යෙදුමෙන් කියවන්න

පාතිමොක‍්ඛට‍්ඨපනක‍්ඛන්‍ධකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පාතිමොක්‍ඛට්ඨපනක්‍ඛන්‍ධක වර්‍ණනාව

පාතිමොක‍්ඛුද‍්දෙසයාචනකථා

පාතිමොක්ඛුද්දෙසයාචනකථා

පාතිමොක‍්ඛට‍්ඨපනක‍්ඛන්‍ධකෙ – (නන්‍දිමුඛියා රත‍්තියාති අරුණුට‍්ඨිතකාලෙපි හි නන්‍දිමුඛා විය රත‍්ති ඛායති. තෙනාහ “නන්‍දිමුඛියා රත‍්තියා”ති. අන‍්තොපූතින‍්ති අත‍්තචිත‍්තසන‍්තානෙ කිලෙසපූතිභාවෙන අන‍්තොපූතිං. අවස‍්සුතන‍්ති කිලෙසවස‍්සනවසෙන අවස‍්සුතං. කසම‍්බුකජාතන‍්ති ආකිණ‍්ණදොසතාය සංකිලිට‍්ඨජාතං.) යාව බාහාගහණාපි නාමාති “අපරිසුද‍්ධා ආනන්‍ද පරිසා”ති වචනං සුත්‍වායෙව හි තෙන පක‍්කමිතබ‍්බං සියා, එවං අපක‍්කමිත්‍වා යාව බාහාගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස‍්සති, අච‍්ඡරියමිදන‍්ති දස‍්සෙති.

පාතිමොක්‍ඛඨපනක්‍ඛන්‍ධකයෙහි - “යාව බාහාගහණාපි නාම” ‘ආනන්‍ද, පිරිස අපරිසිදුය, යන මේ වචනය අසාම ඔහු විසින් එබඳු පිරිසෙන් පහව යායුතු වන්නේය. මෙසේ පහව නොගොස් යම්තාක් බාහු අල්ලා ගැණීම වීද ඒතාක් ඒ තුච්ඡ පුරුෂ තෙමේ බලාපොරොත්තු වන්නේය, මෙය ආශ්චර්‍ය්‍යයයි දක්වයි.

න ආයතකෙනෙව පපාතොති න පඨමමෙව ගම‍්භීරො; අනුපුබ‍්බෙන ගම‍්භීරොති අත්‍ථො. ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තතීති වීචීනං ඔසක‍්කනකන්‍දරං මරියාදවෙලං නාතික‍්කමති. තීරං වාහෙතීති තීරතො අප‍්පෙති; උස‍්සාරෙතීති අත්‍ථො. අඤ‍්ඤාපටිවෙධොති අරහත‍්තප‍්පත‍්ති.

[missing trans]

ඡන‍්නමතිවස‍්සතීති ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා පටිච‍්ඡාදෙන‍්තො අඤ‍්ඤං නවං ආපත‍්තිං ආපජ‍්ජති ඉදමෙතං සන්‍ධාය වුත‍්තං. විවටං නාතිවස‍්සතීති ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා විවරන‍්තො අඤ‍්ඤං නාපජ‍්ජති ඉදමෙතං සන්‍ධාය වුත‍්තං.

“ඡන්නමතිවස්සති” ඇවතට පැමිණ එය වසාලන්නේ අන් නවාපත්තියකට පැමිණේය. මෙය මේ සඳහා වදාරණ ලදී. “විවටං නාතිවස්සති” ඇවතට පැමිණ එය ප්‍රකාශ කරණුයේ අනු ඇවතකට නොපැමිණේ යන මෙය මේ සඳහා වදාරණ ලදී.

පාතිමොක‍්ඛුද‍්දෙසයාචනකථා නිට‍්ඨිතා.

