සත්තසතිකක්ඛන්ධකං
12.
12.
සත්තසතිකක්ඛන්ධකං
සත්තසතිකක්ඛන්ධකය
පඨම භාණවාරං
පළමු බණවර
1. තෙන ඛො පන සමයෙන වස්සසතපරිනිබ්බුතෙ භගවති වෙසාලිකාවජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථුනි දීපෙන්ති: කප්පති සිඞ්ගිලොණකප්පො. කප්පති ද්වඞ්ගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලොගිපාතුං, කප්පති අදසකං නිසීදනං. කප්පති ජාතරූපරජතන්ති.
1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සියක් අවුරුදු ගත වූ කල්හි විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු විශාලා නුවර දශවස්තුවක් ප්‍රකාශ කෙරෙත්. එනම් සිඞ්ගිලොණකප්පය (අඟෙහි තබා ගත් ලුණු යාවකාලික වස්තු සමග වැළඳීම) කැප ය, ද්වංගුලකප්පය (ඉර හැරුණු පසු ඡායාව දෑඟුල් ඉක්මෙන තෙක් දන් වැළඳීම) කැප ය, ගාමන්තර කප්පය (වළඳා පැවැරූ භික්ෂූව විසින් අන් ගමකට යමැ යි අනතිරික්ත භෝජනය වැළඳීම) කැප ය, ආවාසකප්ප ය (එක් සීමාවක් ඇතුළත නොයෙක් ආවාසයන්හි වෙන වෙන ම පොහෝ පවුරුණු කිරීම) කැප ය, අනුමතිකප්පය (අත්පසට නො පැමිණ සීමාව ඇතුළත සිටි භික්ෂූන්ගේ ඡන්දය පසුව ගන්නෙමුයි කියා පොහෝ පවුරුණු ආදිය කිරීම) කැප ය, ආචිණ්ණකප්පය (ආචාර්ය්ය උපාධ්‍යායයන් විසින් පුරුදු කරන ලද සියල්ල එසේ කිරීම) කැප ය, අමථීතකප්පය (භෝජන පවාරණය කොට නො කළඹන ලද දී වැළඳීම) කැප ය, නො පැසුණු සුරා පානය කැප ය, දාවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය යන මොහුයි.
2. තෙන ඛො පන සමයෙන ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වජ්ජීසු චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තදහුපොසථෙ කංසපාතිං උදකෙන පූරෙත්වා මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස ඨපෙත්වා ආගතාගතෙ වෙසාලිකෙ උපාසකෙ එවං වදෙන්ති: දෙථාවුසො සඞ්ඝස්ස කහාපණම්පි අඩ්ඪම්පි පාදම්පි මාසකරූපම්පි. භවිස්සති සඞ්ඝස්ස පරික්ඛාරෙන කරණීයන්ති. එවං වුත්තෙ ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලිකෙ උපාසකෙ එතදවොච: මාවුසො අදත්ථ සඞ්ඝස්ස කහාපණම්පි අඩ්ඪම්පි පාදම්පි මාසකරූපම්පි. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා, අපෙතජාතරූපරජතාති.
2. එසමයෙහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ වජ්ජි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නාහු විශාලා නුවර යම් තැනෙක ද එහි පැමිණියාහ. එහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වෙසෙති. එකල්හි විශාලා නුවර වැසි වප්ජිපුත්රක භික්ෂූහු ඒ පොහෝ දිනයෙහි රන්බඳුනක් ජලයෙන් පුරවා භික්ෂුසඞ්ඝයා මැද තබා එහි පැමිණි පැමිණි විශාලා නුවර වැසි උපාසකයන්ට මෙසේ කියත්: “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩකහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ දෙවු. සඞ්ඝයාට පිරිකරින් කටයුතු ඇතැ”යි. මෙසේ කී කල්හි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට මෙය කීහ. “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩ කහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ නො දෙවු. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන් රිදී කැප නො වේ. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහු ය. රන්රිදීයෙන් වෙන් වූවාහු ය යි”.
එවම්පි ඛො වෙසාලිකා උපාසකා ආයස්මතා යසෙන කාකණ්ඩකපුත්තෙන වුච්චමානා අදංසු යෙව සඞ්ඝස්ස කහාපණම්පි අඩ්ඪම්පි පාදම්පි මාසකරූපම්පි. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන තං හිරඤ්ඤං භික්ඛග්ගෙන පටිවිංසං ඨපෙත්වා භාජෙසුං.
කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විසින් මෙසේ ද කියනු ලබන්නා වූ විශාලා වැසි උපාසකයෝ සඞ්ඝයාට කහවණු ද අඩකහවණු ද කහවණු පාද ද රන්මසු ද දුන්නාහු ම ය. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු ඒ රාත්‍රිය ඇවෑමෙන් ඒ රන් භික්ෂා වශයෙන් කොටස් තබා බෙදූහ.
3. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ ආයස්මන්තං යසං කාකණ්ඩකපුත්තං එතදවොචුං: එසො තෙ ආවුසො යස හිරඤ්ඤස්ස පටිවිංසොති. නත්ථි මෙ ආවුසො හිරඤ්ඤස්ස පටිවිංසො නාහං හිරඤ්ඤං සාදියාමීති.
3. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේට මෙය කීහු: “ඇවැත් යස ස්ථවිරයෙනි, තෙල තොපගේ රන් කොටස යැ”යි. ඇවැත්නි, මගේ රන් කොටසෙක් නැත. මම රන් නො ඉවසමි යි.
අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ අයං ආවුසො යසො කාකණ්ඩකපුත්තො උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසති, පරිභාසති, අප්පසාදං කරොති. හන්දස්ස මයං පටිසාරණීයකම්මං කරොමාති, තෙ තස්ස පටිසාරණීයකම්මං අකංසු. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලිකෙ වජ්ජිපුත්තකෙ භික්ඛූ එතදවොච: භගවතා ආවුසො පඤ්ඤත්තං පටිසාරණීයකම්මකතස්ස භික්ඛුනො අනුදූතො දාතබ්බොති. දෙථ මෙ ආවුසො අනුදූතං භික්ඛුන්ති. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ එකං භික්ඛුං සම්මන්නිත්වා ආයස්මතො යසස්ස කාකණ්ඩකපුත්තස්ස අනුදූතං අදංසු.
ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු, “ඇවැත්නි, කාකණ්ඩක පුත්‍ර වූ මේ යස (ස්ථවිර) තෙම සැදැහැති, පැහැදුණු, උපාසකයන්ට ආක්‍රෝශ කරයි, පිරිහෙළා බෙණෙයි, නො පැහැදීම ඇති කරයි. එහෙයින් අපි මොහුට පටිසාරණීය කර්මය කරම්හ”යි කියා ඔව්හු උන්වහන්සේට පටිසාරණීය කර්මය කළහ. ඉක්බිති කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, පටිසාරණීය කර්මය කරනලද භික්ෂූවට අනුදුතයෙක් දිය යුත්තේ යැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවනලද්දේ ය, ඇවැත්නි මට අනුදුත වූ භික්ෂූවක් දෙව යි. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු එක් භික්ෂූවක් සම්මත කොට කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන්ට අනුදූතයකු කොට දුන්හ.
4. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො අනුදූතෙන භික්ඛුනා සද්ධිං වෙසාලිං පවිසිත්වා වෙසාලිකෙ උපාසකෙ එතදවොච: අහං කිරායස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි, පරිභාසාමි, අප්පසාදං කරොමි. සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමි.
4. ඉක්බිති කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ අනුදුත භික්ෂුව සමග වේසාලියට පිවිස විශාලා නුවර වැසි උපාසකයන්ට මෙය කීහ. “යම්බඳු වූ මම අධර්මය අධර්ම යැ යි කියම් ද, ධර්මය ධර්ම යැයි කියම් ද අවිනය අවිනයැ යි කියම් ද විනය විනයැ යි කියම් ද ඒ මම සැදැහැති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන්ට ආක්‍රෝශ කෙරෙම් ල පිරිහෙළා බෙණෙම් ල, නො පැහැදීම ඇති කෙරෙම් ල.
එකමිදං ආවුසො සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආවුසො භගවා භික්ඛූ ආමන්තෙසි: චත්තාරො මෙ භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා චන්දිමසූරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. කතමෙ චත්තාරො? අබ්භං භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා චන්දිමසූරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති. මහිකා භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො -පෙ- ධූමරජො භික්ඛවෙ චන්දිමසුරියානං උපක්කිලෙසො -පෙ- රාහු භික්ඛවෙ අසුරින්දො චන්දිමසුරියානං උපක්කිලෙසො යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා චන්දිමසූරියා න තපන්ති න භාසන්ති න විරොචන්ති.
ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් උපක්ලෙශයන්ගෙන් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද පැහැ නො විහිදුවත් ද නො බබළත් ද සඳ හිරු දෙදෙනාට එබඳු උපක්ලේශයෝ සතරෙක් වෙත්. කවර සතරෙක් ද යත්; මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද වලාකුළ සඳහිරු දෙදෙනාට (එබඳු) උපක්ලෙශයෙකි, මහණෙනි,....මීදුම සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි. මහණෙනි,... දුම්රජස (දුම් හා දූවිලි) සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, ... රාහු අසුරිඳු සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද මේ සතර සඳහිරු දෙදෙනාට උපක්ලේශයෙන් වෙත්.
එවමෙව ඛො භික්ඛවෙ චත්තාරොමෙ සමණබ්රාහ්මණානං උපක්කිලෙසායෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති. කතමෙ චත්තාරො? සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සුරං පිවන්ති. මෙරයං පිවන්ති. සුරාමෙරයපානා අප්පටිවිරතා. අයං භික්ඛවෙ පඨමො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති. න භාසන්ති. න විරොචන්ති. පුන ච පරං භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා මෙථුනං ධම්මං පතිසෙවන්ති, මෙථුනධම්මා අප්පටිවිරතා. අයං භික්ඛවෙ දුතියො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො
මහණෙනි, මෙපරිද්දෙන් ම යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද නො බබළත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට එබඳු මේ උපක්ලේශ සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සුරා බොති. මේරය බොති. සුරාමේරය පානයෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්‍රමණ ද බ්‍රාහ්මණයන්ට මේ පළමු උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු (අනිකක් කියමි.)... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මෙවුන්දම් සේවනය කෙරෙත්. මෙවුන් දමින් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ දෙවැනි උපක්ලේශය යි.
-පෙ- පුන ච පරං භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා ජාතරූපරජතං සාදියන්ති ජාතරූපරජතපටිග්ගහණා අප්පටිවිරතා. අයං භික්ඛවෙ තතියො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො -පෙ- පුන ච පරං භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති මිච්ඡාජීවා අප්පටිවිරතා. අයං භික්ඛවෙ චතුත්ථො සමණබ්රාහ්මණානං උපක්කිලෙසො -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සමණබ්රාහ්මණානං උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්තීති. ඉදමවොචාවුසො භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණෙනි, වැළිදු අනිකක් (කියමි.) ... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් රන්රිදී ඉවසත්, රන්රිදී පිළිගැනීමෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ තෙවැනි උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු අනිකක් (කියමි.) ... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව කෙරෙත්. මිථ්‍යා ආජීවයෙන් නොවැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ සිවුවැනි උපක්ලේශය යි. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ (එබඳු) උපක්ලේශ සතර වෙතැ’යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා ඉක්බිති වැළිදු ශාස්තෲන් වහන්සේ මෙය වදාළසේක.
