ඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා
ඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා
ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව
9. අථ ඛො ආයස්මා ආනන්දො ථෙරෙ භික්ඛූ එතදවොච: භගවා මං භන්තෙ පරිනිබ්බානකාලෙ එවමාහ: ආකඞ්ඛමානො ආනන්ද සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනෙය්යාති. පුච්ඡි පන ත්වං ආවුසො ආනන්ද භගවන්තං කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. න ඛො අහං භන්තෙ භගවන්තං පුච්ඡිං, කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති.
9. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්ෂූන්ට මෙය කීහ. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන කාලයෙහි මට මෙසේ වදාළසේක. ආනන්දය, සඞ්ඝයා කැමැති වන්නේ නම් මා ඇවෑමෙන් ඛුද්දානුඛුද්දක ශික්ෂාපද සමූහනය කරන්නේ ය යි. ඇවත ආනන්දය, “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කවරේ දැ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසුහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කවරහු දැ’යි නො පිළිවිසීමි යි.
එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා තිංස නිස්සග්ගියෙ පාචිත්තියෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු:– චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා තිංස නිස්සග්ගියෙ පාචිත්තියෙ ඨපෙත්වා ද්වෙනවුති පාචිත්තියෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. එකච්චෙ ථෙරා එවමාහංසු: චත්තාරි පාරාජිකානි ඨපෙත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ ඨපෙත්වා ද්වෙ අනියතෙ ඨපෙත්වා තිංස නිස්සග්ගියෙ පාචිත්තියෙ ඨපෙත්වා ද්වෙනවුති පාචිත්තියෙ ඨපෙත්වා චත්තාරො පාටිදෙසනීයෙ ඨපෙත්වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති.
ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා සෙස්සෝ බුදානුබුදාදක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වෙතැ යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සිවු පාටිදේසනීය තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ යි.
10. අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. සන්තම්හාකං සික්ඛාපදානි ගිහිගතානි ගිහීනොපි ජානන්ති ‘ඉදං වො සමණානං සක්යපුත්තියානං කප්පති, ඉදං වො න කප්පතීති. සචෙ මයං ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනිස්සාම භවිස්සන්ති වත්තාරො: ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. යාවිමෙසං සත්ථා අට්ඨාසි තාවිමෙ සික්ඛාපදෙසු සික්ඛිංසු. යතො ඉමෙසං සත්ථා පරිනිබ්බුතො න දානිමෙ සික්ඛාපදෙසු සික්ඛන්තීති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො අප්පඤ්ඤත්තං න පඤ්ඤාපෙය්ය. පඤ්ඤත්තං න සමුච්ඡින්දෙය්ය. යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තෙය්ය. එසා ඤත්ති.
10. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැපය. මෙය අකැප ය යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්ෂාපද සමූහනය කරන්නෙමු නම් “ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවනලද්දේ (උන්වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්ෂාපදයන්හි හික්මුණෝ ය. යම් හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවන්නේ ය. පනවනලද්ද නොසිඳින්නේ ය. පනවන ලද ශික්ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවත්නේ ය. මේ ඥප්ති යි.
සුණාතු මෙ ආවුසො සඞ්ඝො. සන්තම්හාකං සික්ඛාපදානි ගිහීගතානි ගිහීනොපි ජානන්ති ඉදං වො සමණානං සක්යපුත්තියානං කප්පති. ඉදං වො න කප්පතීති. සචෙ මයං ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනිස්සාම, භවිස්සන්ති වත්තාරො: ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. යාවිමෙසං සත්ථා අට්ඨාසි තාවිමෙ සික්ඛාපදෙසු සික්ඛිංසු. යතො ඉමෙසං සත්ථා පරිනිබ්බුතො න දානිමෙ සික්ඛාපදෙසු සික්ඛන්තීති. සඞ්ඝො අප්පඤ්ඤත්තං න පඤ්ඤාපෙති පඤ්ඤත්තං න සමුච්ඡින්දති. යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තති. යස්සායස්මතො ඛමති අපඤ්ඤත්තස්ස අපඤ්ඤාපනා පඤ්ඤත්තස්ස අසමුච්ඡෙදො, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැප ය, මෙය අකැප ය, යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්ෂාපද සමූහනය කරන්නෙමු නම් ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවනලද්දේ (උන් වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්ෂාපදයන්හි හික්මුණෝ ය. යම්හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. යම් ආයුෂ්මත් කෙනකුහට නො පනවනලද්ද නො පැනවීම, පනවනලද්ද නො සිඳීම, පනවනලද ශික්ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පැවැත්ම, රුචි වේ නම් උන්වහන්සේ නිහඬවන්නාහ, යම් කෙනකුහට රුචි නො වේ නම් උන්වහන්සේ කියන්නාහ.
