10. චතුත්ථ ආමකධඤ‍්ඤපෙය්‍යාලවග‍්ගො අට‍්ඨකථා
10. චතුත්ථ ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය
1. ඛෙත‍්තවත්‍ථුසුත‍්තවණ‍්ණනා
1. ඛෙත්තවත්ථු සූත්‍ර වර්ණනාව
අජෙළකාදීසු ඛෙත‍්තවත්‍ථුපරියොසානෙසු කප‍්පියාකප‍්පියනයො විනයවසෙන උපපරික‍්ඛිතබ‍්බො. තත්‍ථ ඛෙත‍්තං නාම යස‍්මිං පුබ‍්බණ‍්ණං රුහති. වත්‍ථු නාම යස‍්මිං අපරණ‍්ණං රුහති. යත්‍ථ වා උභයං රුහති, තං ඛෙත‍්තං. තදත්‍ථාය අකතභූමිභාගො වත්‍ථු. ඛෙත‍්තවත්‍ථුසීසෙන චෙත්‍ථ වාපිතළාකාදීනිපි සඞ‍්ගහිතානෙව.
අජෙළකාදීසු = කෙත්වතු පිළිබඳව කැපය අකැපය යන පිළිවෙළ විනයට අනුව විමසා බැලිය යුතුය. එහි “ඛෙත්තං” නම් වී වැනි ධාන්‍ය වැවෙන බිමයි. “වත්‍ථු” නම් මුං වැනි ධාන්‍ය වැවෙන බිමයි. යම් තැනෙක ඒ දෙවර්ගයම වැවේ ද එය ද ඛෙත්ත වත්‍ථු (කෙත්වත්) නම් මාතෘකාවෙන් මෙහිදී වැව් විල් ආදිය ද එක් කොට සැලකිල්ලට ගන්නා ලදී.
2. කයවික‍්කයසුත‍්තවණ‍්ණනා
2. කයවික්කය සූත්‍ර වර්ණනාව
කයවික‍්කයාති කයා ච වික‍්කයා ච. දූතෙය්‍යං වුච‍්චති දූතකම‍්මං, ගිහීනං පණ‍්ණං වා සාසනං වා ගහෙත්‍වා තත්‍ථ තත්‍ථ ගමනං. පහිණගමනං වුච‍්චති ඝරා ඝරං පෙසිතස‍්ස ඛුද‍්දකගමනං. අනුයොගො නාම තදුභයකරණං. තස‍්මා දූතෙය්‍යපහිණගමනානුයොගාති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.
කය වික්කය = මිලයට ගැනීමෙන් හා විකිණීමෙන් දුතෙය්‍යං යනුවෙන් ගිහියන්ගේ පණිවුඩ හෝ හසුන්පත් රැගෙන ඒ ඒ තැන්හි යන දූත ක්‍රියාව ගැන කියනු ලැබේ. පහෙණගමනං යනුවෙන් ගෙයින් ගෙට පණිවුඩ යවන කෙටි ගමන් කියනු ලැබේ. අනුයොගො නම් පෙර කී කාර්යයන් දෙකම සිදු කිරීමයි. එහෙයින් දුතෙය්‍ය, පහෙණ ගමනයන්හි යෙදීමය යන මෙය මෙහි අර්ථය යයි දත යුතුය.
