භික‍්ඛවෙ මුරජං මද‍්දවීණන‍්ති ඉදං දසාසුයෙව අනුඤ‍්ඤාතං . පාමඞ‍්ගදසා චෙත්‍ථ චතුන‍්නං උපරි න වට‍්ටති. සොභණං නාම වෙඨෙත්‍වා මුඛවට‍්ටිසිබ‍්බනං. ගුණකං නාම මුදිඞ‍්ගසණ‍්ඨානෙන සිබ‍්බනං; එවං සිබ‍්බිතා හි අන‍්තා ථිරා හොන‍්ති. පවනන‍්තොති පාසන‍්තො වුච‍්චති.

“න භික්‍ඛවෙ අකායබන්‍ධනෙන” යන මෙහි කාබාන නොබඳීද, නික්මෙන්නහු විසින් යම් තැනෙක්හිදී සිහි කෙරේද, එතැනදී බැඳිය යුතුය. අසුන්හලෙහිදී බඳින්නෙමි’යි යෑම වටියි. සිහිකොට යම්තාක් නොබදීද, ඒතාක් පිඬුපිණිය නොහැසිරිය යුතුය. “කලාබුක” නම් බොහෝ රැහන් ඇති පටිය. “දෙඩ්ඩුහත” නම් දියබරිහිස සමානපටිය “මුරජ” නම් බොහෝ ලනු එක්කොට අනෙකකින් වෙළා මුරජවැටි සටහන් ඇතිව කරණලද පටිය “මද්දවීන” නම් හවඩිය සමාන පටිය මෙබඳු වූ එකෙකුත් නොවටියි. බොහෝ පටි නොවටිනබව කියනු කිම, “පට්ටිකං සූකරන්තකං” යන මෙහි ප්‍රකෘතියෙන් වියනලද්දා වූ හෝ මස්කටු සමානකොට වියනලද වූ හෝ පටිය වටියි. සෙසු ඇත් ඇස් ආදී වූ සටහන් තබා කළ පටි නොවටියි. “සූකරන්තක” නම් යතුරුලන පසුම්බි සටහන් ඇත්තේ වේ. එක රජ්ජුකයද සිවුරැස් නොකොට හවඩි අයුරෙන් වියූ මුද්දිකා කායබන්‍ධනයද සූකරන්තකයට අනුලොම් වේ. “අනුජානාමි භික්‍ඛවෙ මුරජං මද්දවීතං” මේ මුරජ-මද්දජන යන පටි දෙක දාහිම අනුදන්නා ලදී. මෙහි හවඩි සටහන් ඇති දාවද සතරකට වැඩියෙන් නොවටියි. “සොහක” නම් වෙලා මුවවිට මැසීමය. “ගුණක” නම් වරාහැල් කරල් අග අයුරෙන් මැසීමය. මෙසේ මසනලද පටි, කෙළවර ස්ථිර වේ. “පවනන්තො”යි පාසකෙළවර කියනු ලැබේ.

හත්‍ථිසොණ‍්ඩකං නාම නාභිමූලතො හත්‍ථිසොණ‍්ඩසණ‍්ඨානං ඔලම‍්බකං කත්‍වා නිවත්‍ථං චොළිකඉත්‍ථීනං නිවාසනං විය. මච‍්ඡවාළකං නාම එකතො දසන‍්තං එකතො පාසන‍්තං ඔලම‍්බෙත්‍වා නිවත්‍ථං. චතුකණ‍්ණකං නාම උපරි ද‍්වෙ, හෙට‍්ඨතො ද‍්වෙති එවං චත‍්තාරො කණ‍්ණෙ දස‍්සෙත්‍වා නිවත්‍ථං. තාලවණ‍්ටකං නාම තාලවණ‍්ටාකාරෙන සාටකං ඔලම‍්බෙත්‍වා නිවාසනං. සතවලිකං නාම දීඝසාටකං අනෙකක‍්ඛත‍්තුං ඔභඤ‍්ජිත්‍වා ඔවට‍්ටිකං කරොන‍්තෙන නිවත්‍ථං, වාමදක‍්ඛිණපස‍්සෙසු වා නිරන‍්තරං වලියො දස‍්සෙත්‍වා නිවත්‍ථං. සචෙ පන ජාණුතො පට‍්ඨාය එකා වා ද‍්වෙ වා වලියො පඤ‍්ඤායන‍්ති, වට‍්ටති.

