යෙදුමෙන් කියවන්න

මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියා

මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියා

මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට

3. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: අට‍්ඨිමෙ භික‍්ඛවෙ මහාසමුද‍්දෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති. කතමෙ අට‍්ඨ?

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා මෙය වදාළ සේක: “මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මුහුදෙහි ඇලෙත් ද මුහුදෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:

මහාසමුද‍්දො භික‍්ඛවෙ අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො. යම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් ඇත්තේ නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ ය. පිළිවෙළින් නැඹුරු වූයේ ය, පිළිවෙළින් ඉදිරියට නැමුණේ ය, දිගට ම බෑවුම් ඇත්තේ නො වේ ය යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මේ ඒ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති. යම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති, අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

තව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නො යයි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නොයේ යන යමෙක් ඇද්ද, මෙය යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ මහමුහුදැ වූ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති. ථලං වා උස‍්සාදෙති. යම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති. ථලං වා උස‍්සාදෙති. අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ තතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො.

තව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද මළකුණක් හා එක් වැ නො වෙසෙයි. මහමුහුද යම් මළ කුණක් වේ ද එය වහා ම මුහුදු තෙරට පමුණුවයි, ගොඩට හෝ බායි. මහණෙනි, මහ මුහුද මළ කුණක් හා එක් ව නො වෙසෙයි, මහමුහුද යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවයි. ගොඩට බායි යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ මහමුහුදැ වූ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ යා කාචි මහානදියො සෙය්‍යථිදං: ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහාසමුද‍්දං පත‍්තා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. යම‍්පි භික‍්ඛවෙ යා කාචි මහානදියො ගඞ‍්ගා -පෙ- මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො -පෙ-

තව ද අනෙකෙකි. මහණෙනි, ගංගා යමුනා අචිරවතී සරයු මහී යන මහා නදීහු වෙත් ද, ඔහු මුහුදට පැමිණියාහු පළමු නම් ගොත් හැරදමත්. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි,...යම් මහානදී කෙනෙක්.. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක්..... මේ මහමුහුදැ වූ සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. යම‍්පි භික‍්ඛවෙ යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො -පෙ-

තව ද අනෙකෙකි. ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙකුත් වැටෙත් ද එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් නම්, අහසින් වැසිදහර කෙනෙකුන් වැටෙත් නම්, එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැනේය යන යමෙක්වේ ද මහණෙනි, යමක්... මෙය මහමුහුදේ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ මහාසමුද‍්දො එකරසො ලොණරසො. යම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දො එකරසො ලොණරසො. අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො -පෙ-

තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණුරස ඇත්තේ ය. මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණු රස ඇත්තේය යන යමෙක් ඇද්ද මහණෙනි, යමක්... මෙය ද මහ මුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො. තත්‍රිමානි රතනානි, සෙය්‍යථිදං: මුත‍්තා මණි වෙළුරියො සඞ‍්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතංකො මසාරගල‍්ලං. යම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො: තත්‍රිමානි රතනානි -පෙ- අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො -පෙ-

තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් වැදෑරුම් රුවන් ඇත්තේ ය. එහි මුතු ය, මැණික් ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා යැ, පබුළු යැ, රිදී යැ, රන් යැ, රත්මිණි යැ, මැසිරිගල් ය යන මේ රත්නයෝ වෙත්. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් රුවන් ඇත්තේ ය. එහි ... මේ රුවන් ඇත්තේ ය යන මෙය මහමුහුදෙහි සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

පුන ච පරං භික‍්ඛවෙ මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: තිමි තිමිඞ‍්ගලො තිමිරපිඞ‍්ගලො අසුරා නාගා ගන්‍ධබ‍්බා. සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා තියොජනසතිකාපි අත‍්තභාවා චතුයොජනසතිකාපි අත‍්තභාවා පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා. යම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො, තත්‍රිමෙ භූතා: තිමි -පෙ- සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා -පෙ- පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා අයං භික‍්ඛවෙ මහාසමුද‍්දෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද මහාභූතයනට වාසස්ථාන යැ. එහි තිමි යැ, තිමිංගල යැ, තිමිරපිංගල යැ, අසුර යැ, නාග යැ, ගන්‍ධර්‍ව යැ යන මේ සත්ත්‍වයෝ වෙත්. මහ මුහුදෙහි යොදුන් සියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් දෙසියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් තුන්සියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් පන්සියයක් වූ ආත්මභාවයෝ ද වෙත්. මහාසමුද්‍රය මහත් සත්ත්‍වයනට වාසස්ථාන වේ ද, එහි තිමි ය.... මේ භූතයෝ වෙත්, මහාසමුද්‍රයේ යොදුන් සියයක් වූ ආත්මභාවයෝ වෙත් ද... යොදුන් පන්සියයක් වූ ආත්මභාවයෝ වෙත් ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, මේ ඒ අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ. යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට යැ.

4. එවමෙව ඛො භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති. කතමෙ අට‍්ඨ?

4. මහණෙනි, එසේ ම යමක් දැක දැක භික්‍ෂූහු මේ ධර්‍ම විනයෙහි (මෙසස්නෙහි) ඇලෙත් ද, එසේ වූ මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙනෙක් වෙත්. කවර අට දෙනෙක් ද යත්:

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො. එවමෙව ඛො භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො. යම‍්පි භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

මහණෙනි, යම්සේ මහ මුහුද පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් නැත්තේ වේ ද, මහණෙනි, එසේ ම මෙ සස්නෙහි අනුපූර්‍ව හික්මීම, අනුපූර්‍ව ක්‍රියා පද්ධතිය, අනුපූර්‍ව පිළිවෙත වෙයි, කෙළින් ම එකෑවර රහත්බව පිළිවිදීමෙක් නො වේ. මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍ව හික්මීම ය, අනුපූර්‍ව ක්‍රියා පද්ධතිය, අනුපූර්වප්‍රතිපත්තිය, කෙළින් ම එකෑවර රහත්බව් නො පිළිවිදුනාබව යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය භික්‍ෂූන් දැක දැක මෙහි ඇලෙන මෙ සස්නෙහි පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති, එවමෙව ඛො භික‍්ඛවෙ යං මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං තං මම සාවකා ජීවිතහෙතූපි නාතික‍්කමන‍්ති. යම‍්පි භික‍්ඛවෙ මයා මම සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික‍්කමන‍්ති. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො -පෙ-.

මහණෙනි, යම්සේ මුහුද ස්ථිතධර්ම වූයේ ඉවුර නො ඉක්මවා ද, එසේ ම මා විසින් මාගේ සව්වනට යම් සිකපදයෙක් පනවන ලද ද මා සව්වෝ දිවි යතත් ඒවා නො ඉක්මෙත්, මහණෙනි, මා සව්වෝ මා පැනැ වූ සික පද දිවියතත් නො ඉක්මෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය .... මෙ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූත දෙවෙනි දහම ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති. එවමෙව ඛො භික‍්ඛවෙ යො සො පුග‍්ගලො දුස‍්සීලො පාපධම‍්මො අසුචි සඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො, න තෙන සඞ‍්ඝො සංවසති ඛිප‍්පඤ‍්ඤෙව තං සන‍්නිපතිත්‍වා උක‍්ඛිපති. කිඤ‍්චාපි ඛො සො හොති මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නො. අථ ඛො සො ආරකාව සඞ‍්ඝම‍්හා, සඞ‍්ඝො ච තෙන. යම‍්පි භික‍්ඛවෙ යො සො පුග‍්ගලො දුස‍්සීලො පාපධම‍්මො -පෙ- න තෙන සඞ‍්ඝො සංවසති ඛිප‍්පඤ‍්ඤෙව තං සන‍්නිපතිත්‍වා උක‍්ඛිපති. කිඤ‍්චාපි ඛො සො හොති මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නො. අථ ඛො සො ආරකාව සඞ‍්ඝම‍්හා, සඞ‍්ඝො ච තෙන. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ තතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං -පෙ-.

මහණෙනි, මහමුහුද යම්සේ මළකුණු හා එක්ව නො වෙසේ ද, මහමුහුද යම් මළකුණෙක් වේ නම්, එය වහා තීරයට පමුණුවා ද, ගොඩට ඔසොවා දමා ද, මහණෙනි, එසේ ම පාප ස්වභාව ඇති, අපිරිසිදු වූ සැකයෙන් සිහි කටයුතු හැසුරුම් ඇති, සැඟැවුණ ක්‍රියා ඇති මහණෙමි යි පිළින කරන නො මහණෙක් වූ, ඇතුළත කුණු වූ, කෙලෙසුන්ගෙන් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇති, යම් දුසිලෙක් වේ ද, සඞ්ඝයා ඔහු හා එක් ව නො වසයි. ඔහු සඟමැද උන්නත් සඞ්ඝයා රැස් ව අවහා ම ඔහු ඔසොවාදමයි. වැලිදු හේ සඞ්ඝයාගෙන් ඈත්හි ම වේ. සඞ්ඝයා ද ඔහු ගෙන් ඈත්හි වේ... මහණෙනි, මේ .... මෙ සස්නෙහි තුන් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ යා කාචි මහානදියො, සෙය්‍යථිදං: ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද‍්දං පත‍්තා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරොමෙ වණ‍්ණා ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා, තෙ තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, සමණා සක්‍යපුත‍්තියාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. යම‍්පි භික‍්ඛවෙ චත‍්තාරොමෙ වණ‍්ණා ඛත‍්තියා -පෙ- සමණා සක්‍යපුත‍්තියාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං -පෙ-.

මහණෙනි, යම්සේ ගංගා යමුනා අචිරවතී සරයූ මහී යන යම් මහානදී කෙනෙක් ඇද්ද, ඔහු මහමුහුදට පැමිණියාහු පළමු නම්ගොත් හරිත් ද මහමුහුද යැ යි ම සංඛ්‍යාවට (ව්‍යවහාරයට) පැමිණෙත් ද, මහණෙනි, එසේ ම මේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යැ යි සතර වර්‍ණ කෙනෙක් වෙත් ද, ඔහු තථාගතයන් විසින් දැන පවසන ලද ශාසනයෙහි පැවිදිවූවාහු පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යැ යි ම සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, මෙය... මේ සස්නෙහි සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති, යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. එවමෙව ඛො භික‍්ඛවෙ බහූ චෙපි භික‍්ඛූ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති, න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. යම‍්පි භික‍්ඛවෙ බහූ චෙපි භික‍්ඛූ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං -පෙ-.

මහණෙනි, යම්සේ යම් ජලධාරා කෙනෙක් මහමුහුදට වදිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩු බවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැනේ ද, මහණෙනි, එසේ ම බොහෝ භික්‍ෂූහු ද අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවෙත් ද, එයින් නිර්වාණධාතුවගේ ඌන බවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැනේ. මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවෙත් ද, එයින් නිර්‍වාණ ධාතුහුගේ ඌනත්වයෙක් හෝ පූර්ණත්වයෙක් නො පැනේ යන යමක් ඇද්ද, මෙය..මෙ සස්නෙහි පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො එකරසො ලොණරසො, එවමෙව ඛො භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො. යම‍්පි භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං -පෙ-.

මහණෙනි, යම්සේ මහමුහුද ලුණුරස ඇත්තේ එක් මැ රසයක් ඇත්තේ වේ ද, එසේ ම මේ ශාසනය ද විමුක්ති රසය ඇත්තේ එක් ම රසයක් ඇත්තේ වෙයි. මහණෙනි, මෙය... මෙ සස්නෙහි සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි, සෙය්‍යථිදං: මුත‍්තා මණි වෙළුරියො සඞ‍්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතකො මසාරගල‍්ලං, එවමෙවඛො භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො බහුරතනො අනෙකරතනො. තත්‍රිමානි රතනානි, සෙය්‍යථිදං: චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. යම‍්පි භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො බහුරතනො අනෙකරතනො තත්‍රිමානි රතනානි සෙය්‍යථිදං: චත‍්තාරො සතිපට‍්ඨානා -පෙ- අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං -පෙ-.