4-6. තුලාකූටාදිසුත‍්තානිවණ‍්ණනා
4-6. තුලාකූටාදි සූත්‍ර වර්ණනා
තුලාකූටාදීසු කූටන‍්ති වඤ‍්චනං. තත්‍ථ තුලාකූටං තාව රූපකූටං, අඞ‍්ගකූටං, ගහණකූටං, පටිච‍්ඡන‍්නකූටන‍්ති චතුබ‍්බිධං හොති. තත්‍ථ රූපකූටං නාම ද‍්වෙ තුලා සමරූපා කත්‍වා ගණ‍්හන‍්තො මහතියා ගණ‍්හාති, දදන‍්තො ඛුද‍්දිකාය දෙති. අඞ‍්ගකූටං නාම ගණ‍්හන‍්තො පච‍්ඡාභාගෙ හත්‍ථෙන තුලං අක‍්කමති, දදන‍්තො පුබ‍්බභාගෙ. ගහණකූටං නාම ගණ‍්හන‍්තො මූලෙ රජ‍්ජුං ගණ‍්හාති, දදන‍්තො අග‍්ගෙ. පටිච‍්ඡන‍්නකූටං නාම තුලං සුසිරං කත්‍වා අන‍්තො අයචුණ‍්ණං පක‍්ඛිපිත්‍වා ගණ‍්හන‍්තො තං පච‍්ඡාභාගෙ කරොති, දදන‍්තො අග‍්ගභාගෙ.
තුලාකූටා දීසු = කූට නම් වංචා කිරීමයි. මෙහිදී “තුලා කූටං” යනු රූපකූට. කංසකූට. ගහණ කූට, පටිච්ඡානන කූට යයි චතුර්විධ වේ. එහි රූප කූට නම් මෙසේය - තරාදි තැටි දෙක සමාන සේ පෙන්වා, බඩු මිළයට ගන්නාවූ වෙළෙන්දා ලොකු තැටියෙන් බඩු ගනියි, පොඩි තැටියෙන් විකුණයි. “කංස කූට” නම් මෙසේය. - තුලාවෙන් බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී තුලාවේ පසු කොටස අතින් තද කරයි. බඩු විකිණීමේදී තුලාවේ පෙර කොටස අතින් තද කරයි. “ගහණ කූට” නම් මෙසේය :- මිනුම් පටියෙන් මැන බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී මිනුම් පටියේ මුලින් අල්ලයි, විකිණීමේදී එය පසුපසට කරයි. බඩු විකිණීමේදී එය පෙරට කරයි.
කංසො වුච‍්චති සුවණ‍්ණපාති, තාය වඤ‍්චනං කංසකූටං. කථං? එකං සුවණ‍්ණපාතිං කත්‍වා අඤ‍්ඤා ද‍්වෙ තිස‍්සො ලොහපාතියො සුවණ‍්ණවණ‍්ණා කරොන‍්ති. තතො ජනපදං ගන‍්ත්‍වා, කිඤ‍්චිදෙව අඩ‍්ඪකුලං පවිසිත්‍වා, “සුවණ‍්ණභාජනානි කිණථා”ති වත්‍වා, අග‍්ඝෙ පුච‍්ඡිතෙ සමග‍්ඝතරං දාතුකාමා හොන‍්ති, තතො තෙහි “කථං ඉමෙසං සුවණ‍්ණභාවො ජානිතබ‍්බො”ති වුත‍්තෙ “වීමංසිත්‍වා ගණ‍්හථා”ති සුවණ‍්ණපාතිං පාසාණෙ ඝංසිත්‍වා සබ‍්බපාතියො දත්‍වා ගච‍්ඡන‍්ති.
“කංස” යයි රන්තැටිය කියනු ලැබේ. එයින් වංචා කිරීම ද කංසකූට නම් වේ. එය කෙසේද යත් : රන් තැටි එකක් පමණක් සාදා වෙනත් ලෝහ තැටි දෙක තුනක් රනින් පාට කරගණිත් ඉන් පසු ජන පදයකට ගොස් මඳක් ධනවත් කිසියම් නිවෙසකට පිවිස රන් බඳුන් ගන්නයයි කියා අගය විමසූ කල්හි වඩා වටිනා තැටිය දෙනු කැමති වෙත් ඉක්බිති නිවැසියන් විසින් මේවායේ ස්වර්ණමය භාවය කෙසේ නම් දැන ගත හැකි වේ දැයි කී කල්හි පරීක්ෂා කොට ගන්න යයි කියන රන් තැටිය ගලක උලා පෙන්වා සියලුම තැටි දී යති.
