යෙදුමෙන් කියවන්න

1. 13. 1

සම්පූර්ණ පරිච්ඡේදය

1. 13. 1.

1. 13. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

එකපුග‍්ගලො භික‍්ඛවෙ ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමො එකපුග‍්ගලො: තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො. අයං ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්‍වලෝකයෙහි = මිනිස්ලොවැ) උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස (අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි) උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.

1. 13. 2.

1. 13. 2.

එකපුග‍්ගලස‍්ස භික‍්ඛවෙ පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. කතමස‍්ස එකපුග‍්ගලස‍්ස: තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. ඉමස‍්ස ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලස‍්ස පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මින‍්ති.

මහණෙනි, එක් පුද්ගලයක්හුගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය.

1. 13. 3.

1. 13. 3.

එකපුග‍්ගලො භික‍්ඛවෙ ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අච‍්ඡරියමනුස‍්සො. කතමො එකපුග‍්ගලො: තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො. අයං ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අච‍්ඡරියමනුස‍්සොති.

මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි.

1. 13. 4.

1. 13. 4.

එකපුග‍්ගලස‍්ස භික‍්ඛවෙ කාලකිරියා බහුනො ජනස‍්ස අනුතප‍්පාහොති. කතමස‍්ස එකපුග‍්ගලස‍්ස: තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. ඉමස‍්ස ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලස‍්ස කාලකිරියා බහුනො ජනස‍්ස අනුතප‍්පා හොතීති.

මහණෙනි, එක් පුද්ගලයක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වෙයි. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ (කාලක්‍රියාව) ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර (චේතෝදුඃඛාවහ) වෙයි.

1. 13. 5-13.

1. 13. 5-13.

එකපුග‍්ගලො භික‍්ඛවෙ ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අදුතියො අසහායො, අප‍්පටිමො, අප‍්පටිසමො, අප‍්පටිභාගො, අප‍්පටිපුග‍්ගලො, අසමො අසමසමො, දිපදානං අග‍්ගො. කතමො එකපුග‍්ගලො: තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො. අයං ඛො භික‍්ඛවෙ එකපුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අදුතියො, අසහායො, අප‍්පටිමො, අප‍්පටිසමො, අප‍්පටිභාගො, අප‍්පටි පුග‍්ගලො, අසමො, අසමසමො, දිපදානං අග‍්ගොති.

මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගල තෙමේ වනාහි ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේ වෙයි.