“හත්‍ථිසොණ්ඩක” නම් නැබමුල පටන් ඇත්සොඬට බඳු සටහන් ඇතිව එල්වීමකොට සොළීරට ගෑණුන්ගේ හැඳීම මෙන් හැඳීමය. “මච්ඡවාලක” නම් එක්පසකින් දාවලු කෙළවර, එක් පසකින් පාසකෙළවර එල්වා හැඳීමය. “චතුකණ්ණක” නම් උඩ දෙකොණෙක යට දෙකොණෙකැ’යි මෙසේ කොන්සතර දක්වා හැඳීමය. “තාලවණ්ටක” නම් තල්වැටක අයුරෙන් වස්ත්‍රය එල්වා ඇඳීමය. “සතවල්ලිකං” නම් දිග් සළුව නොයෙක්වර නවා වැටිකරන්නහු විසින් හැඳීමය. වම් දකුණු පස්හි නිරතුරුව රැලි දක්වා හැඳීමය. ඉදින් දණ පටන් එකක් හෝ දෙකක් හෝ රැලි පෙනේනම් වටියි.

සංවෙල‍්ලියං නිවාසෙන‍්තීති මල‍්ලකම‍්මකාරාදයො විය කච‍්ඡං බන්‍ධිත්‍වා නිවාසෙන‍්ති; එවං නිවාසෙතුං ගිලානස‍්සපි මග‍්ගප‍්පටිපන‍්නස‍්සපි න වට‍්ටති. යම‍්පි මග‍්ගං ගච‍්ඡන‍්තා එකං වා ද‍්වෙ වා කොණෙ උක‍්ඛිපිත්‍වා අන‍්තරවාසකස‍්ස උපරි ලග‍්ගෙන‍්ති, අන‍්තො වා එකං කාසාවං තථා නිවාසෙත්‍වා බහි අපරං නිවාසෙන‍්ති, සබ‍්බං න වට‍්ටති. ගිලානො පන අන‍්තො කාසාවස‍්ස ඔවට‍්ටිකං දස‍්සෙත්‍වා අපරං උපරි නිවාසෙතුං ලභති. අගිලානෙන ද‍්වෙ නිවාසෙන‍්තෙන සගුණං කත්‍වා නිවාසෙතබ‍්බානි. ඉති යඤ‍්ච ඉධ පටික‍්ඛිත‍්තං, යඤ‍්ච සෙඛියවණ‍්ණනායං; තං සබ‍්බං වජ‍්ජෙත්‍වා නිබ‍්බිකාරං තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන පරිමණ‍්ඩලං නිවාසෙතබ‍්බං. යංකිඤ‍්චි විකාරං කරොන‍්තො දුක‍්කටා න මුච‍්චති. න භික‍්ඛවෙ ගිහිපාරුතං පාරුපිතබ‍්බන‍්ති එවං පටික‍්ඛිත‍්තං ගිහිපාරුතං අපාරුපිත්‍වා, උභො කණ‍්ණෙ සමං කත්‍වා පාරුපනං පරිමණ‍්ඩලපාරුපනං නාම, තං පාරුපිතබ‍්බං.

