යෙදුමෙන් කියවන්න

චිත‍්තපරියාදානවග‍්ගො අට‍්ඨකථා

චිත‍්තපරියාදානවග‍්ගො

චිත්තපරියාදාන වර්ගය

ඉදානි නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකරූපම‍්පි සමනුපස‍්සාමීතිආදිනා නයෙන භගවතා නික‍්ඛිත‍්තස‍්ස සුත‍්තස‍්ස වණ‍්ණනාය ඔකාසො අනුප‍්පත‍්තො, සා පනෙසා සුත‍්තවණ‍්ණනා යස‍්මා සුත‍්තනික‍්ඛෙපං විචාරෙත්‍වාව වුච‍්චමානා පාකටා හොති, තස‍්මා සුත‍්තනික‍්ඛෙපවිචාරණා තාව වෙදිතබ‍්බා. චත‍්තාරො හි සුත‍්තනික‍්ඛෙපා අත‍්තජ‍්ඣාසයො පරජ‍්ඣාසයො පුච‍්ඡාවසිකො අට‍්ඨුප‍්පත‍්තිකොති. තත්‍ථ යානි සුත‍්තානි භගවා පරෙහි අනජ‍්ඣිට‍්ඨො කෙවලං අත‍්තනො අජ‍්ඣාසයෙනෙව කථෙසි, සෙය්‍යථිදං – ආකඞ‍්ඛෙය්‍යසුත‍්තං වත්‍ථසුත‍්තන‍්ති එවමාදීනි, තෙසං අත‍්තජ‍්ඣාසයො නික‍්ඛෙපො. යානි පන “පරිපක‍්කා ඛො රාහුලස‍්ස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා, යංනූනාහං රාහුලං උත‍්තරි ආසවානං ඛයෙ විනෙය්‍ය”න‍්ති (සං· නි· 4.121; ම· නි· 3.416) එවං පරෙසං අජ‍්ඣාසයං ඛන‍්තිං මනං අභිනීහාරං බුජ‍්ඣනභාවඤ‍්ච ඔලොකෙත්‍වා පරජ‍්ඣාසයවසෙන කථිතානි, සෙය්‍යථිදං – රාහුලොවාදසුත‍්තං ධම‍්මචක‍්කප‍්පවත‍්තනන‍්ති එවමාදීනි, තෙසං පරජ‍්ඣාසයො නික‍්ඛෙපො. භගවන‍්තං පන උපසඞ‍්කමිත්‍වා තෙ තෙ දෙවමනුස‍්සා තථා තථා පඤ‍්හං පුච‍්ඡන‍්ති. එවං පුට‍්ඨෙන භගවතා යානි කථිතානි දෙවතාසංයුත‍්තබොජ‍්ඣඞ‍්ගසංයුත‍්තාදීනි, තෙසං පුච‍්ඡාවසිකො නික‍්ඛෙපො. යානි පන උප‍්පන‍්නං කාරණං පටිච‍්ච කථිතානි ධම‍්මදායාදසුත‍්තපුත‍්තමංසූපමාදීනි, තෙසං අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො. එවමිමෙසු චතූසු නික‍්ඛෙපෙසු ඉමස‍්ස සුත‍්තස‍්ස පරජ‍්ඣාසයො නික‍්ඛෙපො. පරජ‍්ඣාසයවසෙන හෙතං නික‍්ඛිත‍්තං. කෙසං අජ‍්ඣාසයෙනාති? රූපගරුකානං පුරිසානං.

දැන්, ‘නාහං භික්‍ඛෙවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි’ යනාදී ක්‍රමයෙන් භාග්‍යවතුන්වහන්සේ විසින් තබන (දෙසන) ලද සූත්‍රයාගේ වර්‍ණනාවට අවකාශය එළැඹියේයි. යම්හෙයකින් ඒ මේ සූත්‍රවර්‍ණනාව සූත්‍ර නික්‍ෂෙපය විමසාම කියනුලබන්නේ ප්‍රකටවේද එහෙයින් සූත්‍ර නික්‍ෂෙප විචාරණය එතෙක් දතයුතුය. සූත්‍ර නික්‍ෂෙපයෝ සතරෙකි. අත්තජ්ක්‍ධාසය, පරජ්ක්‍ධාසය, පුච්ජාවසික, අට්ඨුප්පත්තික යනුවෙනි. එහි භාග්‍යවතුන්වහන්සේ යම් සූත්‍රයන් අනුන්විසින් ආරාධනා නොකරනලදසේක් තමාගේ අදහසින්ම ප්‍රකාශ කළ සේක්ද යම් මේ ආකංඛෙය්‍ය සූත්‍රය, වත්‍ථු සූත්‍රය යන මේ ආදියයි. එම සූත්‍රයන්ට අත්තජ්ක්‍ධාසය නම් වූ නික්‍ෂෙපයයි. ‘පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා යන්නූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ නිනෙය්‍යං’ යනුවෙන් මෙසේ අනුන්ගේ අදහස, කැමැත්ත, සිත, ප්‍රාර්‍ත්‍ථනාව, අවබෝධ කරන බවද බලා අනුන්ගේ අදහස්වශයෙන් වදාරනලද යම් මේ සූත්‍රයෝ වෙත්ද කෙසේදයත්? රාහුලොවාද සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍ර යන මේ ආදියයි. එම සුත්‍රන්ට පරජක්‍ධාසය නම්වූ නික්‍ෂෙපයයි. ඒ ඒ දෙවිවරු, මිනිස්සු භාග්‍යවතුන්වහන්සේ විසින් දෙවතාසංයුත්ත, බොජ්ක්‍ධඞ්ග සංයුත්ත ආදී යම් සූත්‍රයෝ දෙසනලද්දාහුද එම සූත්‍රන්ට පුච්ජාවසික නම්වූ නික්‍ෂෙපයයි. මෙසේ මේ සතර නික්‍ෂෙපයන් අතුරෙහි මේ සූත්‍රයට පරජ්ක්‍ධාසය නම්වූ නික්‍ෂෙපයයි. අනුන්ගේ අදහස් වශයෙන් මෙම සූත්‍රය දෙසනලදි. කවුරුනගේ අදහස් වශයෙන්ද යත්? රූපගරුකවූ පුරුෂයන්ගේ අදහස් වශයෙනියි.

තත්‍ථ නාහං, භික‍්ඛවෙතිආදීසු නකාරො පටිසෙධත්‍ථො. අහන‍්ති අත‍්තානං නිද‍්දිසති. භික‍්ඛවෙති භික‍්ඛූ ආලපති. අඤ‍්ඤන‍්ති ඉදානි වත‍්තබ‍්බා ඉත්‍ථිරූපතො අඤ‍්ඤං. එකරූපම‍්පීති එකම‍්පි රූපං. සමනුපස‍්සාමීති ද‍්වෙ සමනුපස‍්සනා ඤාණසමනුපස‍්සනා ච දිට‍්ඨිසමනුපස‍්සනා ච. තත්‍ථ “අනිච‍්චතො සමනුපස‍්සති, නො නිච‍්චතො”ති (පටි· ම· 3.35) අයං ඤාණසමනුපස‍්සනා නාම. “රූපං අත‍්තතො සමනුපස‍්සතී”තිආදිකා (පටි· ම· 1.130) පන දිට‍්ඨිසමනුපස‍්සනා නාම. තාසු ඉධ ඤාණසමනුපස‍්සනා අධිප‍්පෙතා. ඉමස‍්ස පන පදස‍්ස නකාරෙන සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. ඉදං හි වුත‍්තං හොති – අහං, භික‍්ඛවෙ, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන ඔලොකෙන‍්තොපි අඤ‍්ඤං එකරූපම‍්පි න සමනුපස‍්සාමීති.

