යෙදුමෙන් කියවන්න

බ්‍රහ‍්මදණ‍්ඩකථා

බ්‍රහ‍්මදණ‍්ඩකථා

බ්‍රහ්මදණ්ඩ කථාව

13. අථ ඛො ආයස‍්මා ආනන්‍දො ථෙරෙ භික‍්ඛූ එතදවොච: භගවා මං භන‍්තෙ පරිනිබ‍්බානකාලෙ එවමාහ: තෙනහානන්‍ද සඞ‍්ඝො මමච‍්චයෙන ඡන‍්නස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩං ආණාපෙතූති. පුච‍්ඡි පන ත්‍වං ආවුසො ආනන්‍ද භගවන‍්තං කතමො ච පන භන‍්තෙ බ්‍රහ‍්මදණ‍්ඩොති. පුච‍්ඡිං ඛො අහං භන‍්තෙ භගවන‍්තං කතමො පන භන‍්තෙ බ්‍රහ‍්මදණ‍්ඩොති. ඡන‍්නො ආනන්‍ද භික‍්ඛු යං ඉච‍්ඡෙය්‍ය තං වදෙය්‍ය. භික‍්ඛූහි ඡන‍්නො භික‍්ඛු නෙව වත‍්තබ‍්බො. න ඔවදිතබ‍්බො. නානුසාසිතබ‍්බොති. තෙනහාවුසො ආනන්‍ද ත්‍වඤ‍්ඤෙව ඡන‍්නස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩං ආණාපෙහීති.

13. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පරිනිර්‍වාණ කාලයෙහි මට මෙසේ වදාළසේක: ආනන්‍ද, එසේ වී නම් මා ඇවෑමෙන් සඞ්ඝයා ඡන්න භික්‍ෂූහට බ්‍රහ්මදණ්ඩය අණ කෙරේවා’යි. ඇවැත් ආනන්‍දයෙනි, “වහන්ස බ්‍රහ්මදණඩය නම් කවරේ දැ”යි තෙපි භාග්‍යයවතුන් වහන්සේ විචාළහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන්, “වහන්ස, බ්‍රහ්මදණ්ඩය නම් කවරේ දැ”යි විචාළෙමි. ආනන්‍ද, ඡන්න භික්‍ෂූ තෙම යමක් කැමැති නම් එය කියන්නේ ය. භික්‍ෂූන් විසින් ඡන්න භික්‍ෂුතෙම නො ම බිණියයුතු ය. ඔවදන් නොකළයුතු ය. අනුශාසනය නො කළයුතු යි. ඇවත් ආනන්‍දයෙනි, එසේ වී නම් තෙපි ම ඡන්න භික්‍ෂූවට බ්‍රහ්මදණ්ඩය අණ කරව’යි.

කථාහං භන‍්තෙ ඡන‍්නස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩං ආණාපෙමි? චණ‍්ඩො සො භික‍්ඛු ඵරුසොති. තෙනහාවුසො ආනන්‍ද බහුකෙහි භික‍්ඛූහි සද‍්ධිං ගච‍්ඡාහීති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා ආනන්‍දො ථෙරානං භික‍්ඛූනං පටිස‍්සුත්‍වා මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහි නාවාය කොසම‍්බිං උජ‍්ජවි. නාවාය පච‍්චොරොහිත්‍වා රඤ‍්ඤො උදෙනස‍්ස උය්‍යානස‍්ස අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි.

වහන්ස, මම කෙසේ ඡන්න භික්‍ෂූවට බ්‍රහ්මදණ්ඩය අණ කෙරෙම් ද? ඒ මහණ චණ්ඩ ය, පරුෂ යයි. ඇවැත් ආනන්‍දයෙනි, එසේ වී නම් බොහෝ භික්‍ෂූන් සමග යව’යි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට එසේ ය. වහන්සැ’ යි පිළිවදන් දී පන්සියක් පමණ වූ මහත් භික්‍ෂූපිරිසක් සමග නැවෙන් කොසඹෑ නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස උදේන රජුගේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.

