යෙදුමෙන් කියවන්න

නීවරණප‍්පහානවග‍්ගො අට‍්ඨකථා

නීවරණප‍්පහානවග‍්ගො

නීවරණප්‍රහාණ වර්ගය

දුතියස‍්ස පඨමෙ එකධම‍්මම‍්පීති එත්‍ථ “තස‍්මිං ඛො පන සමයෙ ධම‍්මා හොන‍්තී”තිආදීසු (ධ· ස· 121) විය නිස‍්සත‍්තට‍්ඨෙන ධම‍්මො වෙදිතබ‍්බො. තස‍්මා එකධම‍්මම‍්පීති නිස‍්සත‍්තං එකසභාවම‍්පීති අයමෙත්‍ථ අත්‍ථො. අනුප‍්පන‍්නොවාති එත්‍ථ පන “භූතානං වා සත‍්තානං ඨිතියා සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය (ම· නි· 1.402; සං· නි· 2.11) යාවතා, භික‍්ඛවෙ, සත‍්තා අපදා වා ද‍්විපදා වා”ති (අ· නි· 4.34; ඉතිවු· 90) එවමාදීසු විය සමුච‍්චයත්‍ථො වාසද‍්දො දට‍්ඨබ‍්බො, න විකප‍්පත්‍ථො. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යෙන ධම‍්මෙන අනුප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති, තමහං යථා සුභනිමිත‍්තං, එවං අඤ‍්ඤං න පස‍්සාමීති. තත්‍ථ අනුප‍්පන‍්නොති අජාතො අසඤ‍්ජාතො අපාතුභූතො අසමුදාගතො. කාමච‍්ඡන්‍දොති “යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දී කාමතණ‍්හා”තිආදිනා (ධ· ස· 1156) නයෙන විත්‍ථාරිතං කාමච‍්ඡන්‍දනීවරණං. උප‍්පජ‍්ජතීති නිබ‍්බත‍්තති පාතුභවති. සො පනෙස අසමුදාචාරවසෙන වා අනනුභූතාරම‍්මණවසෙන වා අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජතීති වෙදිතබ‍්බො. අඤ‍්ඤථා හි අනමතග‍්ගෙ සංසාරෙ අනුප‍්පන‍්නො නාම නත්‍ථි.

දෙවෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි, ‘එකධම්මම්පි’ යන මෙහි ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති’ යනාදියෙහි මෙන් අනාත්මාර්‍ත්‍ථයෙන් ධර්‍මය දතයුතුය. එහෙයින් ‘එකධම්මම්පි’ යනු නිස්සත්‍ව (අනාත්ම) වූඑක් ස්වභාවයක් යන මේ අර්‍ත්‍ථයයි. ‘අනුප්පන්නො වා’ යන මෙහි වනාහි ‘භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’, ‘යාවතා භික්‍ඛවෙ සත්තා අපදා වා දිපදා වා’ යන ආදියෙහි මෙන් ‘වා’ ශබ්දය සමුච්චයාර්‍ත්‍ථයෙන් දැක්විය යුතුය. විකල්පාත්‍ර්‍තයෙහි නොවේ. යම් ධර්‍මයකින් නුපන්නාවූද කාමච්ඡන්‍දය උපදීදඋපන්නාවූද කාමච්ඡන්‍දය බොහෝබව සඳහා විපුලබව සඳහා පවතීද සුභනිමිත්ත යම්සේද එසේ මෙබඳු වෙනෙකක් මම නොදකිමි යනු මේ මෙහි අත්‍ර්‍තයයි. එහි ‘අනුප්පන්නො’ යනු නූපන්, නොහටගත්, නොපහළවූ, සමුත්ගත නොවූයි. කාමච්ඡන්‍දො යනු ‘යො කාමෙසු කාමච්ඡන්‍දො කාමරාගො කාමනන්‍දිකාමතණ්හා’ යනාදී ක්‍රයෙන් විස්තර කරන ලද කාමච්ඡන්‍ද නීවරණයයි. උප්පජ්ජති යනු උපදියි පහළවෙයි. ඒ මේ කාමච්ඡන්‍දය වනාහි නොහැසිරීම් වශයෙන් හෝ නොවිඳි අරමුණු වශයෙන් හෝ නූපන්නේ උපදීයයි දතයුතුයි. වෙනත් අයුරකින් නොදත් අග් ඇති සසරෙහි නූපන් දෙයක් නම් නැත.

තත්‍ථ එකච‍්චස‍්ස වත‍්තවසෙන කිලෙසො න සමුදාචරති, එකච‍්චස‍්ස ගන්‍ථධුතඞ‍්ගසමාධි- විපස‍්සනානවකම‍්මාදීනං අඤ‍්ඤතරවසෙන. කථං? එකච‍්චො හි වත‍්තසම‍්පන‍්නො හොති, තස‍්ස ද‍්වෙඅසීති ඛුද‍්දකවත‍්තානි චුද‍්දස මහාවත‍්තානි චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණපානීයමාළකඋපොසථාගාරආගන‍්තුකගමිකවත‍්තානි ච කරොන‍්තස‍්සෙව කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස වත‍්තං විස‍්සජ‍්ජෙත්‍වා භින‍්නවත‍්තස‍්ස චරතො අයොනිසොමනසිකාරඤ‍්චෙව සතිවොස‍්සග‍්ගඤ‍්ච ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

එහි ඇතැමෙකුට වත් වශයෙන් කෙළෙස් නොහැසිරෙයි. ඇතමෙකුට ග්‍රන්‍ථධුතඞ්ග, සමාධිවිපස්සනා නවකම්මභාවනාවන්ගෙන් එකක් වශයෙන් නොහැසිරෙයි. කෙසේනම් ඇතමෙක් වත්තසම්පන්නයෙක් වෙත්ද? දෙඅසූවක් සුළුවත්ද තුදුස්මහවත්ද සෑමිදුල්, බෝමිදුල් පැන්හල් පොහොයගේ අමුත්තන් ගමිකයන් පිළිබඳවත්ද කරන්නාවූ ඔහුගේ කෙළෙස්වලට ඉඩක් නොලැබෙයි. පසුකාලයෙහි වනාහි වත් අතහැර බුන්වත් ඇතිව හැසිරෙන්නාවූ ඔහුට අයෝනිසෝමනසිකාරයද සිහිමුළාවද අවුත් කෙලෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නමි.

එකච‍්චො ගන්‍ථයුත‍්තො හොති, එකම‍්පි නිකායං ගණ‍්හාති ද‍්වෙපි තයොපි චත‍්තාරොපි පඤ‍්චපි. තස‍්ස තෙපිටකං බුද‍්ධවචනං අත්‍ථවසෙන පාළිවසෙන අනුසන්‍ධිවසෙන පුබ‍්බාපරවසෙන ගණ‍්හන‍්තස‍්ස සජ‍්ඣායන‍්තස‍්ස වාචෙන‍්තස‍්ස දෙසෙන‍්තස‍්ස පකාසෙන‍්තස‍්ස කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස ගන්‍ථකම‍්මං පහාය කුසීතස‍්ස චරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

ඇතමෙක් ග්‍රන්‍ථයන්හි යෙදුනෝ වෙත්. එක්ම නිකායක් උගණිත්. නිකාය දෙකක්ද තුනක්ද සතරක්ද පහක්ද උගණිති. ත්‍රිපිටක බුද්ධවචනය අර්‍ත්‍ථවශයෙන් පෙළ වශයෙන් ගැලපීම් වශයෙන් පෙරපර වශයෙන් ගන්නාවූ සජ්ක්‍ධායනය කරන්නාවූ කියවන්නාවූ දෙසන්නාවූ පවසන්නාවූ ඔහුගේ කෙලෙස් ඉඩක් නොලබයි. පසුකල්හි ග්‍රන්‍ථකර්‍මය අතහැර කුසීතව හැසිරෙන්නාවූ ඔහුට නුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නම් වෙයි.

එකච‍්චො පන ධුතඞ‍්ගධරො හොති, තෙරස ධුතඞ‍්ගගුණෙ සමාදාය වත‍්තති. තස‍්ස පන ධුතඞ‍්ගගුණෙ පරිහරන‍්තස‍්ස කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස ධුතඞ‍්ගානි විස‍්සජ‍්ජෙත්‍වා බාහුල‍්ලාය ආවත‍්තස‍්ස චරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

ඇතමෙක් වනාහි ධුතංගධාරී වෙති. තෙළෙස් ධුතගුණයන් මනාව ගෙන පවතිත්. ධුතුගුණයන් පරිහරණය කරන ඔහුගේ කෙළෙස් ඉඩක් නොලබයි. පසුකල්හි ධුතංගයන් අතහැර බහුලත්වයට හැරී හැසිරෙන ඔහුට නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙලෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදී නම් වෙයි.

එකච‍්චො අට‍්ඨසු සමාපත‍්තීසු චිණ‍්ණවසී හොති, තස‍්ස පඨමජ‍්ඣානාදීසු ආවජ‍්ජනවසිආදීනං වසෙන විහරන‍්තස‍්ස කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස පරිහීනජ‍්ඣානස‍්ස වා විස‍්සට‍්ඨජ‍්ඣානස‍්ස වා භස‍්සාදීසු අනුයුත‍්තස‍්ස විහරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

ඇතමෙක් සමවත් අටෙහි පුරුදු කළ වසඟ ඇත්තෝ වෙති. ප්‍රමධ්‍යානාදියෙහි ආවජීනවශී ආදීන්ගේ වශයෙන් වසන්නාවූ ඔහුගේ කෙලෙස් ඉඩක් නොලබයි. පසු කල්හි පිරිහුන් ධ්‍යාන ඇතිව අත්හළ ධ්‍යාන ඇතිව දොඩමලුවීම් ආදියෙහි යෙදී වසන්නාවූ ඔහුගේ නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව අවුත් කෙළෙස් උපදියි. මෙසේ ද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදී නම්වේ.

එකච‍්චො පන විපස‍්සකො හොති, සත‍්තසු වා අනුපස‍්සනාසු අට‍්ඨාරසසු වා මහාවිපස‍්සනාසු කම‍්මං කරොන‍්තො විහරති. තස‍්සෙවං විහරතො කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස විපස‍්සනාකම‍්මං පහාය කායදළ‍්හීබහුලස‍්ස විහරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

ඇතමෙක් වනාහි විදර්‍ශකයෝ වෙත්. සත් අනුපස්සනාවන් හෝ අටළොස් මහා විදර්‍ශනාවන්හි හෝ කටයුතුකරමින් වාසයකරත්. මෙසේ හැසිරෙන ඔහුගේ කෙළෙස් ඉඩක් නොලබයි. පසු කල්හි විදර්‍ශනාකර්‍මය අතහැර කයෙහි දැවිල්ල බහුලව වස්නාවූ ඔහුගේ නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නමි.

එකච‍්චො නවකම‍්මිකො හොති, උපොසථාගාරභොජනසාලාදීනි කාරෙති. තස‍්ස තෙසං උපකරණානි චින‍්තෙන‍්තස‍්ස කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස නවකම‍්මෙ නිට‍්ඨිතෙ වා විස‍්සට‍්ඨෙ වා අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

ඇතමෙක් නවකම් කරන්නෝ වෙත්. පොහොයගේ බොජුන්හල ආදිය කරවත්. ඒවායේ උපකරණයන් සිතන්නාවූ ඔහුගේ කෙළෙස් ඉඩක් නොලබයි. පසුකල්හි වනාහි නවකම් නිමිකල්හි හෝ අත්හළ කල්හි නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නමි,

එකච‍්චො පන බ්‍රහ‍්මලොකා ආගතො සුද‍්ධසත‍්තො හොති, තස‍්ස අනාසෙවනතාය කිලෙසො ඔකාසං න ලභති. අපරභාගෙ පනස‍්ස ලද‍්ධාසෙවනස‍්ස අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම. එවං තාව අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නස‍්ස උප‍්පන‍්නතා වෙදිතබ‍්බා.

ඇතමෙක් වනාහි බඹලොවින් අවුත් සුද්ධසත්වයෝ වෙති. ඔහුගේ නොපුරුදුබවින් කෙළෙස් ඉඩක් නොලබයි. පසු කල්හි ලබනලද පුරුදු ඇති ඔහුගේ නුනුවණින් මෙනෙහි කිරීම සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියිනමි, [missing trans]

කථං අනනුභූතාරම‍්මණවසෙන? ඉධෙකච‍්චො අනනුභූතපුබ‍්බං මනාපියං රූපාදිආරම‍්මණං ලභති, තස‍්ස තත්‍ථ අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම රාගො උප‍්පජ‍්ජති. එවං අනනුභූතාරම‍්මණවසෙන අනුප‍්පන‍්නො උප‍්පජ‍්ජති නාම.

නොවිඳි අරමුනු වශයෙන් කෙසේවේද? මෙහි ඇතමෙක් නොවිඳිවිරූ සිත්ගන්නාවූ රූපාදි අරමුණක් ලබත්. ඔහුට එහි නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ රාගය උපදියි. මෙසේ නොවී අරමුණුවශයෙන් නූපන්නේ උපදියි නම් වෙයි.

උප‍්පන‍්නොති ජාතො සඤ‍්ජාතො නිබ‍්බත‍්තො අභිනිබ‍්බත‍්තො පාතුභූතො. භිය්‍යොභාවායාති පුනප‍්පුනභාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය රාසිභාවාය. තත්‍ථ සකිං උප‍්පන‍්නො කාමච‍්ඡන්‍දො න නිරුජ‍්ඣිස‍්සති, සකිං නිරුද‍්ධො වා ස‍්වෙව පුන උප‍්පජ‍්ජිස‍්සතීති අට‍්ඨානමෙතං. එකස‍්මිං පන නිරුද‍්ධෙ තස‍්මිං වා ආරම‍්මණෙ අඤ‍්ඤස‍්මිං වා ආරම‍්මණෙ අපරාපරං උප‍්පජ‍්ජමානො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති නාම.

උප්පන්නො යනු හටගත්, උපන්, පහළවූ, ඇතිවූ යනුයි. භීය්‍යොභාවාය යනු යළියළිත් බවටයි. වෙපුල්ලාය යනු විපුලබවට, මහත්බවට, සමූහබවටයි. එහි වරක් උපන් කාමච්ඡන්‍දය නිරුද්ධ නොවන්නේය; වරක් නිරුද්ධවූයේ වුවද හෙට යළි උපදින්නේය යන මෙය නොයෙදේ. එකක් නිරුද්ධවූ කල්හි ඒ අරමුණෙහි හෝ වෙනත් අරමුණක හෝ නැවතනැවත උපදිමින් බොහෝබව සඳහා මහත්බව සඳහා පවතීනමි.

සුභනිමිත‍්තන‍්ති රාගට‍්ඨානියං ආරම‍්මණං. “සනිමිත‍්තා, භික‍්ඛවෙ, උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා, නො අනිමිත‍්තා”ති එත්‍ථ නිමිත‍්තන‍්ති පච‍්චයස‍්ස නාමං. “අධිචිත‍්තමනුයුත‍්තෙන, භික‍්ඛවෙ, භික‍්ඛුනා පඤ‍්ච නිමිත‍්තානි කාලෙන කාලං මනසිකාතබ‍්බානී”ති (ම· නි· 1.216) එත්‍ථ කාරණස‍්ස. “සො තං නිමිත‍්තං ආසෙවති භාවෙතී”ති (අ· නි· 9.35) එත්‍ථ සමාධිස‍්ස. “යං නිමිත‍්තං ආගම‍්ම යං නිමිත‍්තං මනසිකරොතො අනන‍්තරා ආසවානං ඛයො හොතී”ති (අ· නි· 6.27) එත්‍ථ විපස‍්සනාය. ඉධ පන රාගට‍්ඨානියො ඉට‍්ඨාරම‍්මණධම‍්මො “සුභනිමිත‍්ත”න‍්ති අධිප‍්පෙතො. අයොනිසොමනසිකරොතොති. “තත්‍ථ කතමො අයොනිසොමනසිකාරො? අනිච‍්චෙ නිච‍්චන‍්ති, දුක‍්ඛෙ සුඛන‍්ති, අනත‍්තනි අත‍්තාති, අසුභෙ සුභන‍්ති, අයොනිසොමනසිකාරො උප‍්පථමනසිකාරො, සච‍්චවිප‍්පටිකූලෙන වා චිත‍්තස‍්ස ආවජ‍්ජනා අන්‍වාවජ‍්ජනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො. අයං වුච‍්චති අයොනිසොමනසිකාරො”ති (විභ· 936) ඉමස‍්ස මනසිකාරස‍්ස වසෙන අනුපායෙන මනසිකරොන‍්තස‍්සාති.