මානකූටං හදයභෙද-සිඛාභෙද-රජ‍්ජුභෙදවසෙන තිවිධං හොති. තත්‍ථ හදයභෙදො සප‍්පිතෙලාදිමිනනකාලෙ ලබ‍්භති. තානි හි ගණ‍්හන‍්තො හෙට‍්ඨාඡිද‍්දෙන මානෙන “සණිකං ආසිඤ‍්චා”ති වත්‍වා අන‍්තොභාජනෙ බහුං පග‍්ඝරාපෙත්‍වා ගණ‍්හාති, දදන‍්තො ඡිද‍්දං පිධාය සීඝං පූරෙත්‍වා දෙති. සිඛාභෙදො තිලතණ‍්ඩුලාදිමිනනකාලෙ ලබ‍්භති. තානි හි ගණ‍්හන‍්තො සණිකං සිඛං උස‍්සාපෙත්‍වා ගණ‍්හාති, දදන‍්තො වෙගෙන සිඛං භින්‍දන‍්තො දෙති. රජ‍්ජුභෙදො ඛෙත‍්තවත්‍ථුමිනනකාලෙ ලබ‍්භති. ලඤ‍්ජං අලභන‍්තා හි ඛෙත‍්තං අමහන‍්තං මහන‍්තං කත්‍වා මිනන‍්ති.
මාන කූටං යනු හදය භෙද, සිඛාභෙද. රජ්ජු භෙද වශයෙන් ත්‍රිවිධ වේ. එහි හදය භෙද යනු ගිතෙල් තෙල් ආදිය මනින කල්හි කරනු ලබන්නකි. ඒවා මිළයට ගන්නා වෙළෙන්දා ඉක්මනින් වත් කරන්නැයි කියා යට සිදුරක් ඇති මිනුම් උපකරණයෙන් ඇතුළත බඳුනට වැඩියෙන් ලබාගනියි. ඒවා විකුණන්නාවූ වෙළෙන්දා සිදුර වසා ඉක්මනින් පුරවා දෙයි. විකිණීම සඳහා තල සහල් ආදිය මනින කල්හි වෙළෙන්දා මිනුම් බඳුනේ මුදුන නොපුරවා විකුණයි. ඒවා තමා මිළයට ගන්නාවූ වෙළෙන්දා ඉක්මනින් මිනුම් බඳුනේ ද්‍රව්‍යයන්හි මුදුන උස් කොට මැන ගනියි. විකුණන්නාවූ වෙළෙන්දා වේගයෙන් බඳුනේ ධාන්‍ය මුදුන කඩා විකුණයි. කෙත්වත් මැනීමෙහිදී මිනුම් රැහැන කැඩෙන සේ ක්‍රියාකරයි. කිසිවක් නො ලැබෙන්නේ නම් කුඩා කෙත විශාල වූ කෙතක් කොට මනියි.
7-9. උක‍්කොටනාදිසුත‍්තානිවණ‍්ණනා
7-9. උක්කොටනාදි සූත්‍ර වර්ණනා
උක‍්කොටනාදීසු උක‍්කොටනන‍්ති සාමිකෙ අස‍්සාමිකෙ කාතුං ලඤ‍්ජග‍්ගහණං. වඤ‍්චනන‍්ති තෙහි තෙහි උපායෙහි පරෙසං වඤ‍්චනං. තත්‍රිදමෙකංවත්‍ථු –
යුක්තිය යටපත් කිරීම් ආදියෙහිදී උක්කොටනං යනු (දේපල) හිමියන් අහිමියන් කිරීමට අත්ලස් ගැනීමයි. චඤ්චනං = ඒ ඒ උපායයන්ගෙන් අනුන්හට වංචා කිරීමයි. එම කරුණෙහිදී මෙය එක් කථා වස්තුවකි.