රාගදොසපරික්ලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා අවිජ්ජා නිවුතා පොසා පියරූපාභිනන්දිනො,
ඇතැම් මහණ බමුණෝ රාගයෙන් හා ද්වේෂයෙන් හාත්පසින් කිලුටු වූවාහු අවිද්‍යාවෙන් වැසුණාහු ප්රියරූපයන්හි සතුටුවීම් වශයෙන් ඇලෙන පුරුෂයෝ වූවාහු,
සුරං පිවන්ති මෙරයං පටිසෙවන්ති මෙථුනං රජතං ජාතරූපඤ්ච සාදියන්ති අවිද්දසූ.
නොනුවණින් යුක්ත වූවාහු, සුරා ද මේරය ද බොති. මෙවුන්දම් සෙවිති. රිදී හා රන් ද ඉවසත්.
මිච්ඡාජීවෙන ජීවන්ති එකෙ සමණබ්රාහ්මණා එතෙ උපක්කිලෙසා වුත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
ඇතැම් මහණබමුණේ මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙත්. ආදිත්යබන්ධු වූ බුදුන් විසින් මොහු උපක්ලේශයෝ යී වදාරන ලදහ.
යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්ති අසුද්ධා සරජා මගා.
අපිරිසුදු වූ (කෙලෙස්) රජස් සහිත වූ නොසුදුසු පැවතුම් ඇත්තා වූ ඇතැම් මහණබමුණෝ යම් උපක්ලෙශයන්ගෙන් කිලුටු වූවාහු නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද,
අන්ධකාරෙන ඔනද්ධා තණ්හාදාසා සනෙත්තිකා වඩ්ඪෙන්ති කටසිං ඝොරං ආදියන්ති පුනබ්භවන්ති.
අවිද්‍යා නමැති අන්ධකාරයෙන් වැළඳගන්නා ලද්දා වූ තෘෂ්ණාවට දාස වූ සංසාරයට පමුණුවන තෘෂ්ණාව සහිත වූ (ඔවුහු) පොළොව වඩත්, ඝෙර වූ පුනර්භවය වැළඳගනිත්.
එවංවාදී කිරාහං ආයස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි, පරිභාසාමි, අප්පසාදං කරොමි. සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමි.
මෙසේ කියන්නා වූ මම ශ්රද්ධාවත් පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය (ඇති) කෙරෙම් ල. ඒ මම අධර්මය අධර්ම ය යි කියමි. ධර්මය ධර්ම ය යි කියමි. අවිනය අවිනය යි කියමි. විනය විනය යි කියමී.
5. එකමිදං ආවුසො සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පනාවුසො සමයෙන රාජන්තෙපුරෙ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතන්ති. තෙන ඛො පනාවුසො සමයෙන මණිචූළකො ගාමණී තස්සං පරිසායං නිසින්නො හොති.
5. ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එ සමයෙහි රජුගේ අන්තඃපුරයෙහි රජපිරිසෙහි රැස්ව හුන්නවුන්ගේ මේ අතුරු කථාවෙක් උපන්නේ ය. (එනම්) ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී පිළිගනිත් යනු යි. ඇවැත්නි, එසමයෙහි මණිචූළක ගාමණී ඒ පිරිසෙහි හුන්නේ වෙයි.
අථ ඛො ආවුසො මණිචූළකො ගාමණී තං පරිසං එතදවොච: මා අය්යො එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛි ඛො ආවුසො මණිචූළකො ගාමණී තං පරිසං සඤ්ඤාපෙතුං.
ඇවැත්නි, ඉක්බිති මණිචූළක ගාමණී ඒ පිරිසට මෙය කී ය: “ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියවු, ශ්‍රමණ ශාක්යපුත්රීයයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන් රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන් රිදීයෙන් වැළකුණාහ යි”. ඇවැත්නි, මණිචූළ ගාමණී ඒ පිරිසට (කාරණය) පිළිගන්වන්නට හැකි වූයේ ය.
6. අථ ඛො ආවුසො මණිචූළකො ගාමණී තං පරිසං සඤ්ඤාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආවුසො මණිචූළකො ගාමණී භගවන්තං එතදවොච: ඉධ භන්තෙ රාජන්තෙපුරෙ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතන්ති. එවං වුත්තෙ අහං භන්තෙ තං පරිසං එතදවොචං: මා අය්යො එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛිං ඛො අහං භන්තෙ තං පරිසං සඤ්ඤාපෙතුං. කච්චාහං භන්තෙ එවං ව්යාකරමානො වුත්තවාදී චෙව භගවතො හොමි. න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාමි. ධම්මස්ස චානුධම්මං ව්යාකරොමි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති?
6. ඇවැත්නි, ඉක්බිති මණිචූළක ගාමණී ඒ පිරිසට (කාරණය) පිළිගන්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. ඇවැත්නි, එකත්පසෙක හුන් මණිචූළක ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස මෙහි රජුගේ අන්තඃපුරයෙහි රජපිරිසෙහි රැස්ව හුන්නවුන්ගේ මේ අතුරු කථාවෙක් උපන්නේ ය. (එනම්) ශ්‍රමණ ශාක්යපුත්රීයයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී පිළිගනිත්. (යනුයි.) මෙසේ කී කල්හි වහන්ස, ඒ පිරිසට මම මෙය කීමි. ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියවු. ශ්‍රමණ ශාක්යපුත්රීයයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන්රිදීයෙන් වැළකුණාහ යි. වහන්ස, මම ඒ පිරිසට (කරුණු) පිළිගැන්වීමට හැකි වීමි. වහන්ස, කිමෙක් ද? මෙසේ විවරණය කරන්නා වූ මම භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මය කියන්නෙකුත් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කියන්නෙකුත් නො වෙම් ද? ධර්මයට අනුකූල වූ ධර්මයක් ප්‍රකාශ කෙරෙම් ද? කිසියම් සහධාර්මික වූ වාදයට බැසගැන්මක් ගැරහිය යුතු තැනට නො පැමිණේ දැ’යි.
තග්ඝ ත්වං ගාමණි එවං ව්යාකරමානො වුත්තවාදී චෙව මෙ අහොසි න ච මං අභූතෙන අබ්භාචික්ඛසි. ධම්මස්ස චානුධම්මං ව්යාකරොසි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති. න හි ගාමණි කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං. න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. න පටිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං. නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. යස්ස ඛො ගාමණි ජාතරූපරජතං කප්පති, පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති. යස්ස පඤ්ච කාමගුණා කප්පන්ති, එකංසෙනෙතං ගාමණි ධාරෙය්යාසි අස්සමණධම්මො අසක්යපුත්තියධම්මොති. අපිචාහං ගාමණි එවං වදාමි: තිණං තිණත්ථිකෙන පරියෙසිතබ්බං. දාරුං දාරුත්ථිකෙන පරියෙසිතබ්බං. සකටං සකටත්ථිකෙන පරියෙසිතබ්බං. පුරිසො පුරිසත්ථිකෙන පරියෙසිතබ්බො. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමීති. එවංවාදී කිරාහං ආයස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි පරිභාසාමි අප්පසාදං කරොමි. සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමි.
ගාමණී, මෙසේ විවරණය කරන්නා වූ නුඹ ඒකාන්තයෙන් මා දෙසූ ධර්මය කියන්නෙක් ද වූවෙහි, මට අභූතයෙන් දෝෂාරෝපණය ද නො කරන්නෙහි, ධර්මයට අනුකූල වූ ධර්මයක් ම ප්‍රකාශ කරන්නෙහි. කිසියම් සහධාර්මික වූ වාදයට බැසගැන්මක් ගැරහියයුතු තැනට ද නො පැමිණෙයි. ගාමණී, ශ්‍රමණ ශාක්යපුත්රීයයන්ට රන්රිදී කැප නො වෙයි. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන් රිදීයෙන් වැළකුණාහ යි. ගාමණී, යමකුට රන්රිදී කැප වෙයි ද, ඔහට පඤ්චකාම ගුණයෝ ද කැප වෙත්. ගාමණී, යමකුට පඤ්චකාමගුණයෝ කැප වෙත් ද, හේ මහණදම් නැත්තෙකි. ශාක්‍යපුත්‍රීය දහම් නැත්තෙකැ’යි මෙය ඒකාන්තයෙන් දරන්නෙහි. තව ද ගාමණී මම මෙසේ කියමි. තණ කැමැත්තකු විසින් තණ සෙවියයුතු. දැව කැමැත්තකු විසින් දැව සෙවියයුතු, ගැල්, කැමැත්තකු විසින් ගැල්, සෙවියයුතු. පුරුෂයන් කැමැත්තකු විසින් පුරුෂයා සෙවියයුතු, ගාමණී මම කිසි ක්‍රමයකින් රන්රිදී ඉවසියයුතු ය. සෙවියයුතු යැ’යි. නො කියමි’යි මෙසේ කියන්නා වූ මම ශ්‍රද්ධාව ඇති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය කෙරෙම් ල. ඒ මම අධර්මය අධර්ම ය යි කියමි. ධර්මය ධර්ම යයි කියමි. අවිනය අවිනය යි කියමි. විනය විනයයි කියමි.
7. එකමිදං ආවුසො සමයං භගවා තත්ථෙව රාජගහෙ ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ ජාතරූපරජතං පටික්ඛිපි සික්ඛාපදං ච පඤ්ඤාපෙසි. එවංවාදී කිරාහං ආයස්මන්තෙ උපාසකෙ සද්ධෙ පසන්නෙ අක්කොසාමි, පරිභාසාමි, අප්පසාදං කරොමි සොහං අධම්මං අධම්මොති වදාමි. ධම්මං ධම්මොති වදාමි. අවිනයං අවිනයොති වදාමි. විනයං විනයොති වදාමීති. එවං වුත්තෙ වෙසාලිකා උපාසකා ආයස්මන්තං යසං කාකණ්ඩකපුත්තං එතදවොචුං: එකොව භන්තෙ අය්යො යසො කාකණ්ඩකපුත්තො සමණො සක්යපුත්තියො. සබ්බෙවිමෙ අස්සමණා අසක්යපුත්තියා. වසතු භන්තෙ අය්යො යසො කාකණ්ඩකපුත්තො වෙසාලියං. මයං අය්යස්ස යසස්ස කාකණ්ඩකපුත්තස්ස උස්සුක්කං කරිස්සාම චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙසාලිකෙ උපාසකෙ සඤ්ඤාපෙත්වා අනුදූතෙන භික්ඛුනා සද්ධිං ආරාමං අගමාසි.
7. ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඒ වෙහෙරෙහි දී ම ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයා ඇරබ රන්රිදී ප්‍රතික්ෂේප කළසේක. ශික්ෂාපදයක් ද පැනවූයේක. මෙසේ කියන්නාවූ මම ශ්‍රද්ධාව ඇති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය කෙරෙම් ල, ඒ මම අධර්මය අධර්ම යයි කියමි, ධර්මය ධර්ම ය යි කියමි, අවිනය අවිනය යි කියමි, විනය විනය යි කියමී යි. මෙසේ කී කල්හි විශාලා වැසි උවසුවෝ කාකණ්ඩකපුත්‍ර නම් වූ යස ආයුෂ්මතුන් වහන්සේට මෙය කීහ. “වහන්ස, කාකණ්ඩකපුත්‍ර වූ යස ආර්‍ය්‍යයන් වහන්සේ එක ම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් වහන්සේ ය, මේ සියල්ලෝ ම ශ්‍රමණයෝ නො වෙති. ශාක්‍යපුත්‍රයෝ නො වෙති. වහන්ස, යස කාකණ්ඩකපුත්‍ර ආර්‍ය්‍යයන් වහන්සේ වේසාලියෙහි වසනසේක්වා, අපි යස කාකණ්ඩකපුත්‍ර ආර්‍ය්‍යයන් වහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර සඳහා උත්සාහ කරන්නෙමු”යි. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට කරුණු දන්වා අනුදූත භික්ෂුව සමග අරමට වැඩියහ.
8. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ අනුදූතං භික්ඛුං පුච්ඡිංසු: ඛමාපිතා ආවුසො යසෙන කාකණ්ඩකපුත්තෙන වෙසාලිකා උපාසකාති? උපාසකෙහි පාපිකං නො ආවුසො කතා. එකොව යසො කාකණ්ඩකපුත්තො සමණො සක්යපුත්තියො කතො. සබ්බෙව මයං අස්සමණා අසක්යපුත්තියා කතාති.
8. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂුහු “ඇවැත්නි, කාකණ්ඩක පුත්‍ර යස විසින් විශාලාවැසි උවසුවෝ ක්ෂමාකරවන ලද්දාහු”දැ යි අනුදූත භික්ෂුව විචාළහ. ඇවැත්නි, උවසුවන් ලවා අපි පවිටෝ කරන ලද්දම්හ. යස කාකණ්ඩකපුත්‍ර තෙම එක ම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයා කරන ලද්දේ ය. අපි සියල්ලෝ ම අශ්‍රමණයෝ අශාක්යපුත්රයෝ කරන ලද්දම්හ” යි.
අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ අයං ආවුසො යසො කාකණ්ඩකපුත්තො අම්හෙහි අසම්මතො ගිහීනං පකාසෙසි. හන්දස්ස මයං උක්ඛෙපනීයකම්මං කරොමාති. තෙ තස්ස උක්ඛෙපනීයකම්මං කත්තුකාමා සන්නිපතිංසු. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො වෙහාසං අබ්භුග්ගන්ත්වා කොසම්බියං පච්චුට්ඨාසි. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො පාවෙය්යකානඤ්ච අවන්තිදක්ඛිණාපථකානඤ්ච භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: ආගච්ඡන්තු ආයස්මන්තා ඉමං අධිකරණං ආදියිස්සාම, පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති, අවිනයො දිප්පති විනයො පටිබාහීයති, පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති ධම්මවාදිනො දුබ්බලා හොන්ති. අවිනයවාදිනො බලවන්තො හොන්ති විනයවාදිනො දුබ්බලා හොන්තීති. තෙන ඛො පන සමයෙන ආයස්මා සම්භූතො සාණවාසී අහොගඞ්ගෙ පබ්බතෙ පටිවසති. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො යෙන අහොගඞ්ගො පබ්බතො යෙනායස්මා සම්භූතො සාණවාසී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සම්භූතං සාණවාසිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො ආයස්මන්තං සම්භූතං සාණවාසිං එතදවොච:
ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු “ඇවැත්නි, මේ යස කාකණ්ඩකපුත්‍ර තෙම අප විසින් සම්මත නො කරන ලද්දේ ගිහියන්ට (භික්ෂූන්ගේ දොස්) ප්‍රකාශ කෙළේ ය. එහෙයින් අපි මොහුට උක්ඛේපනීය කර්මය කරම්හ”යි (කියා) ඔව්හු උන්වහන්සේට උක්ඛේපනීය කර්මය කරනු කැමැති ව රැස්වූහ. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහසට නැගී කොසඹෑ නුවරෙහි පහළ වූයේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාවා නුවරවාසී වූ ද, අවන්ති දක්ෂිණාපථ වාසී වූ ද, භික්ෂූන් සමීපයට දූතයකු යැවූහ. “අධර්මය බැබළීමට ද ධර්මය බැහැර කරනු ලැබීමට ද අවිනය බැබළීමට ද විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත් වීමට ද ධර්මවාදීන් දුබලවීමට ද, අවිනයවාදීන් බලවත්වීමට ද විනයවාදීන් දුබලවීමට ද පෙර ආයුෂ්මත්හු පැමිණෙත්වා, මේ අධිකරණය ඉදිරියට ගන්නෙමු (කියා)යි. එසමයෙහි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්වතයෙහි වෙසෙනසේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්වතය යම් තැනෙක ද සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන් ආයුෂ්මත් යසකාකණ්ඩක පුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.
ඉමෙ භන්තෙ වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථූනි දීපෙන්ති-කප්පති සිඞ්ගිලොණකප්පො. කප්පති ද්වඞ්ගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලොගිපාතුං. කප්පති අදසකං නිසීදනං. කප්පති ජාතරූපරජතන්ති. හන්ද මයං භන්තෙ ඉමං අධිකරණං ආදියිස්සාම. පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති ධම්මවාදිනො දුබ්බලා හොන්ති අවිනයවාදිනො බලවන්තො හොන්ති විනයවාදිනො දුබ්බලා හොන්තීති. එවමාවුසොති ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මතො යසස්ස කාකණ්ඩකපුත්තස්ස පච්චස්සොසි.
“වහන්ස, විශාලාවැසි මේ වජ්ජිපුත්‍රක භික්ෂූහු විශාලාවෙහි දශවස්තුවක් දක්වත්. (එනම්) සිඞ්ගිලෝණකප්පය කැප ය. ද්වඞ්ගුල කප්පය කැප ය, ගාමන්තරකප්පය කැප ය, ආවාසකප්පය කැප ය, අනුමතිකප්පය කැප ය, ආචිණ්ණකප්පය කැප ය, අමථිත කප්පය කැප ය, නො පැසුණු සුරා බොන්නට කැප ය, දහවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය (යනුයි). වහන්ස, අධර්මය බැබළීමට ද ධර්මය බැහැර කරනු ලැබීමට ද, අවිනය බැබළීමට ද, විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත්වීමට ද, ධර්මවාදීන් දුබල වීමට ද, අවිනයවාදීන් බලවත්වීමට ද විනය වාදීන් දුබලවීමට ද පෙර අපි මේ අධිකරණය කර ගන්නෙමු” යි. ඇවැත්නි, එසේ යැ යි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
9. අථ ඛො සට්ඨිමත්තා පාවෙය්යකා භික්ඛූ සබ්බෙ ආරඤ්ඤිකා, සබ්බෙ පිණ්ඩපාතිකා, සබ්බෙ පංසුකූලිකා, සබ්බෙ තෙචීවරිකා, සබ්බෙව අරහන්තො අහොගඞ්ගෙ පබ්බතෙ සන්නිපතිංසු. අට්ඨඅසීතිමත්තා අවන්ති දක්ඛිණාපථකා භික්ඛූ අප්පෙකච්චෙ ආරඤ්ඤිකා, අප්පෙකච්චෙ පිණ්ඩපාතිකා, අප්පෙකච්චෙ පංසුකූලිකා, අප්පෙකච්චෙ තෙචීවරිකා සබ්බෙව අරහන්තො අහොගඞ්ගෙ පබ්බතෙ සන්නිපතිංසු.
9. ඉක්බිති සියල්ලෝ ම ආරඤ්ඤික වූ සියල්ලෝ ම පිණ්ඩපාතික වූ සියල්ලෝ ම පංසුකූලික වූ සියල්ලෝ ම තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ පාවා නුවර වැසි සැටක් පමණ භික්ෂූහු අහොගඞ්ග පර්වතයෙහි රැස්වූහ. ඇතැමෙක් ආරඤ්ඤික වූ ඇතැමෙක් පිණ්ඩපාතික වූ ඇතැමෙක් පංසුකූලික වූ ඇතැමෙක් තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ අවන්ති දක්ෂිණාපථවාසී වූ අටාසූවක් පමණ භික්ෂූහු අහොගඞ්ග පර්වතයෙහි රැස්වූහ.
අථ ඛො ථෙරානං භික්ඛූනං මන්තයමානානං එතදහොසි: ඉදං ඛො අධිකරණං කක්ඛළඤ්ච වාලඤ්ච. කං නු ඛො මයං පක්ඛං ලභෙය්යාම යෙන මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති. තෙන ඛො පන සමයෙන ආයස්මා රෙවතො සොරෙය්යෙ පටිවසති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: “අයං ඛො ආයස්මා රෙවතො සොරෙය්යෙ පටිවසති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සචෙ මයං ආයස්මන්තං රෙවතං පක්ඛං ලභිස්සාම එවං මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති.
ඉක්බිති මන්ත්‍රණය කරන ස්ථවිර භික්ෂූන්ට මේ අදහස විය: මේ අධිකරණය වනාහි කර්කශ ද චණ්ඩ ද වෙයි. යමක් හේතු කොට ගෙන අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමුද එබඳු වූ පක්ෂයක් අපි කෙසේ නම් ලබන්නෙමු දැ’යි. එසමයෙහි වනාහි බහුශ්‍රුත වූ අවබෝධ කළ ආගම ඇති ධර්මධර වූ විනයධර වූ මාතෘකා (මාතෘකා ස්වරූප අභිධර්මය) ධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැත්තා වූ ලජ්ජී වූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්ෂාකාමී වූ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉක්බිති ස්ථවිර භික්ෂූන්ට මේ අදහස විය: බහුශ්‍රුත වූ අවබෝධ කළ ආගම ඇති ධර්මධර වූ විනයධර වූ මාතෘකා (මාතෘකාස්වරූප අභිධර්මය) ධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැත්තා වූ ලජ්ජී වූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්ෂාකාමී වූ මේ ආයුෂ්ම රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉදින් අපි ආයුෂ්මත්රෙවත ස්ථවිරයන් වහන්සේ (අපට) පක්ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු යි.
අස්සොසි ඛො ආයස්මා රෙවතො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය ථෙරානං භික්ඛූනං මන්තයමානානං සුත්වානස්ස එතදහොසි: ඉදං ඛො අධිකරණං කක්ඛළඤ්ච වාලඤ්ච. න ඛො මෙතං පතිරූපං සොහං එවරූපෙ අධිකරණෙ ඔසක්කෙය්යං. ඉදානි ච පන තෙ භික්ඛූ ආගච්ඡිස්සන්ති. සොහං තෙහි ආකිණ්ණො න ඵාසුං ගමිස්සාමි. යන්නූනාහං පටිගච්චෙව ගච්ඡෙය්යන්ති. අථ ඛො ආයස්මා රෙවතො සොරෙය්යා සඞ්කස්සං අගමාසි.
මන්ත්‍රණය කරන ස්ථවිර භික්ෂූන්ගේ (කථාව) ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ මිනිස්බව ඉක්ම වූ විසුද්ධ වූ දිව්‍ය ශ්රෝතසින් (දිවකනින්) ඇසූහ. අසා උන්වහන්සේට මේ අදහස විය. මේ අධිකරණය වනාහි කර්කශ ද චණ්ඩ ද වෙයි. යම්බඳු වූ මම මෙවැනි අධිකරණයෙහි (හැකියාව යටපත් කරන්නෙම්) පසු බසින්නෙම් නම් මෙය මට සුදුසු නො වෙයි. දැනුදු ඒ භික්ෂූහු එන්නාහු ය. ඒ මම ඒ භික්ෂූන් සමග ආකීර්ණ වූයෙම් (නම්) පහසුව යන්නට නො හැක්කෙමි. මම පෙරටුව ම යන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නුවරින් සඩ්කස්ස නුවරට වැඩියහ.
10. අථ ඛො ථෙරා භික්ඛූ සොරෙය්යං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො සඞ්කස්සං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො සඞ්කස්සා කණ්ණකුජ්ජං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ සඞ්කස්සං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො කණ්ණකුජ්ජං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො කණ්ණකුජ්ජා උදුම්බරං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ කණ්ණකුජ්ජං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො උදුම්බරං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො උදුම්බරා අග්ගළපුරං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ උදුම්බරං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති? තෙ එවමාහංසු: එසායස්මා රෙවතො අග්ගළපුරං ගතොති. අථ ඛො ආයස්මා රෙවතො අග්ගළපුරා සහජාතිං අගමාසි. අථ ඛො ථෙරා භික්ඛූ අග්ගළපුරං ගන්ත්වා පුච්ඡිංසු කහං ආයස්මා රෙවතොති. තෙ එවමාහංසු: එසායස්මා රෙවතො සහජාතිං ගතොති. අථ ඛො ථෙරා භික්ඛූ ආයස්මන්තං රෙවතං සහජාතියා සම්භාවෙසුං.
