අකම්මනියවග්ගො අට්ඨකථා
අකම්මනියවග්ගො
අකර්මණ්‍ය වර්ගය
තතියස්ස පඨමෙ අභාවිතන්ති අවඩ්ඪිතං භාවනාවසෙන අප්පවත්තිතං. අකම්මනියං හොතීති කම්මක්ඛමං කම්මයොග්ගං න හොති.
තෙවෙනි වර්ගයෙහි පළමුවැන්නෙහි අභාවිතං යනු නොවඩනලද්දයි භාවනා වශයෙන් නොපවත්වන ලද්දයි. අකම්මනියං හොති යනු කර්මක්ෂම වූයේ, කර්මයට යෝග්‍යවූයේ නොවෙයි.
දුතියෙ වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො. එත්ථ ච පඨමෙ චිත්තන්ති වට්ටවසෙන උප්පන්නචිත්තං, දුතියෙ විවට්ටවසෙන උප්පන්නචිත්තං. තත්ථ ච වට්ටං වට්ටපාදං, විවට්ටං විවට්ටපාදන්ති අයං පභෙදො වෙදිතබ්බො. වට්ටං නාම තෙභූමකවට්ටං, වට්ටපාදං නාම වට්ටපටිලාභාය කම්මං, විවට්ටං නාම නව ලොකුත්තරධම්මා, විවට්ටපාදං නාම විවට්ටපටිලාභාය කම්මං. ඉති ඉමෙසු සුත්තෙසු වට්ටවිවට්ටමෙව කථිතන්ති.
දෙවැන්නෙහි කියනලද දෙයට විපර්‍ය්‍යාස වශයෙන් අර්ත්ථය දතයුතුය. මෙහිද පළමුවැන්නෙහි චිත්තං යනු වර්ත (සාංසාරික) වශයෙන් උපන්සිතයි. එහි වට්ට, වට්ටපාද, විවට්ට, විවට්ටපාද යන මේ ප්‍රභේදය දතයුතුය. වට්ට නම් ත්‍රෛභූමක වර්තයයි. වට්ටපාද නම් වර්තප්රතිලාභය සඳහාවූ කර්මයයි. විවට්ට නම් නවලෝකෝත්තර ධර්මයයි. විවට්ටපාද නම් විවර්තප්රතිලාභය සඳහා වූ කර්මයයි. මෙසේ මේ සූත්‍රයන්හි වර්‍තවිවර්‍තයම කියනලදී.
තතියෙ වට්ටවසෙනෙව උප්පන්නචිත්තං වෙදිතබ්බං. මහතො අනත්ථාය සංවත්තතීති දෙවමනුස්සසම්පත්තියො මාරබ්රහ්මඉස්සරියානි ච දදමානම්පි පුනප්පුනං ජාතිජරාබ්යාධිමරණසොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙ ඛන්ධධාතුආයතනපටිච්චසමුප්පාදවට්ටානි ච දදමානං කෙවලං දුක්ඛක්ඛන්ධමෙව දෙතීති මහතො අනත්ථාය සංවත්තති නාමාති.
තෙවැන්නෙහිද වර්තවශයෙන්ම උපන්සිත දතයුතුයි. ‘මහතො අනර්‍ත්‍ථය සංවත්තති’ යනු දිව්‍යමනුෂ්‍ය සම්පත්තිද මාරබ්රහ්ම ඓශ්වර්ය්යයද දෙනු ලබන්නේවුවත් නැවත නැවත ජාති ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයන්ද ස්කන්ධධාතු ආයතන ප්‍රතීත්‍යසමුත්පාද වර්තයන්ද දෙමින් හුදෙක් දුඃඛ ස්කන්ධයම දෙතැයි මහත්වූ අනර්‍ත්‍ථය සඳහා පවතී නම්වේ.
තෙවැන්නයි
චතුත්ථෙ චිත්තන්ති විවට්ටවසෙනෙව උප්පන්නචිත්තං.
සිවුවැන්නෙහි චිත්තං යනු විවර්තවශයෙන්ම උපන් සිතයි.
සිවුවැන්නයි
පඤ්චමඡට්ඨෙසු අභාවිතං අපාතුභූතන්ති අයං විසෙසො. තත්රාමයධිප්පායො – වට්ටවසෙන උප්පන්නචිත්තං නාම උප්පන්නම්පි අභාවිතං අපාතුභූතමෙව හොති. කස්මා ? ලොකුත්තරපාදකජ්ඣානවිපස්සනාමග්ගඵලනිබ්බානෙසු පක්ඛන්දිතුං අසමත්ථත්තා. විවට්ටවසෙන උප්පන්නං පන භාවිතං පාතුභූතං නාම හොති. කස්මා? තෙසු ධම්මෙසු පක්ඛන්දිතුං සමත්ථත්තා. කුරුන්දකවාසී ඵුස්සමිත්තත්ථෙරො පනාහ – “මග්ගචිත්තමෙව, ආවුසො, භාවිතං පාතුභූතං නාම හොතී”ති.