14. තෙන ඛො පන සමයෙන රාජා උදෙනො උය්‍යානෙ පරිචාරෙති සද‍්ධිං ඔරොධෙන. අස‍්සොසි ඛො රඤ‍්ඤො උදෙනස‍්ස ඔරොධො අම‍්හාකං කිර ආචරියො අය්‍යො ආනන්‍දො උය්‍යානස‍්ස අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නොති. අථ ඛො රඤ‍්ඤො උදෙනස‍්ස ඔරොධො රාජානං උදෙනං එතදවොච: අම‍්හාකං කිර දෙව ආචරියො අය්‍යො ආනන්‍දො උය්‍යානස‍්ස අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නො. ඉච‍්ඡාම මයං දෙව අය්‍යං ආනන්‍දං පස‍්සිතුන‍්ති. තෙන හි තුම‍්හෙ සමණං ආනන්‍දං පස‍්සථාති.

14. එසමයෙහි උදේන රජ අන්තඃපුර ජනයා සමග උයනෙහි හැසිරෙයි. උදේන රජුගේ අන්තඃපුර ජනයා “අපගේ ආචාර්‍ය්‍ය වූ ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්සේකැ”යි ඇසී ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා උදේන රජහට මෙසේ කී ය: “දේවයන් වහන්ස, අපගේ ආචාර්‍ය්‍ය වූ ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක් මුලෙක හුන්සේක. දේවයන් වහන්ස, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ දක්නට කැමැත්තම්හ”යි. එසේ නම් තෙපි ආනන්‍ද ශ්‍රමණයා දකිවුයි.

අථ ඛො රඤ‍්ඤො උදෙනස‍්ස ඔරොධො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රඤ‍්ඤො උදෙනස‍්ස ඔරොධං ආයස‍්මා ආනන්‍දො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි, සමාදපෙසි, සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො රඤ‍්ඤො උදෙනස‍්ස ඔරොධො ආයස‍්මතා ආනන්‍දෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො ආයස‍්මතො ආනන්‍දස‍්ස පඤ‍්ච උත‍්තරාසඞ‍්ගසතානි පාදාසි. අථ ඛො රඤ‍්ඤො උදෙනස‍්ස ඔරොධො ආයස‍්මතො ආනන්‍දස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන රාජා උදෙනො තෙනුපසඞ‍්කමි.

ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වූ උදේන රජුගේ අන්තඃපුර ජනයාට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැහැමි කථාවෙන් මොනොවට කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද, සමාදන් කරවනලද, තෙදගන්වන ලද, සතුටු කරවන ලද උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උතුරුසළු පන්සියයක් ප්‍රදානය කෙළේ ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ භාෂිතයට සතුටු වී අනුමෝදන් වී හුනස්නෙන් නැඟී ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ පැදකුණු කොට උදෙනරජ යම් තැනක ද එතැනට එළඹියේ ය.

අද‍්දසා ඛො රාජා උදෙනො ඔරොධං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන ඔරොධං එතදවොච: අපි නු තුම‍්හෙ සමණං ආනන්‍දං පස‍්සිත්‍ථාති. අපස‍්සිම‍්හා ඛො මයං දෙව අය්‍යං ආනන්‍දන‍්ති. අපි නු තුම‍්හෙ සමණස‍්ස ආනන්‍දස‍්ස කිඤ‍්චි අදත්‍ථාති. අදම‍්හා ඛො මයං දෙව අය්‍යස‍්ස ආනන්‍දස‍්ස පඤ‍්චඋත‍්තරාසඞ‍්ගසතානීති. රාජා උදෙනො උජ‍්ඣායති ඛීයති විපාචෙති: කථං හි නාම සමණො ආනන්‍දො තාව බහුං චීවරං පටිග‍්ගහෙස‍්සති. දුස‍්සවණිජ‍්ජං වා සමණො ආනන්‍දො කරිස‍්සති පග‍්ගාහිකසාලං වා පසාරෙස‍්සතීති.

