යෙදුමෙන් කියවන්න

භික‍්ඛුනික‍්ඛන්‍ධකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

භික්‍ඛුණිඛන්‍ධක වර්‍ණනාව

මහාපජාපතිගොතමීවත්‍ථුකථා

මහාපජාපතිගොතමීවත්ථුකථා

භික‍්ඛුනික‍්ඛන්‍ධකෙ – අලං ගොතමි මා තෙ රුච‍්චීති කස‍්මා පටික‍්ඛිපති, නනු සබ‍්බෙසම‍්පි බුද‍්ධානං චතස‍්සො පරිසා හොන‍්තීති? කාමං හොන‍්ති, කිලමෙත්‍වා පන අනෙකක‍්ඛත‍්තුං යාචිතෙන අනුඤ‍්ඤාතං පබ‍්බජ‍්ජං “දුක‍්ඛෙන ලද‍්ධා අයං අම‍්හෙහී”ති සම‍්මා පරිපාලෙස‍්සන‍්තීති භද‍්දකං කත්‍වා අනුජානිතුකාමො පටික‍්ඛිපති. අට‍්ඨගරුධම‍්මකථා මහාවිභඞ‍්ගෙයෙව කථිතා.

භික්‍ඛුණීඛන්‍ධකයෙහි - “අලං තෙ ගොතමී මා තෙ රුචවි” කුමක් හෙයින් ප්‍රතික්‍ෂෙප කරණ සේක්ද, සියලු බුදුවරයන්ටම සිවු පිරිසක් නොවේද යත්: එකාන්තයෙන් වේ. වෙහෙසට පැමිණ නොයෙක්වර යාඥා කළකල්හි ප්‍රව්‍රජ්‍යාව අනුදන්නා ලදද, ‘මේ ප්‍රව්‍රජ්‍යාව අප විසින් දුකින් ලදය’යි මැනැවින් රකින්නාහුයයි ගරුකොට අනුදන්නා කැමැතිසේක් ප්‍රතික්‍ෂෙප කරණසේක. අෂ්ට ගරුධර්‍මකථාව මහාවිභඞ්ගයෙහිම කියනලදී.

කුම‍්භථෙනකෙහීති කුම‍්භෙ දීපං ජාලෙත්‍වා තෙන ආලොකෙන පරඝරෙ භණ‍්ඩං විචිනිත්‍වා ථෙනකචොරෙහි.

“කුම්භත්‍ථෙනකෙහි” කළයෙහි පහනක් දල්වා ඒ ආලෝකයෙන් අනුන්ගේ ගෙයි බඩු සොයා සොරකම්කොට ගන්නා සොරුන් විසින්.

සෙතට‍්ඨිකා නාම රොගජාතීති එකො පාණකො නාළිමජ‍්ඣගතං කණ‍්ඩං විජ‍්ඣති, යෙන විද‍්ධත‍්තා නික‍්ඛන‍්තම‍්පි සාලිසීසං ඛීරං ගහෙතුං න සක‍්කොති.

“සෙතට්ඨිකා නාම රොගජාති” එක් පණුවෙක් නළමැද වූ ගොයම්කඳ විදියි. පණුවකු විසින් විදිනලද බැවින් නික්මුනාවූද හැල්කරල කිරිගන්ට නොහැක්කේය.

මඤ‍්ජිට‍්ඨිකා නාම රොගජාතීති උච‍්ඡූනං අන‍්තොරත‍්තභාවො. මහතො තළාකස‍්ස පටිකච‍්චෙව ආළින‍්ති ඉමිනා පන එතමත්‍ථං දස‍්සෙති – යථා මහතො තළාකස‍්ස ආළියා අබද‍්ධායපි කිඤ‍්චි උදකං තිට‍්ඨෙය්‍ය, පඨමමෙව බද‍්ධාය පන යං අබද‍්ධපච‍්චයා න තිට‍්ඨෙය්‍ය, තම‍්පි තිට‍්ඨෙය්‍ය; එවමෙව යෙ ඉමෙ අනුප‍්පන‍්නෙ වත්‍ථුස‍්මිං පටිකච‍්චෙව අවීතික‍්කමනත්‍ථාය ගරුධම‍්මා පඤ‍්ඤත‍්තා. තෙසු අපඤ‍්ඤත‍්තෙසුපි මාතුගාමස‍්ස පබ‍්බජිතත‍්තා පඤ‍්චෙව වස‍්සසතානි සද‍්ධම‍්මො තිට‍්ඨෙය්‍ය. පටිකච‍්චෙව පඤ‍්ඤත‍්තත‍්තා පන අපරානිපි පඤ‍්චවස‍්සසතානි ඨස‍්සතීති එවං පඨමං වුත‍්තං වස‍්සසහස‍්සමෙව ඨස‍්සතීති. වස‍්සසහස‍්සන‍්ති චෙතං පටිසම‍්භිදාපභෙදප‍්පත‍්තඛීණාසවවසෙනෙව වුත‍්තං. තතො පන උත‍්තරිම‍්පි සුක‍්ඛවිපස‍්සකඛීණාසවවසෙන වස‍්සසහස‍්සං, අනාගාමිවසෙන වස‍්සසහස‍්සං, සකදාගාමිවසෙන වස‍්සසහස‍්සං, සොතාපන‍්නවසෙන වස‍්සසහස‍්සන‍්ති එවං පඤ‍්චවස‍්සසහස‍්සානි පටිවෙධසද‍්ධම‍්මො ඨස‍්සති. පරියත‍්තිධම‍්මොපි තානියෙව. න හි පරියත‍්තියා අසති පටිවෙධො අත්‍ථි, නාපි පරියත‍්තියා සති පටිවෙධො න හොති; ලිඞ‍්ගං පන පරියත‍්තියා අන‍්තරහිතායපි චිරං පවත‍්තිස‍්සතීති.