මහණෙනි, යම්සේ මහමුහුද බොහෝ රත්න ඇත්තේ, අනේක රත්න ඇත්තේ ද, ...එහි මුතු මැණික් වෙරළුමිණි, සක් ගල්, පබළු, රිදී, රත්රන්, රතුකැට, මැසිරිගල් යන මේ රත්නයෝ වෙත්.... එසේ ම මහණෙනි, මේ ශාසනය සතර සීවටන් යැ. සතර සම්‍යක් ප්‍රධන් යැ, සතර ඉදුපා යැ, පස් ඉඳුරෝ යැ, පස් බල යැ, සත් බොජඟ යැ, අරී අටැඟි මඟ යැ යන මේ රත්නයෝ වෙත්. මහණෙනි, මේ ශාසනය බොහෝ රත්න ඇත්තේ නොයෙක් රත්න ඇත්තේ වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය මෙ සස්නැ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: තිමි තිමිඞ‍්ගලො තිමිරපිඞ‍්ගලො අසුරා නාගා ගන්‍ධබ‍්බා. සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා තියොජනසතිකාපි අත‍්තභාවා චතුයොජනසතිකාපි අත‍්තභාවා පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා. එවමෙව ඛො භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: සොතාපන‍්නො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො සකදාගාමී සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අනාගාමී අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො අරහා අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො. යම‍්පි භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: සොතාපන‍්නො -පෙ- අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්තීති.

මහණෙනි, යම්සේ මහසයුර මහත් සතුනට වාසස්ථාන වේ ද, එහි තිමි ය තිමිංගලය, තිමිරපිංගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍ව ය යන මේ සත්තු වෙත්. මහණෙනි, මහමුහුදේ යොදුන් සියක් වූ අත්බව්හු ද යොදුන් දෙසියයක් වූ අත්බව්හු ද යොදුන් තුන්සියක් වූ අත්බව් ද යොදුන් සාරසියක් වූ අත්බව් ද යොදුන් පන්සියක් වූ අත්බව් ද ඇත්හ. එසේ ම මහණෙනි, මේ ශාසනය මහාභූතයනට වාසස්ථාන වේ. එහි සෝවන් ය, සෝවන්පල පසක් කරනුවට පිළිපන්නේ ය, සෙදැගැමි ය. සෙදැගැමිපල පසක් කරනුවට පිළිපන්නේ යැ. අනගැමි ය, අනගැමිපල පසක් කරනුවට පිළිපන්නේ ය, රහත් ය, රහත් පල පසක් කරනුවට පිළිපන්නේ ය යන මේ මහා සත්ත්‍වයෝ වෙත්. මහණෙනි, සස්න සෝවන් ... යන භූතයනට වාසස්ථාන වේ ද, මහණෙනි, මෙය යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් ද මේ ඒ අට වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ. මහණෙනි, මොහු වනාහි යම් දෑ දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් ද මේ මෙ සස්නෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට යැ.”

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණු නුවණින් සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක.

සුඡන‍්නමතිවස‍්සති විවටං නාතිවස‍්සති; තස‍්මා ඡන‍්නං විවරෙථ එවං තං නාතිවස‍්සතී’ති.

“මොනොවට වසාගන්නාලදුයේ ඉතා වසී (අවන් ඇවැත් සඟවනුයේ තව තවත් ඇවැත්නට පැමිණේ). වැසුම් හළේ ඉතා නො වසී (අවන් ඇවැත විවෘත කරනුයේ අන් ඇවැතකට නො පැමිණෙයි). එ හෙයින් වසන ලද ඇවැත විවෘත කරන්නේ ය (කළයුතු ය). මෙසේ එය ඉතා නො වසී යයි.

5. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: න දානාහං භික‍්ඛවෙ ඉතො පරං උපොසථං කරිස‍්සාමි පාතිමොක‍්ඛං උද‍්දිසිස‍්සාමි. තුම‍්හෙ’ව දානි භික‍්ඛවෙ ඉතො පරං උපොසථං කරෙය්‍යාථ පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාථ. අට‍්ඨානමෙතං භික‍්ඛවෙ අනවකාසො යං තථාගතො අපරිසුද‍්ධාය පරිසාය උපොසථං කරෙය්‍ය පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍ය. න ච භික‍්ඛවෙ සාපත‍්තිකෙන පාතිමොක‍්ඛං සොතබ‍්බං. යො සුණෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ යො සාපත‍්තිකො පාතිමොක‍්ඛං සුණාති තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙතුං.

5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, දැන් මෙයින් මතු මම් පොහෝ නො කරන්නෙමි, පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, තෙපි ම මෙයින් මතු පොහෝ කරවු, පාමොක් උදෙසවු. මහණෙනි, තථාගත තෙම නො පිරිසිදු පිරිසෙහි පොහෝ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය යන යමෙක් ඇද්ද, මෙය නො කරුණෙකි, වන්නට ඉඩක් නැති එකෙකි. මහණෙනි, ඇවැත් සහිතයා විසින් පාමොක් නො ම ඇසියැ යුතු, යමෙක් අසන්නේ ද දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇවැත් ඇති වැ යමෙක් පාමොක් අසන්නේ ද ඔහුට පාමොක් තබන්නට (නො දෙසා නවතන්නට) අනුදනිමි.

එවඤ‍්ච පන භික‍්ඛවෙ ඨපෙතබ‍්බං තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරිතබ‍්බං: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො සාපත‍්තිකො තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති ඨපිතං හොති පාතිමොක‍්ඛන‍්ති.

මහණෙනි, මෙසේ පාමොක් තැබියැයුතු: තුදුස්වක් වූ හෝ පසළොස්වක් වූ එ පොහෝ දිනෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟ මැදැදී (මෙසේ) ඉදිරිපත් කළයුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් පුද්ගල තෙමේ ආපත්ති සහිත ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියැයුතු. මෙසේ පාමොක් තබන ලද්දේ වෙයි.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ‘නාම‍්හෙ කොචි ජානාතී’ති සාපත‍්තිකාව පාතිමොක‍්ඛං සුණන‍්ති, ථෙරා භික‍්ඛූ පරචිත‍්තවිදුනො භික‍්ඛූනං ආරොචෙන‍්ති: “ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො ච ආවුසො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නාම‍්හෙ කොචි ජානාතීති සාපත‍්තිකාව පාතිමොක‍්ඛං සුණන‍්තී”ති. අස‍්සොසුං ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ‘ථෙරා කිර භික‍්ඛූ පරචිත‍්තවිදුනො අම‍්හෙ භික‍්ඛූනං ආරොචෙන‍්ති ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො ච ආවුසො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නාම‍්හෙ කොචි ජානාතීති සාපත‍්තිකාව පාතිමොක‍්ඛං සුණන‍්තී’ති. තෙ ‘පුරම‍්හාකං පෙසලා භික‍්ඛූ පාතිමොක‍්ඛං ඨපෙන‍්තී’ති පටිගච‍්චෙව සුද‍්ධානං භික‍්ඛූනං අනාපත‍්තිකානං අවත්‍ථුස‍්මිං අකාරණෙ පාතිමොක‍්ඛං ඨපෙන‍්ති.

එසමයෙහි වනාහි සවැගි මහණෝ “කිසිවකු අප නො දනිතැ’යි සාපත්තිකව ම පාමොක් අසත්. පරසිත් දන්නා ස්ථවිර භික්‍ෂූහු “ඇවැත්නි, මෙ නමැති මෙ නමැති සවැගි මහණහු “කිසිවකු අප නො දනිති’යි සිතා සාපත්තික ව ම පාමොක් අසත් යැ”යි භික‍්ෂුනට සැලකෙරෙත්. පරසිත් දන්නා ස්ථවිර භික්‍ෂූහු “මෙ නමැත්තේ ද මෙ නමැත්තේ ද යන සවැගි මහණහු කිසිවකු අප නො දනිතැ යි සාපත්තික ව පාමොක් අසති” යි අප (ගැන) භික්‍ෂුනට කියත් යැ යි සවැගි මහණෝ ඇසූහ. “ප්‍රියශීල භික්‍ෂූන් අපට පාමොක් තබන්නට (නවතන්නට) පෙර අපි ඔවුන්ගේ පාමොක් තබම්හ”යි කියා කල් තබා ම පිරිසුදු අනාපත්තික භික්‍ෂුනට අවස්තුයෙහි අකාරණයෙහි ඔහු පාමොක් තබත්.

යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සුද‍්ධානං භික‍්ඛූනං අනාපත‍්තිකානං අවත්‍ථුස‍්මිං අකාරණෙ පාතිමොක‍්ඛං ඨපෙස‍්සන‍්තී’ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං:

යම් භික්‍ෂු කෙනෙක් අල්පෙච්ඡ ද සන්තුෂ්ට ද ලජ්ජි ද කුකුස් කරන්නෝ ද ශික්‍ෂාකාමී ද ඔහු ‘කෙසේ නම් සවැගි මහණහු අනාපත්තික පිරිසුදු මහණුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් තබන්නාහු දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්, එකල ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

‘සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සුද‍්ධානං භික‍්ඛූනං අනාපත‍්තිකානං අවත්‍ථුස‍්මිං අකාරණෙ පාතිමොක‍්ඛං ඨපෙන‍්තී’ති. ‘සච‍්චං භගවා’. -පෙ-

“මහණෙනි, සවැගි මහණෝ අනාපත්තික පිරිසුදු මහණුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් තබත්ල. සැබෑ දැ”’ යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.

විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ සුද‍්ධානං භික‍්ඛූනං අනාපත‍්තිකානං අවත්‍ථුස‍්මිං අකාරණෙ පාතිමොක‍්ඛං ඨපෙතබ‍්බං. යො ඨපෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස”.

“සැබැව භාග්‍යවතුන් වහන්සැ”’යි ඔහු කීහ.... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, අනාපත්තික වූ ශුද්ධ භික්‍ෂුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් නො තැබියැයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ’යි වදාළසේක.

6. එකං භික‍්ඛවෙ අධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං එකං ධම‍්මිකං.

6. “මහණෙනි, නොදැහැමි පාමොක් තබනු එකෙක. දැහැමි පාමොක් තබනු එකෙක.

ද‍්වෙ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි ද‍්වෙ ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු දෙකෙක, දැහැමි පාමොක් තබනු ද දෙකෙක.

තීණි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි තීණි ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු තුනෙක, දැහැමි පාමොක් තබනු ද තුනෙක.

චත‍්තාරි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි චත‍්තාරි ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු සතරෙක, දැහැමි පාමොක් තබනු ද සතරෙක.

පඤ‍්ච අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි පඤ‍්ච ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු පසෙක දැහැමි පාමොක් තබනු ද පසෙක.

ඡ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි ඡ ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු සයෙක, දැහැමි පාමොක් තබනු ද සයෙක.

සත‍්ත අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි සත‍්ත ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු සතෙක, දැහැමි පාමොක් තබනු ද සතෙක.

අට‍්ඨ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි අට‍්ඨ ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු අටෙක, දැහැමි පාමොක් තබනු ද අටෙක.

නව අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි නව ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු නවයෙක, දැහැමි පාමොක් තබනු ද නවයෙක.

දස අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි දස ධම‍්මිකානි.

නොදැහැමි පාමොක් තබනු දසයෙක, දැහැමි පාමොක් තබනු ද දසයෙක.