එකො කිර ලුද‍්දකො මිගඤ‍්ච මිගපොතකඤ‍්ච ගහෙත්‍වා ආගච‍්ඡති. තමෙකො ධුත‍්තො “කිං, භො, මිගො අග‍්ඝති, කිං මිගපොතකො”ති?, ආහ. “මිගො ද‍්වෙ කහාපණෙ, මිගපොතකො එක”න‍්ති ච වුත‍්තෙ කහාපණං දත්‍වා, මිගපොතකං ගහෙත්‍වා ථොකං ගන‍්ත්‍වා නිවත‍්තො “න මෙ, භො, මිගපොතකෙන අත්‍ථො, මිගං මෙ දෙහී”ති ආහ. තෙන හි ද‍්වෙ කහාපණෙ දෙහීති. නනු, භො, මයා පඨමං එකො කහාපණො දින‍්නොති. ආම දින‍්නොති. ඉමම‍්පි මිගපොතකං ගණ‍්හ, එවං සො ච කහාපණො, අයඤ‍්ච කහාපණග‍්ඝනකො මිගපොතකොති ද‍්වෙ කහාපණා භවිස‍්සන‍්තීති. සො “කාරණං වදතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා මිගපොතකං ගහෙත්‍වා මිගං අදාසීති.
එක්තරා දඩයම්කරුවෙක් මුවකුද, මුව පොව්වකු ද රැගෙන එයි. එක් ධුර්ත පුරුෂයෙක් “මිත්‍රය, මුවා කොතෙක් වටියි ද? මුව පොව්වා කොතෙක් වටියිද” යනුවෙන් (දඩයම්කරුගෙන්) ඇසීය. මුවා කහවණු දෙකකැයහි ද, මුව පැටවා කහවණු එකකැයිද කී කල්හි කහවණුවක් දී මුව පැටවා ගෙන නැවතුනේ “මිත්‍රය, මට මුව පැටවාගෙන් වැඩක් නැත. මට මුවා දෙන්න’යි කීය. එසේ නම් කහවණු දෙකක් දෙන්න යයි කීය. මිත්‍රය, මා විසින් මුලින් එක් කහවණුවක් දෙන ලද්දේ නොවේදැයි ඇසීය. එසේය දෙන ලදීයයි කීය. මේ මුව පැටවා ද ගන්න. මෙසේ එම කහවණුව ද, කහවණුවක් අගනා මෙම මුව පැටවා ද වශයෙන් කහවණු දෙකක් වේ. හේ තෙමේ (සත්‍යවූ) කරුණක් කියන්නේ යයි සලකා මුව පැටවා ගෙන මුවා දුන්නේ ය.
නිකතීති යොගවසෙන වා මායාවසෙන වා අපාමඞ‍්ගං පාමඞ‍්ගන‍්ති අමණිං මණින‍්ති, අසුවණ‍්ණං සුවණ‍්ණන‍්ති කත්‍වා පතිරූපකෙන වඤ‍්චනං. සාචියොගොති කුටිලයොගො. එතෙසංයෙව උක‍්කොටනාදීනමෙතං නාමං. තස‍්මා උක‍්කොටනසාචියොගා වඤ‍්චනසාචියොගා නිකතිසාචියොගාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. කෙචි අඤ‍්ඤං දස‍්සෙත්‍වා අඤ‍්ඤස‍්ස පරිවත‍්තනං සාචියොගොති වදන‍්ති. තං පන වඤ‍්චනෙනෙව සඞ‍්ගහිතං.