“මඤ්ජෙට්ඨිකා නාම රොගජාති” උක්දඬු තුළ රතුබවය. “මහතො තළාකස්ස පටිගච්චෙව ආලිං” මෙයින් වනාහි මේ කරුණ දක්වාලන්නේය. මහත් තටාකයක්හුගේ නියර නොබැදිකල්හිද මද දියක් සිටිනේමය. පළමුකොටම නියර බැඳි කල්හි වනාහි නියර නොබැදීම නිසා යම්දියක් නොසිටින්නේද, ඒ දියත් සිටින්නේය. එපරිද්දෙන්ම වස්තුව නොඋපන් කල්හි පළමුකොටම නොඉක්මවීම පිණිස යම්මේ ගරු ධර්‍මයෝ පණවන ලද්දාහුද, ඒ ගරුධර්‍ම නොපැණ වූ කල්හිද මාගම පැවිදි වූ බැවින් සද්ධර්‍මය අවුරුදු පන්සියයක් පවත්නේය. පළමුකොට පැණවූ බැවින් තවත් අවුරුදු පන්සියයක් පවත්නේයයි මෙසේ පළමු කියූ අවුරුදු දහසම පවත්නේය. අවුරුදු දහස යන මෙයි සිවු පිළිසැඹියා පත් රහතුන්වහන්සේගේ වසයෙන් වදාරණ ලද්දේය. එයින් මත්තෙහිද ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රවයන්ගේ වසයෙන් අවුරුදු දහසක්, අනාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, සකෘදාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, ස්‍රොතාපන්නයන්ගේ වසයෙන් අවුරුදු දහසක්’යි මෙසේ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි ප්‍රතිවෙධ සද්ධර්‍මය පවත්නේය. පර්‍ය්‍යාප්ති ධර්‍මයද ඒ පන්දහස මුළුල්ලෙහිමය. පර්‍ය්‍යාප්තිය නැතිවිට ප්‍රතිවෙධය නැත. පර්‍ය්‍යාප්තිය ඇති කල්හි ප්‍රතිවෙධය නොවන්නේ නොවේ. ලිඞ්ගය වනාහි ප්‍රතිපත්තිය අතුරුදහන්වූ කල්හිද බොහෝ කල් පවත්නේය.

මහාපජාපතිගොතමීවත්‍ථුකථා නිට‍්ඨිතා.

භික‍්ඛුනීඋපසම‍්පදානුජානනකථා

භික්ඛුනීඋපසම්පදානුජානනකථා

අනුජානාමි භික‍්ඛවෙ භික‍්ඛූහි භික‍්ඛුනියො උපසම‍්පාදෙතුන‍්ති ඉමාය අනුපඤ‍්ඤත‍්තියා භික‍්ඛූ පඤ‍්චසතා සාකියානියො මහාපජාපතියා සද‍්ධිවිහාරිනියො කත්‍වා උපසම‍්පාදෙසුං. ඉති තා සබ‍්බාපි එකතොඋපසම‍්පන‍්නා නාම අහෙසුං. යෙ ඛො ත්‍වං ගොතමීති ඉමිනා ඔවාදෙන ගොතමී අරහත‍්තං පත‍්තා.

“අනුජානාමි භික්‍ඛවෙ භික්‍ඛූහි භික්‍ඛුණියෝ උපසම්පාදෙතුං” මේ අනුදැනීමෙන් භික්‍ෂූහු, පන්සියයක් ශාක්‍යස්ත්‍රීන් මහා ප්‍රජාපතියගේ සද්ධිවිහාරිණියන් කොට උපසම්පදා කළහ. මෙසේ ඒ සියල්ලෝම එක් පක්‍ෂයෙක්හි උපසම්පන්න නම් වූහ. “යෙ ඛො ත්‍වං ගොතමී” තොමෝ රහත්බවට පැමිණියාය.

කම‍්මං න කරීයතීති තජ‍්ජනීයාදි සත‍්තවිධම‍්පි කම‍්මං න කරීයති. ඛමාපෙන‍්තීති න පුන එවං කරිස‍්සාමීති ඛමාපෙන‍්ති.

“කම්මං න කරීයති” තර්‍ජනීයාදීවූ සත්වැදෑරුම් කර්‍මය නොකරණු ලැබේ. “ඛමාපෙන්ති” නැවැත මෙබන්දක් නොකරන්නෙමු’යි කමාකරවත්.

අනුජානාමි, භික‍්ඛවෙ, භික‍්ඛූහි භික‍්ඛුනීනං කම‍්මං රොපෙත්‍වා නිය්‍යාදෙතුන‍්ති එත්‍ථ තජ‍්ජනීයාදීසු “ඉදං නාම කම‍්මං එතිස‍්සා කාතබ‍්බ”න‍්ති එවං රොපෙත්‍වා “තං දානි තුම‍්හෙව කරොථා”ති නිය්‍යාදෙතබ‍්බං. සචෙ පන අඤ‍්ඤස‍්මිං රොපිතෙ අඤ‍්ඤං කරොන‍්ති, “තජ‍්ජනීයකම‍්මාරහස‍්ස නියස‍්සකම‍්මං කරොතී”ති එත්‍ථ වුත‍්තනයෙන කාරෙතබ‍්බතං ආපජ‍්ජන‍්ති.