“සංවෙල්ලියං නිවාසෙන්ති” මල්ලකර්‍මකාරාදීහු බඳපටිය බඳිත්. මෙසේ හැඳීම ගිලන්හටත් මගට පිළිපන්හටත් නොවටියි. මග යන්නාහු යම් එක් කොණක් හෝ කොන් දෙකක් හෝ උස්කොට අඳනය මතුවෙහි එල්ලත්ද, ඇතුළත හෝ එක් කසාවතක් එසේ හැඳ පිටත අනිකක් හදිත්ද සියල්ල නොවටියි. ගිලන් තෙමේ වනාහි යටසිවුර රැලි දක්වා අනිකක් මතුවෙහි හැඳීම ලබන්නේය. දෙකක් අඳින නොගිලනහු විසින් දෙක එක්කොට හැඳියයුතුය. මෙසේ මෙහි යමක් ප්‍රතික්‍ෂෙප කරණ ලද්දේ ද, සෙඛියා වර්‍ණනාවෙහි යමක් දක්වන ලද්දේ ද, ඒ සියල්ල හැර විකාර රහිතව තෙමඩුලු වසන්නහු විසින් හාත්පසින් වටකොට හැඳිය යුතුය. යම්කිසි විකාරයක් කරණුයේ දුක්කටයෙන් නොමිදේ. “න භික්‍ඛවෙ ගිහීපාරුතං පාරුපිතබ්බං” මෙසේ ප්‍රතික්‍ෂෙප කරණලද ගිහීපාරුතය නොපොරොවා දෙකොන් සමකොට පෙරවීම පරිමණ්ඩල පාරුපනය නම. ඒ පාරුපනය පෙරවිය යුතුය.

තත්‍ථ යංකිඤ‍්චි සෙතපටපාරුතං පරිබ‍්බාජකපාරුතං එකසාටකපාරුතං සොණ‍්ඩපාරුතං අන‍්තෙපුරිකපාරුතං මහාජෙට‍්ඨකපාරුතං කුටිපවෙසකපාරුතං බ්‍රාහ‍්මණපාරුතං පාළිකාරකපාරුතන‍්ති එවමාදි පරිමණ‍්ඩලලක‍්ඛණතො අඤ‍්ඤථා පාරුතං, සබ‍්බමෙතං ගිහිපාරුතං නාම. තස‍්මා යථා සෙතපටා අඩ‍්ඪපාලකනිගණ‍්ඨා පාරුපන‍්ති, යථා ච එකච‍්චෙ පරිබ‍්බාජකා උරං විවරිත්‍වා ද‍්වීසු අංසකූටෙසු පාවුරණං ඨපෙන‍්ති, යථා ච එකසාටකා මනුස‍්සා නිවත්‍ථසාටකස‍්ස එකෙනන‍්තෙන පිට‍්ඨිං පාරුපිත්‍වා උභො කණ‍්ණෙ උභොසු අංසකූටෙසු ඨපෙන‍්ති, යථා ච සුරාසොණ‍්ඩාදයො සාටකෙන ගීවං පරික‍්ඛිපන‍්තා උභො අන‍්තෙ උදරෙ වා ඔලම‍්බෙන‍්ති; පිට‍්ඨියං වා ඛිපන‍්ති, යථා ච අන‍්තෙපුරිකායො අක‍්ඛිතාරකමත‍්තං දස‍්සෙත්‍වා ඔගුණ‍්ඨිකං පාරුපන‍්ති, යථා ච මහාජෙට‍්ඨා දීඝසාටකං නිවාසෙත්‍වා තස‍්සෙව එකෙනන‍්තෙන සකලසරීරං පාරුපන‍්ති, යථා ච කස‍්සකා ඛෙත‍්තකුටිං පවිසන‍්තා සාටකං පලිවෙඨෙත්‍වා උපකච‍්ඡකෙ පක‍්ඛිපිත්‍වා තස‍්සෙව එකෙනන‍්තෙන සරීරං පාරුපන‍්ති, යථා ච බ්‍රාහ‍්මණා උභින‍්නං උපකච‍්ඡකානං අන‍්තරෙන සාටකං පවෙසෙත්‍වා අංසකූටෙසු පක‍්ඛිපන‍්ති, යථා ච පාළිකාරකො භික‍්ඛු එකංසපාරුපනෙන පාරුතං වාමබාහුං විවරිත්‍වා චීවරං අංසකූටං ආරොපෙති; එවං අපාරුපිත්‍වා සබ‍්බෙපි එතෙ අඤ‍්ඤෙ ච එවරූපෙ පාරුපනදොසෙ වජ‍්ජෙත්‍වා නිබ‍්බිකාරං පරිමණ‍්ඩලං පාරුපිතබ‍්බං. තථා අපාරුපිත්‍වා ආරාමෙ වා අන‍්තරඝරෙ වා අනාදරෙන යංකිඤ‍්චි විකාරං කරොන‍්තස‍්ස දුක‍්කටං.

