යෙදුමෙන් කියවන්න

විහාරානුජානනකථා අට‍්ඨකථා

විහාරානුජානනකථා

විහාරානුජානනකථා

සෙනාසනක‍්ඛන්‍ධකෙ – අපඤ‍්ඤත‍්තං හොතීති අනනුඤ‍්ඤාතං හොති. විහාරො නාම අඩ‍්ඪයොගාදිමුත‍්තකො අවසෙසාවාසො. අඩ‍්ඪයොගොති සුපණ‍්ණවඞ‍්කගෙහං. පාසාදොති දීඝපාසාදො. හම‍්මියන‍්ති උපරිආකාසතලෙ පතිට‍්ඨිතකූටාගාරො පාසාදොයෙව. ගුහාති ඉට‍්ඨකාගුහා සිලාගුහා දාරුගුහා පංසුගුහා. ආගතානාගතස‍්ස චාතුද‍්දිසස‍්ස සඞ‍්ඝස‍්සාති ආගතස‍්ස ච අනාගතස‍්ස ච චතූසු දිසාසු අප‍්පටිහතචාරස‍්ස චාතුද‍්දිසස‍්ස සඞ‍්ඝස‍්ස.

සෙනාසනක්‍ඛන්‍ධකයෙහි - “අප්පඤ්ඤත්තං හොති” ඒ කාලයෙහි විහාර සෙනසුන නොඅනුදන්නා ලද්දේ වේ. “විහාර” නම් අදර්‍ධයොගාදියෙන් මුක්ත වූ සෙසු ආවාසයයි. “අඩ්ඪයොගො” ගුරුළුපියාපත් ලෙසින් කළවහල ඇති ගෙය “පාසාදො” දිග්පහය “හම්මියං” ඉතා උස්වූ මුදුන් වහල සහිත ප්‍රාසාදය කුළුගෙය පහයමය. “ගුහා” ගඩොලින් කළ ගුහාය, ගලින් කළ ගුහාය, දැවයෙන් කළ ගුහාය, පසින් කළ ගුහාය. “ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස” ආවාවූද නොආවාවූද සිවුදිසා වැසි සඞ්ඝයා උදෙසා,

අනුමොදනගාථාසු – සීතං උණ‍්හන‍්ති උතුවිසභාගවසෙන වුත‍්තං. සිසිරෙ චාපි වුට‍්ඨියොති එත්‍ථ සිසිරොති සම‍්ඵුසිතකවාතො වුච‍්චති. වුට‍්ඨියොති උජුකමෙඝවුට‍්ඨියො එව. එතානි සබ‍්බානි පටිහන‍්තීති ඉමිනාව පදෙන යොජෙතබ‍්බානි.

අනුමොදනාගාථාවන්හි “සීතං උණ්හං” යනු සෘතුවිසභාග වශයෙන් වදාරණලදී. “සිසිරෙ චාපි වුට්ඨියො” යන මෙහි “සිසිරො” පොද බිඳු සහිත වාතය තෙමේ කියනු ලැබේ. “වුට්ඨියො” සෘජුවූ මෙඝ වර්‍ෂාමය. මේ සියල්ල “පටිහන්ති” යන මේ පදය හා ම යෙදියයුතුය.

පටිහඤ‍්ඤතීති විහාරෙන පටිහඤ‍්ඤති. ලෙණත්‍ථන‍්ති නිලීයනත්‍ථං. සුඛත්‍ථන‍්ති සීතාදිපරිස‍්සයාභාවෙන සුඛවිහාරත්‍ථං. ඣායිතුඤ‍්ච විපස‍්සිතුන‍්ති ඉදම‍්පි පදද‍්වයං “සුඛත්‍ථඤ‍්චා”ති ඉමිනාව පදෙන යොජෙතබ‍්බං. ඉදඤ‍්හි වුත‍්තං හොති – සුඛත්‍ථඤ‍්ච විහාරදානං, කතමං සුඛත්‍ථං? ඣායිතුං විපස‍්සිතුඤ‍්ච යං සුඛං, තදත්‍ථං. අථ වා පරපදෙනපි යොජෙතබ‍්බං – ඣායිතුඤ‍්ච විපස‍්සිතුඤ‍්ච විහාරදානං; ඉධ ඣායිස‍්සන‍්ති විපස‍්සිස‍්සන‍්තීති දදතො විහාරදානං සඞ‍්ඝස‍්ස අග‍්ගං බුද‍්ධෙන වණ‍්ණිතං. වුත‍්තඤ‍්හෙතං – “සො ච සබ‍්බදදො හොති, යො දදාති උපස‍්සය”න‍්ති (සං· නි· 1.42).

“පටිහඤ්ඤති” විහාරය හෙතුකොට නැසේ. “ලෙණත්‍ථං” සැඟවී සිටීම පිණිස. “සුඛත්‍ථං” ශීතාදි උපද්‍රවරහිත බැවින් සැප විහරණය පිණිස “ඣායිතුඤ්ච විපස්සිතුං” මේ දෙපදය ද “සුඛත්‍ථඤ්ච” යන මේ පදය හා යෙදියයුතුය. විහාරදානය සැප පිණිසද පවතීයයි මේ වදාරණ ලද්දේ වේ. කවර සැපයක් පිණිසද, යත්:- ධ්‍යාන වඩන්නටද විදර්‍ශනා වඩන්නටද, යම් සැපයෙක්වේද, ඒ පිණිසය. තවද පරපදය සමගත් යෙදිය යුතුය. විහාරදානය ධ්‍යාන වඩන්නටද විදර්‍ශනා වඩන්නටද යන දෙකරුණ පිණිස පවත්නේය. මෙහි ධ්‍යාන වඩන්නාහ. විදර්‍ශනා වඩන්නාහ’යි සඞ්ඝයාහට දෙන්නහුගේ විහාරදානය බුදුරජාණන් වහන්සේ විසින් අග්‍රයයි වර්‍ණනා කරණ ලද්දේය. “සො ච සබ්බදදො හොති යො දදාති උපස්සයං”යි මෙය වදාරණ ලද්දේය.