10. ඉක්බිති ස්ථවිර භික්ෂූහු සොරෙය්‍ය නුවරට ගොස් ආයුෂ්මත් “රේවත තෙරුන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්කස්සයට වැඩියහ’යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරුන් වහන්සේ සඞ්කස්සයෙන් කණ්ණකුජ්ජ නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්ෂූහු සඞ්කස්ස නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජයට වැඩියහ යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජ නුවරින් උදුම්බර නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්ෂූහු කණ්ණකුජ්ජයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරට වැඩිසේකැ’යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරින් අග්ගළපුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්ෂූහු උදුම්බර නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළපුරයට වැඩිසේකැයි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළ පුරයෙන් සහජාති පුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්ෂූහු අග්ගළ පුරයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සහජාති පුරයට වැඩිසේකැ’යි ඔහු කීහ. ඉක්බිති ස්ථවිර භික්ෂූහු සහජාති පුරයෙහි දී ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සම්භාවනය කළහ. (හමු වූහ.)
11. අථ ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මන්තං යසං කාකණ්ඩකපුත්තං එතදවොච: අයං ආවුසො ආයස්මා රෙවතො බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො සචෙ මයං ආයස්මන්තං රෙවතං පඤ්හං පුච්ඡිස්සාම පටිබලො ආයස්මා රෙවතො එකෙනෙව පඤ්හෙන සකලම්පි රත්තිං වීතිනාමෙතුං. ඉදානි ච පනායස්මා රෙවතො අන්තෙවාසිකං සරභාණකං භික්ඛුං අජ්ඣෙසිස්සති. සො ත්වං තස්ස භික්ඛුනො සරභඤ්ඤපරියොසානෙ ආයස්මන්තං රෙවතං උපසඞ්කමිත්වා ඉමානි දසවත්ථූනි පුච්ඡෙය්යාසීති.
11. ඉක්බිති සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ‘ඇවැත්නි, මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ බහුශැතයහ. අවබෝධ කළ ආගම ඇත්තාහ, ධර්මධරයහ, විනයධරයහ, මාතිකාධරයහ, පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැත්තහ, ලජ්ජීහ, වරදෙහි කුකුස් කරන සුල්ලහ, ශික්ෂාකාමීහ. ඉදින් අපි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසන්නෙමු නම් එකප්රශ්නයකින් ම සියලු රැය ඉක්මවන්නට ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ප්රතිබලයහ. දැන් වනාහි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අතැවැසි සරභාණක (මිහිරි ස්වරයෙන් දේශනාකරන) භික්ෂූනමක් අධ්‍යෙෂණය කරවන්නාහ. ඒ භික්ෂූනමගේ මිහිරිස්වරයෙන් බිණීම අවසානයෙහි නුඹ වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වෙත එළඹ මේ දසවස්තූන් අසන්නහු නම් මැනවැ’යි.
එවම්භන්තෙති ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො ආයස්මතො සම්භූතස්ස සාණවාසිස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා රෙවතො අන්තෙවාසිකං සරභාණකං භික්ඛුං අජ්ඣෙසි. අථ ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො තස්ස භික්ඛුනො සරභඤ්ඤපරියොසානෙ යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා යසො කාකණ්ඩකපුත්තො ආයස්මන්තං රෙවතං එතදවොච:
එසේ ය වහන්සැ යි (කියා) ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සාණවාසී සම්භූත ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අතැවැසි ස්වරභාණක භික්ෂූනම අධ්‍යෙෂණය කළහ. ඉක්බිති ඒ භික්ෂුනමගේ ස්වරභාණය අවසානයෙහි ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ:
12.1. කප්පති භන්තෙ සිඞ්ගිලොණකප්පොති. කො සො ආවුසො සිඞ්ගිලොණකප්පොති. කප්පති භන්තෙ සිඞ්ගිනා ලොණං පරිහරිතුං, යත්ථ අලොණකං භවිස්සති-තත්ථ පරිභුඤ්ජිස්සාමීති. නාවුසො කප්පතීති.
12-1 වහන්ස, සිඞ්ගිලොණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ සිඞ්ගිලොණකප්පය නම් කවරේ දැ?යි. වහන්ස, යම් තැනෙක ලුණු නැති භොජනයක් වේ නම් එහි දී වළඳන්නෙමි”යි අඟකින් ලුණු පරිහරණය කිරීමට කැප වෙයි ද, ඇවැත්නි නො කැප වෙයි.
2. කප්පති භන්තෙ ද්වඞ්ගුලකප්පොති. කො සො ආවුසො ද්වඞ්ගුලකප්පොති. කප්පති භන්තෙ ද්වඞ්ගුලාය ඡායාය වීතිවත්තාය විකාලෙ භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති.
2. වහන්ස, ද්වඩ්ගුලකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ද්වඞ්ගුලකප්පය නම් කවරේ දැ’යි. වහන්ස, සෙවණැල්ල අඟල් දෙකක් ඉක්ම ගිය කල්හි විකාලයෙහි භෝජනය වැළඳීමට කැප වෙයි ද? ඇවැත්නි, නො කැප වෙයි.
3. කප්පති භන්තෙ ගාමන්තරකප්පොති. කො සො ආවුසො ගාමන්තරකප්පොති. කප්පති භන්තෙ ඉදානි ගාමන්තරං ගමිස්සාමීති භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති.
3. වහන්ස, ගාමන්තරකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ගාමන්තරකප්පය නම් කවරේ දැ යි. වහන්ස, දැන් අනිත් ගමකට යන්නෙමි යි (සලකා) වළඳා අවසන් ව පවාරණය කළ භික්ෂූව විසින් අයිරිත් නො කළ භෝජනය වළඳන්ට කැප වෙයි දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
4. කප්පති භන්තෙ ආවාසකප්පොති. කො සො ආවුසො ආවාසකප්පොති. කප්පති භන්තෙ සම්බහුලා ආවාසා සමානසීමා නානුපොසථං කාතුන්ති. නාවුසො කප්පතීති.
4. වහන්ස, ආවාසකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ ආවාසකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සමාන සීමාවක් ඇති බොහෝ ආවාසයෝ වෙත් (නම් එහි) නානා උපෝසථය කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
5. කප්පති භන්තෙ අනුමතිකප්පොති. කො සො ආවුසො අනුමතිකප්පොති? කප්පති භන්තෙ වග්ගෙන සඞ්ඝෙන කම්මං කාතුං ආගතෙ භික්ඛූ අනුජානිස්සාමාතී. නාවුසො කප්පතීති.
5. වහන්ස, අනුමතිකප්පය කැප වේ දැ’ යි. ඇවැත්නි ඒ අනුමතිකප්පය නම් කවරේ ද’යි. වහන්ස, පැමිණි කල්හි භික්ෂීන් අනුදන්නෙමු’යි වර්ග වූ සඞ්ඝයා විසින් (සඞ්ඝ) කර්මයන් කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
6. කප්පති භන්තෙ ආචිණ්ණකප්පොති? කො සො ආවුසො ආචිණ්ණකප්පොති. කප්පති භන්තෙ ඉදං මෙ උපජ්ඣායෙන අජ්ඣාචිණ්ණං ඉදං මෙ ආචරියෙන අජ්ඣාචිණ්ණන්ති තං අජ්ඣාචරිතුන්ති. ආචිණ්ණකප්පො ඛො ආවුසො එකච්චො කප්පති එකච්චො න කප්පතීති.
6. වහන්ස, ආචිණ්ණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ ආචිණ්ණකප්පය නම් කවරේ දැ යි. වහන්ස මෙය මාගේ උපාධ්‍යායයන් වහන්සේ විසින් පුරුදු කරනලදය මෙය මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් පුරුදු කරන ලද යැ’යි (සලකා) එය පුරුදු කොට හැසිරෙන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, ඇතැම් ආචිණ්ණකප්පයක් කැප වෙයි. ඇතැම් ආචිණ්ණකප්පයක් නො කැප වෙයි.
7. කප්පති භන්තෙ අමථිතකප්පොති. කො සො ආවුසො අමථිතකප්පොති. කප්පති භන්තෙ යං තං ඛීරං ඛීරභාවං විජහිතං අසම්පත්තං දධිභාවං තං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පාතුන්ති, නාවුසො කප්පතීති.
7. වහන්ස, අමථීතකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ අමථිතකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් ඒ කිරක් කිරිබව අත්හළේ ද දී බවට නො පැමිණියේ ද, වළඳා අවසන් ව පවාරණය කළ භික්ෂුව විසින් අයිරිත් නො කළ ඒ කිරි බොන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වෙයි.
8. කප්පති භන්තෙ ජලොගිපාතුන්ති. කො සො ආවුසො ජලොගීති. කප්පති භන්තෙ යා සා සුරා අසුත්තා අසම්පත්තා මජ්ජභාවං. තං පාතුන්ති. නාවුසො කප්පතීති.
8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් ඒ සුරාවක් නො පැසුණි ද මද්යබවට නො පැමිණියා ද එය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
9. කප්පති භන්තෙ අදසකං නිසීදනන්ති. නාවුසො කප්පතීති.
9. වහන්ස, දහවලු රහිත නිසීදනය කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
10. කප්පති භන්තෙ ජාතරූපරජතන්ති. නාවුසො කප්පතීති.
10. වහන්ස, රන්රිදී කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
ඉමෙ භන්තෙ වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං ඉමානි දසවත්ථූනි දීපෙන්ති. හන්ද මයං භන්තෙ ඉමං අධිකරණං ආදියාම. පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති ධම්මවාදිනො දුබ්බලා හොන්ති. අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති. එවමාවුසොති ඛො ආයස්මා රෙවතො ආයස්මතො යසස්ස කාකණ්ඩකපුත්තස්ස පච්චස්සොසි.
වහන්ස, විශාලාවැසි මේ වජ්ජිපුත්‍රක භික්ෂූහු විශාලානුවර මේ දශ වස්තුව ප්‍රකාශ කෙරෙත්. වහන්ස, අධර්මය බැබළීමට ද ධර්මය බැහැර කරනුලැබීමට ද අවිනය බැබළීමට ද විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත් වීමට ද ධර්මවාදීන් දුබල වීමට ද අවිනයවාදීන් බලවත් වීමට ද විනයවාදීන් දුබල වීමට ද පෙර අපි මේ අධිකරණය ඉදිරියට ගන්නෙමුයි. ඇවැත්නි. එසේ යැ’යි කියා ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් කාකණ්ඩකපුත්‍ර යස ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
පඨමභාණවාරං නිට්ඨිතං.
පළමු බණවර නිමි.
දුතියභාණවාරං
දෙවැනි බණවර
13. අස්සොසුං ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ යසො කිර කාකණ්ඩකපුත්තො ඉමං අධිකරණං ආදියිතුකාමො පක්ඛං පරියෙසති. ලභති ච කිර පක්ඛන්ති. අථ ඛො වෙසාලිකානං වජ්ජිපුත්තකානං භික්ඛූනං එතදහොසි: ඉදං ඛො අධිකරණං කක්ඛළඤ්ච වාලඤ්ච. කන්නු ඛො මයං පක්ඛං ලභෙය්යාම යෙන මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති. අථ ඛො වෙසාලිකානං වජ්ජිපුත්තකානං භික්ඛූනං එතදහොසි: අයං ඛො ආයස්මා රෙවතො බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සචෙ මයං ආයස්මන්තං රෙවතං පක්ඛං ලභෙය්යාම එවං මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති.