පාතිමොක‍්ඛසවනාරහකථා

පාතිමොක්ඛසවනාරහකථා

ඨපිතං හොති පාතිමොක‍්ඛන‍්ති එත්‍ථ පුරෙ වා පච‍්ඡා වා ඨපිතම‍්පි අට‍්ඨපිතං හොති, ඛෙත‍්තෙ ඨපිතමෙව පන ඨපිතං නාම හොති. තස‍්මා “සුණාතු මෙ, භන‍්තෙ සඞ‍්ඝො, අජ‍්ජුපොසථො පන‍්නරසො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො උපොසථං කරෙය්‍යා”ති එත්‍ථ යාව රෙ-කාරං භණති, තාව ඨපෙතබ‍්බං, ඉදඤ‍්හි ඛෙත‍්තං. ය්‍ය-කාරෙ පන වුත‍්තෙ ඨපෙන‍්තෙන පච‍්ඡා ඨපිතං නාම හොති. “සුණාතු මෙ”ති අනාරද‍්ධෙයෙව ඨපෙන‍්තෙන පුරෙ ඨපිතං හොති.

“ඨපිතං හොති පාතිමොක්‍ඛං” යන මෙහි ඤත්තියෙන් පෙරටුව හෝ පසුව හෝ තබන ලද්දේ ද නොතබන ලද්දේ වේ. ක්‍ෂෙත්‍රයෙහි තබන ලද්දේම, තබන ලද්දේම වේ. එහෙයින් “සුණතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පණ්ණරසො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්‍ය” යන මෙහි ‘රෙ’ කාරය කියාද, ‘මේ මහණ ඇවැත් සහිතය, මොහුට ප්‍රාතිමොක්‍ෂය තබමි, මොහු හමුවූ කල්හි පාමොක් නොඋදෙසිය යුතුය. ඒතාක් ප්‍රාතිමොක්‍ෂය තැබිය යුතුය. මේවනාහි ක්‍ෂෙත්‍රයයි ‘ය’කාරය කීකල්හි තබන්නහු විසින් ඤත්තියෙන් පසු තබන ලද්දේ නම් වේ. “සුණාතු මෙ”යි පටන් නොගත්කල්හි ප්‍රාතිමොක්‍ෂය තබන්නහු විසින් ඤත්තියට පෙරටුව තබන ලද්දේ වේ.

පාතිමොක‍්ඛසවනාරහකථා නිට‍්ඨිතා.

ධම‍්මිකාධම‍්මිකපාතිමොක‍්ඛට‍්ඨපනකථා

ධම්මිකාධම්මිකපාතිමොක්ඛට්ඨපනකථා

අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති අකතායාති තෙන පුග‍්ගලෙන සා විපත‍්ති කතා වා හොතු අකතා වා, පාතිමොක‍්ඛට‍්ඨපනකස‍්ස සඤ‍්ඤාඅමූලිකවසෙන අමූලිකා හොති. කතාකතායාති කතඤ‍්ච අකතඤ‍්ච උභයං ගහෙත්‍වා වුත‍්තං.

“අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්‍ඛං ඨපෙති අකතාය” පාමොක් තබන ඒ පුද්ගලයා විසින් ඒ විපත්තිය කරණලද්දී හෝ වේවා, නොකරණලද්දී හෝ වේවා, පාමොක් තබන්නහුගේ සංඥාව අමූලික විසින් අමූලික වේ. “කතාකතාය” මුල් කරුණක් සහිතව කරණලද්දාවූද මුලකරුණක් සහිතව නොකරණලද්දාවූද යන දෙක ගෙණ වදාරණ ලදී.

ධම‍්මිකං සාමග‍්ගිං න උපෙතීති කම‍්මං කොපෙතුකාමතාය සඞ‍්ඝස‍්ස කම‍්මෙ කරීයමානෙ නෙව ආගච‍්ඡති, න ඡන්‍දං දෙති, සම‍්මුඛීභූතොව පටික‍්කොසති, තෙන දුක‍්කටං ආපජ‍්ජති. ඉච‍්චස‍්සාපි සාපත‍්තිකස‍්සෙව පාතිමොක‍්ඛං ඨපිතං හොති. පච‍්චාදියතීති “පුන කාතබ‍්බං කම‍්ම”න‍්ති පච‍්චාදියති, තෙන උක‍්කොටනකෙන පාචිත‍්තියං ආපජ‍්ජති. ඉච‍්චස‍්සාපි සාපත‍්තිකස‍්සෙව පාතිමොක‍්ඛං ඨපිතං හොති.

