යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ග්‍රන්ථ ආරම්භ කථා

“කරුණාසීතලහදයං, පඤ‍්ඤාපජ‍්ජොතවිහතමොහතමං; සනරාමරලොකගරුං, වන්‍දෙ සුගතං ගතිවිමුත‍්තං.

කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, නැණ පහනින් දුරුකරනලද මොහඳුරු ඇති, දෙවිමිනිසුන් සහිත ලොවට ගුරුවූ, (සසර) ගතියෙන් මිදුණු, සුගතවූ බුදුරජාණන්වහන්සේ වඳිමි.

“බුද‍්ධොපි බුද‍්ධභාවං, භාවෙත්‍වා චෙව සච‍්ඡිකත්‍වා ච; යං උපගතො ගතමලං, වන්‍දෙ තමනුත‍්තරං ධම‍්මං.

බුදුරජාණන්වහන්සේද බුදුබව වඩා පසක්ද කොට යම් දහමකට එළැඹිසේක්ද, ඒ ඉවත්වූ (කෙලෙස්) මල ඇති අනුත්තරවූ ධර්‍මය වඳිමි.

“සුගතස‍්ස ඔරසානං, පුත‍්තානං මාරසෙනමථනානං; අට‍්ඨන‍්නම‍්පි සමූහං, සිරසා වන්‍දෙ අරියසඞ‍්ඝං.

බුදුරජාණන්වහන්සේගේ ඖරස පුත්‍රවූ, මරසෙන් මඬින්නාවූ, අටදෙනාගේ සමූහයවූ ආර්‍ය්‍යසංඝයා සිරසින් නමදිමි.

“ඉති මෙ පසන‍්නමතිනො, රතනත‍්තයවන්‍දනාමයං පුඤ‍්ඤං; යං සුවිහතන‍්තරායො, හුත්‍වා තස‍්සානුභාවෙන.

මෙසේ පැහැදුණු සිත් ඇති මගේ තුනුරුවන් වැඳීමෙන් හටගත් යම් පිනක් වේද එහි අනුභාවයෙන් මනාව නසනලද අනතුරු ඇත්තෙම්

“එකකදුකාදිපටිමණ‍්ඩිතස‍්ස අඞ‍්ගුත‍්තරාගමවරස‍්ස; ධම‍්මකථිකපුඞ‍්ගවානං, විචිත‍්තපටිභානජනනස‍්ස.

ශ්‍රේෂ්ඨ ධර්‍මකථිකයන්ගේ ප්‍රතිභානය දනවන්නාවූ ඒකක දුකාදි (නිපාත) යෙන් ප්‍රතිමණ්ඩිතවූ උතුම් අංගුත්තරාගමයේ -

“අත්‍ථප‍්පකාසනත්‍ථං, අට‍්ඨකථා ආදිතො වසිසතෙහි; පඤ‍්චහි යා සඞ‍්ගීතා, අනුසඞ‍්ගීතා ච පච‍්ඡාපි.

අර්‍ත්‍ථය ප්‍රකාශකරනු සඳහා මුලින් පන්සියයක් රහතන්වහන්සේලා විසින් සංගායනා කරනලද පසුවද අනුසංගායනා කරනලද යම් අට්ඨකථාවක් වේද? එය,

“සීහළදීපං පන ආභතාථ වසිනා මහාමහින්‍දෙන; ඨපිතා සීහළභාසාය, දීපවාසීනමත්‍ථාය.

මිහිඳු මහරහතන්වහන්සේ විසින් හෙළදිවට ගෙනෙනලදි. ඉක්බිති (හෙළ)දිව් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා හෙළබසින් තබනලදී.

“අපනෙත්‍වාන තතොහං, සීහළභාසං මනොරමං භාසං; තන‍්තිනයානුච‍්ඡවිකං, ආරොපෙන‍්තො විගතදොසං.

මම එයින් හෙළබස ඉවත්කොට පෙළනයට අනුකූලවු, පහවූ දොස් ඇති මනරම් බසට නංවන්නෙමි.

“සමයං අවිලොමෙන‍්තො, ථෙරානං ථෙරවංසදීපානං; සුනිපුණවිනිච‍්ඡයානං, මහාවිහාරෙ නිවාසීනං.

ථෙරීයවංශයට පහන් බඳුවූ, මනාව නිපුණවූ, විනිශ්චය ඇති මහාවිහාරවාසී තෙරවරුන්ගේ දහම නොයික්මවමින්

“හිත්‍වා පුනප‍්පුනාගතමත්‍ථං, අත්‍ථං පකාසයිස‍්සාමි; සුජනස‍්ස ච තුට‍්ඨත්‍ථං, චිරට‍්ඨිතත්‍ථඤ‍්ච ධම‍්මස‍්ස.

සුදනන්ගේ සතුට සඳහාද, ධර්‍මයේ බොහෝකල් පැවැත්ම සඳහාද, නැවත නැවත පැමිණ ඇති අර්‍ත්‍ථය (පුනරුත් අරුත්) අත්හැර අර්‍ත්‍ථප්‍රකාශ කරමි.

“සාවත්‍ථිපභූතීනං, නගරානං වණ‍්ණනා කතා හෙට‍්ඨා; දීඝස‍්ස මජ‍්ඣිමස‍්ස ච, යා මෙ අත්‍ථං වදන‍්තෙන.

දීඝනිකායේද, මජ්ක්‍ධිමනිකායේද, අර්‍ත්‍ථප්‍රකාශ කරන මාවිසින් සාවත්‍ථි ආදී නගරයන්ගේ යම් වර්‍ණනාවක් කරන ලද්දේද,

“විත්‍ථාරවසෙන සුදං, වත්‍ථූනි ච තත්‍ථ යානි වුත‍්තානි; තෙසම‍්පි න ඉධ භිය්‍යො, විත්‍ථාරකථං කරිස‍්සාමි.

එහි යම් වස්තූන් විස්තර වශයෙන් කියන ලද්දේද මෙහි ඒවායේද බොහෝ විස්තර කථාව නොකරන්නෙමි.

“සුත‍්තානං පන අත්‍ථා, න විනා වත්‍ථූහි යෙ පකාසන‍්ති; තෙසං පකාසනත්‍ථං, වත්‍ථූනිපි දස‍්සයිස‍්සාමි.

වස්තූන්ගෙන් තොරව සූත්‍රයන්ගේ අර්‍ත්‍ථයෝ නොබබළත්, ඒවා ප්‍රකාශ කරනු සඳහා වස්තූන්ද දක්වන්නෙමි.

“සීලකථා ධුතධම‍්මා, කම‍්මට‍්ඨානානි චෙව සබ‍්බානි; චරියාවිධානසහිතො, ඣානසමාපත‍්තිවිත්‍ථාරො.

ශීලකථා ධුතධර්‍ම හා සියලු කර්‍මස්ථානද චර්යාවිධාන සහිතවූ ධ්‍යානසමාපත්ති විස්තරද

“සබ‍්බා ච අභිඤ‍්ඤායො, පඤ‍්ඤාසඞ‍්කලනනිච‍්ඡයො චෙව; ඛන්‍ධාධාතායතනින්‍ද්‍රියානි, අරියානි චෙව චත‍්තාරි.

සියලු අභිඥාවෝද ප්‍රඥාසංකලන විනිශ්චයද ස්කන්‍ධධාතු ආයතන ඉන්‍ද්‍රියයෝද සතර ආර්‍ය්‍යසත්‍යයෝද සුපිරිසිදුව නිපුණවූ නය ඇති ප්‍රත්‍යයාකාරදේශනාවද, නොබිඳුණු පෙළමඟ ඇති විදර්‍ශනාභාවනාවද,

“සච‍්චානි පච‍්චයාකාරදෙසනා සුපරිසුද‍්ධනිපුණනයා; අවිමුත‍්තතන‍්තිමග‍්ගා, විපස‍්සනාභාවනා චෙව.

“ඉති පන සබ‍්බං යස‍්මා, විසුද‍්ධිමග‍්ගෙ මයා සුපරිසුද‍්ධං; වුත‍්තං තස‍්මා භිය්‍යො, න තං ඉධ විචාරයිස‍්සාමි.

මෙසේ සුපිරිසුදුවූ සියල්ල මාවිසින් යම්හෙයකින් විසුද්ධිමාර්‍ගෙයහි කියනලද්දේද එහෙයින් එය මෙහි බහුල වශයෙන් නොවිමසන්නෙමි. ඒ විසුද්ධිමාර්‍ගය සතරනිකායයන්ගේ මැද සිට යම්සේ කියනලද අර්‍ත්‍ථය එහි ප්‍රකාශ කරයිද, එබැවින් මේ අට්ඨකථාවද සමඟ එයද ගෙන අඞ්ගුත්තර නිකාය ආශ්‍රිතවූ අර්‍ත්‍ථය දනිවු.

“මජ‍්ඣෙ විසුද‍්ධිමග‍්ගො, එස චතුන‍්නම‍්පි ආගමානඤ‍්හි; ඨත්‍වා පකාසයිස‍්සති, තත්‍ථ යථාභාසිතමත්‍ථං.

“ඉච‍්චෙව කතො තස‍්මා, තම‍්පි ගහෙත්‍වාන සද‍්ධිමෙතාය; අට‍්ඨකථාය විජානථ, අඞ‍්ගුත‍්තරනිස‍්සිතං අත්‍ථ”න‍්ති.

නිදානවණ‍්ණනා

නිදාන වර්‍ණනාව

තත්‍ථ අඞ‍්ගුත‍්තරාගමො නාම එකකනිපාතො දුකනිපාතො තිකනිපාතො චතුක‍්කනිපාතො පඤ‍්චකනිපාතො ඡක‍්කනිපාතො සත‍්තකනිපාතො අට‍්ඨකනිපාතො නවකනිපාතො දසකනිපාතො එකාදසකනිපාතොති එකාදස නිපාතා හොන‍්ති. සුත‍්තතො –

එහි අඞ්ගුත්තරාගමය නම් එකක නිපාතය, දුකනිපාතය, තිකනිපාතය, චතුක්කනිපාතය, පංචකනිපාතය, ඡක්කනිපාතය, සත්තකනිපාතය, අට්ඨකනිපාතය, නවකනිපාතය, දසකනිපාතය, එකාදසකනිපාතයයි, එකළොස්නිපාතයෝ වෙත්, සූත්‍ර වශයෙන්:

“නව සුත‍්තසහස‍්සානි, පඤ‍්ච සුත‍්තසතානි ච; සත‍්තපඤ‍්ඤාස සුත‍්තානි, හොන‍්ති අඞ‍්ගුත‍්තරාගමෙ”.

අඞ්ගුත්තරාගමයෙහි සූත්‍රයෝ නවදහස්පන්සිය පණස්සතක් වෙති.

තස‍්ස නිපාතෙසු එකකනිපාතො ආදි, සුත‍්තෙසු චිත‍්තපරියාදානසුත‍්තං. තස‍්සාපි “එවං මෙ සුත”න‍්තිආදිකං ආයස‍්මතා ආනන්‍දෙන පඨමමහාසඞ‍්ගීතිකාලෙ වුත‍්තං නිදානමාදි. සා පනෙසා පඨමමහාසඞ‍්ගීති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය ආදිම‍්හි විත්‍ථාරිතා, තස‍්මා සා තත්‍ථ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බා.

එහි නිපාතයන් අතුරෙන් එකකනිපාතය මුල්වේ. සූත්‍රයන් අතුරෙහි චිත්තපරියාදාන සූත්‍රය මුල් වේ. එහිද ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් විසින් ප්‍රථම මහා සංගීති අවස්ථාවෙහිදී කියනලද ‘එවං මෙ සුතං’ යනාදි කොට ඇති නිදානය මුල්වෙයි. ඒ මේ ප්‍රථම මහා සංගීතිය සුමංගල විලාසිනී නම්වූ දීඝනිකායට්ඨකථාව ආදියෙහි විස්තර කරන ලදී. එහෙයින් එය එහි විස්තර කරනලද ක්‍රමයෙන්ම දතයුතුය.

යං පනෙතං “එවං මෙ සුත”න‍්තිආදිකං නිදානං, තත්‍ථ එවන‍්ති නිපාතපදං, මෙතිආදීනි නාමපදානි. සාවත්‍ථියං විහරතීති එත්‍ථ වීති උපසග‍්ගපදං, හරතීති ආඛ්‍යාතපදන‍්ති ඉමිනා තාව නයෙන පදවිභාගො වෙදිතබ‍්බො.

යම් මේ එවං මෙ සුතං යනු මුල්කොට ඇති නිදානයක් වේද එහි එවං යනු නිපාත පදයෙකි. මෙ යනාදිය නාමපදයි. සාවර්‍ත්‍ථයංවිහරති යන මෙහි වි යනු උපසර්‍ග පදයකි. භරති යනු ආඛ්‍යාතපදයයි. මේ ක්‍රමයෙන් පදවිභාගය දතයුතුයි.