13. කාකණ්ඩකපුත්‍ර වූ යස (ස්ථවිරයන් වහන්සේ,) මේ අධිකරණය ඉදිරියට ගනු කැමැත්තාහු පක්ෂයක් සොයත් ල, පක්ෂයක් ලබත් ලැ’යි විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු ඇසූහ. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූන්ට මේ අදහස විය. මේ අධිකරණය වනාහි කර්කශ ද චණ්ඩ ද වෙයි. යමකු නිසා අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු ද එබඳු කවරකු අපි පක්ෂ කොට ලබන්නෙමු ද’යි. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූන්ට මෙ අදහස විය. මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ වනාහි බහුශ්‍රැතයහ. අවබෝධ කළ ආගම ඇතියහ. ධර්මධරයහ, විනයධරයහ, මාතිකාධරයහ, පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැත්තහ, ලජ්ජීහ, වරදෙහි කුකුස් කරනසුල්ලහ, ශික්ෂාකාමීහ. ඉදින් අපි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් පක්ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු’යි.
අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ පහූතං සාමණකං පරික්ඛාරං පටියාදෙසුං පත්තම්පි චීවරම්පි නිසීදනම්පි සූචිඝරම්පි කායබන්ධනම්පි පරිස්සාවනම්පි ධම්මකරණම්පි. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තං සාමණකං පරික්ඛාරං ආදාය නාවාය සහජාතිං උජ්ජවිංසු. නාවාය පච්චොරොහිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ භත්තවිස්සග්ගං කරොන්ති.
ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු පාත්‍ර ද, සිවුරු ද, නිසීදන ද ඉදිකටුගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන බොහෝ වූ මහණුන්ට සුදුසු වූ පිරිකර පිළියෙළ කළහ. ඉක්බිති වජ්ජිපුත්‍රක භික්ෂූහු ඒ මහණුන්ට සුදුසු පිරිකර රැගෙන නැවෙන් සහජාති නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස එක්තරා රුක්මුලෙක අහර වැළඳීම කෙරෙත්.
14. අථ ඛො ආයස්මතො සාළ්හස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. කො නු ඛො ධම්මවාදිනො පාචීනකා වා භික්ඛූ පාවෙය්යකා වාති. අථ ඛො ආයස්මතො සාළ්හස්ස ධම්මඤ්ච විනයඤ්ච චෙතසා පච්චවෙක්ඛන්තස්ස එතදහොසි: අධම්මවාදිනො පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. අථ ඛො අඤ්ඤතරා සුද්ධාවාසකායිකා දෙවතා ආයස්මතො සාළ්හස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා ආයස්මතො සාළ්හස්ස පමුඛෙ පාතුරහොසි. අථ ඛො සා දෙවතා ආයස්මන්තං සාළ්හං එතදවොච: සාධු සාධු භන්තෙ සාළ්හ, අධම්මවාදිනො පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූ. තෙන හි භන්තෙ සාළ්හ, යථා ධම්මො තථා තිට්ඨාහීති. පුබ්බෙපි චාහං දෙවතෙ එතරහි ච යථා ධම්මො තථා ඨිතො. අපි චාහං න තාව දිට්ඨිං ආවීකරොමි. අප්පෙවනාම මං ඉමස්මිං අධිකරණෙ සම්මන්නෙය්යාති.
14. එවේලෙහි රහොගත වූ එකලා වූ ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතෙහි පරිවිතර්කයක් පහළ විය. ධර්මවාදීහු කවරහුද? පෙරදිගවාසි භික්ෂූහු ද, නැතහොත් පාවෙය්‍යක භික්ෂූහු දැ’යි. ඉක්බිති ධර්මය ද විනය ද ප්රත්යවේක්ෂා කරන ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට “පෙරදිග වැසි භික්ෂූහු අධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්ෂූහු ධර්මවාදීහු යැ’යි මේ අදහස විය. ඉක්බිති ශුද්ධාවාසවාසී වූ දෙවියෙක් (තමාගේ) සිතින් ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි වූ පරිවිතර්කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගු කෙරෙයි ද, දිගු කළ අත හෝ හකුළුවයි ද මෙ පරිද්දෙන් ම ශුද්ධාවාස දෙවියන් කෙරෙහි අතුරුදහන් ව ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් ඉදිරියෙහි පහළ විය. ඉක්බිති ඒ දෙවියා ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට මෙය කීය. සාළ්හයන් වහන්ස, යහපත යහපත, පෙරදිග වැසි භික්ෂූහු අධර්මවාදීහු ය, පාවෙය්‍යක භික්ෂූහු ධර්මවාදීහු ය, සාළ්හයන් වහන්ස, එහෙයින් ම ධර්මය යම්සේ ද එසේ සිටිනු මැනවැ’යි. දේවතාවෙනි, මම පෙර ද දැන් ද ධර්මය යම්සේ නම් එසේ සිටියේ වෙමි. එහෙත් මේ අධිකරණයෙහි (විසඳීමට) මා සම්මත කරන්නේ නම් ඉතා යෙහෙකි. එතෙක් මම දෘෂ්ටිය හෙළි නො කෙරෙමි යි.
15. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තං සාමණකං පරික්ඛාරං ආදාය යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං එතදවොචුං: පටිගණ්හාතු භන්තෙ ථෙරො සාමණකං පරික්ඛාරං පත්තම්පි චීවරම්පි නිසීදනම්පි සූචිඝරම්පි කායබන්ධනම්පි පරිස්සාවනම්පි ධම්මකරණම්පීති. අලං ආවුසො, පරිපුණ්ණං මෙ පත්තචීවරන්ති න ඉච්ඡි පටිග්ගහෙතුං.
15. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු මහණුන්ට සුදුසු වූ ඒ පිරිකර ගෙන ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන්ට මෙය කීහ. වහන්ස, පාත්‍රද, සිවුරු ද, නිසීදන ද, ඉදිකටුගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන මහණුන්ට සුදුසු වූ පිරිකර තෙරුන් වහන්සේ පිළිගනිත්වා’යි. ඇවැත්නි, කම් නැත. මාගේ පාසිවුරු පිරිපුන් ය යි පිළිගන්නට නො කැමති වූහ.
තෙන ඛො පන සමයෙන උත්තරො නාම භික්ඛු වීසති වස්සො ආයස්මතො රෙවතස්ස උපට්ඨාකො හොති. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ යෙනායස්මා උත්තරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං උත්තරං එතදවොචුං පටිගණ්හාතු ආයස්මා උත්තරො සාමණකං පරික්ඛාරං පත්තම්පි චීවරම්පි නිසීදනම්පි සූචිඝරම්පි කායබන්ධනම්පි පරිස්සාවනම්පි ධම්මකරකම්පීති. අලං ආවුසො පරිපුණ්ණං මෙ පත්තචීවරන්ති. න ඉච්ඡි පටිග්ගහෙතුං.
එසමයෙහි විසි වස් ඇති උත්තර නම් භික්ෂූනම ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු උත්තර (තෙර) යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන්ට මෙය කීහ. පාත්‍ර ද, සිවුරු ද, නිසීදන ද, ඉදිකටු ගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන මහණුන්ට සුදුසු වූ පිරිකර ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ පිළිගනිත්වායි. ඇවැත්නි, කම් නැත. මාගේ පාසිවුරු පිරිපුන් යැ’ යි (කියා) පිළිගන්නට නො කැමති වූහ.
මනුස්සා ඛො ආවුසො උත්තර, භගවතො සාමණකං පරික්ඛාරං උපනාමෙන්ති. සචෙ භගවා පටිගණ්හාති තෙනෙව තෙ අත්තමනා හොන්ති. නො චෙ භගවා පටිගණ්හාති ආයස්මතො ආනන්දස්ස උපනාමෙන්ති. පටිගණ්හාතු භන්තෙ ථෙරො සාමණකං පරික්ඛාරං, යථා භගවතා පටිග්ගහිතො එවමෙව සො භවිස්සතීති. පටිගණ්හාතු ආයස්මා උත්තරො සාමණකං පරික්ඛාරං. යථා ථෙරෙන පටිග්ගහිතො එවමෙව සො භවිස්සතීති.
ඇවැත් උත්තරයෙනි, මිනිස්සු මහණුන්ට සුදුසු පිරිකර භාග්‍යවතුන් වහන්සේට එළවත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් නම් එයින් ම ඔහු සතුටු සිත් ඇත්තෝ වෙත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ නො පිළිගන්නා සේක් නම් “වහන්ස, ස්ථවිරයන් වහන්සේ මහණුන්ට සුදුසු පිරිකර පිළිගන්නාසේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේ ද එපරිද්දෙන් ම එය වන්නේය යි (කියා) ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට එළවත්. උත්තර ආයුෂ්මතුන් වහන්සේ මහණුන්ට සුදුසු පිරිකර පිළිගනිත්වා. එය යම්සේ තෙරුන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේද එපරිද්දෙන්ම වන්නේ ය යි.
16. අථ ඛො ආයස්මා උත්තරො වෙසාලිකෙහි වජ්ජිපුත්තකෙහි භික්ඛූහි නිප්පීළියමානො එකං චීවරං අග්ගහෙසි. වදෙය්යාථාවුසො, යෙනත්ථොති. එත්තකං ආයස්මා උත්තරො ථෙරං වදෙතු: එත්තකං භන්තෙ ථෙරො සඞ්ඝමජ්ඣෙ වදෙතු. පුරත්ථිමෙසු ජනපදෙසු බුද්ධා භගවන්තො උප්පජ්ජන්ති. ධම්මවාදිනො පාචීනකා භික්ඛූ අධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. එවමාවුසොති ඛො ආයස්මා උත්තරො වෙසාලිකානං වජ්ජිපුත්තකානං භික්ඛූනං පටිස්සුත්වා යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං එතදවොච එත්තකං භන්තෙ ථෙරො සඞ්ඝමජ්ඣෙ වදෙතු. පුරත්ථිමෙසු ජනපදෙසු බුද්ධා භගවන්තො උප්පජ්ජන්ති. ධම්මවාදිනො පාචීනකා භික්ඛූ අධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති.
16. ඉක්බිති ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ විශාලාවැසි වජ්ජි පුත්‍රක භික්ෂූන් විසින් පෙළනුලබන්නේ ‘ඇවැත්නි, යමකින් ප්‍රයෝජනයක් වේ ද එය කියව’ යි (කියා) එක් සිවුරක් ගත්හ. ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ තෙරුන් වහන්සේට මෙ පමණක් කියනු මැනව... (එනම්) වහන්ස, භාග්‍යවත් බුදුවරු පෙරදිග ජනපදයන්හි පහළ වෙත්. පෙරදිගවාසි භික්ෂූහු ධර්මවාදීහු ය. පාවා නුවර වැසි භික්ෂූහු අධර්මවාදීහු ය යන මෙපමණක් තෙරුන් වහන්සේ සඟමැද කියන සේක්වා යනු යි. ඇවැත්නි, එසේ යැ යි ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූන්ට පිළිවදන් දි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. වහන්ස, භාග්‍යවත් බුදුවරු පෙරදිග ජනපදයන්හි පහළ වෙත්, පෙරදිගවැසි භික්ෂූහු ධර්මවාදීහු ය. පාවානුවරවැසි භික්ෂූහු අධර්මවාදී හු ය යන මෙපමණක් තෙරුන් වහන්සේ සඟමැද කියන සේක්වා.
අධම්මෙ මං ත්වං භික්ඛු නියොජෙසීති ථෙරො ආයස්මන්තං උත්තරං පණාමෙසි. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ ආයස්මන්තං උත්තරං එතදවොචුං: කිං ආවුසො උත්තර ථෙරො ආහාති. පාපිකං නො ආවුසො කතං. අධම්මෙ මං ත්වං භික්ඛු නියොජෙසීති ථෙරො මං පණාමෙසීති.