එහි නාහං භික්‍ඛවෙ යන ආදියෙහි නකාරය වැළැක්වීම් අර්‍ත්‍ථ ඇත්තේයි. අහං යනුවෙන් තමා දක්වාලයි. භික්‍ඛවෙ යනුවෙන් භික්‍ෂූන් ආමන්ත්‍රණය කරයි. අඤ්ඤං යනු දැන් කිවයුතු ස්ත්‍රීරූපයෙන් අන්‍යවූවකි. එකරූපම්පි යනු එක් රූපයකුදුයි. සමනුපස්සාමි යනු ඤාණසමනුපස්සනාද දිට්ඨිසමනුපස්සනාදැයි සමනුපස්සනා දෙකෙහි. එහි ‘අනිච්චතො සමනුපස්සි නො නිච්චතො’ යන මෙය ඤාණසමනුපස්සනා නමි. ‘රූපං අත්තතො සමනුපස්සති’ යන ආදිය වනාහි දිට්ඨි සමනුපස්සනා නමි. ඒවා අතුරෙන් මෙහි ඤාණසමනුපස්සනාව අදහස් කරනලදි. මෙම පදයාගේ නකාරයෙන් සම්බන්‍ධය දතයුතුය. ‘මහණෙනි, මම සර්‍වඥාඥානයෙන් බලන්නෙම්ද අන් එකද රූපයකුදු නොදකින්නෙමි’ යන මෙය කියනලද්දේවෙයි.

යං එවං පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨතීති යං රූපං රූපගරුකස‍්ස පුරිසස‍්ස චතුභූමකකුසලචිත‍්තං පරියාදියිත්‍වා ගණ‍්හිත්‍වා ඛෙපෙත්‍වා තිට‍්ඨති. “සබ‍්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා”තිආදීසු (සං· නි· 1.126) හි ගහණං පරියාදානං නාම. “අනිච‍්චසඤ‍්ඤා, භික‍්ඛවෙ, භාවිතා බහුලීකතා සබ‍්බං කාමරාගං පරියාදියතී”තිආදීසු (සං· නි· 3.102) ඛෙපනං. ඉධ උභයම‍්පි වට‍්ටති. තත්‍ථ ඉදං රූපං චතුභූමකකුසලචිත‍්තං ගණ‍්හන‍්තං න නීලුප‍්පලකලාපං පුරිසො විය හත්‍ථෙන ගණ‍්හාති, නාපි ඛෙපයමානං අග‍්ගි විය උද‍්ධනෙ උදකං සන‍්තාපෙත්‍වා ඛෙපෙති. උප‍්පත‍්තිඤ‍්චස‍්ස නිවාරයමානමෙව චතුභූමකම‍්පි කුසලචිත‍්තං ගණ‍්හාති චෙව ඛෙපෙති චාති වෙදිතබ‍්බං. තෙන වුත‍්තං – “පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති.

‘යං එවං පුරිසස්සචිත්තං පරියාදාය තිට්ඨති’ යනු යම් රූපයක් රූපය ගරුකොට සලකන පුද්ගලයාගේ චතුභූමක කුශලචිත්තය මැඬගෙන, දැඩිවගෙන’ ක්‍ෂය කොටගෙන සිටියි. ‘සබ්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා’ යනාදියෙහි ගැනීම පරියාදාන නමි. ‘අනිච්චසඤ්ඤා භික්‍ඛවෙ භාවිතා බහූලීකතා සබ්බං කාමරාගං පරියාදීයති’ යනාදියෙහි ක්‍ෂයකිරීම (ගෙවාදැමීම)යි. මෙහි දෙඅරැතම වටී. එහි මේ රූපය චතුභූමක කුශල චිත්තය ගන්නේ පුරුෂයෙක් නිලුපුල් කළඹක් (ගන්නාක්) මෙන් අතින් නොගනී. ගෙවාදමන්නේ උදුනෙහි ගින්න ජලය මෙන් තමා ගෙවා නොදමන්නේද වෙයි. එහි උපත වළක්වමින්ම චතුභූමකවූම කුශලසිත ගන්නේ මෙන්ම ගෙවාදමන්නේයයි දතයුතුය. එහෙයින් පුරැෂයාගේ සිත මැඬගෙන සිටීයයි කියනලදී.

යථයිදන‍්ති යථා ඉදං. ඉත්‍ථිරූපන‍්ති ඉත්‍ථියා රූපං. තත්‍ථ “කිඤ‍්ච, භික‍්ඛවෙ, රූපං වදෙථ? රුප‍්පතීති ඛො, භික‍්ඛවෙ, තස‍්මා රූපන‍්ති වුච‍්චති. කෙන රුප‍්පති? සීතෙනපි රුප‍්පති උණ‍්හෙනපි රුප‍්පතී”ති (සං· නි· 3.79) සුත‍්තානුසාරෙන රූපස‍්ස වචනත්‍ථො චෙව සාමඤ‍්ඤලක‍්ඛණඤ‍්ච වෙදිතබ‍්බං. අයං පන රූපසද‍්දො ඛන්‍ධභවනිමිත‍්තපච‍්චයසරීරවණ‍්ණසණ‍්ඨානාදීසු අනෙකෙසු අත්‍ථෙසු වත‍්තති. අයඤ‍්හි “යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්න”න‍්ති (විභ· 2; මහාව· 22) එත්‍ථ රූපක‍්ඛන්‍ධෙ වත‍්තති. “රූපූපපත‍්තියා මග‍්ගං භාවෙතී”ති (ධ· ස· 161; විභ· 624) එත්‍ථ රූපභවෙ. “අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සතී”ති (ධ· ස· 204-232 ආදයො) එත්‍ථ කසිණනිමිත‍්තෙ. “සරූපා, භික‍්ඛවෙ, උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා ධම‍්මා නො අරූපා”ති (අ· නි· 2.83) එත්‍ථ පච‍්චයෙ. “ආකාසො පරිවාරිතො රූපන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡතී”ති (ම· නි· 1.306) එත්‍ථ සරීරෙ. “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති (ම· නි· 1.400; 3.421) එත්‍ථ වණ‍්ණෙ. “රූපප‍්පමාණො රූපප‍්පසන‍්නො”ති (අ· නි· 4.65) එත්‍ථ සණ‍්ඨානෙ. ආදිසද‍්දෙන “පියරූපං සාතරූපං, අරසරූපො”තිආදීනිපි සඞ‍්ගණ‍්හිතබ‍්බානි. ඉධ පනෙස ඉත්‍ථියා චතුසමුට‍්ඨානෙ රූපායතනසඞ‍්ඛාතෙ වණ‍්ණෙ වත‍්තති. අපිච යො කොචි ඉත්‍ථියා නිවත්‍ථනිවාසනස‍්ස වා අලඞ‍්කාරස‍්ස වා ගන්‍ධවණ‍්ණකාදීනං වා පිළන්‍ධනමාලාදීනං වාති කායප‍්පටිබද‍්ධො ච වණ‍්ණො පුරිසස‍්ස චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං හුත්‍වා උපකප‍්පති, සබ‍්බමෙතං ඉත්‍ථිරූපන‍්තෙව වෙදිතබ‍්බං.

‘යථයිදං’ යනු යම්සේ මේයි. ඉත්‍ථිරූපං යනු ස්ත්‍රියගේ රූපයයි. එහි ‘කිඤ්ච භික්‍ඛවෙ රූපං වදෙථ රුප්පති’ යනු සූත්‍රානුසාරයෙන් රූපයාගේ වචනාර්‍ත්‍ථය මෙන්ම සාමාන්‍ය ලක්‍ෂණයද දතයුතුයි. මේ රූප ශබ්දය වනාහි, ස්කන්‍ධ භව නිමිත්ත ප්‍ර‍්‍යය ශරීරවර්‍ණ සංස්ථානාදීවූ නොයෙක් අත්‍ර්‍තයන්හි පවතී. මේ රූප ශබ්දය වනාහි ‘යං කිඤ්චිරූපං අතීතානාගතපච්චුප්පන්නං’ යන මෙහි රූපස්කන්‍ධයෙහි පවතී. ‘රූපූපත්තියා මග්ගං භාවෙති’ යන මෙහි රූප භවයෙහියි. ‘අජ්ක්‍ධත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති’ යන මෙහි කසිණනිමිත්තෙහියි. ‘සරූපා භික්‍ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අරූපා’ ය මෙහි ප්‍රත්‍යයෙහියි. ‘ආකාසො පරිවාරිතො රූපන්තෙව සඞ්ඛං ගච්ඡති’ යන මෙහි ශරීරයෙහියි. ‘චක්‍ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්‍ඛුවිඤ්ඤාණං’ යන මෙහි වර්‍ණයෙහියි. ‘රූපප්පමාණො රූපප්පසන්නො’ යන මෙහි සංස්ථානයෙහි (සටහනෙහි) යි. ආදි ශබ්දයෙන් ‘පියරූපං සාතරූපං’, ‘අරසරූපො’ යනාදිය ඇතුළත් කළයුතුයි. මෙහි වනාහි මේ රූප ශබ්දය ස්ත්‍රියගේ චතුසමුට්ඨානිකවූ රූපායතන සංඛ්‍යාත වර්‍ණයෙහි පවතියි. තවද ස්ත්‍රියගේ හැඳගත් ඇඳුමේ හෝ අබරණවල හෝ ගන්‍ධවර්‍ණකාදීන්ගේ හෝ පළඳනා මල්මාලා ආදීයේ හෝ යන යම්කිසි කය පිළිබැඳි වර්‍ණයක් පුරුෂයාගේ චක්‍ෂූර්විඥානයට අරමුණක්වී (රූපයබවට) යෝග්‍යවේද මේ සියල්ල ස්ත්‍රීරූපයයි දතයුතුයි.

