පච්චන්තසුත්තං
12. 7. 2.
12. 7. 2.
පච්චන්තසුත්තං
පච්චන්ත සූත්‍රය
3904. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යො වා’යං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවී”ති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී, අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජායන්ති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3904. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම මධ්‍යමජනපදයන්හි යම් සත්ව කෙනෙක් උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් අප්‍රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 3.
12. 7. 3.
පඤ්ඤාසුත්තං
පඤ්ඤා සූත්‍රය
3905. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අරියෙන පන පඤ්ඤාචක්ඛුනා සමන්නාගතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අවිජ්ජාගතා සම්මූළ්හා -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
3905. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්‍ය්‍ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්වාගත වෙත් නම් ඒ සත්වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්‍යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 4.
12. 7. 4.
සුරාමෙරයසුත්තං
සුරාමේරය සූත්‍රය
3906. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3906. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙරමත්පැනින් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 5.
12. 7. 5.
ඔදකජසුත්තං
ඔදකජ සූත්‍රය
3907. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ථලජා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඔදකජා. -පෙ- යොගො කරණීයොති.
3907. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 6.
12. 7. 6.
මත්තෙය්යසුත්තං
මත්තෙය්‍ය සූත්‍රය
3908. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මත්තෙය්යා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අමත්තෙය්යා -පෙ- යොගො කරණීයොති.
3908. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මවට හිත වූවෝ ද, ඔහු මඳය හ. වැලි යම් සත්ව කෙනෙක් මවට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 7.
12. 7. 7.
පෙත්තෙය්යසුත්තං
පෙත්තෙය්‍ය සූත්‍රය
3909. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තෙය්යා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අපෙත්තෙය්යා -පෙ- යොගො කරණීයොති.
3909. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් පියාට හිත වූවෝ ද ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් පියාට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 8.
12. 7. 8.
සාමඤ්ඤසුත්තං
සාමඤ්ඤ සූත්‍රය
3910. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සාමඤ්ඤා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අසාමඤ්ඤා -පෙ- යොගො කරණීයොති.
3910. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මහණුන්ට හිත වූවෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් මහණුන්ට හිත නුවූවෝ නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 9.
12. 7. 9.
බ්රහ්මඤ්ඤසුත්තං
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
3911. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ බ්රහ්මඤ්ඤා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අබ්රහ්මඤ්ඤා -පෙ- යොගො කරණීයොති.
3911. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් බමුණන්ට හිත වූවෝ ද ඒ සත්වයෝ මඳයහ. වැලි යම් කෙනෙක් බමුණන්ට හිත නුවූවෝ ද මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 10.
12. 7. 10.
අපචායීසුත්තං
අපචායී සූත්‍රය
3912. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කුලෙජෙට්ඨාපචායිනො. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අකුලෙජෙට්ඨාපචායිනො -පෙ- යොගො කරණීයොති.
3912. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් කුලදෙටුවන් පුදන්නෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් කුලදෙටුවන් නොපුදන්නෝ නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
ආමකධඤ්ඤපෙය්යාලවග්ගො සත්තමො.
සත්වැනි ආමකධඤ්ඤපෙය්‍යාල වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
අඤ්ඤත්ර පච්චන්තං පඤ්ඤා ච සුරාමෙරයොදකජා. මත්තෙය්‍ය පෙත්තෙය්යා සාමඤ්ඤං බ්රහ්මඤ්ඤපචායීති.
අඤ්ඤත්ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමේරය, ඔදකජ, සුතුරු ද මෙත්තෙය්‍ය, පෙත්තෙය්‍ය, සාමඤ්ඤ, බ්‍රහ්මඤ්ඤ, අපචායී සුතුරු දැ යි දසයෙකි යි.