6. පරියායවාරො
6. පරියායවාරො
6. පරියායවාරය
1. විවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං, කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි විවදති, විවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති.
1. විවාදාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් විවාද කෙරෙත් ද, විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
2. අනුවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං, කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි අනුවදති, අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මති,
2. අනුවාදාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් චෝදනා කෙරේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
3. ආපත්තාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි ආපත්තිං ආපජ්ජති, ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මති.
3. ආපත්තාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් ඇවැතට පැමිණේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
4. කිච්චාධිකරණස්ස කිං පුබ්බඞ්ගමං, කති ඨානානි, කති වත්ථූනි, කති භූමියො, කති හෙතූ, කති මූලානි, කතීහාකාරෙහි කිච්චං ජනියා, කිච්චාධිකරණං කතීහි සමථෙහි සම්මති:
4. කිච්චාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් කෘත්‍යය හටගණී ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
1. විවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො, දොසො පුබ්බඞ්ගමො, මොහො පුබ්බඞ්ගමො, අලොභො පුබ්බඞ්ගමො, අදොසො පුබ්බඞ්ගමො, අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : අට්ඨාරස භෙදකරවත්ථූනි ඨානානි. කති වත්ථූනීති : අට්ඨාරස භෙදකරවත්ථූනි වත්ථූනි. කති භූමියොති : අට්ඨාරස භෙදකරවත්ථූනි භූමියො. කති හෙතූති : නව හෙතු : තයො කුසලහෙතු, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : ද්වාදස මූලානි. කතිහාකාරෙහි විවදතීති : ද්වීහාකාරෙහි විවදති : ධම්මදිට්ඨි වා අධම්මදිට්ඨි වා. විවාදාධිකරණං කතීහි සමථෙහි සම්මතීති; විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච.
1. විවාදාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්වඞ්ගම වෙයි, ද්වේෂය පූර්වඞ්ගම වෙයි, මෝහය පූර්වඞ්ගම වෙයි, අලෝභය පූර්වඞ්ගම වෙයි. අද්වේෂය පූර්වඞ්ගම වෙයි, අමෝහය පූර්වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: අටළොස් භේදකර වස්තූහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නව දෙනෙකැ: කුශලහේතු තිදෙන යැ, අකුශලහේතු තිදෙන යැ, අව්‍යාකෘත හේතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ දොළොසෙකි. කෙතෙක් අයුරින් විවාද කෙරේද යත්: දෙ අයුරෙකින් විවාද කෙරෙයි: ධර්මදෘෂ්ටියෙන් හෝ අධර්මදෘෂ්ටියෙන් හෝ යි. විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් විවාදාධිකරණය සන්හිඳේ.
2. අනුවාදාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො දොසො පුබ්බඞ්ගමො. මොහො පුබ්බඞ්ගමො. අලොභො පුබ්බඞ්ගමො අදොසො පුබ්බඞ්ගමො. අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : චතස්සො විපත්තියො ඨානානි, කති වත්ථූනීති : චතස්සො විපත්තියො වත්ථූනි. කති භූමියොති : චතස්සො විපත්තියො භූමියො, කති හෙතූති : නව හෙතූ : තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : චුද්දස මූලානි. කතීහාකාරෙහි අනුවදතීති : ද්වීහාකාරෙහි අනුවදති : වත්ථුතො වා ආපත්තිතො වා. අනුවාදාධිකරණං කතීහි සමථෙහි සම්මතීති, අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපිය්යසිකාය ච.
2. අනුවාදාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්වඞ්ගම වෙයි, ද්වේෂය පූර්වඞ්ගම වෙයි, මෝහය පූර්වඞ්ගම වෙයි, අලෝභය පූර්වඞ්ගම වෙයි, අද්වේෂය පූර්වඞ්ගම වෙයි, අමෝහය පූර්වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: (ශීල-ආචාර-දෘෂ්ටි-ආජීව යන) සිවුවැදෑරුම් විපත්තීහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් විපත්තීහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: සිවු වැදැරුම් විපත්තීහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙනැයි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ තුදුසෙකි. කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: දෙ අයුරෙකින් චෝදනා කෙරෙයි: වස්තු වශයෙන් හෝ ආපත්ති වශයෙන් හෝ යි. අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් අනුවාදාධිකරණය සන්හිඳේ.
