සෙනාසනවත‍්තං
සෙනාසනවත‍්තං
සෙනසුන් වත්
7. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ අජ‍්ඣොකාසෙ චීවරකම‍්මං කරොන‍්ති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පටිවාතෙ පඞ‍්ගණෙ සෙනාසනං පප‍්ඵොටෙසුං. භික‍්ඛූ රජෙන ඔකිරියිංසු. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පටිවාතෙ පඞ‍්ගණෙ සෙනාසනං පප‍්ඵොටෙස‍්සන‍්ති භික‍්ඛූ රජෙන ඔකිරියිංසූති”.
7. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි හිඳ සිවුරුවම් (සිවුරු මැහීම් ආදි කටයුතු) කෙරෙත්. සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දැමූහ. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහ. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුක්කුච්චක වූ ශික්‍ෂා කැමැති වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දමත් ද භික්‍ෂූහු දූවිල්ලෙන් වැකුණාහු යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්. නො ගුණ පතුරුවත්.”
අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පටිවාතෙ පඞ‍්ගණෙ සෙනාසනං පප‍්ඵොටෙසුං භික‍්ඛූ රජෙන ඔකිරියිංසූති.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳපුටු ගසා දැමූහු ල. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහු ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“සච‍්චං භගවා”... විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං සෙනාසනවත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා භික‍්ඛූහි සෙනාසනෙ සම‍්මා වත‍්තිතබ‍්බං.”
“සැබැවැ භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු උත්තර දුන්හ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් සෙනසුනැ පැවැතිය යුතු පරිදි භික්‍ෂූනට සෙනසුන් වත පනවන්නෙමි” යි වදාරා මතු දැක්වෙන වත පැනවූ සේක.
8. “යස‍්මිං විහාරෙ විහරති සචෙ සො විහාරො උක‍්ලාපො හොති, සචෙ උස‍්සහති සොධෙතබ‍්බො. විහාරං සොධෙන‍්තෙන පඨමං පත‍්තචීවරං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. නිසීදනපච‍්චත්‍ථරණං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං භිසි බිම‍්බොහනං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං මඤ‍්චො නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බො. පීඨං නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසංඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. මඤ‍්චපටිපාදකා නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බා. ඛෙළමල‍්ලකො නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බො. අපස‍්සෙනඵලකං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. භුම‍්මත්‍ථරණං යථාපඤ‍්ඤත‍්තං සල‍්ලක‍්ඛෙත්‍වා නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං.
8. “යම් වෙහෙරෙකැ වෙසේ ද, ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු පිටත ගෙන ගොස් එක් පසෙක තැබියයුතු. නිසීදනය ද පසතුරුණ ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. බිස්ස ද කොට්ටය ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කවුළු පිටැ (දොරපළු පිට) ද නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. පුටුව පහත් කොට කවුළුපිටැ නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබිය යුතු. ඇඳ පා අලු බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) පහත් කොට මොනොවට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් බැහැරැ කොට එක් පසෙක තැබියැ යුතු. කෙළමලාව බැහැර කොට එක් පසෙක තැබියැයුතු. හේත්තු වන පුවරුව බැහැර කොට එක් පසෙකැ තැබියැයුතු. බුමුතුරුණ පනවා තුබුණු පරිදි සලකා බැහැර කොට එක් පසෙක තැබියැයුතු.
සචෙ විහාරෙ සන‍්තානකං හොති උල‍්ලොකා පඨමං ඔහාරෙතබ‍්බං. ආලොකසන්‍ධිකණ‍්ණභාගා පමජ‍්ජිතබ‍්බා. සචෙ ගෙරුකපරිකම‍්මකතා භිත‍්ති කණ‍්ණකිතා හොති, චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා. සචෙ කාළවණ‍්ණකතා භූමි කණ‍්ණකිතා හොති, චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා. සචෙ කාළවණ‍්ණං කතා හොති භූමි උදකෙන පරිප‍්ඵොසිත්‍වා පරිප‍්ඵොසිත්‍වා සම‍්මජ‍්ජිතබ‍්බං මා විහාරො රජෙන ඌහඤ‍්ඤීති. සඞ‍්කාරං විචිනිත්‍වා එකමන‍්තං ඡඩ‍්ඩෙතබ‍්බං. න භික‍්ඛුසාමන‍්තා සෙනාසනං පප‍්ඵොටෙතබ‍්බං. න විහාරසාමන‍්තා සෙනාසනං පප‍්ඵොටෙතබ‍්බං, න පානීයසාමන‍්තා සෙනාසනං පප‍්ඵොටෙතබ‍්බං. න පරිභොජනීයසාමන‍්තා සෙනාසනං පප‍්ඵොටෙතබ‍්බං. න පටිවාතෙ පඞ‍්ගණෙ සෙනාසනං පප‍්ඵොටෙතබ‍්බං. අධොවාතෙ සෙනාසනං පප‍්ඵොටෙතබ‍්බං.