නිකති - යෝග වශයෙන් හෝ මායා වශයෙන් හෝ රිදී නොවන හවඩියක් රිදී හවඩියක් යයි ද, මැණික් නොවන දෙයක් මැණික් යයි ද, රන් නොවන දෙයක් රන් යයි ද (රැවටීම්) සිදු කොට පෙනීමේ සමානත්වය අනුව වඤ්චා කිරීමයි. සාවියොගො = වංක ක්‍රියාවන්හි යෙදීම. වංචනික ක්‍රියාවන්හි යෙදීම, කපටිකම්හි යෙදීම ආදී වශයෙන් මෙහි අර්ථය දැක්විය යුතුය. ඇතැම් කෙනෙක් යම් අයකු පෙන්වා අන් අයකු වෙනුවට මාරු කොට දැක්වීම “සාවියොග” යයි කියත් එයද වංචනයෙහිම ඇතුළත් කොට ඇත.
10-15. ඡෙදනාදිසුත‍්තානිවණ‍්ණනා
10-15. ඡෙදනාදි සූත්‍ර වර්ණනා
ඡෙදනාදීසු ඡෙදනන‍්ති හත්‍ථච‍්ඡෙදනාදි. වධොති මරණං. බන්‍ධොති රජ‍්ජුබන්‍ධනාදීහි බන්‍ධනං. විපරාමොසොති හිමවිපරාමොසො, ගුම‍්බවිපරාමොසොති දුවිධො. යං හිමපාතසමයෙ හිමෙන පටිච‍්ඡන‍්නා හුත්‍වා මග‍්ගපටිපන‍්නං ජනං මුසන‍්ති, අයං හිමවිපරාමොසො. යං ගුම‍්බාදිපටිච‍්ඡන‍්නා මුසන‍්ති, අයං ගුම‍්බවිපරාමොසො.
ඡෙදන ආදියෙහි දී ඡෙදනං යනු අත් කපාදැමීම් ආදියයි. වධො යනු මරා දැමීමයි. බන්‍ධො යනු බඳින රැහැන් ආදියෙන් බැඳීමයි. විපරාමොසො = හිමවිපරා මොසො, ගුම්බවිපරාමොසො යනුවෙන් මෙය දෙවැදෑරුම් වේ. යම් හෙයකින් හිම වැටෙන සමයෙහි හිමෙන් සැඟවී සිට මඟට පිළිපන් ජනයන් (ගෙන්) මං පහරත් ද මෙය “හිම විපරිමොසො” නම් වේ. යම් හෙයකින් පඳුරු ආදියෙහි සැඟවී සිට මංපහරත් ද මෙය “ගුම්බ විපරාමොස” නම් වේ.
ආලොපො වුච‍්චති ගාමනිගමාදීනං විලොපකරණං. සහසාකාරොති සාහසකිරියා, ගෙහං පවිසිත්‍වා, මනුස‍්සානං උරෙ සත්‍ථං ඨපෙත්‍වා, ඉච‍්ඡිතභණ‍්ඩග‍්ගහණං. එවමෙතස‍්මා ඡෙදනවධබන්‍ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
ආලොපො යනුවෙන් ගම් නියම්ගම් ආදියේ පැහැර ගැනීම කියනු ලැබේ. සාහසාකාරො = සැහැසි ක්‍රියා නිවෙස්වලට ඇතුල් වී මිනිසුන්ගේ පපුවට ආයුධයක් තබා තමා කැමති බඩු (පැහැර) ගැනීම, මෙසේ කැපීම්, මැරීම්, බැඳීම්, මං පැහැරීම්, ගම් පැහැරීම් යන මේවායින් (භික්ෂූහු) බැහැර වූවාහුය. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
ආමකධඤ‍්ඤපෙය්‍යාලවණ‍්ණනා නිට‍්ඨිතා.
ආමක ධඤ්ඤ පෙය්‍යාල වර්ණනාව නිමි.
සච්ච සංයුත්තය සමාප්තයි.
ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය මහාවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.
සාරත්‍ථප්පකාසිනී නම් වූ සංයුත්ත නිකායට්ඨ කථාවෙහි මහාවග්ග වණ්ණනාවද නිමියේය.