“ධම්මිකං සාමග්ගිං න උපෙති” සඞ්ඝකර්‍මය කරණු ලබන කල්හි කර්‍මය කොප්‍ය කරනු කැමැති බැවින් නොම ඒද, ඡන්‍දය නොදේද, හමුවූයේම කර්‍මය වළකාද, ඒ කරණකොට දුක්කටයට පැමිණේ. මෙසේ ඇවැත් සහිත වූ මොහුට ප්‍රාතිමොක්‍ෂය තබන ලද්දේ වේ. “පච්චාදියති” කර්‍මය නැවැත කටයුතුයයි පසුව දෙනු ලැබේද, ඒ ඉදිරියට ගැනීමෙන් පාචිත්තියට පැමිණේ. මෙසේ සාපත්තිකවූම මොහුටද ප්‍රාතිමොක්‍ෂය තබන ලද්දේ වේ.

ධම‍්මිකාධම‍්මිකපාතිමොක‍්ඛට‍්ඨපනකථා නිට‍්ඨිතා.

ධම‍්මිකපාතිමොක‍්ඛට‍්ඨපනකථා

ධම්මිකපාතිමොක්ඛට්ඨපනකථා

යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහීති එත්‍ථ මග‍්ගෙනමග‍්ගපටිපාදනාදීසු ආකාරාදිසඤ‍්ඤා වෙදිතබ‍්බා. තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කායාති එත්‍ථ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්ච පාළියං ආගතමෙව. සචෙ පන තෙහි දිට‍්ඨසුතෙහි පරිසඞ‍්කං උප‍්පාදෙය්‍ය, තං සන්‍ධාය වුත‍්තං “තාය පරිසඞ‍්කායා”ති.

“යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි” යන මෙහි මාර්‍ගයෙන් මාර්‍ගප්‍රතිපන්නාදීන් අතුරෙහි ආකාරාදිය සංඥායි දතයුත්තීය. “තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය” යන මෙහි දිට්ඨයද සුතයද පෙළෙහි ආයේමය. ඉදින් වනාහි දිට්ඨසුතයන්ගෙන් සැක උපදවන්නේය. ඒ සඳහා “තාය පරිසඞ්කාය” යනු වදාරණලදී.

ධම‍්මිකපාතිමොක‍්ඛට‍්ඨපනකථා නිට‍්ඨිතා.

අත‍්තාදානඅඞ‍්ගකථා

අත්තාදානඅඞ්ගකථා

අත‍්තාදානං ආදාතුකාමෙනාති එත්‍ථ සාසනං සොධෙතුකාමො භික‍්ඛු යං අධිකරණං අත‍්තනා ආදියති, තං අත‍්තාදානන‍්ති වුච‍්චති. අකාලො ඉමං අත‍්තාදානං ආදාතුන‍්ති එත්‍ථ රාජභයං චොරභයං දුබ‍්භික‍්ඛභයං වස‍්සාරත‍්තොති අයං අකාලො, විපරීතො කාලො.

“අත්තදානං අදාතුකාමෙන” යන මෙහි ශාසනය ශුද්ධකරනු කැමැති මහණතෙමේ යම් අධිකරණයක් තමන් විසින් ගන්නා ලැබේද එය “අත්තාදානය”යි කියනු ලැබේ. “අකාලො ඉමං අත්තාදානං ආදාතුං” යන මෙහි රාජභය, චොරභය, දුර්භික්‍ෂභය, වැසිකාලය යන මේ අකාලයයි. අත්තාදානය දෙන්ට මේ කාලය නොවේ. විපරීතවූයේ කාලය වේ.

අභූතං ඉදං අත‍්තාදානන‍්ති අසන‍්තමිදං, මයා අධම‍්මො වා ධම‍්මොති, ධම‍්මො වා අධම‍්මොති, අවිනයො වා විනයොති, විනයො වා අවිනයොති, දුස‍්සීලො වා පුග‍්ගලො සීලවාති, සීලවා වා දුස‍්සීලොති ගහිතොති අත්‍ථො; විපරියායෙන භූතං වෙදිතබ‍්බං. අනත්‍ථසංහිතං ඉදං අත‍්තාදානන‍්ති එත්‍ථ යං ජීවිතන‍්තරායාය වා බ්‍රහ‍්මචරියන‍්තරායාය වා සංවත‍්තති, ඉදං අනත්‍ථසංහිතං, විපරීතං අත්‍ථසංහිතං නාම.