මහණ, තෝ මා අධර්මයෙහි යොදවන්නෙහි යැ යි (කියා) තෙරුන් වහන්සේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ඉවත් කළහ. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්ෂූහු ආයුෂ්මත් උත්තර ස්ථවිරයන්ට මෙය කීහ. ඇවැත් උත්තරයෙනි, තෙරුන් වහන්සේ කුමක් කීසේක් දැ යි. ඇවැත්නි, අප විසින් ලාමකක්රියාවක් කරන ලදී. මහණ තෝ මා අධර්මයෙහි යොදවන්නෙහි යැ යි කියා තෙරුන් වහන්සේ මා ඉවත්කළ සේකැ යි.
නනු ත්වං ආවුසො වුඩ්ඪො වීසතිවස්සොසීති, ආමාවුසොති. අපි ච මයං ගරුනිස්සයං ගණ්හාමාති.
ඇවැත්නි, නුඹ වහන්සේ විසිවස් වූ වෘද්ධයෙක් නො වේ දැ යි. ඇවැත්නි, එසේ යැ යි. එහෙත් අපි ගුරුවරයා වෙත නිශ්‍රය ගනුම්හ යි.
17. අථ ඛො සඞ්ඝො තං අධිකරණං විනිච්ඡිනිතුකාමො සන්නිපති. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. සචෙ මයං ඉමං අධිකරණං ඉධ වූපසමෙය්යාම සියාපි මූලාදායකා භික්ඛූ පුනකම්මාය උක්කොටෙය්යුං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං යත්ථෙවිමං අධිකරණං සමුප්පන්නං. සඞ්ඝො තත්ථෙවිමං අධිකරණං වූපසමෙය්යාති. අථ ඛො ථෙරා භික්ඛූ වෙසාලිං අගමංසු තං අධිකරණං විනිච්ඡිනිතුකාමා.
17. ඉක්බිති සඞ්ඝයා ඒ අධිකරණය විනිශ්චය කරනු කැමැත්තේ රැස් විය. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. ඉදින් අපි මේ අධිකරණය මෙහිදී සන්හිඳුවන්නෙමු නම් මූලදායක (කරුණට මුල් වූ) භික්ෂූන් නැවත කර්මය (කිරීම) පිණිස උක්කෝටනය කිරීම වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් යම් තැනෙක මේ අධිකරණය හටගත්තේ ද එතැන දීම සඞ්ඝයා මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මැනවැයි. ඉක්බිති ඒ අධිකරණය විනිශ්චය කරනු කැමති වූ ස්ථවිර භික්ෂූහු විශාලා නුවරට ගියහ.
18. තෙන ඛො පන සමයෙන සබ්බකාමී නාම පථව්‍යා සඞ්ඝත්ථෙරො වීසවස්සසතිකො උපසම්පදාය ආයස්මතො ආනන්දස්ස සද්ධිවිහාරිකො වෙසාලියං පටිවසති. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මන්තං සම්භූතං සාණවාසිං එතදවොච: අහං ආවුසො යස්මිං විහාරෙ සබ්බකාමී ථෙරො විහරති තං විහාරං උපගච්ඡාමි. සො ත්වං කාලස්සෙව ආයස්මන්තං සබ්බකාමිං උපසඞ්කමිත්වා ඉමානි දසවත්ථූනි පුච්ඡෙය්යාසීති. එවම්භන්තෙති ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මතො රෙවතස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා රෙවතො යස්මිං විහාරෙ සබ්බකාමී ථෙරො විහරති තං විහාරං උපගඤ්ඡි.
18. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ සද්ධිවිහාරික වූ උපසම්පදාවෙන් එක්සියවිසි වස් ඇති (මුළු) පෘථිවියෙහි ම සඞ්ඝස්ථවිර වූ සබ්බකාමී නම් තෙරුන් වහන්සේ වේසාලියෙහි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ඇවැත්නි, යම් වෙහෙරෙක සබ්බකාමී තෙරුන් වහන්සේ වෙසෙත් ද මම ඒ වෙහෙරට එළඹෙමි. නුඹ වහන්සේ උදෑසනක් සේ ම ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන් වෙත එළඹ මේ දශවස්තුන් විචාරන්නේ නම් මැනවැ’ යි. එසේ ය වහන්සැ( යි (කියා) සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරණුවෝ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ යම් වෙහෙරෙක සබ්බකාමී තෙරුන් වහන්සේ වෙසෙත් ද ඒ වෙහෙරට පැමිණියහ.
ගබ්භෙ ආයස්මතො සබ්බකාමිස්ස සෙනාසනං පඤ්ඤත්තං හොති, ගබ්භ පමුඛෙ ආයස්මතො රෙවතස්ස. අථ ඛො ආයස්මා රෙවතො අයං ථෙරො මහල්ලකො න නිපජ්ජතීති න සෙය්යං කප්පෙසි. ආයස්මා සබ්බකාමී අයං භික්ඛු ආගන්තුකො කිලන්තො න නිපජ්ජතීති න සෙය්යං කප්පෙසි.
ඇතුළුගෙහි ආයුෂ්මත් සබ්බකාමී තෙරුන් වහන්සේට ද ඇතුළුගෙය ඉදිරිපස ආයුෂ්මත් රේවත තෙරණුවන්ට ද සෙනසුන් පනවන ලද්දේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ‘මේ තෙරුන් වහන්සේ මහලු ය. නො නිදනසේකැ’යි (සලකා) ශයනය නො කළහ. ‘මේ භික්ෂු තෙම ආගන්තුකයෙකි. වෙහෙසට පත් වූයේ නො නිදනසේකැ ය’යි (සලකා) ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ ශයනය නො කළහ.
අථ ඛො ආයස්මා සබ්බකාමී රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං රෙවතං එතදවොච: කතමෙන ත්වං භුම්මි විහාරෙන එතරහි බහුලං විහරසීති. මෙත්තාවිහාරෙන ඛො අහං භන්තෙ එතරහි බහුලං විහරාමීති. කුල්ලකවිහාරෙන කිර ත්වං භුම්මි එතරහි බහුලං විහරසි’ කුල්ලකවිහාරො එසො භුම්මි යදිදං මෙත්තාති.
ඉක්බිති ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ රාත්‍රිය පහන්වන වේලායෙහි නැඟිට ආයුෂ්මත් රේවත තෙරුන්ට මෙය කීහ. ප්‍රිය තෙනැත්ත, තෙපි කවර විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙන්නහු දැ’යි. වහන්ස, මම මෛත්‍රීවිහරණයෙන් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙමි යි. ප්‍රිය තෙනැත්ත, තෙපි වනාහි ඉතා ප්‍රකට විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙන්නහු ය. ප්‍රිය තෙනැත්ත, යම් මේ මෛත්‍රියක් වේ ද තෙලෙ ඉතා ප්‍රකට විහරණයෙකි යි.
පුබ්බෙපි මෙ භන්තෙ ගිහීභූතස්ස ආචිණ්ණා මෙත්තා. තෙනාහං එතරහිපි මෙත්තාවිහාරෙන බහුලං විහරාමි. අපි ච ඛො මයා චිරප්පත්තං අරහත්තං. ථෙරො පන භන්තෙ කතමෙන විහාරෙන එතරහි බහුලං විහරතීති. සුඤ්ඤතා විහාරෙන ඛො අහං භුම්මි එතරහි බහුලං විහරාමීති?
වහන්ස, පෙර ද ගිහි වූ මා විසින් මෛත්‍රිය පුරුදු කරන ලදි. එහෙයින් දැනුදු මම මෛත්‍රීවිහරණයෙන් යුක්ත ව බෙහෙවින් වෙසෙමි. තව ද මා විසින් රහත්බවට පැමිණ බොහෝ කල් ය. වහන්ස, (ඔබ) තෙරුන් වහන්සේ කවර විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙනසේක් දැ යි. ප්‍රිය තෙනැත්ත, මම ශුන්‍යතාවිහරණයෙන් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙමි’යි.
මහාපුරිසවිහාරෙන කිර භන්තෙ ථෙරො එතරහි බහුලං විහරති. මහාපුරිසවිහාරො එසො භන්තෙ යදිදං සුඤ්ඤතාති. පුබ්බෙපි මෙ භූමි ගිහීභූතස්ස ආචිණ්ණා සුඤ්ඤතා. තෙනාහං එතරහිපි සුඤ්ඤතාවිහාරෙන බහුලං විහරාමි. අපි ච මයා චිරපත්තං අරහත්තන්ති. අයඤ්චරහි ථෙරානං භික්ඛූනං අන්තරා කථා විප්පකතා.
වහන්ස, තෙරුන් වහන්සේ වනාහි මහාපුරුෂ විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙනසේක. වහන්ස, යම් මේ ශුන්යතාවිහරණයෙක් වේ ද තෙලෙ මහාපුරුෂ විහරණයෙකැ යි. ප්‍රිය තෙනැත්ත, පෙර ද ගිහි වූ මා විසින් ශුන්‍යතාව පුරුදු කරන ලද. එහෙයින් දැනුදු මම ශුන්‍යතාවිහරණයෙන් යුක්ත ව බෙහෙවින් වෙසෙමි. තවද මා විසින් රහත්බවට පැමිණ බොහෝ කල් වේ යැ යි. ස්ථවිර භික්ෂූන් (දෙනම) අතර වූ මේ කථාව අඩාළ කරන ලද්දේ ය.
19. අථායස්මා සම්භූතො සාණවාසී තස්මිං අනුප්පත්තො හොති. අථ ඛො ආයස්මා සම්භූතො සාණවාසී යෙනායස්මා සබ්බකාමී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සබ්බකාමිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මන්තං සබ්බකාමිං එතදවොච: ඉමෙ භන්තෙ වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථූනි දීපෙන්ති: කප්පති සිඞ්ගිලොණ කප්පො. කප්පති ද්වඞ්ගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලොගි පාතුං. කප්පති අදසකං නිසීදනං. කප්පති ජාතරූපරජතන්ති. ථෙරෙන භන්තෙ උපජ්ඣායස්ස මූලෙ බහුධම්මො ච විනයො ච පරියත්තො. ථෙරස්ස භන්තෙ ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස කථං හොති කෙ නු ඛො ධම්මවාදිනො පාචීනකා වා භික්ඛූ පාවෙය්යකා වාති.
19. එකල්හි සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ එහි පැමිණියහ. ඉක්බිති සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරහු ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවනට මෙය කීහ. වහන්ස, විශාලාවැසි මේ වජ්රපුත්රක භික්ෂූහු වේසාලියෙහි දශවස්තුවක් දක්වති. (එනම්) සිඞ්ගිලොණකප්පය කැප ය, ද්වඞ්ගුලකප්පය කැප ය, ගාමන්තරකප්පය කැප ය, ආවාසකප්පය කැප ය, අනුමතිකප්පය කැප ය, ආචිණ්ණකප්පය කැප ය, අමථිතකප්පය කැප ය, නො පැසුණු සුරා බීමට කැප ය, දහවලු රහිත නිසීදනය කැප ය, රන්රිදී කැප ය යනු යි. වහන්ස, (ඔබ) තෙරුන් වහන්සේ විසින් උපාධ්‍යායයන් වහන්සේ (ආනන්ද තෙරුන්වහන්සේ) වෙත බොහෝ ධර්මය ද විනය ද පුහුණු කරන ලද්දේ ය. වහන්ස, ධර්මය ද විනය ද ප්රත්යවේක්ෂා කරන තෙරුන් (ඔබ) වහන්සේට කෙසේ අදහස් වෙයි ද? ධර්මවාදීහු කවරහු ද? ප්‍රාචීනක භික්ෂූහු හෝ පාවෙය්‍යක භික්ෂූහු හෝ ධර්මවාදීහු වෙත් දැ’යි.
තයාපි ඛො ආවුසො උපජ්ඣායස්ස මූලෙ බහු ධම්මො ච විනයො ච පරියත්තො. තුය්හං පනාවුසො ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස කථං හොති. කෙ නු ඛො ධම්මවාදිනො පාචීනකා වා භික්ඛූ පාවෙය්යකා වාති. මය්හං ඛො භන්තෙ ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස එවං හොති: අධම්මවාදී පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. අපිචාහං න තාව දිට්ඨිං ආවීකරොමි අප්පෙව නාම මං ඉමස්මිං අධිකරණෙ සම්මන්නෙය්යාති.