එහි ශ්වෙතපටපාරුතය, පරිව්‍රාජකපාරුතය, එකසාටකපාරුතය, සොණ්ඩපාරුතය, අන්තොපුරිකපාරුතය, මහාජෙට්ඨකපාරුකය, කුටිපවෙසක පාරුතය, බ්‍රාහ්මණපාරුතය, බ්‍රාහ්මණපාරුතය, පාළිකාරකපාරුතය යන මේ ආදියය, පරිමණ්ඩල ලක්‍ෂණයෙන් අන් අයුරකින් පොරවන ලද බැවින් මේ සියල්ල ගිහිපාරුත නම. එහෙයින් සුදු පිළිහඳින අර්‍ධපාලක නිගණ්ඨයෝ යම්සේ පොරවත්ද, සමහර පරිව්‍රාජකයෝ ලය විවෘතකොට දෙඅසකැටයන්හි යම්සේ පොරෝණය තබත්ද, එක් සළුවක් හඳින මනුෂ්‍යයෝ හඳින ලද සළුවෙහි එක් කොණකින් පිට පොරොවා දෙකොණ දෙඅංසකූටයන්හි යම්සේ තබත්ද, සුරාසොණ්ඩාදීහු සළුවෙන් බෙල්ල වටකරන්නාහු දෙකෙළවර ගෙණ යම්සේ උදරයෙහි හෝ එල්වත්ද, පිටෙහි හෝ දමත්ද, අන්තඃපුරස්ත්‍රීහු ඇස් තරු පමණක් දක්වා යම්සේ හිස වසා පොරොවත්ද, මහජ්‍යෙෂ්ඨයෝ දිග්සළුව හැඳ, ඒ සළුවෙහිම එක් කොණකින් යම්සේ සියලු සිරුර පොරොවත්ද තෙත් කිළියට පිවිසෙන ගොවියෝ සළුව වෙළා කිසිල්ලෙහි බහා ඇතුල්කොට එහිම එක් කොණකින් යම්සේ සිරුර පොරොවත්ද, බ්‍රාහ්මණයෝ කිසිළි දෙක අතරෙහි සළුව ඇතුල්කොට අංසකුටයන්හි යම්සේ තබත්ද, පාළිකාරකභික්‍ෂුතෙමේ එකස්කොට පොරොවනයෙන් පොරොවන ලද්ද වම්අත විවෘතකොට යම්සේ සිවුර අංසකූටයට නගාද, එසේ නොපොරොවා මේ සියල්ලන් මෙබඳු අන්‍යවූද පාරුපනදොසයන් හැර විකාරරහිතව හාත්පසින් වටකොට පෙරවිය යුතුය. එසේ නොපොරොවා ආරාමයෙහි හෝ ඇතුළුගමෙහි හෝ අනාදරයෙන් කිසි විකාරයක් කරන මහණහුට දුක්කටය වේ.

මුණ‍්ඩවට‍්ටීති යථා රඤ‍්ඤො කුහිඤ‍්චි ගච‍්ඡතො පරික‍්ඛාරභණ‍්ඩවහනමනුස‍්සාති අධිප‍්පායො. අන‍්තරාකාජන‍්ති මජ‍්ඣෙ ලග‍්ගෙත්‍වා ද‍්වීහි වහිතබ‍්බභාරං.

[missing trans]

අචක‍්ඛුස‍්සන‍්ති චක‍්ඛූනං හිතං න හොති; පරිහානිං ජනෙති. නච‍්ඡාදෙතීති න රුච‍්චති. අට‍්ඨඞ‍්ගුලපරමන‍්ති මනුස‍්සානං පමාණඞ‍්ගුලෙන අට‍්ඨඞ‍්ගුලපරමං. අතිමටාහකන‍්ති අතිඛුද‍්දකං.