සුභනිමිත්තං යනු රාගයට හේතුවන අරමුණයි. ‘සනිමිත්තා භික්‍ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නොඅනිමිත්තා’ යන මෙහි නිමිත්තං යනු ප්‍රත්‍යයට නමකි. ‘අධිචිත්තමනුයුත්තෙන භික්‍ඛවෙ භික්‍ඛුනා පඤ්චනිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි’ යන මෙහි කාරණයට (හේතුවට) නමෙකි. ‘සො තං නිමිත්තං ආසෙවති භාවෙති’ යන මෙහි සමාධියට නමෙකි. ‘යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා ආසවානං ඛයො හොති’ යන මෙහි විදර්‍ශනාවට නමෙකි. මෙහි වනාහි රාගයට ස්ථාන වන ප්‍රියාරම්මණධර්‍මය සුභනිමිත්තයයි අදහස් කරනලදි. ‘අයොනිසො මනසිකරොතො’ යනු ‘තත්ථ කතමො අයොනිසොමනසිකාරො අනිච්චෙ නිච්චන්ති දුක්‍ඛෙසුඛන්ති අනත්තනි අත්තාති අසුභෙ සුභනති අයොනිසොමනසිකාරො උප්පථමනසිකාරො සච්චපටික්කූලෙන වා චිත්තස්ස ආවට්ටනා අන්‍වාවට්ටනා අහොගො සමන්නාහාරො මනසිකාරො අයං වුච්චති අයොනිසොමනසිකාරො’යන මේ මනසිකාරයාගේ වශයෙන් වැරදි ආකාරයෙන් මෙනෙහි කරන්නාටයි.

පළමුවැන්නයි.

දුතියෙ බ්‍යාපාදොති භත‍්තබ්‍යාපත‍්ති විය චිත‍්තස‍්ස බ්‍යාපජ‍්ජනං පකතිවිජහනභාවො. “තත්‍ථ කතමං බ්‍යාපාදනීවරණං? අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායතී”ති (ධ· ස· 1160) එවං විත්‍ථාරිතස‍්ස බ්‍යාපාදනීවරණස‍්සෙතං අධිවචනං. පටිඝනිමිත‍්තන‍්ති අනිට‍්ඨං නිමිත‍්තං. පටිඝස‍්සපි පටිඝාරම‍්මණස‍්සපි එතං අධිවචනං. වුත‍්තම‍්පි චෙතං අට‍්ඨකථායං – “පටිඝම‍්පි පටිඝනිමිත‍්තං, පටිඝාරම‍්මණොපි ධම‍්මො පටිඝනිමිත‍්ත”න‍්ති. සෙසමෙත්‍ථ කාමච‍්ඡන්‍දෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. යථා චෙත්‍ථ, එවං ඉතො පරෙසුපි. තත්‍ථ තත්‍ථ හි විසෙසමත‍්තමෙව වක‍්ඛාමාති.

දෙවැන්නෙහි ව්‍යාපාදො යනු බත දැවීම (කරවීම) වැනි සිතේ කෝපයයි. ප්‍රකෘතිය අත්හරින බවයි. ‘තත්‍ථකතමං ව්‍යාපාදනීවරණං අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායති’යයි මෙසේ විස්තර කරනලද ව්‍යාපාද නීවරණයට පර්‍ය්‍යායවචනයකි. ‘පටිඝනිමිත්තං’ යනු අනිටු නිමිත්තයි. ප්‍රතිඝයට ද ප්‍රතිඝාරම්මණයටද මේ පර්‍ය්‍යාය වචනයකි. ප්‍රතිඝයද ප්‍රතිඝනිමිත්තද ප්‍රතිඝාරම්මණ ධර්‍මයද ප්‍රතිඝනිමිත්තයයි අට්ඨකථාවෙහි කියනලද්දේමැයි. සෙස්ස කාමච්ඡන්‍දයෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. මෙහි යම්සේද එසේ මෙයින් වෙනත් තන්හිද ඒ ඒ තන්හි විශේෂමාත්‍රයම කියමු.

දෙවැන්නයි.

තතියෙ ථිනමිද‍්ධන‍්ති ථිනඤ‍්චෙව මිද‍්ධඤ‍්ච. තෙසු චිත‍්තස‍්ස අකම‍්මඤ‍්ඤතා ථිනං, ආලසියභාවස‍්සෙතං අධිවචනං. තිණ‍්ණං ඛන්‍ධානං අකම‍්මඤ‍්ඤතා මිද‍්ධං, කපිමිද‍්ධස‍්ස පචලායිකභාවස‍්සෙතං අධිවචනං. උභින‍්නම‍්පි “තත්‍ථ කතමං ථිනං? යා චිත‍්තස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා. තත්‍ථ කතමං මිද‍්ධං? යා කායස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔනාහො පරියොනාහො”තිආදිනා (ධ· ස· 1162-1163) නයෙන විත්‍ථාරො වෙදිතබ‍්බො. අරතීතිආදීනි විභඞ‍්ගෙ විභත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. වුත‍්තඤ‍්හෙතං –

තෙවැන්නෙහි ථිනමිද්ධං යනු ථිනය සහ මිද්ධයයි. ඒ අතුරෙන් සිතේ අකර්‍මණ්‍යතාව (අයෝග්‍යබව) ථිනයයි. අලසබවට මේ පර්‍ය්‍යාය වචනයකි. ස්කන්‍ධ තුනක අකර්‍මණ්‍යතාව මිද්ධයයි. වඳුරුනින්දේ නිදාවැටෙන බවට මේ නමකි. දෙකේම ‘තත්‍ථ කතමං ථිනං යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා’, ‘තථ කතමං මිද්ධං යා කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔනාහො පරිඔනාහො’ යන ආදි ක්‍රමයෙන්ම දත යුතුයි කියනලද්දේමය;

“තත්‍ථ කතමා අරති? පන‍්තෙසු වා සෙනාසනෙසු අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු වා අධිකුසලෙසු ධම‍්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමනා උක‍්කණ‍්ඨිතා පරිතස‍්සිතා, අයං වුච‍්චති අරති. තත්‍ථ කතමා තන්‍දී? යා තන්‍දී තන්‍දියනා තන්‍දිමනතා ආලස‍්සං ආලස‍්සායනා ආලස‍්සායිතත‍්තං, අයං වුච‍්චති තන්‍දී. තත්‍ථ කතමා විජම‍්භිතා? යා කායස‍්ස ජම‍්භනා විජම‍්භනා ආනමනා විනමනා සන‍්නමනා පණමනා බ්‍යාධියකං, අයං වුච‍්චති විජම‍්භිතා. තත්‍ථ කතමො භත‍්තසම‍්මදො? යා භුත‍්තාවිස‍්ස භත‍්තමුච‍්ඡා භත‍්තකිලමථො භත‍්තපරිළාහො කායදුට‍්ඨුල‍්ලං, අයං වුච‍්චති භත‍්තසම‍්මදො. තත්‍ථ කතමං චෙතසො ච ලීනත‍්තං? යා චිත‍්තස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථිනං ථියනා ථියිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති චෙතසො ච ලීනත‍්ත”න‍්ති (විභ· 856, 857, 859, 860).

‘එහි අරතිය නම් කුමක්ද? විවේක ඇති සෙනසුන්හි හෝ යම් යම් අධිකුශලධර්‍මයන්හි හෝ නොඇලීම, කළකිරීම, නොකැමැත්ත, සිත්නොගැනීම, උකටලීබව, මේ අරතියයි කියනු ලැබේ’. ‘එහි නන්‍දි යනු කුමක්ද? යම් ප්‍රමාදයකි. ප්‍රමාදශීලීබවක්, ප්‍රමාද සිත් ඇතිබවක් අලසබවක් අලසබවට යාමක් උදාසීනතාවක් වේද මෙය නන්‍දියයි කියනු ලැබේ.’ ‘එහි විජම්භිකා යනු කුමක්ද? ශරීරයාගේ යම් කිළිපෙළීමක්, මැලිකැඩීමක්, දිගහැරීමක්, ඉදිරියට නැමීමක්, මනාව නතුවීමක් උත්සුකබවක් වේද මෙය විජම්භිකායි කියනුලැබේ.’ ‘එහි භත්තසම්මදය යනු කුමක්ද? ‘අනුභවකරන ලද්දහුගේ යම් භක්තමූර්ඡාවක්, භක්තක්ලාන්තයක් භක්තදාහයක් කායික දුෂ්කරතාවක් වේද මෙය භත්තසම්මදයයි කියනුලැබේ.’ එහි චෙතසො ලීනත්‍ථ යනු කුමක්ද? සිතෙහි යම් රෝගී බවක් අකර්‍මණ්‍යතාවක්, පසුබටවීමක්, සැඟවීමක්, හැකිළීමක්, අප්‍රකටබවක්, දුබලතාවක්, සිතේ හැකුළුණුබවක් වේද මෙය චෙතසො ලීනත්තයයි කියනුලැබේ.

එත්‍ථ ච පුරිමා චත‍්තාරො ධම‍්මා ථිනමිද‍්ධනීවරණස‍්ස සහජාතවසෙනාපි උපනිස‍්සයවසෙනාපි පච‍්චයා හොන‍්ති, චෙතසො ච ලීනත‍්තං අත‍්තනොව අත‍්තනා සහජාතං න හොති, උපනිස‍්සයකොටියා පන හොතීති.

මෙහිද මුල් ධර්‍මසතර ථිනමිද්ධ නීවරණයට එකට හටගැනීම් වශයෙන්ද උපනිශ්‍රය වශයෙන්ද, ප්‍රත්‍යය වෙයි. සිතේ ලීනත්වය තමාගේම තමාසමඟ එකට හටගැනීමක් නොවේ. උපනිශ්‍රය කෙළවරින් වනාහි වෙයි.

තෙවැන්නයි.

චතුත්‍ථෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චන‍්ති උද‍්ධච‍්චඤ‍්චෙව කුක‍්කුච‍්චඤ‍්ච. තත්‍ථ උද‍්ධච‍්චං නාම චිත‍්තස‍්ස උද‍්ධතාකාරො. කුක‍්කුච‍්චං නාම අකතකල්‍යාණස‍්ස කතපාපස‍්ස තප‍්පච‍්චයා විප‍්පටිසාරො. චෙතසො අවූපසමොති උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්සෙවෙතං නාමං. අවූපසන‍්තචිත‍්තස‍්සාති ඣානෙන වා විපස‍්සනාය වා අවූපසමිතචිත‍්තස‍්ස. අයං පන අවූපසමො උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උපනිස‍්සයකොටියා පච‍්චයො හොතීති.

සිවුවැන්නෙහි උද්ධච්චකුක්කුච්චං යනු උද්ධච්චය හා කුක්කුච්චයයි. එහි උද්ධච්ච නම් සිතේ උඩඟුබවයි. (සොසන්සුන් ආකාරයයි) කුක්කුච්ච නම් යහපත් දෙය නොකළ තැනැත්තාගේ, පව්කළ තැනැත්තාගේ ඒ හේතුවෙන් ඇතිවන විපිළිසරබවයි. චෙතසො අවූපසමො යන මෙය උද්ධච්ච කුක්කුච්චයට නමෙකි. අවුපසන්තචිත්තස්ස යනු ධ්‍යානයෙන් හෝ විදර්‍ශනාවෙන් හෝ නොසන්සුන්වූ සිත් ඇත්තහුගේයි. මේ නොසංසිඳීම උද්ධච්චකුක්කුච්චයට උපනිශ්‍රය කෙළවරින් ප්‍රත්‍යයවෙයි.

සිවුවැන්නයි.

පඤ‍්චමෙ විචිකිච‍්ඡාති “සත්‍ථරි කඞ‍්ඛතී”තිආදිනා (ධ· ස· 1167) නයෙන විත්‍ථාරිතං විචිකිච‍්ඡානීවරණං. අයොනිසොමනසිකාරො වුත‍්තලක‍්ඛණොයෙවාති.

පස්වැන්නෙහි, විචිකිච්ඡා යනු ‘සත්‍ථරිකඞ්ඛති’ (ශාස්තෘන් කෙරෙහි සැකකරයි) යනාදී ක්‍රමයෙන් විස්තර කරනලද විචිකිච්ඡා නීවරණයයි. අයොනිසොමනසිකාරො මෙය කියනලද විස්තර ඇත්තේමය.

පස්වැන්නයි.

ඡට‍්ඨෙ අනුප‍්පන‍්නො වා කාමච‍්ඡන්‍දො නුප‍්පජ‍්ජතීති අසමුදාචාරවසෙන වා අනනුභූතාරම‍්මණවසෙන වාති ද‍්වීහෙව කාරණෙහි අනුප‍්පන‍්නො න උප‍්පජ‍්ජති, තථා වික‍්ඛම‍්භිතොව හොති, පුන හෙතුං වා පච‍්චයං වා න ලභති. ඉධාපි වත‍්තාදීනංයෙව වසෙන අසමුදාචාරො වෙදිතබ‍්බො. එකච‍්චස‍්ස හි වුත‍්තනයෙනෙව වත‍්තෙ යුත‍්තස‍්ස වත‍්තං කරොන‍්තස‍්සෙව කිලෙසො ඔකාසං න ලභති, වත‍්තවසෙන වික‍්ඛම‍්භිතො හොති. සො තං තථාවික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති මිලක‍්ඛතිස‍්සත්‍ථෙරො විය.

සයවැන්නෙහි, ‘අනුප්පන්නො වා කාමච්ඡන්‍දො නූපජ්ජති’ යනු නිති හැසිරීම් වශයෙන්ද නොවිඳි අරමුණු වශයෙන්ද යන කරුණු දෙකින්ම නූපන්නේ නූපදියි. එසේ යටපත්වූයේම වෙයි. යළි හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නොලබයි. මෙහිද වත් ආදියේ වශයෙන් නිති නොහැසිරීම දතයුතුයි. කියනලද ක්‍රමයෙන්ම වතෙහි යෙදුනු වත් කරන ඇතැමෙකුගේ කෙලෙස් ඉඩක් නොලබයි. වත් වශයෙන් යටපත් කරනලද්දේවෙයි. හෙතෙම එය එසේ යටපත්වූවක්ම කොට පෙරළා අර්‍හත්වය ගනී. මිලක්ඛතිස්ස තෙරුන්වහන්සේ මෙනි.

සො කිරායස‍්මා රොහණජනපදෙ ගාමෙණ‍්ඩවාලමහාවිහාරස‍්ස භික‍්ඛාචාරෙ නෙසාදකුලෙ නිබ‍්බත‍්තො. වයං ආගම‍්ම කතඝරාවාසො “පුත‍්තදාරං පොසෙස‍්සාමී”ති අදූහලසතං සණ‍්ඨපෙත්‍වා පාසසතං යොජෙත්‍වා සූලසතං රොපෙත්‍වා බහුං පාපං ආයූහන‍්තො එකදිවසං ගෙහතො අග‍්ගිඤ‍්ච ලොණඤ‍්ච ගහෙත්‍වා අරඤ‍්ඤං ගතො. පාසෙ බද‍්ධමිගං වධිත්‍වා අඞ‍්ගාරපක‍්කමංසං ඛාදිත්‍වා පිපාසිතො හුත්‍වා ගාමෙණ‍්ඩවාලමහාවිහාරං පවිට‍්ඨො පානීයමාළකෙ දසමත‍්තෙසු පානීයඝටෙසු පිපාසාවිනොදනමත‍්තම‍්පි පානීයං අලභන‍්තො, “කිං නාමෙතං එත‍්තකානං භික‍්ඛූනං වසනට‍්ඨානෙ පිපාසාය ආගතානං පිපාසාවිනොදනමත‍්තං පානීයං නත්‍ථී”ති උජ‍්ඣායිතුං ආරද‍්ධො. චූළපිණ‍්ඩපාතිකතිස‍්සත්‍ථෙරො තස‍්ස කථං සුත්‍වා තස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්තො පානීයමාළකෙ දසමත‍්තෙ පානීයඝටෙ පූරෙ දිස‍්වා “ජීවමානපෙතකසත‍්තො අයං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා, “උපාසක, සචෙ පිපාසිතොසි, පිව පානීය”න‍්ති වත්‍වා කුටං උක‍්ඛිපිත්‍වා තස‍්ස හත්‍ථෙසු ආසිඤ‍්චි. තස‍්ස කම‍්මං පටිච‍්ච පීතපීතං පානීයං තත‍්තකපාලෙ පක‍්ඛිත‍්තමිව නස‍්සති, සකලෙපි ඝටෙ පිවතො පිපාසා න පච‍්ඡිජ‍්ජි. අථ නං ථෙරො ආහ – “යාව දාරුණඤ‍්ච තෙ, උපාසක, කම‍්මං කතං, ඉදානෙව පෙතො ජාතො, විපාකො කීදිසො භවිස‍්සතී”ති?