පස්වෙනි සවෙනි සූත්‍රයන්හි අපාතුභූතං යන මෙය විශේෂයයි. එහි අදහස මෙසේයි. වර්‍තවශයෙන් උපන්සිත නම් උපන්නේවුවද නොවඩනලද්දේ නොපහළ වූවක්මවෙයි. කුමක් හෙයින්ද? ලෝකෝත්තර පාදකවූ ධ්‍යාන විදර්ශනා මාර්ගඵල නිර්වාණ යන මේවාහි ඇතුළට වැදීමට අසමත් වන බැවිනි. විවර්ත වශයෙන් උපන් සිත වඩනලද්දේ පහළවූයේ නම් වෙයි. ඒ ධර්මයන්හි ඇතුළට වැදීමට සමත් වන බැවිනි. ‘ඇවැත්ති මාර්ගසිතම වඩනාලද්දේ පහළවූයේ නම් වේ’යයි කුරුන්දකවාසී ඵුස්සමිත්ත තෙරුන්වහන්සේ කීහ.
සවැන්නයි
සත්තමට්ඨමෙසු අබහුලීකතන්ති පුනප්පුනං අකතං. ඉමානිපි ද්වෙ වට්ටවිවට්ටවසෙන උප්පන්නචිත්තානෙව වෙදිතබ්බානීති.
සත්වෙනි අටවෙනි සූත්‍රයන්හි ‘අබහුලීකතං’ යනු නැවත නැවත නොකළ යුතුයි. මේ දෙකද වර්‍තවිවර්‍තවශයෙන් උපන්සිත්මයි දතයුතුය.
අටවැන්නයි
නවමෙ “ජාතිපි දුක්ඛා”තිආදිනා නයෙන වුත්තං දුක්ඛං අධිවහති ආහරතීති දුක්ඛාධිවහං. දුක්ඛාධිවාහන්තිපි පාඨො. තස්සත්ථො – ලොකුත්තරපාදකජ්ඣානාදි අරියධම්මාභිමුඛං දුක්ඛෙන අධිවාහීයති පෙසීයතීති දුක්ඛාධිවාහං. ඉදම්පි වට්ටවසෙන උප්පන්නචිත්තමෙව. තඤ්හි වුත්තප්පකාරා දෙවමනුස්සාදිසම්පත්තියො දදමානම්පි ජාතිආදීනං අධිවහනතො දුක්ඛාධිවහං, අරියධම්මාධිගමාය දුප්පෙසනතො දුක්ඛාධිවාහඤ්ච නාම හොතීති.
නවවැන්නෙහි ජාතිපි දුක්ඛා යනාදී ක්‍රමයෙන් කියනලද දුක එළවයි, ගෙනඑයි යන අර්ත්ථයෙන් දුක්ඛාවහං නම් වෙයි. දුක්ඛාධිවාහං යනුද පාඨයෙකි. එහි අර්ත්ථය මෙසේයි: ලෝකෝත්තර පාදකවූ ධ්‍යානාදියෙහි ආර්ය්යධර්මාභිමුඛවූයේ දුකින් උසුලාගෙනයනු ලබයි, යවයි යන්නෙන් දුක්ඛාධිවාහං (දුක්උසුලන්නේ) නම් වෙයි. මෙයද වර්‍තවශයෙන් උපන් සිතමයි. එය ඒකාන්තයෙන්ම කියනලද ආකාර ඇති දෙවිමිනිස් සැපත් දෙන්නේවුවද ජාති ආදිය උසුළාගෙන එන බැවින් දුක් උසුලන්නේයි. ආර්ය්යධර්මාධිගමය සඳහා අපහසුවෙන් යවන හෙයින් දුක්ඛාධිවාහද නම් වෙයි.
නවවැන්නයි
දසමෙ විවට්ටවසෙන උප්පන්නචිත්තමෙව චිත්තං. තඤ්හි මානුසකසුඛතො දිබ්බසුඛං, දිබ්බසුඛතො ඣානසුඛං, ඣානසුඛතො විපස්සනාසුඛං, විපස්සනාසුඛතො මග්ගසුඛං, මග්ගසුඛතො ඵලසුඛං, ඵලසුඛතො නිබ්බානසුඛං අධිවහති ආහරතීති සුඛාධිවහං නාම හොති, සුඛාධිවාහං වා. තඤ්හි ලොකුත්තරපාදකජ්ඣානාදිඅරියධම්මාභිමුඛං සුපෙසයං විස්සට්ඨඉන්දවජිරසදිසං හොතීති සුඛාධිවාහන්තිපි වුච්චති. ඉමස්මිම්පි වග්ගෙ වට්ටවිවට්ටමෙව කථිතන්ති.
දසවැන්නෙහි, විවර්‍තවශයෙන් උපන් සිතම කියනලදී. එය වනාහි මනුෂ්‍ය සුඛයෙන් දිව්යසුඛයද දිව්යසුඛයෙන් ධ්යානසුඛයද ධ්‍යානසුඛයෙන් විදර්ශනාසුඛයද විදර්ශනාසුඛයෙන් මාර්ගසුඛයද මාර්ගසුඛයෙන් ඵලසුඛයද ඵලසුඛයෙන් නිර්වාණ සුඛයද උසුලාගෙන එයි; රැගෙන ඒනුයි සුඛාවහං නම් වෙයි. සුඛාධිවාහං හෝ වෙයි. එයද ලෝකෝත්තර පාදකවූ ධ්‍යානාදී අර්ය්යධර්මාභිමුඛව මනාව යවන්නේ මුදාහළ ඉන්ද්‍ර (දෙවියන්ගේ) වජ්රායුධය සමාන වේයයි සුඛාධිවාහං යනුද කියනුලැබේ. මේ වර්ගයෙහිද වර්‍තවිවර්‍තයම කියනලදී.
අකම්මනියවග්ගවණ්ණනා.
තෙවෙනි අකම්මනියවර්ගයයි