“අනුජානාමි භික්‍ඛවෙ භික්‍ඛූහි භික්‍ඛුණීනං කම්මං රොපෙත්‍වා භික්‍ඛුණීනං නීය්‍යාදෙතුං” මෙහි තර්‍ජනීයාදි කර්‍ම අතුරෙහි ‘මේ නම් කර්‍මය මේ මෙහෙණට කටයුතුය’යි මෙසේ කර්‍මාරොපණය කොට ‘දැන් ඒ කර්‍මය තෙපිම කරවු’යි මහණුන් විසින් මෙහෙණන්ට පාවාදිය යුතුය. අනිකක් පිහිටවූ කල්හි අනිකක් කෙරෙත්ද, “තජ්ජනීයකම්මාරහස්ස නියස්සකම්මං කරොන්ති” යන මෙහි කියූනයින් කරවිය යුතුබවට පැමිණෙත්.

කද‍්දමොදකෙනාති එත්‍ථ න කෙවලං කද‍්දමොදකෙන, විප‍්පසන‍්නඋදකරජනකද‍්දමාදීසුපි යෙන කෙනචි ඔසිඤ‍්චන‍්තස‍්ස දුක‍්කටමෙව. අවන්‍දියො සො භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුනිසඞ‍්ඝෙන කාතබ‍්බොති භික‍්ඛුනුපස‍්සයෙ සන‍්නිපතිත්‍වා “අසුකො නාම අය්‍යො භික‍්ඛුනීනං අපසාදනීයං දස‍්සෙති, එතස‍්ස අය්‍යස‍්ස අවන්‍දියකරණං රුච‍්චතී”ති එවං තික‍්ඛත‍්තුං සාවෙතබ‍්බං. එත‍්තාවතා අවන්‍දියො කතො හොති. තතො පට‍්ඨාය යථා සාමණෙරෙ දිස‍්වා න වන්‍දන‍්ති; එවමෙව දිස‍්වාපි න වන්‍දිතබ‍්බො. තෙන භික‍්ඛුනා සම‍්මා වත‍්තන‍්තෙන භික‍්ඛුනුපස‍්සයං ආගන‍්ත්‍වා විහාරෙයෙව සඞ‍්ඝං වා ගණං වා එකපුග‍්ගලං වා උපසඞ‍්කමිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “භික‍්ඛුනිසඞ‍්ඝො මය‍්හං ඛමතූ”ති ඛමාපෙතබ‍්බං. තෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං සන‍්තිකං ආගන‍්ත්‍වා “එසො භික‍්ඛු තුම‍්හෙ ඛමාපෙතී”ති වත‍්තබ‍්බං. තතො පට‍්ඨාය සො වන්‍දිතබ‍්බො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරං පන කම‍්මවිභඞ‍්ගෙ වක‍්ඛාම.

“කද්දමොදකෙන” මෙහි හුදෙක් මඩවතුරෙන් පමණක් නොවේ. වෙසෙසින් පහන් දිය, රදන් මඩ ආදීන් අතුරෙහිද, යම් කිසිවකින් මෙහෙණක්හුගේ සිරුරට ඉසින මහණහුට දුක්කටයම වේ. “අවන්‍දියො සො භික්‍ඛවෙ භික්‍ඛු භික්‍ඛුනීසඞ්ඝෙන කාතබ්බො” මෙහෙණන් වසන වෙහෙරෙහි රැස්ව “අසුකො නාම ආය්‍යො භික්‍ඛුණීනං අපසාදියං දස්සෙති එතස්ස අය්‍යස්ස අවන්‍දියකරණං රුච්චති”යි මෙසේ තෙවරක් ඇස්විය යුතුය. මෙපමණකින් අවන්‍දිය කර්‍මය කරණ ලද්දේ වේ. එතැන් පටන් හෙරණකු දැක යම්සේ නොවඳිත්ද එපරිද්දෙන්ම අවන්‍දිය කර්‍මකරණලද මහණකු දැකද මෙහෙණන් විසින් නොවැඳිය යුතුය. අවන්‍දිය කර්‍මය කරණලද මැනැවින් පවත්නා ඒ මහණහු විසින් මෙහෙණන් වසන වෙහෙරට නොගොස් විහාරයෙහිම සඞ්ඝයා වෙතට හෝ එක් පුද්ගලයකු වෙතට හෝ එළැඹැ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘භික්‍ෂුණීසඞ්ඝ තෙමේ මට කමා කෙරේවා’යි කමා කරවිය යුතුය. ඒ මහණහු විසින් මෙහෙණන්ගේ සමීපයට ගොස් ‘මේ මහණතෙමේ තොප කමා කරවන්නේයයි කියයුතුය. එතැන් පටන් ඒ මහණ තෙමේ වැඳිය යුත්තේය. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි කර්‍මවිභඞ්ගයෙහි කියන්නෙමු.

ඔභාසෙන‍්තීති අසද‍්ධම‍්මෙන ඔභාසෙන‍්ති. භික‍්ඛුනීහි සද‍්ධිං සම‍්පයොජෙන‍්තීති භික‍්ඛුනීහි සද‍්ධිං පුරිසෙ අසද‍්ධම‍්මෙන සම‍්පයොජෙන‍්ති. අවන්‍දියකරණං වුත‍්තනයමෙව. ආවරණන‍්ති විහාරප‍්පවෙසනෙ නිවාරණං . ඔවාදං ඨපෙතුන‍්ති එත්‍ථ න භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා ඨපෙතබ‍්බො. ඔවාදත්‍ථාය පන ආගතා භික‍්ඛුනියො වත‍්තබ‍්බා “අසුකා නාම භික‍්ඛුනී සාපත‍්තිකා, තස‍්සා ඔවාදං ඨපෙමි, මා තාය සද‍්ධිං උපොසථං කරිත්‍ථා”ති. කායවිවරණාදීසුපි දණ‍්ඩකම‍්මං වුත‍්තනයමෙව.

