භත‍්තග‍්ගවත‍්තං
භත‍්තග‍්ගවත‍්තං
භක්තාග්‍ර වත
9. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දුන‍්නිවත්‍ථා දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා භත‍්තග‍්ගං ගච‍්ඡන‍්ති වොක‍්කම‍්ම. පි ථෙරානං භික‍්ඛූනං පුරතො පුරතො ගච‍්ඡන‍්ති, ථෙරෙපි භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදන‍්ති. නවෙ පි භික‍්ඛූ ආසනෙන පටිබාහන‍්ති. සඞ‍්ඝාටිම‍්පි ඔත්‍ථරිත්‍වා අන‍්තරඝරෙ නිසීදන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දුන‍්නිවත්‍ථා දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා භත‍්තග‍්ගං ගච‍්ඡිස‍්සන‍්ති වොක‍්කම‍්ම ථෙරානං භික‍්ඛූනං පුරතො පුරතො ගච‍්ඡිස‍්සන‍්ති, ථෙරෙපි භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදිස‍්සන‍්ති, නවෙපි භික‍්ඛූ ආසනෙනපි පටිබාහිස‍්සන‍්ති, සඞ‍්ඝාටිම‍්පි ඔත්‍ථරිත්‍වා නිසීදිස‍්සන‍්තීති.
9. එසමයෙහි සවැගි මහණහු මනා කොට නො හැන්දාහු, මනා කොට නො පෙරෙවියාහු, සුදුසු ආකල්ප (මනා ලෙස ඉරියවු පැවැත්වීම) නැත්තාහු, භෝජන ශාලාවට යෙත්. ස්ථවිර භික්‍ෂූන් පසුබා ඉදිරි ඉදිරිවැ ද යෙත්. ස්ථවිර භික්‍ෂූන් මැදට පිවිස මහාතෙරුනට ඇලී හිඳගනිත්. නවක භික්‍ෂූන් ඔවුන් හුන් අස්නෙන් නෙරපත්. සඟළ සිවුර යට කොට ද ඇතුළුගෙහි හිදිත්. අල්පේච්ඡ වූ ලජ්ජී වූ සුළු වරදෙහිත් කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ‘කෙසේ නම් සැවැගි මහණහු නොමනා ව හැන්දාහු, නොමනා ව පෙරෙවියාහු, මනා ආකල්ප නැත්තාහු බොජුන් හලට යන්නාහු ද ස්ථවිර භික්‍ෂූන් පසුබා තුමූ ඉදිරි ඉදිරි ව යන්නාහු ද, ස්ථවිර භික්‍ෂූන් මැදට වැද මහතෙරුනට ඇලී හිඳින්නාහු ද, නවක භික්‍ෂූන් ඔවුන් හුන් අසුන් වලින් නෙරනාහු ද, ගමෙහි දී සඟළ සිවුර ද යට කොට හිඳින්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්.
අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
එ කලැ ඒ භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
“සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දුන‍්නිවත්‍ථා දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා භත‍්තග‍්ගං ගච‍්ඡන‍්ති -පෙ- සඞ‍්ඝාටිම‍්පි ඔත්‍ථරිත්‍වා අන‍්තරඝරෙ නිසීදන‍්තී”ති.
“මහණෙනි, සැවැගි මහණහු නො මනා කොට හැඳ ගත්තෝ වැ, නො මනා කොට පෙරෙව ගත්තෝ වැ මනා ආකල්ප නැත්තෝ වැ බොජුන් හලට යෙත් ල ... සඟළ සිවුර යට කොට ද ගමෙහි හිඳිත් ල ඒ සැබෑ ද?” යි අසාවදාළසේක.
සච‍්චං භගවා.
‘ඒ සැබැවැ’ වහන්සැ යි මහණහු කීහ.
විගරහිත්‍වා බුද‍්ධො භගවා. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.