7. කතමං එකං අධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. ඉදං එකං අධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං. කතමං එකං ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං: සමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති, ඉදං එකං ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

7. මහණෙනි, එක් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ නම් මේ එක් නොදැහැමි පාමොක් තබනු යැ. එක් දැහැමි පාමොක් තබනු කවර යැ: සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ නම්, මේ එක් දැහැමි පාමොක් තබනු යැ.

කතමානි ද‍්වෙ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. අමූලිකාය ආචාරවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. ඉමානි ද‍්වෙ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි ද‍්වෙ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති සමූලිකාය ආචාරවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. ඉමානි ද‍්වෙ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

නොදැහැමි පාමොක් තබනු දෙක කවර යැ: අමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ ද, අමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද, මේ නොදැහැමි පාමොක් තබනු දෙක යැ. දැහැමි පාමොක් තබනු දෙක කවර යැ: සමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ ද සමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද, මේ දැහැමි පාමොක් තබනු දෙක යැ.

කතමානි තීණි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති, ඉමානි තීණි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි තීණි ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. ඉමානි තීණි ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

තුන් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක ශීලවිපත්හි.... අමූලක ආචාර විපත්හි... අමූලක දෘෂ්ටිවිපත්හි පාමොක් තබන්නේ ද, මේ තුන් නොදැහැමි පාමොක් තබනු යැ. තුන් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක ශීලවිපත්හි... සමූලක ආචාර විපත්හි.... සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ තුන් දැහැමි පාමොක් තබනු යැ.

කතමානි චත‍්තාරි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. අමූලිකාය ආජීවවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. ඉමානි චත‍්තාරි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි චත‍්තාරි ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකාය සීලවිපත‍්තියා -පෙ- සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- සමූලිකාය ආජීවවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති. ඉමානි චත‍්තාරි ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

සතර නොදැහැමි පාමොක් තබනු කවර යැ; අමූලක ශීලවිපත්හි..... අමූලක ආචාර විපත්හි... අමූලක දෘෂ්ටි විපත්හි අමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ සතර නොදැහැමි පාමොක් තබනු යැ. සතර දැහැමි පාමොක් තබනු කවර යැ: සමූලක සිල්විපත්හි... සමූලක ආචාර විපත්හි... සමූලක දෘෂ්ටි විපත්හි..... සමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ සතර දැහැමි පාමොක් තබනු යැ.

කතමානි පඤ‍්ච අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකෙන පාරාජිකෙන පාතිමොක‍්ඛං ඨපෙති, අමූලිකෙන සඞ‍්ඝාදිසෙසෙන -පෙ- අමූලිකෙන පාචිත‍්තියෙන -පෙ- අමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- අමූලිකෙන දුක‍්කටෙන පාතිමොක‍්ඛං ඨපෙති. ඉමානි පඤ‍්ච අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි පඤ‍්ච ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකෙන පාරාජිකෙන -පෙ- සමූලිකෙන සඞ‍්ඝාදිසෙසෙන -පෙ-සමූලිකෙන පාචිත‍්තියෙන -පෙ- සමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- සමූලිකෙන දුක‍්කටෙන පාතිමොක‍්ඛං ඨපෙති, ඉමානි පඤ‍්ච ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

පස් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක පරිජි ඇවැතින් පාමොක් තබා ද, අමූලක සඟවෙසෙස් ඇවැතින්..... අමූලක පචිති ඇවැතින්... අමූලක පාටිදේසනීය ඇවැතින්.... අමූලක දුකුළා ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ පස් නොදැහැමි පාමොක් තබනු යැ. පස් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක පරිජි ඇවැතින්..... සමූලක සඟවෙසෙස් ඇවැතින්..... සමූලක පචිති ඇවැතින්..... සමූලක පාටිදේසනීය ඇවැතින්... සමූලක දුකුළා ඇවැතින් පාමොක් තබන්නේ ද මේ පස් දැහැමි පාමොක් තබනු යැ.

කතමානි ඡ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති අකතාය, අමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති කතාය, ඉමානි ඡ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි ඡ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති කතාය, ඉමානි ඡ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

නොදැහැමි පාමොක් තබනු සය කවර යැ: නො කරන ලද්දෙහි අමූලක සිල්විපතින්..... කරන ලද්දෙහි අමූලක ශීල විපත්හි.... නො කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද මේ සය නොදැහැමි පාමොක් තබනු යැ. දැහැමි පාමොක් තබනු සය කවර යැ: නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි..... කරන ලද්දෙහි සමූලක සිල් විපත්හි... නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි..... කරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ සය දැහැමි පාමොක් තබනු යැ.

කතමානි සත‍්ත අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකෙන පාරාජිකෙන පාතිමොක‍්ඛං ඨපෙති, අමූලිකෙන සඞ‍්ඝාදිසෙසෙන -පෙ- අමූලිකෙන ථුල‍්ලච‍්චයෙන -පෙ- අමූලිකෙන පාචිත‍්තියෙන -පෙ- අමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- අමූලිකෙන දුක‍්කටෙන -පෙ- අමූලිකෙන දුබ‍්භාසිතෙන පාතිමොක‍්ඛං ඨපෙති, ඉමානි සත‍්ත අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි සත‍්ත ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකෙන පාරාජිකෙන පාතිමොක‍්ඛං ඨපෙති, සමූලිකෙන සඞ‍්ඝාදිසෙසෙන -පෙ- සමූලිකෙන ථුල‍්ලච‍්චයෙන -පෙ- සමූලිකෙන පාචිත‍්තියෙන -පෙ- සමූලිකෙන පාටිදෙසනීයෙන -පෙ- සමූලිකෙන දුක‍්කටෙන -පෙ- සමූලිකෙන දුබ‍්භාසිතෙන පාතිමොක‍්ඛං ඨපෙති, ඉමානි සත‍්ත ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

සත් නො දැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක පරිජි ඇවැතින්..... අමූලක සඟවෙසෙස් ඇවැතින්..... අමූලක තුලැසි ඇවැතින්..... අමූලක පචිති ඇවැතින්... අමූලක පාටිදේසනීය ඇවැතින්..... අමූලක දුකුළා ඇවැතින්... අමූලක දුබැසි ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ සත් නොදැහැමි පාමොක් තබනු යැ. සත් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක පරිජි ඇවැතින්.... සමූලක සඟවෙසෙස් ඇවැතින්..... සමූලක තුලැසි ඇවැතින්..... සමූලක පචිති ඇවැතින්... සමූලක පාටිදේසනීය ඇවැතින්.... සමූලක දුකුළා ඇවැතින්... සමූලක දුබැසි ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ සත් දැහැමි පාමොක් තබනු ය.

කතමානි අට‍්ඨ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති අකතාය, අමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය ආජීවවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය ආජීවවිපත‍්තියා -පෙ- කතාය. ඉමානි අට‍්ඨ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි අට‍්ඨ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති අකතාය, සමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය ආජීවවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය ආජීවවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති කතාය, ඉමානි අට‍්ඨ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

අට නො දැහැමි පාමොක් තබනු කවර යැ: නොකරන ලද්දෙහි අමූලක සිල් විපත්හි... කරන ලද්දෙහි අමූලක සිල් විපත්හි... නොකරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි... නො කරන ලද්දෙහි අමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද්දෙහි අමූලක දෘෂ්ටි විපත්හි... නො කරන ලද්දෙහි අමූලක ආජීව විපත්හි... කරන ලද්දෙහි අමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ අට නො දැහැමි පාමොක් තබනු යැ. අට දැහැමි පාමොක් තබනු කවර යැ; නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි... කරන ලද්දෙහි සමූලක සිල්විපත්හි... නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි.... කරන ලද්දෙහි සමූලක දෘෂ්ටිවිපත්හි.... නොකරන ලද්දෙහි සමූලක ආජීවවිපත්හි... කරන ලද්දෙහි සමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ අට දැහැමි පාමොක් තබනු යැ.

කතමානි නව අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: අමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති අකතාය, අමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාකතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාකතාය. අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- අකතාය, අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- කතාය, අමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති කතාකතාය, ඉමානි නව අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි නව ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: සමූලිකාය සීලවිපත‍්තියා පාතිමොක‍්ඛං ඨපෙති අකතාය, සමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය සීලවිපත‍්තියා -පෙ- කතාකතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය ආචාරවිපත‍්තියා -පෙ- කතාකතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- අකතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ- කතාය, සමූලිකාය දිට‍්ඨිවිපත‍්තියා -පෙ-– කතාකතාය. ඉමානි නව ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

නව නොදැහැමි පාමොක් තබනු කවර යැ? නොකරන ලද්දෙහි අමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද අමූලික සිල් විපත්හි ... කරන ලද නොකරන ලද අමූලක සිල් විපත්හි..... නොකරන ලද අමූලක ආචාර විපත්හි... කරන ලද අමූලක ආචාර විපත්හි.... කරන ලද නො කරන ලද අමූලක ආචාර විපත්හි......... නො කරන ලද අමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද අමූලක දෘෂ්ටි විපත්හි.... කරන ලද නොකරන ලද අමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේද, මේ නව නොදැහැමි පාමොක් තබනු යැ. නව දැහැමි පාමොක් තබනු කවර යැ? නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහි සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහිත් නොකරන ලද්දෙහිත් සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි - නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහිත් නො කරන ලද්දෙහිත් සමූලක ආචාර විපත්හි, කරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද්දෙහිත් නො කරන ලද්දෙහිත් සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ නව දැහැමි පාමොක් තබනු යැ.

කතමානි දස අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි: න පාරාජිකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති, න පාරාජිකකථා විප‍්පකතා හොති; න සික‍්ඛං පච‍්චක‍්ඛාතකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති, න සික‍්ඛං පච‍්චක‍්ඛාතකථා විප‍්පකතා හොති, ධම‍්මිකං සාමග‍්ගිං උපෙති, න ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියති, න ධම‍්මිකාය සාමග‍්ගියා පච‍්චාදානකථා විප‍්පකතා හොති, න සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති, න ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති, න දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති. ඉමානි දස අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. කතමානි දස ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි? පාරාජිකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති, පාරාජිකකථා විප‍්පකතා හොති, සික‍්ඛං පච‍්චක‍්ඛාතකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති, සික‍්ඛං පච‍්චක‍්ඛාතකථා විප‍්පකතා හොති, ධම‍්මිකං සාමග‍්ගිං න උපෙති, ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියති, ධම‍්මිකාය සාමග‍්ගියා පච‍්චාදානකථා විප‍්පකතා හොති, සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති, ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති, දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති. ඉමානි දස ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

දස නොදැහැමි පාමොක් තබනු කවර යැ? පරිජි ඇවැත් අවන්නෙක් එ පිරිසෙහි නො හුන්නේ වේ ද, පරිජිය පිළිබඳ කථාවෙක් නො අඩාළ වේ ද, ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළෙක් එ පිරිසෙහි නො හුන්නේ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළක්හු පිළිබඳ කථාවෙක් අඩාළ නො වේ ද, දැහැමි සමගියකට නො එළැඹේ ද, දැහැමි සමගියක් නො පිළිගනී ද, දැහැමි සමගියක් පිළිගැන්ම පිළිබඳ කථාවෙක් අඩාළ නො වේ ද, සිල්විපත්හි දුටුයෙක් ඇසූයෙක් සැක කළෙක් නො වේ ද, ආචාර විපත්හි දුටු ඇසූ සැක කළෙක් නො වේ ද, දෘෂ්ටි විපත්හි දුටු ඇසූ සැකකළෙක් නො වේ ද, මේ දස නොදැහැමි පාමොක් තබනු යැ. දස දැහැමි පාමොක් තබනු කවර යැ? පරිජි අවන්නෙක් ඒ පිරිසෙහි උන්නේ වේ ද, පරිජි අවන්නක්හු පිළිබඳ කථාවෙක් අඩාළ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළෙක් එ පිරිසෙහි උන්නේ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළක්හු පිළිබඳ කථාව අඩාළ වේ ද, දැහැමි සමගියට නො එළැඹේ ද, දැහැමි සමගිය නො පිළිගනී ද, දැහැමි සමගිය පිළිගැන්ම ගැන කථාව අඩාළ වේ ද, සිල්විපත්හි දුටු ඇසූ සැකකළෙක් වේ ද, ආචාර විපත්හි දුටු ඇසූ සැක කළෙක් වේ ද, දිටුවිපත්හි දුටු ඇසූ සැක කළෙක් වේ ද, මේ දසය දැහැමි පාමොක් තබනු යැ.