“අභූතං ඉදං අත්තාදානං” මෙය අවිද්‍යාමාන වේ. මා විසින් අධර්‍මය හෝ ධර්‍මයයි ධර්‍මය හෝ අධර්‍මයයි අවිනය හෝ විනයයි විනය හෝ අවිනයයි දුශ්ශීල වූ හෝ පුද්ගල තෙමේ සිල්වත්යයි සිල්වත් තෙමේ හෝ දුශ්ශීලයයි ගන්නා ලද්දේය යන අර්‍ත්‍ථයි. විපර්‍ය්‍යායෙන් භූතය දතයුතුය. “අනත්‍ථසංහිතං ඉදං අත්තාදානං” යන මෙහි යම් අත්තාදානයක් ජීවිතන්තරාය පිණිස හෝ බ්‍රහ්මචරියන්තරාය පිණිස හෝ පවතීද මේ අත්තාදානය අනර්‍ත්‍ථයෙන් යුක්තවූයේය. මෙයට විපරීත වූයේ අර්‍ත්‍ථයෙන් යුක්තවූයේ නම්වේ.

න ලභිස‍්සාමි සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූති අප‍්පෙකදා හි රාජභයාදීසු එවරූපා අත‍්තනො පක‍්ඛස‍්ස උපත්‍ථම‍්භකා භික‍්ඛූ ලද‍්ධුං න සක‍්කා හොන‍්ති, තං සන්‍ධාය වුත‍්තං “න ලභිස‍්සාමී”ති . අප‍්පෙකදා පන ඛෙමසුභික‍්ඛාදීසු ලද‍්ධුං සක‍්කා හොන‍්ති, තං සන්‍ධාය “ලභිස‍්සාමී”ති වුත‍්තං.

“න ලභිස්සාමි සංදිට්ඨෙ සම්භන්තෙ භික්‍ඛූ” සමහර කලෙක වනාහි රාජභයාදීන් අතුරෙහි යමක් ඇති කල්හි තමාගේ පක්‍ෂයට පිටිවහල්වූ මෙබඳු භික්‍ෂූහු ලබන්නට නොහැක්කාහු වෙත්ද, ඒ සඳහා “න ලභිස්සාමි” ලබන්නෙමි’යි වදාරණලදී.

භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතොනිදානං භණ‍්ඩනන‍්ති කොසම‍්බකානං විය භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො ච භවිස‍්සතීති. පච‍්ඡාපි අවිප‍්පටිසාරකරං භවිස‍්සතීති සුභද‍්දං වුඩ‍්ඪපබ‍්බජිතං නිග‍්ගහෙත්‍වා පඤ‍්චසතිකසඞ‍්ගීතිං කරොන‍්තස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්සෙව, දසවත්‍ථුකෙ අධිකරණෙ දසභික‍්ඛුසහස‍්සානි නිග‍්ගහෙත්‍වා සත‍්තසතිකසඞ‍්ගීතිං කරොන‍්තස‍්ස ආයස‍්මතො යසස‍්සෙව, සට‍්ඨිභික‍්ඛුසහස‍්සානි නිග‍්ගහෙත්‍වා සහස‍්සිකසඞ‍්ගීතිං කරොන‍්තස‍්ස මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරස‍්සෙව ච පච‍්ඡා සමනුස‍්සරණකරණං හොති, සාසනස‍්ස ච විගතුපක‍්කිලෙසචන්‍දිමසූරියසස‍්සිරිකතාය සංවත‍්තති.

“භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං” කොසම්බක භික්‍ෂූන්ගේ මෙන් ඩබරය කලහය විග්‍රහය විවාදය සඞ්ඝභෙදයද වන්නේය. “පච්ඡාපි අවිප්පටිසාරකරං භවිස්සති” සුභද්‍ර නම් මහලු පැවිද්දහුට නිග්‍රහකොට පඤ්චසතික සඞ්ගීතිය කරන්නා වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේට මෙන්, සැට දහසක් භික්‍ෂූන්ට නිග්‍රහකොට සාහස්සික සඞ්ගීතිය කරන්නා වූ මොද්ගලිපුත්‍රතිෂ්‍ය ස්ථවිරයන් වහන්සේට මෙන් පසුව පෙළෙහි කියූ ආකාර පඤ්චාඞ්ගයෙන් යුක්තව දුන් අත්තාදානය සිහිකිරීමක් වේද, පාපපුද්ගලයන්ගේ පහවීමෙන් ශාසනායාගේද පැවැත්ම පහවූ උපක්ලෙශ ඇති චන්‍ද්‍රසූර්‍ය්‍යයන්ගේ සශ්‍රීකභාවයෙන් පවත්නේය.

අත‍්තාදානඅඞ‍්ගකථා නිට‍්ඨිතා.

චොදකෙනපච‍්චවෙක‍්ඛිතබ‍්බධම‍්මකථා

චොදකෙනපච්චවෙක්ඛිතබ්බධම්මකථා

අච‍්ඡිද‍්දෙන අප‍්පටිමංසෙනාතිආදීසු යෙන ගහට‍්ඨපබ‍්බජිතෙසු යො කොචි පහටො වා හොති, ගිහීනං ගණ‍්ඩඵාලනාදීනි වෙජ‍්ජකම‍්මානි වා කතානි, තස‍්ස කායසමාචාරො උපචිකාහි ඛායිතතාලපණ‍්ණමිව ඡිද‍්දො ච පටිමාසිතුං යත්‍ථ කත්‍ථචි ගහෙත්‍වා ආකඩ‍්ඪිතුං සක‍්කුණෙය්‍යතාය සප‍්පටිමංසො ච හොති, විපරීතො අච‍්ඡිද‍්දො අප‍්පටිමංසොති වෙදිතබ‍්බොති. වචීසමාචාරො පන මුසාවාදඔමසවාදපෙසුඤ‍්ඤඅමූලකානුද‍්ධංසනාදීහි ඡිද‍්දො ච සප‍්පටිමංසො ච හොති, විපරීතො අච‍්ඡිද‍්දො අප‍්පටිමංසො.

“අච්ඡිද්දෙන අප්පටිමංසෙන” යනාදි තන්හි යමකු විසින් ගෘහස්ථ ප්‍රව්‍රජිතයන් අතුරෙහි යම් කිසිවෙක් පහරණලද්දේ හෝ වේද, ගිහිගේ ගෙඩිපෙළීම් ආදිවෙදකම් හෝ කරණලද්දේ වේද, ඔහුගේ කායසමාචාරය වේයන් විසින් කනලද තල්පතක් මෙන් සිදුරු ඇත්තේද, ඇදබලන්නට යම්කිසි තැනෙක්හි ගෙණ අදින්නට හැකිවන්නේද, එයින් ඇදබලන්නට හැක්කේද වේ. විපරීතවූයේ අච්ඡිද්ද අප්පතිමංසයයි දතයුතුය. වාක්සමාචාරය වනාහි මුසාවාද ඔමසවාද පෙසඤ්ඤ අමූලක චෝදනාදීන් කරණකොට සිදුරු ඇත්තේද ඇදබැලීමට නොහැකි වූයේද වේ. විපරිත වූයේ අච්ඡිද්ද අප්පතිවංස වේ.

මෙත‍්තං නු ඛො මෙ චිත‍්තන‍්ති පලිබොධෙ ඡින්‍දිත්‍වා කම‍්මට‍්ඨානභාවනානුයොගෙන අධිගතං මෙත‍්තචිත‍්තං. අනාඝාතන‍්ති ආඝාතවිරහිතං, වික‍්ඛම‍්භනවසෙන විහතාඝාතන‍්ති අත්‍ථො. ඉදං පනාවුසො කත්‍ථ වුත‍්තං භගවතාති ඉදං සික‍්ඛාපදං කතරස‍්මිං නගරෙ වුත‍්තන‍්ති අත්‍ථො.