අත්‍ථතො පන එවංසද‍්දො තාව උපමූපදෙස-සම‍්පහංසන-ගරහණවචන-සම‍්පටිග‍්ගහාකාරනිදස‍්සනාවධාරණාදි-අනෙකත්‍ථප‍්පභෙදො. තථා හෙස “එවං ජාතෙන මච‍්චෙන, කත‍්තබ‍්බං කුසලං බහු”න‍්ති එවමාදීසු (ධ· ප· 53) උපමායං ආගතො. “එවං තෙ අභික‍්කමිතබ‍්බං, එවං තෙ පටික‍්කමිතබ‍්බ”න‍්තිආදීසු (අ· නි· 4.122) උපදෙසෙ. “එවමෙතං භගවා, එවමෙතං සුගතා”තිආදීසු (අ· නි· 3.66) සම‍්පහංසනෙ. “එවමෙවං පනායං වසලී යස‍්මිං වා තස‍්මිං වා තස‍්ස මුණ‍්ඩකස‍්ස සමණකස‍්ස වණ‍්ණං භාසතී”තිආදීසු (සං· නි· 1.187) ගරහණෙ. “එවං, භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසු”න‍්තිආදීසු (ම· නි· 1.1) වචනසම‍්පටිග‍්ගහෙ. “එවං බ්‍යාඛො අහං, භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමී”තිආදීසු (ම· නි· 1.398) ආකාරෙ. “එහි ත්‍වං, මාණවක, යෙන සමණො ආනන්‍දො තෙනුපසඞ‍්කම; උපසඞ‍්කමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡ – ‘සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භවන‍්තං ආනන්‍දං අප‍්පාබාධං…පෙ… ඵාසුවිහාරං පුච‍්ඡතී’ති, එවඤ‍්ච වදෙහි “සාධු කිර භවං ආනන්‍දො යෙන සුභස‍්ස මාණවස‍්ස තොදෙය්‍යපුත‍්තස‍්ස නිවෙසනං, තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා”තිආදීසු (දී· නි· 1.445) නිදස‍්සනෙ. “තං කිං මඤ‍්ඤථ, කාලාමා, ඉමෙ ධම‍්මා කුසලා වා අකුසලා වාති? අකුසලා, භන‍්තෙ. සාවජ‍්ජා වා අනවජ‍්ජා වාති? සාවජ‍්ජා, භන‍්තෙ. විඤ‍්ඤුගරහිතා වා විඤ‍්ඤුප‍්පසත්‍ථා වාති? විඤ‍්ඤුගරහිතා, භන‍්තෙ. සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති නො වා, කථං වො එත්‍ථ හොතීති? සමත‍්තා, භන‍්තෙ, සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති, එවං නො එත්‍ථ හොතී”තිආදීසු (අ· නි· 3.66) අවධාරණෙ. ස‍්වායමිධ ආකාරනිදස‍්සනාවධාරණෙසු දට‍්ඨබ‍්බො.

අර්‍ත්‍ථවශයෙන් වනාහි එවං ශබ්දය උපමා, උපදේශ, සම්ප්‍රහර්‍ෂණ (සතුට ප්‍රකාශ කිරීම) ගැරහීම, වචන පිළිගැනීම, ආකාරය, නිදර්‍ශනය, අවධාරණය කිරීම ආදී නොයෙක් අර්‍ත්‍ථප්‍රභේද ඇත්තේයි. එසේ එය, ‘එවං ජාතෙන මච්චේන කත්තබ්බං කුසලං බහුං’ යනාදියෙහි උපදේශයෙහියි. ‘එවමෙතං භගවා එවමෙතං සුගත’ යනාදියෙහි සතුට ප්‍රකාශ කිරීමෙහියි. ‘එවමෙතං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමනකස්ස වණ්ණං භාසති’ ආදියෙහි නින්දා කිරීමෙහියි. ‘එවම්හනේතති ඛො තෙ භික්‍ඛු භගවතො පච්චසේසාසුං’ යනාදියෙහි වදන් පිළිගැනීමෙහියි. ‘එවං ව්‍යා ඛො අහං භනේත භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යනාදියෙහි ආකාරයෙහියි. ‘එහි ත්‍ථං මානව යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමි. උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුහො මානවො තොදෙය්‍ය පුතේතා භවන්තං ආනන්‍ද අප්පාබාධංපෙ ඵාසු විහාරං පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්‍දො යෙන සුහස්ස මානවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදාය’ යනාදියෙහි නිදර්‍ශනයෙහිය. ‘ත්‍ථං කිං මඤ්ඤ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති අකුසලා භනේත. සාවජ්ජා වා අනවජ්ජා වාති සාවජ්ජා භනේත විඤ්ඤුගරහිතාවා විඤඤුප්පසත්‍ථා වාති විඤඤූගරහිතා භනේත සමත්තා සමාදින්නා අභිතාය දුක්‍ඛාය සංවත්තන්ති නොවා කථං වො එත්‍ථ හොතීති සමත්තා භනේත සමාදින්නා අභිතාය දුක්‍ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති’ යනාදියෙහි අවධාරණයෙහියි. ඒ මෙය මෙහි ආකාරයෙහි නිදර්‍ශනයෙහි හා අවධාරණයෙහි දැක්විය යුතුය.

තත්‍ථ ආකාරත්‍ථෙන එවංසද‍්දෙන එතමත්‍ථං දීපෙති – නානානයනිපුණං අනෙකජ‍්ඣාසයසමුට‍්ඨානං අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නං විවිධපාටිහාරියං ධම‍්මත්‍ථදෙසනාපටිවෙධගම‍්භීරං සබ‍්බසත‍්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච‍්ඡන‍්තං තස‍්ස භගවතො වචනං සබ‍්බප‍්පකාරෙන කො සමත්‍ථො විඤ‍්ඤාතුං, සබ‍්බථාමෙන පන සොතුකාමතං ජනෙත්‍වාපි එවං මෙ සුතං, මයාපි එකෙනාකාරෙන සුතන‍්ති.

එහි ආකාරාර්‍ත්‍ථය ඇති එවං ශබ්දයෙන් මේ අර්‍ත්‍ථය ප්‍රකට වෙයි; නොයක් නයින් නිපුණවූ, විවිධ අදහස්වලින් හටගත් අර්‍ත්‍ථ ව්‍යංජනයෙන් යුක්තවූ, විවිධ පෙළහර ඇති ධර්‍මාර්‍ත්‍ථදේශනා පටිවෙධයෙන් ගැඹුරුවූ, තම තමන්ගේ භාෂාවන්ට අනුරූපවශයෙන් ශ්‍රවණ පථයට එන්නාවූ ඒ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සර්‍වාකාරයෙන් දැනගන්නට කවරෙක් සමත්වේද, සියලු උත්සාහයෙන්ම අසනුකැමැත්ත උපදවාවුවද මේ ආකාරයෙන් මා විසින් අසනලදී. මාවිසිනුදු එක් ආකාරයකින් අසනලදී.

නිදස‍්සනත්‍ථෙන “නාහං සයම‍්භූ, න මයා ඉදං සච‍්ඡිකත”න‍්ති අත‍්තානං පරිමොචෙන‍්තො “එවං මෙ සුතං, මයාපි එවං සුත”න‍්ති ඉදානි වත‍්තබ‍්බං සකලං සුත‍්තං නිදස‍්සෙති.

නිදර්‍ශනාර්‍ත්‍ථයෙන් මම තෙමේම වටහාගන්නා ලද්දෙනොවෙමි. මාවිසින් මෙය ප්‍රත්‍යක්‍ෂ නොකරනලදැයි තමා (වගකීමේන්) මිදෙමින් මාවිසින් මෙසේ අසනලදී. මාවිසිනුදු මෙසේ අසනලදැයි දැන් කිවයුතු සියලු සූත්‍රය දක්වයි.

අවධාරණත්‍ථෙන “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතානං යදිදං ආනන්‍දො, සතිමන‍්තානං, ගතිමන‍්තානං, ධිතිමන‍්තානං, උපට‍්ඨාකානං යදිදං ආනන්‍දො”ති (අ· නි· 1.219, 223) එවං භගවතා, “ආයස‍්මා ආනන්‍දො අත්‍ථකුසලො ධම‍්මකුසලො බ්‍යඤ‍්ජනකුසලො නිරුත‍්තිකුසලො පුබ‍්බාපරකුසලො”ති (අ· නි· 5.169) එවං ධම‍්මසෙනාපතිනා ච පසත්‍ථභාවානුරූපං අත‍්තනො ධාරණබලං දස‍්සෙන‍්තො සත‍්තානං සොතුකාමතං ජනෙති “එවං මෙ සුතං, තඤ‍්ච ඛො අත්‍ථතො වා බ්‍යඤ‍්ජනතො වා අනූනමනධිකං, එවමෙව, න අඤ‍්ඤථා දට‍්ඨබ‍්බ”න‍්ති.

‘අවධාරණාර්‍ත්‍ථයෙන්, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්‍ඛුනං බහුස්සුතානං යදිදං ආනන්‍දො සතිමන්තානං ගතිමන්තානං ධිතිමන්තානං උපට්ඨාකානං යදිදං ආනන්‍දො’ යනුවෙන් මෙසේ භාග්‍යවතුන්වහන්සේ විසින්ද ‘ආයස්මා ආනන්‍දො’ අත්‍ථකුසලො ධම්මකුසලො බ්‍යංජනකුසලෝ නිරුත්තිකුසලො පුබ්බාපරකුසලො’ යනුවෙන් මෙසේ ධර්‍මසෙනාධිපතීන් වහන්සේ විසින් ද පසස්නාලද බවට අනුරූපවූ තමන්ගේ ධාරණ ශක්තිය දක්වන්නේ, ‘මාවිසින් අසනලදී: එයද, වනාහි අර්‍ත්‍ථවශයෙන් හෝ බ්‍යංජන වශයෙන් හෝ නොඅඩුය. නොවැඩිය. මෙසේ මිස අන්අයුරකින් නොදැක්විය යුතුය’ යි සත්වයන්ගේ අසනුකැමැත්ත දනවිය.

මෙසද‍්දො තීසු අත්‍ථෙසු දිස‍්සති. තථා හිස‍්ස “ගාථාභිගීතං මෙ අභොජනෙය්‍ය”න‍්තිආදීසු (සු· නි· 81; සං· නි· 1.194) මයාති අත්‍ථො. “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.88) මය‍්හන‍්ති අත්‍ථො. “ධම‍්මදායාදා මෙ, භික‍්ඛවෙ, භවථා”තිආදීසු (ම· නි· 1.29) මමාති අත්‍ථො. ඉධ පන “මයා සුත”න‍්ති ච, “මම සුත”න‍්ති ච අත්‍ථද‍්වයෙ යුජ‍්ජති.

‘මෙ’ ශබ්දය අර්‍ත්‍ථතුනෙක්හි දක්නාලැබේ. ‘ගාථාභිගීතං මෙ අහොජනෙය්‍යං’ යනාදියෙහි මාවිනිස් යන අර්‍ත්‍ථයි. ‘සාධු මෙ භනේත භගමා සංඛිතේතන ධම්මං දෙසෙතු’ යනාදියෙහි මට යන අර්‍ත්‍ථයයි. ‘ධම්මදායාදා මෙ භික්ඛවෙ භවං’ යනාදියෙහි මගේ යනාර්‍ත්‍ථයි. මෙහි වනාහි මාවිසින් අසන ලදැයිද මගේ ඇසීමයයිද, අර්‍ත්‍ථද්වයෙහි යෙදෙයි.

සුතන‍්ති අයං සුතසද‍්දො සඋපසග‍්ගො ච අනුපසග‍්ගො ච ගමන-විස‍්සුත-කිලින‍්නඋපචිතානුයොග-සොතවිඤ‍්ඤෙය්‍ය-සොතද‍්වාරානුසාරවිඤ‍්ඤාතාදිඅනෙකත්‍ථප‍්පභෙදො. තථා හිස‍්ස – “සෙනාය පසුතො”තිආදීසු ගච‍්ඡන‍්තොති අත්‍ථො. “සුතධම‍්මස‍්ස පස‍්සතො”තිආදීසු (උදා· 11) විස‍්සුතධම‍්මස‍්සාති අත්‍ථො. “අවස‍්සුතා අවස‍්සුතස‍්සා”තිආදීසු (පාචි· 657) කිලින‍්නාකිලින‍්නස‍්සාති අත්‍ථො. “තුම‍්හෙහි පුඤ‍්ඤං පසුතං අනප‍්පක”න‍්තිආදීසු (ඛු· පා· 7-12) උපචිතන‍්ති අත්‍ථො. “යෙ ඣානප‍්පසුතා ධීරා”තිආදීසු (ධ· ප· 181) ඣානානුයුත‍්තාති අත්‍ථො. “දිට‍්ඨං සුතං මුත”න‍්තිආදීසු (ම· නි· 1.241) සොතවිඤ‍්ඤෙය්‍යන‍්ති අත්‍ථො. “සුතධරො සුතසන‍්නිචයො”තිආදීසු (ම· නි· 1.339) සොතද‍්වාරානුසාරවිඤ‍්ඤාතධරොති අත්‍ථො. ඉධ පනස‍්ස සොතද‍්වාරානුසාරෙන උපධාරිතන‍්ති වා උපධාරණන‍්ති වාති අත්‍ථො. මෙ-සද‍්දස‍්ස හි මයාති අත්‍ථෙ සති “එවං මයා සුතං සොතද‍්වාරානුසාරෙන උපධාරිත”න‍්ති යුජ‍්ජති. මමාති අත්‍ථෙ සති “එවං මම සුතං සොතද‍්වාරානුසාරෙන උපධාරණ”න‍්ති යුජ‍්ජති.