8. කථං පාරාජිකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති: ඉධ භික‍්ඛවෙ යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි පාරාජිකස‍්ස ධම‍්මස‍්ස අජ‍්ඣාපත‍්ති හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තං. න හෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තං. අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ‘ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නො’ති.

8. කෙසේ නම් පැරැදියෙක් එ පිරිසෙහි හුන්නේ වෙයි ද? මහණෙනි, මෙහි යම් ආකාරවලින් යම් ලකුණුවලින් යම් නිමිති වලින් පරිජි ඇවැතට පැමිණීමෙක් වේ ද, ඒ ආකාර ලක්‍ෂණ නිමිත්ත වලින් මහණෙක් පරිජි ඇවැතට අවදනා මහණක්හු දකී. එ මහණහු පරිජි ඇවැතට අවදින්නහු තෙමේ නො දකී. එහෙත් මහණෙක් මහණකුට ‘මෙ නම් මහණ පරිජි ඇවැතට අවනැ’යි කියයි. මහණ තෙම මහණකු පරිජි ඇවැතට අවදින්නහු නො ම දකී. අන් මහණෙකුත් ‘මෙ නම් මහණ පරිජි ඇවැතට අවන්නේය’යි මහණකුට සැල කරයි.

නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තං. නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ‘ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නො’ති. අපි ච සො’ව භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ‘අහං ආවුසො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නො’ති.

මහණෙක් මහණකු නො ම දකි. අන් මහණෙකුත් මහණකුට ‘මෙ නම් මහණ; පරිජි ඇවැත් අවතැ’යි නො ද කියයි. වැලි දු ඒ මහණ ම ‘ඇවැත, මම් පරිජි ඇවැත් අවන්මි’යි කියයි.

ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය:

මහණෙනි, මහණ තෙම කැමැත්තේ නම් ඒ දුටු දැයින්, ඒ ඇසූ දැයින්, ඒ සැකයෙන් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝ දිනෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය (කළයුතු):

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නො තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති”. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

“වහන්ස, සඞ්ඝ තෙමෙ මා කියන්නක් අසාවා. මෙ නම් මහණ පරිජි ඇවැත් අවන. ඔහුට පාමොක් තබමි (වළක්වමි). ඔහු හමු වූ කලැ පාමොක් නො උදෙසියැයුතු’ යැ යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.

“භික‍්ඛුස‍්ස පාතිමොක‍්ඛෙ ඨපිතෙ පරිසා වුට‍්ඨාති දසන‍්නං අන‍්තරායානං අඤ‍්ඤතරෙන: රාජන‍්තරායෙන වා චොරන‍්තරායෙන වා අග‍්ග්‍යන‍්තරායෙන වා උදකන‍්තරායෙන වා මනුස‍්සන‍්තරායෙන වා අමනුස‍්සන‍්තරායෙන වා වාළන‍්තරායෙන වා සිරිංසපන‍්තරායෙන වා ජීවිතන‍්තරායෙන වා බ්‍රහ‍්මචරියන‍්තරායෙන වා, ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ, භික‍්ඛු තස‍්මිං වා ආවාසෙ අඤ‍්ඤස‍්මිං වා ආවාසෙ තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය: –

මහණකුට පාමොක් තැබූ කල්හි, රජුන්ගෙන් වූ උවදුරෙකින් හෝ සොරුන්ගෙන් වූ උවදුරෙකින් හෝ ගින්නෙන් වූ උවදුරෙකින් හෝ දියෙන් වූ උවදුරෙකින් හෝ මිනිසුන්ගෙන් වූ උවදුරෙකින් හෝ අමනුෂ්‍ය උවදුරෙකින් හෝ චණ්ඩ මෘගයන්ගෙන් වූ උවදුරෙකින් හෝ සර්‍පයන්ගෙන් වූ උවදුරෙකින් හෝ ජීවිතයට වියැහැකි උවදුරෙකින් හෝ මහණදමට වියැහැකි උවදුරෙකින් හෝ මේ දස උවදුරු අතුරෙන් එක්තරා උවදුරෙකින් පිරිස නැගී සිටී ද, මහණෙනි, මහණ තෙම කැමැති වන්නේ වී නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයෙක්හි හෝ ඒ පුද්ගලයා හමු වූ කල්හි සඟමැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය (කළයුතු):

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස පුග‍්ගලස‍්ස පාරාජිකකථා විප‍්පකතා. තං වත්‍ථුං අවිනිච‍්ඡිතං. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො තං වත්‍ථුං විනිච‍්ඡිනෙය්‍යාති”.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ බස් අසාවා. මෙ නම් පුඟුලා පිළිබඳ වැ පරිජි කතාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය (විනිශ්චය කෙරේවා)”.

එවඤ‍්චෙතං ලභෙථ ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභෙථ තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරිතබ‍්බං:

මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව, ඉදින් නො ලබන්නේ නම් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් දවසැ ඒ පුඟුලහු හමු වූ කලැ සඟමැදැ දී (මෙසේ) ඉදිරිපත් කළයුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස පුග‍්ගලස‍්ස පාරාජිකකථා විප‍්පකතා. තං වත්‍ථු අවිනිච‍්ඡිතං. තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි, න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති”.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් පුඟුලා පිළිබඳ පරිජි කථාව අඩාළ ව ඇත. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියැයුතු” යනුවෙනි.

ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

මේ දැහැමි පාමොක් තැබීම යි.

9. කථං සික‍්ඛං පච‍්චක‍්ඛාතකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති: ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි සික‍්ඛා පච‍්චක‍්ඛාතා හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති සික‍්ඛං පච‍්චක‍්ඛන‍්තං, නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති සික‍්ඛං පච‍්චක‍්ඛන‍්තං, අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ‘ඉත්‍ථන‍්නාමෙන ආවුසො භික‍්ඛුනා සික‍්ඛා පච‍්චක‍්ඛාතා’ති. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති සික‍්ඛං පච‍්චක‍්ඛන‍්තං, නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ‘ඉත්‍ථන‍්නාමෙන ආවුසො භික‍්ඛුනා සික‍්ඛා පච‍්චක‍්ඛාතා’ති, අපි ච සොව භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති මයා ආවුසො සික‍්ඛා පච‍්චක‍්ඛාතා’ති. ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය:

9. කෙසේ නම් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කෙළෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි: මහණෙනි, මෙහි මහණෙක් යම් ආකාර ලිංග නිමිත්තවලින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙයි ද, ඒ ආකාර ලිංග නිමිත්තවලින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කරන මහණහු මහණෙක් දක්නේ ද, වැලිදු මහණ තමා ම ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කරන්නහු නො දකී ද, එහෙත් අන් මහණෙක් මහණකුට ‘මෙනම් මහණ විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන යැ යි සැලකෙරෙයි ද, එහෙත් තෙමේ එ මහණහු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරන්නහු නො දක්නේ ද, අන් මහණෙකුත් එ මහණහට “ඇවැත, මෙ නම් මහණ විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන යැ යි නො කියන්නේ ද, වැලිදු ඒ මහණ ම “ඇවැත මා විසින් ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන යැ යි මහණකුට සැල කරන්නේ ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ කැමැති වන්නේ නම් ඒ දුටු ඇසූ සැකකළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනැ ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, ඉත්‍ථන‍්නාමෙන පුග‍්ගලෙන සික‍්ඛා පච‍්චක‍්ඛාතා තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති” ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

“සඞ්ඝ තෙමේ මා කියන බස් අසාවා. මෙනම් පුඟුලා විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කලැ පාමොක් න උදෙසියැයුතු” යනුවෙනි. (මෙසේ වූ) පාමොක් තැබීම දැහැමි ය.

“භික‍්ඛුස‍්ස පාතිමොක‍්ඛං ඨපිතෙ පරිසා වුට‍්ඨාති දසන‍්නං අන‍්තරායානං අඤ‍්ඤතරෙන රාජන‍්තරායෙන වා -පෙ- බ්‍රහ‍්මචරියන‍්තරායෙන වා, ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ, භික‍්ඛු තස‍්මිං වා ආවාසෙ අඤ‍්ඤස‍්මිං වා ආවාසෙ තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය:

මහණක්හට පාමොක් තැබූ කල්හි රාජ චෝර ... බ්‍රහමචර්‍ය්‍යයා අන්තරාය යන දස උවදුරින් යම් එකෙකින් පිරිස නැඟී සිටී ද, මහණෙනි, ඒ මහණ කැමැති වන්නේ නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයෙක දී හෝ ඒ පුඟුලා හමු වූ කලැ සඟ මැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස පුග‍්ගලස‍්ස සික‍්ඛං පච‍්චක‍්ඛාතකථා විප‍්පකතා තං වත්‍ථු අවිනිච‍්ඡිතං. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො තං වත්‍ථුං විනිච‍්ඡිනෙය්‍යා”ති. එවඤ‍්චෙතං ලභෙථ ඉච‍්චෙතං කුසලං, නො චෙ ලභෙථ තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරිතබ‍්බං. සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස පුග‍්ගලස‍්ස සික‍්ඛං පච‍්චක‍්ඛාතකථා විප‍්පකතා තං වත්‍ථු අවිනිච‍්ඡිතං. තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති”. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

සඞ්ඝ තෙමේ මබස් අසාවා. මෙනම් පුඟුලා ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළ කථාව අඩාළ විය, ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝ තෙමේ සුදුසු කල් වී නම්, ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය.” යනුවෙනි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි ය. [missing trans]

10. කථං ධම‍්මිකං සාමග‍්ගිං න උපෙති: ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි ධම‍්මිකාය සාමග‍්ගියා අනුපගමනං හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ධම‍්මිකං සාමග‍්ගිං න උපෙන‍්තං. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ධම‍්මිකං සාමග‍්ගිං න උපෙන‍්තං. අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු ධම‍්මිකං සාමග‍්ගිං න උපෙතීති.

10. කෙසේ නම් දැහැමි සමගියකට නො පැමිණේ ද යත්: මහණෙනි, මෙහි වනාහි මහණකුගේ යම් ආකාර ලිංග නිමිති වලින් දැහැමි සමගියකට නො එළැඹීමෙක් වේ ද, ඒ ආකාර ලිංග නිමිතිවලින් යුත්, දැහැමි සමගියකට නො එළැඹෙන මහණක්හු මහණෙක් දකී. වැලිදු දැහැමි සමගියට එ මහණහු නො එළැඹෙන්නා නො ම දකී. එහෙත් අන් මහණෙක් ‘මෙ නම් මහණ දැහැමි සමගියට නො පැමිණේ යැ යි මහණකුට කියයි.

නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ධම‍්මිකං සාමග‍්ගිං න උපෙන‍්තං, නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු ධම‍්මිකං සාමග‍්ගිං න උපෙතී’ති. අපි ච සො’ව භික‍්ඛුස‍්ස ආරොචෙති ‘අහං ආවුසො ධම‍්මිකං සාමග‍්ගිං න උපෙමී’ති. ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය:

මහණ තෙම දැහැමි සමගියට නො පැමිණෙන මහණහු ද නො ම දකී, අන් මහණෙකුත් මෙනම් මහණ, දැහැමි සමගියට නො පැමිණේ යැ යි මහණකුට නො ද කියයි. වැලිදු ඒ මහණ ම ‘ඇවැත, මම දැහැමි සමගියට නො පැමිණෙමි” යි කියයි. මහණෙනි, මහණ තෙම කැමැති වනුයේ ඒ දුටු දැයින් ඒ ඇසූ දැයින් ඒ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දවසෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැදැදී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො ධම‍්මිකං සාමග‍්ගිං න උපෙති. තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති”. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මෙනම් පුඟුලා දැහැමි සමගියට නො පැමිණෙයි. ඔහුට පාමොක් තබමි. ඔහු හමු ව සිටි කල්හි පාමොක් නො උදෙසියැයුතු” යනුවෙනි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි යි.

“කථං ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි ධම‍්මිකාය සාමග‍්ගියා පච‍්චාදානං හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියන‍්තං. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියන‍්තං. අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති: ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියතීති. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියන‍්තං. නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ‘ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියතීති. අපි ච සො’ව භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති “අහං ආවුසො ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියාමී”ති. ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො ධම‍්මිකං සාමග‍්ගිං පච‍්චාදියති, තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

කෙසේ දැහැමි සමගිය (යළි කර්‍මය කළයුතු ය යි) නැවත ගන්නේ වේ ද: මහණෙනි, මෙහි මහණ, යම් ආකාර ලිඞ්ග නිමිතිවලින් යුතු වූයේ දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නේ වේ ද එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් යුත් දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නා මහණකු දකී ද, වැලි දු මහණෙක් දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නා මහණකු නො ම දක්නේ ද, එහෙත් අන් මහණෙක් මහණක්හට “ඇවැත්නි, මෙ නම් මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී යි දක්වා ද, වැලිදු මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගන්නා මහණකු නො ම දක්නේ හෝ අන් මහණෙක් මහණක්හට “ඇවැත්නි, මෙ නම් මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී යි නො ම දන්වන්නේ හෝ වේ ද, එහෙත් ඒ මහණ මැ “ඇවැත්නි, මම දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනිමැ යි මහණක්හට දන්වා ද, මහණෙනි, ඉදින් මහණ තෙමේ කැමැති වන්නේ නම් ඒ දුටු ඒ ඇසූ ඒ සැකකළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී. ඔහුට පාමොක් තබමි. ඔහු හමුවූ කල්හි පාමොක් නො උදෙසියයුතු” යි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි යි.

“භික‍්ඛුස‍්ස පාතිමොක‍්ඛෙ ඨපිතෙ පරිසා වුට‍්ඨාති දසන‍්නං අන‍්තරායානං අඤ‍්ඤතරෙන රාජන‍්තරායෙන වා -පෙ- බ්‍රහ‍්මචරියන‍්තරායෙන වා. ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තස‍්මිං වා ආවාසෙ අඤ‍්ඤස‍්මිං වා ආවාසෙ තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය:

මහණක්හට පාමොක් බහා තැබූ කල්හි රාජ ... බ්‍රහ්මචර්‍ය්‍යා අන්තරාය යන දස උවදුරු අතුරෙන් එකෙකින් පිරිස නැගීසිටී ද මහණෙනි, (ඉදින් ඒ මහණ කැමතිවන්නේ නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයක දී හෝ ඒ පුඟුලා හමුවූ කලැ සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස පුග‍්ගලස‍්ස ධම‍්මිකාය සාමග‍්ගියා පච‍්චාදානකථා විප‍්පකතා තං වත්‍ථු අවිනිච‍්ඡිතං. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො තං වත්‍ථුං විනිච‍්ඡිනෙය්‍යා”ති.

“වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුද්ගලයාගේ දැහැමි සමගිය නැවත කිරීම පිළිබඳ කථාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් ඇත්තේ නම් සඞ්ඝයා ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය යි.

එවඤ‍්චෙතං ලභෙථ ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභෙථ තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරිතබ‍්බං: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස පුග‍්ගලස‍්ස ධම‍්මිකාය සාමග‍්ගියා පච‍්චාදානකථා විප‍්පකතා, තං වත්‍ථු අවිනිච‍්ඡිතං. තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති”. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

මෙසේත් මෙය ලැබෙන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දවසැ ඒ පුඟුලා හමු වූ කලැ සඟමැද දී මෙසේ ඉදිරිපත් කළයුතු, “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් පුඟුලාගේ දැහැමි සමගිය නැවත කිරීම පිළිබඳ කථාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඔහට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියයුතු ය”යි. මේ දැහැමි පාමොක් තැබීමෙකි.

11. කථං සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති: ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං, අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො”ති. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති “ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො”ති, අපි ච සොව භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති “අහං ආවුසො සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොම‍්හී”ති.

11. කෙසේ නම් සීලවිපත්තියෙහි දුටු ඇසූ සැක කරන ලද්දෙක් වේ ද, මහණෙනි, මෙහි මහණ යම් ආකාර ලිඞ්ග නිමිති වලින් සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, ඒ ආකාර ලිඞ්ග නිමිතිවලින් යුක්ත වූ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, නැතහොත් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ නමුදු අන් මහණෙක් මහණක්හට “ඇවත මෙනම් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ” යි දන්වයි. නැතහොත් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දන්නේත් වෙයි. අන් මහණෙක් මහණක්හට ‘ඇවත මෙනම් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි නො දන්වන්නේත් වෙයි. වැලිදු ඒ මහණ ම “ඇවත මම සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙමැ”යි මහණක්හට දන්වයි.

ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො සීලවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

මහණෙනි, ඉදින් මහණ කැමති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද (මෙසේ) ඉදිරිපත් කරන්නේ ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් පුඟුලා සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු ඉදිරියෙහි ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.

12. කථං ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති, ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති. තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොති. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොති. අපි ච සොව භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති. අහං ආවුසො ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොම‍්හීති.

12. කෙසේ නම් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද: මහණෙනි, මෙහි මහණ යම්බඳු ආකාර ලිඩග නිමිතිවලින් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, වැලි දු මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ වුව ද අන් මහණෙක් මහණහට ‘ඇවැත, මෙනම් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’ යි දන්වා ද, නැතහොත් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේත් වේ ද, අන් මහණෙකුත් “ඇවත, මෙනම් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ”යි නො දන්වා ද, වැලිදු ඒ මහණ ම “ඇවැත, මම ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක්මි’ යි මහණහට දන්වා ද,

ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො ආචාරවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො. තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති. ධම‍්මිකං පාතිමොක‍්ඛට‍්ඨපනං.

මහණෙනි, ඉදින් මහණ කැමති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝදිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද (මෙසේ) ඉදිරිපත් කළයුතු ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු අභිමුඛ ව ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.

13. කථං දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති: ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො හොති. තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි භික‍්ඛු භික‍්ඛුං පස‍්සති දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. න හෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. අපි ච අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොති. නහෙව ඛො භික‍්ඛු භික‍්ඛුං පස‍්සති දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතං. නාපි අඤ‍්ඤො භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති ඉත්‍ථන‍්නාමො ආවුසො භික‍්ඛු දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොති. අපි ච සොව භික‍්ඛු භික‍්ඛුස‍්ස ආරොචෙති: අහං ආවුසො දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතොම‍්හීති.

13. කෙසේ නම් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, මහණෙනි, මෙහි මහණ යම්බඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, වැලි දු මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ වුව ද, අන් මහණෙක් මහණහට “ඇවත මෙනම් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි දන්වා ද, නැතහොත් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේත් වේ ද, අන් මහණෙකුත් “ඇවත මෙනම් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි නො දන්වා ද, වැලිදු ඒ මහණ ම “ඇවත, මම දිට්ඨිවිපතිතියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක්මි”යී මහණහට දන්වා ද,

ආකඞ‍්ඛමානො භික‍්ඛවෙ භික‍්ඛු තෙන දිට‍්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ‍්කාය තදහුපොසථෙ චාතුද‍්දසෙ වා පණ‍්ණරසෙ වා තස‍්මිං පුග‍්ගලෙ සම‍්මුඛීභූතෙ සඞ‍්ඝමජ‍්ඣෙ උදාහරෙය්‍ය: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමො පුග‍්ගලො දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කිතො: තස‍්ස පාතිමොක‍්ඛං ඨපෙමි. න තස‍්මිං සම‍්මුඛීභූතෙ පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බන‍්ති. ධම‍්මිකංපාතිමොක‍්ඛට‍්ඨපනං. ඉමානි දස ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානීති.

මහණෙනි, ඉදින් මහණ කැමැති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද මෙසේ ඉදිරිපත් කළ යුතු ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු අභිමුඛ ව ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. මේ දැහැමි පාමොක් තැබීමෙකි. මේ දැහැමි පාමොක් තැබීම් දසය යි.

පඨමං භාණවාරං

පළමු බණවර යි.

14. අථ ඛො ආයස‍්මා උපාලි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා උපාලි භගවන‍්තං එතදවොච: අත‍්තාදානං ආදාතුකාමෙන භන‍්තෙ භික‍්ඛුනා කතමඞ‍්ගසමන‍්නාගතං අත‍්තාදානං ආදාතබ‍්බන‍්ති.

14. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් උපාලි ආයුෂ්මතුන් වහන්සේ “ස්වාමීනි, අත්තාදාන නම් අධිකරණය (ශාසන ශෝධනය කරනු කැමති භික්‍ෂූහු විසින් නැවත චෝදනා කරනු පිණිස ගනු ලබන අධිකරණය) ගනු කැමති භික්‍ෂූහු විසින් කවර අඞ්ගයන්ගෙන් යුක්ත වූ අත්තාදානය ගතයුතු දැ’ යි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.

අත‍්තාදානං ආදාතුකාමෙන උපාලි භික‍්ඛුනා පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං අත‍්තාදානං ආදාතබ‍්බං. අත‍්තාදානං ආදාතුකාමෙන උපාලි භික‍්ඛුනා එවං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යං ඛො අහං ඉමං අත‍්තාදානං ආදාතුකාමො කාලො නු ඛො ඉමං අත‍්තාදානං ආදාතුං උදාහු නොති. සචෙ උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අකාලො ඉමං අත‍්තාදානං ආදාතුං නො කාලොති. න තං උපාලි අත‍්තාදානං ආදාතබ‍්බං.

උපාලි, අත්තාදානය ගනු කැමැති භික්‍ෂූහු විසින් අඞ්ග පසකින් යුක්ත වූ අත්තාදානය ගතයුතු ය. උපාලි, අත්තාදානය ගනු කැමැති මහණ විසින් මෙසේ සලකා බැලියයුතු යි, මම යම් මේ අත්තාදානය ගනු කැමැත්තෙම් ද මේ අත්තාදානය ගැනීමට සුදුසු කාලය ද නොහොත් නො සුදුසු කාලය දැ යි. උපාලි, ඉදින් මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය ගැනීමට නො කල් ය සුදුසු කාලය නො වේ”යි දැන ගනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.

සචෙ පන උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: කාලො ඉමං අත‍්තාදානං ආදාතුං නො අකාලොති. තෙන උපාලි භික‍්ඛුනා උත‍්තරිං පච‍්චවෙක‍්ඛිතබ‍්බං. යං ඛො අහං ඉමං අත‍්තාදානං ආදාතුකාමො භූතං නු ඛො ඉදං අත‍්තාදානං උදාහු නොති. සචෙ උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභූතං ඉදං අත‍්තාදානං නො භූතන‍්ති. න තං උපාලි, අත‍්තාදානං ආදාතබ‍්බං.

ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය ගැනීමට කල් වෙයි, නො කල් නො වේ’ යි දනී ද, උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු මෙසේ සලකා බැලියයුතු යි. “මම යම් මේ අත්තාදානයක් ගනු කැමැත්තෙම් ද, මෙය සත්‍ය වූවක් ද නොහොත් සත්‍ය නො වූවක් දැ’ යි. ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ ‘මේ අත්තාදානය අභූතයකි. සත්‍ය නො වේ’ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.

සචෙ පන උපාලි, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති භූතං ඉදං අත‍්තාදානං නො අභූතන‍්ති. තෙනුපාලි භික‍්ඛුනා උත‍්තරිං පච‍්චවෙක‍්ඛිතබ‍්බං යං ඛො අහං ඉමං අත‍්තාදානං ආදාතුකාමො අත්‍ථසංහිතං නු ඛො ඉදං අත‍්තාදානං උදාහු නොති. සචෙ උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අනත්‍ථසංහිතං ඉදං අත‍්තාදානං නො අත්‍ථසංහිතන‍්ති. න තං උපාලි අත‍්තාදානං ආදාතබ‍්බං.

ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ මේ අත්තාදානය සත්‍යයකි, අභූතයක් නො වේ යි දනී ද උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු මෙසේ සලකා බැලියයුතු යි. මම යම් මේ අත්තාදානයක් ගනු කැමැත්තෙම් ද, මේ අත්තාදානය වැඩ සහිත වූවක් ද නැතහොත් නො වේ දැ? යි, ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය අවැඩ සහිත ය, වැඩ සහිත නො වේ’ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.

සචෙ පන උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අත්‍ථසංහිතං ඉදං අත‍්තාදානං නො අනත්‍ථසංහිතන‍්ති, තෙනුපාලි භික‍්ඛුනා උත‍්තරි පච‍්චවෙක‍්ඛිතබ‍්බං: ඉමං ඛො අහං අත‍්තාදානං ආදියමානො ලභිස‍්සාමි සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ ධම‍්මතො විනයතො පක‍්ඛෙ උදාහු නොති, සචෙ පන උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ඉමං ඛො අහං අත‍්තාදානං ආදියමානො න ලභිස‍්සාමි සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ ධම‍්මතො විනයතො පක‍්ඛෙති න තං උපාලි අත‍්තාදානං ආදාතබ‍්බං.

ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ ‘මේ අත්තාදානය වැඩ සහිත ය, අවැඩ සහිත නො වේ” යි දනී ද, උපාලි, ඒ මහණ විසින් මත්තෙහි දු (මෙසේ) සලකා බැලියයුතු යි. “මම මේ අත්තාදානය ගන්නෙම් ධර්‍මයෙන් (ධර්‍ම හේතුවෙන්) විනයෙන් (විනයහේතුවෙන්) පක්‍ෂ වූ සන්දෘෂ්ට (දැඩි විශ්වාසයක් නැති) සම්භක්ත (දැඩි විශ්වාසය ඇති) භික්‍ෂූන් ලබන්නෙම් ද නැතහොත් නො ලබන්නෙම් දැ” යි. ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මම මේ අත්තාදානය ගන්නෙම් ධර්‍මයෙන් විනයෙන් පක්‍ෂ වූ දැඩි විශ්වාසය නැත්තා වූ ද, දැඩි විශ්වාසය ඇත්තාවූ ද භික්‍ෂූන් නො ලබන්නෙමි’ යි මෙසේ දනී ද උපාලි ඒ අත්තාදානය නො ගතයුතු යි.

සචෙ පන උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති ඉමං ඛො අහං අත‍්තාදානං ආදියමානො ලභිස‍්සාමි සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ ධම‍්මතො විනයතො පක‍්ඛෙති, තෙනුපාලි භික‍්ඛුනා උත‍්තරිං පච‍්චවෙක‍්ඛිතබ‍්බං. ඉමං ඛො මෙ අත‍්තාදානං ආදියතො භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතො නිදානං භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං උදාහු නොති. සචෙ උපාලි භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති ඉමං ඛො මෙ අත‍්තාදානං ආදියතො භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතො නිදානං භණ‍්ඩනං -පෙ- සඞ‍්ඝනානාකරණන‍්ති. න තං උපාලි අත‍්තාදානං ආදාතබ‍්බං.

ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මේ අත්තාදානය ගන්නා මම ධර්‍මයෙන් විනයෙන් පක්‍ෂ වූ සන්දෘෂ්ට සමභක්ත භික්‍ෂූන් ලබන්නෙමි”යි මෙසේ දනී ද, උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු (මෙසේ) ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යි. “මා මේ අත්තාදානය ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක්, කලහයක්, සටනක්, විරුද්ධවාදයක්, සඞ්ඝභේදයක්, සඞ්ඝරාජියක්, සඞ්ඝයාගේ වෙන් වූ කතිකාවතක්, සඞ්ඝයාගේ වෙන්වීමක් වන්නේ ද නැතහොත් නො වන්නේ දැ’ යි. ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මා මේ අත්තාදානය ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක් ... සඞ්ඝයාගේ වෙන් වීමක් වන්නේ යැ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.

සචෙ පන උපාලි, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ඉමං ඛො මෙ අත‍්තාදානං ආදියතො න භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතො නිදානං භණ‍්ඩනං -පෙ- සඞ‍්ඝනානාකරණන‍්ති. ආදාතබ‍්බං තං උපාලි අත‍්තාදානං. එවං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං ඛො උපාලි අත‍්තාදානං ආදින‍්නං පච‍්ඡාපි අවිප‍්පටිසාරකරං භවිස‍්සතීති.

ඉදින් උපාලි ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මේ අත්තාදානය මා ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක් ... සඞ්ඝයාගේ වෙන් වීමක් නො වන්නේ යැ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය ගතයුතු යි. උපාලි, මෙසේ අඞ්ග පසින් යුතුව ගන්නා ලද අත්තාදානය පසුව ද විපිළිසරකාරී නො වන්නේ ය යි.

15. චොදකෙන භන‍්තෙ භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම‍්මෙ අජ‍්ඣත‍්තං පච‍්චවෙක‍්ඛිත්‍වා පරො චොදෙතබ‍්බොති.

15. ස්වාමීනි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂුව විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චෝදනා කළයුතු දැ’ යි.

චොදකෙන උපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං පච‍්චවෙක‍්ඛිත්‍වා පරො චොදෙතබ‍්බො.

උපාලි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂූහු විසින් තමා කෙරෙහි කරුණු පසක් සලකා බලා අන්‍යයා චෝදනා කළයුතු.

චොදකෙන උපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: පරිසුද‍්ධකායසමාචාරො නු ඛොම‍්හි පරිසුද‍්ධෙනම‍්හි කායසමාචාරෙන සමන‍්නාගතො අච‍්ඡිද‍්දෙන අප‍්පතිමංසෙන. සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො උදාහු නොති. නො චෙ උපාලි භික‍්ඛු පරිසුද‍්ධකායසමාචාරො හොති පරිසුද‍්ධෙන කායසමාචාරෙන සමන‍්නාගතො අච‍්ඡිද‍්දෙන අප‍්පතිමංසෙන. තස‍්ස භවන‍්ති වත‍්තාරො: ඉඞ‍්ඝ තාව ආයස‍්මා කායිකං සික‍්ඛස‍්සූති. ඉතිස‍්ස භවන‍්ති වත‍්තාරො.

උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මෙසේ සලකා බැලියයුතු යි; “මම පිරිසුදු කායසමාචාර ඇත්තෙම් ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති කායසමාචාරයෙන් යුක්ත වෙම් ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී ද යි. උපාලි, ඉදින් මහණ පිරිසුදු කායසමාචාර නැත්තේ වේ ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති කායසමාචාරයෙන් යුක්ත නො වේ ද ඕහට “ආයුෂ්මත් තෙම පළමුව කායසමාචාරයෙහි හික්මෙව’ යි මෙසේ කියන්නෝ වෙති. මෙසේ අවවාද කරන්නෝ වෙත්.

පුන ච පරං උපාලි චොදකෙන භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: පරිසුද‍්ධවචීසමාචාරො නු ඛොම‍්හි පරිසුද‍්ධෙනම‍්හි වචීසමාචාරෙන සමන‍්නාගතො අච‍්ඡිද‍්දෙන අප‍්පතිමංසෙන. සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො උදාහු නොති. නො චෙ උපාලි භික‍්ඛු පරිසුද‍්ධවචීසමාචාරො හොති පරිසුද‍්ධෙන වචීසමාචාරෙන සමන‍්නාගතො අච‍්ඡිද‍්දෙන අප‍්පතිමංසෙන තස‍්ස භවන‍්ති වත‍්තාරො: ඉඞ‍්ඝ තාව ආයස‍්මා වාචසිකං සික‍්ඛස‍්සූති. ඉතිස‍්ස භවන‍්ති වත‍්තාරො.

වැලිදු උපාලි පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මම පිරිසුදු වචීසමාචාර ඇත්තෙම් ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති වචීසමාචාරයෙන් යුක්ත වෙම් ද මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී දැ යි. උපාලි, ඉදින් මහණ පිරිසුදු වචිසමාචාර නැත්තේ වේ ද, පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති වාක්සමාචාරයෙන් යුක්ත නො වේ ද, ඔහට “ආයුෂ්මත් තෙම පළමු ව වචිසමාචාරයෙහි හික්මෙව’ යි මෙසේ කියන්නෝ වෙති. මෙසේ අවවාද කරන්නෝ වෙත්.

පුන චපරං උපාලි, චොදකෙන භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: මෙත‍්තං නු ඛො මෙ චිත‍්තං පච‍්චුපට‍්ඨිතං සබ්‍රහ‍්මචාරීසු අනාඝාති, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො උදාහු නොති? නො චෙ උපාලි භික‍්ඛුනො මෙත‍්තචිත‍්තං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරීසු අනාඝාති, තස‍්ස භවන‍්ති වත‍්තාරො: ඉඞ‍්ඝ තාව ආයස‍්මා සබ්‍රහ‍්මචාරීසු මෙත‍්තං චිත‍්තං උපට‍්ඨාපෙහීති. ඉතිස‍්ස භවන‍්ති වත‍්තාරො.

වැලිදු උපාලි , පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂූහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: මා තුළ සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත එළඹ සිටියේ ද මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී ද’ යි. ඉදින් උපාලි, සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත මහණහට එළඹ නො සිටියේ ද ඔහට, “ආයුෂ්මත් තෙම පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත එළඹ සිටුවා ගනුව” යි කියන්නෝ වෙති. ඔහට මෙසේ අවවාද කරන්නෝ වෙත්.

පුන චපරං උපාලි චොදකෙන භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: බහුස‍්සුතො නු ඛොම‍්හි සුතධරො සුතසන‍්නිච‍්චයො. යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපා මෙ ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො උදාහු නොති. නො චෙ උපාලි භික‍්ඛු බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො. යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති. තථාරූපස‍්ස ධම‍්මා න බහුස‍්සුතා හොන‍්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. තස‍්ස භවන‍්ති වත‍්තාරො ඉඞ‍්ඝ තාව ආයස‍්මා ආගමං පරියාපුණස‍්සුති: ඉතිස‍්ස භවන‍්ති වත‍්තාරො.