“මෙත්තං නුඛො මෙ චිත්තං” පළිබොධයන් සිඳ කර්‍මස්ථානභාවනානුයොගයෙන් අර්‍පණාප්‍රාප්ත ධ්‍යාන චිත්තය ඇත්තේවේද, “අනාඝාති” ආඝාත විරහිත වූයේද යටපත් කිරීම් වසයෙන් නැසූ ආඝාත ඇත්තේය යන අර්‍ත්‍ථයි. “ඉදම්පන ආවුසො කත්‍ථ වුත්තං භගවතා” මේ ශික්‍ෂාපදය කිනම් නුවරෙක්හිදී වදාරණ ලද්දේ ද, යන අර්‍ත්‍ථයි.

චොදකෙනපච‍්චවෙක‍්ඛිතබ‍්බධම‍්මකථා නිට‍්ඨිතා.

චොදකෙනඋපට‍්ඨාපෙතබ‍්බකථා

චොදකෙනඋපට්ඨාපෙතබ්බකථා

කාලෙන වක‍්ඛාමීතිආදීසු එකො එකං ඔකාසං කාරෙත්‍වා චොදෙන‍්තො කාලෙන වදති නාම. සඞ‍්ඝමජ‍්ඣගණමජ‍්ඣසලාකග‍්ගයාගුඅග‍්ගවිතක‍්කමාළකභික‍්ඛාචාරමග‍්ගආසනසාලාදීසු උපට‍්ඨාකෙහි පරිවාරිතක‍්ඛණෙ වා චොදෙන‍්තො අකාලෙන වදති නාම. තච‍්ඡෙන වදන‍්තො භූතෙන වදති නාම. “අම‍්භො මහල‍්ලක, පරිසාවචර, පංසුකූලික, ධම‍්මකථික, පතිරූපං තව ඉද”න‍්ති වදන‍්තො ඵරුසෙන වදති නාම. කාරණනිස‍්සිතං පන කත්‍වා “භන‍්තෙ මහල‍්ලකත්‍ථ, පරිසාවචරා, පංසුකූලිකා, ධම‍්මකථිකත්‍ථ, පතිරූපං තුම‍්හාකං ඉද”න‍්ති වදන‍්තො සණ‍්හෙන වදති නාම. කාරණනිස‍්සිතං කත්‍වා වදන‍්තො අත්‍ථසංහිතෙන වදති නාම. මෙත‍්තචිත‍්තො වක‍්ඛාමි නො දොසන‍්තරොති මෙත‍්තචිත‍්තං උපට‍්ඨපෙත්‍වා වක‍්ඛාමි, න දුට‍්ඨචිත‍්තො හුත්‍වා.

“කාලෙන වක්‍ඛාමි” යනාදිතන්හි එකෙක් එකකු අවකාශ කරවා චෝදනා කරණුයේ සුදුසු කාලයෙහි චෝදනා කෙරේ නම. සඟමැද ගණමැද සලාක බෙදන තැන කැඳ බෙදන තැන විතක්කමළුව පිඬුසිඟායන මග අසුන්හල යනාදිතන්හි හෝ උපස්ථායකයන් විසින් පිරිවැරූ කෙණෙහි හෝ චොදනා කරණුයේ නොකල්හි චෝදනා කෙරේනම. සත්‍යය කියනුයේ විද්‍යමානයක් කරණකොට චොදනා කෙරේනම ‘එම්බා, මහල්ල’ පිරිස සමග හැසිරෙන්න, පංසුකුලිකය ‘ධර්‍මකථිකය’ තට මේ සුදුසුදැයි කියනුයේ පරුෂය කරණකොට චොදනා කෙරේනම. කරුණු ඇසුරුකොට වනාහි ‘ස්වාමීනි, මහල්ලකවහු, පරිසාවචර පංසුකූලිකවහු, ධර්‍මකථිකවහු, ඔබ වහන්සේට මෙය සුදුසු’දැයි කියනුයේ සණය කරණකොට චෝදනා කෙරේ නම. කරුණු ඇසුරුකොට කියනුයේ අර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කෙරේ නම. “මෙත්තචිත්තො වක්‍ඛාමි නො දොසන්තරො” මෙත් සිත එළවා කියන්නෙමි. දූෂිත සිත් ඇතිව චෝදනා නොකරමි.

