යෙදුමෙන් කියවන්න

ආරඤ‍්ඤිකවත‍්තං

ආරඤ‍්ඤිකවත‍්තං

ආරණ්‍යක වත්

4. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ අරඤ‍්ඤෙ විහරන‍්ති. තෙ නෙව පානීයං උපට‍්ඨාපෙන‍්ති. න පරිභොජනීයං උපට‍්ඨාපෙන‍්ති. න අග‍්ගිං උපට‍්ඨාපෙන‍්ති. න අරණිසහිතං උපට‍්ඨාපෙන‍්ති. න නක‍්ඛත‍්තපදානි ජානන‍්ති. න දිසාභාගං ජානන‍්ති. චොරා තත්‍ථ ගන‍්ත්‍වා තෙ භික‍්ඛූ එතදවොචුං: ‘අත්‍ථි භන‍්තෙ පානීයන‍්ති.’

4. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු වෙනෙහි වෙසෙත්. ඔහු පැන් නො ම එළවා තබත්. පරිභෝග ජලය නො ම එළවා තබත්. ගිනි නො ම එළවා තබත්. උපකරණ සහිත ගිනිගානා දඬු එළවා නො තබත්. නකත්පද නො දනිත්. දිශාභාග නො දනිත්. සොරු එහි ගොස්, ‘වහන්ස පැන් ඇත් දැ’ යි විචාරත්.

‘නත්‍ථාවුසො’ති.

ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි, නැතැ’ යි කියත්.

‘අත්‍ථි භන‍්තෙ, පරිභොජනීයන‍්ති.’

‘වහන්ස, පරිභෝග ජලය ඇත් දැ’ යි අසත්,

‘නත්‍ථාවුසො’ති.

‘නැත, ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.

“අත්‍ථි භන‍්තෙ අග‍්ගීති.’

‘වහන්ස, ගිනි ඇද්දැ’ යි අසත්.

‘නත්‍ථාවුසො’ති.

‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.

‘අත්‍ථි භන‍්තෙ අරණිසහිතන‍්ති.’

‘උපකරණ සහිත ගිනිගානා දඩු ඇද්දැ’ යි ඔහු අසත්,

‘නත්‍ථාවුසොති.’

‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.

‘අත්‍ථි භන‍්තෙ නක‍්ඛත‍්තපදානී’ති.

‘වහන්ස, නකත්පද ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,

‘න ජානාම ආවුසො’ති.

‘නො දනිමු ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.

‘අත්‍ථි භන‍්තෙ දිසාභාගන‍්ති.’

‘වහන්ස, දිශාභාග ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,

‘න ජානාම ආවුසො’ති.

‘ඇවැත්නි, නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.

‘කෙනජ‍්ජ භන‍්තෙ යුත‍්තන‍්ති.’

‘වහන්ස, අද කවර නැකතෙකින් යුක්ත දැ’ යි සොරු අසත්.

‘න ඛො මයං ආවුසො ජානාමා’ති.

‘ඇවැත්නි, අපි නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.

‘කතමාය භන‍්තෙ දිසා’ති.

‘වහන්ස, මේ කවර නම් දිශාවෙක් දැ’ යි සොරු අසත්.

‘න ඛො මයං ආවුසො ජානාමා’ති.

‘ඇවැත්නි, අපි නො දනුම්හ’ යි භික්‍ෂූහු කියත්.

අථ ඛො තෙ චොරා “නෙවිමෙසං පානීයං අත්‍ථි, න පරිභොජනීයං අත්‍ථි, න අග‍්ගි අත්‍ථි, න අරණිසහිතං අත්‍ථි, න නක‍්ඛත‍්තපදානි ජානන‍්ති, න දිසාභාගං ජානන‍්ති. චොරා ඉමෙ නයිමෙ භික‍්ඛූ”ති ආකොටෙත්‍වා පක‍්කමිංසු. අථ ඛො තෙ භික‍්ඛූ භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛවෙ ආරඤ‍්ඤිකානං භික‍්ඛූනං වත‍්තං පඤ‍්ඤාපෙස‍්සා”මි යථා ආරඤ‍්ඤිකෙහි භික‍්ඛූහි වත‍්තිතබ‍්බං:

එ කල්හි සොරු, “මොවුන් වෙත පැන් නො මැත, පරිභෝග දිය නො මැත, ගිනි නොමැත, උපකරණ සහිත ගිනිගානා දඬු නො මැත, නකත්පද නො දනිත්, දිශාභාගය නො දනිත්, මොහු භික්‍ෂූහු නො වෙත්, මොහු සොරුහ” යි. ඒ භික්‍ෂූන් තළා පෙළා නික්මැ ගියාහ. ඉක්බිති ඒ මහණහු මහණුනට මෙ පවත් දැන්වූහ. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට “මහණෙනි, එසේ වී නම් ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියැයුතු පරිදි ඔවුනට වත් පනවන්නෙමි” යි වදාරා, මතු දැක්වෙන වත් පැනවූහ:

