යෙදුමෙන් කියවන්න

පාරාජිකකණ‍්ඩො

10. 1.

10. 1.

පාරාජිකකණ‍්ඩො

පාරාජික කාණ්ඩය

1. කායසංසග‍්ගං සාදියනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : කායසංසග‍්ගං සාදියනපච‍්චයා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති : අවස‍්සුතා භික‍්ඛුනී අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං ගහණං සාදියති, ආපත‍්ති පාරාජිකස‍්ස. භික‍්ඛු කායෙන කායං ආමසති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අඞ‍්ගුලිපතොදකෙ පාචිත‍්තියං. කායසංසග‍්ගං සාදියනපච‍්චයා ඉමා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති.

1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මෙහෙණක් කායසංසර්‍ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණ මඬලින් උඩ ගැනීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්‍ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් ස්පර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් මේ පස් ඇවතට පැමිණේ.

2. වජ‍්ජප‍්පටිච‍්ඡාදනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : වජ‍්ජප‍්පටිච‍්ඡාදනපච‍්චයා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛුනී ජානං පාරාජිකං ධම‍්මං පටිච‍්ඡාදෙති, ආපත‍්ති පාරාජිකස‍්ස. වෙමතිකා පටිච‍්ඡාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං පටිච‍්ඡාදෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ආචාරවිපත‍්තිං පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස වජ‍්ජප‍්පටිච‍්ඡාදනපච‍්චයා ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

2. වරද සැඟවීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද සැඟවීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණක් දැන දැන පරිජි ඇවැතක් වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් සඟ වෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාර විපත්තියක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. වරද සැඟවීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.

3. යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති : උක‍්ඛිත‍්තානුවත‍්තිකා භික‍්ඛුනී යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජති, ඤත‍්තියා දුක‍්කටං, ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා. කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාරාජිකස‍්ස: භෙදකානුවත‍්තිකා භික‍්ඛුනී යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. පාපිකාය දිට‍්ඨියා යාව තතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. යාව තතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජනපච‍්චයා ඉමා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති.

3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණෙයි: උඛෙව්නීකම්කරණ ලදහු අනු වැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වෙයි, භේදකයනට අනුවණැ වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් සඟවෙසෙස් ඇවැත් වෙයි. ලාමක දෘෂ්ටියෙන් යුත් මෙහෙණහට තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නොහරී නම් පචිති ඇවැත් වේ. තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.

4. අට‍්ඨමං වත්‍ථුං පරිපූරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : අට‍්ඨමං වත්‍ථුං පරිපූරණපච‍්චයා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : පුරිසෙන “ඉත්‍ථන‍්නාමං ගහනං ආගච‍්ඡා”ති වුත‍්තා ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. පුරිසස‍්ස හත්‍ථපාසං ඔක‍්කන‍්තමත‍්තෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙති, ආපත‍්ති පාරාජිකස‍්ස. අට‍්ඨමං වත්‍ථුං පරිපූරණපච‍්චයා ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

4. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් කෙතෙක් ඇවතුන්ට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව පිරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: පිරිමියක්හු විසින් “මෙනම් තැනට යව” යි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිමියක්හුගේ අත්පසට වන් කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව පුරවා නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව පිරවීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.

පාරාජිකා නිට‍්ඨිතා.

පරිජි නිමි.