ඒ ආයුෂ්මතුන්වහන්සේ වනාහි රුහුණු දනව්වෙහි ගාමෙණ්ඩවාල මහාවිහාරයට අයත් ගොදුරැගමෙහි වැදිකුලයෙහි උපන්නේ වැඩිවිය පැමිණ කරනලද ගෘහවාසය ඇත්තේ අඹුදරැවන් රකින්නෙමැයි හබක සියයක් පිහිටුවා උගුල්සියයක් යොදා හුල් සියයක් නංවා බොහෝ පව් රැස්කරන්නේ එක් දිනක් ගෙදරින්ම ගිනිද ලුණුද ගෙන කැලයට ගියේ උගුලෙහි බැඳුණු මෘගයකු මරා අඟුරෙහි පැසවූ මස් කා පවස ඇත්තේ වී ගාමෙණ්ඩවාල මහාවිහාරයට පිවිසියේ පැන්හලෙහි දහයක් පමණවූ පැන්කළයන්හි පවස සිඳුවන පමණවූ පැනක් නොලබන්නේ මේ කිමෙක්ද මෙපමණ භික්‍ෂූන් වසනතැන පවසින් ආවුන්ගේ පවස සංසිඳුවන පමණවූ පැනක් නැත්දැයි දොස් කියන්නට පටන් ගත්තේය. චූලපිණ්ඩපාතිකතිස්ස තෙරුන්වහන්සේ ඔහුගේ කථාව අසා ඔහු සමීපයට යමින් පැන්මළුවෙහි දසයක් පමණවූ පිරුණු පැන්කළ දැක, මෙතෙම ජීවමාන ප්‍රේතභවයට අයත් සත්වයෙක් වන්නේයයි සිතා ‘උවසුව, ඉදින් පවස ඇත්තෙහි වීනම් පැන් බොව’යි කියා පියන ඔසවා දෙඅතෙහි වත කළහ. ඔහුගේ (පාප) කර්‍මය නිසා බොන බොන ලද්ද රත්වූ තලියක දියක් මෙන් නසී. සියලු කළ බොන්නහුගේ පවස නොසිඳුනේය. ඉක්බිති ඔහුට තෙරුන්වහන්සේ මෙසේ කීහ: ‘උවසුව, ඔබ විසින් කෙතෙක් දරුණු පාපකර්‍මයක් කරන ලද්දේද? දැන්ම ප්‍රේතයෙක් වූවෙහි නම් විපාකය කෙබඳු වන්නේද?’

සො තස‍්ස කථං සුත්‍වා ලද‍්ධසංවෙගො ථෙරං වන්‍දිත්‍වා තානි අදූහලාදීනි විසඞ‍්ඛරිත්‍වා වෙගෙන ඝරං ගන‍්ත්‍වා පුත‍්තදාරං ඔලොකෙත්‍වා සත්‍ථානි භින්‍දිත්‍වා දීපකමිගපක‍්ඛිනො අරඤ‍්ඤෙ විස‍්සජ‍්ජෙත්‍වා ථෙරං පච‍්චුපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. දුක‍්කරා, ආවුසො, පබ‍්බජ‍්ජා, කථං ත්‍වං පබ‍්බජිස‍්සසීති? භන‍්තෙ, එවරූපං පච‍්චක‍්ඛකාරණං දිස‍්වා කථං න පබ‍්බජිස‍්සාමීති? ථෙරො තචපඤ‍්චකකම‍්මට‍්ඨානං දත්‍වා පබ‍්බාජෙසි. සො වත‍්තාරභිතො හුත්‍වා බුද‍්ධවචනං උග‍්ගණ‍්හන‍්තො එකදිවසං දෙවදූතසුත‍්තෙ “තමෙනං, භික‍්ඛවෙ, නිරයපාලා පුන මහානිරයෙ පක‍්ඛිපන‍්තී”ති (ම· නි· 3.270; අ· නි· 3.36) ඉමං ඨානං සුත්‍වා “එත‍්තකං දුක‍්ඛරාසිං අනුභවිතසත‍්තං පුන මහානිරයෙ පක‍්ඛිපන‍්ති, අහො භාරියො, භන‍්තෙ, මහානිරයො”ති ආහ. ආමාවුසො, භාරියොති. සක‍්කා, භන‍්තෙ, පස‍්සිතුන‍්ති? “න සක‍්කා පස‍්සිතුං, දිට‍්ඨසදිසං කාතුං එකං කාරණං දස‍්සෙස‍්සාමී”ති සාමණෙරෙ සමාදපෙත්‍වා පාසාණපිට‍්ඨෙ අල‍්ලදාරුරාසිං කාරෙහීති. සො තථා කාරෙසි. ථෙරො යථානිසින‍්නොව ඉද‍්ධියා අභිසඞ‍්ඛරිත්‍වා මහානිරයතො ඛජ‍්ජොපනකමත‍්තං අග‍්ගිපපටිකං නීහරිත්‍වා පස‍්සන‍්තස‍්සෙව තස‍්ස ථෙරස‍්ස දාරුරාසිම‍්හි පක‍්ඛිපි. තස‍්ස තත්‍ථ නිපාතො ච දාරුරාසිනො ඣායිත්‍වා ඡාරිකභාවූපගමනඤ‍්ච අපච‍්ඡා අපුරිමං අහොසි.

හෙතෙම ඒ කථාව අසා ලබනලද සංවේග ඇත්තේ තෙරුන් වැඳ ඒ හබක ආදිය විනාශකොට ඉක්මනින් ගෙටගොස් අඹුදරුවන් බලා අවි බිඳදමා දිවිමුව කුරුළු සතුන් අරණෙහි විසුරුවා හැර තෙරුන්වෙත එළඹ පැවිද්ද ඉල්වීය. ‘ඇවත, පැවිද්ද දුෂ්කරය. කෙසේනම් පැවිදි වන්නෙහිද?’ ‘ස්වාමීනි මෙබඳුවූ ප්‍රත්‍යක්‍ෂ කාරණයක් දැක කෙසේනම් පැවිදි නොවන්නෙම්ද?’ තෙරුන්වහන්සේ තචපංචක කමටහන දී පැවිදිකරවූහ. හෙතෙම වත්හි ඇල්ම ඇත්තේවී බුද්ධවචනය උගන්නේ එක් දිනක් දේවදූතසූත්‍රයෙහි, ‘මහණෙනි, නිරයපල්ලෝ ඒ ඔහු යළි මහානිරයෙහි ඇද හෙලතියි යන මෙම කාරණය අසා ‘මෙපමණ දුක් රැසක් විඳි සත්වයකු යළි මහනිරයෙහි හෙළති! අහෝ, ස්වාමීනි මහනිරය බරපතළදැයි’ ඇසීය. ‘ඇවත එසේය, බැරෑරුම්ය’ ‘ස්වාමීනි, දකින්නට හැකිවේද?’ දැකීමට නොහැකිය. දුටුවාක් මෙන් කරන්නට එක් කරුණක් දක්වන්නෙමැයි හෙරණුන් කැඳවා ගල්තලාවක් මත තෙත් දරගොඩක් කරවයි කීය. හෙතෙම එසේ කරවීය. තෙරුන්වහන්සේ හුන්පරිද්දෙන්ම සෘද්ධියෙන් මවා මහ නිරයෙන් කදෝකිමියකු පමණවූ ගිලිපතුරක් ගෙන්වා ගෙන ඒ තෙරුන් බලා සිටියදීම දරගොඩෙහි හෙළුහ. එය එහි හෙළීමද දරගොඩ දැවී අඟුරැබවට පැමිණීමද පෙරපසුනොවී සිදුවිය.

සො තං දිස‍්වා, “භන‍්තෙ, ඉමස‍්මිං සාසනෙ කති ධුරානි නාමා”ති පුච‍්ඡි. ආවුසො, විපස‍්සනාධුරං, ගන්‍ථධුරන‍්ති. “භන‍්තෙ, ගන්‍ථො නාම පටිබලස‍්ස භාරො, මය‍්හං පන දුක‍්ඛූපනිසා සද‍්ධා, විපස‍්සනාධුරං පූරෙස‍්සාමි කම‍්මට‍්ඨානං මෙ දෙථා”ති වන්‍දිත්‍වා නිසීදි. ථෙරො “වත‍්තසම‍්පන‍්නො භික‍්ඛූ”ති වත‍්තසීසෙ ඨත්‍වා තස‍්ස කම‍්මට‍්ඨානං කථෙසි. සො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනාය ච කම‍්මං කරොති, වත‍්තඤ‍්ච පූරෙති. එකදිවසං චිත‍්තලපබ‍්බතමහාවිහාරෙ වත‍්තං කරොති, එකදිවසං ගාමෙණ‍්ඩවාලමහාවිහාරෙ, එකදිවසං ගොචරගාමමහාවිහාරෙ. ථිනමිද‍්ධෙ ඔක‍්කන‍්තමත‍්තෙ වත‍්තපරිහානිභයෙන පලාලවරණකං තෙමෙත්‍වා සීසෙ ඨපෙත්‍වා පාදෙ උදකෙ ඔතාරෙත්‍වා නිසීදති. සො එකදිවසං චිත‍්තලපබ‍්බතමහාවිහාරෙ ද‍්වෙ යාමෙ වත‍්තං කත්‍වා බලවපච‍්චූසකාලෙ නිද‍්දාය ඔක‍්කමිතුං ආරද‍්ධාය අල‍්ලපලාලං සීසෙ ඨපෙත්‍වා නිසින‍්නො පාචීනපබ‍්බතපස‍්සෙ සාමණෙරස‍්ස අරුණවතියසුත‍්තන‍්තං සජ‍්ඣායන‍්තස‍්ස –

හෙතෙම එය දැක ‘ස්වාමීනි, මේ සසුනෙහි ධුර නම් කෙතෙක්දැ’යි ඇසීය. ‘ඇවැත්නි, වාසධුරය හා ග්‍රන්‍ථධුරයයි.’ ස්වාමීනි, ග්‍රන්‍ථය නම් ප්‍රතිබලයින්ට භාරය. මගේ ශ්‍රද්ධාව වනාහි දුකනිසා ඇතිවූවකි. වාසධුරය පුරන්නෙමි. කමටහන් මට දෙනුමැනවැ’යි වැඳ හුන්නේය. තෙරුන්වහන්සේ භික්‍ෂුව වත්තසම්පන්නයයි වත්තශීර්ෂයෙහි සිට ඔහුට කමටහන් කීහ. හෙතෙම කමටහන් ගෙන විදර්‍ශනාව සඳහා කටයුතුද කරයි. වත්ද සපුරයි. එක්දිනක් සිතුල්පව් මහ වෙහෙරෙහි වත් කරයි. එක්දිනක් ගාමෙණ්ඩවාල මහ වෙහෙරෙහිද එක් දිනක් කතරගම මහවෙහෙරෙහිද වත් කරයි. ථිනමිද්ධය ඇතිවූ කෙණෙහිම වත්පිරිහෙතැයි බියෙන් පිදුරු දරණුවක් තෙමා හිසෙහි තබා දෙපා දියෙහි ඔබා හිඳියි. හෙතෙම එක් දිනක් සිතුල්පව් මහ වෙහෙරෙහි යාම දෙකක් වත්කොට ඉතා උදෑසන කල්හි නින්දට එළඹෙන්නට පටන්ගෙන තෙත් පිදුරු හිසෙහි තබා හුන්නේ, ප්‍රාචීනපර්‍වත පාර්ශ්වයෙහි අරුණවතී සූත්‍රාන්තය සජ්ක්‍ධායනය කරන්නාවූ සාමණේරයන්ගේ

“ආරම‍්භථ නික‍්කමථ, යුඤ‍්ජථ බුද‍්ධසාසනෙ; ධුනාථ මච‍්චුනො සෙනං, නළාගාරංව කුඤ‍්ජරො. “යො ඉමස‍්මිං ධම‍්මවිනයෙ, අප‍්පමත‍්තො විහස‍්සති; පහාය ජාතිසංසාරං, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී”ති. (සං· නි· 1.185) –

‘ආරහථ නික්‍ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සෙනං නළාගාරංච කුඤ්ජරො යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාතිසංසාරං දුක්‍ඛස්සන්තං කරිස්සති

ඉදං ඨානං සුත්‍වා “මාදිසස‍්ස ආරද‍්ධවීරියස‍්ස භික‍්ඛුනො සම‍්මාසම‍්බුද‍්ධෙන ඉදං කථිතං භවිස‍්සතී”ති පීතිං උප‍්පාදෙත්‍වා ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව පාදකං කත්‍වා අනාගාමිඵලෙ පතිට‍්ඨාය අපරාපරං වායමන‍්තො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. පරිනිබ‍්බානකාලෙ ච තදෙව කාරණං දස‍්සෙන‍්තො එවමාහ –

යන මේ කාරණය අසා මාවැනි පටන්ගත් වීර්‍ය්‍ය ඇති භික්‍ෂුවකට සම්මා සම්බුදුන්වහන්සේ මෙය වදාරණ ලදැයි ප්‍රීතිය දනවා ධ්‍යාන උපදවා එයම පාදකකොට අනාගාමි ඵයෙහි පිහිටා මතුමත්තෙහිත් වෑයම් කරන්නේ පටිසම්භිදාවන් සහිත රහත්බවට පැමිණියේ. පිරිනිවන් පාන කල්හිද මෙම කාරණයම දක්වන්නේ මෙසේ කීය.

“අල‍්ලං පලාලපුඤ‍්ජාහං, සීසෙනාදාය චඞ‍්කමිං; පත‍්තොස‍්මි තතියං ඨානං, එත්‍ථ මෙ නත්‍ථි සංසයො”ති.

“මම තෙත් පිදුරුපිඬක් හිසෙන් ගෙන සක්මන් කෙළෙමි. තෙවැනි තැනට පැමිණියෙමි. මෙහිලා මට සැකයක් නැත.’’

එවරූපස‍්ස වත‍්තවසෙන වික‍්ඛම‍්භිතකිලෙසො තථා වික‍්ඛම‍්භිතොව හොති.

මෙබඳු වූවෙකුගේ වත් වශයෙන් යටපත් කළ කෙළෙස් එසේ යටපත් කරනලද්දේම වෙයි.

එකච‍්චස‍්ස වුත‍්තනයෙනෙව ගන්‍ථෙ යුත‍්තස‍්ස ගන්‍ථං උග‍්ගණ‍්හන‍්තස‍්ස සජ‍්ඣායන‍්තස‍්ස වාචෙන‍්තස‍්ස දෙසෙන‍්තස‍්ස පකාසෙන‍්තස‍්ස ච කිලෙසො ඔකාසං න ලභති, ගන්‍ථවසෙන වික‍්ඛම‍්භිතොව හොති. සො තං තථා වික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති මලියදෙවත්‍ථෙරො විය. සො කිරායස‍්මා තිවස‍්සභික‍්ඛුකාලෙ කල‍්ලගාමකෙ මණ‍්ඩලාරාමමහාවිහාරෙ උද‍්දෙසඤ‍්ච ගණ‍්හාති, විපස‍්සනාය ච කම‍්මං කරොති. තස‍්සෙකදිවසං කල‍්ලගාමෙ භික‍්ඛාය චරතො එකා උපාසිකා යාගුඋළුඞ‍්කං දත්‍වා පුත‍්තසිනෙහං උප‍්පාදෙත්‍වා ථෙරං අන‍්තොනිවෙසනෙ නිසීදාපෙත්‍වා පණීතභොජනං භොජෙත්‍වා “කතරගාමවාසිකොසි තාතා”ති පුච‍්ඡි. මණ‍්ඩලාරාමමහාවිහාරෙ ගන්‍ථකම‍්මං කරොමි, උපාසිකෙති. තෙන හි තාත යාව ගන්‍ථකම‍්මං කරොසි, ඉධෙව නිබද‍්ධං භික‍්ඛං ගණ‍්හාසීති. සො තං අධිවාසෙත්‍වා තත්‍ථ නිබද‍්ධං භික‍්ඛං ගණ‍්හාති, භත‍්තකිච‍්චාවසානෙ අනුමොදනං කරොන‍්තො “සුඛං හොතු, දුක‍්ඛා මුච‍්චතූ”ති පදද‍්වයමෙව කථෙත්‍වා ගච‍්ඡති. අන‍්තොවස‍්සෙ තෙමාසං තස‍්සායෙව සඞ‍්ගහං කරොන‍්තො පිණ‍්ඩාපචිතිං කත්‍වා මහාපවාරණාය සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. නෙවාසිකමහාථෙරො ආහ – “ආවුසො මහාදෙව, අජ‍්ජ විහාරෙ මහාජනො සන‍්නිපතිස‍්සති, තස‍්ස ධම‍්මදානං දදෙය්‍යාසී”ති. ථෙරො අධිවාසෙසි.

