යෙදුමෙන් කියවන්න

ගමිකවත‍්තං

ගමිකවත‍්තං

ගමික වත්

6. තෙන ඛො පන සමයෙන ගමිකා භික‍්ඛූ දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං අප‍්පටිසාමෙත්‍වා ද‍්වාරවාතපානං විවරිත්‍වා සෙනාසනං අනාපුච‍්ඡා පක‍්කමන‍්ති. දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං නස‍්සති. සෙනාසනං අගුත‍්තං හොති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම ගමිකා භික‍්ඛූ දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං අපටිසාමෙත්‍වා ද‍්වාරවාතපානං විවරිත්‍වා සෙනාසනං අනාපුච‍්ඡා පක‍්කමිස‍්සන‍්ති, දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං නස‍්සති සෙනාසනං අගුත‍්තං හොතීති.

6. එ සමයෙහි ගමික (ගමන් යන) භික්‍ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්‍ෂිත කොට නො තබා දොරවල් ද වාකවුළු ද හැර දමා සෙනස්න කිසිවකුටත් නො පවරා නික්මයෙත්. ලී බඩු ද මැටිමුවා බඩු ද නැසෙයි. සෙනස්න නො රැකුණේ ද වෙයි. අල්පෙච්ඡ වූ ලජ්ජි වූ ශික්‍ෂාකාමී වූ කුකුස් කරන්නා වූ යම් භික්‍ෂූ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් ගමික භික්‍ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්‍ෂිත කොට අහුරා නො තබා දොරවල් ද වාකවුළු ද විවර කොට සෙනස්න රැක ගන්නට කිසිවකුටත් නො පවරා නික්ම යන්නාහු ද, ලීබඩු මැටිබඩු නස්නේ ද, සෙනස්න නොරැකුණේ වේ දැ” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්.

අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.

“සච‍්චං කිර භික‍්ඛවෙ -පෙ-”

“මහණෙනි, සැබෑ ද? ” ... යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“සච‍්චං භගවා” -පෙ-

“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ” යි භික්‍ෂූහු කීහ.

විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා,

“තෙන හි භික‍්ඛවෙ ගමිකානං භික‍්ඛූනං වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා ගමිකෙහි භික‍්ඛූහි වත‍්තිතබ‍්බං.”

“මහණෙනි, එසේ වී නම්, යම්සේ ගමික භික්‍ෂූන් විසින් පැවැතියයුතු ද, එසේ ගමික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි වදාරා ගමික වත පැනැවූයේක.

7. ගමිකෙන භික‍්ඛවෙ භික‍්ඛුනා දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං පටිසාමෙත්‍වා ද‍්වාරවාතපානං ථකෙත්‍වා සෙනාසනං ආපුච‍්ඡිත්‍වා පක‍්කමිතබ‍්බං. සචෙ භික‍්ඛු න හොති. සාමණෙරො ආපුච‍්ඡිතබ‍්බො. සචෙ සාමණෙරො න හොති. ආරාමිකො ආපුච‍්ඡිතබ‍්බො. සචෙ ආරාමිකො න හොති. උපාසකො ආපුච‍්ඡිතබ‍්බො. සචෙ න හොති භික‍්ඛු වා සාමණෙරො වා ආරාමිකො වා උපාසකො වා චතුසු පාසාණෙසු මඤ‍්චං පඤ‍්ඤාපෙත්‍වා මඤ‍්චෙ මඤ‍්චං ආරොපෙත්‍වා පීඨෙ පීඨං ආරොපෙත්‍වා සෙනාසනං උපරි පුඤ‍්ජං කරිත්‍වා දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං පටිසාමෙත්‍වා ද‍්වාරවාතපානං ථකෙත්‍වා පක‍්කමිතබ‍්බං.

7. “මහණෙනි, ගමික මහණහු විසින් ලීබඩු ද මැටිමුවා බඩු ද සුරැකි කොට තැබියයුතු. දොරවල් වාකවුළු වසා සෙනස්න රැක ගන්නට කෙනකුට දන්වා නික්මියැ යුතු. භික්‍ෂූනමක් (එහි) නො වී නම්, හෙරණ තෙම දැන්විය යුතු (හෙරණහට ඒවා රැක ගන්නට පැවැරියයුතු), හෙරණෙක් නො සිටී නම්, ආරාමික තෙම (ආරාමිකයාට) දැන්වියයුතු. ආරාමිකයෙක් නො වී නම්, උපාසකයකුට දැන්වියැයුතු. මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ නො වී නම්, ගල් සතරක් උඩ ඇඳ පනවා, ඇඳ මත තව ඇඳක් නංවා, පුටුවක් මත පුටුවක් නංවා, සෙනස්න මතුයෙහි ගොඩ ගසා ලීබඩු මැටිබඩු එහි සුරැකි කොට අහුරා තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.