උදේන රජ එන්නා වූ අන්තඃපුර ජනයා දුරදී ම දුටුවේ ය. දැක අන්තඃපුර ජනයාට මෙය කී ය: “තෙපි ශ්‍රමණ ආනන්‍ද දුටු දැ”යි. “දේවයිනි, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් දුටුම්හ යි”. තෙපි ශ්‍රමණ ආනන්දට කිසිවක් දුන්නු දැ යි. දේවයිනි, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේට උතුරුසළු පන්සියයක් දුනුම්හ’යි. කෙසේ නම් ශ්‍රමණ ආනන්‍ද තෙම එපමණ බොහෝ සිවුරු පිළිගත්තේ ද. ශ්‍රමණ ආනන්‍ද තෙම රෙදි වෙළඳාම හෝ කරන්නේ ද, රෙදි වෙළඳ හලක් විවෘත කරන්නේ දැ යි. උදේන රජ එය ලමු කොට සිතයි. නුගුණ කියයි. දොස් පතුරුවයි.

15. අථ ඛො රාජා උදෙනො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා උදෙනො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: ආගමා නු ඛොධ භො ආනන්‍ද අම‍්හාකං ඔරොධොති.

15. ඉක්බිති උදේන රජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උදෙනරජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට “භවත් ආනන්‍දයෙනි, අපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ දැ’යි මෙය කී ය.

ආගමා ඛො තෙධ මහාරාජ ඔරොධොති”.

මහරජ තොපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ යැ’යි.

“අපි පන භොතො ආනන්‍දස‍්ස කිඤ‍්චි අදාසීති”.

භවත් ආනන්‍දහට කිසිවක් දුන්නේ දැ’යි.

“අදාසි ඛො මෙ මහාරාජ පඤ‍්චඋත‍්තරාසඞ‍්ගසතානී”ති.

මහරජ මට උතුරුසළු පන්සියක් දුන්නේ යැ’යි,

“කිම‍්පන භවං ආනන්‍දො තාව බහුං චීවරං කරිස‍්සතී”ති.

භවත් ආනන්‍ද තෙම එපමණ බොහෝ සිවුරු කුමක් කරන්නේ දැ’යි.

යෙ පන තෙ මහාරාජ භික‍්ඛූ දුබ‍්බලචීවරා තෙහි සද‍්ධිං සංවිභජිස‍්සාමීති.

මහරජ, යම් භික්‍ෂූ කෙනෙක් දුබල සිවුරු ඇත්තාහු ද ඔවුන් සමග බෙදාගන්නෙමි’ යි.

යානි ඛො පන භො ආනන්‍ද පොරාණකානි දුබ‍්බලචීවරානි තානි කථං කරිස‍්සථාති.

භවත් ආනන්‍දයෙනි, යම් පැරණි දුබල සිවුරු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.

තානි මහාරාජ උත‍්තරත්‍ථරණං කරිස‍්සාමාති.

මහරජ, ඒවා ඇතිරිලි කරන්නෙමු’යි.

යානි පන භො ආනන්‍ද පොරාණකානි උත‍්තරත්‍ථරණානි තානි කථං කරිස‍්සථාති.

භවත් ආනන්‍දයෙනි, යම් පැරණි ඇතිරිලි වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.

තානි මහාරාජ භිසිච‍්ඡවියො කරිස‍්සාමාති.

මහරජ, ඒවා බිසිඋර (බිසිවලට දමන උර) කරන්නෙමු’යි.

යානි පන භො ආනන්‍ද පොරාණකානි භිසිච‍්ඡවියො තානි කථං කරිස‍්සථාති.

භවත් ආනන්‍දයෙනි, යම් පැරණි බිසිඋර වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.

තානි මහාරාජ භුම‍්මත්‍ථරණං කරිස‍්සාමාති.

මහරජ, ඒවා බුමුතුරුණු කරන්නෙමු’යි.

යානි පන භො ආනන්‍ද පොරාණකානි භුම‍්මත්‍ථරණානි තානි කථං කරිස‍්සථාති.