කියනලද ක්‍රමයෙන් ග්‍රන්‍ථධුරයෙහි යෙදුණු ග්‍රන්‍ථ උගන්නාවූ දෙසන්නාවූ පවසන්නාවූ ඇතමෙකුගේ කෙළෙස් ඉඩක් නොලබයි. ග්‍රන්‍ථවශයෙන් යටපත්කරන ලද්දේ වෙයි. හෙතෙම එසේ එය යටපත් කරන ලද්දක්ම කොට පෙරළා රහත්බව ගනී. මලියදේව තෙරුන් මෙනි. ඒ ආයුෂ්මතුන්වහන්සේ වනාහි තෙවසක් ඇති භික්‍ෂුවකව සිටියදී කල්ල ගමෙහි මණ්ඩලාරාමක මහවෙහෙරෙහි උදෙසීම්ද ගනිති. විදර්‍ශනාවට කටයුතුද කරති. එක් දිනක කල්ලගමෙහි පිඬු හැසිරෙන උන්වහන්සේට එක් උවැසියක් කැඳහැන්දක්දී පුත් සෙනෙහස උපදවා තෙරුන් ඇතුල්ගෙහි හිඳුවා ප්‍රණීත භොජනයෙන් වළඳවා ‘දරුවා කවරගම් වැසියෙක් වෙහිදැ’යි ඇසුවාය. ‘උපසිය, මණඩලාරාමක මහවෙහෙරෙහි ග්‍රන්‍ථකර්‍මය කරමි’යි පැවසූහ. ‘එසේ නම් දරුව, ග්‍රන්‍ථකර්‍මය කරන තෙක් නිබඳව මෙහිම භික්‍ෂාව ගනුමැනවැ’යි කීවාය. හෙතෙම ඉවසා නිබඳ ශික්‍ෂාව ගනී. බත්කිස අවසන්හි අනුමෝදනාව කරන්නේ සුවපත් වේවා! දුකින් මිදෙවා යන පදදෙක පමණක්ම කියා යයි. ඇතුල්වසෙහි තෙමස ඇයටම සංග්‍රහ කරන්නේ අහර පිළිගැනීමෙන් ගෞරවකොට මහාපවාරණයෙන් පටිසම්භිදා සහිත රහත්බවට පැමිණියේය. නේවාසික මහතෙරැන්වහන්සේ, ‘ඇවැත්නි මහාදේව, අද වෙහෙරෙහි මහජනයා රැස්වෙති. ඔවුනට ධර්‍මදානය දෙන්නේ නම් මැනවැ’යි පැවසූහ. තෙරුන්වහන්සේ (ඇරයුම) ඉවසූහ.

දහරසාමණෙරා උපාසිකාය සඤ‍්ඤං අදංසු – “අජ‍්ජ තෙ පුත‍්තො ධම‍්මං කථෙස‍්සති, විහාරං ගන‍්ත්‍වා සුණෙය්‍යාසී”ති. තාතා, න සබ‍්බෙව ධම‍්මකථං ජානන‍්ති, මම පුත‍්තො එත‍්තකං කාලං මය‍්හං කථෙන‍්තො “සුඛං හොතු, දුක‍්ඛා මුච‍්චතූ”ති පදද‍්වයමෙව කථෙසි, මා කෙළිං කරොථාති. මා, ත්‍වං උපාසිකෙ, ජානනං වා අජානනං වා උපට‍්ඨහස‍්සු, විහාරං ගන‍්ත්‍වා ධම‍්මමෙව සුණාහීති. උපාසිකා ගන්‍ධමාලාදීනි ගහෙත්‍වා ගන‍්ත්‍වා පූජෙත්‍වා පරිසන‍්තෙ ධම‍්මං සුණමානා නිසීදි. දිවාධම‍්මකථිකො ච සරභාණකො ච අත‍්තනො පමාණං ඤත්‍වා උට‍්ඨහිංසු. තතො මලියදෙවත්‍ථෙරො ධම‍්මාසනෙ නිසීදිත්‍වා චිත‍්තබීජනිං ගහෙත්‍වා අනුපුබ‍්බිං කථං වත්‍වා – “මයා මහාඋපාසිකාය තයො මාසෙ ද‍්වීහෙව පදෙහි අනුමොදනා කතා, අජ‍්ජ සබ‍්බරත‍්තිං තීහි පිටකෙහි සම‍්මසිත්‍වා තස‍්සෙව පදද‍්වයස‍්ස අත්‍ථං කථෙස‍්සාමී”ති ධම‍්මදෙසනං ආරභිත්‍වා සබ‍්බරත‍්තිං කථෙසි. අරුණුග‍්ගමනෙ දෙසනාපරියොසානෙ මහාඋපාසිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි.

තරුණ හෙරණෝ උවැසියට ‘අද ඔබගේ පුත් තෙරණුවෝ දහම් දෙසන්නාහ. වෙහෙරට ගොස් අසන්නැ’යි හැඟවීමක් කළාහුය. ‘දරුවනි, සියල්ලෝම ධර්‍මකථා නොදනිති. මගේ පුතා මෙපමණ කලක් මට (ධර්‍මය) කියන්නේ සුවපත් වේවා! දුකින් මිදේවා! යන පද දෙක පමණක්ම කීවේය. කෙළිකවටකම් නොකරනු මැනවැ’යි උවැසිය කීවාය. ‘උවැසිය, ඔබ දැනීම හෝ නොදැනීම නොපිහිටුවන්න. වෙහෙරට ගොස් ධර්‍මයම අසන්නැ’යි කීහ. උවැසිය ගඳමල් ගෙන ගොස් පුදා කෙළවරෙහි ධර්‍මය අසමින් හුන්නාය. දහවල් කථිකයාද පදහාණක තෙමේද තම පමණ දැන නැඟී සිටියාහුය. ඉක්බිති මලියදේව තෙරුන්වහන්සේ ධර්‍මසනයෙහි හිඳ විසිතුරු විජිනිපතක් ගෙන මුල්ගාථා කියා මාවිසින් මහඋවැසියට තෙමසක් පදදෙකෙකින්ම අනුමෝදනාව කරනලදි. අද සියලුරැය ත්‍රිපිටකයෙන් සම්මර්‍ශනය කොට ඒ පද දෙකේම අර්‍ත්‍ථය කියන්නෙමැයි දම්දෙසුම පටන්ගෙන සියලු රැය (පුරා)ම කීහ. අරුණග දෙසුම් කෙළවර මහඋවැසිය සෝවාන් පෙලෙහි පිහිටියාය.

අපරොපි තස‍්මිංයෙව මහාවිහාරෙ තිස‍්සභූතිත්‍ථෙරො නාම විනයං ගණ‍්හන‍්තො භික‍්ඛාචාරවෙලායං අන‍්තොගාමං පවිට‍්ඨො විසභාගාරම‍්මණං ඔලොකෙසි. තස‍්ස ලොභො උප‍්පජ‍්ජි, සො පතිට‍්ඨිතපාදං අචාලෙත්‍වා අත‍්තනො පත‍්තෙ යාගුං උපට‍්ඨාකදහරස‍්ස පත‍්තෙ ආකිරිත්‍වා “අයං විතක‍්කො වඩ‍්ඪමානො මං චතූසු අපායෙසු සංසීදාපෙස‍්සතී”ති තතොව නිවත‍්තිත්‍වා ආචරියස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො ආහ – “එකො මෙ බ්‍යාධි උප‍්පන‍්නො, අහං එතං තිකිච‍්ඡිතුං සක‍්කොන‍්තො ආගමිස‍්සාමි, ඉතරථා නාගමිස‍්සාමි. තුම‍්හෙ දිවා උද‍්දෙසඤ‍්ච සායං උද‍්දෙසඤ‍්ච මං ඔලොකෙත්‍වා ඨපෙථ, පච‍්චූසකාලෙ උද‍්දෙසං පන මා ඨපයිත්‍ථා”ති එවං වත්‍වා මලයවාසිමහාසඞ‍්ඝරක‍්ඛිතත්‍ථෙරස‍්ස සන‍්තිකං අගමාසි. ථෙරො අත‍්තනො පණ‍්ණසාලාය පරිභණ‍්ඩං කරොන‍්තො තං අනොලොකෙත්‍වාව “පටිසාමෙහි, ආවුසො, තව පත‍්තචීවර”න‍්ති ආහ. භන‍්තෙ, එකො මෙ බ්‍යාධි අත්‍ථි, සචෙ තුම‍්හෙ තං තිකිච‍්ඡිතුං සක‍්කොථ, පටිසාමෙස‍්සාමීති. ආවුසො, උප‍්පන‍්නං රොගං තිකිච‍්ඡිතුං සමත්‍ථස‍්ස සන‍්තිකං ආගතොසි, පටිසාමෙහීති. සුබ‍්බචො භික‍්ඛු “අම‍්හාකං ආචරියො අජානිත්‍වා එවං න වක‍්ඛතී”ති පත‍්තචීවරං ඨපෙත්‍වා ථෙරස‍්ස වත‍්තං දස‍්සෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි.

ඒ මහවෙහෙරෙහිම වෙනත් තිස්සභූතිනම් තෙරකෙනෙක් විනය උගෙනමින් පිඬු හැසිරෙන කල්හි ඇතුළු ගමට පිවිසියාහු විසහාගාරම්මණයක් දුටුවෝය. ඔහුට ලෝභය උපන්නේය. හෙතෙම පිහිටි පියවර නොසොල්වා තම පාත්‍රයෙහි කැඳ උපස්ථායක තරුණ භික්‍ෂුවගේ පාත්‍රයෙහි වත් කොට ‘මේ වැඩෙන විතර්‍කය මා සතර අපායෙහි හෙළවන්නේය’යි එයින් ආපසු හැරී ආචාර්‍ය්‍යවරයාගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේ, මට එක් රෝගයක් උපන. මම මෙයට පිළියම් කරන්නට හැක්කේ නම් එන්නෙමි. නැතහොත් නොඑන්නෙමි. ඔබවහන්සේ දහවල් උදෙසීම සැදෑඋදෙසීමද මා බලා තබනුමැනව. උදෑසන කල්හි උදෙසීම නොතබනු මැනව’යි කීවේය. මෙසේ කියා මලයවාසී මහාසඞ්ඝරක්‍ඛිත තෙරුන්ගේ සමීපයට ගියේය. තෙරුන්වහන්සේ තම පන්සලෙහි පිරියම් කරන්නෝ ඔහුදෙස නොබලාම ‘ඇවැත්නි, ඔබගේ පාසිවුරු තැන්පත් කරන්නැ’යි කීහ. ‘ස්වාමීනි, මට එක් රෝගයක් ඇත. ඔබ වහන්සේ එයට පිළියම් කරන්නට හැකි වන්නහු නම් තැන්පත් කරන්නෙමි’යි කීවේය. ‘ඇවැත්නි, උපන්රෝගයට පිළියම් කිරීමට සමත් තැනැත්තාගේ සමීපයට ආවෙහි, තැන්පත් කරන්න’ ‘අපගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ සුවච භික්‍ෂුවකි. නොදැන මෙසේ නොකියති’යි පාසිවුරු තබා තෙරුන්ට වත් දක්වා වැඳ එකත්පසෙක හුන්නේය.

ථෙරො “රාගචරිතො අය”න‍්ති ඤත්‍වා අසුභකම‍්මට‍්ඨානං කථෙසි. සො උට‍්ඨාය පත‍්තචීවරං අංසෙ ලග‍්ගෙත්‍වා ථෙරං පුනප‍්පුනං වන්‍දි. කිං, ආවුසො, මහාභූති අතිරෙකනිපච‍්චකාරං දස‍්සෙසීති? භන‍්තෙ, සචෙ අත‍්තනො කිච‍්චං කාතුං සක‍්ඛිස‍්සාමි, ඉච‍්චෙතං කුසලං. නො චෙ, ඉදං මෙ පච‍්ඡිමදස‍්සනන‍්ති! ගච‍්ඡාවුසො, මහාභූති තාදිසස‍්ස යුත‍්තයොගස‍්ස කුලපුත‍්තස‍්ස න ඣානං වා විපස‍්සනා වා මග‍්ගො වා ඵලං වා දුල‍්ලභන‍්ති. සො ථෙරස‍්ස කථං සුත්‍වා නිපච‍්චකාරං දස‍්සෙත්‍වා ආගමනකාලෙ වවත්‍ථාපිතං ඡන‍්නං සෙපණ‍්ණිගච‍්ඡමූලං ගන‍්ත්‍වා පල‍්ලඞ‍්කෙන නිසින‍්නො අසුභකම‍්මට‍්ඨානං පාදකං කත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාය පච‍්චූසකාලෙ උද‍්දෙසං සම‍්පාපුණි. එවරූපානං ගන්‍ථවසෙන වික‍්ඛම‍්භිතා කිලෙසා තථා වික‍්ඛම‍්භිතාව හොන‍්ති.

තෙරුන්වහන්සේ, ‘මෙතෙම රාගචරිතයෙකි’යි දැන අසුභ කර්‍මස්ථානය කීහ. හෙතෙම නැගිට පාසිවුරු අංශයෙහි එල්වාගෙන තෙරුනට නැවත නැවතත් වැන්දේය. ‘ඇවැත්නි මහාභූති, කුක් නිසා අතිරේක ගරුකිරීමක් දැක්වූයෙහිදැයි ඇසූහ. ‘ස්වාමීනි, ඉදින් තම කටයුත්ත කරන්නට හැකිවෙම්ද එසේනම් එය මැනවි. නැතහොත් මේ මාගේ අන්තිම දැක්මයි’ කීවේය. ‘ඇවැත්නි මහාභූති, යන්න. ඔබවැනි යෙදුනු යෝග ඇති කුලපුත්‍රයකුට ධ්‍යානයක් හෝ විදර්‍ශනාව හෝ මාර්‍ගයක් හෝ ඵලයක් හෝ දුර්‍ලභ නොවේ.’ හෙතෙම තෙරුන්ගේ කථාව අසා ගෞරව දක්වා, එන කල්හි නියම කරනලද සැඟවුණු ඇත්දෙමට පැලෑටිය මුලට ගොස් පර්‍ය්‍යංකයෙන් හුන්නේ අසුභකර්‍මස්ථානය පාදක කොට විදර්‍ශනාව පිහිටුවා රහත්බවෙහි පිහිටා උදෑසන කල්හි උදෙසීමට සැපැමිණියේය. මෙබඳුවූවන්ගේ ග්‍රන්‍ථවශයෙන් යටපත් කළ කෙලෙස් යටපත්වූ අයුරින්ම පවතියි.

එකච‍්චස‍්ස පන වුත‍්තනයෙනෙව ධුතඞ‍්ගානි පරිහරතො කිලෙසො ඔකාසං න ලභති, ධුතඞ‍්ගවසෙන වික‍්ඛම‍්භිතොව හොති. සො තං තථා වික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති ගාමන‍්තපබ‍්භාරවාසී මහාසීවත්‍ථෙරො විය. ථෙරො කිර මහාගාමෙ තිස‍්සමහාවිහාරෙ වසන‍්තො තෙපිටකං අත්‍ථවසෙන ච පාළිවසෙන ච අට‍්ඨාරස මහාගණෙ වාචෙති. ථෙරස‍්ස ඔවාදෙ ඨත්‍වා සට‍්ඨිසහස‍්ස භික‍්ඛූ අරහත‍්තං පාපුණිංසු. තෙසු එකො භික‍්ඛු අත‍්තනා පටිවිද‍්ධධම‍්මං ආරබ‍්භ උප‍්පන‍්නසොමනස‍්සො චින‍්තෙසි – “අත්‍ථි නු ඛො ඉදං සුඛං අම‍්හාකං ආචරියස‍්සා”ති. සො ආවජ‍්ජෙන‍්තො ථෙරස‍්ස පුථුජ‍්ජනභාවං ඤත්‍වා “එකෙනුපායෙන ථෙරස‍්ස සංවෙගං උප‍්පාදෙස‍්සාමී”ති අත‍්තනො වසනට‍්ඨානතො ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා වත‍්තං දස‍්සෙත්‍වා නිසීදි. අථ නං ථෙරො “කිං ආගතොසි, ආවුසො, පිණ‍්ඩපාතිකා”ති ආහ. “සචෙ මෙ ඔකාසං කරිස‍්සථ, එකං ධම‍්මපදං ගණ‍්හිස‍්සාමී”ති ආගතොස‍්මි, භන‍්තෙති. බහූ, ආවුසො, ගණ‍්හන‍්ති, තුය‍්හං ඔකාසො න භවිස‍්සතීති. සො සබ‍්බෙසු රත‍්තිදිවසභාගෙසු ඔකාසං අලභන‍්තො, “භන‍්තෙ, එවං ඔකාසෙ අසති මරණස‍්ස කථං ඔකාසං ලභිස‍්සථා”ති ආහ. තදා ථෙරො චින‍්තෙසි – “නායං උද‍්දෙසත්‍ථාය ආගතො, මය‍්හං පනෙස සංවෙගජනනත්‍ථාය ආගතො”ති. සොපි ථෙරො “භික‍්ඛුනා නාම, භන‍්තෙ, මාදිසෙන භවිතබ‍්බ”න‍්ති වත්‍වා ථෙරං වන්‍දිත්‍වා මණිවණ‍්ණෙ ආකාසෙ උප‍්පතිත්‍වා අගමාසි.

