3. අකම්මනියවග්ගො
3. අකර්මණ්‍ය වර්ගය
1. 3. 1.
1. 3. 1.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අකම්මනියං හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අකම්මනියං හොතීති.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩන ලද්දේ අකර්මණ්‍ය (=කර්මයට අහිත) වේ නම්, චිත්තය බඳු අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත අකර්මණ්‍ය වේ.
1. 3. 2.
1. 3. 2.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං කම්මනියං හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං කම්මනියං හොතීති.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ කර්මණ්ය වේ ද, චිත්තය බඳු අන් එක ද ධර්මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, (භාවනා වශයෙන්) වඩන ලද සිත කර්මණ්ය වේ.
1. 3. 3.
1. 3. 3.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩනා ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවඩන ලද සිත මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 4.
1. 3. 4.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු සිත මහත් අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 3. 5.
1. 3. 5.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අපාතුභූතං මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ (විදර්ශනා මාර්ග ඵල නිර්වාණයන් අරමුණු කොට) පහළ නො වූයේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු (විදර්ශනාදිය අරමුණු කොට) පහළ නො වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 6.
1. 3. 6.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං පාතුභූතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං පාතුභූතං මහතො අත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ පහළ වූයේ මහත් වූ අර්ත්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු (විදර්ශනාදිය අරමුණු කොට) පහළ වූ සිත මහත් වූ අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 3. 7.
1. 3. 7.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අබහුලීකතං මහතො අනත්ථාය සංවත්තතීති.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නො වැඩු බහුල වශයෙන් පුරුදු නොකළ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 8.
1. 3. 8.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තති. යථයිදං චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තතී”ති.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ අර්ත්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු බහුල වශයෙන් කළ සිත මහත් වූ අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 3. 9.
1. 3. 9.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අභාවිතං අබහුලීකතං දුක්ඛාවහං හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ අභාවිතං අබහුලීකතං දුක්ඛාවහං හොතීති.
මහණෙනි, යමක් මෙසේ නොවැඩුයේ බහුල වශයෙන් නොකෙළේ දුක් එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු බහුල වශයෙන් නොකළ සිත දුක් එළවන්නේ වෙයි.
1. 3. 10.
1. 3. 10.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං සුඛාවහං හොති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවෙ භාවිතං බහුලීකතං සුඛාවහං හොතීති.
මහණෙනි, යමක් මෙසේ වැඩුයේ බහුල වශයෙන් කෙළේ සුව එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, භාවිතය වූ බහුලීකෘත වූ සිත සුව එළවන්නේ වේ.
වග්ගො තතියො.
තෙවන වග යි.