සුතං යන මේ සුත ශබ්දය උපසර්‍ග සහිතවූයේද උපසර්‍ග රහිතවූයේද, ගමන, ප්‍රසිද්ධ, තෙත්, රැස්කළ, යෙදීම, කනින් දතයුතු, ශ්‍රොතද්වාරානුසාරයෙන් දන්නාලද යනාදී නොයෙක් අර්‍ත්‍ථප්‍රභෙද ඇත්තේයි. එහෙයින්ම මෙම ශබ්දයාගේ, ‘සෙනාය පසුතො’ යනාදි තන්හි ගමන්කරන්නේ යන අර්‍ත්‍ථයි. ‘සුතධම්මස්ස’ පස්සතො යනාදි තන්හි ප්‍රකට ධර්‍මයාගේ යානාර්‍ත්‍ථයි. ‘අවස්සුතානවස්සුතස්ස’ යනාදී තන්හි තෙත් වූ නොතෙත්වූවහුගේ යන අර්‍ත්‍ථයි. ‘තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං’ යනාදි තන්හි රැස්කළ යන අර්‍ත්‍ථයි. ‘යෙ ඣනපසුතා ධීරා’ යනාදි තන්හි ධ්‍යානයෙහි යෙදුණු යන අර්‍ත්‍ථයි. ‘දිට්ඨං සුතං මුතං’ යනාදි තන්හි ශ්‍රොතවිඥනයෙන් දතයුතු යන අර්‍ත්‍ථයි ‘සුතධරො සුතසන්නිචයො’ යනාදි තන්හි ශ්‍රොතද්වාරානුසාරයෙන් දතයුතු දේ දරන්නාවූ යන අර්‍ත්‍ථයි. මෙහි වනාහි මේ (සුත ශබ්දයාගේ) ශ්‍රොතද්වාරානුසාරයෙන් සලකාබැලූ හෝ සලකා බැලීම හෝ යන අර්‍ත්‍ථයි. ‘මෙ’ ශබ්දයට මා විසින් යන අර්‍ත්‍ථය ඇති කල්හි මෙසේ මාවිසින් අසනලදී, ශ්‍රොතද්වාරානුසාරයෙන් සලකා බලනලදි යනු යෙදෙයි. මගේ යන අර්‍ත්‍ථය ඇති කල්හි මෙසේ මගේ ඇසීමයි, ශ්‍රොතද්වාරානුසාරයෙන් සලකා බැලීමයි යනු යෙදෙයි.

එවමෙතෙසු තීසු පදෙසු එවන‍්ති සොතවිඤ‍්ඤාණාදිවිඤ‍්ඤාණකිච‍්චනිදස‍්සනං. මෙති වුත‍්තවිඤ‍්ඤාණසමඞ‍්ගිපුග‍්ගලනිදස‍්සනං. සුතන‍්ති අස‍්සවනභාවපටික‍්ඛෙපතො අනූනාධිකාවිපරීතග‍්ගහණනිදස‍්සනං. තථා එවන‍්ති තස‍්සා සොතද‍්වාරානුසාරෙන පවත‍්තාය විඤ‍්ඤාණවීථියා නානප‍්පකාරෙන ආරම‍්මණෙ පවත‍්තභාවප‍්පකාසනං. මෙති අත‍්තප‍්පකාසනං. සුතන‍්ති ධම‍්මප‍්පකාසනං. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපො – “නානප‍්පකාරෙන ආරම‍්මණෙ පවත‍්තාය විඤ‍්ඤාණවීථියා මයා න අඤ‍්ඤං කතං, ඉදං පන කතං, අයං ධම‍්මො සුතො”ති.

මෙසේ මේ තුන්පදයන් අතුරෙන් ‘එවං’ යනු ශ්‍රොතවඥනාදී විඥානකෘත්‍යය දැක්වීමයි. ‘මෙ’ යනු කියනලද විඥානයෙන් යුක්ත පුද්ගලයා දැක්වීමයි. ‘සුතං’ යනු නොඅසනබව පිළිකෙව් කිරීමෙන් නොඅඩුව නොවැඩිව මුළානොවී ග්‍රහණය කිරීම දැක්වීමයි. එසේම, ‘එවං’ යනු ඒ ශ්‍රොතදවාරානුසාරයෙන් පැවැතුණු විඥනවීථියේ නොයෙක් අයුරින් අරමුණෙහි පැවතිබව පැවසීමයි. ‘මෙ’ යනු ආත්මප්‍රකාශනයයි. ‘සුතං’ යනු ධර්‍මප්‍රකාශනයයි. ‘නොයෙක් අයුරින් අරමුණෙහි පැවති චිත්තවිථියෙන් මවිසින් වෙනෙකක් නොකරනලදී. මෙය පමණක් කරනලදී. මේධර්‍මය අසනලද්දේය යන මෙය මෙහි සංක්‍ෂපයයි.

තථා එවන‍්ති නිද‍්දිසිතබ‍්බප‍්පකාසනං. මෙති පුග‍්ගලප‍්පකාසනං. සුතන‍්ති පුග‍්ගලකිච‍්චප‍්පකාසනං. ඉදං වුත‍්තං හොති – යං සුත‍්තං නිද‍්දිසිස‍්සාමි, තං මයා එවං සුතන‍්ති.

එසේම ‘එවං’ යනු නිර්දේශ කළයුතු දෙය පැවසීමයි. ‘මෙ’ යනු පුද්ගලයා පැවසීමයි. ‘සුතං’ යනු පුද්ගලකාර්‍ය්‍යය පැවසීමයි. යම් සූත්‍රයක් දක්වන්නෙම්ද එය මවිසින් මෙසේ අසනලදී යන මෙය කියනලද්දේවෙයි.

තථා එවන‍්ති යස‍්ස චිත‍්තසන‍්තානස‍්ස නානාකාරප‍්පවත‍්තියා නානත්‍ථබ්‍යඤ‍්ජනග‍්ගහණං හොති, තස‍්ස නානාකාරනිද‍්දෙසො. එවන‍්ති හි අයං ආකාරපඤ‍්ඤත‍්ති. මෙති කත‍්තුනිද‍්දෙසො. සුතන‍්ති විසයනිද‍්දෙසො. එත‍්තාවතා නානාකාරප‍්පවත‍්තෙන චිත‍්තසන‍්තානෙන තංසමඞ‍්ගිනො කත‍්තු විසයෙ ගහණසන‍්නිට‍්ඨානං කතං හොති.

එසේම, ‘එවං’ යනු යම් චිත්තසන්තානයක නොයෙක් අයුරින් පැවතීමෙන් නොයෙක් අර්‍ත්‍ථබ්‍යංජන ගැනීමෙක්වේද එහි නොයෙක්ආකාර දැක්වීමයි. ‘එවං’ යන මෙ ආකාර පැනවීමයි. ‘මෙ’ යනු කරන්නා දැක්වීමයි. ‘සුත’ යනු විෂයනිර්‍දෙශයයි. මෙපමණකින් නොයෙක් ආකාරයෙන් පැවැති චිත්තසන්තානයෙන් එයින් යුක්තවූ කර්‍තෘ විෂයෙහි ගැනීම සනිටුහන් කරනලද්දේවෙයි.

අථ වා එවන‍්ති පුග‍්ගලකිච‍්චනිද‍්දෙසො. සුතන‍්ති විඤ‍්ඤාණකිච‍්චනිද‍්දෙසො. මෙති උභයකිච‍්චයුත‍්තපුග‍්ගලනිද‍්දෙසො. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – මයා සවනකිච‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිනා පුග‍්ගලෙන විඤ‍්ඤාණවසෙන ලද‍්ධසවනකිච‍්චවොහාරෙන සුතන‍්ති.

එසේ නැතහොත් ‘එවං’ යනු පුද්ගල කෘත්‍යනිර්දේශයයි. ‘සුත’ යනු විඥනකෘත්‍යනිර්දේශයයි. ‘මෙ’ යනු උභයකෘත්‍යෙයන් යුක්ත පුද්ගල නිර්දේශයයි. ‘ශ්‍රවණකෘත්‍යවිඥානයෙන් සමන්විත පුද්ගලයාවූ මාවිසින් විඥාන වශයෙන් ලබනලද ශ්‍රවණකෘත්‍ය ව්‍යවහාරයෙන් අසනලදී’ යන මෙය මෙහි සංක්‍ෂපයයි.

තත්‍ථ එවන‍්ති ච මෙති ච සච‍්චිකට‍්ඨපරමත්‍ථවසෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති. කිඤ‍්හෙත්‍ථ තං පරමත්‍ථතො අත්‍ථි, යං එවන‍්ති වා මෙති වා නිද‍්දෙසං ලභෙථ. සුතන‍්ති විජ‍්ජමානපඤ‍්ඤත‍්ති. යඤ‍්හි තං එත්‍ථ සොතෙන උපලද‍්ධං, තං පරමත්‍ථතො විජ‍්ජමානන‍්ති. තථා එවන‍්ති ච මෙති ච තං තං උපාදාය වත‍්තබ‍්බතො උපාදාපඤ‍්ඤත‍්ති. සුතන‍්ති දිට‍්ඨාදීනි උපනිධාය වත‍්තබ‍්බතො උපනිධාපඤ‍්ඤත‍්ති.

එහි ‘එවං’ යනුද ‘මෙ’ මේ යනුද ප්‍රත්‍යක්‍ෂ කළ පරමාර්‍ත්‍ථ වශයෙන් අවිද්‍යමානප්‍රඥප්තියි. මෙහි කුමක්නම් පරමාර්‍ත්‍ථ වශයෙන් අවිද්‍යමානප්‍රඥප්තියි. මෙහි කුමක්නම් පරමාර්‍ත්‍ථවශයෙන් ඇත්ද ඒමෙය මෙසේ හෝ මාවිසින් හෝයි නිර්දේශය ලබන්නේය. ‘මෙහි යමක් කණින් ලබනලද්දේද එය පරමාර්‍ත්‍ථවශයෙන් විද්‍යමානය’යි ‘සුතං’ යනු විද්‍යාමානප්‍රඥප්තියි. එසේම ‘එවං’ යනුද ‘මෙ’ යනුද ඒ ඒ දෙය ගෙන කිවයුතු බැවින් උපාදාය ප්‍රඥප්තිය. ‘සුතං’ යනු දෘෂ්ටි ආදිය සමාන කොට කිවයුතු බැවින් උපනිධායප්‍රඥප්තියි.

එත්‍ථ ච එවන‍්ති වචනෙන අසම‍්මොහං දීපෙති. න හි සම‍්මූළ‍්හො නානප‍්පකාරපටිවෙධසමත්‍ථො හොති. සුතන‍්ති වචනෙන සුතස‍්ස අසම‍්මොසං දීපෙති. යස‍්ස හි සුතං සම‍්මුට‍්ඨං හොති, න සො කාලන‍්තරෙන මයා සුතන‍්ති පටිජානාති. ඉච‍්චස‍්ස අසම‍්මොහෙන පඤ‍්ඤාසිද‍්ධි, අසම‍්මොසෙන පන සතිසිද‍්ධි. තත්‍ථ පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමාය සතියා බ්‍යඤ‍්ජනාවධාරණසමත්‍ථතා, සතිපුබ‍්බඞ‍්ගමාය පඤ‍්ඤාය අත්‍ථපටිවෙධසමත්‍ථතා. තදුභයසමත්‍ථතායොගෙන අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නස‍්ස ධම‍්මකොසස‍්ස අනුපාලනසමත්‍ථතො ධම‍්මභණ‍්ඩාගාරිකත‍්තසිද‍්ධි.

මෙහිද ‘එවං’ යන වචනයෙන් මුළානොවීම දක්වයි. මුළාවූ තැනැත්තේ නොයෙක් ආකාරයෙන් වටහාගැනීමෙහි සමර්‍ත්‍ථයෙක් නොවේ. ‘සුතං’ යන වචනයෙන් අසනලද්දෙහි සිහි ඇති බව දක්වයි. යමෙකුගේ අසනලද්ද සිහි නැතිවූයේ (අමතකවූයේ) වෙයිද හෙතෙම කාලාන්තරයෙහි (කල්ගතවීමෙන්) මා විසින් අසනලදැයි නොදනී. මෙසේ ඔහුට සිහි නොමුළාවෙන්ම ප්‍රඥසිද්ධියවේ. නොමුළාවෙන් සතිසිද්ධියවේ. එහි ප්‍රඥපූර්‍වාංගම වූ ප්‍රඥාපූර්‍වාංගමවූ සිහියෙන් බ්‍යංජනාවධාරණය කිරීමේ සමර්‍ත්‍ථතාව වේ. ඒ සතිය පූර්‍වාංගමවූ ප්‍රඥාවෙන් අර්‍ත්‍ථප්‍රතිවේධ සමර්‍ත්‍ථතාව වේ. ඒ දෙවැදෑරුම් සමර්‍ත්‍ථතායෝගයෙන් අර්‍ත්‍ථව්‍යංජනයන්ගෙන් යුක්තවූ ධර්‍මකොෂය රැකීමේ සමත්කමින් ධර්‍මභාණ්ඩාගාරිකබවෙහි පූර්‍ණත්ය වේ.