සඞ්ඝො අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති පඤ්ඤත්තං න සමුච්ඡින්දති, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
සඞ්ඝයා නො පනවනලද්ද නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. සඞ්ඝයාට (මෙය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි යි.
11. අථ ඛො ථෙරා භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: ඉදං තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං භගවන්තං න පුච්ඡි-කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. දෙසෙහි තං දුක්කටන්ති.
11. ඉක්බිති ස්ථවිර භික්ෂුහු ආනන්ද ආයුෂ්මත්හට මෙය කීහු : ඇවැත් ආනන්දයෙනි, යම්හෙයෙකින් තෙපි ‘වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්ෂා පද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළහු ද මෙය තොප වරදවා කරන ලද්දකි, ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරවයි.
අහං ඛො භන්තෙ අසතියා භගවන්තං න පුච්ඡිං කතමානි පන භන්තෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානීති. නාහං තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
වහන්ස, මම නොසිහියෙන් (යුතු වූයෙම්) වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්ෂාපද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළෙමි. මම එය වරදවා කරනලද්දකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලද යි ප්‍රකාශ කරමි.
ඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං භගවතො වස්සිකසාටිකං අක්කමිත්වා සිබ්බෙසි. දෙසෙහි තං දුක්කටන්ති.
ඇවැත්, ආනන්දයෙනි, යම් හෙයෙකින් තෙපි භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසුවහු ද මෙය ද තොප වරදවා කරන ලද්දකි. ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරව යි.
නාහං ඛො භන්තෙ අගාරවෙන භගවතො වස්සිකසාටිකං අක්කමිත්වා සිබ්බෙසිං. නාහන්තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
වහන්ස, මම අගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩගෙන නො මැසූයෙමි. මම එය වරදවා කරන ලද්දකැයි නොදකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලදැ යි ප්‍රකාශ කරමි.
ඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං මාතුගාමෙහි භගවතො සරීරං පඨමං වන්දාපෙසි. තාසං රොදන්තීනං භගවතො සරීරං අස්සුකෙන මක්ඛිතං. දෙසෙහි තං දුක්කටන්ති.
ඇවැත් ආනන්දයෙනි, යම් හෙයෙකින් තෙපි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවුහු ද හඬන්නා වූ ඔවුන්ගේ කඳුළින් භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගැල්විණි ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.
අහං ඛො භන්තෙ මායිමා විකාලෙ අහෙසුන්ති මාතුගාමෙහි භගවතො සරීරං පඨමං වන්දාපෙසිං. නාහං තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
වහන්ස, මම ‘මොවුහු විකාලයෙහි (හැසිරෙන්නෝ) නො වෙත්වා’ යි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවීමි. මම එය දුෂ්කෘතයකැ’යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ’යි ප්‍රකාශ කරමි.
ඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං යං ත්වං භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ න භගවන්තං යාචි-තිට්ඨතු භගවා කප්පං. තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති. දෙසෙහි තං දුක්කටන්ති.
ඇවැත් ආනන්දයෙනි, යම් හෙයෙකින් තෙපි ද භාග්‍යවතුන් වහන්සේ විසින් ඕළාරික වු නිමිති කරනුලබන කල්හි ඕළාරික වූ ආලොකය කරනුලබන කල්හි, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ් කල්පයක්) වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යී භාග්‍යවතුන් වහන්සේ නො යැදුහු ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.
