උබ්බාහිකාය වූපසමනං
උබ්බාහිකාය වූපසමනං
උබ්බාහිකායෙන් සන්හිඳුවීම
47. තෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි තස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනන්තානි චෙව භස්සානි ජායන්ති න චෙතස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති, අනුජානාමි භික්ඛවෙ එවරූපං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං.
47. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථාප්රතිකථාවෝ) උපදින්නාහු ද, මේ කියන ලද වචනයෙහි අර්ත්ථය නොහැඟෙන්නේ ද, මහණෙනි, මෙබඳු වූ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට අනුදනිමි.
දසහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො: සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතෙ විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛා පදෙසු. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො. විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො පටිබලො හොති උභො අත්තපච්චත්ථිකෙ අඤ්ඤාපෙතුං අස්සාපෙතුං නිජ්ඣාපෙතුං පෙක්ඛෙතුං පසීදිතුං පසාදෙතුං අධිකරණ සමුප්පාද වූපසමනකුසලො හොති අධිකරණං ජානාති. අධිකරණසමුදයං ජානාති. අධිකරණනිරොධං ජානාති. අධිකරණනිරොධගාමිනීපටිපදං ජානාති. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි දසහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං උබ්බාහිකාය සම්මන්නිතුං.
මහණෙනි, උබ්බාහිකාව පිණිස අඞ්ග දශයෙකින් සමන්විත වූ මහණෙක් සම්මත කටයුතු ය. මහණ තෙම සිල්වත් වෙයි ද, පාතිමෝක්ඛසංවර සීලයෙන් හැවුරුනේ, ආචාර ගෝචර දෙකින් යුක්ත වූයේ අල්පමාත්‍ර වූ ද වරදවලැ( බිය දක්නා සුලු වූයේ වෙසෙයි ද (1), ශික්ෂා පදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි ද (2) බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වේ ද, ඇසූ පිරූ දෑ සිතින් දරන්නේ, ඇසූ පිරූ දෑ සිතෙහි රැස් කොට ඇත්තේ වෙයි ද (3) ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ, පර්‍ය්‍යවසානයෙහි යහපත් වූ යම් ධම් කෙනෙක් අර්ත්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ හැම අයුරින් ම පිරිපුන් වූ පිරිසිදු මඟ බඹසර මොනොවට පවසත් නම්, එ බඳු වූ ධමීයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු (සිතින්) දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් ද (4), ඔහු විසින් උභය පාතිමෝක්ඛයෝ විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු, සූත්‍ර වශයෙන් අනුව්‍යංජන වශයෙන් මොනොවට බෙදන ලද්දාහු, මොනොවට පිහිටුවන ලද්දාහු මොනොවට විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද (5), විනයයෙහි තර වැ පිහිටියේ නො හැකුලුනේ වේ ද, තම පසෙහි වූවනටත් විරුද්ධ පක්ෂයෙහි වූවනටත් (කරුණු) හඳුන්වන්නට, කරුණු සිතන්නට, සලකා බලවන්නට, කරුණු තමාත් දකින්නට, දෙපස ම පහදවන්නට සමර්ත්ථ වෙයි ද (6), අධිකරණ ඉපැදීමෙහි හේතුව සංසිඳුවීමෙහි දක්ෂ ද වේ ද (7), අධිකරණය දනී ද, අධිකරණයේ හේතුව දනී ද, අධිකරණයේ නිරුද්ධිය දනී ද, අධිකරණ නිරුද්ධිය පිණිස යෑ යුතු මඟ දනී ද, මහණෙනි, මේ අංග දශයෙන් සමන්විත වූ මහණහු උබ්බාහිකාව පිණිස සම්මත කරන්නට අනුදනිමි.
එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
මහණෙනි, මේ මතු කියන පරිදි සම්මත කටයුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්ලිය යුතුය. ඉල්ලා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙතස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛුං සම්මනෙය්ය උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං එසා ඤත්ති.
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථා ප්රතිකථාවෝ) උපදනාහු ද වෙත්. (එයින්) මේ කියන ලද වචනයා ගේ අදහස ද නො හැගෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් සංඝ තෙමේ මෙනම් මහණහු ද මෙනම් මහණහු ද මේ අධිකරණය සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ. (දැන්වීම යැ).
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති, න චෙතස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛුං සම්මන්නති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ච ඉත්ථන්නාමස්ස ච භික්ඛුනො සම්මුති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
සංඝ තෙමේ මාගේ වචනය අසාවා. අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස්හු උපදනාහු වෙත්. (එයින් මේ කියන ලද වචනයේ අර්ත්ථ ද නො හැඟෙයි. (එ බැවින්) සංඝ තෙමේ මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතකුට මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කිරීම රිසියෙයි ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි ද හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච භික්ඛු උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
මේ නඩුව සන්හිඳුවන්නට මෙනම් මහණ ද උබ්බාහිකාව පිණිස සංඝයා විසින් සම්මත විය. සංඝයාට එය රිසි දෙයයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි. (පිළිගනිමි)” යනු යි.
තෙ චෙ භික්ඛවෙ භික්ඛූ සක්කොන්ති තං අධිකරණං උබ්බාහිකාය වූපසමෙතුං. ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛා විනයස්මිං? සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති-උක්කොටනකං පාචිත්තියං.
මහණෙනි, ඉදින් ඒ මහණහු උබ්බාහිකායෙන් ඒ නඩුව සන්හි වන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ නඩුව සන්හිඳුනේ යැ යි යනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛ්ය විනයය කිමෙක් ද? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ...... මහණෙනි, මෙසේ සන්හිඳුනු නඩුව කාරකයෙක් (ඒ නඩුවට සම්බන්ධ වූයෙක්) යලිදු විසඳනු පිණිස උත්කෝටනය කරන්නේ නම් (මතු කරන්නේ නම්) උත්කෝටනක පචිති ඇවැත් වෙයි.
තෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි තස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ තත්රාස්ස භික්ඛු ධම්මකථිකො, තස්ස නෙව සුත්තං ආගතං හොති නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො ව්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා:
මහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ නඩුව විනිසනු ලබන කල්හි එහි ධර්මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (පාතිමොක්ඛය) ප්‍රගුණ ව නොආයේ ද සූත්‍ර විභංගය පුහුණු ව නොම ආයේ ද හේ අර්ත්ථය නොසලකන්නේ ව්යංජනච්ඡායායෙන් අර්ත්ථය ප්‍රතිබාහනය කෙරෙයි ද, (එබඳු තැන) ව්‍යක්ත වූ ප්‍රතිබල වූ ඒ මහණහු මෙසේ දැන්වියැ යුත්තාහු ය:
සුණන්තු මෙ ආයස්මන්තා. අයං ඉත්ථන්නාමො භික්ඛු ධම්මකථිකො. ඉමස්ස නෙව සුත්තං ආගතං හොති, නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො බ්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. යදායස්මන්තානං පත්තකල්ලං ඉත්ථන්නාමං භික්ඛුං වුට්ඨාපෙත්වා අවසෙසා ඉමං අධිකරණං වූපසමෙය්යාමාති.
“ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා, මේ මෙනම් මහණ තෙම ධර්මකථික ය, මොහුට සූත්‍රය (උභයමාතෘකාව) ප්‍රගුණ වැ නො ආයේ ය. සූත්‍ර විහඞ්ගය ප්‍රගුණ ව නොම ආයේ ය. හේ අර්ත්ථය නො සලකන්නේ ව්යංජනච්ඡායායෙන් අර්ත්ථය ප්‍රතිබාහන කෙරෙයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ වී නම් මෙනම් මහණහු නඟාසිටුවා (හෙවත් බැහැර කොට) ඉතිරි වූ අපි මේ අධිකරණය සන්හිඳුවමෝ වා” යනුවෙනි.
තෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං භික්ඛුං වුට්ඨාපෙත්වා සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං- ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා, පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහු නඟාසිටුවා ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, (එසේ කල්හි) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙනි. එහි සම්මුඛාවිනයය කවරේ ද? ධර්‍මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව ... යී. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුනු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
තෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි තස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ තත්රාස්ස භික්ඛු ධම්මකථිකො. තස්ස සුත්තං හි ඛො ආගතං හොති නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො ව්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන තෙ භික්ඛූ ඤාපෙතබ්බා:
මහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිසනු ලබන කල්හි එහි ධර්මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (උභය මාතෘකාව) ප්‍රගුණ ව ආයේ වේ නම්, සූත්රවිහඞ්ගය ප්‍රගුණ වැ නො ආයේ වේ නම්, හේ අර්ත්ථය නො සලකන්නේ ව්යංජනච්ඡයායෙන් අර්ත්ථය ප්‍රතිබාහන කෙරේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඒ මහණහු මෙසේ දැන්විය යුත්තාහ:
සුණන්තු මෙ ආයස්මන්තා, අයං ඉත්ථන්නාමො භික්ඛු ධම්මකථිකො. ඉමස්ස සුත්තං හි ඛො ආගතං හොති නො සුත්තවිභඞ්ගො. සො අත්ථං අසල්ලක්ඛෙන්තො ව්යඤ්ජනච්ඡායාය අත්ථං පටිබාහති. යදායස්මන්තානං පත්තකල්ලං ඉත්ථන්නාමං භික්ඛුං වුට්ඨාපෙත්වා අවසෙසා ඉමං අධිකරණං වූපසමෙය්යාමාති.
“ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා, මේ මෙනම් මහණ තෙම ධර්මකථිකයෙක් ය. මොහුට සූත්‍රය (උභය මාතෘකාව) වූ කලි ප්‍රගුණ වැ ආයේ වෙයි, සූත්රවිභඞ්ගය ප්‍රගුණ ව නො ආයේ ය. හෙ තෙම අරුත් නො සලකන්නේ ව්යංජනච්ඡයායෙන් අරුත බැහැර කෙරෙයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් වී නම් මෙනම් මහණහු නඟාසිටුවා (බැහැර කොට) ඉතිරි වූ අපි මේ අධිකරණය සන්හිඳුවමෝ වා” යනුයෙනි.
තෙ චෙ භික්ඛවෙ භික්ඛූ තං භික්ඛුං වුට්ඨාපෙත්වා සක්කොන්ති තං අධිකරණං වූපසමෙතුං ඉදං වුච්චති භික්ඛවෙ අධිකරණං වූපසන්තං. කෙන වූපසන්තං? සම්මුඛාවිනයෙන. කිඤ්ච තත්ථ සම්මුඛාවිනයස්මිං? ධම්මසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා -පෙ- එවං වූපසන්තං චෙ භික්ඛවෙ අධිකරණං කාරකො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහු නඟාසිටුවා (බැහැර කොට) ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛාවිනයය කවරේ යැ? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව ... යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුනු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ වී නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.