ඉත්‍ථිරූපං, භික‍්ඛවෙ, පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨතීති ඉදං පුරිමස‍්සෙව දළ‍්හීකරණත්‍ථං වුත‍්තං. පුරිමං වා “යථයිදං, භික‍්ඛවෙ, ඉත්‍ථිරූප”න‍්ති එවං ඔපම‍්මවසෙන වුත‍්තං, ඉදං පරියාදානානුභාවදස‍්සනවසෙන.

‘ඉත්‍ථිරූපං භික්‍ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති’ යන මෙය පළමු ප්‍රාශයම තහවුරු කරනු සඳහා කියනලදි. ‘යම්සේ මහණෙනි ස්ත්‍රීරූපය’යි මෙසේ උපමාවශයෙන් හෝ මුල් ප්‍රාශය කියනලදි. මෙය මැඬ ගැනීමේ බලය දැක්වීම් වශයෙන් හෝ කියනලදි.

තත්‍රිදං ඉත්‍ථිරූපස‍්ස පරියාදානානුභාවෙ වත්‍ථු – මහාදාඨිකනාගරාජා කිර චෙතියගිරිම‍්හි අම‍්බත්‍ථලෙ මහාථූපං කාරාපෙත්‍වා ගිරිභණ‍්ඩපූජං නාම කත්‍වා කාලෙන කාලං ඔරොධගණපරිවුතො චෙතියගිරිං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දෙති. බහූනං සන‍්නිපාතට‍්ඨානෙ නාම න සබ‍්බෙසං සති සූපට‍්ඨිතා හොති, රඤ‍්ඤො ච දමිළදෙවී නාම මහෙසී පඨමවයෙ ඨිතා දස‍්සනීයා පාසාදිකා. අථෙකො චිත‍්තත්‍ථෙරො නාම වුඩ‍්ඪපබ‍්බජිතො අසංවරනියාමෙන ඔලොකෙන‍්තො තස‍්සා රූපාරම‍්මණෙ නිමිත‍්තං ගහෙත්‍වා උම‍්මාදප‍්පත‍්තො විය ඨිතනිසින‍්නට‍්ඨානෙසු “හන්‍ද දමිළදෙවී, හන්‍ද දමිළදෙවී”ති වදන‍්තො විචරති. තතො පට‍්ඨාය චස‍්ස දහරසාමණෙරා උම‍්මත‍්තකචිත‍්තත්‍ථෙරොත්‍වෙව නාමං කත්‍වා වොහරිංසු. අථ සා දෙවී නචිරස‍්සෙව කාලමකාසි. භික‍්ඛුසඞ‍්ඝෙ සිවථිකදස‍්සනං ගන‍්ත්‍වා ආගතෙ දහරසාමණෙරා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා එවමාහංසු – “භන‍්තෙ චිත‍්තත්‍ථෙර, යස‍්සත්‍ථාය ත්‍වං විලපසි, මයං තස‍්සා දෙවියා සිවථිකදස‍්සනං ගන‍්ත්‍වා ආගතා”ති. එවං වුත‍්තෙපි අස‍්සද‍්දහන‍්තො “යස‍්සා වා තස‍්සා වා තුම‍්හෙ සිවථිකදස‍්සනත්‍ථාය ගතා, මුඛං තුම‍්හාකං ධූමණ‍්ණ”න‍්ති. උම‍්මත‍්තකවචනමෙව අවොච. එවං උම‍්මත‍්තකචිත‍්තත්‍ථෙරස‍්ස චිත‍්තං පරියාදාය අට‍්ඨාසි ඉදං ඉත්‍ථිරූපං.

එහි ස්ත්‍රීරූපයාගේ මැඬගැනීමේ බලය දැක්වීමේ කථාවස්තුවයි, මෙය: මහදැළියා මානා රජතෙමේ වනාහි සෑගිරියෙහි අඹතලෙහි මහාස්තූපයක් කරවා ගිරිභණ්ඩවාහන නම් පූජාවක් කරවා කලින්කලට අතැවුර පිරිවරනලද්දේ සෑගිරියට ගොස් බික්සඟනට මහදන් දෙයි. බොහෝදෙනෙකු රැස්වූ තන්හි සිහල්ලන්ගේ සිහිය මනාව පිහිටියේ නොවෙයි. රජුගේද දමිළදේවී නම්වූ මෙහෙසිය පළමුවියෙහි සිටියා දැකුම්කලුය; පහදවන සුලුය. ඉක්බිති චිත්තත්‍ථෙර නම්වූ එක් මහළුපැවිද්දෙක් අසංවර ලෙසින් බලන්නේ ඇයගේ රූපාරම්මණයෙහි නිමිතිගෙන උමතුවූවකු මෙන් සිටිහුන්තන්හි ‘දමිළදේවිය මනාය, දමිළදේවිය මනායැ’යි කියමින් හැසිරෙයි. එතැන්පටන් ඔහුට කුඩාහෙරණෝ උම්මත්තක චිත්තත්‍ථෙර යනුවෙන් නමක් කොට ව්‍යවහාර කළහ. ඉක්බිති ඒ දේවිය නොබෝ කලකින්ම කලුරිය කළාය. බික්සඟන අමුසොහොනෙහි ඇය දැක්මට ගොස් ආවිට කුඩා හෙරණෝ ඔහු වෙතට ගොස් මෙසේ කීවාහුය. ‘ස්වාමීනි චිත්තතෙරණුවනි, යම් තැනැත්තියක වෙනුවෙන් ඔබ වැළපෙන්නෙහිද අපි ඒ දේවියගේ සිරුර අමුසොහොනෙහි දැක්මට ගොස් ආවෝවෙමු.’ මෙසේ කීකල්හිද නොඅදහමින් ‘යම් තැනැත්තියක හේතුකොටගෙන නුඹවහන්සේලා අමුසොහොනෙහි දැකීම සඳහා ගියාහුද නුඹවහන්සේලාගේ මුහුණ දුම් පැහැගෙන ඇත’යි උමතු වචනම කීවේය. මෙසේ මේ ස්ත්‍රී රූපය උම්මත්තකචිත්ත තෙරුන්ගේ සිත මැඬගෙන සිටියේය.

අපරම‍්පි වත්‍ථු – සද‍්ධාතිස‍්සමහාරාජා කිර එකදිවසං ඔරොධගණපරිවුතො විහාරං ආගතො. එකො දහරො ලොහපාසාදද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා අසංවරෙ ඨිතො එකං ඉත්‍ථිං ඔලොකෙසි. සාපි ගමනං පච‍්ඡින්‍දිත්‍වා තං ඔලොකෙසි. උභොපි අබ‍්භන‍්තරෙ උට‍්ඨිතෙන රාගග‍්ගිනා ඩය‍්හිත්‍වා කාලමකංසු. එවං ඉත්‍ථිරූපං දහරස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති.