කියනලද අයුරින්ම ධුතංග පරිහරණය කරන ඇතැම් කෙනෙකුගේ කෙලෙස් ඉඩක් නොලබයි. ධුතංගවශයෙන් යටපත්කරන ලද්දේම වෙයි. හෙතෙම එය එසේ යටපත් කරන ලද්දක්ම කොට හරවා රහත් බව ගනී. ගාමන්තපබ්භාරවාසී මහාසීවතෙරුන් මෙනි. තෙරුන්වහන්සේ වනාහි මාගම් තිස්ස මහවෙහෙරෙහි වසන්නෝ තුන් පිටකය අර්‍ත්‍ථවශයෙන්ද පෙළවශයෙන්ද අටළොස් මහ ගණයන්ට උගන්වති. තෙරුන්ගේ ඔවදනෙහි පිහිටා තිස්දහසක් භික්‍ෂූහු රහත්බවට පැමිණියාහුය. මොවුනතුරින් එක් භික්‍ෂුවක් තමා විසින් අවබෝධකළ ධර්‍මයක් අරභයා උපන් සොම්නස් ඇත්තේ, අපගේ ආචාර්‍ය්‍යයන්ට මේ සැපය ඇත්තේදැයි සිතුවේය. හෙතෙම සිහි කරන්නේ තෙරුන්ගේ පුහුදුන් බව දැන එක් උපායකින් තෙරුනට සංවේග උපදවන්නෙමියි තමා වසන තැනින් තෙරුන් සමීපයට ගොස් වත් දක්වා හුන්නේය. ඉක්බිති තෙරුන් වහන්සේ, ඇවැත්නි පිණිඩපාතිකය, කුමක් නිසා අවුදැයි ඔහුගෙන් ඇසූහ. ස්වාමීනි ඉදින් මට අවස්ථාව දෙන්නහු නම් එක් ධර්‍මපදයක් උගනිමියි ආවේ වෙමැයි කීවේය. ‘ඇවැත්නි, බොහෝ දෙනෙක් උගණිති. ඔබට ඉඩක් නොවන්නේයයි තෙරහු කීහ. හෙතෙම සියලු රෑදාවල් කාලයෙහි ඉඩක් නොලබන්නේ, ‘ස්වාමීනි, මෙසේ ඉඩක් නොමැති කල්හි කෙසේ නම් මරණයට ඉඩක් ලබන්නහුදැ’යි ඇසීය. එකල්හි තෙරුන්වහන්සේ, මෙතෙම උදෙසීම සඳහා නොපැමිණියේය. මට සංවේග ඉපදවීම සඳහා ආයේයැයි සිතූහ. හෙතෙමේද, ‘ස්වාමීනි, ස්ථවිර භික්‍ෂුවක් නම් මා වැන්නෙක් විය යුතුයි’ පවසා තෙරුන් වැඳ මිණිවන් අහසෙහි නැඟී ගියේය.

ථෙරො තස‍්ස ගතකාලතො පට‍්ඨාය ජාතසංවෙගො දිවා උද‍්දෙසඤ‍්ච සායං උද‍්දෙසඤ‍්ච වාචෙත්‍වා පත‍්තචීවරං හත්‍ථපාසෙ ඨපෙත්‍වා පච‍්චූසකාලෙ උද‍්දෙසං ගහෙත්‍වා ඔතරන‍්තෙන භික‍්ඛුනා සද‍්ධිං පත‍්තචීවරමාදාය ඔතිණ‍්ණො තෙරස ධුතගුණෙ පරිපුණ‍්ණෙ අධිට‍්ඨාය ගාමන‍්තපබ‍්භාරසෙනාසනං ගන‍්ත්‍වා පබ‍්භාරං පටිජග‍්ගිත්‍වා මඤ‍්චපීඨං උස‍්සාපෙත්‍වා “අරහත‍්තං අපත්‍වා මඤ‍්චෙ පිට‍්ඨිං න පසාරෙස‍්සාමී”ති මානසං බන්‍ධිත්‍වා චඞ‍්කමං ඔතරි. තස‍්ස “අජ‍්ජ අරහත‍්තං ගණ‍්හිස‍්සාමි අජ‍්ජ අරහත‍්තං ගණ‍්හිස‍්සාමී”ති ඝටෙන‍්තස‍්සෙව පවාරණා සම‍්පත‍්තා. සො පවාරණාය උපකට‍්ඨාය “පුථුජ‍්ජනභාවං පහාය විසුද‍්ධිපවාරණං පවාරෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො අතිවිය කිලමති. සො තාය පවාරණාය මග‍්ගං වා ඵලං වා උප‍්පාදෙතුං අසක‍්කොන‍්තො “මාදිසොපි නාම ආරද‍්ධවිපස‍්සකො න ලභති, යාව දුල‍්ලභඤ‍්ච වතිදං අරහත‍්ත”න‍්ති වත්‍වා තෙනෙව නියාමෙන ඨානචඞ‍්කමබහුලො හුත්‍වා තිංස වස‍්සානි සමණධම‍්මං කත්‍වා මහාපවාරණාය මජ‍්ඣෙ ඨිතං පුණ‍්ණචන්‍දං දිස‍්වා “කිං නු ඛො චන්‍දමණ‍්ඩලං විසුද‍්ධං, උදාහු මය‍්හං සීල”න‍්ති චින‍්තෙන‍්තො “චන්‍දමණ‍්ඩලෙ සසලක‍්ඛණං පඤ‍්ඤායති, මය‍්හං පන උපසම‍්පදතො පට‍්ඨාය යාවජ‍්ජදිවසා සීලස‍්මිං කාළකං වා තිලකො වා නත්‍ථී”ති ආවජ‍්ජෙත්‍වා සඤ‍්ජාතපීතිසොමනස‍්සො පරිපක‍්කඤාණත‍්තා පීතිං වික‍්ඛම‍්භෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. එවරූපස‍්ස ධුතඞ‍්ගවසෙන වික‍්ඛම‍්භිතො කිලෙසො තථා වික‍්ඛම‍්භිතොව හොති.

තෙරුන්වහන්සේ ඔහු ගිය කල්හි පටන් හටගත් සංවේග ඇත්තේ දවල් උදෙසීමද සවස උදෙසීමද උගන්වා පාසිවුරු අත් පසෙහ තබා උදෑසන කල්හි උදෙසීම ගෙන බැසයන භික්‍ෂුවක සමඟින් පාසිවුරු ගෙන බටුයේ පිරිපුන් තෙළෙස් ධුතගුණයන් ඉටා ගාමන්තපබ්හාර සෙනසුනට ගොස් පබ්භාරය පිළිදැඟුම්කොට ඇඳපුටු ඔසවා රහත්බවට නොපැමිණ ඇඳෙහි පිට දිග නොහරිමැයි සිත දැඩිකොටගෙන සක්මණට එළඹුණහ. ‘අද රහත්බව ගන්නෙමි, අද රහත් බව ගන්නෙමැ’යි ඔහු උත්සාහකරත්දීම පවාරණය පැමිණියේයි. හෙතෙම පවාරණය ළංවූ විට පුහුදුන්බව හැර විසුද්ධිපවාරණයෙන් පවරන්නෙමැයි සිතන්නේ බෙහෙවින් වෙහෙසට පත්වෙයි. හෙතෙම ඒ පවාරණයේදී මාර්‍ගයක් හෝ ඵලයක් හෝ උපදවන්නට නොහැක්කේ පටන්ගත් විදර්‍ශනා ඇති මා වැන්නෙකුත් නොලබන්නේ නම් මේ රහත්බව කෙතෙක් දුර්‍ලභදැයි කියා ඒ ක්‍රමයෙන්ම සිටීම සක්මණ (යන දෙකෙහි) යෙදී තිස්වසක් මහණදම් කොට මහාපවාරණයෙහි අහස් මැද සිටි පුන්සඳ දැක කිමෙක්ද මේ සඳමඬල පිරිසුදුද? නැතහොත් මගේ ශීලය පිරිසුදුදැයි සිතන්නේ සඳ මඬලෙහි සසලකුණ පැනේ. උපසම්පදාවෙහි සිට අද දවස දක්වා මගේ ශීලයෙහි කැලලක් හෝ ලපයක් හෝ නැතැයි සිතාබලා හටගත් ප්‍රීතිය හා සොම්නස ඇත්තේ පැසුණු ඥානය ඇතිබැවින් ප්‍රීතිය යටපත්කොට පිළිසිඹියාවන් සහිත රහත්බවට පැමිණියේය. ධුතංගවශයෙන් යටපත්කරන මෙවැන්නකුගේ කෙලෙස් යටපත් කරනලද්දේම වෙයි.

එකච‍්චස‍්ස වුත‍්තනයෙනෙව පඨමජ‍්ඣානාදිසමාපජ‍්ජනබහුලතාය කිලෙසො ඔකාසං න ලභති, සමාපත‍්තිවසෙන වික‍්ඛම‍්භිතොව හොති. සො තං තථා වික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති මහාතිස‍්සත්‍ථෙරො විය. ථෙරො කිර අවස‍්සිකකාලතො පට‍්ඨාය අට‍්ඨසමාපත‍්තිලාභී. සො සමාපත‍්තිවික‍්ඛම‍්භිතානං කිලෙසානං අසමුදාචාරෙන උග‍්ගහපරිපුච‍්ඡාවසෙනෙව අරියමග‍්ගසාමන‍්තං කථෙති, සට‍්ඨිවස‍්සකාලෙපි අත‍්තනො පුථුජ‍්ජනභාවං න ජානාති. අථෙකදිවසං මහාගාමෙ තිස‍්සමහාවිහාරතො භික‍්ඛුසඞ‍්ඝො තලඞ‍්ගරවාසිධම‍්මදින‍්නත්‍ථෙරස‍්ස සාසනං පෙසෙසි “ථෙරො ආගන‍්ත්‍වා අම‍්හාකං ධම‍්මකථං කථෙතූ”ති. ථෙරො අධිවාසෙත්‍වා “මම සන‍්තිකෙ මහල‍්ලකතරො භික‍්ඛු නත්‍ථි, මහාතිස‍්සත්‍ථෙරො ඛො පන මෙ කම‍්මට‍්ඨානාචරියො, තං සඞ‍්ඝත්‍ථෙරං කත්‍වා ගමිස‍්සාමී”ති චින‍්තෙන‍්තො භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ථෙරස‍්ස විහාරං ගන‍්ත්‍වා දිවාට‍්ඨානෙ ථෙරස‍්ස වත‍්තං දස‍්සෙත්‍වා එකමන‍්තං නිසීදි.

ඇතැමෙකුගේ කියනලද අයුරින්ම ප්‍රථමධ්‍යානාදියට සමවැදීමේ බහුලතාවෙන් කෙලෙස් ඉඩක් නොලබයි. සමාපත්තිවශයෙන් යටපත් වූයේමවෙයි. හෙතෙම එය එසේ යටපත්වූවක්මකොට හරවා රහත් බවගනී. මහා තිස්සතෙරුන් මෙනි. තෙරුන්වහන්සේ වනාහි වස්නැති කාලයෙහි සිටම අෂ්ටසමාපත්තිලාභියෙකි. හෙතෙම සමවතින් යටපත් කරනලද කෙලෙසුන්ගේ නොහැසිරීමෙන් ඉගෙනීම්, ප්‍රශ්න කිරීම් වශයෙන්ම ආර්‍ය්‍යමාර්‍ගයට සමීපවූවෙකු (වශයෙන්) කථාකරයි. සැටවස් කල්හිද තමාගේ පුහුදුන්බව නොදනී. ඉක්බිති එක්දිනක් මාගම තිස්සමහා විහාරයෙන් භික්‍ෂුසංඝයා තලඞ්ගරවාසි ධම්මදින්න තෙරුන්ට හසුනක් යැවීය. ‘තෙරුන් පැමිණ අපට ධර්‍මකථාවක් කියනුමැනව’ යනුවෙනි. තෙරුන්වහන්සේ (ඇරයුම) ඉවසා මා සමීපයෙහි වැඩිමහලු භික්‍ෂුවක් නැත. මහාතිස්ස තෙරුන්වහන්සේ මාගේ කර්‍මස්ථාන ආචාර්‍ය්‍යවරයායි. උන්වහන්සේ සංඝස්ථවිරයන් කොට යන්නෙමැයි භික්‍ෂුසංඝයා විසින් පිරිවරනලද්දාහු තෙරුන්ගේ විහාරයට ගොස් දහවල තෙරුන්ට වත් දක්වා එකත්පසෙක හුන්හ.

ථෙරො ආහ – “කිං, ධම‍්මදින‍්න, චිරස‍්සං ආගතොසී”ති? “ආම, භන‍්තෙ, තිස‍්සමහාවිහාරතො මෙ භික‍්ඛුසඞ‍්ඝො සාසනං පෙසෙසි, අහං එකකො න ගමිස‍්සාමි, තුම‍්හෙහි පන සද‍්ධිං ගන‍්තුකාමො හුත්‍වා ආගතොම‍්හී”ති සාරණීයකථං කථෙන‍්තොව පපඤ‍්චෙත්‍වා “කදා, භන‍්තෙ, තුම‍්හෙහි අයං ධම‍්මො අධිගතො”ති පුච‍්ඡි. සට‍්ඨිමත‍්තානි, ආවුසො ධම‍්මදින‍්න, වස‍්සානි හොන‍්තීති. සමාපත‍්තිං පන, භන‍්තෙ, වළඤ‍්ජෙථාති. ආම, ආවුසොති. එකං පොක‍්ඛරණිං මාපෙතුං සක‍්කුණෙය්‍යාථ, භන‍්තෙති? “න, ආවුසො, එතං භාරිය”න‍්ති වත්‍වා සම‍්මුඛට‍්ඨානෙ පොක‍්ඛරණිං මාපෙසි. “එත්‍ථ, භන‍්තෙ, එකං පදුමගච‍්ඡං මාපෙථා”ති ච වුත‍්තො තම‍්පි මාපෙසි. ඉදානෙත්‍ථ මහන‍්තං පුප‍්ඵං දස‍්සෙථාති. ථෙරො තම‍්පි දස‍්සෙසි. එත්‍ථ සොළසවස‍්සුද‍්දෙසිකං ඉත්‍ථිරූපං දස‍්සෙථාති. ථෙරො සොළසවස‍්සුද‍්දෙසිකං ඉත්‍ථිරූපං දස‍්සෙසි. තතො නං ආහ – “ඉදං, භන‍්තෙ, පුනප‍්පුනං සුභතො මනසි කරොථා”ති. ථෙරො අත‍්තනාව මාපිතං ඉත්‍ථිරූපං ඔලොකෙන‍්තො ලොභං උප‍්පාදෙසි. තදා අත‍්තනො පුථුජ‍්ජනභාවං ඤත්‍වා “අවස‍්සයො මෙ සප‍්පුරිස හොහී”ති අන‍්තෙවාසිකස‍්ස සන‍්තිකෙ උක‍්කුටිකං නිසීදි. “එතදත්‍ථමෙවාහං, භන‍්තෙ, ආගතො”ති ථෙරස‍්ස අසුභවසෙන සල‍්ලහුකං කත්‍වා කම‍්මට‍්ඨානං කථෙත්‍වා ථෙරස‍්ස ඔකාසං කාතුං බහි නික‍්ඛන‍්තො. සුපරිමද‍්දිතසඞ‍්ඛාරො ථෙරො තස‍්මිං දිවාට‍්ඨානතො නික‍්ඛන‍්තමත‍්තෙයෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අථ නං සඞ‍්ඝත්‍ථෙරං කත්‍වා ධම‍්මදින‍්නත්‍ථෙරො තිස‍්සමහාවිහාරං ගන‍්ත්‍වා සඞ‍්ඝස‍්ස ධම‍්මකථං කථෙසි. එවරූපස‍්ස සමාපත‍්තිවසෙන වික‍්ඛම‍්භිතො කිලෙසො තථා වික‍්ඛම‍්භිතොව හොති.