යස‍්මා ච අග‍්ගං වණ‍්ණිතං , “තස‍්මා හි පණ‍්ඩිතො පොසො”ති ගාථා. වාසයෙත්‍ථ බහුස‍්සුතෙති එත්‍ථ විහාරෙ පරියත‍්තිබහුස‍්සුතෙ ච පටිවෙධබහුස‍්සුතෙ ච වාසෙය්‍ය. තෙසං අන‍්නඤ‍්චාති යං තෙසං අනුච‍්ඡවිකං අන‍්නඤ‍්ච පානඤ‍්ච වත්‍ථානි ච මඤ‍්චපීඨාදිසෙනාසනානි ච, තං සබ‍්බං තෙසු උජුභූතෙසු අකුටිලචිත‍්තෙසු. දදෙය්‍යාති නිදහෙය්‍ය. තඤ‍්ච ඛො විප‍්පසන‍්නෙන චෙතසා න චිත‍්තප‍්පසාදං විරාධෙත්‍වා, එවං විප‍්පසන‍්නචිත‍්තස‍්ස හි තෙ තස‍්ස ධම‍්මං දෙසෙන‍්ති…පෙ… පරිනිබ‍්බාති අනාසවොති.

යම් හෙයකින් අග්‍රයයි වදාරණ ලද්දේ ද “තස්මා හි පණ්ඩිතො පොසො” යන ගාථාව එහිලාද වදාරණ ලදය. “වාසයෙත්‍ථ බහුස්සුතෙ” යන මෙහි විහාරයෙහි පර්‍ය්‍යාප්ති බහුශ්‍රැතයන්ද ප්‍රතිවෙධ බහුශ්‍රැතයන්ද වාසය කරවන්නේය. “තෙසං අන්නංච” ඒ බහුශ්‍රැතයන්ට සුදුසුවූ ආහාරද පැන්ද වස්ත්‍රයන්ද ඇඳපුටු ආදි සෙනසුන්ද යන යමක්වේද, ඒ සියල්ල ඒ සෘජුවූ අකුටිලසිත් ඇත්තාවූ ඔවුන් කෙරෙහි “දදෙය්‍ය” පිහිටුවන්නේය. භෙදවනාහි විශේෂයෙන් ප්‍රසන්න සිතින් චිත්තප්‍රසාදය වළකානොවේ. මෙසේ වෙසෙසින් පහන් සිත් ඇත්තහුටමය. ඒ බහුශ්‍රැතයෝ ඒ විහාරදායකයාහට දහම් දෙසත් -පෙ- ආස්‍රවරහිතවූයේ පිරිනි වේ.

ආවිඤ‍්ඡනච‍්ඡිද‍්දං ආවිඤ‍්ඡනරජ‍්ජුන‍්ති එත්‍ථ රජ‍්ජු නාම සචෙපි දීපිනඞ‍්ගුට‍්ඨෙන කතා හොති, වට‍්ටතියෙව; න කාචි න වට‍්ටති. තීණි තාළානීති තිස‍්සො කුඤ‍්චිකායො. යන‍්තකං සූචිකන‍්ති එත්‍ථ යං යං ජානාති තං තං යන‍්තකං, තස‍්ස විවරණසූචිකඤ‍්ච කාතුං වට‍්ටති. වෙදිකාවාතපානං නාම චෙතියෙ වෙදිකාසදිසං. ජාලවාතපානං නාම ජාලකබද‍්ධං. සලාකවාතපානං නාම ථම‍්භකවාතපානං. චක‍්කලිකන‍්ති එත්‍ථ චොළකපාදපුඤ‍්ඡනං බන්‍ධිතුං අනුජානාමීති අත්‍ථො. වාතපානභිසීති වාතපානප‍්පමාණෙන භිසිං කත්‍වා බන්‍ධිතුං අනුජානාමීති අත්‍ථො. මිඩ‍්ඪින‍්ති මිඩ‍්ඪකං. බිදලමඤ‍්චකන‍්ති වෙත‍්තමඤ‍්චං; වෙළුවිලීවෙහි වා වීතං.

“ආවිඤ්ජනච්ඡිද්දං ආවිඤ්ජනරජ්ජුං” මෙහි කවුළුව පැහැසීමට අනුදත් රැහන නම් දිවි නගුටෙන් කරණලද්දීනම් වටීමය. වෙනකිසි රැහනක් නොවටී “තීහි තාළානි” අනුදත් යතුරුමුදු තුනය. “යන්තකං සූචිකං” මෙහි දොර අගුල ලෑම පිණිස යමක් යමක් දනීද, ඒ ඒ යන්ත්‍රයද, ඒ දොර අරින කූරද කිරීම වටියි. “වෙදිකාවාතපාන” නම් සෑයෙහි පිල සමානවූ “ජාලවාතපාන” නම් දැලක් සමානව බැඳි වාතපානය. “සලාකවාතපාන” නම් ටැම්තබා සෑදු වාතපානය “වක්කලිකං” මෙහි වස්ත්‍රයෙන් කළ පාපිස්නක් බඳින්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි. “වාතපාන භිසි” ජනෙල් කවුළුව පමණින් බිස්සක්කොට බඳින්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි. “මීඪං” මැස්සක ආකාරයෙන් දැවමැටි ආදියෙන් කළ පිලක ආකාර මීඪය. “විදලමඤ්චං” වේවැල් ඇඳ. හුණබටින් හෝ විසූ ඇඳ.

ආසන්‍දිකොති චතුරස‍්සපීඨං වුච‍්චති. උච‍්චකම‍්පි ආසන්‍දිකන‍්ති වචනතො එකතොභාගෙන දීඝපීඨමෙව හි අට‍්ඨඞ‍්ගුලපාදකං වට‍්ටති, චතුරස‍්සආසන්‍දිකො පන පමාණාතික‍්කන‍්තොපි වට‍්ටතීති වෙදිතබ‍්බො. සත‍්තඞ‍්ගො නාම තීසු දිසාසු අපස‍්සයං කත්‍වා කතමඤ‍්චො, අයම‍්පි පමාණාතික‍්කන‍්තො වට‍්ටති. භද‍්දපීඨන‍්ති වෙත‍්තමයං පීඨං වුච‍්චති. පීඨිකාති පිලොතිකාබද‍්ධපීඨමෙව. එළකපාදපීඨං නාම දාරුපට‍්ටිකාය උපරි පාදෙ ඨපෙත්‍වා භොජනඵලකං විය කතපීඨං වුච‍්චති. ආමලකවට‍්ටිකපීඨං නාම ආමලකාකාරෙන යොජිතං බහුපාදකපීඨං. ඉමානි තාව පාළියං ආගතපීඨානි. දාරුමයං පන සබ‍්බං පීඨං වට‍්ටතීති අයමෙත්‍ථ විනිච‍්ඡයො. කොච‍්ඡන‍්ති උසිරමයං වා මුඤ‍්ජපබ‍්බජමයං වා.