ඇවැත්නි, තොප විසින් ද උපාධ්‍යායයන් වහන්සේ වෙත බොහෝ ධර්මය ද විනය ද පුහුණු කරන ලද්දේ ය. ඇවැත්නි, ධර්මය ද විනය ද ප්රත්යවේක්ෂා කරන තොපට කෙසේ අදහස් වේ ද, ප්‍රාචීනක භික්ෂූහු හෝ පාවෙය්‍යක භික්ෂූහු හෝ ධර්මවාදීහු කවරහු වෙත් දැ’යි. වහන්ස, ධර්මය ද විනය ද ප්රත්යවේක්ෂා කරන මට මෙසේ අදහස් වෙයි. (එනම්) ප්‍රාචීනක භික්ෂූහු අධර්මවාදීහු වෙති. පාවෙය්‍යක භික්ෂූහු ධර්මවාදීහු වෙතැ’යි. එහෙත් මේ අධිකරණයෙහි මා සම්මත කරන්නේ නම් ඉතා යෙහෙකි. එතෙක් දෘෂ්ටිය (මගේ අදහස) හෙළි නො කෙරෙමි යි (කීහ.)
මය්හම්පි ඛො ආවුසො ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස එවං හොති: අධම්මවාදිනො පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. අපිචාහං න තාව දිට්ඨිං ආවීකරොමි අප්පෙවනාම මං ඉමස්මිං අධිකරණෙ සම්මන්නෙය්යාති.
ඇවැත්නි, ධර්මය ද විනය ද , ප්රත්යවේක්ෂා කරන මට ද මේ අදහස වෙයි. (එනම්) ප්‍රාචීනක භික්ෂූහු අධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්ෂූහු ධර්මවාදීහු වෙතැ යි. එහෙත්, මා මේ අධිකරණයෙහි සම්මත කරන්නේ නම් ඉතා යෙහෙක. එතෙක් මම දෘෂ්ටිය (මගේ අදහස) හෙළි නො කෙරෙමි යි කීහ.
20. අථ ඛො සඞ්ඝො තං අධිකරණං විනිච්ඡිනිතුකාමො සන්නිපති. තස්මිං ඛො පන අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති. න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉමං අධිකරණං උබ්බාහිකාය වූපසමෙය්ය. සඞ්ඝො චත්තාරො පාචීනකෙ භික්ඛූ චත්තාරො පාවෙය්යකෙ භික්ඛූ උච්චිනි. පාචීනකානං භික්ඛූනං ආයස්මන්තඤ්ච සබ්බකාමිං ආයස්මන්තඤ්ච සාළ්හං ආයස්මන්තඤ්ච ඛුජ්ජසොභිතං ආයස්මන්තඤ්ච වාසභගාමිකං. පාවෙය්යකානං භික්ඛූනං ආයස්මන්තඤ්ච රෙවතං. ආයස්මන්තඤ්ච සම්භූතං සාණවාසිං. ආයස්මන්තඤ්ච යසං කාකණ්ඩකපුත්තං. ආයස්මන්තඤ්ච සුමනං. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො චත්තාරො පාචීනකෙ භික්ඛූ චත්තාරො පාවෙය්යකෙ භික්ඛූ සම්මන්නෙය්ය උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. එසා ඤත්ති.
20. ඉක්බිති සඞ්ඝයා ඒ අධිකරණය විනිශ්චය කරනු කැමැත්තේ රැස් විය. ඒ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා උපදිත්, කියන ලද එකකවත් අර්ත්ථය නො දැනෙයි. ඉක්බිති ආයුෂ්මත්රෙවත තෙරණුවෝ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියන ලද එකක හෝ අර්ය නො දැනෙයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මේ අධිකරණය උබ්බාහිකාවෙන් (සම්මත භික්ෂූන් පමණක් බිණීම හා අසම්මත භික්ෂූන් , නො බිණීම යන ක්‍රමයෙන්) සන්හිඳුවන්නේ ය. (යනුයි.) පෙරදිග වැසි භික්ෂූන් අතුරෙන් ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ ද, ආයුෂ්මත් සාළ්හ තෙරණුවෝ ද, ආයුෂ්මත් බුජ්ජසෝභිත තෙරණුවෝ ද ආයුෂ්මත් වාසභගාමික තෙරණුවෝ ද (යන සතරනම හා) පාවානුවරවැසි භික්ෂූන් අතුරෙන් ආයුෂ්මත්රෙවත තෙරණුවෝ ද සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරණුවෝ ද, ආයුෂ්මත් කාකණ්ඩක පුත්‍ර යස තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද (යන සතරනම දැ යි) ප්‍රාචීනක භික්ෂූන් සතරනමක් ද, පාවෙය්‍යක භික්ෂූන් සතරනමක් ද සඞ්ඝයා තෝරාගත්තේ ය. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියනලද එකක හෝ අර්ත්ථය නො දැනෙයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මේ අධිකරණය උබ්බාහිකාවෙන් සන්හිඳුවන්නට සඞ්ඝයා ප්‍රාචීනක භික්ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්ෂූන් සතරනම ද සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. සඞ්ඝො චත්තාරො පාචීනකෙ භික්ඛූ චත්තාරො පාවෙය්යකෙ භික්ඛූ සම්මන්නති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. යස්සායස්මතො ඛමති චතුණ්ණං පාචීනකානං භික්ඛූනං චතුණ්ණං පාවෙය්යකානං භික්ඛූනං සම්මුති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියන ලද එකක හෝ අර්ත්ථය නො දැනෙයි. මේ අධිකරණය උබ්බාහිකාවෙන් සන්හිඳුවන්නට සඞ්ඝයා ප්‍රාචීනක භික්ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්ෂූන් සතරනම ද සම්මත කරයි. උබ්බාහිකාවෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට ප්‍රාචීනක භික්ෂූන් සතරනම හා පාවෙය්‍යක භික්ෂූන් සතරනමගේ සම්මුතිය යම් ආයුෂ්මතක්හට රුචි වේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට රුචි නොවේ නම් හේ කියන්නේ ය.
සම්මතා සඞ්ඝෙන චත්තාරො පාචීනකා භික්ඛූ චත්තාරො පාවෙය්යකා භික්ඛූ උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
උබ්බාහිකාවෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට ප්‍රාචීනක භික්ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්ෂූන් සතරනම ද සඞ්ඝයා විසින් සම්මත කරන ලදහ. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි’යි.
21. තෙන ඛො පන සමයෙන අජිතො නාම භික්ඛු දසවස්සො සඞ්ඝස්ස පාතිමොක්ඛුද්දෙසකො හොති. අථ ඛො සඞ්ඝො ආයස්මන්තම්පි අජිතං සම්මන්නති ථෙරානං භික්ඛූනං ආසනපඤ්ඤාපකං. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: කත්ථ නු ඛො මයං ඉමං අධිකරණං වූපසමෙය්යාමාති. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: අයං ඛො වාලිකාරාමො රමණීයො අප්පසද්දො අප්පනිග්ඝොසො. යන්නූන මයං වාලිකාරාමෙ ඉමං අධිකරණං වූපසමෙය්යාමාති. අථ ඛො ථෙරා භික්ඛූ වාලිකාරාමං අගමංසු තං අධිකරණං විනිච්ඡිනිතුකාමා. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මන්තං සබ්බකාමිං විනයං පුච්ඡෙය්යන්ති. ආයස්මා සබ්බකාමී සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං රෙවතෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්යන්ති. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මන්තං සබ්බකාමිං එතදවොච.
21. එ සමයෙහි සඞ්ඝයාගේ පාමොක් උදෙසන්නෙක් වූ දසවස් ඇති අජිත නම් භික්ෂුනමක් වෙයි. ඉක්බිති සඞ්ඝයා ආයුෂ්මත් අජිත ස්ථවිර භික්ෂූන්ට අසුන් පනවන්නකු කොට සම්මත කෙළේ ය. ඉක්බිති “කොතැන දී අපි මේ අධිකරණය සන්හිඳුවමෝ දැ”යි ස්ථවිර භික්ෂූන්ට මේ අදහස විය. “මේ වාලිකාරාමය වනාහි සිත්කලු ය. අල්පශබ්ද ඇත්තේ ය. අල්පසොෂ ඇත්තේ ය. අපි මේ අධිකරණය වාලිකාරාමයේ දී සන්හිඳුවමෝ නම් ඉතා යෙහෙකැ”යි. ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ අධිකරණය විනිශ්චයකරනු කැමැත්තාහු වාලිකාරාමයට වැඩියාහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. “වහන්ස, සංඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන්ගෙන් විනය විචාරන්නෙමි.” ආයුෂ්මත් සබ්බකාමීතෙරණුවෝ සඞ්ඝයාට(මෙසේ)දැන්වූහ. “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් රේවත තෙරුන් විසින් විනය විචාරන ලද්දෙම් විසඳන්නෙමි”යි. ඉන්පසු ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවනට මෙය කීහ:
1. කප්පති භන්තෙ සිඞ්ගිලොණකප්පොති. කො සො ආවුසො සිඞ්ගිලොණකප්පොති. කප්පති භන්තෙ සිඞ්ගිනා ලොණං පරිහරිතුං යත්ථ අලොණකං භවිස්සති තත්ථ පරිභුඤ්ජිස්සාමාති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියං සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. සන්නිධිකාරකභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං පඨමං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං පඨමං සලාකං නික්ඛිපාමි.
1. වහන්ස, සිඞ්ගිලොණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ සිඞ්ගිලොණකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් තැනෙක ලුණු නැති භොජනයක් වන්නේ නම් එහි දී පරිභෝග කරන්නෙමි”යි (සලකා) අඟෙකින් ලුණු පරිහරණය කරන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්ෂේප කරන ලද දැ යි. සැවැත්නුවර දී ය. සූත්‍රවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැයි සන්නිධිකාරක භෝජනයෙහි පචිති ඇවැතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ පළමු වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරනලදි. මෙසේ ද මේ වස්තුව ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ පළමු සලාකය බහාතබමි.
2. කප්පති භන්තෙ ද්වඞ්ගුලකප්පොති. කො සො ආවුසො ද්වඞ්ගුලකප්පොති. කප්පති භන්තෙ ද්වඞ්ගුලාය ඡායාය වීතිවත්තාය විකාලෙ භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. රාජගහෙ සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. විකාලභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං දුතියං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං දුතියං සලාකං නික්ඛිපාමි.
2. වහන්ස, ද්වඞ්ගුලකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ද්වඞ්ගුලකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සෙවණැල්ල දැඟුලක් ඉක්මගිය කල්හි විකාලයෙහි භෝජනය වළඳන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැනදී ප්‍රතික්ෂේප කරන ලද දැ යි. රජගහ නුවර දී ය. සූත්‍රවිභඞ්ගයෙහි යැ’යි. කවර ඇවතකට පැමිණේ දැ යි. විකාලභොජන යෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මේ දෙවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදි. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ දෙවැනි සලාකය බහාතබමි.
3. කප්පති භන්තෙ ගාමන්තරකප්පොති. කො සො ආවුසො ගාමන්තරකප්පොති. කප්පති භන්තෙ ඉදානි ගාමන්තරං ගමිස්සාමීති භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියා සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. අනතිරිත්තභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං තතියං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං තතියං සලාකං නික්ඛිපාමි.