5. “ආරඤ‍්ඤිකෙන භික‍්ඛවෙ භික‍්ඛුනා කාලස‍්සෙව උට‍්ඨාය පත‍්තං ථවිකාය පක‍්ඛිපිත්‍වා අංසෙ ආලග‍්ගෙත්‍වා චීවරං ඛන්‍ධෙ කරිත්‍වා උපාහනා ආරොහිත්‍වා දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං පටිසාමෙත්‍වා ද‍්වාරවාතපානං ථකෙත්‍වා සෙනාසනා ඔතරිතබ‍්බං “ඉදානි ගාමං පවිසිස‍්සාමී”ති. උපාහනා ඔමුඤ‍්චිත්‍වා නීචං කත්‍වා පප‍්ඵොටෙත්‍වා ථවිකාය පක‍්ඛිපිත්‍වා අංසෙ ආලග‍්ගෙත්‍වා තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන පරිමණ‍්ඩලං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා සගුණං කත්‍වා සඞ‍්ඝාටියො පාරුපිත්‍වා ගණ‍්ඨිකං පටිමුඤ‍්චිත්‍වා ධොවිත්‍වා පත‍්තං ගහෙත්‍වා සාධුකං අතරමානෙන ගාමො පවිසිතබ‍්බො. සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. සුසංවුතෙන -පෙ- ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා -පෙ- න උක‍්ඛිත‍්තකාය -පෙ- න උජ‍්ජග‍්ඝිකාය -පෙ- අප‍්පසද‍්දෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. න කායප‍්පචාලකං -පෙ- න බාහුප‍්පචාලකං -පෙ- න සීසප‍්පචාලකං -පෙ- න ඛම‍්භකතෙන -පෙ- න ඔගුණ‍්ඨිතෙන -පෙ- න උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං.

5. “මහණෙනි, ආරණ්‍යක භික්‍ෂූහු විසින් කලින් ම නැඟී සිට, පාත්‍රය පසුම්බියෙහි බහා, දසරුවෙහි එල්ලා ගෙන සිවුර කරෙහි කොට (කරට දමා ගෙන) පාවහන් නැඟ, දැව බඩු ද මැටි බඩු ද තැන්පත් කොට තබා දොරවල් හා වාකවුළු වසා, දැන් ගමට පිවිසෙන්නෙමි යි සිතා සෙනස්නෙන් බැස්සයුතු. පාවහන් මුදා පහත් කොට ගසා දමා, ථවිකායෙහි බහා, දසරුවෙහි එල්ලා, තුන්මඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙව ගැටවටු ගන්වා, පාත්‍රය සෝදා ගෙන මොනොවට යුහුසුලු නො වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ඇතුළුගමැ යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනාසීමෙන් තොර වැ ... නිහඬ වැ ගමෙහි යායුතු. කය සොලොවමින් නො යායුතු ... අත් සොලොවමින් ... හිස සොලොවමින් ... ඉඟහැ අත් ගසා ගෙන ... හිස වසා පෙරෙ වැ ... උත්කුටිකායෙන් ගමැ නො යා යුතු.

නිවෙසනං පවිසන‍්තෙන සල‍්ලක‍්ඛෙතබ‍්බං ‘ඉමිනා පවිසිස‍්සාමි ඉමිනා නික‍්ඛමිස‍්සාමීති. නාතිසහසා පවිසිතබ‍්බං. නාතිසහසා නික‍්ඛමිතබ‍්බං. නාතිදූරෙ ඨාතබ‍්බං. න අච‍්චාසන‍්නෙ ඨාතබ‍්බං. නාතිචිරං ඨාතබ‍්බං. නාතිලහුං නිවත‍්තිතබ‍්බං. ඨිතකෙන සල‍්ලක‍්ඛෙතබ‍්බං ‘භික‍්ඛං දාතුකාමා වා අදාතුකාමා වා’ති. සචෙ කම‍්මං වා නික‍්ඛිපති ආසනා වා වුට‍්ඨාති, කටච‍්ඡුං වා පරාමසති, භාජනං වා පරාමසති ඨපෙති වා දාතුකාමා වියාති ඨාතබ‍්බං. භික‍්ඛාය දීයමානාය වාමෙන හත්‍ථෙන සඞ‍්ඝාටිං උච‍්චාරෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන පත‍්තං පණාමෙත්‍වා උභොහි හත්‍ථෙහි පත‍්තං පටිග‍්ගහෙත්‍වා භික‍්ඛා පටිග‍්ගහෙතබ‍්බා. න ච භික‍්ඛාදායිකාය මුඛං උල‍්ලොකෙතබ‍්බං. සල‍්ලක‍්ඛෙතබ‍්බං සූපං දාතුකාමා වා අදාතුකාමා වාති. සචෙ කටච‍්ඡු වා පරාමසති භාජනං වා පරාමසති ඨපෙති වා දාතුකාමා වියාති ඨාතබ‍්බං. භික‍්ඛාය දින‍්නාය සඞ‍්ඝාටියා පත‍්තං පටිච‍්ඡාදෙත්‍වා සාධුකං අතරමානෙන නිවත‍්තිතබ‍්බං. සුපටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං -පෙ- න උක‍්කුටිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං.

