සඞ්ඝාදිසෙස කණ්ඩො
1. 2.
1. 2.
සඞ්ඝාදිසෙස කණ්ඩො
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො, කං ආරබ්භ. කිස්මිං වත්ථුස්මිං, අත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති , අනුප්පන්නපඤ්ඤත්ති, සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති, එකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්ති, පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නං, කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති, චතුන්නං විපත්තීනං කතමා විපත්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධො, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති, කො තත්ථ විනයො කො තත්ථ අභිවිනයො. කිං තත්ථ පාතිමොක්ඛං, කිං තත්ථ අධිපාතිමොක්ඛං, කා විපත්ති, කා සම්පත්ති, කා පටිපත්ති, කති අත්ථවසෙ පටිච්ච භගවතා උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො පඤ්ඤත්තො, කෙ සික්ඛන්ති, කෙ සික්ඛිතසික්ඛා, කත්ථ ඨිතං, කෙ ධාරෙන්ති, කස්ස වචනං, කෙනාභතන්ති :
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ (සිකපද පැණවීමෙහි කරුණු) දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවනලද ද එය කොතන්හි පණවන ලද ද කවරක්හු ඇරැබැ (පණවන ලද) ද කිනම් වස්තුවෙක්හි (පණවන ලද) ද එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණ පඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද පස් වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද එහි විනය කවරේ ද එහි අභිවිනය කවරේ ද එහි ප්රාතිමෝක්ෂය කිම එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම විපත්ති කවර යැ සම්පත්ති කවරයැ ප්‍රතිපත්ති කවරයැ කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලද ද, කවුරු හික්මෙද්ද කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද කොහි පිහිටියේ ද කවුරු දරද්ද කවරක්හුගේ වචනයෙක් ද කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවනලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං සෙය්යසකං ආරබ්භ.
කවරක්හු ඇරැබැ (පණවන ලද) ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණහු ඇරැබ ය.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා සෙය්යසකො හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණ අතින් උපක්‍රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුවෙහි ය.
අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙක අනුපඤ්ඤත්ති එකෙක අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථපඤ්ඤත්ති.
සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
එකතො පඤ්ඤත්ති : උභතොපඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ ය. නිදානයෙහි ඇතුළත් යැ.
කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : තතියෙ උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: සීලවිපත්ති යි.
සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සඞ්ඝාදිසෙසො පත්තික්ඛන්ධො.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නොනගී.
චතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තා ධිකරණ යි.
සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
කො තත්ථ විනයො කො තත්ථ අභිවිනයොති : පඤ්ඤත්ති විනයො, විභත්ති අභිවිනයො.
එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්ති විනය යැ, පදභාජනය අභිවිනය යි.
කිං තත්ථ පාතිමොක්ඛං කිං තත්ථ අධිපාතිමොක්ඛන්ති : පඤ්ඤත්ති පාතිමොක්ඛං, විභත්ති අධිපාතිමොක්ඛං.
එහි ප්රාතිමෝක්ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යත්: පඤ්ඤත්ති ප්රාතිමෝක්ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
කා විපත්තීති : අසංවරො විපත්ති.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
කා සම්පත්තීති : සංවරො සම්පත්ති.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
කා පටිපත්තීති : න එවරූපං කරිස්සාමීති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කති අත්ථවසෙ පටිච්ච භගවතා උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො පඤ්ඤත්තොති : දස අත්ථවසෙ පටිච්ච භගවතා උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො පඤ්ඤත්තො : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදි. සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්රියශීලභික්ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ. පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන් වූවන් ගේ පැහැදීම පිණිස යැ, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ. තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
කෙ සික්ඛන්තීති : සෙක්ඛා ච පුථුජ්ජනකල්යාණකා ච සික්ඛන්ති.
කවුරු හික්මෙද්ද යත්: ශෛක්ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
කෙ සික්ඛිතසික්ඛාති අරහන්තො සික්ඛිතසික්ඛා.
කවුරු හික්මුණු සිඛ ඇත්තෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කත්ථ ඨිතන්ති : සික්ඛාකාමෙසු ඨිතං.
කොහි පිහිටියේ ද යත්: ශික්ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කෙ ධාරෙන්තීති : යෙසං වත්තති තෙ ධාරෙන්ති.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වන පොත් ද, ඔහු දරත්.
කස්ස වචනන්ති : භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
කවරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනයි.
කෙනාභතන්ති : පරම්පරාභතං. උපාලි දාසකො චෙව -පෙ- තම්බපණ්ණියාති.
කවරක්හු විසින් ගෙන එනලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදි. උපාලි ස්ථවිරය, දායක ස්ථවිරය, ... තාම්රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තස්ස සංඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මිනිස් මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමක හා කාසසඟයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො-පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...
3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
3. මිනිස්මාගමකට (වසමඟ පසමඟ පිළිබඳ) තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමකට තුළුල් තෙපුල් කීය. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
4. මිනිස් මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමේ අනුසස් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
කවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබයැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං අභාසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීමේ අනුසස් කීයැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
5. සඤ්චරිත්තං සමාපජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
5. (ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනු එනු කරණ) සසුරුතු සඟ වෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
කවරක්හු ඇරැබ යැ යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී සඤ්චරිත්තං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ ස්ත්‍රීපුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනුඑනුවට පැමිණියේ යැ. ඒ වස්තුවෙහි යැ.
එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති න වාචතො න චිත්තතො, සියා වාචතො සමුට්ඨාති න කායතො න චිත්තතො, සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි වචනයෙන් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි කයින් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වවන යෙන් ද සිතින් ද නඟී. ...
6. සඤ්ඤාචිකා කුටිං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : ආළවියං පඤ්ඤත්තො.
6. තමා ඉල්වාගත් උපකරණයෙන් කිළියක් කරවන්නහු පිළිබඳ සඟ වෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
කං ආරබ්භාති : ආළවකෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබැ යැ යත්: අළව්පුරවැසි භික්ෂූන් ඇරැබැ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආළවකා භික්ඛූ සඤ්ඤාචිකාය කුටියො කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි භික්ෂූහු තමන් ඉල්වාගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්ති සමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...
7. මහල්ලකං විහාරං කාරාපෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : කොසම්බියං පඤ්ඤත්තො.
7. කරවා දෙන හිමියකු ඇති මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: කොසඹෑ නුවර දී පණවන ලදී.
කං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
කවරක්හු ඇරැබයැ යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරබැ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො විහාරවත්ථුං සොධෙන්තො අඤ්ඤතරං චෙතියරුක්ඛං ඡෙදාපෙසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ ගෙබිම හෙළි කරනුයේ එක්තරා සෑරුකක් සිඳ විය, ඒ වස්තුයෙහි ය.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...
8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
8. අමූලක වූ පරිජිඇවතින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: රජගහ නුවර දී පණවන ලදි.
කං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබැයැ යත්: මෙත්තිය භූම්මජක භික්ෂූන් ඇරැබැ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුතුහට අමූලක පරිජි ඇවතින් චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් (ජාත්යයාදී) දේශ ලේශ මාත්‍රයක් ගෙන මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබැ යැ යත්: මෙත්තිය භූම්මජක භික්ෂූන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රහට අඤ්ඤභාගීය අධිකරණයක්හුගේ කිසියම් දේශලේශ මාත්‍රයක් ගෙන පරිජි ඇවතින් චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
10. සඞ්ඝභෙදකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
10. තුන්යළ තාක් සමනුභාසනකම් කරණකල්හි (දෘෂ්ටිය) නොහරින සඞ්ඝභේදක මහණ පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: රජගහනුවරැදී පණවන ලදී.
කං ආරබ්භාති : දෙවදත්තං ආරබ්භ.
කවරක්හු ඇරැබැයැ යත්: දෙව්දත් මහණහු ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : දෙවදත්තො සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: දේවදත්ත මහණ සමගි සඞ්ඝයා බිඳුවීම පිණිස උත්සාහ කෙළේ ය, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
11. භෙදානුවත්තකානං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තානං සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො.
11. තුන්යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (දෘෂ්ටිය) නොහරින භේදානුවත්තක භික්ෂූන් පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: රජගහනුවර දී පණවන ලදි.
කං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබැ යැ යත්: බොහෝ භික්ෂූන් ඇරැබැ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ දෙවදත්තස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා අහෙසුං වග්ගවාදකා තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: ව්යග්රවාදී බොහෝ භික්ෂූහු සඞ්ඝභේදය කිරීමට වෑයම් කරන දෙව්දත් මහණහට අනුවර්තකයෝ වූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
12. දුබ්බචස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනා නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : කොසම්බියං පඤ්ඤත්තො.
12. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (දෘෂ්ටිය) නො හරින දුර්වච මහණහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දි පණවන ලදී.
කං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
කවරක්හු අරැබැ යැ යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං අකාසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තනු කළහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකැ.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
13. කුලදූසකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
13. තුන්යළ තාක් සමනුභාසනකම් කරණකල්හි (දෘෂ්ටිය) නොහරින කුලදූෂක මහණහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කං ආරබ්භාති : අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබයැ යත්: අස්සජි පුනබ්බසුක භික්ෂූන් ඇරැබැ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: අස්සජි පුනබ්බසුක භික්ෂූහු සඞ්ඝයා විසින් සඟරමින් නෙරණකම් කරණ ලද්දාහු කාරක භික්ෂූන් ඡන්දගාමීත්වයෙන් ද්වේෂගාමීත්වයෙන් මෝහගාමිත්වයෙන් භයගාමිත්වයෙන් යුක්ත කළහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
තෙරස සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
තෙළෙස් සඟවෙසෙස් නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
විසට්ඨි කායසංසග්ගං - දුට්ඨුල්ලං අත්තකාමතං, සඤ්චරිත්තං කුටී චෙව - විහාරො ච අමූලකං.
සුකුරුමිදීම ද කායසංසර්‍ගය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරිය ද සඤ්චරිත්තය ද කුටිකාරාපනය ද මහල්ලක විහාරය ද අමූලකය ද
කඤ්චි දෙසඤ්ච භෙදො ච - තස්සෙව අනුවත්තකා, දුබ්බචං කුලදූසඤ්ච - සඞ්ඝාදිසෙසා තෙරසාති.
කිඤ්චිදේසය ද සඞ්ඝභේදය ද සඞ්ඝභෙදානුවත්තකය ද දුබ්බචය ද කුලසූසනය ද යන සඟවෙසෙස් තෙළෙස යි.