වෙනත් වස්තුවක් ද වේ: සද්ධාතිස්ස මහරජතෙමේ එක් දිනක් අතැවුර පිරිවරන ලද්දේ වෙහෙරට පැමිණියේය. එක් තරැණ භික්‍ෂුවක් ලෝවාමහපායෙහි දොරකොටුවෙහි සිට අසංවරයෙහි සිටියේ එක් ස්ත්‍රියක දෙස බැලීය. ඕද ගමන නවතා ඔහු දෙස බැලීය. දෙදෙනාම ඇතුළත නැඟුණු රාගගින්නෙන් දැවී කලුරිය කළාහුය. මෙසේ ස්ත්‍රීරූපය තරුණයාගේ සිත මැඬගෙන සිටියේය.

අපරම‍්පි වත්‍ථු – කල්‍යාණියමහාවිහාරතො කිරෙකො දහරො උද‍්දෙසත්‍ථාය කාළදීඝවාපිගාමද‍්වාරවිහාරං ගන‍්ත්‍වා නිට‍්ඨිතුද‍්දෙසකිච‍්චො අත්‍ථකාමානං වචනං අග‍්ගහෙත්‍වා “ගතට‍්ඨානෙ දහරසාමණෙරෙහි පුට‍්ඨෙන ගාමස‍්ස නිවිට‍්ඨාකාරො කථෙතබ‍්බො භවිස‍්සතී”ති ගාමෙ පිණ‍්ඩාය චරන‍්තො විසභාගාරම‍්මණෙ නිමිත‍්තං ගහෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානං ගතො තාය නිවත්‍ථවත්‍ථං සඤ‍්ජානිත්‍වා “කහං, භන‍්තෙ, ඉදං ලද‍්ධ”න‍්ති පුච‍්ඡන‍්තො තස‍්සා මතභාවං ඤත්‍වා “එවරූපා නාම ඉත්‍ථී මං නිස‍්සාය මතා”ති චින‍්තෙන‍්තො අන‍්තොඋට‍්ඨිතෙන රාගග‍්ගිනා ඩය‍්හිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණි. එවම‍්පි ඉදං ඉත්‍ථිරූපං පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨතීති වෙදිතබ‍්බං.

වෙනත් වස්තුවක්ද වේ: කැලණි මහාවිහාරයෙන් එක් තරුණ භික්‍ෂුවක් උදෙසීම සඳහා කාළදීඝවාපිගාමද්වාර විහාරයට ගොස් නිමවනලද උදෙසීම්කිස ඇත්තේ හිතවැඩ කැමැත්තවුන්ගේ කීම නොඅසා ‘ගියතැන්හි තරුණ හෙරණුන් විසින් විමසනලදවිට ගමට පිවිසුණු ආකාරය කිවයුත්තේ වනැ’යි ගමෙහි පිඬුපිණිස හැසිරෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරම්මණයක නිමිතිගෙන තමා වසන තැනට ගියේ, ඇය විසින් හඳනාලද වස්ත්‍ර හැඳින ‘ඔබ මෙය කිනම් තැනකින් ලබන ලද්දේදැයි අසන්නේ, ඇය මළ බව දැන මෙබඳු නම් ස්ත්‍රිය මා නිසා මළේයයි සිතමින් ඇතුළත නැඟුණු රාගගින්නෙන් දැවී ජීවිතක්‍ෂයට පත්විය. මෙසේද මේ ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත මැඬගෙන සිටීයයි දතයුතුය.

පළමුසූත්‍ර නිමියේයි.

දුතියාදීනි සද‍්දගරුකාදීනං ආසයවසෙන වුත‍්තානි. තෙසු ඉත්‍ථිසද‍්දොති ඉත්‍ථියා චිත‍්තසමුට‍්ඨානො කථිතගීතවාදිතසද‍්දො. අපිච ඉත්‍ථියා නිවත්‍ථනිවාසනස‍්සාපි අලඞ‍්කතාලඞ‍්කාරස‍්සාපි ඉත්‍ථිපයොගනිප‍්ඵාදිතො වීණාසඞ‍්ඛපණවාදිසද‍්දොපි ඉත්‍ථිසද‍්දොත්‍වෙව වෙදිතබ‍්බො. සබ‍්බොපි හෙසො පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති.

දෙවෙනි සූත්‍රාදිය ශබ්දගරුකාදීන්ගේ සිතේ පවත්නා ආකාරය අනුව කියනලදි. ඔවුනතුරෙහි ඉත්‍ථිසද්දො යනු ස්ත්‍රියගේ සිතෙහි හටගත් කීම් ගැයීම් හැඬීම් ශබ්දයයි. තවද, ස්ත්‍රිය හඳනලද ඇඳුම් වලද සරසන ලද සැරසීම්වලද ස්ත්‍රියගේ ප්‍රයෝගයෙන් නිපැයුණු වෙණවීණාසක් බෙර ආදියේ හඬද ස්ත්‍රී ශබ්දයමයයි දතයුතුය. මේ සියල්ලම පුරුෂයාගේ සිත මඬගෙන සිටී. එහි සුවණ්නකක්කටක සුවණ්ණමොරදහර භික්‍ඛු ආදීන්ගේ කථාවස්තු දතයුතුය.

තත්‍ථ සුවණ‍්ණකක‍්කටකසුවණ‍්ණමොරදහරභික‍්ඛුආදීනං වත්‍ථූනි වෙදිතබ‍්බානි. පබ‍්බතන‍්තරං කිර නිස‍්සාය මහන‍්තං හත්‍ථිනාගකුලං වසති. අවිදූරට‍්ඨානෙ චස‍්ස මහාපරිභොගසරො අත්‍ථි, තස‍්මිං කායූපපන‍්නො සුවණ‍්ණකක‍්කටකො අත්‍ථි. සො තං සරං ඔතිණ‍්ණොතිණ‍්ණෙ සණ‍්ඩාසෙන විය අළෙහි පාදෙ ගහෙත්‍වා අත‍්තනො වසං නෙත්‍වා මාරෙති. තස‍්ස ඔතාරාපෙක‍්ඛා හත්‍ථිනාගා එකං මහාහත්‍ථිං ජෙට‍්ඨකං කත්‍වා විචරන‍්ති. සො එකදිවසං තං හත්‍ථිනාගං ගණ‍්හි. ථාමසතිසම‍්පන‍්නො හත්‍ථිනාගො චින‍්තෙසි – “සචාහං භීතරවං රවිස‍්සාමි, සබ‍්බෙ යථාරුචියා අකීළිත්‍වා පලායිස‍්සන‍්තී”ති නිච‍්චලොව අට‍්ඨාසි. අථ සබ‍්බෙසං උත‍්තිණ‍්ණභාවං ඤත්‍වා තෙන ගහිතභාවං අත‍්තනො භරියං ජානාපෙතුං විරවිත්‍වා එවමාහ –

පර්‍වතාන්තරයක් ඇසුරුකොට මහත් ඇත්කුලයක් වසයි. නුදුරු තන්හි මහාපරිභෝගවූ විලකි. එහි මහත්සිරුරකින් යුත් රන් කකුළුවෙක් සිටී. හෙතෙම ඒ විලට බස්නවුන් අඬුක් වැනි අත්වලින් පා අල්වාගෙන තම වසයට පමුණුවා මරයි. ඊට බසිනු කැමති ඇත්තු එක් මහ ඇතෙකු ජ්‍යෙෂ්ඨයා කොටගෙන හැසිරෙත්. ඒ කකුළුවා එක් දිනක ඒ මහ ඇතු අල්වා ගත්තේය. සවියෙන් හා සිහියෙන් යුත් ඇතා ‘ඉදින් මම බියපත් හඬ නංවන්නෙම් නම් සියල්ලෝ කැමති පරිද්දෙන් ක්‍රීඩා නොකොට පලා යන්නාහ’යි (සිතා) නිශ්චලවම සිටියේය. ඉක්බිති සියල්ලන් ගොඩට ආබව දැන ඒ කකුළුවා විසින් අල්වාගත් බව තමාගේ බිරියට දැන්වීමට මහහඬ නංවා මෙසේ කීය.

