යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩචාරික වත‍්තං

පිණ‍්ඩචාරික වත‍්තං

පිණ්ඩචාරික වත

1. තෙන ඛො පන සමයෙන පිණ‍්ඩචාරිකා භික‍්ඛූ දුන‍්නිවත්‍ථා දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා පිණ‍්ඩාය චරන‍්ති. අසල‍්ලක‍්ඛෙත්‍වාපි නිවෙසනං පවිසන‍්ති අසල‍්ලක‍්ඛෙත්‍වාපි නික‍්ඛමන‍්ති. අතිසහසාපි පවිසන‍්ති. අතිසහසාපි නික‍්ඛමන‍්ති. අතිදූරෙපි තිට‍්ඨන‍්ති. අච‍්චාසන‍්නෙපි තිට‍්ඨන‍්ති. අතිචිරම‍්පි තිට‍්ඨන‍්ති. අතිලහුකම‍්පි නිවත‍්තන‍්ති.

1. එ සමයෙහි පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙත්, නො සලකා ද ගෙට පිවිසෙත්, නො සලකා ද ගෙන් නික්මෙත්, ඉතා හදිසියෙන් ද ගෙට පිවිසෙත්, ඉතා හදිසියෙන් ද, නික්ම යෙත්, ඉතා ඈත්හි ද, සිටිත්, ඉතා ළඟ ද සිටිත්, ඉතා බොහෝ වේලා ද සිටිත්, ඉතා වහා ද පෙරළා යෙත්.

අඤ‍්ඤතරොපි පිණ‍්ඩචාරිකො භික‍්ඛු අසල‍්ලක‍්ඛෙත්‍වා නිවෙසනං පාවිසි. සො ච ද‍්වාරං මඤ‍්ඤමානො අඤ‍්ඤතරං ඔවරකං පාවිසි. තස‍්මිං ච ඔවරකෙ ඉත්‍ථී නග‍්ගා උත‍්තානා නිපන‍්නා හොති. අද‍්දසා ඛො සො භික‍්ඛු තං ඉත්‍ථිං නග‍්ගං උත‍්තානං නිපන‍්නං. දිස‍්වාන ‘නයිදං ද‍්වාරං, ඔවරකං ඉදං’ති තහ‍්මා ඔවරකා නික‍්ඛමි. අද‍්දසා ඛො තස‍්සා ඉත්‍ථියා සාමිකො තං ඉත්‍ථිං නග‍්ගං උත‍්තානං නිපන‍්නං. දිස‍්වාන ඉමිනා මෙ භික‍්ඛුනා පජාපතී දූසිතාති තං භික‍්ඛුං ගහෙත්‍වා ආකොටෙසි.

එක්තරා පිණ්ඩචාරික මහණෙක් ද නො සලකා ගෙයකට පිවිසියේ ය. හේ දොර යැ යි වරදවා සිතනුයේ, එක්තරා ඇතුළු ගෙයකට පිවිසියේ ය. ඒ ඇතුළුගෙහි ද ස්ත්‍රියක් නග්න වැ උඩුකුරු වැ වැද හොත්තී වේ. ඒ මහණ නග්න වැ උඩුකුරු වැ හොත් ඒ ස්ත්‍රිය දුටුයේ ම ය. දැක “මේ දොරකඩ නො වේ. මේ ඇතුළු ගෙයෙකැ” යි සිතා ඒ ඇතුළු ගෙයින් නික්මියේ ය. ඒ ස්ත්‍රියගේ සැමියා නග්න වැ උඩුකුරු වැ හෝනා ඒ ස්ත්‍රිය දැක ‘මේ මහණහු විසින් මා බිරිය දූෂිත වූවා’ යි සිතා ඒ මහණහු අල්ලාගෙන තැළී ය.

අථ ඛො සා ඉත්‍ථී තෙන සද‍්දෙන පටිබුජ‍්ඣිත්‍වා තං පුරිසං එතදවොච: “කිස‍්ස ත්‍වං අය්‍ය ඉමං භික‍්ඛුං ආකොටෙසී”ති.

ඉක්බිති ඒ ස්ත්‍රී ඒ හඬින් පිබිද ‘ස්වාමීනි, ඔබ මේ වහන්දෑට කුමට තළත් දැ’ යි ඇසුවා ය.