අපරො නයො – එවන‍්ති වචනෙන යොනිසො මනසිකාරං දීපෙති, අයොනිසො මනසිකරොතො හි නානප‍්පකාරපටිවෙධාභාවතො. සුතන‍්ති වචනෙන අවික‍්ඛෙපං දීපෙති, වික‍්ඛිත‍්තචිත‍්තස‍්ස සවනාභාවතො. තථා හි වික‍්ඛිත‍්තචිත‍්තො පුග‍්ගලො සබ‍්බසම‍්පත‍්තියා වුච‍්චමානොපි “න මයා සුතං, පුන භණථා”ති භණති. යොනිසො මනසිකාරෙන චෙත්‍ථ අත‍්තසම‍්මාපණිධිං පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතං සාධෙති සම‍්මා අප‍්පණිහිතත‍්තස‍්ස පුබ‍්බෙ අකතපුඤ‍්ඤස‍්ස වා තදභාවතො. තථා අවික‍්ඛෙපෙන සද‍්ධම‍්මස‍්සවනං සප‍්පුරිසූපනිස‍්සයඤ‍්ච සාධෙති. න හි වික‍්ඛිත‍්තචිත‍්තො සොතුං සක‍්කොති, න ච සප‍්පුරිසෙ අනුපස‍්සයමානස‍්ස සවනං අත්‍ථීති.

වෙනත් ක්‍රමයක්දවේ. ‘එවං’ යන වචනයෙන් යොනිසොමනසිකාරය දක්වයි. නුණුවනින් සිහිකරන්නාට නොයෙක් ආකාරයෙන් වැටහීම නොවනබැවිනි. ‘සුතං’ යන වචනයෙන් අවික්‍ෂෙපය (නොවිසුරුණුබව) දක්වයි. විසුරුණු සිතැත්තාට ඇසීමක් නොවනබැවිනි. එසේම වික්‍ෂිප්ත සිත්ඇති පුද්ගලයා සියලු සැපතින් කියනු ලබනකල්හි (සියලුසැපත් දෙමැසි කියනවිට) ද, ‘මා විසින් නොඅසනලදි යළි කියන්නැ’යි කියයි. මෙහි යොනිසෝමනසිකාරයෙන් තමාගේ මනා ප්‍රාර්‍ත්‍ථනාද පෙරකළ පින් ඇතිබවද සාධනය කරයි. මනා ප්‍රාර්‍ත්‍ථනාවන්හි නොපිහිටියකුට හෝ නොකළපින් ඇත්තෙකුට හෝ එය නොමැතිබැවිනි. එසේම අවික්‍ෂෙපයෙන් සද්ධර්‍මශ්‍රවණයද සත්පුරුෂාශ්‍රයද සිද්ධකරවයි. වික්‍ෂිප්ත වූයේ ඇසීමට නොහැක්කේයි සත්පුරුෂයන් ඇසුරුනොකරන්නාට (ධර්‍ම) ශ්‍රවණයක් නැත.

අපරො නයො – යස‍්මා “එවන‍්ති යස‍්ස චිත‍්තසන‍්තානස‍්ස නානාකාරප‍්පවත‍්තියා නානත්‍ථබ්‍යඤ‍්ජනග‍්ගහණං හොති, තස‍්ස නානාකාරනිද‍්දෙසො”ති වුත‍්තං. සො ච එවං භද‍්දකො ආකාරො න සම‍්මා අප‍්පණිහිතත‍්තනො පුබ‍්බෙ අකතපුඤ‍්ඤස‍්ස වා හොති, තස‍්මා එවන‍්ති ඉමිනා භද‍්දකෙනාකාරෙන පච‍්ඡිමචක‍්කද‍්වයසම‍්පත‍්තිමත‍්තනො දීපෙති. සුතන‍්ති සවනයොගෙන පුරිමචක‍්කද‍්වයසම‍්පත‍්තිං. න හි අප‍්පතිරූපදෙසෙ වසතො සප‍්පුරිසූපනිස‍්සයවිරහිතස‍්ස වා සවනං අත්‍ථි. ඉච‍්චස‍්ස පච‍්ඡිමචක‍්කද‍්වයසිද‍්ධියා ආසයසුද‍්ධි සිද‍්ධා හොති, පුරිමචක‍්කද‍්වයසිද‍්ධියා පයොගසුද‍්ධි. තාය ච ආසයසුද‍්ධියා අධිගමබ්‍යත‍්තිසිද‍්ධි, පයොගසුද‍්ධියා ආගමබ්‍යත‍්තිසිද‍්ධි. ඉති පයොගාසයසුද‍්ධස‍්ස ආගමාධිගමසම‍්පන‍්නස‍්ස වචනං අරුණුග‍්ගං විය සූරියස‍්ස උදයතො, යොනිසො මනසිකාරො විය ච කුසලකම‍්මස‍්ස, අරහති භගවතො වචනස‍්ස පුබ‍්බඞ‍්ගමං භවිතුන‍්ති ඨානෙ නිදානං ඨපෙන‍්තො එවං මෙ සුතන‍්තිආදිමාහ.

අනෙක් ක්‍රමයකි: යම් හෙයකින් එවං යනු යම් චිත්තසන්තානයක නොයෙක්ආකාර පැවතීමෙන් නානාඅර්‍ත්‍ථව්‍යංජන ගැනීමක්වේද එයට නොයෙක් ආකාර දැක්වීමයයි කියනලදී. ඒ මෙබඳුවූ යහපත් ආකාරයක් මනාපැතුමින් නොපිහිටි තැනැත්තාට හෝ පෙර නොකළ පින්ඇත්තාට හෝ නොවේ. එබැවින් එවං (මෙසේ) යන යහපත් ආකාරයෙන් තමාගේ පැසුළු චක්‍රද්වයසම්පත්තිය දක්වයි. සුතං යනු ශ්‍රවණයෝගයෙන් පළමු චක්‍රද්වයසම්පත්තියයි. නොසුදුසු දේශයක වසන්නාට හෝ සත්පුරුෂ ආශ්‍රයක් නැත්තාට හෝ (ධර්‍ම) ශ්‍රවණයක් නැත. මෙසේ ඔහුගේ පැසුළු චක්‍රද්වය සිද්ධියෙන් ආසයසුද්ධිය සිද්ධවූයේවෙයි. පළමුචක්‍රද්වය සිද්ධියෙන් පයෝගසුද්ධිය වූයේවෙයි. ඒ ආසයසුද්ධියෙන්ද අධිගමව්‍යත්ති සිද්ධියවෙයි. පයොගසුද්ධියෙන් ආගමව්‍යත්තිසිද්ධිය වෙයි. මෙසේ පයොගාසයසුද්ධිය ඇති ආගමාධිගමයෙන් යුක්තවූවහුගේ වචනය නැගෙනහිරුට අරුණඅග මෙන්ද කුශලකර්‍මයට යොනිසොමනසිකාරය මෙන්ද භාග්‍යවතුන්වහන්සේගේ වචනයට පූර්‍වාංගමවීමට සුදුසුවේනුයි ස්ථානයෙහි නිදානය තබමින් එවං මෙ සුතං යනාදිය කීහ.

අපරො නයො – එවන‍්ති ඉමිනා නානප‍්පකාරපටිවෙධදීපකෙන වචනෙන අත‍්තනො අත්‍ථපටිභානපටිසම‍්භිදාසම‍්පත‍්තිසබ‍්භාවං දීපෙති. සුතන‍්ති ඉමිනා සොතබ‍්බභෙදපටිවෙධදීපකෙන වචනෙන ධම‍්මනිරුත‍්තිපටිසම‍්භිදාසම‍්පත‍්තිසබ‍්භාවං. එවන‍්ති ච ඉදං යොනිසො මනසිකාරදීපකවචනං භාසමානො “එතෙ මයා ධම‍්මා මනසා අනුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා”ති දීපෙති. සුතන‍්ති ඉදං සවනයොගදීපකවචනං භාසමානො “බහූ මයා ධම‍්මා සුතා ධාතා වචසා පරිචිතා”ති දීපෙති. තදුභයෙනපි අත්‍ථබ්‍යඤ‍්ජනපාරිපූරිං දීපෙන‍්තො සවනෙ ආදරං ජනෙති. අත්‍ථබ්‍යඤ‍්ජනපරිපුණ‍්ණං හි ධම‍්මං ආදරෙන අස‍්සුණන‍්තො මහතා හිතා පරිබාහිරො හොතීති ආදරං ජනෙත්‍වා සක‍්කච‍්චං ධම‍්මො සොතබ‍්බොති.

අනෙක් ක්‍රමයෙකි: එවං යන නානාආකාර ප්‍රතිවෙධයන් ප්‍රකට කෙරෙන වචනයෙන් තමාගේ අත්‍ර්‍තප්‍රතිහාන ප්‍රතිසංවිද්සම්පත්ති ඇතිබව ප්‍රකටකරයි. සුතං යන මේ ශ්‍රොතප්‍රභේද ප්‍රතිවේධ දීපකවූ වචනයෙන් ධර්‍මනිරුක්ති ප්‍රතිසංවිද්සම්පත්ති ඇතිබව ප්‍රකටකරයි. එවං යන මේ යොනිසො මනසිකාරය හඟවන්නාවූ වචනය කියනුලබන්නේ ‘මා විසින් මේ ධර්‍මයෝ මනසින් විමසාබලන ලදහ, දෘෂ්ටියෙන් මනාව වටහාගන්නා ලදහ’යි ප්‍රකට කෙරෙයි. සුතං යන ශ්‍රවණයෝගය හඟවන වචනය කියනුලබන්නේ ‘මා විසින් බොහෝ ධර්‍මයෝ අසනලදහ; දරනලදහ වචනයෙන් පුරුදුකරන ලදහ’යි හඟවයි. ඒ දෙකින්ම අර්‍ත්‍ථව්‍යංජන පූර්‍ණත්වය හඟවන්නේ ඇසීමෙහි ආදරය ඇතිකරවයි. අර්‍ත්‍ථව්‍යංජන යන්ගෙන් සපිරිණුධර්‍මය ආදරින් නොඅසන්නා මහත් වූ හිතවැඩින් පරිබාහිරවූයේයයි ආදරය ඇතිකොටගෙන සකසා ධර්‍මය ඇසියයුතුය.

එවං මෙ සුතන‍්ති ඉමිනා පන සකලෙන වචනෙන ආයස‍්මා ආනන්‍දො තථාගතප‍්පවෙදිතං ධම‍්මං අත‍්තනො අදහන‍්තො අසප‍්පුරිසභූමිං අතික‍්කමති, සාවකත‍්තං පටිජානන‍්තො සප‍්පුරිසභූමිං ඔක‍්කමති. තථා අසද‍්ධම‍්මා චිත‍්තං වුට‍්ඨාපෙති, සද‍්ධම‍්මෙ චිත‍්තං පතිට‍්ඨාපෙති. “කෙවලං සුතමෙවෙතං මයා, තස‍්සෙව පන භගවතො වචන”න‍්ති දීපෙන‍්තො අත‍්තානං පරිමොචෙති, සත්‍ථාරං අපදිසති, ජිනවචනං අප‍්පෙති, ධම‍්මනෙත‍්තිං පතිට‍්ඨාපෙති.

‘එවං මෙ සුතං’ යන මේ සියලු වචනයෙන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන්වහන්සේ තථාගතයන්වහන්සේ විසින් අවබෝධ කරනලද ධර්‍මය තමන්ගේ දහමක්ලෙස නොපිළිගන්නාහු අසත්පුරුෂභූමිය ඉක්මවති. ශ්‍රාවකබව පිළිගනිමින් සත්පුරුෂභූමියට එළැඹෙති. එසේම අසත්ධර්‍මයෙන් සිත ඔසවාලති. සදහම්හි සිතපිහිටුවාලති. හුදෙක් මෙය මා විසින් අසනලද්දේමය. ඒ භාග්‍යවතුන්වහන්සේගේම වචනයයි. පළටකරන්නේ තමා මිදෙති. ශාස්තෘන්වහන්සේ සාක්‍ෂ්‍යකොට දක්වති. ජිනවචනය නංවාලති. ධර්‍මයේ මාර්‍ගදේශකත්වය ප්‍රතිෂ්ඨාපනය කරති.

අපිච “එවං මෙ සුත”න‍්ති අත‍්තනා උප‍්පාදිතභාවං අප‍්පටිජානන‍්තො පුරිමවචනං විවරන‍්තො “සම‍්මුඛා පටිග‍්ගහිතමිදං මයා තස‍්ස භගවතො චතුවෙසාරජ‍්ජවිසාරදස‍්ස දසබලධරස‍්ස ආසභට‍්ඨානට‍්ඨායිනො සීහනාදනාදිනො සබ‍්බසත‍්තුත‍්තමස‍්ස ධම‍්මිස‍්සරස‍්ස ධම‍්මරාජස‍්ස ධම‍්මාධිපතිනො ධම‍්මදීපස‍්ස ධම‍්මසරණස‍්ස සද‍්ධම‍්මවරචක‍්කවත‍්තිනො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස වචනං, න එත්‍ථ අත්‍ථෙ වා ධම‍්මෙ වා පදෙ වා බ්‍යඤ‍්ජනෙ වා කඞ‍්ඛා වා විමති වා කත‍්තබ‍්බා”ති සබ‍්බදෙවමනුස‍්සානං ඉමස‍්මිං ධම‍්මෙ අස‍්සද‍්ධියං විනාසෙති, සද‍්ධාසම‍්පදං උප‍්පාදෙති. තෙනෙතං වුච‍්චති –

තවද, ‘එවං මෙ සුතං’ යනුවෙන් තමා විසින් උපදවන ලද බව නොපිළිගන්නේ පළමු අසීම එළි දක්වන්නේ මා විසින් මෙය ඒ භාග්‍යවත්වූ චතුවෛශාරද්‍යයෙන් විශාරදවූ, දශබලධරන්නාවූ, ශ්‍රෙෂ්ඨස්ථානයෙහි සිටියාවූ, සිංහනාද සමානනාද ඇත්තාවූ, සියලු සත්‍වයන්ට උත්තමවූ, ධර්‍මෙශ්වරවූ, ධර්‍මරාජවූ ධර්‍මාධිපතිවූ, ධර්‍මද්වීපවූ, ධර්‍මප්‍රතිෂ්ඨාවූ, සද්ධර්‍මවර චක්‍රවර්තීවූ, සම්මාසම්බුදුරජාණන්වහන්සේගේ සම්මුඛයෙන් පිළිගන්නාලදී. මෙහි අර්‍ත්‍ථයෙහි හෝ ධර්‍මයෙහි හෝ පදයෙහි හෝ ව්‍යංජනයෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකළයුතුයයි සියලු දෙවිමිනිසුන්ගේ මේ ධර්‍මවිනයෙහි අශ්‍රද්ධාව විනාශකරති. ශ්‍රද්ධාසම්පත්තිය උපදවාලති. එහෙයින් මෙය කියනුලැබේ.

