යෙභුය්යසිකා විනයං
යෙභුය්යසිකා විනයං
යේභුය්‍යසිකා විනය
48. තෙ චෙ භික්ඛවෙ භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං, තෙහි භික්ඛවෙ භික්ඛූහි තං අධිකරණං සඞ්ඝස්ස නිය්යාදෙතබ්බං: න මයං භන්තෙ සක්කොම ඉමං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං. සඞ්ඝො ඉමං අධිකරණං වූපසමෙතූති. අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං යෙභුය්යසිකාය වූපසමෙතුං.
48. මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් “වහන්ස, අපි මේ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කමු. සංඝ තෙමේ මේ අධිකරණය සන්හිඳුවා වා” යි කියා ඒ අධිකරණය සංඝයාට මෙසේ පැවරිය යුතු, මහණෙනි, මෙ බඳු අධිකරණය යේභුය්‍යසිකායේන් සංන්හිඳුවන්නට අනුදනිමි.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සලාකගාහාපකො සම්මන්නිතබ්බො. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයා ගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය -පෙ- එවං ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො. පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
අංග පසෙකින් සමන්විත මහණෙක් සලාකාග්රාහකයෙක් (සලාකා ගන්වන්නෙක්) කොට සම්මත කට යුතු: යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නෙන් ද, ද්වේෂයෙන් අගතියට නොයන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නෙන් ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද ... මෙබඳු වූ මහණ තෙම සලාකාග්රාහාපකයෙක් කොට සම්මත කළ යුතු වේ. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියැ යුතු යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් (මෙසේ) සංඝ තෙමේ දැන්වීය යුතු:
“සුණාතු මෙ භන්තෙ සංඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සංඝො ඉත්ථන්නාමං භික්ඛුං සලාකග්ගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා ඉදින් සංඝයාට ප්රාප්තකාලය වේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම් යැ.
සුණාතු මෙ භන්තෙ සංඝො. සංඝො ඉත්ථන්නාමං භික්ඛුං සලාකගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සලාකගාහාපකස්ස සම්මති, සො තුණ්හස්ස යස්ස නක්ඛමති. සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සලාකගාහාපකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙනම් මහණහු සලාකාග්රහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක් හට මෙනම් මහණහු සලාකාග්රාහාපකයකු කොට සම්මත කිරීම රිසියෙන්නේ නම්, හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ හේ හෝ කියාවා. සංඝයා විසින් මෙනම් මහණ සලාකාග්රාහාපකයකු කොට සම්මත විය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය: මෙසේ මෙය සලකමි” යනු යි.
තෙන සලාකගාහාපකෙන භික්ඛුනා සලාකා ගාහෙතබ්බා. යථා බහුතරා භික්ඛූ ධම්මවාදිනො වදෙන්ති තථා තං අධිකරණං වූපසමෙතබ්බං. ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා. කා ච තත්ථ සඞ්ඝසම්මුඛතා? යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති. ඡන්දාරහානං ඡන්දො ආහටො හොති, සම්මුඛීභූතා න පටික්කොසන්ති. අයං තත්ථ සඞ්ඝසම්මුඛතා.
ඒ සලාකාග්රාහාපක මහණහු විසින් සලාකා ගැන්වියැ යුතු ය. බහුතර වූ ධර්මවාදී මහණහු කියද්ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු ය. මහණෙනි. (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියැ යුතු. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද යෙභූය්යසිබායෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කිමෙක් ද? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර ය. එහි සංඝ සම්මුඛතා නම් කවරයැ? යම් පමණ මහණ කෙනෙක් කර්‍මප්‍රාප්ත නම් ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්දය දෙන්නට සුදුසු මහණුන්ගෙන් ඡන්දය ගෙනෙන ලද්දේ වෙයි ද හමු වූ මහණහු ආක්‍රෝශ පරිභව නො කෙරෙත් ද, මේ එහි සංඝසම්මුඛතා නමි.
කා ච තත්ථ ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා? යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං වූපසම්මති, අයං තත්ථ ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා.
එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් කවර යැ? යම් ධර්මයෙකින්, යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා යැ. විනය සම්මුඛතා යැ.
කා ච තත්ථ පුග්ගලසම්මුඛතා? යො ච විවදති යෙන ච විවදති උභො අත්තපච්චත්ථිකා සම්මුඛීභූතා හොන්ති, අයං තත්ථ පුග්ගලසම්මුඛතා.
එහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමකු හාත් විවාද කෙරෙයි ද, ඒ තම පසෙහි වූ පුඟුලාත් විරුද්ධ පක්ෂයෙහි වූ පුඟුලාත් යන දෙදෙන හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යැ.
කා ච තත්ථ යෙභුය්යසිකා? යා යෙභුය්යසිකා කම්මස්ස කිරියා කරණං උපගමනං අජ්ඣුපගමනං අධිවාසනා අප්පටික්කොසනා–අයං තත්ථ යෙභුය්යසිකා.
එහි යේභුය්‍යසිකාව කවර යැ? යම් යෙභූය්යසිකාවෙක් වේ ද, කර්මය පිළිබඳ ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක් වෙතට එළඹීමෙක්, ඉවසීමෙක් ප්රතිකොශ නො කිරීමෙක් වෙයි ද, මේ එහි යේභුය්‍යසිකාව යැ,
එවං වූපසන්තඤ්චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං. ඡන්දදායයකො ඛීයති, ඛීයනකං පාචිත්තියන්ති.
මහණෙනි, මෙසේ සන්හිඳුනු අධිකරණය කාරකයෙත් (එයට) සම්බන්ධ වූ මහණෙක් උත්කෝටනය කරන්නේ ද (ඉදිරියට අදනේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ, විනිශ්චයයෙහි ඡන්දය දුන් මහණෙක් ඒ විනිශ්චයට දොස් කියන්නේ නම් ඛීයනක පාචිත්තිය ඇවැත වේ.