“අචක්‍ඛුස්ස” ඇස්වලට හිතනොවේ. පරිහානිය උපදවයි. “නච්ඡාදෙති” බත් රුචිනොවේ. “අට්ඨඞ්ගුපරමං” මිනිසුන්ගේ ප්‍රමාණ අඟුලෙන් අටඟුලක් පමණකොට ඇති

දායං ආලිම‍්පෙන‍්තීති තිණවනාදීසු අග‍්ගිං දෙන‍්ති. පටග‍්ගින‍්ති පටිඅග‍්ගිං. පරිත‍්තන‍්ති අප‍්පහරිතකරණෙන වා පරිඛාඛණනෙන වා පරිත‍්තාණං. එත්‍ථ පන අනුපසම‍්පන‍්නෙ සති සයං අග‍්ගිං දාතුං න ලභති, අසති අග‍්ගිම‍්පි දාතුං ලභති, භූමිං තච‍්ඡෙත්‍වා තිණානිපි හරිතුං, පරිඛම‍්පි ඛණිතුං, අල‍්ලසාඛං භඤ‍්ජිත්‍වාපි අග‍්ගිං නිබ‍්බාපෙතුං ලභති, සෙනාසනං පත‍්තං වා අප‍්පත‍්තං වා තථා නිබ‍්බාපෙතුං ලභතියෙව. උදකෙන පන කප‍්පියෙනෙව ලභති, න ඉතරෙන.

“පටග්ගි” නැවැත ගිනි දෙන්නට “පරිත්තං” තණ පහකිරීමෙන් හෝ අගල් කැණීමෙන් හෝ රැකීම මෙහි වනාහි අනුපසම්පන්නයකු නැති කල්හි ගිනිද දෙන්නට පොළොව සැස තණදපහකරන්නට අගල්ද කණින්නට අමුකොළ අතු කඩා ගිනි නිවන්නටද ලබයි. සෙනසුනට පැමිණ ගින්න හෝ සෙනසුනට නොපැමිණි ගින්න හෝ එසේ නිවන්නට ලබයි. කැප ජලයෙන්ම ලබයි. අනික් අකැප ජලයෙන් නොලබයි.

සති කරණීයෙති සුක‍්ඛකට‍්ඨාදිග‍්ගහණකිච‍්චෙ සති. පොරිසියන‍්ති පුරිසප‍්පමාණං. ආපදාසූති වාළමිගාදයො වා දිස‍්වා මග‍්ගමූළ‍්හො වා දිසා ඔලොකෙතුකාමො හුත්‍වා දවඩාහං වා උදකොඝං වා ආගච‍්ඡන‍්තං දිස‍්වා එවරූපාසු ආපදාසු අතිඋච‍්චම‍්පි රුක‍්ඛං ආරොහිතුං වට‍්ටති.

“සති කරණීයෙ” වියලිදර ආදියෙහි ගැණීම් කිසක් ඇති කල්හි “පොරිසියං” පුරුෂ ප්‍රමාණ. “ආපදාසු” ව්‍යාලමෘගාදීන් දැක හෝ මංමුළා වූවෙක්ම දිග් බලනු කැමතිව හෝ ලැව් ගින්නක් හෝ එන දිය පහරක් දැක හෝ මෙබඳු ආපදාවන්හි ඉතා උස්වූ රුකට හෝ නැගීම වරද නොවේ.

කල්‍යාණවාක‍්කරණාති මධුරසද‍්දා. ඡන්‍දසො ආරොපෙමාති වෙදං විය සක‍්කතභාසාය වාචනාමග‍්ගං ආරොපෙම. සකාය නිරුත‍්තියාති එත්‍ථ සකා නිරුත‍්ති නාම සම‍්මාසම‍්බුද‍්ධෙන වුත‍්තප‍්පකාරො මාගධිකො වොහාරො.