“සිඞ‍්ගීමිගො ආයතචක‍්ඛුනෙත‍්තො, අට‍්ඨිත‍්තචො වාරිසයො අලොමො; තෙනාභිභූතො කපණං රුදාමි, මා හෙව මං පාණසමං ජහෙය්‍යා”ති. (ජා· 1.3.49);

අං ඇති, මෘගයෙකු බඳුවූ දිගු ඇස් ඇති ඇටම සමලෙස පිහිටි දියෙහි නිදන ලොම් නැති (සතෙකි.) ඔහු විසින් මඩනාලද මම බැගෑපත්ව හඬමි. ප්‍රාණසමවූ මා අත් නොහරින්න.

සා තං සුත්‍වා සාමිකස‍්ස ගහිතභාවං ඤත්‍වා තං තම‍්හා භයා මොචෙතුං හත්‍ථිනා ච කුළීරෙන ච සද‍්ධිං සල‍්ලපන‍්තී එවමාහ –

ඕ එය අසා සැමියා අල්වාගත් බව දැන ඔහු ඒ බියෙන් මිදවීමට ඇතාද කකුළුවාද සමඟ කථා කරන්නී මෙසේ කීවාය:

“අය්‍ය න තං ජහිස‍්සාමි, කුඤ‍්ජරං සට‍්ඨිහායනං; පථබ්‍යා චාතුරන‍්තාය, සුප‍්පියො හොසි මෙ තුවං.

‘සැටවියැති ඇත් හිමියාණෙනි, ඔබ අත් නොහරින්නෙමි. එබ සිවුකොනැති පොළොවෙහි මට බෙහෙවින් ප්‍රිය වූයේවෙහි. සමුදුරෙහිද ගංගා නදියෙහිද යමුනා නදියෙහිද යම් කකුළුවෝ වෙත්ද දියෙන් උපන් ඔබ ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨ වෙහි. හඬන්නියගේ හිමියා මුදන්න’

“යෙ කුළීරා සමුද‍්දස‍්මිං, ගඞ‍්ගාය යමුනාය ච; තෙසං ත්‍වං වාරිජො සෙට‍්ඨො, මුඤ‍්ච රොදන‍්තියා පති”න‍්ති. (ජා· 1.3.50-51);

කුළීරො සහ ඉත්‍ථිසද‍්දස‍්සවනෙන ගහණං සිථිලමකාසි. අථ හත්‍ථිනාගො “අයමෙවෙතස‍්ස ඔකාසො”ති එකං පාදං ගහිතාකාරෙනෙව ඨපෙත්‍වා දුතියං උක‍්ඛිපිත්‍වා තං පිට‍්ඨිකපාලෙ අක‍්කමිත්‍වා විචුණ‍්ණිකං කත්‍වා ථොකං ආකඩ‍්ඪිත්‍වා තීරෙ ඛිපි. අථ නං සබ‍්බහත්‍ථිනො සන‍්නිපතිත්‍වා “අම‍්හාකං වෙරී”ති විචුණ‍්ණයිංසු. එවං තාව ඉත්‍ථිසද‍්දො සුවණ‍්ණකක‍්කටකස‍්ස චිත‍්තං පරියාදියිත්‍වා තිට‍්ඨති.

කකුළුවා ස්ත්‍රීශබ්දය ඇසීමත් සමඟ ග්‍රහණය ලිහිල් කළේය. ඉක්බිති ඇතා මෙයම ඔහුගේ අවස්ථාවයයි (සිතා) එක් පයක් අල්වාගත් අයුරින්ම තබා දෙවැනි පය ඔසවා පිටකටුව මැඩ, සුණුවිසුණු කළ පිට ඇති ඒ කකුළුවා ඇද තෙරට විසිකළේය. ඉක්බිති සියලු ඇත්තු රැස්ව මොහු අපගේ සතුරායයි කූඩු කළහ. මෙසේ මෙපමණකින් ස්ත්‍රී ශබ්දය රන් කකුළුවාගේ සිත මැඬගත්තේය.

සුවණ‍්ණමොරොපි හිමවන‍්තං අනුපවිසිත්‍වා මහන‍්තං පබ‍්බතගහනං නිස‍්සාය වසන‍්තො නිච‍්චකාලං සූරියස‍්ස උදයකාලෙ සූරියමණ‍්ඩලං උල‍්ලොකෙත්‍වා අත‍්තනො රක‍්ඛං කරොන‍්තො එවං වදති –

රන් මොනරෙක්ද හිමවතට පිවිස මහත් කඳුවැටියක් ඇසුරු කොට ගෙන වසන්නේ නිබඳව හිරු නැගෙන කල්හි හිරුමඬල දෙස බලා තම ආරක්‍ෂාව පිණිස මෙසේ කියයි:

“උදෙතයං චක‍්ඛුමා එකරාජා, හරිස‍්සවණ‍්ණො පථවිප‍්පභාසො; තං තං නමස‍්සාමි හරිස‍්සවණ‍්ණං පථවිප‍්පභාසං, තයාජ‍්ජ ගුත‍්තා විහරෙමු දිවසං.

‘රන්වන්වූ, පොළොව එළියකරන, අසහාය රජුවූ, මේ ඇස්ඇති, හිර නැඟෙයි. පොළොව එළියකරන, රන්වන්වූ ඒ හිරු නමඳිමි. ඔහු විසින් ආරක්‍ෂා කරනලද අපි අද දවස ගෙවමු.’

“යෙ බ්‍රාහ‍්මණා වෙදගූ සබ‍්බධම‍්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන‍්තු; නමත්‍ථු බුද‍්ධානං නමත්‍ථු බොධියා, නමො විමුත‍්තානං නමො විමුත‍්තියා;

‘සියලු දහම්හි පරතෙරට ගිය යම් බ්‍රාහ්මණයෝ වෙත්ද මාගේ නමස්කාරය ඔවුන්ට වේවා! ඔවුහුද මා රකිත්වා! බුදුවරුනට නමස්කාරය වේවා! බුද්ධත්‍වයට නමස්කාර වේවා! මිදුනවුන්ට නමස්කාරය වේවා! විමුක්තියට නමස්කාර වේවා!’

ඉමං සො පරිත‍්තං කත්‍වා, මොරො චරති එසනා”ති. (ජා· 1.2.17);

ඒ මොනරා මේ පිරිත සජ්ක්‍ධායනයකොට (අහර) සෙවීමෙහි හැසිරෙයි.

සො දිවසං ගොචරං ගහෙත්‍වා සායන‍්හසමයෙ වසනට‍්ඨානං පවිසන‍්තො අත්‍ථඞ‍්ගතං සූරියමණ‍්ඩලං ඔලොකෙත්‍වාපි ඉමං ගාථං වදති –

හෙතෙමේද දහවල්හි ගොදුරු ගෙන සවස්කල්හි වසන තැනට පිවිසෙමින් බැස යන හිරු දෙස බලාද මේ ස්තුති ගීතිකාව කියයි.

“අපෙතයං චක‍්ඛුමා එකරාජා, හරිස‍්සවණ‍්ණො පථවිප‍්පභාසො; තං තං නමස‍්සාමි හරිස‍්සවණ‍්ණං පථවිප‍්පභාසං, තයාජ‍්ජ ගුත‍්තා විහරෙමු රත‍්තිං.

‘රන්වන්වූ, පොළොව එළියකරන, අසහාය රජවූ මේ ඇස් ඇති හිරු බැසයයි. පොළොව එළියකරන රන්වන්වූ ඒ හිරු නමදිමි. ඔහු විසින් ආරක්‍ෂා කරනලද අපි අද දවසගෙවමු.’

“යෙ බ්‍රාහ‍්මණා වෙදගූ සබ‍්බධම‍්මෙ, තෙ මෙ නමො තෙ ච මං පාලයන‍්තු; නමත්‍ථු බුද‍්ධානං නමත්‍ථු බොධියා, නමො විමුත‍්තානං නමො විමුත‍්තියා;

‘සියලු දහම්හි පරතෙරට ගිය යම් බ්‍රාහ්මණයෝ වෙත්ද මාගේ නමස්කාරය ඔවුන්ට වේවා! ඔවුහුද මා රකිත්වා! බුදුවරුන්ට නමස්කාර වේවා! මිදුනවුන්ට නමස්කාර වේවා! විමුක්තියට නමස්කාර වේවා!’