“ආසන්‍දිකො” සිවුරැස් පුටුව කියනු ලැබේ. “උච්චකම්පි ආසන්‍දිකං”යි වදාළ වචනයෙන් එක් පසකින් දිග් පුටුවම අටඟුල් පා ඇත්තේ නොවටියි. සිවුරැස් ආසන්‍දිය වනාහි පමණ ඉකුත් වූයේත් වටීයයි දතයුතුය. “සත්තඞ්ග” නම් තුන් පසෙක හේත්තු ඇඳි තුනක් යොදා කළ ඇඳ මේ ඇඳක් පමණ ඉක්මවූයේද, වටියි. “භද්දපීඨං” වේවැලින් කළ පුටුව කියනු ලැබේ. “පීඨිකා” රෙදිකැබලි බැඳි පුටුවමය. “ඵලකපාදපීඨ” නම් දැවවැටිය මත්තෙහි පාතබා භොජනඵලකයක් මෙන් කළ පුටුමය. “ආමලක වට්ටිකපීඨ” නම් ඇඹුලුපල ආකාරයෙන් යෙදූ බොහෝ පා ඇති පුටුවය. මොවුහු වනාහි පෙළෙහි ආපුටුය. දැවයෙන් කළ සියලුම පුටු වටීය යනු මෙහි මේ විනිශ්චයයි. “කොච්ඡං” සුවඳ හොටින් කරණ ලද්දේ හෝ මුදුතණ බබුස්තණයෙන් කරණ ලද්දේ හෝ අටඟුල් පරමකොට ඇත්තේ වටියි.

අට‍්ඨඞ‍්ගුලපරමං මඤ‍්චපටිපාදකන‍්ති එත්‍ථ මනුස‍්සානං පමාණඞ‍්ගුලමෙව අට‍්ඨඞ‍්ගුලං. චිමිලිකා නාම පරිකම‍්මකතාය භූමියා ඡවිසංරක‍්ඛණත්‍ථාය අත්‍ථරණං වුච‍්චති. රුක‍්ඛතූලන‍්ති සිම‍්බලිරුක‍්ඛාදීනං යෙසං කෙසඤ‍්චි රුක‍්ඛානං තූලං. ලතාතූලන‍්ති ඛීරවල‍්ලිආදීනං යාසං කාසඤ‍්චි වල‍්ලීනං තූලං. පොටකිතූලන‍්ති පොටකිතිණාදීනං යෙසං කෙසඤ‍්චි තිණජාතිකානං අන‍්තමසො උච‍්ඡුනළාදීනම‍්පි තූලං. එතෙහි තීහි සබ‍්බභූතගාමා සඞ‍්ගහිතා හොන‍්ති. රුක‍්ඛවල‍්ලිතිණජාතියො හි මුඤ‍්චිත්‍වා අඤ‍්ඤො භූතගාමො නාම නත්‍ථි, තස‍්මා යස‍්ස කස‍්සචි භූතගාමස‍්ස තූලං බිම‍්බොහනෙ වට‍්ටති, භිසිං පන පාපුණිත්‍වා සබ‍්බම‍්පෙතං අකප‍්පියතූලන‍්ති වුච‍්චති. න කෙවලඤ‍්ච බිම‍්බොහනෙ එතං තූලමෙව, හංසමොරාදීනං සබ‍්බසකුණානං සීහාදීනං සබ‍්බචතුප‍්පදානඤ‍්ච ලොමම‍්පි වට‍්ටති. පියඞ‍්ගුපුප‍්ඵබකුළපුප‍්ඵාදි පන යංකිඤ‍්චි පුප‍්ඵං න වට‍්ටති. තමාලපත‍්තං සුද‍්ධමෙව න වට‍්ටති, මිස‍්සකං පන වට‍්ටති. භිසීනං අනුඤ‍්ඤාතං පඤ‍්චවිධං උණ‍්ණාදිතූලම‍්පි වට‍්ටති.

“අට්ඨඞ්ගුලපරමං මඤ්චපටිපාදකං” යන මෙහි මිනිසුන්ගේ පමණ අඟුලින්ම අටඟුල් ඇත්තේය. “චිලිමිකා” නම් පිරියම්කළ බිමෙහි පැහැය රකිනු පිණිස කළ ආස්තරණයයි කියනු ලැබේ. “රුක්‍ඛතූලං” ඉඹුල්රුක් ආදීවු යම්කිසි වෘක්‍ෂයන්ගේ පුලුන්ය. “ලතාතුලං” කිරිවැල් ආදීන්ගේ පුලුන්ය. “පොටකීතුලං” එරකතෘණාදීවූ යම්කිසි තෘණජාතීන්ගේ යටත්පිරිසෙයින් උක්බට ආදීන්ගේද පුලුන්ය. කොට්ට මසාගැණීමට අනුදත් මේ තෙවැදෑරුම් පුලුනෙන් සියලු භූතගාමයෝ සඞ්ග්‍රහ කරණලද්දාහු වෙත්. රුක්වැල් තණජාති හැර අන් භූතගාමයක් නැත්තේය. එහෙයින් යම්කිසි භූතගාමයක්හුගේ පුලුන් බිම්බොහනයෙහි ලාවටියි. බිස්සට පැමිණ මේ සියලු පුලුන් අකැප පුලුන්ය’යි කියනු ලැබේ. බිම්බොහනයෙහි මේ පුලුන් පමණක්ම හුදෙක් නොවටනේ නොවේ. හංස මොනර ආදී වූ සියලු පක්‍ෂීයන්ගේද, සිංහාදී වූ සියලු සිවුපාවුන්ගේද, ලොම්වටියි. රුක්මල් මූනමල් ආදීන් පිළිබඳ යම්කිසි මල්ද නොවටියි. කොල්ලම් කොළ පිරිසිදු කරණ ලද්දක්ම නොවටියි. අනිකක් හා එක්වූවක් වටියි බිසිවලට අනුදත් පස්වැදෑරුම් ඌර්‍ණදීවූ පුලුන්ද වටියි.