ඉදින් වෙහෙරැ මකුළු දැල් වේ ද, පළමුවෙන් ඉහළ සිට පහතට ඉවත, කළයුතු. ආලෝකසන්ධි භාගයෝ ද (ඇතුළත පිටතැ වූ වාබෝනයන්හි දොරපළු ද) කර්ණභාගයෝ ද (කාමරයේ ඇතුළත සතර කොන් ද) පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කැරුණු බිත්තිය කුණු වැකියේ වී නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියැයුතු. ඉදින් බිම කළුපැහැ කරන ලද නම්, වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා යි (දූවිල්ලෙන් නොවැකෙනු පිණිස) දිය ඉස ඉස පිස දැමියයුතු. කසළ රැස්කොට එක් පසෙකැ දැමියැ යුතු. භික්‍ෂූන් සමීපයෙහි සෙනසුන් නො ගසාදැමියයුතු. වෙහෙර සමීපයෙහි සෙනසුන නො ගසාදැමියැයුතු. බොන දිය සමීපයෙහි සෙනසුන නොගසා දැමියැයුතු. පරිභෝග ජලය සමීපයෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. ඉදිරි මිදුලෙහි උඩුසුළගෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. යටි සුළඟෙහි සෙනස්න නොගසා දැමියනැයුතු.
9. භුම‍්මත්‍ථරණං එකමන‍්තං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථා පඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. මඤ‍්චපටිපාදකා එකමන‍්තං ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බා. මඤ‍්චො එකමන‍්තං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං අතිහරිත්‍වා යථා පඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බො. පීඨං එකමන‍්තං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බා. භිසිං බිම‍්බොහනං එකමන‍්තං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථා පඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. නිසීදනපච‍්චත්‍ථරණං එකමන‍්තං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. ඛෙළමල‍්ලකො එකමන‍්තං ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බො. අපස‍්සෙනඵලකං එකමන‍්තං ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බං.
9. බුමුතුරුණ එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් පනවා තුබූ පරිදි ම පැනවියැ යුතු. ඇඳ පා අළු එක් පසෙක අව්වේ වියලා පිසදමා ඇතුළතට ගෙන ගොස් කලින් තුබුණු තැන තැබියැයුතු. ඇඳ එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා පහත් කොට කපාට පෘෂ්ඨයෙහි නොගාවා නොගටා මනාකොට පනවාතුබුණු පරිදි මැනැවින් පැනවියැයුතු. පුටුව එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා පහත් කොට කපාටපෘෂ්ඨයේ නො ගාවා නොගටා ඇතුළට ගෙන ගොස් පනවාතුබුණු පරිදි මනා කොට පැනවියැයුතු. බිසි ද කොට්ට ද එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. නිසීදනය ද පසතුරුණ ද එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැ යුතු. කෙළමලාව එක්පසෙක අව්වේ වියලා පිසදමා ඇතුළට ගෙනගොස් තුබුණු තැන තැබියැයුතු. හේත්තුවන පුවරුව එක් පසෙක අව්වේ වියලා පිස දමා ඇතුළට ගෙනගෙනස් කලින් තුබුණ තැන තැබියැයුතු.
පත‍්තචීවරං නික‍්ඛිපිතබ‍්බං. පත‍්තං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන පත‍්තං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන හෙට‍්ඨාමඤ‍්චං වා හෙට‍්ඨාපීඨං වා පරාමසිත්‍වා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. න ච අනන‍්තරහිතාය භූමියා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. චීවරං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන චීවරං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන චීවරවංසං වා චීවරරජ‍්ජු වා පමජ‍්ජිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා චීවරං නික‍්ඛිපිතබ‍්බං.
පාසිවුරු බහා තැබියයුතු. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටු ව යට හෝ පරාමර්‍ශනය කොට (අතගා විමසා) පාත්‍රය බහා තැබියයුතු. කිසිවෙකින් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියැ යුතු. සිවුර බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරුවස (සිවුර එල්ලන උණලීය) හෝ සිවුරුරැහැන (සිවුර එල්ලන ලනුව) හෝ පිසදමා සිවුරේ කෙළවර එහා පැත්තට ද සිවුරු නැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියයුතු.
10. සචෙ පුරත්‍ථිමා සරජා වාතා වායන‍්ති පුරත්‍ථිමා වාතපානා ථකෙතබ‍්බා. සචෙ පච‍්ඡිමා සරජා වාතා වායන‍්ති පච‍්ඡිමා වාතපානා ථකෙතබ‍්බා. සචෙ උත‍්තරා සරජා වාතා වායන‍්ති උත‍්තරා වාතපානා ථකෙතබ‍්බා. සචෙ දක‍්ඛිණා සරජා වාතා වායන‍්ති දක‍්ඛිණා වාතපානා ථකෙතබ‍්බා. සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ‍්බා. රත‍්තිං ථකෙතබ‍්බා. සචෙ උණ‍්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ‍්බා. රත‍්තිං විවරිතබ‍්බා.