“ඉමිනාසි ත්‍වං භික‍්ඛුනා දූසිතා”ති.

‘මේ මහණ විසින් තෝ දූෂිත වීහි’ යි හේ කිව.

“නාහං අය්‍ය ඉමිනා භික‍්ඛුනා දූසිතා. අකාරකො සො භික‍්ඛූ”ති තං භික‍්ඛුං මුඤ‍්චාපෙසි.

ඕ “ස්වාමීනි, මේ මහණ විසින් මම් දූෂිත නො වීමි, හෙතෙම වරදක් නො කෙළෙකැ” යි කියා ඒ මහණහු මුදවාලූ ය.

අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා, තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම පිණ‍්ඩචාරිකා භික‍්ඛූ දුන‍්නිවත්‍ථා දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා පිණ‍්ඩාය චරිස‍්සන‍්ති. අසල‍්ලක‍්ඛෙත්‍වාපි නිවෙසනං පවිසිස‍්සන‍්ති, අසල‍්ලක‍්ඛෙත්‍වාපි නික‍්ඛමිස‍්සන‍්ති, අතිසහසාපි පවිසිස‍්සන‍්ති, අතිසහසාපි නික‍්ඛමිස‍්සන‍්ති. අතිදූරෙපි තිට‍්ඨිස‍්සන‍්ති. අච‍්චාසන‍්නෙපි තිට‍්ඨිස‍්සන‍්ති. අතිචිරම‍්පි තිට‍්ඨිස‍්සන‍්ති. අතිලහුම‍්පි නිවත‍්තිස‍්සන‍්තීති.

ඉක්බිති ඒ මහණ අරම් ගොස් භික්‍ෂූනට මෙ පවත් සැලකෙළේ ය. අල්පේච්ඡ සන්තුෂ්ට ලජ්ජී සුළු වරදෙහි ද කුකුස් කරන යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරෙවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙන්නාහු ද, නො සලකා ගෙවලට පිවිසීමත් , ගෙයින් නික්මීමත් කරන්නාහු ද, ඉතා වහා පිවිසෙන්නාහු ද, ඉතා වහා ගෙන් නික්මෙන්නාහු ද, ඉතා ඈත්හිත් සිටින්නාහු ද, ඉතා ළඟත් සිටින්නාහු ද, ඉතා බොහෝ වේලාත් සිටින්නාහු ද, ඉතා වහාත් නික්ම යන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.

අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ කල ඒ වහන්දෑ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළාහ.

“සච‍්චං කිර භික‍්ඛවෙ -පෙ-” “සච‍්චං භගවා.

“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ” යි. ඒ භික්‍ෂූහු කීහ.

විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛවෙ පිණ‍්ඩචාරිකානං භික‍්ඛූනං වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා පිණ‍්ඩචාරිකෙහි භික‍්ඛූහි වත‍්තිතබ‍්බං.”

භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් යම්සේ පැවතියයුතු ද එසේ පවතිනු පිණිස පිණ්ඩචාරික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි (වදාරා පහත දැක්වෙන වත් පැනනැවූ සේක:)

2. “පිණ‍්ඩචාරිකෙන භික‍්ඛවෙ භික‍්ඛුනා ඉදානි ගාමං පවිසිස‍්සාමීති තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන පරිමණ‍්ඩලං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා සගුණං කත්‍වා සඞ‍්ඝාටියො පාරුපිත්‍වා ගණ‍්ඨිකං පටිමුඤ‍්චිත්‍වා ධොවිත්‍වා පත‍්තං ගහෙත්‍වා සාධුකං අතරමානෙන ගාමො පවිසිතබ‍්බො. සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. සුසංවුතෙන -පෙ- ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා -පෙ- න උක‍්ඛිත‍්තකාය -පෙ- න උජ‍්ජග‍්ඝිකාය -පෙ- අප‍්පසද‍්දෙන -පෙ- න කායප‍්පචාලකං -පෙ- න බාහුප‍්පචාලකං -පෙ- න සීසප‍්පචාලකං -පෙ- න ඛම‍්භකතෙන -පෙ- න ඔගුණ‍්ඨිතෙන -පෙ- න උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං.