තෙරුන්වහන්සේ, ‘ධම්මදින්න, බොහෝ දිනකින් පැමිණියේ වෙහිද’යි පැවසූහ. ‘එසේය ස්වාමීනි, තිස්සමහාවිහාරයෙන් මට භික්‍ෂුසංඝයා හසුනක් එවීය. මම තනිව නොයන්නෙමි. නුඹවහන්සේ සමඟ යනු කැමැත්තේවී පැමිණියෙමි’යි සිහිකළයුතු කථා කියමින්ම කල්ගෙවා ‘ස්වාමීනි ඔබවහන්සේ විසින් කෙදිනක මේ ධර්‍මය අවබෝධකරන ලද්දේදැ’යි ඇසීය. ‘ඇවැත්නි, ධම්මදින්නය, අවුරුදු සැටක් පමණවේ’යි පැවසීය. ‘ස්වාමීනි, කිම සමවත් වළඳන්නහුදැ’යි ඇසීය. ‘එසේය, ඇවත,’ ‘ස්වාමීනි එක් පොකුණක් මවන්නට හැකි වන්නහුද?’ ‘ඇවැත්නි මෙය බැරෑරුම් දෙයක් නොවේ’යයි පවසා ඉදිරියෙහි පොකුණක් මැවීය. ‘මෙහි ස්වාමීනි එක් නෙළුම් පැලෑටියක් මවනු මැනවැ’යි කී කල්හි එයද මැවීය. ‘දැන් මෙහි මහත් මලක් දක්වනු මැනවැ’යි කීකල්හි එයද දැක්වීය. ‘මෙහි සොළොස්වස් ඇති ස්ත්‍රීරූපයක් දක්වනු මැනවැ’යි කියනලද්දේ එයද දැක්වීය. ඉක්බිති ඔහුට මෙසේ කීය: ‘ස්වාමීනි, මෙය නැවත නැවත සුභවශයෙන් මෙනෙහි කරනු මැනව’. තෙරුන්වහන්සේ තමා විසින්ම මවනලද ස්ත්‍රීරූපය, මට උපකාර වෙව’යි අතැවැස්සාගේ සමීපයෙහි උත්කුටුකයෙන් හුන්නේය. ‘ස්වාමිනි මම මේ කරුණ සඳහාම පැමිණියෙමි’යි තෙරුන්ට අසුභවශයෙන් සැහැල්ලුකොට කමටහන් කියා තෙරුන්ට ඉඩ දෙන්නට පිටට නික්මියේයි. මනාව මඬිනලද සංස්කාර ඇති තෙරුන්වහන්සේ එහි දිවාස්ථානයෙන් නික්මෙන කෙණෙහිම සිවුපිළිසිඹියාවන් සමඟ රහත්බවට පැමිණියහ. ඉක්බිති ධම්මදින්න තෙරුන්වහන්සේ උන්වහන්සේ සංඝස්ථවිරයන් කොට තිස්ස මහාවිහාරයට ගොස් සංඝයාට ධර්‍මකථාව කීහ. මෙවැන්නකුගේ සමාපත්තිවශයෙන් යටපත්කරනලද කෙලෙස් එසේ යටපත් කරනලද්දේම වෙයි.

එකච‍්චස‍්ස පන වුත‍්තනයෙනෙව විපස‍්සනාය කම‍්මං කරොන‍්තස‍්ස කිලෙසො ඔකාසං න ලභති, විපස‍්සනාවසෙන වික‍්ඛම‍්භිතොව හොති. සො තං තථා වික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති, බුද‍්ධකාලෙ සට‍්ඨිමත‍්තා ආරද‍්ධවිපස‍්සකා භික‍්ඛූ විය. තෙ කිර සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විවිත‍්තං අරඤ‍්ඤං පවිසිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තා කිලෙසානං අසමුදාචාරවසෙන “පටිවිද‍්ධමග‍්ගඵලා මය”න‍්ති සඤ‍්ඤාය මග‍්ගඵලත්‍ථාය වායාමං අකත්‍වා “අම‍්හෙහි පටිවිද‍්ධධම‍්මං දසබලස‍්ස ආරොචෙස‍්සාමා”ති සත්‍ථු සන‍්තිකං ආගච‍්ඡන‍්ති.

කියනලද ක්‍රමයෙන්ම විදර්‍ශනාවට වැඩ කරන්නාවූ ඇතැමෙකුගේ කෙලෙස් ඉඩක් නොලබයි. විදර්‍ශනාවශයෙන් යටපත්කරන ලද්දේමවෙයි. හෙතෙම එය එසේ යටපත් කරනලද්දක්ම කොට හරවා රහත්බව ගනියි. බුදුන් සමයෙහි සැටක් පමණවූ, පටන්ගන්නාලද විදර්‍ශනා ඇති භික්‍ෂූන් මෙනි. ඔහුහු වනාහි ශාස්තෘන් සමීපයෙහි කමටහන් ගෙන ජනශුන්‍ය ආරණ්‍යයකට පිවිස විදර්‍ශනාවට කටයුතුකරන්නාහු කෙලෙස් නොහැසිරීමෙන්, ‘අපි අවබෝධ කරනලද මාර්‍ගඵල ඇත්තෙමු’යයි හැඟීමෙන් මාර්‍ගඵල සඳහා වෑයම් නොකොට අපවිසින් අවබෝධ කළ ධර්‍මය බුදුරජාණන්වහන්සේට දන්වන්නෙමුයි ශාස්තෘන් සමීපයට එති.

සත්‍ථා තෙසං පුරෙ ආගමනතොව ආනන්‍දත්‍ථෙරං ආහ – “ආනන්‍ද, පධානකම‍්මිකා භික‍්ඛූ අජ‍්ජ මං පස‍්සිතුං ආගමිස‍්සන‍්ති, තෙසං මම දස‍්සනාය ඔකාසං අකත්‍වා ‘ආමකසුසානං ගන‍්ත්‍වා අල‍්ලඅසුභභාවනං කරොථා’ති පහිණෙය්‍යාසී”ති. ථෙරො තෙසං ආගතානං සත්‍ථාරා කථිතසාසනං ආරොචෙසි. තෙ “තථාගතො අජානිත්‍වා න කථෙස‍්සති, අද‍්ධා එත්‍ථ කාරණං භවිස‍්සතී”ති ආමකසුසානං ගන‍්ත්‍වා අල‍්ලඅසුභං ඔලොකෙන‍්තා ලොභං උප‍්පාදෙත්‍වා “ඉදං නූන සම‍්මාසම‍්බුද‍්ධෙන දිට‍්ඨං භවිස‍්සතී”ති ජාතසංවෙගා ලද‍්ධමග‍්ගං කම‍්මට‍්ඨානං ආදිතො පට‍්ඨාය ආරභිංසු. සත්‍ථා තෙසං විපස‍්සනාය ආරද‍්ධභාවං ඤත්‍වා ගන්‍ධකුටියං නිසින‍්නොව ඉමං ඔභාසගාථමාහ –

ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ පැමිණීමට පෙරම ආනන්‍දස්ථවිරයන්ට, ‘ආනන්‍දය, කෙලෙස් තැවීමේ යෙදෙන භික්‍ෂූහු අද මා දැක්මට එන්නාහුය. ඔවුනට මා දැක්මට අවකාශ නොතබා ‘අමුසොහොනට ගොස් අමු අශුභ (ස්ථාන පිළිබඳ) භාවනාව කරවුයයි යවන්නැ’යි කීසේක. තෙරුන්වහන්සේ පැමිණි ඒ භික්‍ෂූන්ට ශාස්තෘන්වහන්සේ විසින් කියනලද පණිවිඩය සැලකළහ. ඔහුහු ‘තථාගතයන්වහන්සේ නොදැන නොකියනසේක. ඒකාන්තයෙන්ම මෙහි කරුණක් වන්නේ’යි අමුසොහොනට ගොස් අමු අසූභයන් බලන්නාහු ලෝභය උපදවා සම්මාසම්බුදුන් විසින් මෙය ඒකාන්තයෙන්ම දක්නාලද්දේ වනැයි හටගත් සංවේග ඇත්තෝ ලබනලද උතුම් කර්‍මස්ථානය මුලපටන්ම ඇරඹූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන් විදර්‍ශනාව සඳහා පටන්ගත්බව දැන ගඳකිළියෙහි හුන්නේම මේ ඔහාසගාථාව ප්‍රකාශ කළසේක:

“යානිමානි අපත‍්තානි, අලාබූනෙව සාරදෙ; කාපොතකානි අට‍්ඨීනි, තානි දිස‍්වාන කා රතී”ති. (ධ· ප· 149);

‘සරත්කල්හි ඉවතලූ යම් මේ ලබු කබල් වැනි අලුපැහැති ඇට වේද ඒවා දැක කවර ඇල්මක්ද?

ගාථාපරියොසානෙ අරහත‍්තඵලෙ පතිට‍්ඨහිංසු. එවරූපානං විපස‍්සනාවසෙන වික‍්ඛම‍්භිතා කිලෙසා තථා වික‍්ඛම‍්භිතාව හොන‍්ති.

ගාථාවසානයෙහි රහත්පෙලෙහි පිහිටියාහුය. මෙවැන්නවුන්ගේ විදර්‍ශනාවශයෙන් යටපත් කරනලද කෙලෙස් එසේ යටපත් කරනලද්දේම පවතියි.

එකච‍්චස‍්ස වුත‍්තනයෙනෙව නවකම‍්මං කරොන‍්තස‍්ස කිලෙසො ඔකාසං න ලභති, නවකම‍්මවසෙන වික‍්ඛම‍්භිතොව හොති. සො තං තථා වික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති චිත‍්තලපබ‍්බතෙ තිස‍්සත්‍ථෙරො විය. තස‍්ස කිර අට‍්ඨවස‍්සිකකාලෙ අනභිරති උප‍්පජ‍්ජි, සො තං විනොදෙතුං අසක‍්කොන‍්තො අත‍්තනො චීවරං ධොවිත්‍වා රජිත්‍වා පත‍්තං පචිත්‍වා කෙසෙ ඔහාරෙත්‍වා උපජ‍්ඣායං වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං ථෙරො ආහ – “කිං, ආවුසො මහාතිස‍්ස, අතුට‍්ඨස‍්ස විය තෙ ආකාරො”ති? ආම, භන‍්තෙ, අනභිරති මෙ උප‍්පන‍්නා, තං විනොදෙතුං න සක‍්කොමීති. ථෙරො තස‍්සාසයං ඔලොකෙන‍්තො අරහත‍්තස‍්ස උපනිස‍්සයං දිස‍්වා අනුකම‍්පාවසෙන ආහ – “ආවුසො තිස‍්ස, මයං මහල‍්ලකා, එකං නො වසනට‍්ඨානං කරොහී”ති. දුතියකථං අකථිතපුබ‍්බො භික‍්ඛු “සාධු, භන‍්තෙ”ති සම‍්පටිච‍්ඡි.

නවකම් කරන්නාවූ ඇතැමෙකුගේ කියනලද පරිද්දෙන්ම කෙලෙස් ඉඩක් නොලබයි. නවකම්වශයෙන් යටපත් කරන ලද්දේම වෙයි. හෙතෙම එය එසේ යටපත්කරන ලද්දක්ම කොට හරවා අරහත්බව ගනියි. සිතුල්පව්වෙහි තිස්ස තෙරුන් මෙනි. ඔහුට වස්රහිත කල්හි ශාසනයෙහි නොඇල්මක් (අනභිරතියක්) උපන්නේය. හෙතෙම එය ඉවත්කරන්නට නොහැක්කේ තමාගේ සිවුර සෝදා පඬු පොවා පාත්‍ර පිස කෙස් බහා උපාධ්‍යායයන් වැඳ සිටියේය. ඉක්බිති ඔහුට තෙරුන්වහන්සේ, ‘කිමෙක්ද ඇවැත් මහාතිස්සය, ඔබගේ ආකාරය නොසතුටට පත්වූවකුගේ වැන්න’යි කීහ. ‘එසේය ස්වාමීනි, මට අනභිරතියක් උපන. එය ඉවත් කරන්නට නොහැක්කෙමි.’ තෙරුන්වහන්සේ ඔහුගේ යටිසිතේ පැවැත්ම බලන්නේ රහත්බවට උපනිශ්‍රය දැක අනුකම්පාවශයෙන් කීහ: ‘ඇවැත්නි තිස්ස, අපි මහල්ලෝ වෙමු. අපට එක් වාසස්ථානයක් කරව.’ දෙවැනි කථාවක් නොකියූ භික්‍ෂුව ‘මැනව ස්වාමීනි’යි පිළිගත්තේය.

අථ නං ථෙරො ආහ – “ආවුසො, නවකම‍්මං කරොන‍්තො උද‍්දෙසමග‍්ගඤ‍්ච මා විස‍්සජ‍්ජි, කම‍්මට‍්ඨානඤ‍්ච මනසි කරොහි, කාලෙන ච කාලං කසිණපරිකම‍්මං කරොහී”ති. “එවං කරිස‍්සාමි, භන‍්තෙ”ති ථෙරං වන්‍දිත්‍වා තථාරූපං සප‍්පායට‍්ඨානං ඔලොකෙත්‍වා “එත්‍ථ කාතුං සක‍්කා”ති දාරූහි පූරෙත්‍වා ඣාපෙත්‍වා සොධෙත්‍වා ඉට‍්ඨකාහි පරික‍්ඛිපිත්‍වා ද‍්වාරවාතපානාදීනි යොජෙත්‍වා සද‍්ධිං චඞ‍්කමනභූමිභිත‍්තිපරිකම‍්මාදීහි ලෙණං නිට‍්ඨාපෙත්‍වා මඤ‍්චපීඨං සන්‍ථරිත්‍වා ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, නිට‍්ඨිතං ලෙණෙ පරිකම‍්මං, වසථා”ති ආහ. ආවුසො, දුක‍්ඛෙන තයා එතං කම‍්මං කතං, අජ‍්ජ එකදිවසං ත්‍වඤ‍්ඤෙවෙත්‍ථ වසාහීති. සො “සාධු, භන‍්තෙ”ති වන්‍දිත්‍වා පාදෙ ධොවිත්‍වා ලෙණං පවිසිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නො අත‍්තනා කතකම‍්මං ආවජ‍්ජි. තස‍්ස “මනාපං මයා උපජ‍්ඣායස‍්ස කායවෙය්‍යාවච‍්චං කත”න‍්ති චින‍්තෙන‍්තස‍්ස අබ‍්භන‍්තරෙ පීති උප‍්පන‍්නා. සො තං වික‍්ඛම‍්භෙත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පාපුණි. එවරූපස‍්ස නවකම‍්මවසෙන වික‍්ඛම‍්භිතො කිලෙසො තථා වික‍්ඛම‍්භිතොව හොති.

ඉක්බිති තෙරුන්වහන්සේ ඔහුට මෙසේ කීහ: ඇවැත්නි, නවකම් කරමින් උදෙසීම් මගද ඉවත්නොකරව, කමටහන්ද මෙනෙහි කරව. කලින් කලට කසිණපරිකර්‍මයද කරව.’ ‘ස්වාමීනි, එසේ කරන්නෙමි’යි තෙරුන් වැඳ ඊට සුදුසු කඳුබෑවුමක් බලා මෙහි කිරීමට හැකියයි දැව පුරවා දවා සෝදා උළු ආදියෙන් වටකොට දොරවාකවුළු ආදිය යොදවා සක්මන්බිම බිත්ති පිරියම් කිරීම් ආදිය සමඟ ලෙනක් නිමවා ඇඳපුටු අතුරා තෙරුන් සමිපයට ගොස් වැඳ, ‘ස්වාමීනි ලෙනෙහි පිරියම් නිමියේයි. වාසය කරනුමැනවැ’යි කීය. ‘ඇවැත්නි, නුඹ විසින් මේ වැඩය දුකසේ කරන ලදි. අද එක්දිනක් නුඹම මෙහි වසන්න’ තෙරුන්වහන්සේ කීහ. හෙතෙම ‘මැනව, ස්වාමිනි’යි පවසා පා දොවා ලෙනට පිවිස පළක් බැඳ හුන්නේ තමා විසින් කළ කිස සිහි කළේය. උපාධ්‍යායයන්ට මනාපවූ කායික වතාවතක් කෙළෙමියි සිතන්නාවූ ඔහුගේ ඇතුළත ප්‍රීතිය උපන. හෙතෙම එය යටපත් කොටවිදර්‍ශනාව පිහිටුවා උතුම් ඵලයවූ රහත්බවට පැමිණියේය. මෙවැන්නෙකුගේ නවකම්වශයෙන් යටපත් කරනලද කෙලෙස් එසේ යටපත් කරනලද්දේම වෙයි.

එකච‍්චො පන බ්‍රහ‍්මලොකතො ආගතො සුද‍්ධසත‍්තො හොති. තස‍්ස අනාසෙවනතාය කිලෙසො න සමුදාචරති, භවවසෙන වික‍්ඛම‍්භිතො හොති. සො තං තථා වික‍්ඛම‍්භිතමෙව කත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති ආයස‍්මා මහාකස‍්සපො විය. සො හි ආයස‍්මා අගාරමජ‍්ඣෙපි කාමෙ අපරිභුඤ‍්ජිත්‍වා මහාසම‍්පත‍්තිං පහාය පබ‍්බජිත්‍වා නික‍්ඛන‍්තො අන‍්තරාමග‍්ගෙ පච‍්චුග‍්ගමනත්‍ථාය ආගතං සත්‍ථාරං දිස‍්වා වන්‍දිත්‍වා තීහි ඔවාදෙහි උපසම‍්පදං ලභිත්‍වා අට‍්ඨමෙ අරුණෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. එවරූපස‍්ස භවවසෙන වික‍්ඛම‍්භිතො කිලෙසො තථා වික‍්ඛම‍්භිතොව හොති.