3. ආපත්තාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො. දොසො පුබ්බඞ්ගමො. මොහො පුබ්බඞ්ගමො. අලොභො පුබ්බඞ්ගමො, අදොසො පුබ්බඞ්ගමො. අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : සත්තාපත්තික්ඛන්ධා ඨානානි. කති වත්ථූනීති : සත්තාපත්තික්ඛන්ධා වත්ථූනි. කති භූමියොති : සත්තාපත්තික්ඛන්ධා භූමියො. කති හෙතූති : නව හෙතූ තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : ඡ ආපත්තිසමුට්ඨානානි මූලානි. කතීහාකාරෙහි ආපත්තිං ආපජ්ජතීති : ඡහාකාරෙහි ආපත්තිං ආපජ්ජති : අලජ්ජිතා, අඤ්ඤාණතා, කුක්කුච්චපකතතා, අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, සතිසම්මොසා. ආපත්තාධිකරණං කතීහි සමථෙහි සම්මතීති : ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
3. ආපත්තාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේද යත්: ලෝභය පූර්වඞ්ගම වෙයි ද්වේෂය පූර්වඞ්ගම වෙයි, මෝහය පූර්වඞ්ගම වෙයි, අලෝභය පූර්වඞ්ගම වෙයි, අද්වේෂය පූර්වඞ්ගම වෙයි, අමෝහය පූර්වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සප්තආපත්ති ස්කන්ධයෝ ස්ථාන වෙති, වස්තූහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්ධයෙන් වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්ධයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන ය අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ මූල වෙති. කෙතෙක් අයුරෙකින් ඇවැතට පැමිණේ ද යත්: අලජ්ජීබව යැ නො දැනීම්බව යැ කුකුස් පියවි කොට ඇතිබව යැ නො කැපයෙහි කැපැයි හැඟීම් ඇතිබව යැ කැපයෙහි නො කැපැයි හැඟීම් ඇතිබව යැ සිහිමුළාබවැයි ස අයුරකින් ඇවැතට පැමිණේ. ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
4. කිච්චාධිකරණස්ස කිං පුබ්බඞ්ගමන්ති : ලොභො පුබ්බඞ්ගමො, දොසො පුබ්බඞ්ගමො, මොහො පුබ්බඞ්ගමො, අලොභො පුබ්බඞ්ගමො, අදොසො පුබ්බඞ්ගමො, අමොහො පුබ්බඞ්ගමො. කති ඨානානීති : චත්තාරි කම්මානි ඨානානි. කති වත්ථූනීති : චත්තාරි කම්මානි වත්ථූනි. කති භූමියොති : චත්තාරි කම්මානි භූමියො. කති හෙතූති : නව හෙතූ තයො කුසලහෙතු, තයො අකුසලහෙතූ, තයො අබ්යාකතහෙතූ. කති මූලානීති : එකං මූලං සඞ්ඝො. කතීහාකාරෙහි කිච්චං ජායතීති : ද්වීහාකාරෙහි කිච්චං ජායති : ඤත්තිතො වා, අපලොකනතො වා. කිච්චාධිකරණං කතීහි සමථෙහි සම්මතීති : කිච්චාධිකරණං එකෙන සමථෙන සම්මති : සම්මුඛාවිනයෙන.
4. කිච්චාධිකරණයට කුමක් පූර්වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්වඞ්ගම වෙයි. ද්වේෂය පූර්වඞ්ගම වෙයි, මෝහය පූර්වඞ්ගම වෙයි, අලෝභය පූර්වඞ්ගම වෙයි, අද්වේෂය පූර්වඞ්ගම වෙයි, අමෝහය පූර්වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්මයෝ ස්ථාන වෙති. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්මයෝ වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්මයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශල හේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: එක් මූලෙකැ: සඞ්ඝ තෙමේ යැ. කෙතෙක් අයුරෙකින් කෘත්‍යය හටගණී ද යත්: දෙ අයුරෙකින් කෘත්‍යය හටගණියි: ඤත්තියෙන් හෝ අපලෝකනයෙන් හෝ යි. කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනය නම් එක් ශමථයෙන් කිච්චාධිකරණය සන්හිඳේ.
කති සමථා : සත්ත සමථා : සම්මුඛාවිනයො, සතිවිනයො, අමූළ්හවිනයො, පටිඤ්ඤාතකරණං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො.
ශමථයෝ කෙතෙක යත්: ශමථයෝ සත් දෙනෙකි. සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යේභුය්‍යසිකා යැ තස්සපාපියාසිකා යැ තිණවත්ථාරක යැ. මොහු සප්ත ශමථයෝ යි.
ඉමෙ සත්ත සමථා. සියා ඉමෙ සත්ත සමථා දස සමථා හොන්ති. දස සමථා සත්ත සමථා හොන්ති. වත්ථුවසෙන පරියායෙන සියාති.
කිසිවිටෙක මේ සප්ත ශමථයෝ දශ ශමථයෝ වෙති. කිසිවිටෙක වස්තු වශයෙන් ද පර්‍ය්‍යාය වශයෙන් ද දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
කථඤ්ච සියා : විවාදාධිකරණස්ස ද්වෙ සමථා. අනුවාදාධිකරණස්ස චත්තාරො සමථා, ආපත්තාධිකරණස්ස තයො සමථා, කිච්චාධිකරණස්ස එකො සමථො. එවං ඉමෙ සත්ත සමථා දස සමථා හොන්ති. දස සමථා සත්ත සමථා හොන්ති වත්ථුවසෙන පරියායෙන.
කෙසේ වන්නේ ද යත්: විවාදාධිකරණය පිළිබඳ ශමථයෝ දෙදෙනෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ ශමථයෝ සිවුදෙනෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ ශමථයෝ තිදෙනෙකැ, කිච්චාධිකරණය පිළිබඳ එක් ශමථයෙකි. මෙසේ මේ සප්ත ශමථයෝ වස්තු වශයෙන් හා පර්‍ය්‍යාය වශයෙන් දශ ශමථයෝ වෙති, දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
පරියායවාරො නිට්ඨිතො ඡට්ඨො.
සවන අධිකරණ පරියාය වාරය නිමි.