පාටිදෙසනීයකණ‍්ඩො
1. 6.
1. 6.
පාටිදෙසනීයකණ‍්ඩො
පාටිදේසනීය කාණ්ඩය
1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තස‍්ස පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යයක් සම්බුද්ධයන් වහන්සේ විසින් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ආමිසං පටිග‍්ගහෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් ආහාරයක් පිළිගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො. -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. භික‍්ඛුනියා වොසාසන‍්තියා න නිවාරෙත්‍වා භුඤ‍්ජන‍්තස‍්ස පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.
2. විධාන කරණ මෙහෙණක නො වළක්වා වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනියො වොසාසන‍්තියො න නිවාරෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු විධාන කරණ මෙහෙණන් නො වැළැක් වූහු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති, න චිත‍්තතො සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. සෙඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තස‍්ස පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ න මත‍්තං ජානිත්‍වා පටිග‍්ගහෙසුං තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති. ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියො.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟි යි, වචනයෙන් නො නඟි යි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. …
4. ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු පුබ‍්බෙ අප‍්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තස‍්ස පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සක‍්කෙසු පඤ‍්ඤත‍්තං.
4. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ අරම තුළැ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති: සම‍්බහුලා භික‍්ඛූ ආරාමෙ චොරෙ පටිවසන‍්තෙ නාරොචෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු අරම තුළ වසන සොරුන් ගැණ නො දැන්වූහ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති, න චිත‍්තතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති. -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟි යි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
චත‍්තාරො පාටිදෙසනීයා නිට‍්ඨිතා.
සිවු පිළිදෙස්නීහු නිමියහ.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
අඤ‍්ඤාතිකාය වොසාසං - සෙඛාරඤ‍්ඤකෙන ච, පාටිදෙසනීයා චත‍්තාරො - සම‍්බුද‍්ධෙන පකාසිතාති.
අඤ්ඤාතික යැ, වොසාසන්තී යැ, සේඛසම්මත යැ, ආරඤ්ඤභෝජන යැ යි සම්බුදු රදුන් විසින් පණවන ලද පාටිදේසනීය සතරෙකි.