“කල්‍යාණවාක්කරණා” මිහිරි ශබ්ද ඇත්තාහු. “ඡන්‍දසො ආරොපෙම” වේදය මෙන් සංස්කෘත භාෂාවෙහි වාචනාමාර්‍ගයට නගම්හ. “සකාය නිරත්තියා” මෙහි ස්වකීය නිරුක්ති නම් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ආකාර ඇති මාගධ ව්‍යවහාරය වේ.

ලොකායතං නාම සබ‍්බං උච‍්ඡිට‍්ඨං, සබ‍්බං අනුච‍්ඡිට‍්ඨං, සෙතො කාකො, කාළො බකො; ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති එවමාදිනිරත්‍ථකකාරණපටිසංයුත‍්තං තිත්‍ථියසත්‍ථං.

“ලොකායත” නම් ‘මෙද කරුණෙන් මෙද කරුනෙන් සියල්ල ඉඳුල්ය, සියල්ල ඉඳුල් නොවේ, කවුඩා සුදුය, කොකා කලුය’යි මේ ආදීවූ නිරර්‍ත්‍ථික කාරණයන්ගෙන් ප්‍රතිසංයුක්ත වූ තීර්ථකශාස්ත්‍රයය.

අන‍්තරා අහොසීති අන‍්තරිතා අහොසි පටිච‍්ඡන‍්නා.

“අන්තරා අහොසි” අතර කරණ ලදය. පිළිසන්වූවාය.

ආබාධප‍්පච‍්චයාති යස‍්ස ආබාධස‍්ස ලසුණං භෙසජ‍්ජං; තප‍්පච‍්චයාති අත්‍ථො.

“ආබාධප්පච්චයා” යම් ආබාධයකට ලසුනං ලුනු බෙහෙත්වේද, ඒ හෙතුකොටය.

පස‍්සාවපාදුකන‍්ති එත්‍ථ පාදුකා ඉට‍්ඨකාහිපි සිලාහිපි දාරූහිපි කාතුං වට‍්ටති. වච‍්චපාදුකායපි එසෙව නයො. පරිවෙණන‍්ති වච‍්චකුටිපරික‍්ඛෙපබ‍්භන‍්තරං.

“පස්සාවපාදුකං” යන මෙහි පස්සාවපාදුකාව ගඩොලින්ද ගලින්ද දැවයෙන්ද කිරීම සුදුසු වේ. වච්චපාදුකාවෙහි ද මේනයම වේ. “පරිවෙණං” වච්චකුටිය වටකිරීමතුළ.

යථාධම‍්මො කාරෙතබ‍්බොති දුක‍්කටවත්‍ථුම‍්හි දුක‍්කටෙන පාචිත‍්තියවත්‍ථුම‍්හි පාචිත‍්තියෙන කාරෙතබ‍්බො. පහරණත්‍ථං කතං පහරණීති වුච‍්චති, යස‍්ස කස‍්සචි ආවුධසඞ‍්ඛාතස‍්සෙතං අධිවචනං, තං ඨපෙත්‍වා අඤ‍්ඤං සබ‍්බං ලොහභණ‍්ඩං අනුජානාමීති අත්‍ථො. කතකඤ‍්ච කුම‍්භකාරිකඤ‍්චාති එත්‍ථ කතකං වුත‍්තමෙව. කුම‍්භකාරිකඤ‍්චාති ධනියස‍්සෙව සබ‍්බමත‍්තිකාමයකුටි වුච‍්චති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“යථාධම්මො කාරෙතබ්බො” දුක්කට වස්තුවෙහි දුක්කටය හෙතුකොට, පාචිත්තිය වස්තුවෙහි පාචිත්තිය හෙතුකොට කරවිය යුත්තේය. “කතකඤ්ච කුම්හකාරිකඤ්ච” යන මෙහි කතකය කියනලදමය. කුම්හකාරිකා යන මෙයින් ධනිය ස්ථවිරයන්ගේ මෙන් සියල්ල මැටියෙන් කළ කිළිය කියනු ලැබේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

ඛුද‍්දකවත්‍ථුකථා නිට‍්ඨිතා.

ඛුද‍්දකවත්‍ථුක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.