යෙදුමෙන් කියවන්න

16. සංසට‍්ඨවාරො

16. සංසට‍්ඨවාරො

16. සංසට්ඨවාරය

අධිකරණන‍්ති වා සමථාති වා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා උදාහු විසංසට‍්ඨා, ලබ‍්භා ච පනිමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුන‍්ති :-

අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍ර වූවෝ ද නොහොත් අමිශ්‍ර වූවෝ ද, බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට ලැබේ ද යත්:

අධිකරණන‍්ති වා සමථාති වා ඉමෙ ධම‍්මා විසංසට‍්ඨා, නො සංසට‍්ඨා. ලබ‍්භා ච පනිමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුන‍්ති, සො මා හෙවන‍්තිස‍්ස වචනීයො. අධිකරණන‍්ති වා සමථාති වා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං. තං කිස‍්ස හෙතු : නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ අධිකරණානි, සත‍්ත සමථා. අධිකරණා සමථෙහි සම‍්මන‍්ති. සමථා අධිකරණෙහි සම‍්මන‍්තී”ති. එවං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා නො ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුන‍්ති.

“අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ අමිශ්‍ර වෙති, මිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට ලැබේ” යැයි (යමෙක් කියා නම්) හේ ‘මෙසේ නහමක් කිය’ යි කියයුතු වන්නේය. අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍ර වෙති. අමිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණ වන්නට නො ලැබේ. කවර හෙයිනැ යත්: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ අධිකරණ සතරෙක, ශමථ සතෙක, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත්.” යයි වදාරණ ලද්දේ නො වේ ද, මෙසේ මේ ධර්‍මයෝ මිශ්‍ර වෙති, අමිශ්‍ර නො වෙත්. බෙදාලමින් මේ ධර්‍මයන්ගේ නානාත්‍වය පණවන්නට නො ලැබේ මැ යි.

සංසට‍්ඨවාරො නිට‍්ඨිතො සොළසමො.

සොළොස්වන සංසට්ඨවාරය නිමි.