ඉමං සො පරිත‍්තං කත්‍වා, මොරො වාසමකප‍්පයී”ති. (ජා· 1.2.18);

ඒ මොනරා මේ පිරිතකොට වාසය කළේය.

ඉමිනා නියාමෙන සත‍්ත වස‍්සසතානි වීතිනාමෙත්‍වා එකදිවසං පරිත‍්තකම‍්මතො පුරෙතරමෙව මොරකුක‍්කුටිකාය සද‍්දං සුත්‍වා පරිත‍්තකම‍්මං අසරිත්‍වා රඤ‍්ඤා පෙසිතස‍්ස ලුද‍්දකස‍්ස වසං උපගතො. එවං ඉත්‍ථිසද‍්දො සුවණ‍්ණමොරස‍්ස චිත‍්තං පරියාදියිත්‍වා තිට‍්ඨතීති. ඡාතපබ‍්බතවාසී දහරො පන සුධාමුණ‍්ඩකවාසී දහරො ච ඉත්‍ථිසද‍්දං සුත්‍වා අනයබ්‍යසනං පත‍්තාති.

මේ අයුරින් අවුරුදු සත්සියයක් ගෙවා එක්දිනක් පිරිත් කිරීමට කලින්ම මොනර කිකිළියකගේ ශබ්දය අසා පිරිත් කිරීම නොසිහිකොට රජු විසින් එවනලද වැද්දකුගේ වසඟයට එළැඹියේය. මෙසේ ස්ත්‍රීශබ්දය රන් මොනරාගේ සිත මැඬලීය. ජාතපර්‍වතවාසී තරැණයෙක්ද සුධාමුණ්ඩකවාසී තරුණයෙක්ද ස්ත්‍රීශබ්දය අසා විපත් කරදරවලට පැමිණියාහ.

තතියෙ ඉත්‍ථිගන්‍ධොති ඉත්‍ථියා චතුසමුට‍්ඨානිකං ගන්‍ධායතනං. ස‍්වායං ඉත්‍ථියා සරීරගන්‍ධො දුග‍්ගන්‍ධො හොති, කායාරුළ‍්හො පන ආගන‍්තුකඅනුලෙපනාදිගන්‍ධො ඉධ අධිප‍්පෙතො. එකච‍්චා හි ඉත්‍ථී අස‍්සගන්‍ධිනී හොති, එකච‍්චා මෙණ‍්ඩකගන්‍ධිනී, එකච‍්චා සෙදගන්‍ධිනී, එකච‍්චා සොණිතගන්‍ධිනී. එකච‍්චො අන්‍ධබාලො එවරූපායපි ඉත්‍ථියා රජ‍්ජතෙව. චක‍්කවත‍්තිනො පන ඉත්‍ථිරතනස‍්ස කායතො චන්‍දනගන්‍ධො වායති, මුඛතො ච උප‍්පලගන්‍ධො. අයං න සබ‍්බාසං හොති, ආගන‍්තුකඅනුලෙපනාදිගන්‍ධොව ඉධ අධිප‍්පෙතො. තිරච‍්ඡානගතා පන හත්‍ථිඅස‍්සගොණාදයො තිරච‍්ඡානගතානං සජාතිඉත්‍ථීනං උතුගන්‍ධෙන යොජනද‍්වියොජනතියොජනචතුයොජනම‍්පි ගච‍්ඡන‍්ති. ඉත්‍ථිකායෙ ගන්‍ධො වා හොතු ඉත්‍ථියා නිවත්‍ථනිවාසනඅනුලිත‍්තාලෙපනපිළන්‍ධමාලාදිගන්‍ධො වා, සබ‍්බොපි ඉත්‍ථිගන්‍ධොත්‍වෙව වෙදිතබ‍්බො.

තෙවැන්නෙහි, ඉත්‍ථිගන්‍ධො යනු ස්ත්‍රියගේ චතුසමුට්ඨානිකවූ ගන්‍ධායතනයයි. ඒ මේ ස්ත්‍රියගේ ශරීරගන්‍ධය දුඟඳ වෙයි. කයට නංවනලද (අලෙවි කළ) ආගන්තුකවූ අලෙව් ආදියෙහි ගඳ මෙහි අදහස් කරනලදි. ඇතැම් ස්ත්‍රියක් අස්ගඳ ඇත්තී වෙයි. ඇතැම් ස්ත්‍රියක් බැටළු ගඳ ඇත්තීවෙයි. ඇතැම් ස්ත්‍රියක් දහදිය ගඳ ඇත්තී වෙයි. ඇතැම් ස්ත්‍රියක් රුහිරුගඳ ඇත්තී වෙයි. ඇතැම් ලාමක පුද්ගලයෙක් මෙබඳුවූද ස්ත්‍රිය කෙරෙහි ඇලේමය. සක්විති රජුගේ වනාහි ස්ත්‍රීරත්නයේ කයින් සඳුන් සුවඳද මුවින් උපුල් සුවඳද හමයි. මෙය සියල්ලන්ටම නොවේයයි ආගන්තුකවූ අනුලේපනාදියෙහි සුවඳම මෙහි අදහස් කරනලදි. තිරිසන් ගිය ඇත්, අස්, ගව ආදීහු තිරිසන්ගිය ස්වජාතික ස්ත්‍රීන්ගේ සෘතුගඳින් යොදුනක් දෙයොදුනක් තුන්යොදුනක් සිවුයොදුනක්ද යති. මෙසේ සිරුරුගඳ හෝ වේවා! ස්ත්‍රියගේ හැඳිවත් අලෙව්දුන් අනුලේපන පළඳනා මල්මාලා ආදී ගඳක් හෝ වේවා! සියල්ලම ස්ත්‍රීගන්‍ධයයි දතයුතුය.

චතුත්‍ථෙ ඉත්‍ථිරසොති ඉත්‍ථියා චතුසමුට‍්ඨානිකං රසායතනං. තිපිටකචූළනාගචූළාභයත්‍ථෙරා පන “ස‍්වායං ඉත්‍ථියා කිංකාරපටිස‍්සාවිතාදිවසෙන සවනරසො චෙව පරිභොගරසො ච, අයං ඉත්‍ථිරසො”ති වදන‍්ති. කිං තෙන? යො පනායං ඉත්‍ථියා ඔට‍්ඨමංසසම‍්මක‍්ඛනඛෙළාදිරසොපි, සාමිකස‍්ස දින‍්නයාගුභත‍්තාදීනං රසොපි, සබ‍්බො සො ඉත්‍ථිරසොත්‍වෙව වෙදිතබ‍්බො. අනෙකෙ හි සත‍්තා අත‍්තනො මාතුගාමෙන යංකිඤ‍්චි සහත්‍ථා දින‍්නමෙව මධුරන‍්ති ගහෙත්‍වා අනයබ්‍යසනං පත‍්තාති.

ඉත්‍ථිරසො යනු ස්ත්‍රියගේ චතුසමුට්ඨානිකවු රසායතනයයි. ත්‍රිපිටකචූලනාග චූලාභය යන තෙරවරු වනාහි ස්ත්‍රියගේ කීකරුවීම්, හිතවත්වීම් ආදි වශයෙන් ඇතිවන යම් මේ හිතෙෂී රසයක් මෙන්ම පරිභොගරසයක් වේද මෙය ස්ත්‍රීරසයයි කියති. එයින් කිමෙක් අදහස් වේද? ස්ත්‍රියගේ තොල්මස ගැටීම කෙළ ආදි රසයද හිමියාට දෙනලද කැඳබත් ආදියේ රසය යන යම් මේ රසයක් වේද ඒ සියල්ල ස්ත්‍රීරසයමැයි දතයුතුය. නොයෙක් සත්වයෝ තමාගේ මාගමවිසින් දෙනලද යම්කිසිවක් මිහිරියයි ගෙන කරදරවිපත්වලට පැමිණියාහුය.