චොදකෙනඋපට‍්ඨාපෙතබ‍්බකථා නිට‍්ඨිතා.

චොදකචුදිතකපටිසංයුත‍්තකථා

චොදකචුදිතකපටිසංයුත්තකථා

අජ‍්ඣත‍්තං මනසිකරිත්‍වාති අත‍්තනො චිත‍්තෙ උප‍්පාදෙත්‍වා. කාරුඤ‍්ඤතාති කරුණාභාවො. ඉමිනා කරුණඤ‍්ච කරුණාපුබ‍්බභාගඤ‍්ච දස‍්සෙති. හිතෙසිතාති හිතගවෙසනතා. අනුකම‍්පිතාති තෙන හිතෙන සංයොජනතා. ද‍්වීහිපි මෙත‍්තඤ‍්ච මෙත‍්තාපුබ‍්බභාගඤ‍්ච දස‍්සෙති. ආපත‍්තිවුට‍්ඨානතාති ආපත‍්තිතො වුට‍්ඨාපෙත්‍වා සුද‍්ධන‍්තෙ පතිට‍්ඨාපනා. වත්‍ථුං චොදෙත්‍වා සාරෙත්‍වා පටිඤ‍්ඤං ආරොපෙත්‍වා යථාපටිඤ‍්ඤාය කම‍්මකරණං විනයපුරෙක‍්ඛාරතා නාම. ඉමෙ පඤ‍්ච ධම‍්මෙති යෙ එතෙ කාරුඤ‍්ඤතාතිආදිනා නයෙන වුත‍්තා, ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං මනසි කරිත්‍වා පරො චොදෙතබ‍්බොති.

“අජ්ඣත්තං මනසි කරිත්‍වා” තමන්ගේ සිහි උපදවා “කාරුඤ්ඤතා” කරුණාභාවය මෙයින් අර්‍පණාප්‍රාප්තතරුණද්ධ්‍යානයද පරිකර්‍ම උපචාරවශප්‍රාප්ත කරුණාවද දක්වාලන්නේය. “හිතෙසිතා” වැඩීම සොයනබවය. “අනුකම්පිතා” ඒ වැඩීම සොයන සිතින් යෙදීමය. දෙකින්ම මෛත්‍රීද්ධ්‍යානයද පරිකර්‍මඋපචාර වශප්‍රාප්ත මෛත්‍රියද දක්වාලන්නේය. “ආපත්තිවුට්ඨානතා” ඇවැතින් නැකිටුවා ශුද්ධාන්තයෙහි පිහිටුවීමය. වස්තුව චෝදනාකොට සිහිකරවා ප්‍රතිඥාවට නගා ප්‍රතිඥාව පරිදි කර්‍ම කිරීම. විනයපුරෙක්‍ඛාරතා නම “ඉමෙ පඤ්චධම්මෙ” කාරුඤ්ඤතා යනාදි නයින් කියනලද යම්මේ ධර්‍මයෝ වෙත්ද, මේ පස්වැදෑරුම් වූ ධර්‍මයන් තම සිත් සතන්හි කොට අන්හට චොදන කටයුතුය.

සච‍්චෙ ච අකුප‍්පෙ චාති වචීසච‍්චෙ ච අකුප‍්පනතාය ච. චුදිතකෙන හි සච‍්චඤ‍්ච වත‍්තබ‍්බං, කොපො ච න කාතබ‍්බො. නෙව අත‍්තනා කුජ‍්ඣිතබ‍්බො, න පරො ඝට‍්ටෙතබ‍්බොති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“සචෙව ච අකුප්පෙ ච” වාක්සත්‍යයෙහිද නොකිපෙන බැව්හිද, චුදිතකයා විසින් සත්‍යයද කියයුතුය. කොපයද නොකටයුතුය. තමන් නොකිපිය යුතුය. චොදකතෙමේ නොගැටිය යුතුය යන අර්‍ත්‍ථයි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

චොදකචුදිතකපටිසංයුත‍්තකථා නිට‍්ඨිතා.

පාතිමොක‍්ඛට‍්ඨපනක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

පාතිමොක්‍ඛට්ඨපනක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.