“විනාසයති අස‍්සද‍්ධං, සද‍්ධං වඩ‍්ඪෙති සාසනෙ; එවං මෙ සුතමිච‍්චෙවං, වදං ගොතමසාවකො”ති.

‘එවං මෙ සුතං යනුවෙන් මෙසේ කියන්නා වූ ගෞතම බුද්ධශ්‍රාවක තෙමේ සසුනෙහි අශ්‍රද්ධාව වනසයි. ශ්‍රද්ධාව වඩවයි.’

එකන‍්ති ගණනපරිච‍්ඡෙදනිද‍්දෙසො. සමයන‍්ති පරිච‍්ඡින‍්නනිද‍්දෙසො. එකං සමයන‍්ති අනියමිතපරිදීපනං. තත්‍ථ සමයසද‍්දො –

එකං යනු සංඛ්‍යාසීමාව නිර්දේශ කිරීමයි. සමයං යනු කාලය වෙන්කිරීමේ නිර්දේශයයි. එකං සමයං යනු අවිනිශ්චිතාර්‍ත්‍ථය දැක්වීමයි. එහි සමය ශබ්දය;

“සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට‍්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස‍්සති”.

‘සමවායයෙහි (එක්වීමෙහි) ක්‍ෂණයෙහි (අවස්ථාවෙහි) කාලයෙහි සමූහයෙහි, හේතුවෙහි, දෘෂ්ටියෙහි, ප්‍රතිලාභයෙහි, ප්‍රහාණ කිරීමෙහි හා ප්‍රතිවෙධයෙහි (අවබෝධ කිරීමෙහි) ද දක්නා ලැබේ.’

තථා හිස‍්ස “අප‍්පෙව නාම ස‍්වෙපි උපසඞ‍්කමෙය්‍යාම කාලඤ‍්ච සමයඤ‍්ච උපාදායා”ති එවමාදීසු (දී· නි· 1.447) සමවායො අත්‍ථො. “එකොව ඛො, භික‍්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසායා”තිආදීසු (අ· නි· 8.29) ඛණො. “උණ‍්හසමයො පරිළාහසමයො”තිආදීසු (පාචි· 358) කාලො. “මහාසමයො පවනස‍්මි”න‍්තිආදීසු (දී· නි· 2.332) සමූහො. “සමයොපි ඛො තෙ භද‍්දාලි අප‍්පටිවිද‍්ධො අහොසි, භගවා ඛො සාවත්‍ථියං විහරති, භගවාපි මං ජානිස‍්සති ‘භද‍්දාලි නාම භික‍්ඛු සත්‍ථු සාසනෙ සික‍්ඛාය අපරිපූරකාරී’ති, අයම‍්පි ඛො තෙ, භද‍්දාලි, සමයො අප‍්පටිවිද‍්ධො අහොසී”තිආදීසු (ම· නි· 2.135) හෙතු. “තෙන ඛො පන සමයෙන උග‍්ගාහමානො පරිබ‍්බාජකො සමණමුණ‍්ඩිකාපුත‍්තො සමයප‍්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලකෙ මල‍්ලිකාය ආරාමෙ පටිවසතී”තිආදීසු (ම· නි· 2.260) දිට‍්ඨි.

‘එහෙයින් මේ ශබ්දයාගේ, ‘අපේපවනාම සේවපි උපසංකමෙය්‍යාම කාලඤ්ච සමයඤ්ච උපාදාය’ යන මේ ආදියෙහි සමවාය යන අර්‍ත්‍ථයි. ‘එකොව ඛො භික්ඛවෙ ඛණො ච සමයො ච බ්‍රහ්මචරියවාසාය’ යනාදියෙහි ක්‍ෂණයයි (අවස්ථාවයි) ‘උණ්භසමයො පරිළාභසමයො’ යනාදියෙහි කාලයයි. ‘මහාසමයො පවනස්මිං’ යනාදියෙහි සමූහයයි. සමයොපි ඛො තෙ භදදාලි අප්පටිවිදේධා අහොසි භගවා ඛො සාවර්‍ත්‍ථයං විහරති භගවාපි මං ජානිස්සති භදදාලි නාම භික්‍ඛු සත්‍ථුසාසනෙ සික්‍ඛාය නපරිපූරකාරීති අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිදේධා අහොසි’ යනාදියෙහි හේතුවයි. ‘තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකා පුතේතා සමයප්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති’ යනාදියෙහි දෘෂ්ටියයි.

“දිට‍්ඨෙ ධම‍්මෙ ච යො අත්‍ථො, යො චත්‍ථො සම‍්පරායිකො; අත්‍ථාභිසමයා ධීරො, පණ‍්ඩිතොති පවුච‍්චතී”ති. –

‘දිට්ඨෙවධම්මෙ යො අත්‍ථො යොචත්‍ථො සම්පරායිකො අත්‍ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති’

ආදීසු (සං· නි· 1.129) පටිලාභො.

යනාදියෙහි ප්‍රතිලාභයයි.

“සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සා”තිආදීසු (ම· නි· 1.28) පහානං. “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො සඞ‍්ඛතට‍්ඨො සන‍්තාපට‍්ඨො විපරිණාමට‍්ඨො අභිසමයට‍්ඨො”තිආදීසු (පටි· ම· 2.8) පටිවෙධො. ඉධ පනස‍්ස කාලො අත්‍ථො. තෙන සංවච‍්ඡර-උතු-මාස-අඩ‍්ඪමාස-රත‍්ති-දිව-පුබ‍්බණ‍්හ-මජ‍්ඣන‍්හික-සායන‍්හ-පඨම-මජ‍්ඣිම- පච‍්ඡිමයාම-මුහුත‍්තාදීසු කාලප‍්පභෙදභූතෙසු සමයෙසු එකං සමයන‍්ති දීපෙති.

‘සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්‍ඛස්ස’ යනාදියෙහි ප්‍රහාණයයි. දුක්‍ඛස්ස ජිළනටෙඨා සංඛතටෙඨා සන්තාපටෙඨා විපරිනාමටේඪා අභිසමයටෙඨා යනාදියෙහි ප්‍රතිවෙධයයි. මෙහි වනාහි සමය ශබ්දයාගේ කාලය යන අර්‍ත්‍ථයයි. එයින් සංවත්සර සෘතු, මාස, අඨිමාස, රාත්‍රි, දහවල්, පූර්‍වාහ්න, මධ්‍යාහ්න, සායන්හ, ප්‍රථම මධ්‍යම පශ්චිමයාම, මුහුර්‍තාදී කාලභේද වූ සමයන් අතුරෙන් එක්කාලයකයයි දක්වයි.

තත්‍ථ කිඤ‍්චාපි එතෙසු සංවච‍්ඡරාදීසු යං යං සුත‍්තං යම‍්හි යම‍්හි සංවච‍්ඡරෙ උතුම‍්හි මාසෙ පක‍්ඛෙ රත‍්තිභාගෙ දිවසභාගෙ වා වුත‍්තං, සබ‍්බං තං ථෙරස‍්ස සුවිදිතං සුවවත්‍ථාපිතං පඤ‍්ඤාය. යස‍්මා පන “එවං මෙ සුතං අසුකසංවච‍්ඡරෙ අසුකඋතුම‍්හි අසුකමාසෙ අසුකපක‍්ඛෙ අසුකරත‍්තිභාගෙ අසුකදිවසභාගෙ වා”ති එවං වුත‍්තෙ න සක‍්කා සුඛෙන ධාරෙතුං වා උද‍්දිසිතුං වා උද‍්දිසාපෙතුං වා, බහු ච වත‍්තබ‍්බං හොති, තස‍්මා එකෙනෙව පදෙන තමත්‍ථං සමොධානෙත්‍වා “එකං සමය”න‍්ති ආහ.

එහි මේ සංවත්සරාදිය අතුරෙහි යම් යම් අවුරුද්දක, සෘතුවක, මාසයක, පක්‍ෂයක, රාත්‍රිභාගයෙහි, දිවාභාගයෙහි හෝ යම් යම් සූත්‍රයක් දෙසන ලද්දේද ඒ සියල්ල තෙරුන්වහන්සේ මනාකොට දන්නාලදී. මනාව නිශ්චය කරනලදී. යම් හෙයකින් වනාහි අසූවල් අවුරුද්දෙහි අසූවල් සෘතුවෙහි, අසුවල් මාසයෙහි, අසුවල් පක්‍ෂයෙහි අසුවල් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ මාවිසින් මෙසේ අසනලදැයි මෙසේ කීකල්හි සුවසේ දරන්නට හෝ උදෙසන්නට හෝ උදෙසවන්නට හෝ නොහැකිය; බොහෝවක් කිව යුතුදවෙයි. එහෙයින් එකම පදයකින් මෙහි සියල්ල ගලපා එක් සමයෙකැයි කීහ.

යෙ වා ඉමෙ ගබ‍්භොක‍්කන‍්තිසමයො ජාතිසමයො සංවෙගසමයො අභිනික‍්ඛමනසමයො දුක‍්කරකාරිකසමයො මාරවිජයසමයො අභිසම‍්බොධිසමයො දිට‍්ඨධම‍්මසුඛවිහාරසමයො දෙසනාසමයො පරිනිබ‍්බානසමයොති එවමාදයො භගවතො දෙවමනුස‍්සෙසු අතිවිය සුප‍්පකාසා අනෙකකාලප‍්පභෙදා එව සමයා, තෙසු සමයෙසු දෙසනාසමයසඞ‍්ඛාතං එකං සමයන‍්ති දීපෙති. යො චායං ඤාණකරුණාකිච‍්චසමයෙසු කරුණාකිච‍්චසමයො, අත‍්තහිතපරහිත-පටිපත‍්තිසමයෙසු පරහිත-පටිපත‍්තිසමයො, සන‍්නිපතිතානං කරණීයද‍්වයසමයෙසු ධම‍්මිකථාසමයො, දෙසනාපටිපත‍්තිසමයෙසු දෙසනාසමයො, තෙසුපි සමයෙසු අඤ‍්ඤතරං සන්‍ධාය “එකං සමය”න‍්ති ආහ.

යම් මේ ගර්‍භාවක්‍රාන්තිසමය, ජාතිසමය, සංවෙගසමය, අභිනිෂ්ක්‍රමණසමය, දුෂ්කරක්‍රියාසමය, මාරවිජයසමය, අභිසමේඛාධිසමය, දිට්ඨධම්මසුඛවිහාරසමය, දෙසනාසමය, පරිනිර්‍වාණසමය යන මෙබඳු වූ භාග්‍යවතුන්වහන්සේගේ දෙවිමිනිසුන් අතර බෙහෙවින් පළටවූ නොයෙක් කාලප්‍රෙභදයෝම සමයෝයි. ඒ සමයයන් අතුරෙහි දේශනාසමය නමින් ගැනෙන්නට ‘එක් සමයෙකැ’යි දක්වයි. ඥානකරුණාකෘත්‍ය සමයන් අතුරෙහි යම් යම් කරුණාකෘත්‍ය සමයක් වේද, අත්තහිතපරහිතපටිපත්ති සමයන් අතුරෙහි පරහිත පටිපත්ති සමයක් වේද රැසවූවන්ට කරණීයද්වය සමයයන් අතුරෙහි ධාර්මිකකථාසමයක්වේද, දේශනාප්‍රතිපත්තිසමයන් අතුරෙහි දේශනාසමයක්වේද ඒ සමයන් අතුරෙහි එක්තරා සමයක් සඳහා එක් සමයකැයි කීහ.

කස‍්මා පනෙත්‍ථ යථා අභිධම‍්මෙ “යස‍්මිං සමයෙ කාමාවචර”න‍්ති ච, ඉතො අඤ‍්ඤෙසු ච සුත‍්තපදෙසු “යස‍්මිං සමයෙ, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහී”ති ච භුම‍්මවචනෙන නිද‍්දෙසො කතො, විනයෙ ච “තෙන සමයෙන බුද‍්ධො භගවා”ති කරණවචනෙන නිද‍්දෙසො කතො, තථා අකත්‍වා “එකං සමය”න‍්ති උපයොගවචනෙන නිද‍්දෙසො කතොති. තත්‍ථ තථා, ඉධ ච අඤ‍්ඤථා අත්‍ථසම‍්භවතො. තත්‍ථ හි අභිධම‍්මෙ ඉතො අඤ‍්ඤෙසු සුත‍්තපදෙසු ච අධිකරණත්‍ථො භාවෙනභාවලක‍්ඛණත්‍ථො ච සම‍්භවති. අධිකරණං හි කාලත්‍ථො සමූහත්‍ථො ච සමයො, තත්‍ථ වුත‍්තානං ඵස‍්සාදිධම‍්මානං ඛණසමවායහෙතුසඞ‍්ඛාතස‍්ස ච සමයස‍්ස භාවෙන තෙසං භාවො ලක‍්ඛීයති, තස‍්මා තදත්‍ථජොතනත්‍ථං තත්‍ථ භුම‍්මවචනෙන නිද‍්දෙසො කතො.