ගෙයකට පිවිසෙන්නහු විසින් ‘මෙ තැනින් පිවිසෙන්නෙමි, මෙ තැනින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා යුහු වැ නො පිවිසියැයුතු. ඉතා යුහු වැ නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටගැගත්තහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තී ද දෙනු නො කැමැත්තී ද’ යන්න සලකා බැලියැයුතු. ඉදින් කරමින් තුබුණු කාර්‍ය්‍යය නවතාලයි නම් හෝ අස්නෙන් නැඟී සිටී නම් හෝ සැන්දක් අත ගා නම් හෝ බඳුනක් අල්ලයි නම් හෝ තබයි නම් හෝ ‘දෙනු කැමැත්තියක මෙනැ’ යි සලකා රැඳී සිටියැ යුතු. භික්‍ෂාව දෙනු ලබන කලැ වමතින් සඟළ සිවුර ඔසොවා දකුණතින් පාත්‍රය ඉදිරියට යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැ යුතු. සූප දෙනු කැමැත්තී ද දෙනු නො කැමැත්තී ද යන්න සැලකියයුතු. ඉදින් සැන්දක් හෝ භාජනයක් හෝ අල්ලයි නම් හෝ තබයි නම් හෝ ‘දෙනු කැමැත්තියක මෙනැ’ යි සලකා රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා ගෙන මනා කොට නො යුහු ව පෙරළා යායුතු. සුපිළිසන් වැ ගම තුළැ යායුතු ... උත්කුටිකායෙන් ගමැ නො යායුතු.

ගාමතො නික‍්ඛමිත්‍වා පත‍්තං ථවිකාය පක‍්ඛිපිත්‍වා අංසෙ ආලග‍්ගෙත්‍වා චීවරං සඞ‍්ඝරිත්‍වා සීසෙ කරිත්‍වා උපාහනං ආරොහිත්‍වා ගන‍්තබ‍්බං.

ගමින් නික්මැ පාත්‍රය පසුම්බියෙහි බහා උරෙහි එල්ලාගෙන සිවුර හකුළා හිසෙහි කොට, වහන් නැඟ යායුතු.

6. ආරඤ‍්ඤිකෙන භික‍්ඛවෙ භික‍්ඛුනා පානීයං උපට‍්ඨාපෙතබ‍්බං. පරිභොජනීයං උපට‍්ඨාපෙතබ‍්බං. අග‍්ගි උපට‍්ඨාපෙතබ‍්බො. අරණිසහිතං උපට‍්ඨාපෙතබ‍්බං. කත‍්තරදණ‍්ඩො උපට‍්ඨාපෙතබ‍්බො. නක‍්ඛත‍්තපදානි උග‍්ගහෙතබ‍්බානි සකලානි වා එකදෙසානි වා. දිසාකුසලෙන භවිතබ‍්බං. ඉදං ඛො භික‍්ඛවෙ ආරඤ‍්ඤිකානං භික‍්ඛූනං වත‍්තං යථා ආරඤ‍්ඤිකෙහි භික‍්ඛූහි සම‍්මා වත‍්තිතබ‍්බන‍්ති.”

6. මහණෙනි, ආරණ්‍යයක මහණහු විසින් පැන් එළවියැයුතු. පරිභෝග ජලය එළවියැයුතු. ගිනි එළවියැයුතු. උපකරණ සහිත ගිනිගාන දඬු එළවියැයුතු. සැරයටිය එළවා තැබියයුතු. සියලු ම හෝ එක් කොටසක් හෝ නකත්පද උගතයුතු. දිශා දැනීමෙහි දක්‍ෂ වියැයුතු. මහණෙනි, මේ වනාහි ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියයුතු සේ වූ ආරණ්‍යයක භික්‍ෂූන්ගේ වතැ යි වදාළ සේක.