අද‍්ධකායිකානීති උපඩ‍්ඪකායප‍්පමාණානි, යෙසු කටිතො පට‍්ඨාය යාව සීසං උපදහන‍්ති. සීසප‍්පමාණං නාම යස‍්ස විත්‍ථාරතො තීසු කණ‍්ණෙසු ද‍්වින‍්නං කණ‍්ණානං අන‍්තරං මිනීයමානං විදත්‍ථි චෙව චතුරඞ‍්ගුලඤ‍්ච හොති, මජ‍්ඣට‍්ඨානං මුට‍්ඨිරතනං හොති. දීඝතො පන දියඩ‍්ඪරතනං වා ද‍්විරතනං වාති කුරුන්‍දියං වුත‍්තං. අයං සීසප‍්පමාණස‍්ස උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො. ඉතො උද‍්ධං න වට‍්ටති, හෙට‍්ඨා පන වට‍්ටති. අගිලානස‍්ස සීසුපධානඤ‍්ච පාදුපධානඤ‍්චාති ද‍්වයමෙව වට‍්ටති . ගිලානස‍්ස බිම‍්බොහනානි සන්‍ථරිත්‍වා උපරි පච‍්චත්‍ථරණං කත්‍වා නිපජ‍්ජිතුම‍්පි වට‍්ටති. “යානි පන භිසීනං අනුඤ‍්ඤාතානි පඤ‍්ච කප‍්පියතූලානි, තෙහි බිම‍්බොහනං මහන‍්තම‍්පි වට‍්ටතී”ති ඵුස‍්සදෙවත්‍ථෙරො ආහ. විනයධරඋපතිස‍්සත්‍ථෙරො පන “බිම‍්බොහනං කරිස‍්සාමී’ති කප‍්පියතූලං වා අකප‍්පියතූලං වා පක‍්ඛිපිත්‍වා කරොන‍්තස‍්ස පමාණමෙව වට‍්ටතී”ති ආහ.

“අද්ධකායිකානි” කයින් අඩක් පමණ වූ කොට්ට. යම් කොට්ට අතුරෙහි කටියෙහි පටන් හිස දක්වා තබත්ද. එබඳු කොට්ට වෙත්. “සීසප්පමාණං” හිස පමණවූ කොට්ටය නම්, යම් කොට්ටයක පළලින් තුන්කොන් අතුරෙහි දෙකොන් අතර මනිනු ලබන්නේ වියතක් හා සතරඟුලෙක්වේද, කොට්ටයෙහි මැද තැනමිටි රියනක් වේද, දිගින් එක්රියන් හමාරක් හෝ දෙරියනක් හෝ වේයයි කුරුන්‍දියෙහි කියනලදී. මෙය ශීර්‍ෂප්‍රමාණයාගේ උත්කර්‍ෂ පරිච්ඡෙදයයි. මෙයින් වැඩිව ගියේ නොවටියි. අඩුව ගියේ වටියි. නොගිලන්හට හිසතබන කොට්ටයද පාතබන කොට්ටයද යන දෙකම වටියි. ගිලන්හට කොට්ට අතුරා ඒ මතුවෙහි පසුතුරුණක් එලා හිඳීම වරද නොවේ. බිසි පිළිබඳව පස්වැදෑරුම් යම් කැප පුලුන් අනුදන්නා ලද්දාහුවෙත්ද, එයින් කොට්ටය මහත්වූයේද වටීය’යි ඵුස්සදෙව ස්ථවිර තෙමේ කීයේය. විනයධර උපතිස්ස ස්ථවිර තෙමේ වනාහි කොටයක් කරන්නෙමි’යි කැපපුලුන් හෝ අකැප පුලුන් හෝ බහා කරන්නහුට ප්‍රමාණය වටීයයි කීයේය.

පඤ‍්ච භිසියොති පඤ‍්චහි උණ‍්ණාදීහි පූරිතභිසියො. තූලගණනාය හි එතාසං ගණනා වුත‍්තා. තත්‍ථ උණ‍්ණග‍්ගහණෙන න කෙවලං එළකලොමමෙව ගහිතං, ඨපෙත්‍වා මනුස‍්සලොමං යංකිඤ‍්චි කප‍්පියාකප‍්පියමංසජාතීනං පක‍්ඛිචතුප‍්පදානං ලොමං, සබ‍්බං ඉධ උණ‍්ණග‍්ගහණෙනෙව ගහිතං. තස‍්මා ඡන‍්නං චීවරානං ඡන‍්නං අනුලොමචීවරානඤ‍්ච අඤ‍්ඤතරෙන භිසිච‍්ඡවිං කත්‍වා තං සබ‍්බං පක‍්ඛිපිත්‍වා භිසිං කාතුං වට‍්ටති. එළකලොමානි පන අපක‍්ඛිපිත්‍වා කම‍්බලමෙව චතුග‍්ගුණං වා පඤ‍්චගුණං වා පක‍්ඛිපිත්‍වා කතාපි උණ‍්ණභිසිසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති.

“පඤ්චභිසියො” පස්වැදෑරුම්වූ ඌර්‍ණදියෙන් පුරවනලද බිසිය. පුලුන් ගණනින්ම මේ බිසින්ගේ ගණන කියනලදී. එහි ඌර්‍ණග්‍රහනයෙන් හුදෙක් එළුලොම් පමණක්ම නොගන්නා ලදී. මිනිස් ලොම් හැර කැප අකැප මස්ජාති ඇති පක්‍ෂීන්ගේ හා සිවුපාවුන්ගේද යම්කිසි කැප ලොමයෙක්වේද, ඒ සියල්ල ඌර්‍ණග්‍රහනයෙන්ම ගන්නා ලදී. එහෙයින් සවදෑරුම් චීවරයන්ගේද සවැදෑරුම් අනුලොම චීවරයන්ගේද එක්තරා එකෙකින් බිසිඋරියක්කොට ඒ සියල්ල බහා කිරීම වරද නැත. එළුලොම් නොබහා කම්බලයම සිවුපටක් හෝ පස්පටක් බහා කරණ ලද්දීද, අනුදත් ඌර්‍ණභිසිසඞ්ඛ්‍යාවටම යන්නීය.