“ඔභාසන්ති” අසද්ධර්‍මයෙක් කියත්. “භික්‍ඛුණිහි සද්ධිං සම්පයොජෙන්ති” මෙහෙණන් සමග පුරුෂයන් අසද්ධර්‍මයෙන් යොදත්. අවදිය කරණය කියන ලද නයමය. “ආවරණං” මහණුන්ට අනාචාරය දැක්වූ මෙහෙණන්හට වෙහෙරට වැදීම වැළකීමය. “ඔවාදං ඨපෙතුං” මෙහි මෙහෙණන්ගේ විහාරයට ගොස් නොතැබිය යුතුය. අවවාදය පිණිස පැමිණි මෙහෙණෝ ‘අසුවල් මෙහෙණ ඇවැත් සහිතය. ඇයට අවවාදය තබමි. ඇය සමග පොහොය නොකරවු’යි කියයුත්තාහ. “කායවිවරණාදීසු” කායවිවරණාදියෙහිද දඬුවම කියනලදනයමය.

න භික‍්ඛවෙ භික‍්ඛුනියා ඔවාදො න ගන‍්තබ‍්බොතිආදි භික‍්ඛුනිවිභඞ‍්ගවණ‍්ණනායං වුත‍්තමෙව.

“න භික්‍ඛවෙ භික්‍ඛුණියා ඔවාදො න ගන්තබ්බො” යනාදිය භික්‍ෂුණීවිභඞ්ග වර්‍ණනාවෙහි කියනලද නයමය.

ඵාසුකා නමෙන‍්තීති ගිහිදාරිකායො විය ඝනපට‍්ටකෙන කායබන්‍ධනෙන ඵාසුකා නමනත්‍ථාය බන්‍ධන‍්ති. එකපරියාකතන‍්ති එකවාරං පරික‍්ඛිපනකං.

“ඵාසුකෙ නමෙන්ති” ගිහි දැරියන් මෙන් තනපට ඇති පටියෙන් ඉළ ඇට නමත්. ඉළ ඇට නමනු පිණිස බඳිත්. “එකපරියාකතං” එක්වරක් වටකිරීම.

විලීවෙන පට‍්ටෙනාති සණ‍්හෙහි වෙළුවිලීවෙහි කතපට‍්ටෙන. දුස‍්සපට‍්ටෙනාති සෙතවත්‍ථපට‍්ටෙන. දුස‍්සවෙණියාති දුස‍්සෙන කතවෙණියා. දුස‍්සවට‍්ටියාති දුස‍්සෙන කතවට‍්ටියා. චොළපට‍්ටාදීසු චොළකාසාවං චොළන‍්ති වෙදිතබ‍්බං.

“විලිවෙන පට්ටෙන” තුනී බටපතුරෙන් කළ පටියෙන්. “දුස්සපට්ටෙන” සුදුවතින් කළ පටියෙන් “දුස්සවෙණියා” වස්ත්‍රයෙන් කළ වෙණියෙන්. “දුස්සවට්ටියා” වස්ත්‍රයෙන් කළ වැටියෙන්. චොළපට්ටාදීන් අතුරෙහි රෙද්දෙන් කළ කසාවත චොළයයි දතයුතුය.

අට‍්ඨිල‍්ලෙනාති ගොජඞ‍්ඝට‍්ඨිකෙන. ජඝනන‍්ති කටිප‍්පදෙසො වුච‍්චති. හත්‍ථං කොට‍්ටාපෙන‍්තීති අග‍්ගබාහං කොට‍්ටාපෙත්‍වා මොරපත‍්තාදීහි චිත‍්තාලඞ‍්කාරං කරොන‍්ති. හත්‍ථකොච‍්ඡන‍්ති පිට‍්ඨිහත්‍ථං. පාදන‍්ති ජඞ‍්ඝං. පාදකොච‍්ඡන‍්ති පිට‍්ඨිපාදං.

“අට්ඨිල්ලෙන” ගෙරින්ගේ කෙණ්ඩා ඇටින් ඡඞ්ඝයි. කටිප්‍රදේශය කියනු ලැබේ. “හත්‍ථං කොට්ටාපෙන්ති” අතඅග කොටවා මොනරපත් ආදියෙන් විසිතුරු කරත්. “හත්‍ථකොච්ඡං” පිටිඅත. “පාදං” කෙණ්ඩ “පාදකොච්ඡං” පිටිපය.