කුමක්හෙයින් වනාහී අභිධර්‍මයෙහි මෙන්, ‘යස්මිං සමයෙ කාමාවවරං’ යනුවෙන්ද මෙයින් අන්‍යවූ සූත්‍රපදයන්හි ‘යස්මිං සමයෙ භික්‍ඛවෙ භික්‍ඛු විවිචේචව කාමෙහි’ යනුවෙන්ද ආධාරවිභක්ති වචනයෙන් නිර්දේශය කරනලද්දේද? විනයෙහිද ‘තෙන සමයෙන බුද්ධො භගවා’ යනුවෙන් කරණ විභක්ති වචනයෙන් නිර්දේශය කරනලද්දේද එසේ නොකොට එකං සමයං යනුවෙන් උපයෝගවචනයෙන් (කර්‍මවිභක්තියෙන්) නිර්දේශ කරන ලද්දේද? එහි එසේද මෙහි වෙනත් අයුරකින්ද අර්‍ත්‍ථසම්භවය වනබැවිනි. ඒ අභිධර්‍මයෙහිද මෙයින් අන්‍යවූ සූත්‍රපදයන්හිද අධිකරණ අර්ථයද භාවයෙන් භාවලක්‍ෂණාර්‍ත්‍ථයද හටගනී. අධිකරණය වනාහි කාලාර්‍ත්‍ථය හා සමූහාර්‍ත්‍ථය ඇති සමයයි. එහි කියනලද ස්පර්‍ශාදීධර්‍මයන්ගේ ක්‍ෂණසමවාය හේතුසංඛ්‍යාතදවූ සමයාගේ ස්වභාවයෙන් ඔවුන්ගේ ස්වභාවය සලකුණු වනුලැබේ. එහෙයින් එම අර්‍ත්‍ථය බබුලුවනු සඳහා එහි ආධාරවිභක්ති වචනය නිර්දේශකරනලදී.

විනයෙ ච හෙතුඅත්‍ථො කරණත්‍ථො ච සම‍්භවති. යො හි සො සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිසමයො සාරිපුත‍්තාදීහිපි දුබ‍්බිඤ‍්ඤෙය්‍යො, තෙන සමයෙන හෙතුභූතෙන කරණභූතෙන ච සික‍්ඛාපදානි පඤ‍්ඤාපයන‍්තො සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිහෙතුඤ‍්ච අපෙක‍්ඛමානො භගවා තත්‍ථ තත්‍ථ විහාසි. තස‍්මා තදත්‍ථජොතනත්‍ථං තත්‍ථ කරණවචනෙන නිද‍්දෙසො කතො.

විනයෙහිද හේතුඅර්‍ත්‍ථය සහ කරණාර්‍ත්‍ථයද සම්භවයවෙයි. යම් ඒ ශික්‍ෂාපදප්‍රඥප්ති සම්යයක් ශාරිපුත්‍රාදී මහරහතන්වහන්සේලා විසින් පවා වටහාගැනීම දුෂ්කරවන්නේද ඒ හේතුභූතවූද කරණභූතවූද සමයෙන් ශික්‍ෂාපද පනවමින් ශික්‍ෂාපදප්‍රඥප්ති හේතුවද විමසාබලමින් භාග්‍යවතුන්වහන්සේ ඒ ඒ තන්හි වාසය කළසේක. එහෙයින් එම අර්‍ත්‍ථය බබුළුවනු සඳහා එහි කරණවිභක්ති වචනයෙන් නිර්දේශය කරනලදී.

ඉධ පන අඤ‍්ඤස‍්මිඤ‍්ච එවංජාතිකෙ අච‍්චන‍්තසංයොගත්‍ථො සම‍්භවති. යඤ‍්හි සමයං භගවා ඉමං අඤ‍්ඤං වා සුත‍්තන‍්තං දෙසෙසි, අච‍්චන‍්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි. තස‍්මා තදත්‍ථජොතනත්‍ථං ඉධ උපයොගවචනනිද‍්දෙසො කතොති. තෙනෙතං වුච‍්චති –

මෙහි වනාහි අනෙක් මෙබඳු ස්වභාවය ඇති තන්හිද අත්‍යන්තසංයෝගාර්‍ත්‍ථය සම්භවයවෙයි. යම් සමයක වනාහි භාග්‍යවතුන්වහන්සේ මෙය හෝ අන්‍ය සූත්‍රාන්තයක් හෝ දේශනා කළසේක්ද, ඒ සමයෙහි නිරන්තරයෙන්ම කරුණාසහගත වාසයෙන් විසූසේක. නිර්දේශකරනලදී. එබැවින් මෙය කියනුලැබේ:

“තං තං අත්‍ථමපෙක‍්ඛිත්‍වා, භුම‍්මෙන කරණෙන ච; අඤ‍්ඤත්‍ර සමයො වුත‍්තො, උපයොගෙන සො ඉධා”ති.

‘ඒ ඒ අර්‍ත්‍ථය සලකා අන්තන්හි ආධාරයෙන් හා කරණයෙන්ද මෙහි කර්‍මයෙන්ද ඒ සමය ශබ්දය කියනලදී.’

පොරාණා පන වණ‍්ණයන‍්ති – “තස‍්මිං සමයෙ”ති වා “තෙන සමයෙනා”ති වා “එකං සමය”න‍්ති වා අභිලාපමත‍්තභෙදො එස, සබ‍්බත්‍ථ භුම‍්මමෙවත්‍ථොති. තස‍්මා “එකං සමය”න‍්ති වුත‍්තෙපි “එකස‍්මිං සමයෙ”ති අත්‍ථො වෙදිතබ‍්බො.

‘ඒ සමයෙහි (තස්මිං සමයෙ) යි හෝ ඒ සමයෙන් (තෙන සමයෙන)යි හෝ ඒ සමය (තං සමයං)යි හෝ ප්‍රකාශන මාත්‍රවූ භේදයකි. මේ අර්‍ත්‍ථය හැමතන්හි ආධාරයමයි. එහෙයින් එක්සමයක් (එකං සමයං) කීකල්හිද එක් සමයෙක්හියයි අර්‍ත්‍ථය දතයුතුය’යි පොරාණයෝ පවසති.

භගවාති ගරු. ගරුඤ‍්හි ලොකෙ “භගවා”ති වදන‍්ති. අයඤ‍්ච සබ‍්බගුණවිසිට‍්ඨතාය සබ‍්බසත‍්තානං ගරු, තස‍්මා “භගවා”ති වෙදිතබ‍්බො. පොරාණෙහිපි වුත‍්තං –

භගවා යනු ගරුයි. ලෝකයෙහි ගරු භාග්‍යවතුන්වහන්සේයයි කියති. මෙතෙමේ සියලු ගුණ විශිෂ්ටතාවෙන් සියලු සත්‍වයන්ට ගරුය. එබැවින් භගවායයි දතයුතුය. පෝරාණයන් විසින්ද කියනලදී:

“භගවාති වචනං සෙට‍්ඨං, භගවාති වචනමුත‍්තමං; ගරු ගාරවයුත‍්තො සො, භගවා තෙන වුච‍්චතී”ති.

භගවා යන වචනය ශ්‍රෙෂ්ඨයි. භගවා යන වචනය උතුම්ය. එහෙයින් ගරු ගෞරවයෙන් යුක්තවූ හෙතෙම භගවායි කියනුලැබේ.

අපිච –

තවද:

“භාග්‍යවා භග‍්ගවා යුත‍්තො, භගෙහි ච විභත‍්තවා; භත‍්තවා වන‍්තගමනො, භවෙසු භගවා තතො”ති. –

භාග්‍ය ඇත්තේද කෙලෙස් භග්ග කෙළේද ඓශ්වර්යාදි භග ධර්මයන්ගෙන් යුක්තවූයේද, ධර්මය විභාගකොට ප්‍රකාශ කෙළේද, උතුරුමිනිස්දම් භාජනය කෙළේද, භවයන්හි වමනයකළ ගමන්ඇත්තේද, එහෙයින් භගවත් නම්වේ.

ඉමිස‍්සාපි ගාථාය වසෙනස‍්ස පදස‍්ස විත්‍ථාරතො අත්‍ථො වෙදිතබ‍්බො. සො ච විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.142, 144) බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ වුත‍්තොයෙව.

මේ ගාථාව වශයෙන්ද මේ පදයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් දතයුතුය; එය විශුද්ධිමාර්‍ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයෙහි කියනලද්දේමය.

එත‍්තාවතා චෙත්‍ථ එවං මෙ සුතන‍්ති වචනෙන යථාසුතං ධම‍්මං දස‍්සෙන‍්තො භගවතො ධම‍්මසරීරං පච‍්චක‍්ඛං කරොති. තෙන “න ඉදං අතික‍්කන‍්තසත්‍ථුකං පාවචනං, අයං වො සත්‍ථා”ති සත්‍ථු අදස‍්සනෙන උක‍්කණ‍්ඨිතං ජනං සමස‍්සාසෙති. එකං සමයං භගවාති වචනෙන තස‍්මිං සමයෙ භගවතො අවිජ‍්ජමානභාවං දස‍්සෙන‍්තො රූපකායපරිනිබ‍්බානං සාධෙති. තෙන “එවංවිධස‍්ස නාම අරියධම‍්මස‍්ස දෙසකො දසබලධරො වජිරසඞ‍්ඝාතසමානකායො සොපි භගවා පරිනිබ‍්බුතො, කෙන අඤ‍්ඤෙන ජීවිතෙ ආසා ජනෙතබ‍්බා”ති ජීවිතමදමත‍්තං ජනං සංවෙජෙති, සද‍්ධම‍්මෙ චස‍්ස උස‍්සාහං ජනෙති. එවන‍්ති ච භණන‍්තො දෙසනාසම‍්පත‍්තිං නිද‍්දිසති. මෙ සුතන‍්ති සාවකසම‍්පත‍්තිං. එකං සමයන‍්ති කාලසම‍්පත‍්තිං. භගවාති දෙසකසම‍්පත‍්තිං.

එපමණකින්ද මෙහි, ‘එවමේම සුතං’ යන වචනයෙන් අසනලද පරිද්දෙන් ධර්‍මය දේශනාකරන්නේ භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මකාය ප්‍රත්‍යක්‍ෂ කරයි. එයින් ‘මේ බුද්ධවචනය අතික්කන්තසත්‍ථුක (ශාසතෘන්වහන්සේ වියුක්ත) වූවක් නොවේ. මේ ඔබගේ ශාස්තෘය’යි. ශාස්තෘන්වහන්සේ නොදැක්මෙන් උකටලීවූ ජනයා අස්වසාලයි. ‘එකං සමයං භගවා’ යන වචනයෙන් ඒ කාලයෙහි භාග්‍යවතුන්වහන්සේගේ අවිද්‍යමානත්වය දක්වන්නේ රූපකාය පරිනිර්‍වාණය සිහිකරවයි. එයින් මෙබඳු නම්වූ ආර්‍ය්‍යධර්‍මයක් දෙසන්නාවූ දශබලධරවූ විදුරුකැටියකට සමාන රූපකායයක් ඇති ඒ භාග්‍යවතුන්වහන්සේද පිරිනිවන්පෑසේක. අන්කුමකින් ජීවිතයෙහි ආශාව උපදවියයුත්තේදැයි ජීවිත මදයෙන් මත්වූ ජනයා සංවේගයට පත්කරවයි. සද්ධර්‍මයෙහි ජනයාගේ උනන්දුව උපදවාලයි. එවංයිද කියමින් දේශනා සම්පත්තිය නිර්‍දෙශකරයි. මෙ සුතං යනුවෙන් ශ්‍රාවකසම්පත්තිය නිර්‍දෙශකරයි. එකංසමයං යනුවෙන් කාලසම්පත්තිය නිර්‍දෙශකරයි. භගවා යන්නෙන් දෙශක සම්පත්තිය නිර්දේශකරයි.

සාවත්‍ථියන‍්ති එවංනාමකෙ නගරෙ. සමීපත්‍ථෙ චෙතං භුම‍්මවචනං. විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ‍්බබ්‍රහ‍්මඅරියවිහාරෙසු අඤ‍්ඤතරවිහාරසමඞ‍්ගිපරිදීපනමෙතං. ඉධ පන ඨානගමනනිසජ‍්ජාසයනප‍්පභෙදෙසු ඉරියාපථෙසු අඤ‍්ඤතරඉරියාපථසමායොගපරිදීපනං, තෙන ඨිතොපි ගච‍්ඡන‍්තොපි නිසින‍්නොපි සයානොපි භගවා විහරතිච‍්චෙව වෙදිතබ‍්බො. සො හි එකං ඉරියාපථබාධනං අඤ‍්ඤෙන ඉරියාපථෙන විච‍්ඡින්‍දිත්‍වා අපරිපතන‍්තං අත‍්තභාවං හරති පවත‍්තෙති, තස‍්මා “විහරතී”ති වුච‍්චති.