චොළභිසිආදීසු යංකිඤ‍්චි නවචොළං වා පුරාණචොළං වා සංහරිත්‍වා වා අන‍්තො පක‍්ඛිපිත්‍වා වා කතා චොළභිසි, යංකිඤ‍්චි වාකං පක‍්ඛිපිත්‍වා කතා වාකභිසි, යංකිඤ‍්චි තිණං පක‍්ඛිපිත්‍වා කතා තිණභිසි, අඤ‍්ඤත්‍ර සුද‍්ධතමාලපත‍්තං යංකිඤ‍්චි පණ‍්ණං පක‍්ඛිපිත්‍වා කතා පණ‍්ණභිසීති වෙදිතබ‍්බා. තමාලපත‍්තං පන අඤ‍්ඤෙන මිස‍්සමෙව වට‍්ටති, සුද‍්ධං න වට‍්ටති. භිසියා පමාණනියමො නත්‍ථි, මඤ‍්චභිසි පීඨභිසි භූමත්‍ථරණභිසි චඞ‍්කමනභිසි පාදපුඤ‍්ඡනභිසීති එතාසං අනුරූපතො සල‍්ලක‍්ඛෙත්‍වා අත‍්තනො රුචිවසෙන පමාණං කාතබ‍්බං. යං පනෙතං උණ‍්ණාදිපඤ‍්චවිධතූලම‍්පි භිසියං වට‍්ටති, තං “මසූරකෙපි වට‍්ටතී”ති කුරුන්‍දියං වුත‍්තං. එතෙන මසූරකං පරිභුඤ‍්ජිතුං වට‍්ටතීති සිද‍්ධං හොති.

රෙදිබිසි ආදීන් අතුරෙහි යම්කිසි අලුත් වස්ත්‍රයක් හෝ පරණ වස්ත්‍රයක් හෝ අතුරා හෝ ඇතුළත බහා හෝ කරණ ලද්දී චොලභිසි නම. යම්කිසි වැහරියක් බහා කරණලද්දී වාකභිසි නම. යම්කිසි තෘණයක් බහා කරණ ලද්දී තෘණභිසි නම. පිරිසිදු තමලුපත් හැර යම්කිසිපත් බහා කරණ ලද්දී පණිභිසියි දතයුතුය. තමලුපන් අනිකක් හා එක්වූවෙක්ම වටියි. තනි තමලුපතින් කරණ ලද්දී නොසුදුසුය. බිස්සෙහි ප්‍රමාණනියමෙක් නැත්තේය. මඤ්චභිසි, පීඨභිසි, භුම්මත්‍ථරණභිසි, චඞ්කමණභිසි, පාද පුඤ්ජනභිසි යන මොවුන්ට අනුරූප වශයෙන් සලකා තමන්ගේ කැමැත්ත ලෙසින් පමණ කටයුතුය. යම් මේ ඌර්‍ණදීවූ පස්වැදෑරුම් පුලුන්ද බිසි කිරීමෙහිලා ගතහැකිය. ඒ පුලුන් සම්මය බිස්සෙහිද ගතහැකියයි කුරුන්‍දියෙහි කියනලදී. මෙයින් සම්මය බිස්ස පරිභොග කටහැකිය යනු සිද්ධ වේ.

මඤ‍්චභිසිං පීඨෙ සන්‍ථරන‍්තීති මඤ‍්චභිසිං පීඨෙ අත්‍ථරන‍්ති; අත්‍ථරණත්‍ථාය හරන‍්තීති යුජ‍්ජති. උල‍්ලොකං අකරිත්‍වාති හෙට‍්ඨා චිමිලිකං අදත්‍වා. ඵොසිතුන‍්ති රජනෙන වා හලිද‍්දියා වා උපරි ඵුසිතානි දාතුං. භත‍්තිකම‍්මන‍්ති භිසිච‍්ඡවියා උපරි භත‍්තිකම‍්මං. හත්‍ථභත‍්තින‍්ති පඤ‍්චඞ‍්ගුලිභත‍්තිං.

“මඤ්චභිසිං පීඨෙ සංහරන්ති” ඇදෙහි අතුටමනා බිස්ස පුටුවෙහි අතුරත්. ඇතිරීම පිණිස ගෙනයතියිද යෙදේ. “උල්ලොකං අකරිත්‍වා” යටට ඇතිරියක් නොඵලා. “ඵුසිතුං” රදනින් හෝ කසාවෙන් හෝ උඩකින් ඉසීම කරන්නට ලබයි. “භත්තිකම්මං” ගුදිරි උරයෙහි මතුපිට බිතුවම් කිරීම. “හත්‍ථභත්තිං” පසඟුලිබිත්

ඉක‍්කාසන‍්ති රුක‍්ඛනිය්‍යාසං වා සිලෙසං වා. පිට‍්ඨමද‍්දන‍්ති පිට‍්ඨඛලිං. කුණ‍්ඩකමත‍්තිකන‍්ති කුණ‍්ඩකමිස‍්සකමත‍්තිකං. සාසපකුට‍්ටන‍්ති සාසපපිට‍්ඨං. සිත්‍ථතෙලකන‍්ති විලීනමධුසිත්‍ථකං. අච‍්චුස‍්සන‍්නං හොතීති බින්‍දු බින්‍දු හුත්‍වා තිට‍්ඨති. පච‍්චුද‍්ධරිතුන‍්ති පුඤ‍්ඡිතුං. ගණ‍්ඩුමත‍්තිකන‍්ති ගණ‍්ඩුප‍්පාදගූථමත‍්තිකං. කසාවන‍්ති ආමලකහරීතකානං කසාවං.

“ඉක්කාසං” රුක්ලාටු හෝ මැලියම් හෝ. “පිට්ඨමද්දං” පිට කඳුකයෙන් මැදීම. “තුණ්ඩකමත්තිකං” කුඩු හා මිශ්‍රවූ මැටි. “සාසපකුණ්ඩං” අබපිටි. “සිත්‍ථතෙලකං” දියවූ මීඉටි. “අච්චුස්සන්නං හොති” බින්දු බින්දුව සිටියි. “පච්චුද්ධරිතුං” පිස දමන්නට. “ලණ්ඩමත්තිකං” ගැඩවිල්ගු හා මිශ්‍රවූ මැටි. “කසාවං” නෙල්ලි අරළු කසට.

න භික‍්ඛවෙ පටිභානචිත‍්තන‍්ති එත්‍ථ න කෙවලං ඉත්‍ථිපුරිසරූපමෙව, තිරච‍්ඡානරූපම‍්පි අන‍්තමසො ගණ‍්ඩුප‍්පාදරූපම‍්පි භික‍්ඛුනො සයං කාතුං වා “කරොහී”ති වත‍්තුං වා න වට‍්ටති, “උපාසක ද‍්වාරපාලං කරොහී”ති වත‍්තුම‍්පි න ලබ‍්භති. ජාතකපකරණඅසදිසදානාදීනි පන පසාදනීයානි නිබ‍්බිදාපටිසංයුත‍්තානි වා වත්‍ථූනි පරෙහි කාරාපෙතුං ලබ‍්භති. මාලාකම‍්මාදීනි සයම‍්පි කාතුං ලබ‍්භති.

