8. දුතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො අට්ඨකථා
8. දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල
8. බීජගාමසුත්තවණ්ණනා
8. බීජගාම සූත්‍ර වර්ණනාව
බීජගාමභූතගාමසමාරම්භාති මූලබීජං, ඛන්ධබීජං, ඵළුබීජං, අග්ගබීජං, බීජබීජන්ති පඤ්චවිධස්ස බීජගාමස්ස චෙව යස්ස කස්සචි නීලතිණරුක්ඛාදිකස්ස භූතගාමස්ස ච සමාරම්භා, ඡෙදනපචනාදිභාවෙන විකොපනා පටිවිරතාති අත්ථො.
බීජගාම භූතගාම සමාරම්භ = මුල්වලින් පැලවන දෙය, කඳෙන් පැලවන දෙය, පුරුකෙන් පැලවන දෙය, මුදුනෙන් පැලවන දෙය, ඇටවලින් පැලවන දෙය යන පස්වැදෑරුම් වූ පැලවන දේවල්හිද, යම් කිසි නිල් තණ, වෘක්ෂ ආදියෙහි ද රෝපණය වීමේ සිටම කැඩීම්, දැවීම් ආදියෙන් වෙනසකට පත් කිරීමෙන් තොරවූ යන අරුතයි.
9. විකාලභොජනසුත්තවණ්ණනා
9. විකාලභොජන සූත්‍ර වර්ණනාව
විකාලභොජනාති කාලාතික්කන්තභොජනා, මජ්ඣන්හිකාතික්කමතො පට්ඨාය යාවකාලිකපරිභොගාති අත්ථො.
විකාල භෝජනා = කල් ඉකුත් වූ පසු ආහාර වැළඳීම. මධ්‍යාහ්නය ඉක්ම ගිය තැන් පටන් (පසු දින) අහර වැළඳිය යුතු කාලය දක්වා යන අදහස වේ.
10. විලෙපනසුත්තවණ්ණනා
10. විලෙපන සූත්‍ර වර්ණනාව
මාලාදීසු මාලාති යං කිඤ්චි පුප්ඵං. ගන්ධන්ති යං කිඤ්චි ගන්ධජාතං. විලෙපනන්ති ඡවිරාගකරණං. තත්ථ පිළන්ධන්තා ධාරෙන්ති නාම, ඌනට්ඨානං පූරෙන්තා මණ්ඩෙන්ති නාම, ගන්ධවසෙන ඡවිරාගවසෙන ච සාදියන්තා විභූසෙන්ති නාම. ඨානං වුච්චති කාරණං. තස්මා යාය දුස්සීල්යචෙතනාය තානි මාලාධාරණාදීනි මහාජනො කරොති, තතො පටිවිරතාති අත්ථො.
මාලාදිසුමාලා = යම් කිසි මලක් ගන්ධං = යම්කිසි සුවඳ වර්ගයක් විලෙපනං = සම පාට කිරීමයි. එහි දී පැළඳීමක් බැවින් “ධාරෙන්ති” (දරන්නෝය) නම් ද, අඩුතැන් පිරවීමක් බැවින් “මණ්ඩෙන්ති “ (සරසන්නෝය නම් ද, සුවඳ ගැල්වීම් වශයෙන් හා සම වර්ණ ගැන්වීම් වශයෙන් දරාගැනීමක් බැවින් “විභූසෙන්ති” (පළඳිත්) නම් ද වේ. මහජනයා යම් බඳු දුසිල් සිතුවිල්ලකින් පෙර කී මල් දැරීම් ආදිය සිදු කරත් ද, (භික්ෂූහු) ඉන් ඉවත් වූවාහු යන අදහසයි.