සාවත්ථියං යනු එබඳු නම් ඇති නගරයෙහියි. මෙයද සමීපාර්‍ත්‍ථයෙහි ආධාරවිභක්ති වචනයි. විහරති යනු මෙය අවිශේෂයෙන් ඉරියාපථ දිබ්බ බ්‍රහ්ම අරිය විහාරයන් අතුරෙන් එක්තරා විහරණයක් දැක්වීමයි. මෙහි වනාහි සිටීම, යාම, හිඳීම, නිඳීම යන ප්‍රභේද ඇති ඉරියව් අතුරෙන් එක්තරා ඉරියව්වක යෙදීම දැක්වීමයි. එයින් සිටියේද යන්නේද හුන්නේද නිදන්නේද භාග්‍යවතුන්වහන්සේ වාසය කරනසේකයයි දතයුතුය. ඒ භාග්‍යවතුන්වහන්සේ වනාහි එක් ඉරියව්වක වැළැක්ම එක් ඉරියව්වකින් වෙන්කොට නොබිඳවැටෙන්නාවූ (අඛණ්ඩව පවත්නාවූ) ආත්මභාවය ගෙනයත්, පවත්වත් එහෙයින් වාසයකරතියි කියනුලැබේ.

ජෙතවනෙති ජෙතස‍්ස රාජකුමාරස‍්ස වනෙ. තඤ‍්හි තෙන රොපිතං සංවඩ‍්ඪිතං පරිපාලිතං, සො චස‍්ස සාමී අහොසි, තස‍්මා ජෙතවනන‍්ති සඞ‍්ඛං ගතං, තස‍්මිං ජෙතවනෙ. අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙති අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා චතුපඤ‍්ඤාසහිරඤ‍්ඤකොටිපරිච‍්චාගෙන බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිය්‍යාතිතත‍්තා අනාථපිණ‍්ඩිකස‍්සාති සඞ‍්ඛං ගතෙ ආරාමෙ. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන පපඤ‍්චසූදනියා මජ‍්ඣිමට‍්ඨකථාය සබ‍්බාසවසුත‍්තවණ‍්ණනායං (ම· නි· අට‍්ඨ· 1.14 ආදයො) වුත‍්තො.

ජෙතවනෙ යනු ජෙත නම් රජතුමරුවාගේ උයනෙහියි. එය වනාහි ඔහු විසින් වවනලද්දේ වඩනලද්දේ පාලනයකරන ලද්දේවෙයි.එහෙයින් ජෙතවනයයි ප්‍රසිද්ධවූයේය. ඒ ජේතවනයෙහියි ‘අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’ යනු අනේපිඬු ගෘහපතිතුමා විසින් සිවුපනස් කෙළෙස් කහවණු පරිත්‍යාගයෙන් බුදුපාමොක් බික්සඟනට පවරා දෙනලද බැවින් අනාථපිණ්ඩිකගේයයි පළටවූ ආරාමයයි. මෙය මෙහි සංක්‍ෂෙපයයි. විස්තරය වනාහි පපංචසුදනී නම්වූ මජ්ක්‍ධිමටඨකථාවෙහි සබ්බාසවසූත්‍ර වර්‍ණනාවෙහි කියනලදී.

තත්‍ථ සියා – යදි තාව භගවා සාවත්‍ථියං විහරති, “ජෙතවනෙ”ති න වත‍්තබ‍්බං. අථ තත්‍ථ විහරති, “සාවත්‍ථිය”න‍්ති න වත‍්තබ‍්බං. න හි සක‍්කා උභයත්‍ථ එකං සමයං විහරිතුන‍්ති. න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං. නනු අවොචුම‍්හ “සමීපත්‍ථෙ භුම‍්මවචන”න‍්ති. තස‍්මා යථා ගඞ‍්ගායමුනාදීනං සමීපෙ ගොයූථානි චරන‍්තානි “ගඞ‍්ගාය චරන‍්ති, යමුනාය චරන‍්තී”ති වුච‍්චන‍්ති, එවමිධාපි යදිදං සාවත්‍ථියා සමීපෙ ජෙතවනං, තත්‍ථ විහරන‍්තො වුච‍්චති “සාවත්‍ථියං විහරති ජෙතවනෙ”ති. ගොචරගාමනිදස‍්සනත්‍ථං හිස‍්ස සාවත්‍ථිවචනං, පබ‍්බජිතානුරූපනිවාසනට‍්ඨානනිදස‍්සනත්‍ථං සෙසවචනං.

එහි, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජෙතවනයෙහි වාසය කරතැයි නොකිව යුතුය. එක් සමයෙක්හි දෙතැන විසීමට නොහැක යනුවෙන් අදහසක්වේ. මෙය මෙසේ නොදැක්විය යුත්තේමය. සමීපාර්‍ත්‍ථයෙහි ආධාරවිභක්ති වචනය වේයයි නොකීවෙමු? එබැවින් ‘ගංගා යමුනා ආදිය සමීපයෙහි හැසිරෙන ගවරැළ ගංගාවෙහි හැසිරෙතියි හමුනාවෙහි හැසිරෙති ’යි යම්සේ කියනු ලැබේද, එසේ මෙහිද සැවත සමීපයෙහි ඉඳින් මේ ජේතවනයවේද, සැවතෙහි ජේතවනයෙහි වාසය කරති’ යන්නෙන් එහි වාසයකරන්නේයි කියනුලැබේ. මෙහි සැවත යන වචනය ගොදුරුගම දැක්වීම සඳහායි. සෙසු වචනය පැවිද්දන්ට සුදුසු නිවාසස්ථානය දැක්වීම සඳහායි.

තත්‍ථ සාවත්‍ථිවචනෙන ආයස‍්මා ආනන්‍දො භගවතො ගහට‍්ඨානුග‍්ගහකරණං දස‍්සෙති, ජෙතවනාදිකිත‍්තනෙන පබ‍්බජිතානුග‍්ගහකරණං. තථා පුරිමෙන පච‍්චයග‍්ගහණතො අත‍්තකිලමථානුයොගවිවජ‍්ජනං, පච‍්ඡිමෙන වත්‍ථුකාමප‍්පහානතො කාමසුඛල‍්ලිකානුයොගවිවජ‍්ජනූපායදස‍්සනං. පුරිමෙන ච ධම‍්මදෙසනාභියොගං, පච‍්ඡිමෙන විවෙකාධිමුත‍්තිං. පුරිමෙන කරුණාය උපගමනං, පච‍්ඡිමෙන පඤ‍්ඤාය අපගමනං. පුරිමෙන සත‍්තානං හිතසුඛනිප‍්ඵාදනාධිමුත‍්තිතං, පච‍්ඡිමෙන පරහිතසුඛකරණෙ නිරුපලෙපතං. පුරිමෙන ධම‍්මිකසුඛාපරිච‍්චාගනිමිත‍්තඵාසුවිහාරං, පච‍්ඡිමෙන උත‍්තරිමනුස‍්සධම‍්මානුයොගනිමිත‍්තං. පුරිමෙන මනුස‍්සානං උපකාරබහුලතං, පච‍්ඡිමෙන දෙවතානං. පුරිමෙන ලොකෙ ජාතස‍්ස ලොකෙ සංවඩ‍්ඪභාවං, පච‍්ඡිමෙන ලොකෙන අනුපලිත‍්තතං. පුරිමෙන “එකපුග‍්ගලො, භික‍්ඛවෙ, ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමො එකපුග‍්ගලො? තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො”ති (අ· නි· 1.170) වචනතො යදත්‍ථං භගවා උප‍්පන‍්නො, තදත්‍ථපරිනිප‍්ඵාදනං, පච‍්ඡිමෙන යත්‍ථ උප‍්පන‍්නො, තදනුරූපවිහාරං. භගවා හි පඨමං ලුම‍්බිනිවනෙ, දුතියං බොධිමණ‍්ඩෙති ලොකියලොකුත‍්තරාය උප‍්පත‍්තියා වනෙයෙව උප‍්පන‍්නො. තෙනස‍්ස වනෙයෙව විහාරං දස‍්සෙතීති එවමාදිනා නයෙනෙත්‍ථ අත්‍ථයොජනා වෙදිතබ‍්බා.

එහි සැවත යන වචනයෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ ගෘහස්ථයන්ට අනුග්‍රහකිරීම දක්වති. ජේතවනාදිය පැවසීමෙන් පැවිද්දන්ට අනුග්‍රහ කිරීම දක්වති. එසේ, මුල්වදනින් සිවුපසය ගැනීමෙන් අත්තකිලමථානුයෝගයෙන් වෙන්වීමත් පැසුළු වදනින් වස්තුකාම ප්‍රහාණයෙන් කාමසුඛල්ලිකානුයෝගයෙන් වෙන්වීමේ උපායත් දැක්වෙයි. පළමුවැන්නෙන් ධර්‍මදේශනයෙහි යෙදීමත් පැසුළුවදනින් විවේකස්වභාවයෙන් පළමුවැන්නෙන් කරුණාවෙන් එළඹීමත් පැසුළුවදනින් ප්‍රඥාව හේතුකොටගෙන ඉවත්වීමත් පළමුවැන්නෙන් සත්වයන්ගේ හිතසුව ඇති කිරීමේ අදහසක් පැසුළුවදනින් අනුන්ගේ හිතසුව ඇතිකිරීමෙහි නොගැලීමත් පළමුවැන්නෙන් ධාර්මිකසුඛය අත්නොහැරීම නිමිති කොට ඇති ඵාසුවිහරණයත් පැසුළුවදනින් උත්තරී මනුෂ්‍යධර්‍මයෙහි යෙදීම නිමිතිකොට ඇති ඵාසුවිහරණයත් පළමුවැන්නෙන් මිනිසුන්ට බොහෝ උපකාරවත් බවත්, පැසුළුවදනින් දෙවියන්ට බොහෝ උපකාරවත් බවත්, පළමුවැන්නෙන් ලොව උපන්නහුට ලෝකයේ වැඩුණු බවත් පැසුළුවදනින් ලෝකය සමඟ නොඇළුණු බවත් පළමු වැන්නෙන්, ‘එකපුග්ගලො භික්‍ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පකාය අර්‍ත්‍ථය හිතාය සුඛාය දෙවමනුස්සානං කතමො එකපුග්ගලො තථාගතො අරහං සම්මාසම්බුද්ධෝ’ යනුවෙන් වදාළ බැවින් භාග්‍යවතුන්වහන්සේ යම් අර්‍ත්‍ථයක් සඳහා උපදින සේක්ද එම අර්‍ත්‍ථය ඇති කිරීමද පැසුළු වදනින් යම් තැනෙක්හි උපන්සේක්ද ඊට අනුරූපවූ විසීමද දක්වයි. භාග්‍යවතුන්වහන්සේ වනාහි පළමුව ලුම්බිනි වනයෙහි දෙවනුව බෝමැඩයයි ලෞකික ලෝකෝත්තර උප්පත්තියෙහි වනයෙහිම උපන්සේක. එබැවින් උන්වහන්සේට වනයෙහිම වාසය දක්වන්නේයයි මේ ආදී ක්‍රමයෙන් මෙහි අර්‍ත්‍ථයෝජනාව දතයුතුයි.

තත්‍රාති දෙසකාලපරිදීපනං. තඤ‍්හි යං සමයං විහරති, තත්‍ර සමයෙ. යස‍්මිඤ‍්ච ආරාමෙ විහරති, තත්‍ර ආරාමෙති දීපෙති. භාසිතබ‍්බයුත‍්තෙ වා දෙසකාලෙ දීපෙති. න හි භගවා අයුත‍්තෙ දෙසෙ වා කාලෙ වා ධම‍්මං භාසති. “අකාලො ඛො තාව, බාහියා”තිආදි (උදා· 10) චෙත්‍ථ සාධකං. ඛොති පදපූරණමත‍්තෙ අවධාරණෙ ආදිකාලත්‍ථෙ වා නිපාතො. භගවාති ලොකගරුදීපනං. භික‍්ඛූති කථාසවනයුත‍්තපුග‍්ගලවචනං. අපි චෙත්‍ථ “භික‍්ඛකොති භික‍්ඛු, භික‍්ඛාචරියං අජ‍්ඣුපගතොති භික‍්ඛූ”තිආදිනා (පාරා· 45; විභ· 511) නයෙන වචනත්‍ථො වෙදිතබ‍්බො. ආමන‍්තෙසීති ආලපි අභාසි සම‍්බොධෙසීති අයමෙත්‍ථ අත්‍ථො. අඤ‍්ඤත්‍ර පන ඤාපනෙපි හොති. යථාහ – “ආමන‍්තයාමි වො, භික‍්ඛවෙ, පටිවෙදයාමි වො, භික‍්ඛවෙ”ති. පක‍්කොසනෙපි. යථාහ – “එහි ත්‍වං, භික‍්ඛු, මම වචනෙන සාරිපුත‍්තං ආමන‍්තෙහී”ති (අ· නි· 9.11; සං· නි· 2.32).