3. වහන්ස, ගාමන්තරකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ගාමන්තරකප්පය නම් කවරේ දැයි. වහන්ස, දැන් අනිත් ගමකට යන්නෙමි යි (සලකා) වළඳා අවසන් වූ පවාරණය කළ භික්ෂූව විසින් අයිරිත් නො කළ භෝජනය වළඳන්නට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යයි. කොතැන දී ප්රතික්ෂේපකරන ලද දැ යි. සැවැත්නුවර දීය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවැතකට පැමිණේ දැ යි. අනතිරිත්තභොජනයෙහි ද පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ තෙවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙහි බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින් මේ) තෙවැනි සලාකය බහා තබමි.
4. කප්පති භන්තෙ ආවාසකප්පොති. කො සො ආවුසො ආවාසකප්පොති. කප්පති භන්තෙ සම්බහුලා ආවාසා සමානසීමා නානුපොසථං කාතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. රාජගහෙ උපොසථසඤ්ඤුත්තෙති. කිං ආපජ්ජතීති. විනයාතිසාරෙ දුක්කටන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං චතුත්ථං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං ඉදං චතුත්ථං සලාකං නික්ඛිපාමි.
4. වහන්ස, ආවාසකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ආවාසකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සමාන සීමාවක් ඇති බොහෝ වූ ආවාසයන්හි වෙන් වෙන් ව පොහොය කිරීම කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැයි. කොතැන දී ප්‍රතික්ෂේප කරන ලද දැයි, රජගහ නුවර දී ය. උපොසථසංයුත්තයෙහි යැ යි. කවර ඇවැතකට පැමිණේ දැ යි. විනය ඉක්මවීමෙහි දුකුළා ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ සිවුවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදි. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත්කරන ලද්දකි. (එහෙයින්) මේ සිවුවැනි සලාකය බහාතබමි.
5. කප්පති භන්තෙ අනුමතිකප්පොති. කො සො ආවුසො අනුමතිකප්පොති. කප්පති භන්තෙ වග්ගෙන සඞ්ඝෙන කම්මං කාතුං ආගතෙ භික්ඛූ අනුමානෙස්සාමාති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. චම්පෙය්යකෙ විනයවත්ථුස්මින්ති. කිං ආපජ්ජතීති. විනයාතිසාරෙ දුක්කටන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං පඤ්චමං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං පඤ්චමං සලාකං නික්ඛිපාමි.
5. වහන්ස, අනුමතිකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ අනුමතිකප්පය නම් කවරේ ද යි. වහන්ස, භික්ෂූන් පැමිණි කල්හි අනුදන්නෙමු’යි (සලකා) වර්ග වූ සඞ්ඝයා විසින් කර්මයක් කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැයි. කොතැන දී ප්‍රතික්ෂේප කරනලද දැයි. චම්පානුවරදීය. (චම්පෙය්යකබන්ධකයෙහි) විනය වස්තුවෙහි යැයි කවර ඇවතකට පැමිණේ දැ යි. විනය ඉක්මවීමෙහි දුකුළා ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ පස්වැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ පස්වැනි සලාකය බහාතබමි.
6. කප්පති භන්තෙ ආචිණ්ණකප්පොති. කො සො ආවුසො ආචිණ්ණකප්පොති. කප්පති භන්තෙ ඉදං මෙ උපජ්ඣායෙන අජ්ඣාචිණ්ණං ඉදං මෙ ආචරියෙන අජ්ඣාචිණ්ණං තං අජ්ඣාචරිතුන්ති. ආචිණ්ණකප්පො ඛො ආවුසො එකච්චො කප්පති එකච්චො න කප්පතීති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං ඡට්ඨං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං ඡට්ඨං සලාකං නික්ඛිපාමි.
6. වහන්ස, ආචිණ්ණකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ආචිණ්ණකප්පය නම් කවරේ දැ යි. වහන්ස, මෙය මාගේ උපාධ්‍යායයන් වහන්සේ විසින් පුරුදුකරන ලදී. මෙය මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් පුරුදු කරන ලද යි (සලකා) එහි හැසිරෙන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඇතැම් ආචිණ්ණකප්පයක් කැප වෙයි. ඇතැම් ආචිණ්ණකප්පයක් නො කැප වෙයි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මේ සවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි, විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ සවැනි සලාකය බහාතබමි.
7. කප්පති භන්තෙ අමථිතකප්පොති. කො සො ආවුසො අමථිතකප්පොති. කප්පති භන්තෙ යං තං ඛීරං ඛීරභාවං විජහිතං අසම්පත්තං දධිභාවං, තං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පාතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියා සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. අනතිරිත්තභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං සත්තමං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං සත්තමං සලාකං නික්ඛිපාමි.
7. වහන්ස, අමථිතකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ අමථිතකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් කිරක් කිරිබව හළේ ද දීබවට නො පැමිණියේ ද අයිරිත් නො කළ ඒ කිරි (දන් වළඳා) අවසන් ව පවාරණය කළ භික්ෂූව විසින් බීමට කැප වෙයි දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්රතික්ෂෙපකරන ලද දැ යි. සැවැත් නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. අනතිරිත්ත භෝජනයෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ සත්වැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ සත්වැනි සලාකය බහාතබමි.
8. කප්පති භන්තෙ ජලොගිං පාතුන්ති කො සා ආවුසො ජලොගීති. කප්පති භන්තෙ යා සා සුරා ආසුතා අසම්පත්තා මජ්ජභාවං, සා පාතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. කොසම්බියං සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. සුරාමෙරයපානෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං අට්ඨමං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං අට්ඨමං සලාකං නික්ඛිපාමි.
8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් සුරාවක් නො පැසුණා ද, මද්‍ය බවට නො පැමිණියා ද එය බොන්නට කැප වේ දැයි. ඇවැත්නි, නො කැප වෙයි. කොතැන දී ප්‍රතික්ෂේප කරන ලද දැ යි. කොසඹෑ නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. රහමෙර පීමෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ අටවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ අටවැනි සලාකය බහාතබමි.
9. කප්පති භන්තෙ අදසකං නිසීදනන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියා සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. ඡෙදනකෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං නවමං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං නවමං සලාකං නික්ඛිපාමි.
9. වහන්ස, දහවලු රහිත නිසීදනය කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්ෂේප කරන ලද දැ යි. සැවැත් නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි ය යි. කවර ඇවතකට පැමිණේ දැ යි. සිඳිය යුත්තෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ නවවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ නවවැනි සලාකය බහාතබමි.
10. කප්පති භන්තෙ ජාතරූපරජතන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. රාජගහෙ සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. ජාතරූපරජතපටිග්ගහණෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං දසමං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං දසමං සලාකං නික්ඛිපාමි.
10. වහන්ස, රන්රිදී කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්ෂේප කරන ලද දැ යි. රජගහ නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. රන්රිදී පිළිගැනීමේ පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ දසවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ධර්මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ දශවැනි සලාකය බහාතබමි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමානි දස වත්ථූනි සඞ්ඝෙන විනිච්ඡිතානි. ඉතිපිමානි දසවත්ථූනි උද්ධම්මානි උබ්බිනයානි අපගතසත්ථුසාසනානීති. නිහතමෙතං ආවුසො අධිකරණං සන්තං වූපසන්තං සුවූපසන්තං. අපි ච මං ත්වං ආවුසො සඞ්ඝමජ්ඣෙපි ඉමානි දසවත්ථූනි පුච්ඡෙය්යාසි තෙසං භික්ඛූනං සඤ්ඤත්තියාති.
වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ දශවස්තූහු සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදහ. මෙසේ ද මේ දශවස්තූහු ධර්මයෙන් බැහැර කරන ලද්දාහ, විනයෙන් බැහැර කරන ලද්දාහ, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දාහ. ඇවැත්නි, මේ අධිකරණය සිඳින ලදී. ශාන්ත කරන ලදී. සන්හිඳුවන ලදි. මනාව සන්හිඳුවන ලද්දේ ය. ඇවැත්නි, තව ද නුඹ වහන්සේ සඞ්ඝයා මැද ද ඒ භික්ෂූන්ගේ දැනගැනීම පිණිස මේ දශවස්තූන් අසන්නහු නම් මැනවැ යි.
22. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මන්තං සබ්බකාමිං සඞ්ඝමජ්ඣෙපි ඉමානි දසවත්ථූනි පුච්ඡි. පුට්ඨො පුට්ඨො ආයස්මා සබ්බකාමී විස්සජ්ජෙසි. ඉමාය ඛො පන විනයසඞ්ගීතියා සත්ත භික්ඛුසතානි අනූනානි අනධිකානි අහෙසුං. තස්මායං විනයසඞ්ගීති සත්තසතිකාති වුච්චතීති.
22. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඟමැද ද ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන්ගෙන් මේ දශවස්තූන් විචාළහ. විචාරන ලද විචාරන ලද ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ විසඳූහ. මේ විනය සංගීතියට අඩු නැති ව වැඩි නැති ව සත්සියක් භික්ෂූහු වූහ. එහෙයින් මේ විනය සංගීතිය සත්තසතිකා යී කියනු ලැබේ යි.
සත්තසතිකක්ඛන්ධකං.
දොළොස්වැනි සත්තසතිකක්ඛන්ධක යි.
ඉමම්හි ඛන්ධකෙ වත්ථූ පඤ්චවීසති.
මේ ඛන්ධකයෙහි වස්තු පස්විස්සෙකි.
තස්සුද්දානං:
එහි උද්දානය:
1. දසවත්ථූනි පූරෙත්වා කම්මං දූතෙන පාවිසි චත්තාරො පුන රූපඤ්ච කොසම්බි ච පාවෙය්යකො.
1. දශවස්තු, (ලෝ තලියක් ජලයෙන්) පිරවීම, (පටිසාරණීය) කර්මය, අනුදූතයකු සමග පිවිසීම, උපක්ලේශ සතර, රන්රිදී පිළිබඳ දේශනා, කොසඹෑ නුවරට පැමිණීම, පාවෙය්‍යක භික්ෂූහු,
2. මග්ගො සොරෙය්යං සඞ්කස්සං කණ්ණකුජ්ජං උදුම්බරං අග්ගළං සහජාති ච අස්සොසි කන්නු ඛො මයං.
2. දීර්ඝ මාර්ගය, සොරෙය්‍ය, සඞ්කස්ස, කණ්ණකුජ්ජ, උදුම්බර, අග්ගළ, සහජාත යන නගරවලට පැමිණීම, වේසාලික භික්ෂූන් ඒ පුවත ඇසීම, අපි කවරකු පක්ෂ කරගනිමු දැයි සිතීම,
3. පත්තනාවාය උජ්ජවී රහොසි උපනාමයං ගරු සඞ්ඝො ච වෙසාලී මෙත්තා සඞ්ඝො උබ්බාහිකාති.
3. පැමිණි නැවකින් උඩුගං බලා යෑම, රහෝගත ව විසීම, පිරිකර එළවීම, ගුරුන් ඇසුරෙහි විසීම, සඞ්ඝයා විසාලා නුවරට පැමිණීම, මෙත්තාවිහාරය, සඞ්ඝයා රැස්වීම, භික්ෂූන් තෝරාගැනීම ද (යන වස්තුහු වෙත්.)
4. කම්මං ච පරිවාසො ච සමුච්චයො සමථොපි ච ඛුද්දං සෙනාසනං භෙදා වත්තූපොසථෙ භික්ඛුනී පඤ්චසති සත්තසතී ඛන්ධකා චුල්ලවග්ගම්හි [වුත්තා ද්වාදසමා සියුං]
4. කම්ම, පරිවාස, සමුච්චය, සමථ, ඛුද්දක (වත්ථු), සේනාසන (සඞ්ඝ) භේද, වත්ත, උපෝසථ (පාතිමෝක්ඛට්ඨපන), භික්ඛුනී, පඤ්චසතික, සත්තසතික යැ යි චුල්ලවග්ගයෙහි කියන ලද ඛන්ධකයෝ දොළොසෙක් වෙත්.
චුල්ලවග්ගො නිට්ඨිතො.
සුලුවග නිමි.