කොසියවග‍්ගො දුතියො
4. 2.
4. 2.
1. කොසියමිස‍්සකං සන්‍ථතං කාරාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : ආළවියං පඤ‍්ඤත‍්තං.
1. තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කොසියකාරකෙ උපසඞ‍්කමිත්‍වා එවමාහංසු : ‘බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම‍්හාකම‍්පි දස‍්සථ, මයම‍්පි ඉච‍්ඡාම කොසියමිස‍්සකං සන්‍ථතං කාතු’න‍්ති, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තිහිරිවායන් වෙත එළඹ මෙසේ කීහ: “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු, අපට ද දෙවු, අපිදු තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
2. සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං.
2. හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුවෙක්හි ද යත්: සවග මහණහු හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
3. අනාදියිත්‍වා තුලං ඔදාතානං තුලං ගොචරියානං නවං සන්‍ථතං කාරාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
3. හෙළ එළුලොම් සතරින් කොටසක් ද කිඹුල්වන් එළුලොම් සතරින් කොටසක් ද නො ගෙන අළුත් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ථොකඤ‍්ඤෙව ඔදාතානං අන‍්තෙ ආදියිත්‍වා තථෙව සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක් හි ද යත්: සවග මහණහු මඳක් හෙළ එළුලොම් ද එසේ ම මඳක් හුදු කළු එළුලොම් ද කෙළවරැ ගන්වා එළුලොමින් ඇතිරියක් කරවූහ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
4. අනුවස‍්සං සන්‍ථතං කාරාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
4. හවුරුදු පතා ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අනුවස‍්සං සන්‍ථතං කාරාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං .
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු හවුරුදු පතා ඇතිරි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. අනාදියිත්‍වා පුරාණසන්‍ථතස‍්ස සාමන‍්තා සුගතවිදත්‍ථිං නවං නිසීදනසන්‍ථතං කාරාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
5. පැරුණි ඇතිරිය පසෙකින් සුගත්වියතක් පමණ (කඩක්) නො ගෙන අළුත් නිසදුන් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ සන්‍ථතානි උජ‍්ඣිත්‍වා ආරඤ‍්ඤිකඞ‍්ගං පිණ‍්ඩපාතිකඞ‍්ගං පංසුකූලිකඞ‍්ගං සමාදියිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ භික්‍ෂූහු ඇතිරි හැරැපියා ආරණ්‍යකාඞ්ගය පිණ්ඩපාතිකාඞ්ගය පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
6. එළකලොමානි පටිග‍්ගහෙත්‍වා තියොජනං අතික‍්කාමෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
6. එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම යන්නහු පිළිබඳ නිසගිපචිති සික පදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු එළකලොමානි පටිග‍්ගහෙත්‍වා තියොජනං අතික‍්කාමෙසි. තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම ගියේ යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. සියා කායතො සමුට‍්ඨාති න වාචතො න චිත‍්තතො, සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. …
7. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා එළකලොමානි ධොවාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සක‍්කෙසු පඤ‍්ඤත‍්තං.
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහිදි පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අඤ‍්ඤාතිකාහි භික‍්ඛුනීහි එළකලොමානි ධොවාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නො නෑ මෙහෙණන් ලවා එළුලොම් දොවවාලූහ, ඒ වස්තුවෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
8. රූපියං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.
8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.
කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො රූපියං පටිග‍්ගහෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර රන්රිදී මසුකහවණු පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
9. නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
9. නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනු දෙනුවට පැමිණියාහු ය, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
10. නානප‍්පකාරකං කයවික‍්කයං සමාපජ‍්ජන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
10. නන්වැදෑරුම් සිවුරු ඈ කැපබඩු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පරිබ‍්බාජකෙන සද‍්ධිං කයවික‍්කයං සමාපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පිරිවැජියකු සමග ගනුදෙනුවට පැමිණියේ ය. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...