ඇතැම් කෙනෙක් බඹලොවින් පැමිණි ශුද්ධ සත්වයෙක් වෙති. පුරුදු නොකිරීම නිසා ඔහුගේ කෙළෙස් නොහැසිරෙයි. භවවශයෙන් කෙලෙස් යටපත්වූයේ වෙයි. හෙතෙම එය එසේ යටපත්කරන ලද්දක්මකොට පෙරළාදමා රහත්බව ගනී. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් මෙනි. ඒ ආයුෂ්මතුන්වහන්සේ ගිහිගෙහිදීද කාමයන් නොවිඳ මහත් සැපතක් අත්හැර පැවිදිව නික්මුණේ අතර මගදී පසුගමන් සඳහා පැමිණි ශාස්තෘන්වහන්සේ දැක වැඳ තුන් ඔවායෙන් උපසම්පදාව ලැබ අටවැනි අරුණෙහිදී සිවුපිළිසිඹියාවන් සමඟ රහත්බවට පැමිණියහ. මෙවැන්නෙකුගේ භවවශයෙන් යටපත්කරනලද කෙලෙස් එසේ යටපත් වූයේමවෙයි.

යො පන අනනුභූතපුබ‍්බං රූපාදිආරම‍්මණං ලභිත්‍වා තත්‍ථෙව විපස‍්සනං පට‍්ඨපෙත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති, එවරූපස‍්ස අනනුභූතාරම‍්මණවසෙන කාමච‍්ඡන්‍දො අනුප‍්පන‍්නොව නුප‍්පජ‍්ජති නාම.

යමෙක් වනාහි නොවිඳිවිරූ රූපාදී අරමුණක් ලැබ එහිම විදර්‍ශනාව පිහිටුවා රහත්බව ගනී. මෙවැන්නකුගේ නොවිඳිඅරමුණු වශයෙන් කාමච්ඡන්‍දය නූපන්නේම නොඋපදීනමි.

උප‍්පන‍්නො වා කාමච‍්ඡන්‍දො පහීයතීති එත්‍ථ උප‍්පන‍්නොති ජාතො භූතො සමුදාගතො. පහීයතීති තදඞ‍්ගප‍්පහානං, වික‍්ඛම‍්භනප‍්පහානං, සමුච‍්ඡෙදප‍්පහානං, පටිපස‍්සද‍්ධිප‍්පහානං, නිස‍්සරණප‍්පහානන‍්ති ඉමෙහි පඤ‍්චහි පහානෙහි පහීයති, න පුන උප‍්පජ‍්ජතීති අත්‍ථො. තත්‍ථ විපස‍්සනාය කිලෙසා තදඞ‍්ගවසෙන පහීයන‍්තීති විපස‍්සනා තදඞ‍්ගප‍්පහානන‍්ති වෙදිතබ‍්බා. සමාපත‍්ති පන කිලෙසෙ වික‍්ඛම‍්භෙතීති සා වික‍්ඛම‍්භනප‍්පහානන‍්ති වෙදිතබ‍්බා. මග‍්ගො සමුච‍්ඡින්‍දන‍්තො උප‍්පජ‍්ජති, ඵලං පටිප‍්පස‍්සම‍්භයමානං, නිබ‍්බානං සබ‍්බකිලෙසෙහි නිස‍්සටන‍්ති ඉමානි තීණි සමුච‍්ඡෙදපටිපස‍්සද‍්ධිනිස‍්සරණප‍්පහානානීති වුච‍්චන‍්ති. ඉමෙහි ලොකියලොකුත‍්තරෙහි පඤ‍්චහි පහානෙහි පහීයතීති අත්‍ථො.

‘උප්පන්නො වා කාමච්ඡන්‍දො පහීයති’ යන මෙහි උප්පන්නො යනු උපන්, පහළවූ, හටගත් යනුයි. පහීයති යනු තදඞ්ගප්පහාන වික්‍ඛම්භනප්පහාන සමුච්ඡෙදප්පහාන, පටිප්පස්සදධිප්පහාන, නිස්සරණප්පහාන යන මේ ප්‍රහාණ පසෙන් පහවෙයි. යළි නොඋපදියි යන අර්‍ත්‍ථයි. එහි විදර්‍ශනාවෙන් කෙලෙස් තදඞ්ගප්‍රහාණයැයි දතයුතුයි. සමාපත්ති කෙලෙසුන් යටපත් කරතැයි ඒ සමාපත්ති විස්කම්භන ප්‍රහාණයයි දතයුතුයි. මාර්‍ගය මුලිනුපුටමින් උපදියි. ඵලය සංසිඳුවනු ලබන්නේයි. නිර්‍වාණය සියලු කෙලෙසුන්ගෙන් හරනා ලද්දකි. මේතුන සමුච්ඡෙද පටිප්පස්සද්ධි, නිස්සරණ, ප්‍රහාණයයි කියනුලැබේ. මේ ලෞකික ලෝකෝත්තර ප්‍රහාණ පසින් පහවේයයි අර්‍ත්‍ථයි.

අසුභනිමිත‍්තන‍්ති දසසු අසුභෙසු උප‍්පන‍්නං සාරම‍්මණං පඨමජ‍්ඣානං. තෙනාහු පොරාණා – “අසුභම‍්පි අසුභනිමිත‍්තං, අසුභාරම‍්මණා ධම‍්මාපි අසුභනිමිත‍්ත”න‍්ති. යොනිසොමනසිකරොතොති. “තත්‍ථ කතමො යොනිසොමනසිකාරො? අනිච‍්චෙ අනිච‍්ච”න‍්තිආදිනා නයෙන වුත‍්තස‍්ස උපායමනසිකාරස‍්ස වසෙන මනසිකරොතො. අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො නුප‍්පජ‍්ජතීති අසමුදාගතො න සමුදාගච‍්ඡති. උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො පහීයතීති සමුදාගතො ච කාමච‍්ඡන්‍දො පඤ‍්චවිධෙන පහානෙන පහීයති.

අසුභනිමිත්තං යනු දස අසුභයන් කෙරෙහි උපන් අරමුණ සහිත ප්‍රථමධ්‍යානයයි. එහෙයින් පෝරාණයෝ (මෙසේ) කීහ: ‘අසුභවුත් අසුභනිමිත්තවුත් අසූහාරම්මණයවුත් ධර්‍මය අසුභනිමිත්තයි.’ ‘යොනිසො මනසිකරොතො’ යනු ‘තත්‍ථකතමො යොනිසො මනසිකාරො අනිච්චෙ අනිච්චං’ යනාදී ක්‍රමයෙන්කියනලද උපායමනසිකාරයාගේ වශයෙන් මෙනෙහි කරනනහුටයි. අනුප්පන්නො චෙව කාමච්ඡන්‍දො නුප්පජ්ජති යනු නොහටගත්තේ නොහටගනියි. ‘උප්පන්නො ච කාමච්ඡන්‍දො පහීයති’ යනු හටගත්තාවූද කාමච්ඡන්‍දය පස් ආකාර ප්‍රහාණයෙන් පහවෙයි.

අපිච ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්ති – අසුභනිමිත‍්තස‍්ස උග‍්ගහො, අසුභභාවනානුයොගො, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති. දසවිධඤ‍්හි අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, භාවෙන‍්තස‍්සාපි, ඉන්‍ද්‍රියෙසු පිහිතද‍්වාරස‍්සාපි, චතුන‍්නං පඤ‍්චන‍්නං ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්‍වා යාපනසීලතාය භොජනෙ මත‍්තඤ‍්ඤුනොපි. තෙනෙතං වුත‍්තං –

තවද ධර්‍මසයෙක් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය සඳහා පවතියි. අසුභනිමිත්ත පුරුදුකිරීම, අසුභ භාවනාවෙහි යෙදීම, ඉඳුරන්හි වැසූ දොරටු ඇතිබව, බොජුන්හි පමණ දැනීම, කලණමිතුරන් ඇතිබව, ගැලපෙන (යෝග්‍ය) කථාව යනුවෙනි. දශවිධවූ අසුභනිමිත්ත පුරුදුකරන්නාගේද කාමච්ඡන්‍දය පහවෙයි. වඩන්නහුගේද ඉඳුරන්හි වැසූදොරටු ඇත්තාගේද සතරක් පහක් පිඬුවලට ඉඩ ඇතිකල්හි දියබී යැපීමෙහි ස්වභාවයට බොජුනෙහි පමණ දන්නාගේද කාමච්ඡන්‍දය ප්‍රහීණවෙයි. එහෙයින්ම කියනලද.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983);

පිඬුසතරක් පහක් නොවළදා දිය බොන්නේය. පධන් වීර්යයෙහි යෙදුනු භික්‍ෂුවගේ පහසු විහරණය සඳහා (එය) සෑහෙයි.

අසුභකම‍්මිකතිස‍්සත්‍ථෙරසදිසෙ අසුභභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, ඨානනිසජ‍්ජාදීසු දසඅසුභනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති.

අසුභකම්මිකතිස්ස තෙරුන් වැනි අසුභ භාවනාවෙහි ඇළුණු කලණ මිතුරන් සෙවුනහුගේද කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි. සිටීම, හිඳීම ආදියෙහි දසඅසුභ නිශ්‍රිත යෝග්‍යකථාවෙන්ද ප්‍රහීණවෙයි. ‘ධර්‍මසයක් කාමච්ඡන්‍දයාගේ ප්‍රහීණවීම සඳහා පවතීය’යි එහෙයින් කියනලදි.

සයවැන්නයි.

සත‍්තමෙ මෙත‍්තා චෙතොවිමුත‍්තීති සබ‍්බසත‍්තෙසු හිතඵරණකා මෙත‍්තා. යස‍්මා පන තංසම‍්පයුත‍්තචිත‍්තං නීවරණාදීහි පච‍්චනීකධම‍්මෙහි විමුච‍්චති, තස‍්මා සා “චෙතොවිමුත‍්තී”ති වුච‍්චති. විසෙසතො වා සබ‍්බබ්‍යාපාදපරියුට‍්ඨානෙන විමුත‍්තත‍්තා සා චෙතොවිමුත‍්තීති වෙදිතබ‍්බා. තත්‍ථ “මෙත‍්තා”ති එත‍්තාවතා පුබ‍්බභාගොපි වට‍්ටති, “චෙතොවිමුත‍්තී”ති වුත‍්තත‍්තා පන ඉධ තිකචතුක‍්කජ‍්ඣානවසෙන අප‍්පනාව අධිප‍්පෙතා. යොනිසොමනසිකරොතොති තං මෙත‍්තං චෙතොවිමුත‍්තිං වුත‍්තලක‍්ඛණෙන උපායමනසිකාරෙන මනසිකරොන‍්තස‍්ස.

සත්වැන්නෙහි, මෙත්තා චෙතොවිමුත්ති යනු සියලු සතුන්කෙරෙහි හිතවත්බව පැතිරවීම මෙත්තා නමි. යම්හෙයකින් එය යෙදුණු සිත නීවරණාදී විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදෙයිද එහෙයින් ඒ මෙත්තාව චෙතොවිමුත්තියයි කියනුලැබේ. වෙසෙසින් ව්‍යාපාදය මතුවී ඒමෙන් විදුණු හෙයින්ද මෙය චෙතොවිමුත්තියයි දතයුතුයි. එහි මෙත්තා යනු මෙපමණකින් පූර්‍වභාගයෙන්ද වටී. චෙතොවිමුත්තියයි කීබැවින් මෙහි ත්‍රිකචතුෂ්කධ්‍යාන වශයෙන් අර්‍පණාව (ධ්‍යානය)ම අදහස් කරනලදි. ‘යොනිසො මනසිකරොතො’ යනු ඒ චෙතොවිමුත්ති සංඛ්‍යාත මෛත්‍රිය කියනලද ලක්‍ෂණ ඇති උපායමනසිකාරයෙන් මෙනෙහි කරන්නහුටයි.

අපිච ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්ති – මෙත‍්තානිමිත‍්තස‍්ස උග‍්ගහො, මෙත‍්තාභාවනානුයොගො, කම‍්මස‍්සකතාපච‍්චවෙක‍්ඛණා, පටිසඞ‍්ඛානබහුලතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. ඔදිස‍්සකඅනොදිස‍්සකදිසාඵරණානඤ‍්හි අඤ‍්ඤතරවසෙන මෙත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති, ඔධිසො අනොධිසො දිසාඵරණවසෙන මෙත‍්තං භාවෙන‍්තස‍්සාපි. “ත්‍වං එතස‍්ස කුද‍්ධො කිං කරිස‍්සසි, කිමස‍්ස සීලාදීනි නාසෙතුං සක‍්ඛිස‍්සසි, නනු ත්‍වං අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සසි? පරස‍්ස කුජ‍්ඣනං නාම වීතච‍්චිතඞ‍්ගාරතත‍්තඅයසලාකගූථාදීනි ගහෙත්‍වා පරං පහරිතුකාමතාසදිසං හොති. එසොපි තව කුද‍්ධො කිං කරිස‍්සති, කිං තෙ සීලාදීනි නාසෙතුං සක‍්ඛිස‍්සති? එස අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සති, අප‍්පටිච‍්ඡිතපහෙණකං විය පටිවාතං ඛිත‍්තරජොමුට‍්ඨි විය ච එතස‍්සෙවෙස කොධො මත්‍ථකෙ පතිස‍්සතී”ති එවං අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛතොපි, උභයකම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛිත්‍වා පටිසඞ‍්ඛානෙ ඨිතස‍්සාපි, අස‍්සගුත‍්තත්‍ථෙරසදිසෙ මෙත‍්තාභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති, ඨානනිසජ‍්ජාදීසු මෙත‍්තානිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. සෙසමිධ ඉතො පරෙසු ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං, විසෙසමත‍්තමෙව පන වක‍්ඛාමාති.

තවද ධර්‍මසයක් ව්‍යාපාදයාගේ ප්‍රහාණය සඳහා පවතියි. මෛත්‍රීනිමිත්ත පුහුණුව, මෛත්‍රීභාවනාවෙහි යෙදීම, කළකර්‍මයේ විපාක ඇත යන නුවණ, නුවණින් සැලකීමේ බහුල භාවය, කලණමිතුරන් ඇතිබව, යෝග්‍යකථාව යනුයි. නියමකළ නියමනොකළ දිසාවන්හි පැතිරවීම් අතුරෙන් යම්කිසිවක් වශයෙන් මෛත්‍රිය පුහුණුකරන්නහුගේද ව්‍යාපාදය ප්‍රහීණවෙයි. ප්‍රමාණවශයෙන් අප්‍රමාණවශයෙන් දිශාවන්හි පැතිරීම් වශයෙන් මෛත්‍රිය වඩන්නහුගේද (ව්‍යාපාදය ප්‍රහීණවෙයි) “නුඹ මොහුට කිපියේයි. කුමක් කරන්නෙහිද? මොහුගේ ශීලාදිය නසන්නට හැක්කෙහිද? ඔබ තම කර්‍මයෙන් අවුත් තම කර්‍මයෙන්ම යන්නේ නොවෙහිද? අනෙකාට කිපීම නම් පහවූ ගිනිදැල් ඇති අඟුරු, රත්වූ යකඩකූරු, අශූචි ආදිය ගෙන අනුන්ට පහරදීමේ කැමැත්තට සමානවූයේ වෙයි. මෙතෙමේද නුඹට කිපියේ කුමක් කෙරෙයිද? කිම ඔබේ ශීලාදිය නසන්නට හැකිවේද? මෙතෙම තම කර්‍මයෙන් අවුත් තම කර්‍මයෙන්ම යන්නේය. නොපිළිගත් පඬුරක් මෙන්ද පටිවාතයට දමාගැසූ දූවිලි මිටක් මෙන්ද මේ ක්‍රෝධය මොහුගේම හිසමත හෙන්නේය”යි මෙසේ තමාගේද අනුන්ගේද කර්‍මයෙන් කරනලද්ද මෙනෙහි කරන්නාගේද දෙදෙනාගේම කර්‍මයෙන් කරනලද දෙය ප්‍රත්‍යවේක්‍ෂාකොට නුවණින් සැළකීමෙහි යෙදෙන්නාගේද අස්සගුත්තතෙරුන් සමානවු මෛත්‍රීභාවනාවෙහි ඇළුණු කලණමිතුරන් ඇසුරු කරන්නාගේද ව්‍යාපාදය ප්‍රහීණවෙයි. ‘ධර්‍මසයෙක් ව්‍යාපාදයාගේ ප්‍රහාණය සඳහා පවතී’යයි එහෙයින් කියනලදි. මෙහි සෙස්සද මෙයින් මත්තෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. වෙසෙස පමණක්ම කියමු.

සත්වැන්නයි.

අට‍්ඨමෙ ආරම‍්භධාතූආදීසු ආරම‍්භධාතු නාම පඨමාරම‍්භවීරියං. නික‍්කමධාතු නාම කොසජ‍්ජතො නික‍්ඛන‍්තත‍්තා තතො බලවතරං. පරක‍්කමධාතු නාම පරං පරං ඨානං අක‍්කමනතො තතොපි බලවතරං. අට‍්ඨකථායං පන “ආරම‍්භො චෙතසො කාමානං පනූදනාය, නික‍්කමො චෙතසො පලිඝුග‍්ඝාටනාය, පරක‍්කමො චෙතසො බන්‍ධනච‍්ඡෙදනායා”ති වත්‍වා “තීහි පෙතෙහි අධිමත‍්තවීරියමෙව කථිත”න‍්ති වුත‍්තං.