10. ඉදින් පෙරදිගැ වූ දූලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් වාබෝන (ජනෙල්) වැසියැයුතු. ඉදින් පැසිම් දිගට අයත් දූලිසහිත වාතයෝ හමත් නම් පැසිම්දිගැ වූ වාබෝනයෝ වැසියයුතුහ. ඉදින් උතුරුදිගට අයත් දූලි සහිත වාතයෝ හමත් නම්, උතුරුදිගැ වූ වාබෝනයෝ වැසියයුතුහ. දකුණු දිගට අයත් දූවිලි සහිත සුළං හමා නම් දකුණුදිග වූ වාබෝනයෝ වැසියයුතුහ. උෂ්ණකාලය වී නම් වාබෝනයෝ දහවල් වසා තැබියැයුතු. රෑ විවෘත කළයුතු. ශීතකාලය වී නම් වාබෝනයෝ රෑ වසා තැබියයුතු දහවල් විවෘත කළයුතු.
සචෙ පරිවෙණං උක‍්ලාපං හොති පරිවෙණං සම‍්මජ‍්ජිතබ‍්බං. සචෙ කොට‍්ඨකො උක‍්ලාපො හොති කොට‍්ඨකො සම‍්මජ‍්ජිතබ‍්බො. සචෙ උපට‍්ඨානසාලා උක‍්ලාපා හොති. උපට‍්ඨානසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ අග‍්ගිසාලා උක‍්ලාපා හොති අග‍්ගිසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ වච‍්චකුටි උක‍්ලාපා හොති වච‍්චකුටි සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ පානීයං න හොති පානීයං උපට‍්ඨාපෙතබ‍්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට‍්ඨාපෙතබ‍්බං. සචෙ ආචමනකුම‍්භියා උදකං න හොති ආචමනකුම‍්භියා උදකං ආසිඤ‍්චිතබ‍්බං.
ඉදින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් දොරැ කොටුව කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් උවටන්හල කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් වැසිකිළිය කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් පැන් නො වී නම් පැන් එළවා තැබියැයුතු. ඉදින් පරිභෝග ජලය නො වී නම් පරිභෝග ජලය එළවා තැබියැයුතු. ඉදින් ආචමනකුම්භියෙහි (වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි) ජලය නො වී නම්, එහි ජලය වත් කළයුතු.
සචෙ වුඩ‍්ඪෙන සද‍්ධිං එකවිහාරෙ විහරති න වුඩ‍්ඪං අනාපුච‍්ඡා උද‍්දෙසො දාතබ‍්බො න පරිපුච‍්ඡා දාතබ‍්බා න සජ‍්ඣායො කාතබ‍්බො. න ධම‍්මො භාසිතබ‍්බො. න පදීපො කාතබ‍්බො. න පදීපො විජ‍්ඣාපෙතබ‍්බො. න වාතපානා විවරිතබ‍්බා. න වාතපානා ථකෙතබ‍්බා. සචෙ වුඩ‍්ඪෙන සද‍්ධිං එකචඞ‍්කමෙ චඞ‍්කමති යෙන වුඩ‍්ඪො තෙන පරිවත‍්තිතබ‍්බං. න ච වුඩ‍්ඪො සඞ‍්ඝාටිකණ‍්ණෙන ඝට‍්ටෙතබ‍්බො.
ඉදින් වැඩි මහලු තෙර කෙනකු හා එක් වෙහෙරැ වසන්නේ නම් ඒ වැඩිමාලු තෙරුන් නො විචාරා, උද්දේශය නො දියයුතු (දේශනා පෙළ නො ඉගැන්වියයුතු). අටුවාව නො කියැයුතු. සජ්ඣායනය (හැදෑරීම) නො කළයුතු. බණ නො කියයුතු. පහන නො දැල්වියැයුතු. පහන නො නිවියැයුතු. වාබෝන නො විවරියැ යුතු. වාබෝන නො වැසියයුතු. ඉදින් වැඩි මාලු තෙර නමක් හා එක් සක්මන් මළුයෙහි සක්මන් කෙරේ නම්, වෘද්ධ භික්‍ෂූ නම යම් තැනෙක ද එ තැන දී පෙරළා ඉයැයුතු. වැඩිමහලු මහණහු සඟළ සිවුරු කොනින් නො ගැටිය යුතු.
ඉදං ඛො භික‍්ඛවෙ භික‍්ඛූනං සෙනාසනවත‍්තං යථා භික‍්ඛූහි සෙනාසනෙ වත‍්තිතබ‍්බන‍්ති”.
“මහණෙනි, යම්සේ භික්‍ෂූන් විසින් සෙනස්නෙහි පැවතියැයුතු ද මේ භික්‍ෂූන්ගේ ඒ සෙනසුන් වත”යි.