අහං ඛො භන්තෙ මාරෙන පරියුට්ඨිතචිත්තො න භගවන්තං යාචිං තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති. නාහන්තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
වහන්ස, මම වනාහි මාරයා විසින් හාත්පසින් මඩනා ලද සිත් ඇත්තෙම්, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ‘ ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතපිණිස, සුවපිණිස භාගයවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යි නො යැදීමි. මම එය දුෂ්කෘතයකැ’යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ’යි ප්‍රකාශ කරමි.
ඉදම්පි තෙ ආවුසො ආනන්ද දුක්කටං-යං ත්වං මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පබ්බජ්ජං උස්සුක්කං අකාසි. දෙසෙහි තං දුක්කටන්ති.
ඇවැත් ආනන්දයෙනි, යම්හෙයෙකින් තෙපි තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරනලද ධර්මවිනයෙහි (ශාසනයෙහි) මාගමගේ පැවිද්දට උත්සාහවත් කළහු ය. මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරවයි.
අහං ඛො භන්තෙ අයං මහාපජාපති ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා ඛීරස්ස දායිකා භගවන්තං ජනෙත්තියා කාලකතාය ථඤ්ඤං පායෙසීති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ පබ්බජ්ජං උස්සුක්කං අකාසිං. නාහං තං දුක්කටං පස්සාමි. අපිචායස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටන්ති.
වහන්ස, මම වනාහි මේ මහාප්‍රජාපතී ගෝතමි භාග්‍යවතුන් වහන්සේගේ මවගේ සොහොවුරි ය. (උන්වහන්සේ) හදා වඩා ගත්තී ය, පොෂණය කළා ය, කිරි දුන්නී ය. මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය යි සලකා තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරන ලද ධර්මවිනයෙහි මාගමගේ පැවිද්දට උත්සාහවත් කෙළෙමි. මම එය දුෂ්කෘතයෙකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේලාගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයෙකැ යි ප්‍රකාශ කරමි යි.
12. තෙන ඛො පන සමයෙන ආයස්මා පුරාණො දක්ඛිණාගිරිස්මිං චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අථ ඛො ආයස්මා පුරාණො ථෙරෙහි භික්ඛූහි ධම්මෙ ච විනයෙ ච සංගීතෙ දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං යෙන වෙළුවනං කලන්දකනිවාපො යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පුරාණං ථෙරා භික්ඛූ එතදවොචුං: ථෙරෙහි ආවුසො පුරාණ, ධම්මො ච විනයො ච සංගීතො. උපෙහි තං සඞ්ගීතින්ති. සුසංගීතාවුසො ථෙරෙහි ධම්මො ච විනයො ච. අපි ච යථෙව මයා භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං තථෙවාහං ධාරෙස්සාමීති.
12. එසමයෙහි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ පන්සියයක් පමණවූ මහත් භික්ෂූ සමූහයක් සමග දක්ෂිණාගිරියෙහි චාරිකාවෙහි හැසිරෙති. ඉක්බිති ස්ථවිර භික්ෂූන් විසින් ධර්මය ද විනය ද සඞ්ගායනා කළ කල්හි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ දක්ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැස රජගහ නුවර යම් තැනෙක ද, කලන්දක නිවාප නම් වූ වේළුවනය යම් තැනෙක ද, ස්ථවිර භික්ෂූහු යම් තැනෙක ද එතැනට එළැඹියහ. එළඹ ස්ථවිර භික්ෂූන් සමග පිළිසඳර කථා කොට එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ පුරාණ ආයුෂ්මතුන්ට ස්ථවිර භික්ෂූහු මෙසේ කීහ. ඇවැත් පුරාණයෙනි, ස්ථවිරවරුන් විසින් ධර්මය ද , විනය ද සඞ්ගායනා කරනලද්දේ ය. ඒ සංගීතිය ට එළඹෙනු මැනවැ’යි. (පිළිගනු මැනවැයි) ඇවැත්නි, ස්ථවිරවරුන් විසින් ධර්මය ද විනය ද මොනොවට සංගායනා කරනලද්දේ ය. වැළිදු මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි යම්සේ අසන ලද ද යම්සේ පිළිගන්නා ලද ද එසෙයින් ම මම දරන්නෙමි”යි කීහ.