පඤ්චසතිකක්ඛන්ධකං අට්ඨකථා
පඤ්චසතිකක්ඛන්ධ වර්ණනාව
ඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා
ඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා
පඤ්චසතිකක්ඛන්ධකෙ – චත්තාරි පාරාජිකානි ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානීති එවමාදි එකසික්ඛාපදම්පි අපරිච්චජිත්වා සබ්බෙසං සඞ්ගහෙතබ්බභාවදස්සනත්ථං පරියායෙන වුත්තං. ඉදං වො සමණානන්ති ඉදං සමණානං. පදපූරණමත්තෙ වොකාරො.
පඤ්චසතිකක්ඛන්ධකයෙහි - “චත්තාරී පාරාජිකානි ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි” මේ ආදි එක් ශික්‍ෂාපදයකුදු නොහැර සියලු ශික්ෂාපදයන්ගේ සඞ්ග්‍රහ කටයුතුබව දැක්වීම පිණිස පරියායෙන් වදාරණ ලදී. “ඉදං වො සමණානං” මෙය ශ්‍රමණයන්ට වොකාරය පදපූරණ මාත්රයෙහිය.
ඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටන්ති “ඉදං තයා දුට්ඨු කත”න්ති කෙවලං ගරහන්තෙහි ථෙරෙහි වුත්තං , න ආපත්තිං සන්ධාය වුත්තං. න හි තෙ ආපත්තානාපත්තිං න ජානන්ති. ඉදානෙව චෙතං අනුස්සාවිතං – “සඞ්ඝො අපඤ්ඤත්තං න පඤ්ඤපෙති, පඤ්ඤත්තං න සමුච්ඡින්දතී”ති. දෙසෙහි තං දුක්කටන්ති ඉදම්පි ච “ආම, භන්තෙ, දුට්ඨු මයා කත”න්ති එවං පටිජානාහි, තං දුක්කටන්ති ඉදං සන්ධාය වුත්තං, න ආපත්තිදෙසනං. ථෙරො පන යස්මා අසතියා න පුච්ඡි න අනාදරෙන, තස්මා තත්ථ දුට්ඨුකතභාවම්පි අසල්ලක්ඛෙන්තො “නාහං තං දුක්කටං පස්සාමී”ති වත්වා ථෙරෙසු ගාරවං දස්සෙන්තො “අපිචායස්මන්තානං සන්ධාය දෙසෙමි තං දුක්කට”න්ති ආහ. යථා තුම්හෙ වදථ, තථා පටිජානාමීති වුත්තං හොති. එසෙව නයො අවසෙසෙසු චතූසු ඨානෙසු. සෙසමෙත්ථ යං වත්තබ්බං සියා, තං නිදානවණ්ණනායමෙව වුත්තං.
“ඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං” ‘තා විසින් මේ කරණලද්ද නොමනාය’යි හුදෙක් ගරහන්නා වූ තෙරුන් විසින් කියනලදී. ඇවැත සඳහා නොකියනලදී. ඒ තෙරහු ආපත්ති අනාපත්ති නොම නොදනිත්. “සඞ්ඝො අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති, පඤ්ඤත්තං න සමුච්ඡන්දති”යි මේ කරුණ ද දැන්ම අස්වනලදී. “දෙසෙහි තං ආවුසො දුක්කටං” යන මෙද, “ආම භන්තෙ, දුට්ඨූමයා තං කතන්ති එවං ජානාහි තං”යි මෙසේ ඒ දුක්කටය පිළිදනුව’යිද යනු සඳහා කියනලදී. ආපත්තිදෙසනාව සඳහා නොකියන ලදී. ස්ථවිර තෙමේ වනාහි යම් හෙයකින් නොසිහියෙන් ක්ෂුදානුක්ෂුද්ර ආපත්තීන් කිමැයි නොවිචාළේය. අනාදරයෙන් නොවේ. එහෙයින් එහි නොමනාව කළබවක්ද නොසලකමින් “නාහං තං දුක්කටං පස්සාමි”යි කියා තෙරුන් කෙරෙහි ගෞරව දක්වමින් “අපි ච ආයස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටං”යි කීයේය. යම්සේ ඔබවහන්සේලා කියවුද, එසේ පිළිදනිමි. කියනලද්දේ වේ. සෙසු සිවුතන්හිද මෙමනය වේ. මෙහි සෙසු යමක් කියයුතු වන්නේද, එය නිදාන වර්‍ණනාවෙහිම කියන ලද්දේය.
ඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා නිට්ඨිතා.
පඤ්චසතිකක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
පඤ්චසතිකක්ඛන්ධ වර්ණනා තොමෝ නිමියාය.