ආවාසිකවත‍්තං
ආවාසිකවත‍්තං
ආවාසික වත්
4. තෙන ඛො පන සමයෙන ආවාසිකා භික‍්ඛූ ආගන‍්තුකෙ භික‍්ඛූ දිස‍්වා නෙව ආසනං පඤ‍්ඤාපෙන‍්ති න පාදොදකං න පාදපීඨං න පාදකඨලිකං උපනික‍්ඛිපන‍්ති. න පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිගණ‍්හන‍්ති. න පානීයෙන පුච‍්ඡන‍්ති. වුඩ‍්ඪතරෙ, පි ආගන‍්තුකෙ භික‍්ඛූ අභිවාදෙන‍්ති න සෙනාසනං පඤ‍්ඤාපෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන්: “කථං හි නාම ආවාසිකා භික‍්ඛූ ආගන‍්තුකෙ භික‍්ඛූ දිස‍්වා නෙව ආසනං පඤ‍්ඤාපෙස‍්සන‍්ති -පෙ- න සෙනාසනං පඤ‍්ඤාපෙස‍්සන‍්තීති.
4. එ සමයෙහි වනාහි ආවාසික භික්‍ෂූහු ආගන්තුක භික්‍ෂූන් දැක අසුන් නො ම පනවත්, පාදෝනා දිය ද පාපුටුව ද පාද කඨලිකාව ද නො ම එළවාතබත්. පෙරගමන් කොට පාසිවුරු නො ම පිළිගනිත්. බොන පැනින් නො ම විචාරත්. වැඩිමහලු වූ ද ආගන්තුක භික්‍ෂූන් දැක නො ම වඳිත්, සෙනසුන් නො ම පනවත්. අල්පෙච්ඡ වූ ලද දැයින් සතුටු වන, ලජ්ජී වූ, සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් ආවාසික මහණහු ආගන්තුක මහණුන් දැක අසුන් නො ම පනවත් ද ... සෙනසුන් නො ම පනවත් දැ’ යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්.
අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැල කළහ.
“සච‍්චං කිරං භික‍්ඛවෙ -පෙ-”
“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සච‍්චං භගවා” -පෙ-
“සත්‍යය, භාග්‍යවතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු කීහ. ...
විගරහිත්‍වා-පෙ- ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:
භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් ඇමතූසේක.
“තෙන හි භික‍්ඛවෙ ආවාසිකානං භික‍්ඛූනං වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා ආවාසිකෙහි වත‍්තිතබ‍්බං:
“මහණෙනි, එසේ වී නම් ආවාසික මහණුන් විසින් යම්සේ පැවතියයුතු ද, එසේ ආවාසික භික්‍ෂූනට වත පනවන්නෙමි” යි වදාරා මෙසේ වත් පැනැවූසේක.
5. “ආවාසිකෙන භික‍්ඛවෙ භික‍්ඛුනා ආගන‍්තුකං භික‍්ඛුං වුඩ‍්ඪතරං දිස‍්වා ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙතබ‍්බං. පානීයෙන පුච‍්ඡිතබ‍්බො. සචෙ උස‍්සහති උපාහනා පුඤ‍්ඡිතබ‍්බා. උපාහනා පුඤ‍්ඡන‍්තෙන පඨමං සුක‍්ඛෙන චොළකෙන පුඤ‍්ඡිතබ‍්බා, පච‍්ඡා අල‍්ලෙන උපාහනපුඤ‍්ඡනචොළකං ධොවිත්‍වා එකමන‍්තං විස‍්සජ‍්ජෙතබ‍්බං. ආගන‍්තුකො භික‍්ඛු වුඩ‍්ඪතරො අභිවාදෙතබ‍්බො. සෙනාසනං පඤ‍්ඤාපෙතබ‍්බං එතං තෙ සෙනාසනං පාපුණාතීති. අජ‍්ඣාවුත්‍ථං වා අනජ‍්ඣාවුත්‍ථං වා ආචික‍්ඛිතබ‍්බං. ගොචරො ආචික‍්ඛිතබ‍්බො, අගොචරො ආචික‍්ඛිතබ‍්බො. සෙඛසම‍්මතානි කුලානි ආචික‍්ඛිතබ‍්බානි. වච‍්චට‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං. පස‍්සාවට‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං. පානීයං ආචික‍්ඛිතබ‍්බං, පරිභොජනීයං ආචික‍්ඛිතබ‍්බං, කත‍්තරදණ‍්ඩො ආචික‍්ඛිතබ‍්බො. සඞ‍්ඝස‍්ස කතිකසණ‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං ඉමං කාලං පවිසිතබ‍්බං ඉමං කාලං නික‍්ඛමිතබ‍්බන‍්ති.