2. “මහණෙනි, පිණ්ඩචාරික මහණහු විසින් ‘දැන් ගමට පිවිසෙන්නෙමි’ යි සලකා තෙමඬුලු වසා හැඳ කාබහන බැඳ, සගුණ කොට සඟළසිවුරු පෙරෙවැ ගැටය වටු වැ අවුණා, පාත්‍රය සෝදා අතින් ගෙන, මනා කොට, නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ගමැ (ගෙවල් අතුරැ) යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ, ... එසැවූ සිවුරෙන් නො යුතු වැ ... මහසිනා නැති වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... අත් නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.

නිවෙසනං පවිසන‍්තෙන සල‍්ලක‍්ඛෙතබ‍්බං, ‘ඉමිනා පවිසිස‍්සාමි ඉමිනා නික‍්ඛමිස‍්සාමීති. නාතිසහසා පවිසිතබ‍්බං. නාතිසහසා නික‍්ඛමිතබ‍්බං. නාතිදූරෙ ඨාතබ‍්බං. නාච‍්චාසන‍්නෙ ඨාතබ‍්බං. නාතිචිරං ඨාතබ‍්බං. නාතිලහුං නිවත‍්තිතබ‍්බං. ඨිතකෙන සල‍්ලක‍්ඛෙතබ‍්බං භික‍්ඛං දාතුකාමා වා අදාතුකාමා වාති. සචෙ කම‍්මං වා නික‍්ඛිපති ආසනා වා වුට‍්ඨාති කටච‍්ඡුං වා පරාමසති භාජනං වා පරාමසති ඨපෙති වා දාතුකාමා වියාති ඨාතබ‍්බං. භික‍්ඛාය දීයමානාය වාමෙන හත්‍ථෙන සඞ‍්ඝාටිං උච‍්චාරෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන පත‍්තං පණාමෙත්‍වා උභොහි හත්‍ථෙහි පත‍්තං පටිග‍්ගහෙත්‍වා භික‍්ඛා පටිග‍්ගහෙතබ‍්බා, න ච භික‍්ඛාදායිකාය මුඛං උල‍්ලොකෙතබ‍්බං

ගෙයකට පිවිසෙන මහණහු විසින් ‘මෙ මගින් පිවිසෙන්නෙමි, මෙ මඟින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. ඉතා වහා නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟැ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටියහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තාහු ද, නො දෙනු කැමැත්තාහු ද’ යන්න සැලකියැයුතු (විමැසුම් ඇති වැ සිටියැයුතු), ඉදින් ගෙහි ඉන්නා ස්ත්‍රී හෝ පුරුෂයා තමා කරමින් තුබූ කාර්‍ය්‍යය බහා තබයි ද (නවත්තයි ද), අස්නෙන් හෝ නැඟී සිටී ද, සැන්දක් හෝ අල්ලයි ද, බඳුනක් හෝ අල්ලයි ද, පසෙක තබයි ද, දෙනු කැමැත්තවුන් මෙනැ යි සලකා එතැනින් නො ගොස් සිටියැයුතු. භික්‍ෂාව දෙනු ලබන කල්හි වම් අතින් සඟළ සිවුර ඔසවා දකුණතින් පාත්‍රය යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැයුතු.

සල‍්ලක‍්ඛෙතබ‍්බං සූපං දාතුකාමා වා අදාතුකාමා වාති. සචෙ කටච‍්ඡුං වා පරාමසති භාජනං වා පරාමසති ඨපෙති වා ‘දාතුකාමාවියා’ති ඨාතබ‍්බං. භික‍්ඛාය දින‍්නාය සඞ‍්ඝාටියා පත‍්තං පටිච‍්ඡාදෙත්‍වා සාධුකං අතරමානෙන නිවත‍්තිතබ‍්බං.

‘සූපයක් දෙනු කැමැති ද නො කැමැති දැ’ යි යන්න සැලැකියයුතු. ඉදින් හැන්දක් හෝ අල්ලා ද, බඳුනක් හෝ අල්ලා ද, පසෙක හෝ තබා ද, ‘දෙනු කැමැත්තී වනැ’ යි එහි ම රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා යුහුසුලු නො වී මනා ව පෙරළා යායුතු.

3. සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. සුසංවුතෙන -පෙ- ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා -පෙ- න උක‍්ඛිත‍්තකාය -පෙ- න උජ‍්ජග‍්ඝිකාය -පෙ- අප‍්පසද‍්දෙන -පෙ- න කායප‍්පචාලකං -පෙ- න බාහුප‍්පචාලකං -පෙ- න සීසප‍්පචාලකං -පෙ- න ඛම‍්භකතෙන -පෙ- න ඔගුණ‍්ඨිතෙන -පෙ- න උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං.

3. සුපිළිසන් වැ ඇතුළු ගමැ (ගෙවල් අතරැ) යායුතු සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනා සීමෙන් තොර වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... ඉහැ අත නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.

යො පඨමතරං ගාමතො පිණ‍්ඩාය පටික‍්කමති තෙන ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. අවක‍්කාරපාති ධොවිත්‍වා උපට‍්ඨාපෙතබ‍්බා. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙතබ‍්බං. යො පච‍්ඡා ගාමතො පිණ‍්ඩාය පටික‍්කමති, සචෙ හොති භුත‍්තාවසෙසො, සචෙ ආකඞ‍්ඛති භුඤ‍්ජිතබ‍්බං. නො චෙ ආකඞ‍්ඛති අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙතබ‍්බං. අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙතබ‍්බං.

යමෙක් වඩා පළමුවෙන් ගමෙන් පිණ්ඩපාතයෙන් පෙරළා එයි ද, ඔහු විසින් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය, පාපුටුව, නො සේදූ පා තබන ලෑලි කඩ එළවා තැබියැයුතු (ළං කොට තැබියැ යුතු). අතිරේක ආහාර බහාලන බඳුන සෝදා එළවියැයුතු. පැන් ද පරිභෝග ජලය ද එළවියැයුතු. යමෙක් හැමට පසු ව ගමෙන් පිඬු සිඟා පෙරළා එයි ද, වළඳා ඉතිරි බොජුන් ඇත් නම්, කැමැත්තේ නම් වැළඳියැයුතු. නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දැමියැයුතු. පණුවන් නැති දියෙහි හෝ පාකර හැරිය යුතු.

තෙන ආසනං උද‍්ධරිතබ‍්බං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ‍්බං. අවක‍්කාරපාති ධොවිත්‍වා පටිසාමෙතබ‍්බා. පානීයං පරිභොජනීයං පටිසාමෙතබ‍්බං. භත‍්තග‍්ගං සම‍්මජ‍්ජිතබ‍්බං. යො පස‍්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච‍්චඝටං වා රිත‍්තං තුච‍්ඡං තෙන උපට‍්ඨාපෙතබ‍්බං. සචස‍්ස හොති අවිසය‍්හං හත්‍ථවිකාරෙන දුතියං ආමන‍්තෙත්‍වා හත්‍ථවිලඞ‍්ඝකෙන උපට‍්ඨාපෙතබ‍්බං, න ච තප‍්පච‍්චයා වාචා භින්‍දිතබ‍්බා.

ඔහු විසින් අසුන් ඉදිරියැයුතු. පා දෝනා දිය, පාපුටුව, නො දෙවූ පා තබන ලෑලිකඩ සුරැකි කොට තැබියැයුතු. බොජුන්හල ඇමැන්දයුතු. යමෙක් පැන් කළය හෝ පරිභෝග දිය බහාලන කළය හෝ වැසිකිළියේ දිය තබන කළය හෝ දිය අවසන් ව, හිස් ව තුබුණා දක්නේ ද ඔහු විසින් එය එළවා තැබියැ යුතු. ඉදින් එය ඔහු විසින් තනි ව කළ නො හැකි වේ ද, හස්ත විකාරයෙන් (අත වැනීමෙන්) දෙවැන්නකු අමතා (දෙදෙනා ම එකතු ව) අත්වලින් ඔසොවා එළවා තැබියැ යුතු. එ කරුණින් වාග්භේදය නො කළයුතු (කථා නො කළයුතු.)

ඉදං ඛො භික‍්ඛවෙ පිණ‍්ඩචාරිකානං භික‍්ඛූනං වත‍්තං යථා පිණ‍්ඩචාරිකෙහි භික‍්ඛූහි සම‍්මා වත‍්තිතබ‍්බන‍්ති.”

“මහණෙනි, යම්සේ පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් පැවැතියැයුතු ද, මේ ඒ පිණ්ඩචාරික භික්‍ෂූන්ගේ වත යි”.