යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤත්‍රසුත‍්තං

12. 7. 1.

12. 7. 1.

අඤ‍්ඤත්‍රසුත‍්තං

අඤ්ඤත්‍ර සූත්‍රය

3903. අථ ඛො භගවා පරිත‍්තං නඛසිඛායං පංසුං ආරොපෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං. යො වා’යං මයා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවී”ති? එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං මහාපඨවී, අප‍්පමත‍්තකො, යං භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ‍්ඛම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති මහාපඨවිං උපනිධාය භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතොති. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ අඤ‍්ඤත්‍ර මනුස‍්සෙහි පච‍්චාජායන‍්ති. තං කිස‍්ස හෙතු? අදිට‍්ඨත‍්තා භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනියාපටිපදාය අරියසච‍්චස‍්ස. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3903. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්‍ය්‍යසත්‍යය නො දුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.