නිගමනකථා
එත‍්තාවතා හි –
“බහුකාරස‍්ස යතීනං විපස‍්සනාචාරනිපුණබුද‍්ධීනං, සංයුත‍්තවරනිකායස‍්ස අත්‍ථසංවණ‍්ණනං කාතුං.
“සද‍්ධම‍්මස‍්ස චිරට‍්ඨිතිමාසිසමානෙන යා මයා; නිපුණා අට‍්ඨකථා ආරද‍්ධා සාරත්‍ථපකාසිනී නාම.
“සා හි මහාඅට‍්ඨකථාය සාරමාදාය නිට‍්ඨිතා එසා; අට‍්ඨසත‍්තතිමත‍්තාය පාළියා භාණවාරෙහි.
“එකූනසට‍්ඨිමත‍්තො විසුද‍්ධිමග‍්ගොපි භාණවාරෙහි; අත්‍ථප‍්පකාසනත්‍ථාය ආගමානං කතො යස‍්මා.
“තස‍්මා තෙන සහායං අට‍්ඨකථා භාණවාරගණනාය; ථොකෙන අපරිපූරං සත‍්තතිංසසතං හොති.
“සත‍්තතිංසාධිකසත-පරිමාණං භාණවාරතො එවං; සමයං පකාසයන‍්තිං මහාවිහාරාධිවාසීනං.
“මූලට‍්ඨකථාය සාරමාදාය මයා ඉමං කරොන‍්තෙන; යං පුඤ‍්ඤමුපචිතං තෙන හොතු සබ‍්බො සුඛී ලොකො.
“එතිස‍්සා කරණත්‍ථං ථෙරෙන භදන‍්තජොතිපාලෙන; සුචිසීලෙන සුභාසිතස‍්ස පකාසයන‍්තඤාණෙන.
“සාසනවිභූතිකාමෙන යාචමානෙන මං සුභගුණෙන; යං සමධිගතං පුඤ‍්ඤං තෙනාපි ජනො සුඛී භවතූ”ති.
පරමවිසුද‍්ධසද‍්ධාබුද‍්ධිවීරියප‍්පටිමණ‍්ඩිතෙන සීලාචාරජ‍්ජවමද‍්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන‍්තරගහනජ‍්ඣොගාහණසමත්‍ථෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියසමන‍්නාගතෙන තිපිටකපරියත‍්තිප‍්පභෙදෙ සාට‍්ඨකථෙ සත්‍ථුසාසනෙ අප‍්පටිහතඤාණප‍්පභාවෙන මහාවෙය්‍යාකරණෙන කරණසම‍්පත‍්තිජනිතසුඛවිනිග‍්ගතමධුරොදාරවචනලාවණ‍්ණයුත‍්තෙන යුත‍්තමුත‍්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින‍්නපටිසම‍්භිදාපරිවාරෙ ඡළභිඤ‍්ඤාදිප‍්පභෙදගුණප‍්පටිමණ‍්ඩිතෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතබුද‍්ධීනං ථෙරවංසප‍්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ‍්කාරභූතෙන විපුලවිසුද‍්ධබුද‍්ධිනා බුද‍්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන කතා අයං සාරත්‍ථප‍්පකාසිනී නාම සංයුත‍්තනිකායට‍්ඨකථා.
“තාව තිට‍්ඨතු ලොකස‍්මිං, ලොකනිත්‍ථරණෙසිනං; දස‍්සෙන‍්තී කුලපුත‍්තානං, නයං සීලවිසුද‍්ධියා.
“යාව බුද‍්ධොති නාමම‍්පි, සුද‍්ධචිත‍්තස‍්ස තාදිනො; ලොකම‍්හි ලොකජෙට‍්ඨස‍්ස, පවත‍්තති මහෙසිනො”ති.
සාරත්‍ථප‍්පකාසිනී නාම සංයුත‍්තනිකාය-අට‍්ඨකථා සබ‍්බාකාරෙන නිට‍්ඨිතා.