1. 11. 2-10
1. 11. 2-10.
1. 11. 2-10.
යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ ධම‍්මං ධම‍්මොති දීපෙන‍්ති -පෙ- අවිනයං අවිනයොති දීපෙන‍්ති -පෙ- විනයං විනයොති දීපෙන‍්ති -පෙ- අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- අනාචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- ආචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- අපඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති -පෙ- පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනහිතාය පටිපන‍්නා බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ පුඤ‍්ඤං පසවන‍්ති. තෙවිමං සද‍්ධම‍්මං ඨපෙන‍්තීති.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය ධර්‍මය යි (යථාවිධියෙන් ගෙණ) දක්වත් ද …, අවිනය අවිනය යි දක්වත් ද …, විනය විනය යි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
වග‍්ගො එකාදසමො.
එකොළොස් වන වග යි.