භාග්‍යවතුන් ව්හන්සේ වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා-
තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං භත‍්තග‍්ගෙ වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා භික‍්ඛූහි භත‍්තග‍්ගෙ වත‍්තිතබ‍්බං:
“මහණෙනි, එසේ වී නම්, යම් සේ භික්‍ෂූන් විසින් භක්තාග්‍රයෙහි පැවැතියැ යුතු ද එසේ වූ භක්තාග්‍ර වත භික්‍ෂූනට පනවන්නෙමි” යි වදාළසේක. (මෙසේ වදාරා මතු දැක්වෙන වත පැනවූසේක):
10. “සචෙ ආරාමෙ කාලො ආරොචිතො හොති, තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන පරිමණ‍්ඩලං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා සගුණං කත්‍වා සඞ‍්ඝාටියො පාරුපිත්‍වා ගණ‍්ඨිකං පටිමුඤ‍්චිත්‍වා ධොවිත්‍වා පත‍්තං ගහෙත්‍වා සාධුකං අතරමානෙන ගාමො පවිසිතබ‍්බො. න වොක‍්කම‍්ම ථෙරානං භික‍්ඛූනං පුරතො පුරතො ගන‍්තබ‍්බං සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං, සුසංවුතෙන -පෙ- ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා -පෙ- න උක‍්ඛිත‍්තකාය -පෙ- න උජ‍්ජග‍්ඝිකාය -පෙ- අප‍්පසද‍්දෙන -පෙ- න කායප‍්පචාලකං -පෙ- න බාහුප‍්පචාලකං -පෙ- න සීසප‍්පචාලකං -පෙ- න ඛම‍්භකතෙන -පෙ- න ඔගුණ‍්ඨිතෙන -පෙ- න උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං.
10. “ඉදින් ආරාමයෙහි කාලය දන්වන ලද්දේ වී නම්, තෙමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ, කාබාන බැඳ සගුණ කොට සඟළසිවුර පෙරවැ ගැට වටු ගන්වා (ගණ්ඨිය අවුණා) පාත්‍රය දෙව අතින් ගෙන මනා කොට නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් පසුබා ඉදිරි ඉදිරි වැ නො යා යුතු. සුපිළියන් වැ ගමැ යායුතු. සුසංවෘත වැ ගමැ යායුතු. බිමට හෙළු ඇසැති වැ ... ඔසොවාගත් සිවුරු ඇති වැ නො යායුතු ... මහත් කොට සිනාසිසී නො යායුතු. නිහඬ වැ යායුතු. කය සොලොවමින් නො යායුතු. අත් වන වනා නො යායුතු. හිස සොලොවමින් නො යායුතු. ඉඟැ ඇත් ගසා ගෙන ... හිස වසා පෙරෙවැ නො යායුතු. උත්කුටුක වැ ගමෙහි නො යායුතු.
සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. සුසංවුතෙන -පෙ- ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා -පෙ- න උක‍්ඛිත‍්තකාය -පෙ- න උජ‍්ජග‍්ඝිකාය -පෙ- අප‍්පසද‍්දෙන -පෙ- න කායප‍්පචාලකං -පෙ- න බාහුප‍්පචාලකං -පෙ- න සීසප‍්පචාලකං -පෙ- න ඛම‍්භකතෙන -පෙ- න ඔගුණ‍්ඨිතෙන -පෙ- න පල‍්ලත්‍ථිකාය -පෙ- න ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදිතබ‍්බං. න නවා භික‍්ඛූ ආසනෙන පටිබාහිතබ‍්බා. න සඞ‍්ඝාටිං ඔත්‍ථරිත්‍වා අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං.
ගමැ සුපිළිසන් වැ හින්දැයුතු. මනා සංවර ඇති වැ ... යටට හෙලූ ඇස් ඇති වැ හින්දැයුතු. ඔසවාගත් සිවුරු ඇති වැ ... මහත් කොට සිනා සිසී නො හින්දැයුතු. නිහඬ වැ හින්දැ යුතු. කය සොලොවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉඟැ අත් ගසාගෙන ... ඉස වසා පෙරෙවැ .... පල්ලත්‍ථිකාවෙන් ... ස්ථවිර භික්‍ෂූනට ඇලී නො ඉන්දැයුතු. නවක මහණහු අස්නෙන් නො ම නෙරැපියැයුතු. ගමැ සඟළ සිවුර යට කොට නො හින්දැයුතු.
11. උදකෙ දීයමානෙ උභොහි හත්‍ථෙහි පත‍්තං පටිග‍්ගහෙත්‍වා උදකං පටිග‍්ගහෙතබ‍්බං. නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන පත‍්තො ධොවිතබ‍්බො. සචෙ උදකපටිග‍්ගාහකො හොති, නීචං කත්‍වා උදකප‍්පටිග‍්ගහෙ උදකං ආසිඤ‍්චිතබ‍්බං මා උදකපටිග‍්ගාහකො උදකෙන ඔසිඤ‍්චි, මා සාමන‍්තා භික‍්ඛූ උදකෙන ඔසිඤ‍්චිංසු, මා සඞ‍්ඝාටි උදකෙන ඔසිඤ‍්චී’ති.