තත්‍ර යනු දෙශකාල දැක්වීමයි. එය, යම් කලක වසයිද ඒ කාලයෙහි යම් ආරාමයක වෙසෙයිද ඒ ආරාමයෙහි ’යි දක්වයි. පැවසිය යුක්ත එළඹිවිට හෝ දේශකාලයන් දක්වයි. භාග්‍යවතුන්වහන්සේ නොසුදුසු දේශයෙහි හෝ කාලයෙහි හෝ ධර්‍මය නොදෙසන සේක. ‘ආකාලොඛො තාව බාහිය’ යන ආදියද මෙහිලා සාධකයි. ඛො යනු පදපූරණ මාත්‍රයෙහි, අවධාරණයෙහි, ආදිකාලාර්‍ත්‍ථයෙහි හෝ නිපාතයි. භගවා යනු ලොකගරුබව දැක්වීමයි. භික්‍ඛු යනු කථාව ඇසීමට සුදුසු පුද්ගලයන් හඟවන වචනයයි. තවද මෙහි, භික්‍ඛකොති භික්‍ඛු භික්‍ඛාචරියං අජක්‍ධුපගතොති භික්‍ඛු’ (සිඟන්නා යනු භික්‍ෂුවයි. භික්‍ෂාචාර්‍ය්‍යාවට එළඹුණේ යනු භික්‍ෂුවයි) ආදි ක්‍රමයෙන් වචනාර්ථය දතයුතුයි. ආමනේතසි යනු ඇමතීය, කීවේය, පිබිදවීය යනුයි. මෙය මෙහි අත්‍ර්‍තයයි. අන්තන්හි වනාහි හැඟවීමෙහිද වෙයි: ‘ආමන්තයාමි වො භික්‍ඛවෙ පටිවෙදයාමි වො භික්‍ඛවෙ’යි එහෙයින් කීය. කැඳවීමෙහිද ‘එහි ත්‍වං භික්‍ඛු මම වචනෙන සාරිපුත්තං ආමනේතහි’යි එහෙයින් කීය.

භික‍්ඛවොති ආමන‍්තනාකාරපරිදීපනං. තඤ‍්ච භික‍්ඛනසීලතාදිගුණයොගසිද‍්ධත‍්තා වුත‍්තං. භික‍්ඛනසීලතාගුණයුත‍්තොපි හි භික‍්ඛු, භික‍්ඛනධම‍්මතාගුණයුත‍්තොපි භික‍්ඛු, භික‍්ඛනෙ සාධුකාරිතාගුණයුත‍්තොපීති සද‍්දවිදූ මඤ‍්ඤන‍්ති. තෙන ච නෙසං භික‍්ඛනසීලතාදිගුණයොගසිද‍්ධෙන වචනෙන හීනාධිකජනසෙවිතං වුත‍්තිං පකාසෙන‍්තො උද‍්ධතදීනභාවනිග‍්ගහං කරොති. භික‍්ඛවොති ඉමිනා කරුණාවිප‍්ඵාරසොම‍්මහදයනයනනිපාතපුබ‍්බඞ‍්ගමෙන වචනෙන තෙ අත‍්තනො මුඛාභිමුඛෙ කරොති. තෙනෙව ච කථෙතුකම්‍යතාදීපකෙන වචනෙන තෙසං සොතුකම්‍යතං ජනෙති. තෙනෙව ච සම‍්බොධනත්‍ථෙන සාධුකං සවනමනසිකාරෙපි තෙ නියොජෙති. සාධුකං සවනමනසිකාරායත‍්තා හි සාසනසම‍්පත‍්ති.

භික්‍ඛවො යනු ආමන්ත්‍රණාකාරය දැක්වීමයි. එයද පිඬුසිඟනසුලු ආදි ගුණයෝගයෙන් සිද්ධවූ බැවින් කියනලදී. පිඬුහැසිරෙනසුලු ගුණයෙන් යුක්තවූයේද භික්‍ෂුවයි; පිඬුපිණිස හැසිරෙන ධර්‍මතාවෙන් යුක්තවූයේද භික්‍ෂුවයි පිඬුහැසිරීමෙහි සාධුකාරී ගුණයෙන් යුක්තවූයේද භික්‍ෂුවයයි ශබ්දවේදීහු හඟිත්, ඔවුන්ගේ පිඬුසිඟනසුලුබව ආදී ගුණයෝගයෙන් සිද්ධවූ ඒ වචනයෙන් අඩුවැඩි ජනයා විසින් සෙවුණාලද පැවැත්ම ප්‍රකාශකරන්නේ උඩඟු හා ලාමකබවට නිග්‍රහ කරයි. ‘භික්‍ඛවො’ යනුවෙන් කරුණාව පැතිරෙන සෞම්‍යහදවත හා නෙත් හෙළීම පෙරටු කොට ඇති මේ වචනයෙන් ඔවුන් තමන්ගේ මුවට අබිමුව කෙරෙමින් කීමට කැමැත්ත දක්වන ඒ වචනයෙන්ම ඔවුන්ගේ අසනු කැමැත්ත උපදවයි. එම සම්බොධනාර්‍ත්‍ථයෙන් මනාව ඇසීමෙහි මෙනෙහි කිරීමෙහිද ඔවුන් මෙහෙයවයි. ශාසන සම්පත්තිය වනාහි මනාව ඇසීමට හා මෙනෙහි කිරීමට අයත්වෙයි.

අපරෙසුපි දෙවමනුස‍්සෙසු විජ‍්ජමානෙසු කස‍්මා භික‍්ඛූයෙව ආමන‍්තෙසීති චෙ? ජෙට‍්ඨසෙට‍්ඨාසන‍්නසදාසන‍්නිහිතභාවතො. සබ‍්බපරිසසාධාරණා හි භගවතො ධම‍්මදෙසනා. පරිසාය ච ජෙට‍්ඨා භික‍්ඛූ පඨමුප‍්පන‍්නත‍්තා, සෙට‍්ඨා අනගාරියභාවං ආදිං කත්‍වා සත්‍ථුචරියානුවිධායකත‍්තා සකලසාසනපටිග‍්ගාහකත‍්තා ච. ආසන‍්නා තෙ තත්‍ථ නිසින‍්නෙසු සත්‍ථුසන‍්තිකත‍්තා. සදාසන‍්නිහිතා සත්‍ථුසන‍්තිකාවචරත‍්තාති. අපිච තෙ ධම‍්මදෙසනාය භාජනං යථානුසිට‍්ඨං පටිපත‍්තිසබ‍්භාවතොතිපි තෙ එව ආමන‍්තෙසි.

වෙනත් දෙවිමිනිසුන් ඇති කල්හි කුමක් හෙයින් භික්‍ෂූන්ම ඇමතුවේද යත්, ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ ආසන්න සදාසන්නිහිත භාවය ඇති බැවිනි. භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මදේශනාව සියලු පිරිසට සාධාරණ වේමය. පිරිසෙහිද පළමුව හටගත් (පහළවූ) බැවින් භික්‍ෂුහු ජ්‍යෙෂ්ඨයෝය. අනගාරිකබව ආදී කොටඇති ශාස්තෘචර්යාවට අනුවිධායක වන බැවින්ද, සියලු සසුනට ප්‍රතිග්‍රාහක වන බැවින්ද ශ්‍රෙෂ්ඨයෝය. එහි හිඳින්නවුන් අතුරෙන් ඔවුහු සමීපබැවින් ආසන්නයෝය. ශාස්තෘන්වහන්සේ සමීපයෙහි හැසිරෙන බැවින් සදාසන්නිහිත (ළඟ තැන්පත්) වූවෝයි. තවද, අනුශාසනා කළපරිද්දෙන් පිළිවෙත් වඩන බැවින්ද ඔවුහු ධර්‍මදේශනාවට බඳුන් වෙතියි ඔවුන්ම ඇමතූසේක.

කිමත්‍ථං පන භගවා ධම‍්මං දෙසෙන‍්තො පඨමං භික‍්ඛූ ආමන‍්තෙසි, න ධම‍්මමෙව දෙසෙසීති? සතිජනනත්‍ථං. භික‍්ඛූ හි අඤ‍්ඤං චින‍්තෙන‍්තාපි වික‍්ඛිත‍්තචිත‍්තාපි ධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තාපි කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තාපි නිසින‍්නා හොන‍්ති, තෙ අනාමන‍්තෙත්‍වා ධම‍්මෙ දෙසියමානෙ “අයං දෙසනා කිංනිදානා කිංපච‍්චයා කතමාය අට‍්ඨුප‍්පත‍්තියා දෙසිතා”ති සල‍්ලක‍්ඛෙතුං අසක‍්කොන‍්තා දුග‍්ගහිතං වා ගණ‍්හෙය්‍යුං, න වා ගණ‍්හෙය්‍යුං. තෙන නෙසං සතිජනනත්‍ථං භගවා පඨමං ආමන‍්තෙත්‍වා පච‍්ඡා ධම‍්මං දෙසෙති.

භාග්‍යවතුන්වහන්සේ ධර්‍මදේශනා කරනසේක් කුමක් සඳහා පළමුව භික්‍ෂූන් අමතනසේක්ද (හුදෙක්) ධර්‍මයම නොදෙසන සේකද? සිහිය ඉපදවීම සඳහායි. භික්‍ෂූහු වනාහි වෙනෙකක් සිතන්නාහුද, විසුරුණු සිතැත්තෝමද, ධර්‍මය ප්‍රත්‍යවෙක්‍ෂාකරන්නාහුද, කමටහන් මෙනෙහිකරන්නාහුද හුන්නාහු වෙත්. ඔවුන් නොඅමතා ධර්‍මය දෙසනුලබනකල්හි, මේ ධර්‍මදේශනාව කුමක් නිදාන කොට ඇත්තේද කුමක් හේතුකොට ඇත්තේද, කවර අත්‍ථොත්පත්තියකින් දෙසන ලද්දේදැයි සලකන්නට නොහැක්කෝව නොමනා ලෙස හෝ ගන්නාහුය. ඇතැම්විට නොගන්නාහුමය. එබැවින් ඔවුන්ගේ සිහිය දැනවීම සඳහා භාග්‍යවතුන්වහන්සේ පළමුව ඔවුන් අමතා පසුව ධර්‍මය දෙසනසේක.

භදන‍්තෙති ගාරවවචනමෙතං, සත්‍ථු පටිවචනදානං වා. අපි චෙත්‍ථ “භික‍්ඛවො”ති වදමානො භගවා තෙ භික‍්ඛූ ආලපති. “භදන‍්තෙ”ති වදමානා තෙ භගවන‍්තං පච‍්චාලපන‍්ති. තථා “භික‍්ඛවො”ති භගවා ආදිම‍්හි භාසති, “භදන‍්තෙ”ති තෙ පච‍්චාභාසන‍්ති. “භික‍්ඛවො”ති පටිවචනං දාපෙති, “භදන‍්තෙ”ති පටිවචනං දෙන‍්ති.

‘හදනේත’ යනු මෙය ගෞරව වචනයයි. ශාස්තෘන්වහන්සේට පිළිවදන්දීම හෝ වේ. වැළිදු මෙහි භාග්‍යවතුන්වහන්සේ මහණෙනියි, කියමින් ඒ භික්‍ෂූන් අමතනසේක. ඒ භික්‍ෂූහු හදනේත (ස්වාමිනි)යි කියමින් භාග්‍යවතුන්වහන්සේට ප්‍රතිආමන්ත්‍රණය කරති. එසේ භාග්‍යවතුන්වහන්සේ මුලින් ‘මහණෙනි’ යි පවසනසේක. ඒ භික්‍ෂූහු ‘ස්වාමීනි’යි යළි පවසත්. ‘මහණෙනි’යි පිළිවදන් දෙවනසේක. ‘ස්වාමීනි’යි පිළිවදන් දෙති.

තෙ භික‍්ඛූති යෙ භගවා ආමන‍්තෙසි, තෙ. භගවතො පච‍්චස‍්සොසුන‍්ති භගවතො ආමන‍්තනං පටිඅස‍්සොසුං, අභිමුඛා හුත්‍වා සුණිංසු සම‍්පටිච‍්ඡිංසු පටිග‍්ගහෙසුන‍්ති අත්‍ථො. භගවා එතදවොචාති භගවා එතං ඉදානි වත‍්තබ‍්බං සකලං සුත‍්තං අවොච.

‘තෙ භික්‍ඛු’ යනු භාග්‍යවතුන්වහන්සේ යමෙකු ඇමතූ සේක්ද ඔව්හුයි. ‘භගවතො පච්චසෙසාසුං’ යනු භාග්‍යවතුන්වහන්සේගේ ඇමතීම පිළිඇස්වූහ, අභිමුඛව ඇසූහ; මනාව පිළිගත්හ. ප්‍රතිග්‍රහණය කළහ යන අර්‍ත්‍ථයි. ‘භගවා එතදවොච’ යනු භාග්‍යවතුන්වහන්සේ දැන් පැවසියයුතු ඒ සියලු සූත්‍රය ප්‍රකාශකළසේක.

එත‍්තාවතා ච යං ආයස‍්මතා ආනන්‍දෙන ඉමස‍්ස සුත‍්තස‍්ස සුඛාවගාහණත්‍ථං කාලදෙසදෙසකපරිසාපදෙසපටිමණ‍්ඩිතං නිදානං භාසිතං, තස‍්ස අත්‍ථවණ‍්ණනා සමත‍්තාති.

මෙපමණකින් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් මේ සූත්‍රයේ සුඛාවබෝධය සඳහා කාල, දේශ, දෙශක, පරිස, ප්‍රදේශ යන මෙයින් යුක්තවූ යම් නිදානයක් ප්‍රකාශ කරනලද්දේද එහි අර්‍ත්‍ථවර්‍ණනාව සමාප්තයි.