පඤ‍්චමෙ ඉත්‍ථිඵොට‍්ඨබ‍්බොති ඉත්‍ථියා කායසම‍්ඵස‍්සො, ඉත්‍ථිසරීරාරුළ‍්හානං වත්‍ථාලඞ‍්කාරමාලාදීනම‍්පි ඵස‍්සො ඉත්‍ථිඵොට‍්ඨබ‍්බොත්‍වෙව වෙදිතබ‍්බො. සබ‍්බොපෙස පුරිසස‍්ස චිත‍්තං පරියාදියති මහාචෙතියඞ‍්ගණෙ ගණසජ‍්ඣායං ගණ‍්හන‍්තස‍්ස දහරභික‍්ඛුනො විසභාගාරම‍්මණඵස‍්සො වියාති.

ඉත්‍ථිපොට්ඨබ්බො යනු ස්ත්‍රියගේ කායස්පර්‍ශයයි. ස්ත්‍රීශරීරයෙහි නංවනලද වස්ත්‍රඅබරණමාලා ආදියේ ගැටීම ද ස්ත්‍රීස්පර්‍ශයයි දතයුතුයි. මේ සියල්ල පුරුෂයාගේ සිතමැඬගනී. මහසෑමිඳුලෙහි සමූහ සජ්ක්‍ධායනය උගන්නා තරුණභික්‍ෂුවගේ විසභාගාරම්මණ නිමිත්ත මෙනි.

ඉති සත්‍ථා සත‍්තානං ආසයානුසයවසෙන රූපාදීසු එකෙකං ගහෙත්‍වා අඤ‍්ඤං ඊදිසං න පස‍්සාමීති ආහ. යථා හි රූපගරුකස‍්ස පුරිසස‍්ස ඉත්‍ථිරූපං චිත‍්තුප‍්පාදං ගමෙති පලිබුන්‍ධති බජ‍්ඣාපෙති බද‍්ධාපෙති මොහෙති සංමොහෙති, න තථා සෙසා සද‍්දාදයො. යථා ච සද‍්දාදිගරුකානං සද‍්දාදයො, න තථා රූපාදීනි ආරම‍්මණානි. එකච‍්චස‍්ස ච රූපාදීසු එකමෙවාරම‍්මණං චිත‍්තං පරියාදියති, එකච‍්චස‍්ස ද‍්වෙපි තීණිපි චත‍්තාරිපි පඤ‍්චපි. ඉති ඉමෙ පඤ‍්ච සුත‍්තන‍්තා පඤ‍්චගරුකවසෙන කථිතා, න පඤ‍්චගරුකජාතකවසෙන.

මෙසේ ශාස්තෘන්වහන්සේ සත්වයන්ගේ සිතේ ස්වභාවය හා සිතේ සැඟවුණු කෙළෙස් වශයෙන් රූපාදීන් අතුරෙන් එකිනෙක ගෙන මෙබඳු වෙනත් දෙයක් නොදකිමියි පැවසූසේක. යම්සේ වනාහි රූපගරුකවූ පුරුෂාට ස්ත්‍රීරූපය චිත්තොත්පාදය ඇති කරවයිද කිළිටිකරවයිද මත්කරවයිද දැඩිසේ මත්කරවයිද මුළා කරවයිද, දැඩිසේ මුළාකරවයිද සෙසු ශබ්දාදිය එසේ නොකරයි. ශබ්දාදීගරුක සත්වයන්ට ශබ්දාදිය යම්සේද රූපාදී අරමුණු එසේ නොවේ. ඇතැමෙකුට රූපාදිය අතුරෙන් එකම අරමුණක් සිත මැඬලයි. ඇතැමෙකුට දෙකක්ද තුනක්ද සතරක්ද පසමද (සිත මැඬලයි). මෙසේ මේ සූත්‍රාන්ත පස පංචගරුක පුද්ගලවශයෙන් කියනලදි. පංචගරුකජාතකය වශයෙන් නොවේ.

පඤ‍්චගරුකජාතකං පන සක‍්ඛිභාවත්‍ථාය ආහරිත්‍වා කථෙතබ‍්බං. තත්‍ර හි අමනුස‍්සෙහි කන‍්තාරමජ‍්ඣෙ කතාය ආපණාදිවිචාරණාය මහාපුරිසස‍්ස පඤ‍්චසු සහායෙසු රූපගරුකො රූපාරම‍්මණෙ බජ‍්ඣිත්‍වා අනයබ්‍යසනං පත‍්තො, සද‍්දාදිගරුකා සද‍්දාරම‍්මණාදීසු. ඉති තං සක‍්ඛිභාවත්‍ථාය ආහරිත්‍වා කථෙතබ‍්බං. ඉමෙ පන පඤ‍්ච සුත‍්තන‍්තා පඤ‍්චගරුකවසෙනෙව කථිතා. යස‍්මා ච න කෙවලං පුරිසායෙව පඤ‍්චගරුකා හොන‍්ති, ඉත්‍ථියොපි හොන‍්තියෙව, තස‍්මා තාසම‍්පි වසෙන පුන පඤ‍්ච සුත‍්තන‍්තෙ කථෙසි. තෙසම‍්පි අත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. වත්‍ථූසුපි පඨමසුත‍්තෙ ලොහපාසාදද‍්වාරෙ ඨිතං දහරං ඔලොකෙත්‍වා මතාය රාජොරොධාය වත්‍ථු වෙදිතබ‍්බං. තං හෙට‍්ඨා විත්‍ථාරිතමෙව.

පංචගරුක ජාතකය සාක්‍ෂ්‍ය වශයෙන් ගෙනහැර දක්වා කිවයුතුයි. එහි වනාහි කාන්තාරමධ්‍යයෙහි යක්‍ෂයන් විසින් වෙළෙඳසැල් සැරසිල්ලෙන් බෝසතාණන්ගේ පස් යහළුවන් අතුරෙන් රූපගරුකයා රූපාරම්මණයෙහි බැඳී කරදරවලට පැමිණියේයි. ශබ්දාදිගරුකයෝ ශබ්දාදී ආරම්මණයන්හි බැඳී විපතට පැමිණියෝය. මෙසේ මෙය සාක්‍ෂ්‍යභාවයෙහි ගෙනහැර කිවයුතුයි. මේ පංචසූත්‍රාන්තයෝ පංචගරුක වශයෙන්ම කියලදහ. යම්හෙයකින් හුදෙක් පුරුෂයෝම පංචගරුකයෝ නොවෙත්ද ස්ත්‍රීහුද වෙත්මැයි. එහෙයින් ඔවුන්ගේ වශයෙන්ද යළි සූත්‍රාන්ත පසක් වදාළසේක. ඔවුන්ගේ අර්‍ත්‍ථයද කියනලද ක්‍රමයෙන්ම දතයුතුය. කථාවස්තූන් අතුරෙහිද පළමු සූත්‍රයෙහි ලෝවාමහපාය දොරටුවෙහි සිටි තරුණයෙකු දැක මළ රජඅතැවුරුකතකගේ කථාව දතයුතුයි. එය යට විස්තර කරන ලද්දේමය.

දුතියසුත‍්තෙ බාරාණසියං රූපූපජීවිනො මාතුගාමස‍්ස වත්‍ථු වෙදිතබ‍්බං. ගුත‍්තිලවීණාවාදකො කිරෙකිස‍්සා ඉත්‍ථියා සහස‍්සං පහිණි, සා තං උප‍්පණ‍්ඩෙත්‍වා ගණ‍්හිතුං න ඉච‍්ඡි. සො “කරිස‍්සාමෙත්‍ථ කත‍්තබ‍්බ”න‍්ති සායන‍්හකාලසමනන‍්තරෙ අලඞ‍්කතපටියත‍්තො තස‍්සා ගෙහස‍්ස අභිමුඛට‍්ඨානෙ අඤ‍්ඤස‍්මිං ගෙහද‍්වාරෙ නිසින‍්නො වීණාය තන‍්තියො සමෙ ගුණෙ පතිට‍්ඨාපෙත්‍වා තන‍්තිස‍්සරෙන ගීතස‍්සරං අනතික‍්කමන‍්තො ගායි. සා ඉත්‍ථී තස‍්ස ගීතසද‍්දං සුත්‍වා ද‍්වාරන‍්ති සඤ‍්ඤාය “විවටවාතපානෙන තස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති ආකාසෙයෙව ජීවිතක‍්ඛයං පත‍්තා.

