යෙදුමෙන් කියවන්න

පත‍්තවග‍්ගො තතියො

4. 3.

4. 3.

1. අතිරෙකපත‍්තං දසාහං අතික‍්කාමෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. නො ඉටු නො විකැපු අතිරේක පාත්‍රයක් දස දිනක් ඉක්මවා දරන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අතිරෙකපත‍්තං ධාරෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු (නො ඉටු නො විකැපු) අතිරේක පාත්‍රයක් දැරුහ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති. එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති න චිත‍්තතො,; සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

2. ඌනපඤ‍්චබන්‍ධනෙන පත‍්තෙන අඤ‍්ඤං නවං පත‍්තං චෙතාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සක‍්කෙසු පඤ‍්ඤත‍්තං.

2. උනු පස්බාන පාත්‍රයෙකින් යුතු වැ මුත් අනෙක් අළුත් පාත්‍රයක් විනවා ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අප‍්පමත‍්තකෙනපි භින‍්නෙන අප‍්පමත‍්තකෙනපි ඛණ‍්ඩෙන විලිඛිතමත‍්තෙනපි බහූ පත‍්තෙ විඤ‍්ඤාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මඳක් බුන් පමණකිනිදු මඳක් කැඩුණු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනිදු බොහෝ පාත්‍රයන් විනවූහ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...

3. භෙසජ‍්ජානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහං අතික‍්කාමෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

3. බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ භෙසජ‍්ජානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහං අතික‍්කාමෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : කඨිනකෙ -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නගියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...

4. අතිරෙකමාසෙ සෙසෙ ගිම‍්හානෙ වස‍්සිකසාටිකචීවරං පරියෙසන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

4. ගිමන් සිවු මසින් අයිරා (අතිරේක) මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සොයන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අතිරෙකමාසෙ සෙසෙ ගිම‍්හානෙ වස‍්සිකසාටිකචීවරං පරියෙසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිමන් සිවු මසින් අයිරා මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සෙවූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සිවුවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...

5. භික‍්ඛුස‍්ස සාමං චීවරං දත්‍වා කුපිතෙන අනත‍්තමනෙන අච‍්ඡින්‍දන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

5. මහණක්හට තමා ම සිවුරක් දී කිපී නොසියමන් (නො සතුටු) වැ පැහැර ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භික‍්ඛුස‍්ස සාමං චීවරං දත්‍වා කුපිතො අනත‍්තමනො අච‍්ඡින්‍දි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නොසියමන් වූයේ පැහැර ගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...

6. සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

6. තමා ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සාමං සුත‍්තං විඤ‍්ඤාපෙත්‍වා තන‍්තවායෙහි චීවරං වායාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තුමූ ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...

7. පුබ‍්බෙ අප‍්පවාරිතස‍්ස අඤ‍්ඤාතකස‍්ස ගහපතිකස‍්ස තන‍්තවායෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

7. පෙරැ නො පැවැරූ නො නෑ ගැහැවියක්හුගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබයැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පුබ‍්බෙ අප‍්පවාරිතො අඤ‍්ඤාතකස‍්ස ගහපතිකස‍්ස තන‍්තවායෙ උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලද්දේ නො නෑ නො පැවරූ ගැහැවියකු ගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟි. ...

8. අච‍්චෙකචීවරං පටිග‍්ගහෙත්‍වා චීවරකාලසමයං අතික‍්කාමෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

8. ඉක්මන් සිවුරක් පිළිගෙන (නො ඉටා නො විකපා) චීවරකාලසමය ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අච‍්චෙකචීවරං පටිග‍්ගහෙත්‍වා චීවරකාලසමයං අතික‍්කාමෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඉක්මන් සිවුරක් පිළිගෙන චීවරකාලසමය ඉක්මවූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : කඨිනකෙ -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...

9. තිණ‍්ණං චීවරානං අඤ‍්ඤතරං චීවරං අන‍්තරඝරෙ නික‍්ඛිපිත්‍වා අතිරෙකඡාරත‍්තං විප‍්පවසන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

9. තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමෙහි තබා අයිරා සරැයක් ඒ සිවුරෙන් වෙන් වැ වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ තිණ‍්ණං චීවරානං අඤ‍්ඤතරං චීවරං අන‍්තරඝරෙ නික‍්ඛිපිත්‍වා අතිරෙකඡාරත‍්තං විප‍්පවසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු තුන් සිවුර අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් වෙන් වැ, විසූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : කඨිනකෙ -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...

10. ජානං සඞ‍්ඝිකං ලාභං පරිණතං අත‍්තනො පරිණාමෙන‍්තස‍්ස නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. පිරිනමනලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරන්නහු පිළිබඳ නිසගි පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං සඞ‍්ඝිකං ලාභං පරිණතං අත‍්තනො පරිණාමෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරවූහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...

පත‍්තවග‍්ගො තතියො.

තෙවන පත්ත වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දසෙකරත‍්ති මාසො ච - ධොවනඤ‍්ච පටිග‍්ගහො, අඤ‍්ඤාතකඤ‍්ච උද‍්දිස‍්ස - උභින‍්නං දූතකෙන ච.

අතිරේකචීවරය ද, ඒකරත්තය ද, අකාලචීවරයද, පුරාණචීවරධොවනයද, අඤ්ඤාතක පටිග්ගහණය ද, අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද, උද්දිස්සය ද, අප්පචාරිත දෙක ද, අතිරේක තික්ඛත්තුචෝදනා ද,

කොසියා සුද‍්ධ ද‍්වෙභාගා - ඡබ‍්බස‍්සානි නිසීදනං, ද‍්වෙ ච ලොමානි උග‍්ගණ‍්හෙ - උභො නානප‍්පකාරකා,

මිස්සකය ද, සුද්ධකය ද, තූලය ද, අනුවස්සකය ද, පුරාණසන්‍ථතය ද, ඵළක ලෝමනීහරණය ද, එළකලෝමධොවනය ද, රූපිය ද, රූපියසංවෝහාරය කයවික්කය යන දෙසික ද,

ද‍්වෙ ච පත‍්තානි භෙසජ‍්ජං - වස‍්සිකා දානපඤ‍්චමං, සාමං වායාපනච‍්චෙකො - සාසඞ‍්කං සඞ‍්ඝිකෙන චාති.

අතිරෙකපත්ත ඌනපඤ්චබන්‍ධන යන දෙසික ද, භේසජ්ජය ද, (වස්සික) සාටකය ද, පස්වැනි අච්ජින්‍දනය ද, තන්තවාය දෙසික ද, අච්චෙක චීවරය ද, ඡාරත්ත විප්පවාසය ද අත්තපරිණාමනය ද යන තිස යි.

තිංසනිස‍්සග‍්ගියා පාචිත‍්තියා නිට‍්ඨිතා.

තිස් නිසගිපචිති නිමි.