මුඛලිම‍්පනාදීනි වුත‍්තනයානෙව. අවඞ‍්ගං කරොන‍්තීති අක‍්ඛී අඤ‍්ජන‍්තියො අවඞ‍්ගදෙසෙ අධොමුඛං ලෙඛං කරොන‍්ති. විසෙසකන‍්ති ගණ‍්ඩප‍්පදෙසෙ විචිත්‍රසණ‍්ඨානං විසෙසකං කරොන‍්ති. ඔලොකෙන‍්තීති වාතපානං විවරිත්‍වා වීථිං ඔලොකෙන‍්ති. සාලොකෙ තිට‍්ඨන‍්තීති ද‍්වාරං විවරිත්‍වා උපඩ‍්ඪකායං දස‍්සෙන‍්තියො තිට‍්ඨන‍්ති. නච‍්චන‍්ති නටසමජ‍්ජං කාරෙන‍්ති. වෙසිං වුට‍්ඨාපෙන‍්තීති ගණිකං වුට‍්ඨාපෙන‍්ති. පානාගාරං ඨපෙන‍්තීති සුරං වික‍්කිණන‍්ති. සූනං ඨපෙන‍්තීති මංසං වික‍්කිණන‍්ති. ආපණන‍්ති නානාභණ‍්ඩානං අනෙකවිධං ආපණං පසාරෙන‍්ති. දාසං උපට‍්ඨාපෙන‍්තීති දාසං ගහෙත්‍වා තෙන අත‍්තනො වෙය්‍යාවච‍්චං කාරෙන‍්ති. දාසීආදීසුපි එසෙව නයො. හරිතකපක‍්කිකං පකිණන‍්තීති හරිතකඤ‍්චෙව පක‍්කඤ‍්ච පකිණන‍්ති; පකිණ‍්ණකාපණං පසාරෙන‍්තීති වුත‍්තං හොති.

මුඛලිම්පනාදිය කියනලද නයමය. “අඞ්ගරාගං කරොන්ති” ඇස් අඳුන් ගාන්නා වූ මෙහෙණෝ නෙත්කෙළවර පෙදෙසෙහි යටිකුරු කොට ඉරිගසත්. “විස්සෙකං” කම්මුල විසිතුරු සටහන් ඇති තිලක කරත්. “ඔලොකෙන්ති” ජනෙල් හැර වීථිය බලත්. “සාලොකෙ තිට්ඨන්ති” දොර හැර සිරුරින් අඩක් දක්වමින් සිටිති. “නච්චන්ති” නළුනැටීම කරත්. “චෙසිං වුට්ඨාපෙන්ති” වෙසඟනන් නගා තබත් “පානාගාරං ඨපෙන්ති” සුරා විකුණත්. “සූනං ඨපෙන්ති” මස් විකුණත්. “ආපණ” යනු නානාභාණ්ඩ පිළිබඳ නන්වැදෑරුම් වූ සල්පිල් තබත්. “දාසං උපට්ඨාපෙන්ති” දාසයකු ගෙණ ඔහු ලවා තම තමන්ට වතාවත් කරවත්. “හරිතකපක්කිකං පකිණන්ති” අරළුද ඵලවර්‍ගද විකුණත්. මිශ්‍රද්‍රව්‍ය ඇති සල්පිල් තබත්’යි කියන ලද්දේ වේ.

සබ‍්බනීලකාදිකථා කථිතායෙව.

සබ්බනීලකාදිකථා කියනලද්දීමය.

භික‍්ඛුනී චෙ, භික‍්ඛවෙ, කාලං කරොන‍්තීතිආදීසු අයං පාළිමුත‍්තකවිනිච‍්ඡයො – සචෙ හි පඤ‍්චසු සහධම‍්මිකෙසු යො කොචි කාලං කරොන‍්තො “මමච‍්චයෙන මය‍්හං පරික‍්ඛාරො උපජ‍්ඣායස‍්ස හොතු, ආචරියස‍්ස හොතු, සද‍්ධිවිහාරිකස‍්ස හොතු, අන‍්තෙවාසිකස‍්ස හොතු, මාතු හොතු, පිතු හොතු, අඤ‍්ඤස‍්ස වා යස‍්ස කස‍්සචි හොතූ”ති වදති තෙසං න හොති, සඞ‍්ඝස‍්සෙව හොති. න හි පඤ‍්චන‍්නං සහධම‍්මිකානං අච‍්චයදානං රුහති, ගිහීනං පන රුහති. භික‍්ඛු හි භික‍්ඛුනිවිහාරෙ කාලං කරොති, තස‍්ස පරික‍්ඛාරො භික‍්ඛූනංයෙව හොති. භික‍්ඛුනී භික‍්ඛුවිහාරෙ කාලං කරොති, තස‍්සා පරික‍්ඛාරො භික‍්ඛුනීනංයෙව හොති.

“භික්‍ඛුණි චෙ භික්‍ඛවෙ කාලං කරොන්ති” යනාදිතන්හි මේ පාලිමුක්තක විනිශ්චයයි:- ඉදින් පස්සහ දැහැමියන් අතුරෙහි යම්කිසිවෙක් කලුරිය කරණුයේ ‘මාගේ ඇවෑමෙන් මාගේ පිරිකර උපාද්ධ්‍යායයාහට වේවා, ආචාර්‍ය්‍යයාහට වේවා, පියාට වේවා, අන්කිසිවක්හට හෝ වේවා’යි කියාද, ඔවුන්ට නොවේ. සඞ්ඝයාහටම වේ. පස්සහ දැහැමියන්හට තමන්ගේ මරණයෙන් පසු අන්හට අයත් වනසේ දීම සුදුසු නොවේ. ගිහින්ට වනාහි සුදුසු වේ. මහණෙක් තෙමේ මෙහෙණන්ගේ වෙහෙරෙහි කලුරිය කෙරේනම් ඔහුගේ පිරිකර මහණුන්හටම වේ. මෙහෙණක් තොමෝ මහණුන්ගේ වෙහෙරෙහි කලුරිය කෙරේනම් ඇයගේ පිරිකර මහණුන්හටම වේ.

පුරාණමල‍්ලීති පුරාණෙ ගිහිකාලෙ මල‍්ලකස‍්ස භරියා. පුරිසබ්‍යඤ‍්ජනන‍්ති පුරිසනිමිත‍්තං, ඡින‍්නං වා හොතු අච‍්ඡින‍්නං වා, පටිච‍්ඡන‍්නං වා අප‍්පටිච‍්ඡන‍්නං වා. සචෙ එතස‍්මිං ඨානෙ පුරිසබ්‍යඤ‍්ජනන‍්ති චිත‍්තං උප‍්පාදෙත්‍වා උපනිජ‍්ඣායති, දුක‍්කටං.