දෙවෙනි සූත්‍රයෙහි බරණැස රූපය නිසා ජීවත්වන මාගමකගේ වස්තුව දතයුතුය. ගුත්තිලවීණා වාදකයෙක් එක් ස්ත්‍රියකට දහසක් පඬුරු කොට යැවීය. ඕ ලජ්ජා ඇති කරවා ගැනීමට නොකැමතිවූවාය. හෙතෙම මෙහි කළයුත්ත කරමැයි සැඳෑ සමයට අනතුරුව සැරසුමෙන් සැරසියේ ඇයගේ ගෙට ඉදිරිපස තැනක වෙනත් ගෙදොරක හුන්නේ වෙණතත් සමගුණයෙහි පිහිටුවා තන්තිස්වරයෙන් ගීතස්වරය නොයික්මවන්නේ ගායනා කළේය. ඒ ස්ත්‍රිය ඔහුගේ ගී හඬ අසා දොරයයි හැඟීමෙන් විවරව තිබූ වාකවුළුවෙන් ඔහු සමීපයට යන්නෙමැයි අහසෙහිදීම මරණයට පත්වුවාය.

තතියසුත‍්තෙ චක‍්කවත‍්තිරඤ‍්ඤො කායතො චන්‍දනගන්‍ධො වායති, මුඛතො ච උප‍්පලගන්‍ධොති ඉදං ආහරිතබ‍්බං. ඉදං චෙත්‍ථ වත්‍ථු වෙදිතබ‍්බං. සාවත්‍ථියං කිරෙකිස‍්සා කුටුම‍්බිකධීතාය සාමිකො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා, “න සක‍්කා මයා අයං ධම‍්මො ගිහිභූතෙන පූරෙතු”න‍්ති අඤ‍්ඤතරස‍්ස පිණ‍්ඩපාතිකත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජි. අථස‍්ස භරියං “අස‍්සාමිකා අය”න‍්ති ඤත්‍වා රාජා පසෙනදිකොසලො අන‍්තෙපුරං ආහරාපෙත්‍වා එකදිවසං එකං නීලුප‍්පලකලාපං ආදාය අන‍්තෙපුරං පවිට‍්ඨො එකෙකිස‍්සා එකෙකං නීලුප‍්පලං දාපෙසි. පුප‍්ඵෙසු භාජියමානෙසු තස‍්සා ඉත්‍ථියා ද‍්වෙ හත්‍ථං පත‍්තානි. සා පහට‍්ඨාකාරං දස‍්සෙත්‍වා උපසිඞ‍්ඝිත්‍වා පරොදි. රාජා තස‍්සා උභයාකාරං දිස‍්වා තං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි. සා අත‍්තනො පහට‍්ඨකාරණඤ‍්ච රොදනකාරණඤ‍්ච කථෙසි. යාවතතියං කථිතෙපි රාජා අස‍්සද‍්දහන‍්තො පුනදිවසෙ සකලරාජනිවෙසනෙ සබ‍්බමාලාවිලෙපනාදිසුගන්‍ධගන්‍ධං හරාපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස ආසනානි පඤ‍්ඤාපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා භත‍්තකිච‍්චපරියොසානෙ තං ඉත්‍ථිං “කතරො තෙ ථෙරො”ති පුච‍්ඡිත්‍වා, “අය”න‍්ති වුත‍්තෙ ඤත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙහි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝො ගච‍්ඡතු, අම‍්හාකං අසුකත්‍ථෙරො අනුමොදනං කරිස‍්සතී”ති ආහ. සත්‍ථා තං භික‍්ඛුං ඨපෙත්‍වා විහාරං ගතො. ථෙරෙ අනුමොදනං වත‍්තුං ආරද‍්ධමත‍්තෙ සකලං රාජනිවෙසනං ගන්‍ධපූරං විය ජාතං. රාජා “සච‍්චමෙවෙසා ආහා”ති පසීදිත්‍වා පුනදිවසෙ සත්‍ථාරං තං කාරණං පුච‍්ඡි. සත්‍ථා “අයං අතීතෙ ධම‍්මකථං සුණන‍්තො ‘සාධු සාධූ’ති සාධුකාරං පවත‍්තෙන‍්තො සක‍්කච‍්චං අස‍්සොසි, තම‍්මූලකො තෙන මහාරාජ අයමානිසංසො ලද‍්ධො”ති ආචික‍්ඛි.

තුන්වෙනි සූත්‍රයෙහි සක්විති රජුගේ කයින් සඳුන් සුවඳ හමයි. මුවින් උපුල්සුවඳ හමයි යන මෙය ගෙනහැර පෑ යුතුය. මෙහිද කථාවස්තුව දතයුතුයි. සැවැත් නුවර එක් කෙළෙඹියෙකුගේ දුවගේ සැමියා ශාස්තෘන්වහන්සේගේ ධර්‍මය අසා මාවිසින් මේ ධර්‍මය ගිහිව පිරීමට නොහැකැයි එක්තරා පිණිඩපාතික තෙර කෙනකුන් සමීපයෙහි පැවිදි වූයේය. ඉක්බිති පසේනදි කොසොල් රජතෙමේ මෝ අස්වාමිකැයි දැන අතැවුරට ගෙන්වාගෙන එක්දිනක් එක් නිලුපුල් කලඹක් ගෙන අතැවුරට පිවිසියේ එක් එක් තැනැත්තියට එක් එක් නිලුපුලක් දෙවීය. මල් බෙදනුලබන කල්හි ඒ ස්ත්‍රියගේ අතට මල් දෙකක් ලැබිණ. ඕ සතුටු වූ ආකාරයක් දක්වා සිඹ හැඬීය. රජතෙමේ ඇයගේ දෙආකාරය දැක ඇය කැඳවා විමසුවේය. ඕ තමාගේ සතුටට කරුණද හැඬීමට කරුණද කීවාය. තෙවර දක්වා කීකල්හිද රජතෙමේ නොඅදහන්නේ දෙවැනි දවස්හි සියලු රජ නිවසෙහි සියලු මල්විලවුන් ආදියේ සුවඳ ඉවත් කරවා බුදුපාමොක් බික්සඟනට අසුන් පනවා බුදුපාමොක් බික්සඟනට මහදන්දී බත්කිස අවසන්හි කවරනම් තෙරුන්දැයි ඒ ස්ත්‍රියගෙන් අසා මෙතෙමේයි කීකල්හි ශාස්තෘන්වහන්සේ වැඳ ‘ස්වාමීනි, නුඹවහන්සේ සමඟ භික්‍ෂු සංඝයා යේවා! අපට අසුවල් තෙරුන්වහන්සේ අනුමෝදනා කරතැයි කීය. ශාස්තෘන්වහන්සේ ඒ භික්‍ෂුව නවත්වා විහාරයට වැඩිසේක. තෙරුන්වහන්සේ අනුමෝදනාව කීමට ඇරඹි කෙණෙහි සියලු රජ නිවෙස සුවඳින් පිරුණක් මෙන්විය. රජතුමා මොතොමෝ සත්‍යයක්ම කීවායයි පැහැදී පසුදිනයෙහි ශාස්තෘන්වහන්සේගෙන් ඒ කාරණය විමසීය. ශාස්තෘන්වහන්සේ ‘මෙතෙම අතීතයෙහි ධර්‍මකථා අසන්නේ සාධු සාධුයයි සාධුකාර පවත්වමින් මනාව ඇසීය. මහරජ, මොහු විසින් එය මුල්කොට මේ අනුසස් ලබනලදැ’යි ප්‍රකාශකළසේක.

“සද‍්ධම‍්මදෙසනාකාලෙ, සාධු සාධූති භාසතො; මුඛතො ජායතෙ ගන්‍ධො, උප‍්පලංව යථොදකෙ”ති.

සදහම් දෙසනකල්හි සාධූ සාධූයි කියන්නාගේ මුවින් සුවඳ උපදී. දියෙහි උපුලක් මෙනි.

සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති. ඉමස‍්මිං වග‍්ගෙ වට‍්ටමෙව කථිතං.

සියලු තන්හි සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමයි. මේ වර්‍ගයෙහි වෘත්තයම කියනලදි. රූපපාළිය නිමියේයි.

රූපාදිවග‍්ගවණ‍්ණනා.

පළමුවර්‍ගයයි.