වැලිදු උපාලි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මම සුතධර වූ සුතසන්නිචය (උගත් දැය නො නැසිය දී රක්නා) වූ බහුශ්‍රැතයෙක් වෙම් ද, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ඒ ධර්‍ම කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ ඛ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් වූ පිරිසුදු වූ බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එබඳු ධර්‍මයෝ මා විසින් බෙහෙවින් අසන ලද්දාහු දරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු වෙත් ද, මේ ධර්‍මය මා තුළ විද්‍යාමාන වේ ද නැතහොත් නො වේ ද’ යි, උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්තිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ ද, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ඒ ධර්‍ම කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් වූ වපිරිසුදු වූ බඹසර ප්‍රකාශ කෙරෙත් ද එබඳු ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු නො වෙත් ද, ඔහට “ආයුෂ්මත් තෙමේ පළමු ව ආගම ධර්‍මය පිරිවහන්නැ” යි කියන්නෝ වෙති. මෙසේ ඔහට අවවාද කරන්නෝ වෙත්.

පුන චපරං උපාලි චොදකෙන භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: උභයානි ඛො මෙ පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුව්‍යඤ‍්ජනසො, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො උදාහු නොති? නො චෙ උපාලි භික‍්ඛුනො උභයානි පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුව්‍යඤ‍්ජනසො- ඉදං පනාවුසො කත්‍ථ වුත‍්තං භගවතාති ඉති පුට‍්ඨො න සම‍්පායති. තස‍්ස භවන‍්ති වත‍්තාරො ඉඞ‍්ඝ තාව ආයස‍්මා විනයං පරියාපුණස‍්සූති. ඉතිස‍්ස භවන‍්ති වත‍්තාරො.

වැලිදු උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මා විසින් පෙළ වශයෙන් ද අනුඛ්‍යඤ්ජන වශයෙන් ද උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මනාකොට ප්‍රගුණ කරන ලද ද මනාව විභාග කොට දැනගන්නා ලද ද මනාව (දැරීම් වශයෙන්) පවත්වන ලද ද, මනා ලෙස විනිශ්චය කොට දැන ගන්නා ලද ද, මේ ධර්‍මය මා තුළ විද්‍යමාන වේ ද නැතහොත් නො වේ දැ’ යි. උපාලි, ඉදින් මහණහු විසින් පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මනා කොට ප්‍රගුණ කරන ලද්දේ මනාව විභාග කොට දැනගන්නා ලද්දේ මනාව (දැරීම් වශයෙන්) පවත්වන ලද්දේ මනා ලෙස විනිශ්චය කොට දැනගන්නා ලද්දේ නො වේ ද, ඇවත, මෙය, භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දී දෙසන ලද දැ’ යි පුළුවුස්නා ලද්දේ සිහි කොට නො කියහෙයි ද, ඔහට ‘ආයුෂ්මත් තෙම පළමුව විනය පිරිවහන්නැ’ යි කියන්නෝ වෙති. ඔහට මෙසේ අවවාද කරන්නෝ වෙත්.

චොදකෙන උපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං පච‍්චවෙක‍්ඛිත්‍වා පරො චොදෙතබ‍්බොති.

උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂූහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චෝදනා කළයුත්තේ යි.

16. චොදකෙන භන‍්තෙ භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පරො චොදෙතබ‍්බොති?

16. වහන්ස, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් ධර්‍ම තමා තුළ එළවා (පිහිටුවා ගෙන), අන්‍යයා චෝදනා කළයුතු ද? යි.

චොදකෙන උපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පරො චොදෙතබ‍්බො: කාලෙන වක‍්ඛාමි නො අකාලෙන: භූතෙන වක‍්ඛාමි නො අභූතෙන සණ‍්හෙන වක‍්ඛාමි නො ඵරුසෙන. අත්‍ථසංහිතෙන වක‍්ඛාමි නො අනත්‍ථසංහිතෙන. මෙත‍්තචිත‍්තො වක‍්ඛාමි නො දොසන‍්තරොති. චොදකෙනුපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පරො චොදෙතබ‍්බාති.

උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා තුළ එළවා අන්‍යයා චෝදනා කළයුතු: (එනම්) නො කල්හි නොව සුදුසු කල්හි කියන්නෙමි. අසත්‍යයෙන් නොව සත්‍යයෙන් කියන්නෙමි. රළු වචනයෙන් නොව මොළොක් වදනින් කියන්නෙමි. කරුණු ඇසුරු නො කිරීමෙන් නොව කරුණු ඇසුරු කිරීමෙන් කියන්නෙමි, දුෂ්ට සිතින් නොව මෙත් සිත් ඇති ව කියන්නෙමි යි, උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ කරුණු පස තමා තුළ එළවා අන්‍යයා චෝදනා කළයුතු යි.

17. අධම‍්මචොදකස‍්ස භන‍්තෙ භික‍්ඛුනො කතීහාකාරෙහි විප‍්පටිසාරො උපදහාතබ‍්බොති?

17. වහන්ස, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට කෙතෙක් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු දැ? යි.

අධම‍්මචොදකස‍්ස උපාලි භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහාතබ‍්බො: අකාලෙන ආයස‍්මා චොදෙසි නො කාලෙන අලං තෙ විප‍්පටිසාරාය, අභූතෙනායස‍්මා චොදෙසි නො භූතෙන අලං තෙ විප‍්පටිසාරාය, ඵරුසෙනායස‍්මා චොදෙසි නො සණ‍්හෙන අලං තෙ විප‍්පටිසාරාය, අනත්‍ථසංහිතෙනායස‍්මා චොදෙසි නො අත්‍ථසංහිතෙන අලං තෙ විප‍්පටිසාරාය, දොසන‍්තරො ආයස‍්මා චොදෙසි නො මෙත‍්තචිත‍්තො. අලං තෙ විප‍්පටිසාරායාති. අධම‍්මචොදකස‍්ස උපාලි භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහාතබ‍්බො: තං කිස‍්ස හෙතු? යථා න අඤ‍්ඤොපි භික‍්ඛු අභූතෙන චොදෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

උපාලි, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට පස් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු: (එනම්) ආයුෂ්මත් තෙම නො කල්හි චෝදනා කෙළේ ය. සුදුසු කල්හි නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම අභූතයෙන් චෝදනා කෙළේ ය. සත්‍යයෙන් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම රළු වදනින් චෝදනා කෙළේ ය. මොළොක් වදනින් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම කරුණු ඇසුරු නො කොට චෝදනා කෙළේ ය. කරුණු ඇසුරු කොට නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි, දුෂ්ට සිත් ඇති ව ආයුෂ්මත් තෙම චෝදනා කෙළේ ය. මෙත් සිත් ඇති ව නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි (යනුයි). උපාලි, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට මේ පස් අයුරින් විපිළිසර ඉපදවියයුතු. ඒ කවර හෙයින යත්: යම්සේ අන් මහණෙකුදු අභූතයෙන් චෝදනා කළයුතු ය’ යි නො හඟින්නේ ද (එහෙයිනි).

18. අධම‍්මචුදිතකස‍්ස පන භන‍්තෙ භික‍්ඛුනො කතිහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහාතබ‍්බොති?

18. වහන්ස, අධර්‍මයෙන් චෝදනා කරනු ලැබූ මහණහට කෙතෙක් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු දැ? යි.

අධම‍්මචුදිතස‍්ස උපාලි භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහාතබ‍්බො, අකාලෙනායස‍්මා චුදිතො නො කාලෙන, අලං තෙ අවිප‍්පටිසාරාය, අභූතෙනායස‍්මා චුදිතො නො භූතෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. ඵරුසෙනායස‍්මා චුදිතො නො සණ‍්හෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. අනත්‍ථසංහිතෙනායස‍්මා චුදිතො නො අත්‍ථසංහිතෙන, අලං තෙ අවිප‍්පටිසාරාය.3 දොසන‍්තරෙනායස‍්මා චුදිතො නො මෙත‍්තචිත‍්තෙන, අලං තෙ අවිප‍්පටිසාරායාති. අධම‍්මචුදිතකස‍්ස1 උපාලි භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහාතබ‍්බොති.

උපාලි, අධර්‍මයෙන් චෝදනා කරනු ලැබූ මහණහට පස් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු: ආයුෂ්මත් තෙම අකාලයෙහි චෝදනා කරනු ලැබී ය. සුදුසු කාලයෙහි නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම අභූතයෙන් චෝදනා කරනු ලැබී ය. සත්‍යයෙන් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. රළු වදනින් ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය, මොළොක් වදනින් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. කරුණු ඇසුරු නො කොට ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය. කරුණු ඇසුරු කොට නො වේ (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. දුෂ්ට සිතින් ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය. මෙත් සිතින් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණ වේ යැ යි. උපාලි, අධර්‍මයෙන් චූදිත වූ මහණහට මේ පස් අයුරින් නො විපිළිසර ඉපදවියයුතු යි.

19. ධම‍්මචොදකස‍්ස භන‍්තෙ භික‍්ඛුනො කතිහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහාතබ‍්බොති?

19. වහන්ස, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට කෙතෙක් අයුරෙකින් නොවිපිළිසර ඉපදවියයුතු දැ? යි.

ධම‍්මචොදකස‍්ස උපාලි භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහාතබ‍්බො: කාලෙනායස‍්මා චොදෙසි නො අකාලෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. භූතෙනායස‍්මා චොදෙසි නො අභූතෙන. අලං තෙ අවිප‍්පටිසාරාය. සණ‍්හෙනායස‍්මා චොදෙසි නො ඵරුසෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. අත්‍ථසංහිතෙනායස‍්මා චොදෙසි නො අනත්‍ථසංහිතෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. මෙත‍්තචිත‍්තො ආයස‍්මා චොදෙසි නො දොසන‍්තරො. අලං තෙ අවිප‍්පටිසාරායාති. ධම‍්මචොදකස‍්ස උපාලි භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහාතබ‍්බො. තං කිස‍්ස හෙතු? යථා අඤ‍්ඤොපි භික‍්ඛු භූතෙන චොදෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

උපාලි, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට පස් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු; ආයුෂ්මත් තෙම සුදුසු කාලයෙහි චෝදනා කෙළේ ය, නො කල්හි නො වේ, (එය) තොපට නොවිපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම සත්‍යයෙන් චෝදනා කෙළේ ය, අසත්‍යයෙන් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. මොළොක් වදනින් ආයුෂ්මත් තෙම චෝදනා කෙළේ ය. රළු වදනින් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම කරුණු ඇසුරු කොට චෝදනා කෙළේ ය. කරුණු නො ඇසුරු කොට නො වේ, (එය) තොපට නොවිපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම මෙත්සිතින් චෝදනා කෙළේ ය, දුෂ්ටසිතින් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණ වේ යි. උපාලි, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට මේ පස් අයුරෙන් නො විපිළිසර ඉපදවියයුතු. ඒ කවර හෙයින් ද, යම්සේ අනික් මහණෙකුදු භූතයෙන් චෝදනා කළයුතු යැ” යි සිතන්නේ ද එහෙයිනි.

20. ධම‍්මචුදිතකස‍්ස පන භන‍්තෙ භික‍්ඛුනො කතිහාකාරෙහි විප‍්පටිසාරො උපදහාතබ‍්බොති?

20. වහන්ස, ධර්‍මයෙන් චූදිත මහණහට කෙතෙක් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු දැ? යි.

ධම‍්මචුදිතස‍්ස උපාලි භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහාතබ‍්බො: කාලෙනායස‍්මා චුදිතො නො අකාලෙන, අලං තෙ විප‍්පටිසාරාය. භූතෙනායස‍්මා චුදිතො නො අභූතෙන, අලං තෙ විප‍්පටිසාරාය, සණ‍්හෙනායස‍්මා චුදිතො නො ඵරුසෙන, අලං තෙ විප‍්පටිසාරාය. අත්‍ථසංහිතෙනායස‍්මා චුදිතො නො අනත්‍ථසංහිතෙන, අලං තෙ විප‍්පටිසාරාය. මෙත‍්තචිත‍්තෙනායස‍්මා චුදිතො නො දොසන‍්තරෙන, අලං තෙ විප‍්පටිසාරායාති. ධම‍්මචුදිතකස‍්ස1 උපාලි භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහාතබ‍්බොති.