භවත් ආනන්‍දයෙනි, යම් පැරණි බුමුතුරුණු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.

තානි මහාරාජ පාදපුඤ‍්ඡනියො කරිස‍්සාමාති.

මහරජ ඒවා පාපිසි කරන්නෙමු’යි.

යා පන භො ආනන්‍ද පොරාණකා පාදපුඤ‍්ඡනියො තා කථං කරිස‍්සථාති.

භවත් ආනන්‍දයෙනි, යම් පැරණි පාපිසි වෙත් ද, ඒවා කෙසේ කරන්නහු දැ’යි.

තා මහාරාජ රජොහරණං කරිස‍්සාමාති.

මහරජ, ඒවා රජස් හරණ කඩ කරන්නෙමු’යි.

යානි පන භො ආනන්‍ද පොරාණකානි රජොහරණානි තානි කථං කරිස‍්සථාති.

භවත් ආනන්‍දයෙනි, යම් පැරණි රජස් හරණ කඩ වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ යි.

තානි මහාරාජ කොට‍්ටෙත්‍වා චික‍්ඛල‍්ලෙන මද‍්දිත්‍වා පරිභණ‍්ඩං ලිම‍්පිස‍්සාමාති.

මහරජ, ඒවා කොටා මැටි සමග අනා පිරිබඩ ආලේප කරන්නෙමු’යි.

අථ ඛො රාජා උදෙනො සබ‍්බෙවිමෙ සමණා සක්‍යපුත‍්තියා යොනිසො උපනෙන‍්ති. න කුලවං ගමෙන‍්තීති ආයස‍්මතො ආනන්‍දස‍්ස අඤ‍්ඤානිපි පඤ‍්ච දුස‍්සසතානි පාදාසි. අයං චරහි ආයස‍්මතො ආනන්‍දස‍්ස පඨමං චීවරභික‍්ඛා උප‍්පජ‍්ජි චීවරසහස‍්සං.

ඉක්බිති උදේන රජ “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ සියල්ල ම නුවණින් යොදවත්, ගබඩාවට නො යවතැ යි (සලකා) ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අනිත් වස්ත්‍රපන්සියක් ද ප්‍රදානය කෙළේ ය. මේ වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට සිවුරු දහසෙක් වූ පළමු චීවර භික්‍ෂාව උපන.

16. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන ඝොසිතාරාමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස‍්මා ඡන‍්නො යෙන ආයස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ඡන‍්නං ආයස‍්මා ආනන්‍දො එතදවොච: සඞ‍්ඝෙන තෙ ආවුසො ඡන‍්න බ්‍රහ‍්මදණ‍්ඩො ආණත‍්තොති. කතමො පන භන‍්තෙ ආනන්‍ද බ්‍රහ‍්මදණ‍්ඩොති.

16. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඝෝෂිතාරාමය යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ පැනවූ අස්නෙහි හුන්සේක. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශකළ සේක. “ඇවත් ඡන්නයෙනි, සඞ්ඝයා විසින් තොපට බ්‍රහ්මදණඬය පණවන ලදැ’යි. වහන්ස ආනන්‍දයෙනි, බ්‍රහ්මදණ්ඩය නම් කවරේ දැ’යි,

ත්‍වං ආවුසො ඡන‍්න භික‍්ඛූ යං ඉච‍්ඡෙය්‍යාසි තං වදෙය්‍යාසි. භික‍්ඛූහි ත්‍වං නෙව වත‍්තබ‍්බො න ඔවදිතබ‍්බො නානුසාසිතබ‍්බොති. නන්‍වාහං භන‍්තෙ ආනන්‍ද හතො එත‍්තාවතා යතොහං භික‍්ඛූහි නෙව වත‍්තබ‍්බො න ඔවදිතබ‍්බො නානුසාසිතබ‍්බොති- තත්‍ථෙව මුච‍්ඡිතො පපති.