5. “මහණෙනි, ආවාසික මහණහු විසින් වැඩිමහලු ආගන්තුක මහණක්හු දැක, අස්නක් පැනැවියයුතු. පාදෝනා දිය ද, පාපුටුව ද, පාදකඨලිකාව ද එළවාතැබියයුතු. පෙරගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පැනින් විචාළයුතු. හැකි වේ නම්, පාවහන් පිස දැමියැයුතු. පාවහන් පිසදමන්නහූ විසින් පළමු කොට වියැළි රෙදි කඩෙකින් පිස දැමියයුතු. පසු වැ තෙත් රෙදි කඩින් පිස දැමියයුතු. පාවහන් පිස්නා රෙදි කඩ සෝදා පසෙක (විස්සජ්ජෙතබ්බං) වැනිය යුතු. ආගන්තුක මහණ තෙම වැඩිමහලු වී නම්, වැන්දයුතු. ‘මේ සෙනස්න ඔබට පැමිණෙතැ’ යි සෙනස්න පැනැවියැ යුතු. සෙනස්න අන්කෙනකු වුසූ හෝ නො වුසූ එකක් ද යන්න දැන්විය යුතු. ගෝචරස්ථාන දැන්වියයුතු. අගෝචර ස්ථාන ද දැන්වියැයුතු. සේඛසම්මත කුල (අසෝ නමැ යි) දැන්වියැයුතු. වැසිකිළිය ඇති තැන කියයුතු. කැසිකිළිය ඇති තැන කියැයුතු. බොන පැන් ඇති තැන කියයුතු. පරිභෝග ජලය ඇති තැන කියැයුතු. සැරයැටිය ඇති තැන කියයුතු. ‘මේ වේලෙහි ගම් පිවිසියැයුතු. මේ වේලෙහි ගමින් නික්මි යැ යුතු යැ’ යි සඞ්ඝයාගේ කතිකා නියමය කියයුතු.
සචෙ නවකො හොති නිසින‍්නකෙන ආචික‍්ඛිතබ‍්බං: “අත්‍ර පත‍්තං නික‍්ඛිපාහි, අත්‍ර චීවරං නික‍්ඛිපාහි, ඉදං ආසනං, නිසීදාහී”ති. පානීයං ආචික‍්ඛිතබ‍්බං, පරිභොජනීයං ආචික‍්ඛිතබ‍්බං, උපාහනාපුඤ‍්ඡනචොළකං ආචික‍්ඛිතබ‍්බං. ආගන‍්තුකෙන භික‍්ඛුනා අභිවාදාපෙතබ‍්බො. සෙනාසනං ආචික‍්ඛිතබ‍්බං ‘එතං තෙ සෙනාසනං පාපුණාතී’ති. අජ‍්ඣාවුත්‍ථං වා අනජ‍්ඣාවුත්‍ථං වා ආචික‍්ඛිතබ‍්බං. ගොචරො ආචික‍්ඛිතබ‍්බො, අගොචරො ආචික‍්ඛිතබ‍්බො, සෙඛසම‍්මතානි කුලානි ආචික‍්ඛිතබ‍්බානි, වච‍්චට‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං, පස‍්සාවට‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං, පානීයං ආචික‍්ඛිතබ‍්බං, පරිභොජනීයං ආචික‍්ඛිතබ‍්බං, කත‍්තරදණ‍්ඩො ආචික‍්ඛිතබ‍්බො. සඞ‍්ඝස‍්ස කතිකසණ‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං ඉමං කාලං පවිසිතබ‍්බං ඉමං කාලං නික‍්ඛමිතබ‍්බන‍්ති.
ඉදින් ආගන්තුක මහණ නවක වී නම්, තමා හිඳ ‘මෙහිම පාත්‍රය තබව, මෙහි සිවුර තබව, මේ අස්න ය, මෙහි හිඳගනුව’ යි කියැයුතු. බොන පැන් ඇති තැන කියයුතු. පරිභෝග ජලය ඇති තැන කියැයුතු. පාවහන් පිස්නා රෙදිකඩ පෙන්විය යුතු. නවක වූ ආගන්තුක මහණහු ලවා ආවාසික වූ තෙමේ වැන්දැවියැයුතු. ‘මේ සෙනස්න ඔබට පැමිණෙතැ’ යි සෙනස්න පෙන්වියැයුතු. සෙනස්න එයින් පෙර කිසිවකු වුසූ හෝ නො වුසූ තැනෙක් ද යන්න කියැයුතු. ගෝචර ස්ථාන ද අගෝචර ස්ථාන ද දැන්වියැයුතු. සේඛසම්මත කුල දැන්වියැයුතු. වැසිකිළිය පෙන්වියයුතු. කැසිකිළිය පෙන්වියැයුතු. බොන පැන් පෙන්වියැයුතු. පරිභෝග ජලය පෙන්වියැයුතු. සැරයැටිය පෙන්වියයුතු. ‘මේ පිවිසියැයුතු කාලය, මේ නික්මියැයුතු කාලයැ’ යි සඞ්ඝයාගේ කතිකා නියමය කියැයුතු.
ඉදං ඛො භික‍්ඛවෙ ආවාසිකානං භික‍්ඛූනං වත‍්තං යථා ආවාසිකෙහි භික‍්ඛූහි වත‍්තිතබ‍්බන‍්ති.
මහණෙනි, යම් සේ ආවාසික භික්‍ෂූන් විසින් පැවැතියැ යුතු ද, මේ එසේ වූ ආවාසික භික්‍ෂූන් පිළිබඳ වත යි.