උපාලි, ධර්‍මයෙන් චූදිත මහණහට පස් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු: ආයුෂ්මත් තෙම සුදුසු කාලයෙහි චෝදනා කරන ලද අකාලයෙහි නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම සත්‍යයෙන් චෝදනා කරන ලද, අසත්‍යයෙන් නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම මොළොක් වදනින් චෝදනා කරන ලද, රළු වදනින් නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. කරුණු ඇසුරු කොට ආයුෂ්මත් තෙම චෝදනා කරන ලද, කරුණු නො ඇසුරු කොට නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. මෙත්සිතින් ආයුෂ්මත් තෙම චෝදනා කරන ලද, දුෂ්ට සිතින් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි යි. උපාලි, ධර්‍මයෙන් චූදිත මහණහට මේ පස් අයුරින් විපිළිසර ඉපදවියයුතු යි.

21. චොදකෙන භන‍්තෙ භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන කතිධම‍්මෙ අජ‍්ඣත‍්තං මනසිකරිත්‍වා පරො චොදෙතබ‍්බොති?

21. වහන්ස, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් ධර්‍ම තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළයුතු දැ? යි.

චොදකෙනුපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං මනසිකරිත්‍වා පරො චොදෙතබ‍්බො: කාරුඤ‍්ඤතා, හිතෙසිතා අනුකම‍්පතා ආපත‍්තිවුට‍්ඨානතා විනයපුරෙක‍්ඛාරතාති. චොදකෙන උපාලි භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං මනසිකරිත්‍වා පරො චොදෙතබ‍්බොති.

උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළ යුතු; කරුණාවත් බව, හිත කැමැති බව, අනුකම්පා ඇති බව, ඇවතින් නඟා සිටුවන බව, විනය පෙරටු කොට ඇති බව (යන පස යි.) උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ කරුණු පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළයුතු යි.

චුදිතකෙන පන භන‍්තෙ භික‍්ඛුනා කතීසු ධම‍්මෙසු පතිට‍්ඨාතබ‍්බන‍්ති?

වහන්ස, චෝදනා කරන ලද මහණහු විසින් කෙතෙක් ධර්‍මයන්හි පිහිටියයුතු දැ? යි

චුදිතකෙනුපාලි භික‍්ඛුනා ද‍්වීසු ධම‍්මෙසු පතිට‍්ඨාතබ‍්බං: සච‍්චෙ ච අකුප‍්පෙ චාති.

උපාලි, චෝදනා කරන ලද මහණහු විසින් සත්‍යය, නො කිපෙනසුලු බව යන දෙකරුණෙහි පිහිටියයුතු යි.

දුතිය භාණවාරං.

දෙවැනි බණවර

පාතිමොක‍්ඛට‍්ඨපනක‍්ඛන්‍ධකං නවමං.

නවවැනි පාතිමෝක්බට්ඨපන ඛන්‍ධක යි.

ඉමම‍්හි ඛන්‍ධකෙ වත්‍ථු තිංස,

මේ ඛන්‍ධකයෙහි වස්තු තිසෙකි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

1. උපොසථෙ යාවතිකං පාපභික‍්ඛු න නික‍්ඛමි මොග‍්ගල‍්ලානෙන නිච‍්ඡුද‍්ධො අච‍්ඡරියං ජිනසාසනෙ

1. උපෝසථය, බාහුවෙන් ගෙන බැහැර කරන තෙක් පවිටු මහණ නො නික්මීම, මුගලන් තෙරුන් විසින් බැහැර කිරීම. ජින ශාසනයෙහි ආග්වර්‍ය්‍යධර්ම,

2. නින‍්නොනුපුබ‍්බසික‍්ඛා ච ඨිතධම‍්මො නාතික‍්කම‍්ම කුණපුක‍්ඛිපතී සඞ‍්ඝො සවන‍්තියො ජහන‍්ති ච.

2. අනුපුබ්බනින්න, අනුපුබ්බසික්බා, ඨීතධමම, නාතික්කමන, සඞ්ඝයා කුණපයන් (දුශ්ශීල භික්‍ෂූන්) බැහැර කිරීම, මහානදීන් (ස්වකීය නම්ගොත්) අත්හැරීම,

3. සවන‍්ති පරිනිබ‍්බන‍්ති එකරස විමුත‍්ති ච බහු ධම‍්මවිනයොපි භූතට‍්ඨාරියපුග‍්ගලා.

3. මහමුහුදට ගංගා ගැලීම නිසා (අඩුවැඩි බවක් නොවීම) භික්‍ෂූන් පිරිනිවීම, විමුක්තිරස නම් වූ එකරසය ධර්‍මවිනයෙහි බහුල බව, මහාභූත අෂ්ටාර්‍ය්‍යපුද්ගල,

4. සමුද‍්දං උපමං කත්‍වා වාචෙසි සාසනෙ ගුණං උපොසථෙ පාතිමොක‍්ඛං න අම‍්හෙ කොචි ජානාති.

4. සමුදුර උපමා කොට සාසනයෙහි ගුණ ප්‍රකාශ කිරීම, උපෝසථයෙහි පාමොක් උදෙසීම, අප කිසිවකු නො දනිති යි සිතීම,

5. පටිගච‍්චෙව උජ‍්ඣන‍්ති එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ සත‍්ත අට‍්ඨ නව ච දසමානි ච.

5. පෙරාතුව මැ හෙළා දැකීම, එක් පටන් දහය තෙක් දැහැමි නො දැහැමි පාමොක් තැබීම්,

6. සීල ආචාර දිට‍්ඨි ච ආජීවං චතුභාගිකෙ පාරාජිකං ච සඞ‍්ඝාදි පාචිත‍්ති පාටිදෙසනි.

6. සීල, ආචාර, දිට්ඨි, ආජීව යන විපත්ති සතර (අමූලික) පාරාජිකා සඞ්ඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය,

7. දුක‍්කටං පඤ‍්චභාගෙසු සීලාචාර විපත‍්ති ච අකතාය කතාය ච ඡ භාගෙසු යථාවිධි.

7. දුක්කට යන පඤ්චභාගය, අකත, කත වශයෙන් පිළිවෙළින් සවැදෑරුම් වූ සීල, ආචාර, දිට්ඨි විපත්ති,

8. පාරාජිකඤ‍්ච සඞ‍්ඝාදි ථුල‍්ල පාචිත‍්තියෙන ච පාටිදෙසනියඤ‍්චෙව දුක‍්කටං ච දුබ‍්භාසිතං.

8. පාරාජිකා, සඞ්ඝාදිසේස, ථූලලච්චය, පාචිත්තිය, පාටිදේසනීය, දුක්කට දුබ්භාසිත ද,

9. සීලාචාරවිපත‍්ති ච දිට‍්ඨි ආජීව විපත‍්ති යා ච අට‍්ඨා කතාකතෙ තෙනෙතා සීලාචාර දිට‍්ඨියා

9. අකත, කත වශයෙන් අට වැදෑරුම් වූ සීල, ආචාර, දිට්ඨි, ආජීව විපත්ති, එසේ ම ඒ සීල, ආචාර, දිට්ඨි විපත්ති,

10. අකතාය කතායා පි කතාකතාය මෙව ච එවං නවවිධා වුත‍්තා යථාභූතෙන ඤායතො.

10. කත, අකත, කතාකත වශයෙන් න්‍යායානුකූල ව නවවිධ වීම ද,

11. පාරාජිකො විප‍්පකතො පච‍්චක‍්ඛාතො තථෙව ච උපෙති පච‍්චාදියති පච‍්ච දානකථා ච යා.

11. පාරාජික, විප්පකත පච්චකඛාත, එසේම උපෙතුය (සමගියට පැමිණීම), පච්චාදාන කථා ය,

12. සීලාචාර විපත‍්ති ච තථා දිට‍්ඨිවිපත‍්තියා දිට‍්ඨසුතපරිසඞ‍්කි දසධා තං විජානාථ.

12. සීල, ආචාර, දිට්ඨි, විපත්තීන්ගේ දිට්ඨ සුත පරිසඞ්කිත වශයෙන් ඒ දසාකාරය දැනගනිවු,

13. භික‍්ඛු විපස‍්සති භික‍්ඛුං අඤ‍්ඤො චාරො චායෙනං සුද‍්ධො ච තස‍්ස අක‍්ඛාති පාතිමොක‍්ඛං ඨපෙති සො.

13. මහණ, පාරාජිකාවට පැමිණි මහණකු දැකීම, අනිකකු හෝ ආරෝචනය කිරීම, ඔහු හෝ තමා ම දැන්වීම ඇති කල්හි පාමොක් උදෙසීම බහා තැබීම වේ.

14. වුට‍්ඨාති අන‍්තරායෙන රාජචොරග‍්ගුදකා ච, මනුස‍්ස අමනුස‍්සා ච වාළ සිරිංසපජීවිබ්‍රහ‍්මං

14. රාජ, චෝර, අග්ගි, උදක, මනුස්ස, අමනුස්ස, වාළ, සිරිංසප, ජීවිතබ්‍රහ්මචරිය යන දස අන්තරායන් ඇති කල්හි සඞ්ඝයා නැගී සිටීම,

15. දසන‍්නමඤ‍්ඤතරෙන තස‍්මිං අඤ‍්ඤතරෙසු වා ධම‍්මිකාධම‍්මිකා චෙව යථා මග‍්ගෙන ජානථ.

15. දසවිධ අන්තරාය ඇති කල්හි ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයක හෝ (විනිශ්චය කිරීම) දැහැමි, නො දැහැමි පාමොක් තැබීම් ද ක්‍රමයෙන් දන්නේ ය.

16. කාලභූතත්‍ථසංහිතං ලභිස‍්සාමි භවිස‍්සති කායවාචසිකා මෙත‍්තා බාහුසච‍්චං උභයානි.

16. කාල, භූත, අත්ථසංහිත, (පක්‍ෂ භික්‍ෂූන්) ලැබීම. (දොස් කියන්නන්) ඇතිවීම, කායසමාචාර, වචීසමාචාර, මෙත්තචිත්ත, බහුශ්‍රුත බව, උභයප්‍රාතිමෝක්‍ෂය ප්‍රගුණ බව,

17. කාලභූතෙන සණ‍්හෙන අත්‍ථමෙත‍්තෙන චොදයෙ විප‍්පටිසාරධම‍්මෙන තථා වාචා විනොදයෙ.

17. කාල, භූත, සණ්හ, මෙත්තචිත්ත යන කරුණු අනුව චෝදනා කිරීම, දැහැමි නො දැහැමි වශයෙන් විපිළිසර ඇතිවීම, එසේ ම වචනයෙන් විපිළිසර දුරු කිරීම,

18. ධම‍්මචොද චුදිතස‍්ස විනොදෙති විප‍්පටිසාරො කරුණා හිතානුකම‍්පී වුට‍්ඨාන පුරෙක‍්ඛාරතා.

18. දැහැමි චෝදක චූදිතයන්ගේ විපිළිසර දුරු කිරීම, කරුණාව, හිතෛෂී බව, ඇවතින් නඟා සිටුවීම පෙරටු කොට ඇති බව (යන කරුණු)

19. චොදකස‍්ස පටිපත‍්ති සම‍්බුද‍්ධෙන පකාසිතා සච‍්චෙ චෙව අකුප‍්පෙ ච චුදිතස‍්සෙ ච ධම‍්මතාති.

19. චෝදකගේ පිළිවෙත් බව ද, සත්‍යය හා නො කිපීම චූදිතගේ ධර්‍මතා බව ද සම්බුදුන් විසින් වදාරන ලද්දේ යි.