“පුරාණමල්ලි” යනු පුරාණ ගිහිකාලයෙහි මල්ලවයක්හුගේ භාර්‍ය්‍යාතොමෝය. “පුරිසව්‍යඤ්ජනං” පුරුෂ නිමිත්තය. සිඳුනෙක් හෝ වේවා, නොසිඳුනෙක් හෝ වේවා. වැසුනෙක් හෝ වේවා. නොවැසුනෙක් හෝ වේවා. ඉදින් පුරිසව්‍යඤ්ජණය මෙතැන්හියයි සිත උපදවා යම් මෙහෙණක් තොමෝ සිතා නම් බලානම් දුක්කටය වේ.

අත‍්තනො පරිභොගත්‍ථාය දින‍්නං නාම යං “තුම‍්හෙයෙව පරිභුඤ‍්ජථා”ති වත්‍වා දින‍්නං, තං අඤ‍්ඤස‍්ස දදතො දුක‍්කටං. අග‍්ගං ගහෙත්‍වා පන දාතුං වට‍්ටති. සචෙ අසප‍්පායං, සබ‍්බං අපනෙතුං වට‍්ටති. චීවරං එකාහං වා ද‍්වීහං වා පරිභුඤ‍්ජිත්‍වා දාතුං වට‍්ටති. පත‍්තාදීසුපි එසෙව නයො.

“අත්තනො පරිභොගත්‍ථාය දින්නං” තමන්ගේ පරිභොගය පිණිස දුන් දෙයනම්, යමක් තෙපිම පරිභොග කළ මැනැවැ’යි දුන්නේද එය අනිකක්හට දෙන මහණහුට දුක්කටය වේ. වටිනාකම ගෙනදීම වටියි. සත්ප්‍රාය නොවන සියල්ලම බැහැර කළයුතුය. සිවුර එක් දවසක් හෝ දෙදවසක් හෝ පරිභොගකොට දියයුතුය. පාත්‍රාදියෙහිද මෙමනය වේ.

භික‍්ඛූනං සන‍්නිධිං භික‍්ඛුනීහි පටිග‍්ගාහාපෙත්‍වාති හිය්‍යො පටිග‍්ගහෙත්‍වා ඨපිතමංසං අජ‍්ජ අඤ‍්ඤස‍්මිං අනුපසම‍්පන‍්නෙ අසති භික‍්ඛූහි පටිග‍්ගාහාපෙත්‍වා භික‍්ඛුනීහි පරිභුඤ‍්ජිතබ‍්බං. භික‍්ඛූහි පටිග‍්ගහිතඤ‍්හි භික‍්ඛුනීනං අප‍්පටිග‍්ගහිතකට‍්ඨානෙ තිට‍්ඨති, භික‍්ඛුනීනං පටිග‍්ගහිතම‍්පි භික‍්ඛූසු එසෙව නයො.

“භික්‍ඛූනං සන්නිධිං භික්‍ඛුණීහි භික්‍ඛූහි පටිග්ගාහාපෙත්‍වා” ඊයේ පිළිගෙන තබනලද ආමිසය අද අන් අනුපසම්පන්නයකු නැති කල්හි මහණුන් ලවා පිළිගන්වාගෙණ මෙහෙණන් විසින් අනුභව කටයුතුය. මහණුන් විසින් පිළිගන්නාලද දෙය මෙහෙණට නොපිළිගත්තන්හි සිටුනේය. මෙහෙණන් විසින් පිළිගත් දෙයද මහණුන් කෙරෙහි මේ නයම වේ.

ආසනං සංකසායන‍්තියො කාලං වීතිනාමෙසුන‍්ති අඤ‍්ඤං වුට‍්ඨාපෙත්‍වා අඤ‍්ඤං නිසීදාපෙන‍්තියො භොජනකාලං අතික‍්කාමෙසුං.

“ආසනං සඞ්කායන්නියො” අසුන් ගන්වන්නියෝ. “කාලං විතිනා මෙසුං” අන් මෙහෙණක නැගිටුවා අන් මෙහෙණක හිඳුවන්නියෝ භොජනකාලය ඉක්මවූහ.

අට‍්ඨන‍්නං භික‍්ඛුනීනං යථාවුඩ‍්ඪන‍්ති එත්‍ථ සචෙ පුරෙ අට‍්ඨසු නිසින‍්නාසු තාසං අබ‍්භන‍්තරිමා අඤ‍්ඤා ආගච‍්ඡති, සා අත‍්තනො නවකං උට‍්ඨාපෙත්‍වා නිසීදිතුං ලභති. යා පන අට‍්ඨහිපි නවකතරා, සා සචෙපි සට‍්ඨිවස‍්සා හොති, ආගතපටිපාටියාව නිසීදිතුං ලභති. අඤ‍්ඤත්‍ථ සබ‍්බත්‍ථ යථාවුඩ‍්ඪං න පටිබාහිතබ‍්බන‍්ති ඨපෙත්‍වා භත‍්තග‍්ගං අඤ‍්ඤස‍්මිං චතුපච‍්චයභාජනීයට‍්ඨානෙ “අහං පුබ‍්බෙ ආගතා”ති වුඩ‍්ඪං පටිබාහිත්‍වා කිඤ‍්චි න ගහෙතබ‍්බං; යථාවුඩ‍්ඪමෙව වට‍්ටති. පවාරණාකථා කථිතායෙව.