සචෙ විහාරො ඔවස‍්සති සචෙ උස‍්සහති ඡාදෙතබ‍්බො. උස‍්සුකං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො විහාරො ඡාදීයෙථාති. එවඤ‍්චෙතං ලභෙථ ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභෙථ යො දෙසො අනොවස‍්සකො හොති, තත්‍ථ චතුසු පාසාණෙසු මඤ‍්චං පඤ‍්ඤාපෙත්‍වා මඤ‍්චෙ මඤ‍්චං ආරොපෙත්‍වා පීඨෙ පීඨං ආරොපෙත්‍වා සෙනාසනං උපරි පුඤ‍්ජං කරිත්‍වා දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං පටිසාමෙත්‍වා ද‍්වාරවාතපානං ථකෙත්‍වා පක‍්කමිතබ‍්බං.

විහාරය තෙමේ නම්, හැකි නම් (උළු ආදියකින්) වැසිය යුතු. ‘කෙසේ නම් විහාරය සෙවිලි කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළයුතු. මෙසේත් මෙය ලබන්නේ නම්, (මෙය සිදු වන්නේ නම්) මෙසේ මෙය මැනැව. ඉඳින් නො ලබන්නේ නම් යම් පැත්තෙක් නො තෙමෙන්නේ වේ නම්, එහි ගල් සතරක් මත ඇඳක් පනවා, ඒ ඇඳ මත තව ඇඳක් නංවා පුටුවක් උඩ පුටුවක් නංවා, සෙනස්න මත ලී බඩුත් මැටි බඩුත් ගොඩ ගසා සුරැකි කොට තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.

සචෙ සබ‍්බො විහාරො ඔවස‍්සති සචෙ උස‍්සහති සෙනාසනං ගාමං අතිහරිතබ‍්බං. උස‍්සුක‍්කං වා කාතබ‍්බං කින‍්ති නු ඛො සෙනාසනං ගාමං අතිහරියෙථාති. එවඤ‍්චෙතං ලභෙථ ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභෙථ අජ‍්ඣොකාසෙ චතුසු පාසාණෙසු මඤ‍්චං පඤ‍්ඤාපෙත්‍වා මඤ‍්චෙ මඤ‍්චං ආරොපෙත්‍වා පීඨෙ පීඨං ආරොපෙත්‍වා සෙනාසනං උපරි පුඤ‍්ජං කරිත්‍වා දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං පටිසාමෙත්‍වා තිණෙන වා පණ‍්ණෙන වා පටිච‍්ඡාදෙත්‍වා පක‍්කමිතබ‍්බං අප‍්පෙවනාම අඞ‍්ගානිපි සෙසෙය්‍යුන‍්ති.

ඉදින් සියලු විහාරය තෙමේ නම්, හැක්කේ නම්, සෙනස්න ගමට ගෙන යායුතු. කෙසේ නම් සෙනස්න ගමට ගෙනයනු ලබන්නේ දැ යි උත්සුක බව හෝ කළයුතු යි. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව. ඉදින් නො ලබන්නේ නම්, එළිමහනෙහි ගල් යතරක් උඩ ඇඳක් පනවා ඒ ඇඳෙහි ඇඳක් නංවා පුටුවෙක පුටුවක් නංවා සෙනස්න මත ලීබඩුත් මැටිබඩුත් එක්රැසක් කොට (එකට ගොඩගසා) සුරැකි කොට ‘යටත් පිරිසෙයින් ලීබඩුවල අවයවවත් ඉතිරි වන්නේ නම් මැනැවැ’ යි තෘණයෙන් හෝ කොළවලින් හෝ වසා තබා නික්මැ යායුතු.

ඉදං ඛො භික‍්ඛවෙ ගමිකානං භික‍්ඛූනං වත‍්තං යථා ගමිකෙහි වත‍්තිතබ‍්බන‍්ති.

“මහණෙනි, යම්සේ ගමිකයන් විසින් පැවැතියැ යුතු ද මේ ඒ ගමික භික්‍ෂූන් පිළිබඳ වත යි”.

8. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ භත‍්තග‍්ගෙ න අනුමොදන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා භත‍්තග‍්ගෙ න අනුමොදිස‍්සන‍්තී’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

8. එසමයෙහි මහණහු බොජුන් ගන්නා තන්හි දී (බොජුන් හලේ දී) අනුමෝදනා නො කෙරෙත්, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ බොජුන්හලෙහි දී අනුමෝදනා නො කරන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නින්‍දා කරන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,

“අනුජානාමි භික‍්ඛවෙ භත‍්තග‍්ගෙ අනුමොදිතුන‍්ති”.

“මහණෙනි, බොජුන්හලෙහි දී අනුමෝදනා බණ කියන්නට අනුදනිමි” යි වදාළසේක.

අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි “කෙන නු ඛො භත‍්තග‍්ගෙ අනුමොදිතබ‍්බන‍්ති”. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

එකල්හි ඒ මහණුනට “කවර නම් කෙනකුන් විසින් බොජුන් හලෙහි දී අනුමෝදනා බණ කියැයුතු දැ?” යී මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා,

“අනුජානාමි භික‍්ඛවෙ ථෙරෙන භික‍්ඛුනා භත‍්තග‍්ගෙ අනුමොදිතුන‍්ති”.

“මහණෙනි, ස්ථවිර මහණක්හු විසින් භක්තාග්‍රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පූගස‍්ස සඞ‍්ඝභත‍්තං හොති. ආයස‍්මා සාරිපුත‍්තො සඞ‍්ඝත්‍ථෙරො හොති. භික‍්ඛූ ‘භගවතා අනුඤ‍්ඤාතං ථෙරෙන භික‍්ඛුනා භත‍්තග‍්ගෙ අනුමොදිතුන‍්ති’, ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එකකං ඔහාය පක‍්කමිංසු. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො තෙ මනුස‍්සෙ පටිසම‍්මොදිත්‍වා පච‍්ඡා එකකොව අගමාසි. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං දූරතො’ව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “කච‍්චි සාරිපුත‍්ත භත‍්තං ඉද‍්ධං අහොසී”ති. “ඉද‍්ධං ඛො භන‍්තෙ භත‍්තං අහොසි. අපි ච මං භික‍්ඛූ එකකං ඔහාය පක‍්කන‍්තා”ති.

එසමයෙහි වනාහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ (එයට වැඩිය සඟ පිරිසේ) සඞ්ඝස්ථවිර වෙති. ‘ස්ථවිර මහණහු විසින් භක්තාග්‍රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ”යි කියා, භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හුදෙකලා කොට හැර නික්මැගියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ඒ මිනිසුනට භුත්තානුමෝදනාව කොට, පසුව හුදෙකලාව ම වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම වඩනා ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් දුටුසේක. දැක ඔබ බණවා, “කිමෙක් ද ශාරීපුත්‍රයෙනි, බත සමෘද්ධ වී ද” යි අසාවදාළසේක. “වහන්ස, බත සමෘද්ධ විය. එහෙත් භික්‍ෂූහු මා හුදෙකලා කොට හැරදමා ගියාහු” යැ යි සැලකළහ.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ පවුරුණේහි දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා -

“අනුජානාමි භික‍්ඛවෙ භත‍්තග‍්ගෙ චතූහි පඤ‍්චහි ථෙරානුථෙරෙහි භික‍්ඛූහි ආගමෙතුන‍්ති.

“මහණෙනි, භක්තාග්‍රයෙහි සතර පස් නමක් ථේර අනුථෙර භික්‍ෂූන් (භුත්තානුමෝදනාව අවසන් වන තෙක්) රැඳී බලා පොරොත්තු වියැයුතු යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො ථෙරො භත‍්තග‍්ගෙ වච‍්චිතො ආගමෙසි. සො වච‍්චං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො මුච‍්ඡිතො පපති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි එක්තරා ස්ථවිර නමක් භක්තාග්‍රයෙහි දී වර්චසින් මැඩුණේ රැඳී හුන්නේ ය. හේ වර්චස් වේගය දරාගන්නට නො හැක්කේ මුසපත් වැ වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ සති කරණීයෙ ආනන‍්තරිකං භික‍්ඛුං ආපුච‍්ඡිත්‍වා ගන‍්තුන‍්ති.

“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි තමාට අනතුරුව (තමා ළඟ ම) ඉන්නා මහණහට දන්වා යන්නට අනුදනිමි” යි වදාළසේක.