යෙදුමෙන් කියවන්න

පාතිමොක‍්ඛුද‍්දෙසයාචන

පාතිමොක‍්ඛුද‍්දෙසයාචන

පාමොක් උදෙසුම් යැදුම

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතු පාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසින‍්නො හොති.

1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරැ මිගාරමාතු පාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඒ පොහෝ දිනයෙහි බික්සඟන විසින් පිරිවරන ලදු ව වැඩහුන් සේක.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පඨමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච:: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති නික‍්ඛන‍්තො පඨමො යාමො චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො උද‍්දිසතු භන‍්තෙ භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි.

එකලැ ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කලැ රෑ පළමු යම ඉක්මිකලැ හුනස්නෙන් නැඟී සිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලිබැඳ වැඳ “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. පළමු යම ඉක්මියේ ය. භික්‍ෂුසංඝ තෙමේ වැඩ හුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬව හුන් සේක.

දුතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ මජ‍්ඣිමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච:: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති නික‍්ඛන‍්තො මජ‍්ඣිමො යාමො චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො උද‍්දිසතු භන‍්තෙ භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති”. දුතියම‍්පි ඛො භගවා තුණ‍්හී අහොසි.

දෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි මැදුම් යම ඉක්මි කල්හි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ඉක්මියේ ය. භික්‍ෂුසංඝ තෙමේ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවනුව ද භාග්‍යවතුන් වහන්සේ නිහඬව හුන්සේක.

තතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පච‍්ඡිමෙ යාමෙ උද‍්ධස‍්තෙ අරුණෙ නන්‍දිමුඛියා රත‍්තියා උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති. නික‍්ඛන‍්තො පච‍්ඡිමො යාමො උද‍්ධස‍්තං අරුණං, නන්‍දිමුඛී රත‍්ති, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො. උද‍්දිසතු භන‍්තෙ භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති”.

තෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රැය ඉක්මි කල්හි පැසිම් යම ගෙවී අරුණු නැංග කල්හි රැය (පහන්වීමට ආසන්න බැවින්) නන්දිමුඛී නම් වේලාවෙහි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ, අරුණු නැඟිණ, රෑ නන්දිමුඛී නම් වේලාවය. බික්සඟ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසාවා”යි කීහ.

“අපරිසුද‍්ධා ආනන්‍ද පරිසා”ති.

“අනඳයෙනි, පිරිස අපිරිසුදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

2. අථ ඛො ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස එතදහොසි: “කං නු ඛො භගවා පුග‍්ගලං සන්‍ධාය එවමාහ: අපරිසුද‍්ධා ආනන්‍ද පරිසා”’ති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සබ‍්බාවන‍්තං භික‍්ඛුසඞ‍්ඝං චෙතසා චෙතො පරිච‍්ච මනසාකාසි. අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං දුස‍්සීලං පාපධම‍්මං අසුචිසංකස‍්සරසමාචාරං පටිච‍්ඡන‍්නකම‍්මන‍්තං අස‍්සමණං සමණපටිඤ‍්ඤං අබ්‍රහ‍්මචාරිං බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤං අන‍්තොපූතිං අවස‍්සුතං කසම‍්බුජාතං මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නං.

2. එවිට ඇවත් මහමුගලන් තෙරණුවනට, “භාග්‍යවතුන් වහන්සේ කවර නම් පුඟුලකු සඳහා, අනඳය, පිරිස අපිරිසුදු යැ යි වදාළ සේක් දෝ”’යි මේ සිත විය. එ කලැ ඇවත් මහමුගලන් තෙරණුවෝ මුළු මහත් බික්සඟන තමන් සිතින් ඔවුන් සිත් පිරිසිඳැ මෙනෙහි කළහ. ඇවත් මහ මුගලන් තෙරණුවෝ සිල් නැති, ලාමක සබා ඇති, අපිරිසුදු වූ, සැකයෙන් සිහි කළ යුතු හැසුරුම් ඇති, වැසුණු ක්‍රියා ඇති, අශ්‍රමණ වැ ශ්‍රමණ ප්‍රතිඥාව කරන, බඹසැරිමියි පිළින කරන නමුත් බඹසරක් නැති, සිතතුළ කුණු ගැසුණු, කෙලෙසින් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ පුඟුලා දුටුසේක.

දිස‍්වාන යෙන සො පුග‍්ගලො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං පුග‍්ගලං එතදවොච: “උට‍්ඨෙහි ආවුසො දිට‍්ඨොසි භගවතා. නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසො”ති. එවං වුත‍්තෙ සො පුග‍්ගලො තුණ‍්හී අහොසි.

දැක ඒ පුඟුලා කරා එළඹියහ. එළඹ ඔහු බණවා, “ඇවත නැගී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දේ වෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. මෙසේ කී කල්හි ඒ පුඟුල් තෙම නිහඬ විය.

දුතියම‍්පි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං එතදවොච: “උට‍්ඨෙහි ආවුසො, දිට‍්ඨොසි. භගවතා. නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසො”ති. දුතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි.

දෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත, නැගී සිටු, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. දෙවෙනි වර ද ඒ පුඟුල් තෙම නිහඬ විය.

තතියම‍්පි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං එතදවොච: “උට‍්ඨෙහි ආවුසො, දිට‍්ඨොසි භගවතා. නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසො”ති. තතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි.

තෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත නැගී සිටු, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළ සේක. තෙවෙනි වර ද ඒ පුඟුලා නිහඬ වැ හුන්නේ ය.

අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං බාහායං ගහෙත්‍වා බහිද‍්වාරකොට‍්ඨකා නික‍්ඛාමෙත්‍වා සූචිඝටිකං දත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: “නික‍්ඛාමිතො සො භන‍්තෙ පුග‍්ගලො මයා. පරිසුද‍්ධා පරිසා. උද‍්දිසතු භන‍්තෙ භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛන‍්ති”.

ඉක්බිති ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා අතින් අල්ලා ගෙන දොරටුයෙන් පිටතට නික්මවා සුචිඝටිකාව දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මා විසින් ඒ පුඟුලා නික්මැවිණ. පිරිස පිරිසුදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක් වා”යි වදාළහ.

“අච‍්ඡරියං මොග‍්ගල‍්ලාන, අබ‍්භුතං මොග‍්ගල‍්ලාන, යාව බාහාගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස‍්සතී”ති.

“මෞද්ගල්‍යානයෙනි, ආශ්චර්‍ය්‍ය ය. මෞද්ගල්‍යානයෙනි, අද්භූතය. ඒ හිස් පුරුෂ තෙමේ අත්ලා ගන්නා තෙක් ම බලාපොරොත්තු වූයේ වේ දැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.