“න භික්‍ඛවෙ පටිභානචිත්තං” යන මෙහි හුදෙක් ගෑණු පිරිමි රූපම නොවේ. තිරිසන් රූපද යටත් පිරිසයින් ගැඩවිලි රූපද මහණක්හට තමන් විසින් කිරීම හෝ කරවයි කීම හෝ නොවටියි. ‘උපාසකය’ දොරටුපල්රුවක් කරව’යි කීමද නොහොබියි. ජාතකයන්හි යෙදුනු අසදෘශ දානාදී වූ පැහැදීමට කරුණු වූ හෝ කලකිරීමට සුදුසුවූ කරුණු ඇතුළත්වූ වස්තූන් හෝ අනුන් ලවා කරවිය හැකිය. මල්කම් ආදිය තමාටද කළහැකිය.

අළකමන්‍දාති එකඞ‍්ගණා මනුස‍්සාභිකිණ‍්ණා. තයො ගබ‍්භෙති එත්‍ථ සිවිකාගබ‍්භොති චතුරස‍්සගබ‍්භො. නාළිකාගබ‍්භොති විත්‍ථාරතො දිගුණතිගුණායාමො දීඝගබ‍්භො. හම‍්මියගබ‍්භොති ආකාසතලෙ කූටාගාරගබ‍්භො වා මුණ‍්ඩච‍්ඡදනගබ‍්භො වා.

“ආලකමන්‍දා” මිනිසුන්ගෙන් ගැවසීගත් එක් මිදුලෙන් යුත් විහාර. “තයො ගබ්භො” යන මෙහි. “සිවිකාගබ්භො” සිවුරැස් ගබඩාව. “නාළිකාගබ්භො” පළලට වඩා දෙතුන් ගුණයක් දිග ඇති දිග් ගබඩාව. “හම්මිය ගබ්හො” අහස්තෙලෙහි කුළුගෙවල ඇති ගබඩාවය. මුදුනෙහි පියසි ඇති ගබඩාව හෝය.

කලඞ‍්කපාදකන‍්ති රුක‍්ඛං විජ‍්ඣිත්‍වා තත්‍ථ ඛාණුකෙ ආකොටෙත්‍වා කතං, තං ආහරිමං භිත‍්තිපාදං ජිණ‍්ණකුට‍්ටපාදස‍්ස උපත්‍ථම‍්භනත්‍ථං භූමියං පතිට‍්ඨාපෙතුං අනුජානාමීති අත්‍ථො. පරිත‍්තාණකිටිකන‍්ති වස‍්සපරිත‍්තාණත්‍ථං කිටිකං. උද‍්දසුධන‍්ති වච‍්ඡකගොමයෙන චෙව ඡාරිකාය ච සද‍්ධිං මද‍්දිතමත‍්තිකං.

“කුලුඞ්කපාදකං” රුකක් විද එහි කණු වද්දා කරන ලද්දය. එහා මෙහා කළහැකි බිතුපා ඇති එය දිරූ අඩිතාලමට රුකුල් දෙනු පිණිස පොළොවෙහි පිහිටුවන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “පරිත්තාණකිටිකං” වැසිවැටෙන තැන රැකීම පිණිස තල්පත් ආදියෙන් කළ පටලය. “උද්දසුවං” වසුගොමද අළුද සමග මැඩගත් මැටි.

ආළින්‍දො නාම පමුඛං වුච‍්චති. පඝනං නාම යං නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච පාදෙහි හනන‍්ති, තස‍්ස විහාරද‍්වාරෙ උභතො කුට‍්ටං නීහරිත්‍වා කතපදෙසස‍්සෙතං අධිවචනං, “පඝාන”න‍්තිපි වුච‍්චති. පකුට‍්ටන‍්ති මජ‍්ඣෙ ගබ‍්භස‍්ස සමන‍්තා පරියාගාරො වුච‍්චති. “පකුට”න‍්තිපි පාඨො. ඔසාරකන‍්ති අනාළින්‍දකෙ විහාරෙ වංසං දත්‍වා තතො දණ‍්ඩකෙ ඔසාරෙත්‍වා කතඡදනපමුඛං. සංසාරණකිටිකො නාම චක‍්කලයුත‍්තො කිටිකො.

ආලින්‍ද නම් අක්දෙරියයි කියනු ලැබේ. “පඝන” නම් විහාරයෙහි සිට නික්මෙන්නාහුද පිවිසෙන්නාහුද පාවලින් යම් තැනක් පාගත්ද, ඒ පිළිබඳ වෙහෙර දොරටුවෙහි දෙපසින් බිත්තිය ගෙණවුත් කරණලද පෙදෙසට මේ නමෙකි. “පඝාන”යිද කියනු ලැබේ. “පකුඩ්ඩං” මැද ගබඩාවට වටින් අනුදත් අක්දෙරිය කියනු ලැබේ. “පකුට”යිද පාඨයෙක් වේ. “ඔසරකො” අක්දෙරිය නැති විහාරයෙහි හුණදඬුවක් දී ඉන්පසු දඬු දිග්කොට කරණලද පියස්සෙහි ඉදිරිය “සංසරණකිටික” නම් කූරු යොදා කළ පටලය.

පානීයභාජනන‍්ති පිවන‍්තානං පානීයදානභාජනං. උළුඞ‍්කො ච ථාලකඤ‍්ච පානීයසඞ‍්ඛස‍්ස අනුලොමානි.

“පානීයභාජනං” බොන්නවුන්ට පැන් දෙන බඳුනය. කිණිස්සද තළුවද අනුදත් පැන්සකට අනුලොම් වේ.

අපෙසීති දීඝදාරුම‍්හි ඛාණුකෙ පවෙසෙත්‍වා කණ‍්ටකසාඛාහි විනන්‍ධිත්‍වා කතං ද‍්වාරථකනකං. පලිඝොති ගාමද‍්වාරෙසු විය චක‍්කයුත‍්තං ද‍්වාරථකනකං.

