යෙදුමෙන් කියවන්න

7. ආමකධඤ‍්ඤපෙය්‍යාලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය

3. පඤ‍්ඤාසුත‍්තවණ‍්ණනා

3. පඤ්ඤා සූත්‍ර වර්ණනාව

ආමකධඤ‍්ඤපෙය්‍යාලෙ අරියෙන පඤ‍්ඤාචක‍්ඛුනාති විපස‍්සනං ආදිං කත්‍වා ලොකියලොකුත‍්තරෙන ඤාණචක‍්ඛුනා.

ආමක ධඤ්ඤ පෙය්‍යාලයෙහි - අරියෙන ඤාණචක්‍ඛුනා = විදර්ශනාව ආදි කොට ඇති ලෞකික ලෝකෝත්තර නුවණ නමැති ඇසින්

4. සුරාමෙරයසුත‍්තවණ‍්ණනා

4. සුරාමෙරය සූත්‍ර වර්ණනාව

සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානා පටිවිරතාති එත්‍ථ සුරා නාම පිට‍්ඨසුරා, ඔදනසුරා, පූවසුරා, කිණ‍්ණපක‍්ඛිත‍්තා, සම‍්භාරසංයුත‍්තාති පඤ‍්චවිධා. මෙරයං නාම පුප‍්ඵාසවො, ඵලාසවොති, එවං වුත‍්තො යො කොචි ආසවො. මජ‍්ජන‍්ති තදෙව උභයං, යං වා පනඤ‍්ඤම‍්පි සුරාසවවිනිමුත‍්තං මදනීයං. යාය චෙතනාය තං පිවන‍්ති, සා පමාදස‍්ස කාරණත‍්තා පමාදට‍්ඨානං නාම, තතො පටිවිරතාති අත්‍ථො.

සුරාමේරය මජ්ජ පමාදට්ඨානා පටිවිරතා = මෙහි දී “සුරා” යනු පිටිවලින් තැනූ සුරා. බත්වලින් තැනූ සුරා, කැවුම් ආදී කැවිලිවලින් තැනූ සුරා, අනියමින් ලැබුණ දෙයක් යොදා තැනූ සුරා, බොහෝ ද්‍රව්‍යයන් යොදා තැනූ සුරා යනුවෙන් පංචවිධ වේ. “මෙරය” නම් මල්වලින් තනන මද්‍ය හා ගෙඩි වර්ගවලින් තනන මද්‍ය යනුවෙන් කියන ලද යම්කිසි ආසවයක් (පැසවූ දෙයක්) වේ. “මජ්ජං” යනු සුරා හා ආසව යන මේ දෙකම ද නොවන එහෙත් මත් බව ඇති කරවන දේවල්ය. යම් චේතනාවකින් එය පානය කරත්ද ඒ ක්‍රියාව ප්‍රමාදයට කරුණු වන බැවින් “පමාදට්ඨාන” නම් වේ. එයින් වෙන්වූවාහු යනු මෙහි අරුතයි.

6-7. මත‍්තෙය්‍යසුත‍්තාදිවණ‍්ණනා

6-7. මත්තෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා

මත‍්තෙය්‍යාති මාතුහිතා, මාතරි සම‍්මාපටිපන‍්නාති අත්‍ථො. පෙත‍්තෙය්‍යාදීසු පිතුහිතා පෙත‍්තෙය්‍යා.

මත්තෙය්‍ය = මවට හිතවත් වූ. මව කෙරෙහි මනාව පිළිපන්න වූ යන අර්ථයයි. “පෙත්තෙය්‍ය” යන ආදී තැන්හි පියාට හිතවත් යනු පෙත්තෙය්‍ය නම් වේ.

8-9. සාමඤ‍්ඤසුත‍්තාදිවණ‍්ණනා

8-9. සාමඤ්ඤ ආදි සූත්‍ර වර්ණනා

සමණානං හිතා සාමඤ‍්ඤා. බ්‍රාහ‍්මණානං හිතා බ්‍රහ‍්මඤ‍්ඤා. තෙසු තෙසු සම‍්මා පටිපන‍්නානංයෙවෙතං අධිවචනං.

ශ්‍රමණයන් වහන්සේට හිතවත් අය (යන අදහස දෙන වචනය) සාමඤ්ඤා වේ. බ්‍රාහ්මණයන් හට හිතවත් අය (යන අදහස දෙන වචනය) බ්‍රහ්මඤ්ඤා වේ. ඒ ඒ අය කෙරෙහි මනාව පිළිපදින්නන්හටම මෙය තවත් වචනයක් වේ.

10. අපචායීසුත‍්තවණ‍්ණනා

10. අපචායී සූත්‍ර වර්ණනාව

කුලෙ ජෙට‍්ඨාපචායිනොති කුලෙ ජෙට‍්ඨානං අපචායිනො, නීචවුත‍්තිනොති අත්‍ථො.

කුලෙ ජෙට්ඨාපචායිනො = පවුලේ ජ්‍යෙෂ්ඨයාට ගරු සත්කාර කරන, ඔහු කෙරෙහි යටත්ව හැසිරෙන යන අර්ථයයි.