ඇවැත් ඡන්නයෙනි. තෙපි යමක් කැමැති නම් එය භික්‍ෂූන්ට කියන්නහුය. (එහෙත්) භික්‍ෂූන් විසින් තෙපි නො බිණියයුත්තනු ය අවවාද නො කළයුත්තහු ය අනුශාසනා නො කළයුත්තහු ය යි. වහන්ස ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මම භික්‍ෂූන් විසින් නො බිණිය යුත්තෙම් ද, අවවාද නො කළයුත්තෙම් ද, අනුසාසනා නො කළයුත්තෙම් ද, මෙපමණකින් මම නටුයේ නො වෙම් දැ’යි (කියා) මූර්ඡිත ව එහි ම වැටුණේ ය.

17. අථ ඛො ආයස‍්මා ඡන‍්නො බ්‍රහ‍්මදණ‍්ඩෙන අට‍්ටීයමානො හරායමානො ජිගුච‍්ඡමානො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො නචිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා ඡන‍්නො අරහතං අහොසි.

17. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ බ්‍රහ්මදණඩයෙන් පෙළෙනු ලබන්නේ ලජ්ජා කරනුලබන්නේ පිළිකුල් කරනු ලබන්නේ එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමා වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ කෙලෙස් තැවීමෙහි යොදන ලද සිත් ඇති ව වෙසෙන්නේ නො බෝ කලෙකින් ම යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම අනගාරික වූ ශාසනයෙහි පැවිදි වෙත් ද අනුත්තර වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවර කොට ඇති ඒ ධර්‍මය ඉහාත්මයෙහි දී ම තමා ම දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ විසූහ. ඉපදීම ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ භවයෙන් මතු අනිත් භවයෙක් නැතැ යි වෙසෙසින් ම දත්හ. ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක් නමක් වූහ.

අථ ඛො ආයස‍්මා ඡන‍්නො අරහත‍්තං පත‍්තො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: පටිප‍්පස‍්සම‍්භෙහි දානි මෙ භන‍්තෙ ආනන්‍ද බ්‍රහ‍්මදණ‍්ඩන‍්ති. යදග‍්ගෙන තයා ආවුසො ඡන‍්න අරහත‍්තං සච‍්ඡිකතං තදග‍්ගෙන තෙ බ්‍රහ‍්මදණ‍්ඩො පටිප‍්පස‍්සද‍්ධොති.

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ රහත්බවට පැමිණිසේක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීහ: වහන්ස, ආනන්‍දයෙනි දැන් මාගේ බ්‍රහ්මදණ්ඩය සන්සිඳුවනු මැනවැ’යි. ඇවැත් ඡන්නයෙනි, යම් කලෙක තොප විසින් රහත්බව සාක්‍ෂාත් කරනලද ද එකල තොපගේ බ්‍රහ්මදණඩය සන්හිඳුණේ යි.

ඉමාය ඛො පන විනයසඞ‍්ගීතියා පඤ‍්ච භික‍්ඛුසතානි අනූනානි අනධිකානි අහෙසුං. තස‍්මා අයං විනයසඞ‍්ගීති පඤ‍්චසතිකාති වුච‍්චතීති.

මේ විනය සංගීතියට අඩු වැඩි නො වූ පන්සියක් භික්‍ෂූහු වූහ. එහෙයින් මේ විනය සංගීතිය පඤ්චසතිකා යි කියනු ලැබේ යි.

පඤ‍්චසතිකක‍්ඛන්‍ධකං එකාදසමං.

එකොළොස්වැනි පඤ්චසතිකක්ඛන්‍ධක යි.

ඉමම‍්හි ඛන්‍ධකෙ වත්‍ථු තෙවීසති

මේ ඛන්‍ධකයෙහි වස්තු තෙවිස්සෙකි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

1. පරිනිබ‍්බුතම‍්හි සම‍්බුද‍්ධෙ ථෙරො කස‍්සපසව‍්හයො ආමන‍්තයී භික‍්ඛුගණං සද‍්ධම‍්මමනුපාලකො.

