යෙදුමෙන් කියවන්න

සංගීති නිදානං

සංගීති නිදානං

සංගීති නිදානය

1. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො භික‍්ඛූ ආමන‍්තෙසි: එකමිදාහං ආවුසො සමයං පාවාය කුසිනාරං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහි. අථ ඛ‍්වාහං ආවුසො මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදිං. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො ආජීවකො කුසිනාරාය මන්‍දාරවපුප‍්ඵං ගහෙත්‍වා පාවං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො හොති. අද‍්දසං ඛො අහං ආවුසො තං ආජීවකං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන තං ආජීවකං එතදවොචං: “අපාවුසො අම‍්හාකං සත්‍ථාරං ජානාසී”ති? ‘ආමාවුසො ජානාමි. අජ‍්ජ සත‍්තාහපරිනිබ‍්බුතො සමණො ගොතමො. තතො මෙ ඉදං මන්‍දාරවපුප‍්ඵං ගහිතන‍්ති”.

1. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්‍ෂූන් ඇති මහත් භික්‍ෂූ සඞ්ඝයා සමග පාවා නුවරින් කුසිනාරා නුවර කරා දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නෙමි. ඇවැත්නි, ඉක්බිති මම මඟින් ඉවත් ව එක්තරා රුක් මුලෙක හුන්නෙමි. එසමයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ ය. ඇවැත්නි, මම එන්නා වූ ඒ ආජීවකයා දුරදී ම දුටිමි. දැක ඒ ආජීවකයාට මෙය කීමි. ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි දැ යි. එසේ ය. ඇවැත්නි, දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි. මා විසින් මේ මඳාරාමල එතැනින් ගන්නා ලදැ යි.

2. තත්‍රාවුසො යෙ තෙ භික‍්ඛූ අවීතරාගා, අප‍්පෙකච‍්චෙ බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති. ඡින‍්නපපාතං පපතන‍්ති, ආවට‍්ටන‍්ති, විවට‍්ටන‍්ති, අතිඛිප‍්පං භගවා පරිනිබ‍්බුතො, අතිඛිප‍්පං සුගතො පරිනිබ‍්බුතො, අතිඛිප‍්පං චක‍්ඛුං ලොකෙ අන‍්තරහිතන‍්ති. යෙ පන තෙ භික‍්ඛූ වීතරාගා තෙ සතා සම‍්පජානා අධිවාසෙන‍්ති “අනිච‍්චා සඞ‍්ඛාරා තං කුතෙත්‍ථ ලබ‍්භා”ති. අථඛ‍්වාහං ආවුසො තෙ භික‍්ඛූ එතදවොචං: “අලං ආවුසො මා සොචිත්‍ථ. මා පරිදෙවිත්‍ථ. නන්‍වෙතං ආවුසො භගවතා පටිගච‍්චෙව අක‍්ඛාතං සබ‍්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ‍්ඤථාභාවො? තං කුතෙත්‍ථ ආවුසො ලබ‍්භා යං තං ජාතං භූතං සඞ‍්ඛතං පලොකධම‍්මං තං වත මා පලුජ‍්ජීති නෙතං ඨානං විජ‍්ජතීති”.

2. ඇවැත්නි, එහි යම් ඒ භික්‍ෂූ කෙනෙක් අවීතරාග වූහු ද ඔවුනතුරෙන් ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පැසේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑසේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වී යැ”යි (කියමින්) හිසෙහි අත් බැඳ හඬත්. සිඳින ලද්දක් (බිම) වැටෙන්නා සේ වැටෙත්, ඉදිරියට පෙරළෙත්, පසු පසට පෙරළෙත්, යම් භික්‍ෂූ කෙනෙක් වීතරාග වූහු ද ඔවුහු සංස්කාරයෝ අනිත්‍යයහ. ඔවුන්ගේ නො බිඳ පැවැත්මක් කොයින් ලැබියහැකි දැ’යි (සලකා) සිහි ඇත්තාහු මනා නුවණින් යුක්ත වූවාහු ඉවසත්, ඇවැත්නි, අනතුරු ව මම ඒ භික්‍ෂූන්ට මෙය කීමි. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, ඇවැත්නි, ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් ම වෙනස් වීම වෙන් වීම, අනිත් ආකාරයෙකින් වීම වන්නේ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කැල ම ප්‍රකාශකරන ලද්දේ නො වේ ද? ඇවැත්නි, ඒ යමක් උපන්නේ ද, හටගත්තේ ද සඞ්ඛත වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේව’යි යන මේ කරුණ කොයින් ලැබේ ද? මේ කරුණ විද්‍යාමාන නො වේ යි.