අටවැන්නෙහි, ආරම්භධාතු යනාදියෙහි ආරම්භධාතු නම් පළමුව ඇරඹීමේ වීර්‍ය්‍යයයි. නික්කමධාතු නම් කුසීතබැවින් නික්මුණු හෙයින් එයට (ආරාම්භධාතුවට) වඩා බලවත්ය. පරක්කමධාතු නම් වෙනත් වෙනත් තැනක් මැඬලන හෙයින් ඊටත් වඩා බලවත්ය. අට්ඨකථාවෙහි වනාහි, ‘ආරම්භධාතුව සිතේ කාමයන් දුරුකරනු සඳහාය; නික්කමධාතුව සිතේ බාධා උගුළාදමනු සඳහාය; පරක්කමධාතුව සිතේ බාධා බැඳුම් සිඳිනු සඳහා’යි කියා මේ තුනින්ම අධිමාත්‍ර (දැඩි) වීර්‍ය්‍යයම ප්‍රකාශිතය’යි කියනලදි.

ආරද‍්ධවීරියස‍්සාති පරිපුණ‍්ණවීරියස‍්ස චෙව පග‍්ගහිතවීරියස‍්ස ච. තත්‍ථ චතුදොසාපගතං වීරියං ආරද‍්ධන‍්ති වෙදිතබ‍්බං. න ච අතිලීනං හොති, න ච අතිපග‍්ගහිතං, න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තං, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තං. තදෙතං දුවිධං හොති – කායිකං, චෙතසිකඤ‍්ච. තත්‍ථ “ඉධ භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙතී”ති (විභ· 519) එවං රත‍්තිදිවසස‍්ස පඤ‍්ච කොට‍්ඨාසෙ කායෙන ඝටෙන‍්තස‍්ස වායමන‍්තස‍්ස කායිකවීරියං වෙදිතබ‍්බං. “න තාවාහං ඉතො ලෙණා නික‍්ඛමිස‍්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චතී”ති එවං ඔකාසපරිච‍්ඡෙදෙන වා, “න තාවාහං ඉමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමී”ති එවං නිසජ‍්ජාදිපරිච‍්ඡෙදෙන වා මානසං බන්‍ධිත්‍වා ඝටෙන‍්තස‍්ස වායමන‍්තස‍්ස චෙතසිකවීරියං වෙදිතබ‍්බං. තදුභයම‍්පි ඉධ වට‍්ටති. දුවිධෙනාපි හි ඉමිනා වීරියෙන ආරද‍්ධවීරියස‍්ස අනුප‍්පන‍්නඤ‍්චෙව ථිනමිද‍්ධං නුප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච ථිනමිද‍්ධං පහීයති මිලක‍්ඛතිස‍්සත්‍ථෙරස‍්ස විය, ගාමන‍්තපබ‍්භාරවාසිමහාසීවත්‍ථෙරස‍්ස විය, පීතිමල‍්ලකත්‍ථෙරස‍්ස විය, කුටුම‍්බියපුත‍්තතිස‍්සත්‍ථෙරස‍්ස විය ච. එතෙසු හි පුරිමා තයො අඤ‍්ඤෙ ච එවරූපා කායිකවීරියෙන ආරද‍්ධවීරියා, කුටුම‍්බියපුත‍්තතිස‍්සත්‍ථෙරො අඤ‍්ඤෙ ච එවරූපා චෙතසිකවීරියෙන ආරද‍්ධවීරියා, උච‍්චාවාලුකවාසී මහානාගත්‍ථෙරො පන ද‍්වීහිපි වීරියෙහි ආරද‍්ධවීරියොව. ථෙරො කිර එකං සත‍්තාහං චඞ‍්කමති, එකං තිට‍්ඨති, එකං නිසීදති, එකං නිපජ‍්ජති. මහාථෙරස‍්ස එකඉරියාපථොපි අසප‍්පායො නාම නත්‍ථි, චතුත්‍ථෙ සත‍්තාහෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාසි.

ආරද්ධවිරියස්ස යනු පිරිපුන් වීර්‍ය්‍යයේ මෙන්ම දැඩිව ගත් වීර්‍ය්‍යයේද යනුයි. එහි සතර දොෂයන් ඉවත්වූ වීර්‍ය්‍යය පටන්ගන්නා ලදැයි දතයුතුයි: බෙහෙවින් සැඟවුනේද නොවේ. අතිශයින් දැඩිව ගන්නාලද්දේද නොවේ. ඇතුළත හැකිළුනේද නොවේ. පිටට විසුරුණේද නොවේ. එය කායික හා චෙතසිකයයි දෙයාකාරවයි. එහි ‘ඉධ භික්‍ඛු දිවසං චංකමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති’යි මෙසේ රෑ දාවලේ කොටස් පසෙන් කයින් ගටන්නාගේ, වෑයම් කරන්නාගේ කායිකවීර්‍ය්‍යය දතයුතුයි. යම්තාක් දැඩිකොට නොගෙන මගේ සිත ආශ්‍රවයන්ගෙන් නොමදේද ඒතාක් මම මේ ලෙනින් නොනික්මෙමැයි මෙසේ අවකාශ පරිච්ඡෙදයෙන් හෝ ‘එතෙක් මේ පර්‍ය්‍යංකය නොබිඳින්නෙමැ’යි මෙසේ හිඳිම් ආදියෙන් පිරිසිඳීමෙන් හෝ මනස බැඳ උත්සාහ කරන්නාගේ, වෑයම් කරන්නාගේ චෛතසික වීර්‍ය්‍යය දතයුතුය. ඒ දෙකම මෙහි සුදුසුය. මේ දෙයාකාරවූද වීර්‍ය්‍යයෙන් පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තාගේ නූපන්නාවූද ථිනමිද්ධය නූපදියි. උපන්නාවූද ථිනමිද්ධය ප්‍රහීණවෙයි. මිලක්‍ඛතිස්ස තෙරුන්ගේ මෙනි: ගාමන්තපබ්භාරවාසී මහාසිව තෙරුන්ගේද මෙනි. පීතිමල්ලක තෙරුන්ගේද කුටුම්බියපුත්ත තෙරුන්ගේද මෙනි. මොවුන් අතුරින් පළමු තිදෙනද මෙබඳුවූ වෙනත් අයද කායික වීර්‍ය්‍යයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තෝයි. කුටිම්බියපුත්ත තෙරුන්වහන්සේද එබඳුවූ වෙනත්අයද චෛතසික වීර්‍ය්‍යයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තෝයි. උච්චවාලිකවාසී මහානාගතෙරුන් වහන්සේ වනාහි වීර්‍ය්‍යය දෙකින්ම පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තෝයි. තෙරුන් වහන්සේ වනාහි එක් සත්දිනක් සක්මන් කරති. එක් සත්දිනක් සිටිති. එක්සත් දිනක් හිඳිති. එක්සත් දිනක් හොවීති. මහතෙරුන්ගේ එක් ඉරියව්වකුදු නොගැලපෙන්නේ නම් නොවේ. සිවුවැනි සත්දිනෙහි විදර්‍ශනාව වඩා රහත්බවෙහි පිහිටියහ.

අපිච ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්ති – අතිභොජනෙ නිමිත‍්තග‍්ගාහො, ඉරියාපථසම‍්පරිවත‍්තනතා, ආලොකසඤ‍්ඤාමනසිකාරො, අබ‍්භොකාසවාසො, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. ආහරහත්‍ථක-භුත‍්තවමිතක-තත්‍රවට‍්ටක-අලංසාටක-කාකමාසක-බ්‍රාහ‍්මණාදයො විය භොජනං භුඤ‍්ජිත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙ නිසින‍්නස‍්ස හි සමණධම‍්මං කරොතො ථිනමිද‍්ධං මහාහත්‍ථී විය ඔත්‍ථරන‍්තං ආගච‍්ඡති, චතුපඤ‍්චආලොපඔකාසං පන ඨපෙත්‍වා පානීයං පිවිත්‍වා යාපනසීලස‍්ස භික‍්ඛුනො තං න හොතීති එවං අතිභොජනෙ නිමිත‍්තං ගණ‍්හන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති. යස‍්මිං ඉරියාපථෙ ථිනමිද‍්ධං ඔක‍්කමති, තතො අඤ‍්ඤං පරිවත‍්තෙන‍්තස‍්සාපි, රත‍්තිං චන්‍දාලොකදීපාලොකඋක‍්කාලොකෙ දිවා සූරියාලොකං මනසිකරොන‍්තස‍්සාපි, අබ‍්භොකාසෙ වසන‍්තස‍්සාපි, මහාකස‍්සපත්‍ථෙරසදිසෙ පහීනථිනමිද‍්ධෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති, ඨානනිසජ‍්ජාදීසු ධුතඞ‍්ගනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති.

තවද, ධර්‍මසයෙක් ථිනමිද්ධයාගේ ප්‍රහාණය සඳහා පවතී: අතිභොජනයෙහි නිමිතිගැනීම, ඉරියම් වෙනස්කරනබව, අලොකසඤ්ඤාමනසිකාරය, ශූන්‍යස්ථානයන්හි වාසය, කලණමිතුරන් ඇතිබව, යෝග්‍යකථා යනුයි. ආහාරහත්‍ථක, අලංසාටක, තත්‍ථවට්ටක, කාකමාසක, භුත්තවමිතක යන මොවුන්ගේ භෝජණයට බඳුබොජුන් වළඳා රාත්‍රිස්ථාන දිවාස්ථානයන්හි හිඳ මහණදම් කරන්නහුට ථිනමිද්ධය මහ ඇතකු මෙන් මැඬගෙන එයි. සතරක් පහක් පිඬුවලට ඉඩ තබා පැන්බී යැපීම (පමණක්) ස්වභාවයකොට ඇති භික්‍ෂුවට එය නොවේයයි අධිකභොජනයෙහි නිමිතිගන්නහුගේද ථිනමිද්ධය ප්‍රහීණවෙයි. යම් ඉරියව්වකදී ථිනමිද්ධය ඇතුළ්වේද එයින් වෙනෙකකට වෙනස් කරන්නාගේද, රාත්‍රියෙහි සඳඑළිය පහන්එළිය හුළුඑළියද දහවල්හි හිරුඑළිය මෙනෙහි කරන්නාගේද; එළිමහන් තැනක වසනාගේද; මහකසුප්තෙරුන් සමානවූ පහවූ ථිනමිද්ධය ඇති කලණමිතුරන් ඇසුරුකරන්නාගේද ථිනමිද්ධය ප්‍රහීණවෙයි. සිටීම්, හිඳීම් ආදියෙහි ධුතංගනිශ්‍රිතවූ යෝග්‍යකථාවෙන්ද ප්‍රහීණවෙයි. ධර්‍මසයෙක් ථිනමිද්ධයේ ප්‍රහාණය සඳහා පවතීය’යි එහෙයින් කියනලදි.

අටවැන්නයි.

නවමෙ වූපසන‍්තචිත‍්තස‍්සාති ඣානෙන වා විපස‍්සනාය වා වූපසමිතචිත‍්තස‍්ස.

නවවැන්නෙහි, වුපසන්ත චිත්තස්ස යනු ධ්‍යානයෙන් හෝ විදර්‍ශනාවෙන් හෝ සංසිඳවූ සිත් ඇත්හුගේයි.

අපිච ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්ති – බහුස‍්සුතතා, පරිපුච‍්ඡකතා, විනයෙ පකතඤ‍්ඤුතා, වුද‍්ධසෙවිතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. බාහුසච‍්චෙනාපි හි එකං වා ද‍්වෙ වා තයො වා චත‍්තාරො වා පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන ච අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති, කප‍්පියාකප‍්පියපරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයපඤ‍්ඤත‍්තියං චිණ‍්ණවසීභාවතාය පකතඤ‍්ඤුනොපි, වුඩ‍්ඪෙ මහල‍්ලකත්‍ථෙරෙ උපසඞ‍්කමන‍්තස‍්සාපි, උපාලිත්‍ථෙරසදිසෙ විනයධරෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති, ඨානනිසජ‍්ජාදීසු කප‍්පියාකප‍්පියනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති.

තවද ධර්‍මසයෙක් උද්ධච්චකුක්කුච්චයේ ප්‍රහාණය සඳහා පවතී. බොහෝ අසූපිරූතැන් ඇතිබව, විමසනසුලුබව, විනයෙහි ස්වභාවය දන්නාබව, වැඩිමහල්ලන් ඇසුරුකිරීම, කලණ මිතුරන් ඇතිබව, සුදුසුකථා යනුයි. බහුශ්‍රැත බැවින්ද එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතරක් හෝ පහක් හෝ නිකායයන් පෙළවශයෙන්ද අර්‍ත්‍ථ වශයෙන්ද උගෙනගන්නාගේද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවෙයි. කැප අකැපදෙය විමසීම බහුලකොට ඇත්තාගේද, විනය ප්‍රඥප්තියෙහි බොහෝ කලක් ඉතා පුහුණුබවින් ස්වභාවය දන්නහුගේද; වැඩිමහල්තෙරුන්වෙත එළඹෙන්නහුගේද උපාලිතෙරුන් සමානවූ විනයධරවූ කලණමිතුරන් ඇසුරු කරන්නාගේද උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවෙයි. සිටීම් හිඳීම් ආදියෙහි කැප අකැප දෙය ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන්ද ප්‍රහීණවෙයි. එහෙයින්, ධර්‍මසයෙක් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය සඳහා පවතීයයි කියන ලදි.

නවවැන්නයි.

දසමෙ යොනිසො, භික‍්ඛවෙ, මනසිකරොතොති වුත‍්තනයෙනෙව උපායතො මනසිකරොන‍්තස‍්ස.

දසවැන්නෙහි යොනිසො භික්‍ඛවෙ මනසිකරොතො යනු කියනලද අයුරින්ම උපායයෙන් මෙනෙහි කරන්නාගේයි.

අපිච ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්ති – බහුස‍්සුතතා, පරිපුච‍්ඡකතා, විනයෙ පකතඤ‍්ඤුතා, අධිමොක‍්ඛබහුලතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. බහුසච‍්චෙනාපි හි එකං වා…පෙ… පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන ච අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති, තීණි රතනානි ආරබ‍්භ පරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයෙ චිණ‍්ණවසීභාවස‍්සාපි, තීසු රතනෙසු ඔකප‍්පනියසද‍්ධාසඞ‍්ඛාතඅධිමොක‍්ඛබහුලස‍්සාපි, සද‍්ධාධිමුත‍්තෙ වක‍්කලිත්‍ථෙරසදිසෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති, ඨානනිසජ‍්ජාදීසු තිණ‍්ණං රතනානං ගුණනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්තී”ති.

තවද ධර්‍මසයෙක් විචිකිච්ඡාවේ ප්‍රහාණය සඳහා පවතියි. බහුශ්‍රැතබව, විමසනසුලුබව, විනයෙහි ස්වභාවය දන්නාබව, අධිමොක්‍ෂ බහුලත්වය, කල්‍යාණමිත්‍රත්වය, යෝග්‍යකථාව යනුයි. බහුශ්‍රැතබවෙනුදු එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතරක් හෝ පහක් හෝ නිකායන් පෙළවශයෙන්ද අර්‍ත්‍ථවශයෙන්ද උගන්නහුගේද විචිකිච්ඡාව ප්‍රහීණවෙයි. රත්නත්‍රය අරභයා විමසීම් බහුලකොට ඇත්තාගේද විනයෙහි බොහෝකලක් පුහුණුකිරීම් ඇත්තාගේද විශ්වාසකටයුතු ශ්‍රද්ධා සංඛ්‍යාත සිතේ ස්ථිරත්වය (අධිමොක්‍ෂය) බහුලකොට ඇත්තාගේද ශ්‍රද්ධාවෙහි ඇලුණු වක්කලි තෙරුන්වැනි කලණමිතුරන් ඇසුරුකරන්නාගේද විචිකිච්ඡාව ප්‍රහීණවෙයි. සිටීම් හිඳීම් ආදියෙහි රත්නත්‍රයෙහි ගුණ ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන්ද (විචිකිච්ඡාව) ප්‍රහීණවෙයි. එහෙයින්, ‘ධර්‍මසයෙක් වචිකිච්ඡාවගේ ප්‍රහාණය සඳහා පවතීය’යි කියනලදි.

දසවැන්නයි.

ඉමස‍්මිං නීවරණප‍්පහානවග‍්ගෙ වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

මේ නීවරණප්‍රහාණවර්‍ගයෙහි (වට්ටවිචට්ට) සංසාරගාමි වටය හා නිර්‍වාණගාමිවටය කියනලදි.

නීවරණප‍්පහානවග‍්ගවණ‍්ණනා.

දෙවෙනි වර්‍ගයයි.