“අට්ඨන්නං භික්‍ඛුණීනං යථාඛුඩ්ඪං” යන මෙහි ඉදිරියෙහි අටනමක් හුන්කල්හි ඔවුන් ඇතුළත් අන් මෙහෙණක් ඒද, ඕතොමෝ තමහට නවක මෙහෙණක නැගිටුවා හිඳීම ලබන්නීය. යම් මෙහෙණක් තොමෝ අටනමටම වඩා නවකතරවූවාද, ඕතොමෝ ඉදින් සැටවස් ඇත්තී වේද, පැමිණි පිළිවෙළින්ම හිඳීම ලබයි. “අඤ්ඤත්‍ථ යථාඛුඩ්ඪං න පටිබාහිතබ්බං” බොජුන්හල හැර අන් සිවුපසය බෙදිය යුතු තැනෙක මම පළමුව ආයෙමි’යි මහලු මෙහෙණ ප්‍රතිබාහනයකොට කිසිවක් නොගතයුතුය. වැඩිමහලු පිළිවෙළින්ම වටියි. පවාරණ කථා තොමෝ කියනලදමය.

ඉත්‍ථියුත‍්තන‍්තිආදීහි සබ‍්බයානානි අනුඤ‍්ඤාතානි. පාටඞ‍්කින‍්ති පටපොට‍්ටලිකං.

“ඉත්‍ථියුත්තං” යනාදීවූ සියලු යානයෝ අනුදන්නා ලදහ. “පාඨඛතිං” පල්ලැක්කිය.

දූතෙන උපසම‍්පදා දසන‍්නං අන‍්තරායානං යෙන කෙනචි වට‍්ටති. කම‍්මවාචාපරියොසානෙ සා භික‍්ඛුනී භික‍්ඛුනුපස‍්සයෙ ඨිතා වා හොතු නිපන‍්නා වා ජාගරා වා නිද‍්දං ඔක‍්කන‍්තා වා, උපසම‍්පන‍්නාව හොති. තාවදෙව ඡායාදීනි ආගතාය දූතභික‍්ඛුනියා ආචික‍්ඛිතබ‍්බානි.

“දූතෙන උපසම්පදා” දස අනතුරු අතුරෙහි යම්කිසිවකින් වටියි. කර්‍මවාක්‍යයාගේ අවසානයෙහි ඒ මෙහෙණ තොමෝ මෙහෙණවරෙහි සිටියා හෝ වේවා, හුන්නී හෝ වේවා, නොනිදන්නී හෝ වේවා. නින්දට පැමිණියා හෝ වේවා. උපසපන්වූවාම වේ. තාවදෙවඡායා යනාදීහු පැමිණි මෙහෙණට කියයුතුය.

උදොසිතොති භණ‍්ඩසාලා. න සම‍්මතීති නප‍්පහොති. උපස‍්සයන‍්ති ඝරං. නවකම‍්මන‍්ති සඞ‍්ඝස‍්සත්‍ථාය භික‍්ඛුනියා නවකම‍්මම‍්පි කාතුං අනුජානාමීති අත්‍ථො.

“උද්දොසිතො” බඩුලන හල. “න සම්මති” නො පොහොනේය. “උපස්සයං” ගෘහය. “නවකම්මං” සඞ්ඝයා පිණිස මෙහෙණ විසින් නවකම්ද කළයුතුයයි අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.

තස‍්සා පබ‍්බජිතායාති තස‍්සා පබ‍්බජිතකාලෙ. යාව සො දාරකො විඤ‍්ඤුතං පාපුණාතීති යාව ඛාදිතුං භුඤ‍්ජිතුං නහායිතුඤ‍්ච මණ‍්ඩිතුඤ‍්ච අත‍්තනො ධම‍්මතාය සක‍්කොතීති අත්‍ථො.

“තස්සා පබ්බජිතෙ” ගිහි කාලයෙහි ගැබිනිව සිට පසුව ඇය පැවිදිවූ කල්හි “යාව සො දාරකො විඤ්ඤූතං පාහුණාති” කන්නට බුදින්නට නාන්නට සැරසෙන්නට තමන්ගේ ධර්‍මතාවෙන් යම්තාක් හැකිවේද, ඒතාක්කල් පොෂණය කරන්නට හැක්කේය යන අර්‍ත්‍ථයි.

ඨපෙත්‍වා සාගාරන‍්ති සහගාරසෙය්‍යමත‍්තං ඨපෙත්‍වා. යථා අඤ‍්ඤස‍්මිං පුරිසෙ; එවං දුතියිකාය භික‍්ඛුනියා තස‍්මිං දාරකෙ පටිපජ‍්ජිතබ‍්බන‍්ති දස‍්සෙති. මාතා පන නහාපෙතුං පායෙතුං භොජෙතුං මණ‍්ඩෙතුං උරෙ කත්‍වා සයිතුඤ‍්ච ලභති.

“ඨපෙත්‍වා සාගාරං” සහගාරසෙය්‍යාමාත්‍රය හැර “යථා අඤ්ඤස්මිං පුරිසෙ” අන් පුරුෂයකු කෙරෙහි පිළිපැදීම යම්සේද එසේ දෙවන මෙහෙණ විසින් ඒ දරු කෙරෙහි පිළිපැද්ද යුතුයයි දක්වන්නේය. මවු මෙහෙණ තොමෝ වනාහි නෑවීම පෙවීම කැවීම සැරසීම ලෙහිකොට සයනය කිරීමද ලබන්නීය.

