යෙදුමෙන් කියවන්න

9. තතිය ආමකධඤ‍්ඤපෙය්‍යාලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගය

1. නච‍්චගීතසුත‍්තවණ‍්ණනා

1. නච්චගීත සූත්‍ර වර්ණනාව

සාසනස‍්ස අනනුලොමත‍්තා විසූකං පටාණීභූතං දස‍්සනන‍්ති විසූකදස‍්සනං. අත‍්තනා නච‍්චනනච‍්චාපනාදිවසෙන නච‍්චා ච ගීතා ච වාදිතා ච අන‍්තමසො මයූරනච‍්චාදිවසෙනාපි පවත‍්තානං නච‍්චාදීනං විසූකභූතා දස‍්සනා චාති නච‍්චගීතවාදිතවිසූකදස‍්සනා. නච‍්චාදීනි හි අත‍්තනා පයොජෙතුං වා පරෙහි පයොජාපෙතුං වා පයුත‍්තානි පස‍්සිතුං වා නෙව භික‍්ඛූනං, න භික‍්ඛුනීනං වට‍්ටන‍්ති.

සසුනට නොසුදුසු බැවින් විකාර චිත්‍ර ආදිය දැකීම “විසූක දස්සන” යයි තමාම නැටීම හෝ නැටවීම ආදී වශයෙන් නැටීම් ද, ගී ගැයීම් ද, වාදනය කිරීම් ද ප්‍රියජනක වූ මොණර නැටුම් ආදී වශයෙන් ද පවත්වනු ලබන නැටුම් ආදියේ විසුළු සහිත වූ දර්ශනයන්ය යන අදහසින් නච්චගීත වාදිත විසූක දස්සනා (යි යෙදේ) තමාම නැටුම් හි යෙදීම හෝ අනුන් නැටුම්හි යෙදවීම හෝ (අනුන් විසින්) යොදවනු ලැබූ නැටුම් දැකීම හෝ භික්ෂූන් හට ද, භික්ෂූණීන් හට ද සුදුසු නොවේ.

2. උච‍්චාසයනසුත‍්තවණ‍්ණනා

2. උච්චාසයන සූත්‍ර වර්ණනාව

උච‍්චාසයනං වුච‍්චති පමාණාතික‍්කන‍්තං. මහාසයනං අකප‍්පියත්‍ථරණං, තතො පටිවිරතාති අත්‍ථො.

උච්චා සයනං = යනු කැප නො වන ඇතිරිලි සහිත. ප්‍රමාණය ඉක්මවූ පහසුකම් සහිත ආසනය කියනු ලැබේ. (භික්ෂූහු) එයින් වෙන් වූවාහු යන අර්ථයයි.

3. ජාතරූපසුත‍්තවණ‍්ණනා

3. ජාතරූප සූත්‍ර වර්ණනාව

ජාතරූපන‍්ති සුවණ‍්ණං. රජතන‍්ති කහාපණො – ලොහමාසකො, ජතුමාසකො, දාරුමාසකොති යෙ වොහාරං ගච‍්ඡන‍්ති, තස‍්ස උභයස‍්සාපි පටිග‍්ගහණා පටිවිරතා. නෙව නං උග‍්ගණ‍්හන‍්ති න උග‍්ගණ‍්හාපෙන‍්ති, න උපනික‍්ඛිත‍්තං සාදියන‍්තීති අත්‍ථො.

ජාත රූපං = රන් රජතං කහවණු - ලොහ මාසකය, ඡතු මාසකය යනුවෙන් යම් කහවණුවක් ව්‍යවහාරයට යෙත් ද, ඒ දෙවර්ගයම පිළිගැනීමෙන් (භික්ෂූහු) වැළකුණාහුය. ඒවා අතට) නොගණිත්, අනුන් ලවා ද නොගන්වත්. තමා වෙත තබන ලද්දේ වුවද නො පිළි ගණිත් යන අදහසයි.

4. ආමකධඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

4. ආමකධඤ්ඤ සූත්‍ර වර්ණනාව

ආමකධඤ‍්ඤපටිග‍්ගහණාති සාලි-වීහි-යව-ගොධුම-කඞ‍්ගු-වරක-කුද්‍රූසකසඞ‍්ඛාතස‍්ස සත‍්තවිධස‍්සාපි ආමකධඤ‍්ඤස‍්ස පටිග‍්ගහණා. න කෙවලඤ‍්ච එතෙසං පටිග‍්ගහණමෙව, ආමසනම‍්පි භික‍්ඛූනං න වට‍්ටතියෙව.

ආමක ධඤ්ඤ පටිග්ගහණා ඇල් වී, වී, යව (බාර්ලි) ගොධුම (තිරිඟු) කඩල (තණ හාල්) වරක (මෙනේරි), කුද්‍රෑසක (කුරහන්) යන ආදී වශයෙන් වර්ග සතක් වන නො පිසූ ධාන්‍ය පිළිගැනීමෙන් භික්ෂූහු වැළකී සිටිති. හුදෙක් ඒවා පිළිගැනීම පමණක් නොව, ඇල්මෙන් යුතුව ඒවා ස්පර්ශ කිරීම ද භික්ෂූන්හට සුදුසු නොවේමය.

5. ආමකමංසසුත‍්තවණ‍්ණනා

5. ආමකමංස සූත්‍ර වර්ණනාව

ආමකමංසපටිග‍්ගහණාති එත්‍ථ අඤ‍්ඤත්‍ර උද‍්දිස‍්ස අනුඤ‍්ඤාතා ආමකමංසමච‍්ඡානං පටිග‍්ගහණමෙව භික‍්ඛූනං න වට‍්ටති, නො ආමසනං.

ආමක මංස පටිග්ගහණා = තමන් උදෙසා හෝ තම අනුමතිය ඇතිව හෝ සැකසූ අමු මස් මාලු පිළිගැනීමම භික්ෂූන් හට නො සුදුසුය. ඇල්මෙන් යුතුව ඒවා අතපත ගෑම ද නො සුදුසුය.

6. කුමාරිකසුත‍්තවණ‍්ණනා

6. කුමාරික සූත්‍ර වර්ණනාව

ඉත්‍ථිකුමාරිකපටිග‍්ගහණාති එත්‍ථ ඉත්‍ථීති පුරිසන‍්තරගතා, ඉතරා කුමාරිකා නාම. තාසං පටිග‍්ගහණම‍්පි ආමසනම‍්පි අකප‍්පියමෙව.

ඉත්‍ථි කුමාරික පටිග්ගහණා මෙහි ඉත්‍ථි යනු පුරුෂයන්හට අයත් කාන්තාවෝය. අන් කාන්තාවෝ කුමාරිකාවෝ නම් වෙති. ඒ කාන්තාවන් පිළිගැනීම ද, ඇල්මෙන් ස්පර්ෂ කිරීම භික්ෂූට කැප නොවේමය.

7. දාසිදාසසුත‍්තවණ‍්ණනා

7. දාසිදාස සූත්‍ර වර්ණනාව

දාසිදාසපටිග‍්ගහණාති එත්‍ථ දාසිදාසවසෙනෙව තෙසං පටිග‍්ගහණං න වට‍්ටති, “කප‍්පියකාරකං දම‍්මි, ආරාමිකං දම‍්මී”ති එවං වුත‍්තෙ පන වට‍්ටති.

දාසි දාස පටිග්ගහණා දැසි දසුන් වශයෙන් ඔවුන් පිළිගැනීම නො සුදුසුය. කැපකරුවකු හෝ ආරාමිකයකු දෙමි යයි කී කල්හි වනාහී (පිළිගැනීම) සුදුසු වේ.