අනියතකණ්ඩො
1. 3.
1. 3.
අනියතකණ්ඩො
අනියත කාණ්ඩය
යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අනියතො කත්ථ පඤ්ඤත්තො -පෙ- කෙනාභතන්ති.
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද ද, ... කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අනියතො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරම්භ.
කවරක්හු ඇරබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායි මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ හුදෙකලා වූයේ රහසිගත වූයේ හුදෙකලා වූ මාගමක හා මෛථූනසේවනයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙකැ හින, ඒ වස්තුයෙහි යැ.
අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යැ.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
සාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යි.
එකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්ති : එකතො පඤ්ඤත්ති.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළද් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : චතුත්ථෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති.
සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සියා පාරාජිකාපත්තික්ඛන්ධො, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො, සියා පාචිත්තියාපත්තික්ඛන්ධො.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී.
චතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධි කරණ යැ.
සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච සියා පටිඤ්ඤාතකරණෙන ච සියා තිණවත්ථාරකෙන ච.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: තුන් ශමථයෙන් සන්හිඳෙයි: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ.
කො තත්ථ විනයො කො තත්ථ අභිවිනයොති : පඤ්ඤත්තිවිනයො, විභත්ති අභිවිනයො.
එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
කිං තත්ථ පාතිමොක්ඛං කිං තත්ථ අධිපාතිමොක්ඛන්ති : පඤ්ඤත්ති පාතිමොක්ඛං, විභත්ති අධිපාතිමොක්ඛං.
එහි ප්රාතිමෝක්ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිමයැ යත්: පඤ්ඤත්තිය ප්‍රාති මෝක්ෂයැ. පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
කා විපත්තීති : අසංවරො විපත්ති.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
කා සම්පත්තීති : සංවරො සම්පත්ති.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
කා පටිපත්තීති : න එවරූපං කරිස්සාමීති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවි පමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කති අත්ථවසෙ පටිච්ච භගවතා පඨමො අනියතො පඤ්ඤත්තොති : දස අත්ථවසෙ පටිච්ච භගවතා පඨමො අනියතො පඤ්ඤත්තො : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය අප්පසන්නානං පසාදාය, පසන්නානං භීයොභාවාය සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමු වන අනියතසිකපදය පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුවන අනියත සිකපදය පණවන ලදි. සඞ්ඝයාගේ මනා බව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළැක්ම පිණිස යැ, පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන් ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
කෙ සික්ඛන්තීති : සෙඛා ච පුථුජ්ජනකල්යාණකා ච සික්ඛන්ති.
කවුරු හික්මෙද් ද යත්: ශෛක්ෂයෝ ද කලායාණපෘථග්ජනයෝ ද හික්මෙත්.
කෙ සික්ඛිතසික්ඛාති : අරහන්තො සික්ඛිතසික්ඛා.
කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කත්ථ ඨිතන්ති : සික්ඛාකාමෙසු ඨිතං.
කවුරුන් කෙරෙහි පිහිටියේ ද යත්: ශික්ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කෙ ධාරෙන්තීති : යෙසං වත්තති තෙ ධාරෙන්ති.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වනපොත් ද, ඔහු දරත්. කවුරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ වචන යි.
කස්ස වචනන්ති : භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
කවුරුන් විසින් ගෙන එන ලද ද යත්: පරපුරෙන් ගෙන එන ලදි.
කෙනාභතන්ති : පරම්පරාභතං, උපාලි දාසකො -පෙ- තම්බපණ්ණියාති.
උපාලිස්ථවිරය, දාසකස්ථවිරය, ... තාම්රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො අනියතො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙවැනි අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
කවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායි මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි යැ යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ රහසිගත වූයේ එකලා වූ මාගමක හා හින, ඒ වස්තුයෙහි යැ.
අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යැ.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි.
එකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
ඒකතෝ පඤ්ඤත්ති උභතෝ පඤ්ඤත්ති ද යත්: ඒකතෝ පඤ්ඤත්ති යි.
පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : චතුත්ථෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණෙයි.
චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො, සියා පාචිත්තියාපත්තික්ඛන්ධො.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින්ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
චතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධිකරණ යි.
සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : තීහි සමථෙහි සම්මති – සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා තිණවත්ථාරකෙන ච -පෙ-
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක්ශමථයෙන් සන්හිඳේයැ යත්: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ. ...
දෙව අනියතා නිට්ඨිතා.
දෙ අනියත සිකපද නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අලං කම්මනියඤ්චෙව - තථෙව ච න හෙව ඛො, අනියතා සුපඤ්ඤත්තා - බුද්ධසෙට්ඨෙන තාදිනාති.
අලංකම්මනිය ද එසේ ම නො මැ අලංකම්මනිය ද යන දෙ අනියත සිකපදයෝ තාදී ගුණැති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් මොනවට පණවන ලදහ.