3. තෙන ඛො පනාවුසො සමයෙන සුභද‍්දො නාම වුඩ‍්ඪපබ‍්බජිතො තස‍්සං පරිසායං නිසින‍්නො හොති. අථ ඛො ආවුසො සුභද‍්දො වුඩ‍්ඪපබ‍්බජිතො තෙ භික‍්ඛූ එතදවොච: “අලං ආවුසො. මා සොචිත්‍ථ. මා පරිදෙවිත්‍ථ. සුමුත‍්තා මයං තෙන මහාසමණෙන. උපද‍්දුතා ච මයං හොම ‘ඉදං වො කප‍්පති, ඉදං වො න කප‍්පතී’ති. ඉදානි පන මයං යං ඉච‍්ඡිස‍්සාම තං කරිස‍්සාම, යං න ඉච‍්ඡිස‍්සාම න තං කරිස‍්සාමාති”.

3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්‍ෂුන්ට මෙය කී ය. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනොවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු”යි

හන්‍ද මයං ආවුසො ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායාම පුරෙ අධම‍්මො දිප‍්පති ධම‍්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප‍්පති විනයො පටිබාහීයති. පුරෙ අධම‍්මවාදිනො බලවන‍්තො හොන‍්ති. ධම‍්මවාදිනො දුබ‍්බලා හොන‍්ති. පුරෙ අවිනයවාදිනො බලවන‍්තො හොන‍්ති. විනයවාදිනො දුබ‍්බලා හොන‍්තීති.

එහෙයින් ඇවැත්නි, අපි අධර්‍මය බැබළීමටත් ධර්‍මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්‍මවාදීන් බලවත්වීමටත් ධර්‍මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරම්හ’යි. (මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වදාළහ.)

“තෙන හි භන‍්තෙ ථෙරො භික‍්ඛූ උච‍්චිනතූති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො එකෙනූනානි පඤ‍්ච අරහන‍්තසතානි උච‍්චිනි. භික‍්ඛූ ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොචුං: අයං භන‍්තෙ ආයස‍්මා ආනන්‍දො කිඤ‍්චාපි සෙක‍්ඛො අභබ‍්බො ඡන්‍දා දොසා මොහා භයා අගතිං ගන‍්තුං. බහු ච අනෙන භගවතො සන‍්තිකෙ ධම‍්මො ච විනයො ච පරියත‍්තො. තෙන හි භන‍්තෙ ථෙරො ආයස‍්මන‍්තම‍්පි ආනන්‍දං උච‍්චිනතූති.

වහන්ස, එසේ නම් තෙරුන් (ඔබ) වහන්සේ භික්‍ෂූන් තෝරා ගන්නාසේක්වා’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එක් නමක් උනු වූ පන්සියයක් රහතුන් වහන්සේ තෝරාගත්සේක. භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “වහන්ස, මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ශෛක්‍ෂ්‍ය වුවත් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයින් අගතියට යෑමට නො සුදුසු ය. මුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්‍මය ද විනය ද උගන්නා ලද්දේ ය. වහන්ස, එහෙයින් (ඔබ) තෙරුන් වහන්සේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේ ද තෝරාගන්නා සේක්වා’යි.

4. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තම‍්පි ආනන්‍දං උච‍්චිනි. අථ ඛො ථෙරානං භික‍්ඛූනං එතදහොසි: කත්‍ථ නු ඛො මයං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායෙය්‍යාමාති. අථ ඛො ථෙරානං භික‍්ඛූනං එතදහොසි: රාජගහං ඛො මහාගොචරං පහූතසෙනාසනං. යන‍්නූන මයං රාජගහෙ වස‍්සං වසන‍්තා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායෙය්‍යාම. න අඤ‍්ඤෙ භික‍්ඛූ රාජගහෙ වස‍්සං උපගච‍්ඡෙය්‍යුන‍්ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො සඞ‍්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉමානි පඤ‍්ච භික‍්ඛුසතානි සම‍්මන‍්නෙය්‍ය රාජගහෙ වස‍්සං වසන‍්තා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං. න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති. එසා ඤත‍්ති.

4. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද තෝරාගත්හ. ඉක්බිති “අපි කොතැන්හි දී ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරමෝ දැ යි ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. “රජගහනුවර වනාහි මහා ගොදුරුගම් ඇත්තේ ය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු නම් ඉතා මැනව. අනිත් භික්‍ෂූ කෙනෙක් රජගහ නුවර වස් නො එළඹෙන්නාහු නම් යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ දැන්වූහ.) “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්‍ෂූන් සම්මත කරන්නේ ය. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු’ය. මේ ඥප්ති යි.

සුණාතු මෙ ආවුසො සඞ‍්ඝො. ඉමානි පඤ‍්චභික‍්ඛුසතානි සම‍්මන‍්නති රාජගහෙ වස‍්සං වසන‍්තානි ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං. න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති. යස‍්සායස‍්මතො ඛමති ඉමෙසං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං සම‍්මුති රාජගහෙ වස‍්සං වසන‍්තානං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං. න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්‍ෂූන් සම්මත කරයි. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. යම් ආයුෂ්මත් කෙනකුහට ‘අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද, සඞ්ගායනා කිරීමට සම්මත කිරීම’ රුචි වේ නම් උන් වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන් වහන්සේ කියන්නාහ.

සම‍්මතානි සඞ‍්ඝෙන ඉමානි පඤ‍්චභික‍්ඛුසතානි රාජගහෙ වස‍්සං වසන‍්තා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං. න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දේ ය. අනිත් භික්‍ෂූන් රජගහ නුවර වස් නො විසියයුතු ය. (මෙය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි යි.

5. අථ ඛො ථෙරා භික‍්ඛූ රාජගහං අගමංසු ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං. අථ ඛො ථෙරානං භික‍්ඛූනං එතදහොසි: භගවතා ඛො ආවුසො ඛණ‍්ඩඵුල‍්ලපටිසඞ‍්ඛරණං වණ‍්ණිතං. හන්‍ද මයං ආවුසො පඨමං මාසං ඛණ‍්ඩඵුල‍්ලං පටිසඞ‍්ඛරොම. මජ‍්ඣිමං මාසං සන‍්නිපතිත්‍වා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිස‍්සාමාති. අථ ඛො ථෙරා භික‍්ඛූ පඨමං මාසං ඛණ‍්ඩඵුල‍්ලං පටිසඞ‍්ඛරිංසු. අථ ඛො ආයස‍්මා ආනන්‍දො ස‍්වෙ සන‍්නිපාතො, න ඛො මෙතං පතිරූපං යොහං සෙඛො සමානො සන‍්නිපාතං ගච‍්ඡෙය්‍යන‍්ති බහුදෙවරත‍්තිං කායගතාය සතියා වීතිනාමෙත්‍වා රත‍්තියා පච‍්චූසසමයං නිපජ‍්ජිස‍්සාමීති කායං ආවජ‍්ජෙසි. අප‍්පත‍්තං ච සීසං බිම‍්බොහනං, භූමිතො ච පාදා මුත‍්තා, එතස‍්මිං අන‍්තරෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අරහා සමානො සන‍්නිපාතං අගමාසි.

5. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට රජගහ නුවරට වැඩියාහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්‍ණනා කරන ලද්දේ ය. එහෙයින් ඇවැත්නි, අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු”යි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හෙට රැස්වීම ය. මම සේඛ වූයේ ම (රහත් නො වූයේ) රැස්වීමට යන්නෙම් නම් එය මට නිසි නො වේ යි (සලකා) රාත්‍රියෙහි බොහෝ වේලාවක් කාගීයාසිහියෙන් ගත කොට රාත්‍රිය පහන් වන වේලායෙහි හෝනෙමි යි (සිතා) කය හැරවූහ. හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෙන් ද පොළොවෙන් මිදුණාහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආස්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රහත් වූවාහු ම රැස්වීමට වැඩිසේක.

6. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො සඞ‍්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං අහං උපාලිං විනයං පුච‍්ඡෙය්‍යන‍්ති. ආයස‍්මාපි උපාලි සඞ‍්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං අහං ආයස‍්මතා මහාකස‍්සපෙන විනයං පුට‍්ඨො විස‍්සජ‍්ජෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං උපාලිං එතදවොච: පඨමං ආවුසො උපාලි පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති. වෙසාලියං භන‍්තෙති. කං ආරබ‍්භාති. සුදින‍්නං කලන්‍දපුත‍්තං ආරබ‍්භාති. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති. මෙථුනධම‍්මෙති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං උපාලිං පඨමස‍්ස පාරාජිකස‍්ස වත්‍ථුම‍්පි පුච‍්ඡි, නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි, පඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, අනුපඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, ආපත‍්තිම‍්පි පුච‍්ඡි, අනාපත‍්තිම‍්පි පුච‍්ඡි.

6. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යසප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් විනය පිළි විසින්නෙමි යි. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ද සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ‘වහන්ස සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් විනය පුළුවුස්නාලද්දෙම් විසඳන්නෙමි’ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ඇවැත උපාලි, පළමු පාරාජිකාව කොහිදී පනවනලද දැ යි. වහන්ස, වෙසා ලියෙහි දී යැ යි. කවරකු ඇරබැ දැයි, සුදිත්ත කලන්‍දපුත්‍ර ඇරබැ යයි. කිනම් වස්තුවෙක දැ යි. මෛථුනධර්මයෙහි යයි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලිගෙන් ප්‍රථම පාරාජිකාවෙහි වස්තුව ද පිළිවිසූහ. නිදානය ද පිළිවිසූහ. පුද්ගලයා ද පිළිවිසූහ. ප්‍රඥප්තිය ද පිළිවිසූහ. අනුප්‍රඥප්තිය ද පිළිවිසූහ. ආපත්තිය ද පිළිවිසූහ. අනාපත්තිය ද පිළිවිසූහ.

7. දුතියම‍්පනාවුසො උපාලි පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති. රාජගහෙ භන‍්තෙති. කං ආරබ‍්භාති. ධනියං කුම‍්භකාරපුත‍්තං ආරබ‍්භාති. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති. අදින‍්නාදානෙති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං උපාලිං දුතියස‍්ස පාරාජිකස‍්ස වත්‍ථුම‍්පි පුච‍්ඡි, නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි, පඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, අනුපඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, ආපත‍්තිම‍්පි පුච‍්ඡි, අනාපත‍්තිම‍්පි පුච‍්ඡි.

7. ඇවත උපාලි, දෙවැනි පාරාජිකාව කොහි දී පනවන ලද දැයි වහන්ස, රජගහනුවර දීය යි. කවරකු ඇරබ දැ යි. ධනිය කුමහකාර පුතු ඇරබ යැ යි. කවර වස්තුවක දැ යි. නො දුන් දෙය ගැනීමෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශාසප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් දෙවැනි පාරාජිකාවෙහී වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. ආනාපත්තීය ද ඇසූහ.

තතියම‍්පනාවුසො උපාලි පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති. වෙසාලියං භන‍්තෙති. කං ආරබ‍්භාති. සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භාති. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති. මනුස‍්සවිග‍්ගහෙති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං උපාලිං තතියස‍්ස පාරාජිකස‍්ස වත්‍ථුම‍්පි පුච‍්ඡි, නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි, පඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, අනුපඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, ආපත‍්තිම‍්පි පුච‍්ඡි, අනාපත‍්තිම‍්පි පුච‍්ඡි.

ඇවත උපාලි, තුන්වැනි පාරාජිකාව කොහි දී පනවනලද දැ යි. වහන්ස, වේසාලියෙහි දී යැ යි. කවරකු ඇරබ දැ යි. බොහෝ භික්‍ෂූන් ඇරබ යැ යි. කවර වස්තුවෙක දැ යි. මනුෂ්‍ය විග්‍රහයෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් තුන්වැනි පාරාජිකාවෙහි වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයාද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. අනාපත්තිය ද ඇසූහ.