11. පැන් දෙන කල්හි දෑතින් පාත්‍රය පිළිගෙන එයින් පැන් පිළිගතයුතු. පහත් කොට මනාව කිසිවෙක නො ගහවා පාත්‍රය දෙවියැයුතු. ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) වේ නම්, ‘දිය පිළිගන්නා බඳුන දිය ඉහිරී නො තෙමේවා’ යි ද, ‘ළඟ ඉන්නා භික්‍ෂූහු දියෙන් නොතෙමෙත් වා’ යි ද, ‘සඟළ සිවුරු දියෙන් නො ව තෙමේවා’ යි ද සලකා පහත් කොට දිය පිළිගන්නා බඳුනෙහි දිය වත්කළයුතු.
සචෙ උදකපටිග‍්ගාහකො න හොති. නීචං කත්‍වා ඡමාය උදකං ආසිඤ‍්චිතබ‍්බං. මා සාමන‍්තා භික‍්ඛූ උදකෙන සිඤ‍්චිංසු, මා සඞ‍්ඝාටි උදකෙන ඔසිඤ‍්චී’ති.
ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්වා’ යි, ‘සඟළ සිවුරු දියෙන් නො තෙමේවා’ යි සලකා පහත් කොට බිමැ දිය වත්කළයුතු.
ඔදනෙ දීයමානෙ උභොහි හත්‍ථෙහි පත‍්තං පටිග‍්ගහෙත්‍වා ඔදනො පටිග‍්ගහෙතබ‍්බො. සූපස‍්ස ඔකාසො කාතබ‍්බො. සචෙ හොති සප‍්පි වා තෙලං වා උත‍්තරිභඞ‍්ගං වා. ථෙරෙන වත‍්තබ‍්බො සබ‍්බෙසං සමකං සම‍්පාදෙහීති.
බත් දෙනු ලබන කල්හි දෑතින් පාත්‍රය ගෙන එයින් බත් පිළිගතයුතු. සූපයට ඉඩ තැබියැයුතු. ගිතෙල් හෝ තලතෙල් හෝ අවුළුපත් හෝ වේ නම්, ‘සියලු දෙනාට ම සම ලෙස සපයන්නැ’ යි තෙරහු විසින් කියැයුතු.
සක‍්කච‍්චං පිණ‍්ඩපාතො පටිග‍්ගහෙතබ‍්බො. පත‍්තසඤ‍්ඤිනා පිණ‍්ඩපාතො පටිග‍්ගහෙතබ‍්බො. සමසූපකො පිණ‍්ඩපාතො පටිග‍්ගහෙතබ‍්බො. සමතිත‍්තිකො පිණ‍්ඩපාතො පටිග‍්ගහෙතබ‍්බො. න තාව ථෙරෙන භුඤ‍්ජිතබ‍්බො. යාව න සබ‍්බෙසං ඔදනො සම‍්පත‍්තො හොති.
පිණ්ඩපාතය සකසා (සැලැකිලිමත් වැ) පිළිගතයුතු. පාත්‍රගත සංඥාව ඇති ව පිණ්ඩපාතය පිළිගතයුතු. පිණ්ඩපාතය එයට සම වූ (බතින් සතරින් කොටස් පමණ වූ) සූපය ඇත්තේ පිළිගත යුතු. පිණ්ඩපාතය (පාත්‍රයේ) මුවවිට යටැ ඉර තෙක් පමණක් පුරවන ලද බත ඇත්තේ පිළිගතයුතු. යම් තාක් සියලු ම භික්‍ෂූනට බත් නො ලැබුණේ වේ ද ඒ තාක් තෙරහු විසින් නො වැළඳියයුතු.
සක‍්කච‍්චං පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. පත‍්තසඤ‍්ඤිනා පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. සපදානං පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. සමසූපකො පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. න ථූපතො. ඔමද‍්දිත්‍වා පිණ‍්ඩිපාතො භුඤ‍්ජිතබ‍්බො. න සූපං වා ව්‍යඤ‍්ජනං වා ඔදනෙන පටිච‍්ඡාදෙතබ‍්බං භිය්‍යොකම්‍යතං උපාදාය. න සූපං වා ඔදනං වා අගිලානෙන අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිතබ‍්බං.
සකසා පිණ්ඩපාතය වැළඳියැයුතු. පාත්‍රගත සංඥා ඇති ව පිණ්ඩපාතය වැළඳියැයුතු. (තැනින් තැන නො ගෙන) එක් තැනෙකින් පටන්ගෙන පිළිවෙළින් පිණ්ඩපාතය වැළැඳියැයුතු. පිණ්ඩපාතය එයට යෝග්‍ය පමණට සූප ඇත්තේ වැළැඳියැයුතු. බත් ගොඩ මැදින් මැඩ නො වැළැඳියැයුතු. වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප හෝ ව්‍යඤ්ජන හෝ බතින් නො වැසියයුතු. නො ගිලන් මහණක්හු විසින් සූප හෝ බත් හෝ තමා සඳහා ඉල්ලා නො වැළැඳියයුතු.
12. න උජ‍්ඣානසඤ‍්ඤිනා පරෙසං පත‍්තො ඔලොකෙතබ‍්බො. නාතිමහන‍්තො කබලො කාතබ‍්බො. පරිමණ‍්ඩලො ආලොපො කාතබ‍්බො. න අනාහටෙ කබලෙ මුඛද‍්වාරං විවරිතබ‍්බං. න භුඤ‍්ජමානෙන සබ‍්බො හත්‍ථො මුඛෙ පක‍්ඛිපිතබ‍්බො. න සකබලෙන මුඛෙන ව්‍යාහරිතබ‍්බං. න පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජිතබ‍්බං. න කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජිතබ‍්බං. න අවගණ‍්ඩකාරකං භුඤ‍්ජිතබ‍්බං. න හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජිතබ‍්බං. න සිත්‍ථාවකාරකං භුඤ‍්ජිතබ‍්බං. න ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජිතබ‍්බං. න චපුචපුකාරකං භුඤ‍්ජිතබ‍්බං. න සුරුසුරුකාරකං භුඤ‍්ජිතබ‍්බං. න හත්‍ථනිල‍්ලෙහකං භුඤ‍්ජිතබ‍්බං. න පත‍්තනිල‍්ලෙහකං භුඤ‍්ජිතබ‍්බං. න ඔට‍්ඨනිල‍්ලෙහකං භුඤ‍්ජිතබ‍්බං. න සාමිසෙන හත්‍ථෙන පානීයථාලකො පටිග‍්ගහෙතබ‍්බො.
12. අවඥා සහිත හැඟීම් ඇති ව අනුන්ගේ පාත්‍රය නො බැලියැ යුතු. ඉතා මහත් බත්පිඬු නො කළයුතු. බත්පිඬ පිරිමඬුලු (වට) කළයුතු. බත්පිඬුව මුවට ළං නො වන තෙක් මුව දොර නො විවැරියැයුතු. වළඳන්නහු විසින් සියලු අත මුවැ නො බහාලියැයුතු. බත්පිඬුව සහිත මුවින් නො බිණියැයුතු. මුව තුළට බත් ඉසිමින් (විසිකරමින්) නො වැළැඳියැයුතු. බත් පිඬු කඩ කඩ කෙරෙමින් නො වැළඳියැයුතු. වඳුරන් සේ බත්පිඬු හක්කේ රැස් කොට තබාගනිමින් නො වැළඳියැයුතු. අත ගසා දමමින් නො වැළැඳියයුතු. බත්තුළු විසුරුවමින් නො වැළැඳියැයුතු. දිව නෙරමින් නො වැළඳියයුතු. ‘චපු වපු’ යන හඬ කෙරෙමින් නො වැළැඳියැයුතු. ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් නො වැළැඳියැයුතු. අත ලෙවමින් නො වැළැඳියැයුතු. පාත්‍රය ලෙවමින් නො වැළැඳියයුතු. තොල ලෙවමින් නො වැළැඳියැයුතු. ඉඳුල් සහිත අතින් පැන්තලුව (කෝප්පය) නො පිළිගතයුතු.
න තාව ථෙරෙන උදකං පටිග‍්ගහෙතබ‍්බං යාව න සබ‍්බෙව භුත‍්තාවිනො හොන‍්ති. උදකෙ දීයමානෙ උභොහි හත්‍ථෙහි පත‍්තං පටිග‍්ගහෙත්‍වා උදකං පටිග‍්ගහෙතබ‍්බං. නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන පත‍්තො ධොවිතබ‍්බො. සචෙ උදකපටිග‍්ගාහකො හොති නීචං කත්‍වා උදකප‍්පටිග‍්ගහෙ උදකං ආසිඤ‍්චිතබ‍්බං මා උදකපටිග‍්ගාහකො උදකෙන ඔසිඤ‍්චි. මා සාමන‍්තා භික‍්ඛූ උදකෙන ඔසිඤ‍්චිංසු මා සඞ‍්ඝාටි උදකෙන ඔසිඤ‍්චීති. සචෙ උදකපටිග‍්ගාහකො න හොති නීචං කත්‍වා ඡමාය උදකං ආසිඤ‍්චිතබ‍්බං මා සාමන‍්තා භික‍්ඛූ උදකෙන ඔසිඤ‍්චිංසු, මා සඞ‍්ඝාටි උදකෙන ඔසිඤ‍්චී ති. න සසිත්‍ථකං පත‍්තධොවනං අන‍්තරඝරෙ ඡඩ‍්ඩෙතබ‍්බං.
යම්තාක් සියලු මහණහු වළඳා නිම කෙරෙත් ද, ඒතාක් තෙරහු විසින් දිය නො පිළිගතයුතු. දිය දෙනු ලබන කලැ දෑතින් පාත්‍රය ගෙන එයින් දිය පිළිගතයුතු. කිසිවෙක නො ගහමින් පහත් කොට පාත්‍රය මොනොවට අල්ලාගෙන දෙවියැ යුතු. දිය පිළිගන්නා බඳුනෙක් වේ නම්, ‘දිය පිළිගන්නහු දියෙන් නො තෙමේව’ යි ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්ව’ යි. ‘සඟළසිවුර දියෙන් නො තෙමේව’ සලකා, දිය පිළිගන්නා බඳුන පහත් කොට එහි දිය වත්කළ යුතු. දිය පිළිගන්නා බඳුනෙක් නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්ව’ යි ‘සඟළසිවුර දියෙන් නො තෙමේව’ යි සලකා, පහත් කොට බිමැ දිය වත්කළයුතු. පාත්‍ර දෙවූ බත්හුළු සහිත ජලය ගමෙහි (ගෙවල් අතුරැ) නො දැමියැයුතු.
නිවත‍්තන‍්තෙන, නවකෙහි භික‍්ඛූහි පඨමතරං නිවත‍්තිතබ‍්බං පච‍්ඡා ථෙරෙහි. සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං සුසංවුතෙන -පෙ- ඔක‍්ඛිත‍්ත චක‍්ඛුනා -පෙ- න උක‍්ඛිත‍්තකාය -පෙ- න උජ‍්ජග‍්ඝිකාය -පෙ- අප‍්පසද‍්දෙන -පෙ- න කායප‍්පචාලකං -පෙ- න බාහුප‍්පචාලකං -පෙ- න සීසප‍්පචාලකං -පෙ- න ඛම‍්භකතෙන -පෙ- න ඔගුණ‍්ඨිතෙන -පෙ- න උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං.
ඇතුළු ගමින් පෙරළා එන සඞ්ඝයා විසින් (මෙසේ පිළිපැදිය යුතු.) පළමු කොට නවක මහණුන් විසින් පෙරළා ඉයැයුතු. ස්ථවිර මහණුන් විසින් පසු ව ඉයැයුතු. සුපිළිසන්ව ගමැ යා යුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ගමැ යා යුතු. සිවුර ඔසොවාගෙන ... මහහඬින් සිනාසිසී ගමැ නො යායුතු. නිහඬ වැ ගමැ යායුතු. කය සොලවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉහැ අත ගසා ගෙන ... හිස වසා පෙරෙවැ ... උත්කුටුක වැ ගමැ නො යායුතු.
ඉදං ඛො භික‍්ඛවෙ භික‍්ඛූනං භත‍්තග‍්ගෙ වත‍්තං යථා භික‍්ඛූහි භත‍්තග‍්ගෙ වත‍්තිතබ‍්බන‍්ති.
“මහණෙනි, යම්සේ භික්‍ෂූන් විසින් බොජුන්හලැ පැවැතිය යුතු ද, මේ ඒ බොජුන්හලැ වත යැ” යි වදාළසේක.
පඨම භාණවාරං.
පළමු බණවර යි.