1. සම්බුදුන් පිරිනිවි කල්හි සද්ධර්‍මයෙහි අනුපාලක වූ කාශ්‍යප නම් තෙරුන් වහන්සේ භික්‍ෂූ සමූහයා ඇමතූසේක.

2. පාවායද‍්ධානමග‍්ගම‍්හි සුභද‍්දෙන පවෙදිතං සඞ‍්ගායිස‍්සාම සද‍්ධම‍්මං අධම‍්මො පුරෙ දිප‍්පති.

2. පාවා නුවරට යන දීර්‍ඝ මාර්‍ගයෙහි සුභද්ද විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. අධර්‍මය බැබළීමට පෙර සද්ධර්‍මය සංගායනා කරම්හ. (යනු ද.)

3. එකෙනූනපඤ‍්චසතං ආනන්‍දම‍්පි ච උච‍්චිනි ධම‍්මවිනයසඞ‍්ගීතිං වසන‍්තො ගුහමුත‍්තමෙ.

3. එක් නමක් අඩු පන්සියක් ද ආනන්‍ද තෙරුන් ද තෝරා ගත්හ. උතුම් ගුහායෙහි වෙසෙමින් ධර්‍මවිනය සංගායනා කිරීම ද,

4. උපාලිං විනයං පුච‍්ඡි සුත‍්තන‍්තානන්‍දපණ‍්ඩිතං පිටකං තීණි සඞ‍්ගීතිං අකංසු ජිනසාවකා.

4. උපාලි තෙරුන් විනය ද පණ්ඩිත ආනන්‍ද තෙරුන් සූත්‍රාන්තය ද විචාළහ. ජිනශ්‍රාවකයන් වහන්සේලා තුන් පිටකය සංගායනා කළහ.

5. ඛුද‍්දානුඛුද‍්දකා නානා යථා පඤ‍්ඤත‍්ති වත‍්තනා න පුච‍්ඡි අක‍්කමිත්‍වා ච වන්‍දාපෙසි න යාචි ච පබ‍්බජ‍්ජං මාතුගාමස‍්ස සද‍්ධාය දුක‍්කටානිමෙ

5. ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද පිළිබඳ විවිධ මත, පැනවීම අනුව පැවැත් වීම, (ඛුද්දානුඛුද්දක කවරේ දැ යි) නො ඇසීම, ඇක්මීම, වැන්දවීම, නො යැදීම, මාගම් පැවිද්ද යන මේවා (තෙරවරුන්ගේ වචනය) ඇදහීම නිසා දුෂ්කෘත යැ’යි කීම,

6. පුරාණො බ්‍රහ‍්මදණ‍්ඩං ච ඔරොධො උදෙනෙන සහ තාව බහූ දුබ‍්බලං ච උත‍්තරත්‍ථරණා භිසි.

6. පුරාණ තෙර ය, බ්‍රහ්මදණ්ඩ ය, උදේන රජු සහ අන්තඃපුර ජනයා ය, බොහෝ සිවුරු ය, දුබල සිවුරු ය, ඇතිරිලිය, බිසිය,

7. භුම‍්මත්‍ථරණා පුඤ‍්ඡනියො රජො චික‍්ඛල‍්ලමද‍්දනා සහස‍්සචීවරුප‍්පජ‍්ජි පඨමානන්‍දසව‍්හයා.

7. බුමුතුරුණු ය, පාපිස්නා ය, රජස් හරණ ය, මැටි සමග මැඩීම ය, අනඳ තෙරුන්ට පළමුවරට දහසක් සිවුරු ඇතිවීම ය.

8. තජ‍්ජිතො බ්‍රහ‍්මදණ‍්ඩෙන චතුස‍්සච‍්චං අපාපුණි වසීභූතා පඤ‍්චසතා තස‍්මා පඤ‍්චසතී ඉති.

8. බ්‍රහ්මදණඩයෙන් තර්‍ජනය කිරීම ය. චතුස්සතාස ය අවබෝධ කිරීම, පන්සියක් රහතුන් වූ හෙයින් පඤ්චසතී යැ’යි ව්‍යවහාර කිරීම ද වේ.