1. 13. 14-25
1. 13. 14-25.
1. 13. 14-25.
එකපුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති, මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස පාතුභාවො හොති, ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති, අනෙකධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා හොති, සොතාපත්තිඵලසච්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච්ඡිකිරියා හොති, අනාගාමිඵලසච්ඡිකිරියා හොති, අරහත්තඵලසච්ඡිකිරියා හොති. කතමස්ස එකපුග්ගලස්ස: තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ එකපුග්ගලස්ස පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති, මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස පාතුභාවො හොති, ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති, අනෙක ධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා හොති, සොතාපත්තිඵලසච්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච්ඡිකිරියා හොති, අනාගාමිඵලසච්ඡිකිරියා හොති, අරහත්තඵලසච්ඡිකිරියා හොතීති.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ නිෂ්පත්තිය හේතු කොට ගෙන මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරියධර්මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ පසක් කිරීම වෙයි, (අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අර්හත්ත්ව ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ නිෂ්පත්තියෙන් මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයාගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයාගේ පහළ වීම වෙයි, අනුත්තරිය ධර්මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ සාක්ෂාත් කිරීම වෙයි, අනේක ධාතු ප්‍රතිවේධය වෙයි, නානාධාතුප්රතිවේධය වෙයි, විද්යාවිමුක්තිඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි, අර්හත්ත්ව ඵලයාගේ සාක්ෂාත් කිරීම වෙයි.