“ආපෙසි” දිග් දවයෙක කණු ඇතුල්කොට කටු අතුවලින් වෙළා කරණලද දොරවැසීමය. “පලිඝො” ග්‍රාමද්වාරයන්හි මෙන් චක්‍රයෙන් යුක්ත දොරවැසීමය.

අස‍්සතරීහි යුත‍්තා රථා අස‍්සතරීරථා. ආමුත‍්තමණිකුණ‍්ඩලාති ආමුත‍්තමණිකුණ‍්ඩලානි.

“ආමුත්තමණිකුණ්ඩලා” පැලඳි මිණි කොඩොල් ඇත්තාවූ,

පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. සීතිභූතොති කිලෙසාතපාභාවෙන සීතිභූතො. නිරූපධීති කිලෙසුපධිඅභාවෙන නිරූපධීති වුච‍්චති.

[missing trans]

සබ‍්බා ආසත‍්තියො ඡෙත්‍වාති රූපාදීසු වා විසයෙසු සබ‍්බභවෙසු වා පත්‍ථනායො ඡින්‍දිත්‍වා. හදයෙ දරන‍්ති චිත‍්තෙ කිලෙසදරථං විනෙත්‍වා. වෙය්‍යායිකන‍්ති වයකරණං වුච‍්චති.

[missing trans] “වෙය්‍යායිකං” වියදම් කිරීම කියනු ලැබේ.

ආදෙය්‍යවාචොති තස‍්ස වචනං බහූ ජනා ආදියිතබ‍්බං සොතබ‍්බං මඤ‍්ඤන‍්තීති අත්‍ථො. ආරාමෙ අකංසූති යෙ සධනා, තෙ අත‍්තනො ධනෙන අකංසු. යෙ මන්‍දධනා චෙව අධනා ච, තෙසං ධනං අදාසි. ඉති සො සතසහස‍්සකහාපණෙ සතසහස‍්සග‍්ඝනකඤ‍්ච භණ‍්ඩං දත්‍වා පඤ‍්චචත‍්තාලීසයොජනිකෙ අද‍්ධානෙ යොජනෙ යොජනෙ විහාරපතිට‍්ඨානං කත්‍වා සාවත්‍ථිං අගමාසි.

“ආරාමෙ අකංසු” යම් කෙනෙක් ධනවත් වූවාහුද, ඔවුහු තමන්ගේ ධනයෙන් කළහ. යම් කෙනෙක් ස්වල්ප ධන ඇත්තාහුද ධන නැත්තාහුද ඔවුන්ට ධනය දුන්නේය. මෙසේ ඒ සුදත්ත ගෘහපතිතෙමේ සිය දහසක් කහවණුද සියදහසක් අගනා බඩුද දී රජගහනුවර පටන් සැවැත්නුවර දක්වා බුදුරජුන්ගේ වැඩමවීම සඳහා පන්සාළිස් යොදුන් මගැ යොදුනක් යොදුනක් පාසා විහාර පිහිටුවීම කොට සැවැත් නුවරට ගියේය.

කොටිසන්‍ථරං සන්‍ථරාපෙසීති කහාපණකොටියා කහාපණකොටිං පටිපාදෙත්‍වා සන්‍ථරි. යෙ තත්‍ථ රුක‍්ඛා වා පොක‍්ඛරණියො වා තෙසං පරික‍්ඛෙපප‍්පමාණං ගහෙත්‍වා අඤ‍්ඤස‍්මිං ඨානෙ සන්‍ථරිත්‍වා අදාසි. එවමස‍්ස අට‍්ඨාරසකොටිකං නිධානං පරික‍්ඛයං අගමාසි.

“කොටිසන්‍ථරං සන්‍ථරාපෙසි” කහවණු කෙළවරින් කෙළවර ගටා ඇතුරුයේය. ඒ ජෙතවන උයනෙහි වෘක්‍ෂයෝ හෝ පුෂ්පකරණීහු හෝ වූවාහුද ඒ වෘක්‍ෂපුෂ්කරණීන්ගේ වටපමණ ගෙන අන්තන්හි අතුරා දුන්නේය. මෙසේ මේ සුදත්ත ගෘහපතිහුගේ අටළොස් කෙළක් ඇති එක් නිධානයක් ක්‍ෂයට ගියේය.

කුමාරස‍්ස එතදහොසීති ගහපතිනො එවං බහුධනං චජන‍්තස‍්සාපි මුඛස‍්ස විප‍්පසන‍්නාකාරං දිස‍්වා එතං අහොසි. කොට‍්ඨකං මාපෙසීති සත‍්තභූමිකං ද‍්වාරකොට‍්ඨකපාසාදං මාපෙසි.

“කුමාරස්ස එතදහොසි” මෙසේ බොහෝ ධනය විසර්‍ජනය කරන්නාවූ ගෘහපතිහුගේ මුහුණෙහි වෙසෙසින් පහත් අයුරු දැක, ‘ගැහැවිතෙමේ බොහෝ ධනය වියදම් කරන්නේය. මේ ලාමකයෙක් නොවේ’යි ජෙත නම් රජකුමරුට මෙබඳු සිතෙක් වූයේය. “කොට්ඨකං මාපෙසි” සත්මහල් දොරකොට ඇති පහයක් මැවූයේය.

අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති ජෙතවනෙ විහාරෙ කාරාපෙසි…පෙ… මණ‍්ඩපෙ කාරාපෙසීති අපරාහිපි අට‍්ඨාරසහි කොටීහි එතෙ විහාරාදයො කාරාපෙසි අට‍්ඨකරීසප‍්පමාණාය භූමියා. විපස‍්සිස‍්ස හි භගවතො පුනබ‍්බසුමිත‍්තො ගහපති යොජනප‍්පමාණං භූමිං සුවණ‍්ණිට‍්ඨකාසන්‍ථරෙන කිණිත්‍වා විහාරං කාරාපෙසි. සිඛිස‍්ස පන සිරිවඩ‍්ඪො ගහපති තිගාවුතප‍්පමාණං සුවණ‍්ණයට‍්ඨිසන්‍ථරෙන, වෙස‍්සභුස‍්ස සොත්‍ථිජො ගහපති අඩ‍්ඪයොජනප‍්පමාණං සුවණ‍්ණඵාලසන්‍ථරෙන, කකුසන්‍ධස‍්ස පන අච‍්චුතො ගහපති ගාවුතප‍්පමාණං සුවණ‍්ණහත්‍ථිපදසන්‍ථරෙන, කොණාගමනස‍්ස උග‍්ගො ගහපති අඩ‍්ඪගාවුතප‍්පමාණං සුවණ‍්ණිට‍්ඨකාසන්‍ථරෙන, කස‍්සපස‍්ස සුමඞ‍්ගලො ගහපති වීසතිඋසභප‍්පමාණං සුවණ‍්ණකච‍්ඡපසන්‍ථරෙන, අම‍්හාකං භගවතො සුදත‍්තො ගහපති අට‍්ඨකරීසප‍්පමාණං භූමිං කහාපණසන්‍ථරෙන කිණිත්‍වා විහාරං කාරාපෙසීති; එවං අනුපුබ‍්බෙන පරිහායන‍්ති සම‍්පත‍්තියොති අලමෙව සබ‍්බසම‍්පත‍්තීසු විරජ‍්ජිතුං අලං විමුච‍්චිතුන‍්ති.

“අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ජෙතවනෙ විහාරෙ කාරාපෙසි -පෙ- මණ්ඩපෙ කාරාපෙසි” අනිකුදු අටළොස් කෙළකින් මේ විහාරාදීහු කරවූයේය. අටකිරියක් පමණ වූ හෙවත් දෙතිස් අමුණක් පමණ වූ භූමියෙහි විපස්සී භාග්‍යවතුන් වහන්සේට පුනබ්බසුමිත්ත ගෘහපති තෙමේ යොදුනක් පමණ බිම රන්ඩොල් ඇතිරීමෙන් මිලදීගෙණ විහාරයක් කරවූයේය. සිඛී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රිවදර්‍ධන ගෘහපති තෙමේ තුන්ගවු පමණ රන්යට ඇතිරීමෙන්ද, වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ සොත්‍ථිජ ගෘහපති තෙමේ අඩයොදුනක් පමණ රන්තැලි ඇතිරීමෙන්ද, කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේට අච්ච්‍යුත ගෘහපති තෙමේ ගවුවක් පමණ රන් ඇත්පා ඇතිරීමෙන්ද කොනාගමන භාග්‍යවතුන් වහන්සේට උග්‍ර ගෘහපති තෙමේ අඩගවුවක් පමණ රන්ගඩොල් ඇතිරීමෙන්ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට සුමඞ්ගල ගෘහපති තෙමේ විසි ඉස්බක් පමණ රන් කැසුබුවන් ඇතිරීමෙන්ද, අපගේ භාග්‍යවතුන් වහන්සේට සුදත්ත ගෘහපතිතෙමේ අටකිරියක් පමණ බිම කහවණු ඇතිරීමෙන්ද මිලදී ගෙණ විහාරය කරවූයේයයි දතයුතුය. මෙසේ සියලු සම්පත්තීහු පිරිහෙත්යි සියලු සම්පත්තීන් කෙරෙහි නොඇලීම සුදුසුය. මිදීම සුදුසුය.

ඛණ‍්ඩන‍්ති භින‍්නොකාසො. ඵුල‍්ලන‍්ති ඵලිතොකාසො. පටිසඞ‍්ඛරිස‍්සතීති පාකතිකං කරිස‍්සති. ලද‍්ධනවකම‍්මෙන පන භික‍්ඛුනා වාසිඵරසුනිඛාදනාදීනි ගහෙත්‍වා සයං න කාතබ‍්බං, කතාකතං ජානිතබ‍්බං.

“ඛණ්ඩං” බිඳුනු අවකාශය “ඵුල්ලං” දිරූ අවකාශය “පටිසඞ්ඛරිස්සති” පිළිසකර කරයි. මේ ලැබූ නවකර්‍මාන්ත ඇති මහණහු විසින් වෑපොරෝ, නියන් ආදිය ගෙණ තමන් විසින් නොකටයුතුය. කළ නොකළ දෙය දැනගත යුතුය.

පිට‍්ඨිතො පිට‍්ඨිතො ගන‍්ත්‍වාති ථෙරො කිර ගිලානෙ පටිජග‍්ගන‍්තො ජිණ‍්ණෙ වුඩ‍්ඪෙ සඞ‍්ගණ‍්හන‍්තො සබ‍්බපච‍්ඡතො ආගච‍්ඡති. ඉදමස‍්ස චාරිත‍්තං. තෙන වුත‍්තං – “පිට‍්ඨිතො පිට‍්ඨිතො ගන‍්ත්‍වා”ති. අග‍්ගාසනන‍්ති ථෙරාසනං. අග‍්ගොදකන‍්ති දක‍්ඛිණොදකං. අග‍්ගපිණ‍්ඩන‍්ති සඞ‍්ඝත්‍ථෙරපිණ‍්ඩං. අන‍්තරා සත්‍ථීනං කරිත්‍වාති චතුන‍්නං පාදානං අන‍්තරෙ කරිත්‍වා.

“පිට්ඨිතො පිට්ඨිතො ගනත්‍වා” ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ ගිලන් මහණුන් පිළිදැගුම් කරමින් දිරූ මහලු මහණුන්ට සඞ්ග්‍රහ කරමින් විශාලා මහනුවර සිට සැවැත්නුවරට බුදුපාමොක් මහසඟනුන් වඩින කල්හි සියල්ලන්ට පසුව වඩියි. මෙය මුන්වහන්සේගේ සිරිතය. එහෙයින් “පිට්ඨිතො පිට්ඨිතො ගනත්‍වා”යි කියන ලදී. “අග්ගාසනං” ථොසනය “අග්ගොදකං” දක්‍ෂිණොදකය. “අග්ගපිණ්ඩං” සඞ්ඝ ස්ථවිරයන්හට දියයුතු පිණ්ඩය

පතිට‍්ඨාපෙසීති අට‍්ඨාරසකොටිපරිච‍්චාගං කත්‍වා පතිට‍්ඨාපෙසි. එවං සබ‍්බාපි චතුපණ‍්ණාසකොටියො පරිච‍්චජි.

“පතිට්ඨා පෙසි” අටළොස් කෙළක් පරිත්‍යාගකොට අනාථපිණ්ඩික ගෘහපති තෙමේ බුද්ධප්‍රමුඛ වූ සිවුදිග වැසි සඞ්ඝයාහට ජෙතවන මහාවිහාරය පාවා දුන්නේය. මෙසේ සිවුපණස් කෙළක් ධනය පරිත්‍යාග කෙළේය.

විහාරානුජානනකථා නිට‍්ඨිතා.