චතුත්‍ථම‍්පනාවුසො උපාලි පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති. වෙසාලියං භන‍්තෙති. කං ආරබ‍්භාති. වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ ආරබ‍්භාති. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති. උත‍්තරිමනුස‍්සධම‍්මෙති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං උපාලිං චතුත්‍ථස‍්ස පාරාජිකස‍්ස වත්‍ථුම‍්පි පුච‍්ඡි, නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි, පඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, අනුපඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, ආපත‍්තිම‍්පි පුච‍්ඡි, අනාපත‍්තිම‍්පි පුච‍්ඡි. එතෙනෙව උපායෙන උභතො විභඞ‍්ගෙ පුච‍්ඡි. පුට‍්ඨො පුට‍්ඨො ආයස‍්මා උපාලි විස‍්සජ‍්ජෙසි.

ඇවත උපාලි, සිවුවැනි පාරාජිකාව කොහි දී පනවනලද දැ යි. වහන්ස, වේසාලියෙහි දී යැ යි. කවරකු ඇරබ දැ යි. වග්ගුමුදාතීරිය භික්‍ෂූන් ඇරබ යැ යි. කවර වස්තුවෙක දැ යි. උත්තරිමනුස්ස ධර්‍මයෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන්ගෙන් සිවුවැනි පාරාජිකාවෙහි වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. අනාපත්තිය ද ඇසූහ. මේ ක්‍රමයෙන් ම උභය විභඞ්ගය ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසඳුහ.

8. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො සඞ‍්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං අහං අයස‍්මන‍්තං ආනන්‍දං ධම‍්මං පුච‍්ඡෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො සඞ‍්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං අහං ආයස‍්මතා මහාකස‍්සපෙන ධම‍්මං පුට‍්ඨො විස‍්සජ‍්ජෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: බ්‍රහ‍්මජාලං ආවුසො ආනන්‍ද කත්‍ථ භාසිතන‍්ති. අන‍්තරා ච භන‍්තෙ රාජගහං අන‍්තරා ච නාලන්‍දං රාජාගාරකෙ අම‍්බලට‍්ඨිකායන‍්ති. කං ආරබ‍්භාති. සුප‍්පියඤ‍්ච පරිබ‍්බාජකං බ්‍රහ‍්මදත‍්තඤ‍්ච මාණවන‍්ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං ආනන්‍දං බ්‍රහ‍්මජාලස‍්ස නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි.

8. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් ධර්‍මය පිළිවිසින්නෙමි යි ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් ධර්‍මය පිළිවිසින ලද්දෙම් විසඳන්නෙමි’ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ඇවත, ආනන්‍දයෙනි, බ්‍රහ්මජාලය කොහිදී දෙසන ලද දැ යි. වහන්ස, රාජගහ-නාළන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නම් උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය යි. කවරකු ඇරබ දැ යි. සුප්පිය පරිබාජකයා ද බ්‍රහ්මදත්ත මාණවකයා ද ඇරබයැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන්ගෙන් බ්‍රහ්මජාලයෙහි නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ.

සාමඤ‍්ඤඵලං පනාවුසො ආනන්‍ද කත්‍ථ භාසිතන‍්ති. රාජගහෙ භන‍්තෙ ජීවකම‍්බවනෙති. කෙන සද‍්ධින‍්ති. අජාතසත‍්තුනා වෙදෙහිපුත‍්තෙන සද‍්ධින‍්ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං ආනන්‍දං සාමඤ‍්ඤඵලස‍්ස නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි. එතෙනෙව උපායෙන පඤ‍්චපි නිකායෙ පුච‍්ඡි. පුට‍්ඨො පුට‍්ඨො ආයස‍්මා ආනන්‍දො විස‍්සජ‍්ජෙසි.

ඇවත ආනන්‍දයෙනි, සාමඤ්ඤඵල (සූත්‍රය) ය කොතැන දී දෙසනලද දැ යි. වහන්ස, රජගහ නුවර ජීවකගේ අඹ වෙනෙහි දී යයි. කවරකු සමග දැ යි. වේදේහිපුත්‍ර වූ අජාතසත්තු රජු සමග යයි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් සාමඤ්ඤඵල සූත්‍රයෙහි නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. මේ ක්‍රමයෙන් ම නිකාය පස ම ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසඳුහ.