යෙදුමෙන් කියවන්න

පාරාජිකකණ‍්ඩො

1. 1.

1. 1.

පාරාජිකකණ‍්ඩො

පාරාජික කාණ්ඩය

යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පඨමං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තං, කං ආරබ‍්භ, කිස‍්මිං වත්‍ථුස‍්මිං, අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති, අනුපඤ‍්ඤත‍්ති, අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති, සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්ති, පදෙසපඤ‍්ඤත‍්ති, සාධාරණපඤ‍්ඤත‍්ති, අසාධාරණපඤ‍්ඤත‍්ති, එකතො පඤ‍්ඤත‍්ති, උභතො පඤ‍්ඤත‍්ති, පඤ‍්චන‍්නං පාතිමොක‍්ඛුද‍්දෙසානං කත්‍ථොගධං, කත්‍ථ පරියාපන‍්නං, කතමෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති, චතුන‍්නං විපත‍්තීනං කතමා විපත‍්ති. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතමො ආපත‍්තික‍්ඛන්‍ධො, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මති, කො තත්‍ථ විනයො, කො තත්‍ථ අභිවිනයො, කිං තත්‍ථ පාතිමොක‍්ඛං, කිං තත්‍ථ අධිපාතිමොක‍්ඛං, කා විපත‍්ති, කා සම‍්පත‍්ති, කා පටිපත‍්ති, කති අත්‍ථවසෙ පටිච‍්ච භගවතා පඨමං පාරාජිකං පඤ‍්ඤත‍්තං, කෙ සික‍්ඛන‍්ති, කෙ සික‍්ඛිතසික‍්ඛා, කත්‍ථ ඨිතං, කෙ ධාරෙන‍්ති, කස‍්ස වචනං, කෙනාභතන‍්ති :

ශික්‍ෂා පැණවීමෙහි කල් දන්නා වූ ශික්‍ෂා පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද ද, කවරක්හු ඇරැබැ පණවන ලද ද, කිනම් වස්තුවෙක්හි පණවන ලද ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද, සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද, ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද, පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොතන්හි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර, සම්පත්ති කවර, ප්‍රතිපත්ති කවර, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙද්ද, කවුරු හික්මුණු සිඛ ඇති යෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරද් ද, කවරක්හුගේ වචනයෙක් ද, කවරක්හු විසින් ගෙන එන ලද යැ යත් :

1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පඨමං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවනලද යැ, එය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : සුදින‍්නං කලන්‍දපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබැ පණවන ලද යැ යත්: සුදින්න කලන්‍ද පුත්‍රයා ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සුදින‍්නො කලන්‍දපුත‍්තො පුරාණදුතියිකාය මෙථුනං ධම‍්මං පටිසෙවි. තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුවෙක්හි යැ යත්: සුදින්න කලන්‍දපුත්‍ර පළමු තම භාර්‍ය්‍යයාව සමඟ මෙවුන්දම් සෙවී යැ, ඒ වස්තුවෙහි යැ.

අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති, අනුපඤ‍්ඤත‍්ති, අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්තීති : එකා පඤ‍්ඤත‍්ති, ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියො. අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථි.

එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකැ, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.

සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්ති පදෙසපඤ‍්ඤත‍්තීති : සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති.

සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.

සාධාරණපඤ‍්ඤත‍්ති අසාධාරණපඤ‍්ඤත‍්තීති : සාධාරණපඤ‍්ඤත‍්ති.

සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: සාධාරණපඤ්ඤත්ති යි.

එකතො පඤ‍්ඤත‍්ති උභතො පඤ‍්ඤත‍්තීති : උභතො පඤ‍්ඤත‍්ති.

ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති යැ යත්: උභතෝපඤ්ඤත්ති යි.

පඤ‍්චන‍්නං පාතිමොක‍්ඛුද‍්දෙසානං කත්‍ථොගධං, කත්‍ථ පරියාපන‍්නන‍්ති : නිදානොගධං නිදානපරියාපන‍්නං.

පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ, කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළති.

කතමෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡතීති : දුතියෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති.

කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.

චතුන‍්නං විපත‍්තීනං කතමා විපත‍්තීති : සීලවිපත‍්ති.

සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: සීලවිපත්ති යි.

සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතමො ආපත‍්තික‍්ඛන්‍ධොති : පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධො.

සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති, කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: එක් සමුට්ඨානයෙකින් නගියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී.

චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණන‍්ති : ආපත‍්තාධිකරණං.

සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.

සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මතීති ද‍්වීහි සමථෙහි සම‍්මති : සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච.

සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.

කො තත්‍ථ විනයො කො තත්‍ථ අභිවිනයොති : පඤ‍්ඤත‍්ති විනයො, විභත‍්ති අභිවිනයො.

එහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.

කිං තත්‍ථ පාතිමොක‍්ඛං කිං තත්‍ථ අධිපාතිමොක‍්ඛන‍්ති : පඤ‍්ඤත‍්ති පාතිමොක‍්ඛං, විභත‍්ති අධිපාතිමොක‍්ඛං.

එහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: පඤ්ඤත්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.

කා විපත‍්තීති : අසංවරො විපත‍්ති.

විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.

කා සම‍්පත‍්තීති : සංවරො සම‍්පත‍්ති.

සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.

කා පටිපත‍්තීති : න එවරූපං කරිස‍්සාමීති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු.

ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.

කති අත්‍ථවසෙ පටිච‍්ච භගවතා පඨමං පාරාජිකං පඤ‍්ඤත‍්තන‍්ති : දස අත්‍ථවසෙ පටිච‍්ච භගවතා පඨමං පාරාජිකං පඤ‍්ඤත‍්තං : සඞ‍්ඝසුට‍්ඨුතාය, සඞ‍්ඝඵාසුතාය, දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය, පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය, දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය, අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය, සද‍්ධම‍්මට‍්ඨිතියා, විනයානුග‍්ගහාය.

3. කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද: සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ. සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ, පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නසනු පිණිස යැ, නො පහන් පුඟුලන්ගේ පැහැදීම පිණිස යැ, පහන් පුඟුලන් බෙහෙවින් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.

කෙ සික‍්ඛන‍්තීති : සෙඛා ච පුථුජ‍්ජනකල්‍යාණකා ච සික‍්ඛන‍්ති.

කවුරු හික්මෙති යත්: ශෛක්‍ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.

කෙ සික‍්ඛිතසික‍්ඛාති : අරහන‍්තො සික‍්ඛිතසික‍්ඛා.

කවුරු ශික්‍ෂිතශික්‍ෂා ඇතියෝ යැ යත්: රහත්හු ශික්‍ෂිත ශික්‍ෂා ඇතියෝ යි.

කත්‍ථ ඨිතන‍්ති : සික‍්ඛා කාමෙසු ඨිතං.

කවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යැ.

කෙ ධාරෙන‍්තීති. යෙසං වත‍්තති තෙ ධාරෙන‍්ති.

කවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ඇද් ද, ඔහු දරත්.

කස‍්ස වචනන‍්ති : භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස.

කවරක්හුගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.

කෙනාභතන‍්ති : පරම‍්පරාභතං.

කවරක්හු විසින් ගෙන එන ලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදී.

1. උපාලි දාසකො චෙව සොණකො සිග‍්ගවො තථා, මොග‍්ගලිපුත‍්තෙන පඤ‍්චමා එතෙ ජම‍්බුසිරිව‍්හයෙ.

1. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ, එසේ ම සිග්ගව ස්ථවිර යැ. මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනිකොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.

2. තතො මහින්‍දො ඉට‍්ඨියො උත‍්තියො චෙව සම‍්බලො භද‍්දනාමො ච පණ‍්ඩිතො, එතෙ නාගා මහාපඤ‍්ඤා ජම‍්බුදීපා ඉධාගතා.

2. ඉක්බිති මහින්‍දයැ, ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්බල යැ, පණ්ඩිත වූ භද්දනාම යැ යන මහපැනැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.

3. විනයං තෙ වාචයිංසු පිටකං තම‍්බපණ‍්ණියා, නිකායෙ පඤ‍්ච වාචෙසුං සත‍්ත චෙව පකරණෙ.

3. ඔහු හෙළදිව්හි විනයපිටකය හැදෑරවූහ. සඟිපස ද ප්‍රකරණ සත ද හැදෑරවූහ.

4. තතො අරිට‍්ඨො මෙධාවී තිස‍්සදත‍්තො ච පණ‍්ඩිතො විසාරදො කාළසුමනො ථෙරො ච දීඝනාමකො, දීඝසුමනො ච පණ‍්ඩිතො.

4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨ යැ, පණ්ඩිත වූ තිස්සදත්ත යැ, විශාරද වූ කාළසුමන යැ. දීඝනාමස්ථවිර යැ, පණ්ඩිත වූ දීඝසුමන යැ.

5. පුනදෙව කාළසුමනො නාගත්‍ථෙරො ච බුද‍්ධරක‍්ඛිතො, තිස‍්සත්‍ථෙරො ච මෙධාවී දෙවත්‍ථෙරො ච පණ‍්ඩිතො.

5. වැළිදු කාළසුමන යැ, නාගස්ථවිර යැ, බුද්ධරක්ඛිත යැ, නුවණැති තිස්ස ස්ථවිර යැ, පණ්ඩිත වූ දෙවස්ථවිර යැ.

6. පුනදෙව සුමනො මෙධාවී විනයෙ ච විසාරදො, බහුස‍්සුතො චූළනාගො ගජො ව දුප‍්පධංසියො.

6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරද වූ සුමන ස්ථවිර යැ, අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත වූළනාග ස්ථවිර යැ.

7. ධම‍්මපාලිතනාමො ච රොහණො සාධුපූජිතො, තස‍්ස සිස‍්සො මහාපඤ‍්ඤො ඛෙමනාමො තිපෙටකො, දීපෙ තාරකරාජාව පඤ‍්ඤාය අතිරොචථ.

7. රෝහණවැසි සාධුන් විසින් පුදන ලද ධම්මපාල යන නම් ඇති තෙරණුවෝ යැ, ඔබගේ ශිෂ්‍ය ප්‍රාඥ මහා ත්‍රිපිටකධර බෙම නම් තෙරණුවෝ යැ, යන මොහු ප්‍රඥායෙන් හෙළදිව චන්‍ද්‍රයා මෙන් බැබළුණාහ.

8. උපතිස‍්සො ච මෙධාවී ඵුස‍්සදෙවො මහාකථී පුනදෙව සුමනො මෙධාවී පුප‍්ඵනාමො බහුස‍්සුතො.

8. නුවණැති උපතිස්ස තෙරණුවෝ යැ, මහා කථික පුස්සදේව තෙරණුවෝ යැ ඉක්බිති ප්‍රශස්ත නුවණැති සුමන තෙරණුවෝ යැ. (බහුශ්‍රුත පුප්ඵ නාම) පදුම නම් තෙරණුවෝ යැ. ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ මහාකථි මහාසීව තෙරණුවෝ යැ.

9. මහාකථී මහාසීවො පිටකෙ සබ‍්බත්‍ථ කොවිදො, පුනදෙව උපාලි මෙධාවී විනයෙ ච විසාරදො.

9. වැළිදු ප්‍රශස්ත නුවණැති විනයෙහි විශාර ද වූ උපාලි තෙරණුවෝ යැ. ශාසන වංශය දැනීමෙහි දක්‍ෂ මහාප්‍රාඥ මහානාග තෙරණුවෝ යැ,

10. මහානාගො මහාපඤ‍්ඤො සද‍්ධම‍්මවංසකොවිදො, පුනදෙව අභයො මෙධාවී පිටකෙ සබ‍්බත්‍ථ කොවිදො.

10. නැවත ද නුවණැති ත්‍රිපිටකයෙහි දක්‍ෂ අභය තෙරණුවෝ යැ. නුවණැති විනයෙහි දක්‍ෂ තිස්ස තෙරණුවෝ යැ.

11. තිස‍්සත්‍ථෙරො ච මෙධාවී විනයෙ ච විසාරදො, තස‍්ස සිස‍්සො මහාපඤ‍්ඤො පුප‍්ඵනාමො බහුස‍්සුතො, සාසනං අනුරක‍්ඛන‍්තො ජම‍්බුදීපෙ පතිට‍්ඨිතො

11. ඔබ ගේ ශිෂ්‍ය (ලක්දිවින් ගොස්) සසුන් රකිමින් දඹදිව වැඩසිටි මහාප්‍රාඥ බහුශ්‍රුත පුප්ඵනාම (සුමන) නම් තෙරණුවෝ යැ.

12. චූළාභයො ච මෙධාවී විනයෙ ච විසාරදො, තිස‍්සත්‍ථෙරො ච මෙධාවී සද‍්ධම‍්මවංසකොවිදො.

12. නුවණැති විනයෙහි ද දක්‍ෂ චූලාභය තෙරණුවෝ යැ, ප්‍රාඥ ශාසනවංශයෙහි දක්‍ෂ තිස්ස තෙරණුවෝ යැ.

13. ඵුස‍්සදෙවො ච මෙධාවී, විනයෙ ච විසාරදො, සිවත්‍ථෙරො ච මෙධාවී විනයෙ සබ‍්බත්‍ථ කොවිදො.

13. බුද්ධිමත් විනයෙහි ද විශාර ද පුස්සදේව තෙරණුවෝ යැ, නුවණැති විනයෙහි හැමතන්හි දක්‍ෂ සීව තෙරණුවෝ යැ.

14. එතෙ නාගා මහාපඤ‍්ඤා විනයඤ‍්ඤූ මග‍්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම‍්බපණ‍්ණියාති.

14. මහාප්‍රාඥ, විනය දන්නා, මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාශ්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවැසූහ.

2. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන දුතියං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කැරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් දෙවන පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවර දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ධනියං කුම‍්භකාරපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබැ යැ යත්: ධනිය කුම්භකාර පුත්‍රයා ඇරැබැ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ධනියො කුම‍්භකාරපුත‍්තො රඤ‍්ඤො දාරූනි අදින‍්නානි ආදියි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුවෙක්හි යැ යත්: ධනියකුම්භකාර පුතු රජහුගේ නුදුන් දැව ගත්තේය. ඒ වස්තුවෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො; සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො, සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයෙකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී.

3. තතියං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

3. තෙවන පරිජිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබැ යැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අඤ‍්ඤමඤ‍්ඤං ජීවිතා වොරොපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුවෙක්හි යැ යත්: බොහෝ භික්‍ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොරකළහ ඒ වස්තුවෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි,

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො, සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නොනගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගියි. කයින් නොනගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...

4. චතුත්‍ථං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.

4. සිවුවන පරිජිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබැ යැ යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ඇරැබැ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : වග‍්ගුමුදාතීරියා භික‍්ඛූ ගිහීනං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුවෙක්හි යැ යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූහු ඔවුනොවුන්ගේ ධ්‍යානාදී උතුරු මිනිස්දහම් පිළිබඳ ගුණ ගිහියන්ට කීහු. ඒ වස්තුවෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො, සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයෙකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...

චත‍්තාරො පාරාජිකා නිට‍්ඨිතා.

සතරපරිජි නිමි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

මෙථුනාදින‍්නදානඤ‍්ච මනුස‍්සවිග‍්ගහුත‍්තරි, පාරාජිකානි චත‍්තාරි ඡෙජ‍්ජවත්‍ථු අසංසයාති.

මෙවුන්දම හා අයිනාදන යැ, මිනිස්විකා යැ, උතුරු මිනිස්දම් යැ යන සතරපරිජි ඒකාන්තයෙන් ඡේද්‍යගාමී වස්තූහු වෙත්.