යදෙව සා විබ‍්භන‍්තාති යස‍්මා සා විබ‍්භන‍්තා අත‍්තනො රුචියා ඛන‍්තියා ඔදාතානි වත්‍ථානි නිවත්‍ථා, තස‍්මායෙව සා අභික‍්ඛුනී, න සික‍්ඛාපච‍්චක‍්ඛානෙනාති දස‍්සෙති. සා පුන උපසම‍්පදං න ලභති.

“යදෙව සා විබ්හන්තා” යම්හෙයකින් ඕතොමෝ ගිහි වූවාද තමන්ගේ රුචියෙන් කැමැත්තෙන් සුදුවත් හැන්දාද, එහෙයින් ඒ මෙහෙණ තොමෝ මෙහෙණක් නොවේ. ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානයෙන් නොවේයයි දක්වයි. ඕතොමෝ නැවැත උපසම්පදාව නොලබයි.

සා ආගතා න උපසම‍්පාදෙතබ‍්බාති න කෙවලං න උපසම‍්පාදෙතබ‍්බා, පබ‍්බජ‍්ජම‍්පි න ලභති. ඔදාතානි ගහෙත්‍වා විබ‍්භන‍්තා පන පබ‍්බජ‍්ජාමත‍්තං ලභති.

“සා ආගතා න උපසම්පාදෙතබ්බා” හුදෙක් උපසම්පදාව පමණක් නොකටයුතු නොවේ. පැවිද්දද නොලබයි. සුදුවත් ගෙණ සිවුරු හළ මෙහෙණ තොමෝ පැවිද්ද පමණක් ලබයි.

අභිවාදනන‍්තිආදීසු පුරිසා පාදෙ සම‍්බාහන‍්තා වන්‍දන‍්ති, කෙසෙ ඡින්‍දන‍්ති, නඛෙ ඡින්‍දන‍්ති, වණපටිකම‍්මං කරොන‍්ති, තං සබ‍්බං කුක‍්කුච‍්චායන‍්තා න සාදියන‍්තීති අත්‍ථො. තත්‍රෙකෙ ආචරියා “සචෙ එකතො වා උභතො වා අවස‍්සුතා හොන‍්ති සාරත‍්තා, යථාවත්‍ථුකමෙව”. එකෙ ආචරියා “නත්‍ථි එත්‍ථ ආපත‍්තී”ති වදන‍්ති. එවං ආචරියවාදං දස‍්සෙත්‍වා ඉදං ඔදිස‍්ස අනුඤ‍්ඤාතං වට‍්ටතීති අට‍්ඨකථාසු වුත‍්තං. තං පමාණං. “අනුජානාමි භික‍්ඛවෙ සාදිතු”න‍්ති හි වචනෙනෙව තං කප‍්පියං.

“අභිවාදනං” යනාදි තන්හි පුරුෂයෝ පාදසම්බාහනය කරමින් වඳිත්. කෙස් සිඳිත්. නියසිඳිත්. වණපිළියම් කෙරෙත්. කුකුස් කරන්නාවු ඒ සියල්ල නොඉවසත් යන අර්‍ත්‍ථයි. එහි සමහර ආචාර්‍ය්‍යයෝ එක් පක්‍ෂයකින් හෝ දෙපක්‍ෂයෙන් හෝ රාගයෙන් තෙත් වූවාහු ඇලුම් සහිත වූවාහු වෙත්ද, යථාවස්තුකමය. ඇතැම් ආචාර්‍ය්‍යයෝ මෙහි ඇවැත් නැතැ’යි කියන්නාහුයි මෙසේ ආචාර්‍ය්‍යවාදය දක්වා මෙය උදෙසා අනුදනාලද්දේ වටීයයි අර්‍ත්‍ථ කථාවන්හි කියන ලද්දේය. එය ප්‍රමාණ වේ. “අනුජානාමි භික්‍ඛවෙ සාදිතුං” යන වචනයෙන්ම එය කැපවේ.

පල‍්ලඞ‍්කෙන නිසීදන‍්තීති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදන‍්ති. අඩ‍්ඪපල‍්ලඞ‍්කන‍්ති එකං පාදං ආභුජිත්‍වා කතපල‍්ලඞ‍්කං. හෙට‍්ඨා විවටෙ උපරි පටිච‍්ඡන‍්නෙති එත්‍ථ සචෙ කූපො ඛතො හොති, උපරි පන පදරමත‍්තමෙව සබ‍්බදිසාසු පඤ‍්ඤායති, එවරූපෙපි වට‍්ටති.

“පල්ලඞ්කං නිසිදිතුං” පලඟ බැඳ හිඳින්නට. “අඩ්ඪ පල්ලඞ්කං” එක් පයක් හකුලා කළ පළඟ. “හෙට්ඨා විවටෙ උපරිපටිච්ඡන්නෙ” මෙහි ඉදින් කැපයක් තනන ලද්දේවේද, මතුවෙහි වනාහි පුවරු පමණක්ම සියලු දිසාවන්හි පැනේද, මෙබඳු වැසිකිළියෙහිද මෙහෙණන්හට මලපහ කළ හැකිය.

කුක‍්කුසං මත‍්තිකන‍්ති කුණ‍්ඩකඤ‍්චෙව මත‍්තිකඤ‍්ච. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

“කුක්කුසං මත්තිකං” කුඩුද මැටිද සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

භික‍්ඛුනීඋපසම‍්පදානුජානනකථා නිට‍්ඨිතා.

භික‍්ඛුනික‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

භික්‍ඛුණි ඛන්‍ධක වර්‍ණනාව නිමි.